Monday, October 24, 2016

ආයෙමත් ආදරෙන්

මේ සින්දුව අහන ගමන් පහලින් ලියල ඇති හෑල්ල කියවන්නකෝ ඉතින්.


නැවතත් මා ඒ හැඟීමේ මුලාවෙමින් සිටිම්දෝ මට හැඟෙ,
මට මා අවනත නොවන බවකි,
ඔබ සමීපයේ මට පෙර කිසිකලෙක නොවූ
සැනසුමක් තිබුනේ මන්දැයි මා නොදනිමි,
ඒ සැනසුමට මා පෙම් කලෙමි.

කාලය නැවතත් ඔබව මා මතකයට ගෙන එයි,
මේ වස්සානය ඔබ මෙන්ම දොඩමළුව මට ඉඟි කරයි,
ඒ ඉඟි ඔස්සේ ඔබේ මතකය නිතැතින්ම අවදි වේ.
මේ හුදෙකලාවම ඔබේ මතයන් මතින් ගෙවී යාවි.

මේ හදවත මට අවනත නොවනා සේයකි
හදවත නුඹ හරිම මුරණ්ඩු ය.
නුඹට නවතිනු නොහැකිද
යලිදු මතකයන් මත වලපෙන්නද නුඹ මට කියන්නේ
මේ අරුමය කොහොමසිදුවේද මානොදනිමි
මා සැබවින්ම නොදනිමි
හදවත යලිදු ප්‍රේමයෙන් මුසපත් වී ඇත
මම මාද නොදැනම යලිදු පෙම් කරමි
මේ අරුමය කොහොමසිදුවේද මානොදනිමි
මා සැබවින්ම නොදනිමි

හදවත මමනුඹෙන් අයදිමි
නුඹ ප්‍රවේසම් වනුමැනවි
ප්‍රේමයට එහි යලිදු ඉඩක්වෙත්දැයි මා නොදනිමි
මම රස්තියාදු ගසන්නෙමි
නැත මා නොව ඒ මගේ සිත විය යුතුය
මම සිතේ මාවත් ඔස්සේ රස්තියාදුවේ යමි
මට තවමත් ඒ මං මතක ඇති හැඩය
සැබවින්ම ඒ නුඹ තැනූ මාවත්ය.
එහි කොනක අප සැදු නිවහන තවමත් එසේමය
මම එය අසල මොහොතකට නතර වෙමි
නුඹ එහි වෙත්දෝ සැකයක් උපදී
නුඹ එහි වෙතැයි සිතා ඒ හදවත් නිවසේ ගැඹුරට ඇතුළු වෙමි
මේ කතාව යලි ලියවෙන්නේ ඇයිද නොදනිමි
මම සැබවින්ම නොදනිමි

නුඹත් මමත් අතර කිසිවක් නොවේ නම්
ඇයි මේ හදවත මාව මුලා කරන්නේ
මම නුඹව අමතක කර ලන්නට උත්සාහ ගතිමි
මට මාව අමතක වුවා මිස
මගේ හදවත මට අවනත නොවුවා මිස
නුඹම පමණක් එහි ඉතිරි වුනේ මන්දැයි මා නොදනිමි
සැබවින්ම මා නොදනිමි
මේ සිහින පමණක් මේ මතක පමණක්
ඉතරි මන්දැයි මා නොදනිමි
නමුත් හතවතේ තැනු නිවහනේ දොර තවම විවරය.

වැඩි විස්තර - Hindi Songs Lovers

11 comments:

  1. සුන්දර ගීතයක් විඳින්නට ඉඩ ලබා දුන්නාට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. :) කලබලෙන් ලියපු සටහනක්, ස්තුතියි පොකුරු බලන්න ආවට, මේ දවස්වල යලට මාහට බ්ලොග් පැත්තේ එන්නේ.

      Delete
  2. ටොප් සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ටොප්ම සින්දුවක්.

      Delete
  3. හිතට වදින හෑල්ලක් බං මොනා වුනත්..

    ReplyDelete
    Replies
    1. මහ රෑ ඇබ දෙකත් ගහන් අහන කොට පට්ටේටටම හිතට වදිනවා. :)

      Delete
  4. මේ ගීතයට මම කොහොමත් කැමතියි . ගීතයට වඩා පහළින් ලියලා තියෙන හෑල්ල සුන්දරයි කියලා හිතුණා .

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...