Thursday, April 28, 2016

කාලය (කෙටි කවිද මන්ද)

පින්තුරය ගත්තේ මෙතනින් 

මිදුල උඹ
අතුගාන කොට
හීනි වැලිකැට
රටා මවන හැටි
එත් බොරුවමයි
මියුනු පත් 
ඇඟේ ලාගෙන
උඹ ආයේ
හැඩි වෙනවා
මන් කෝමද
ආයෙත් අමදින්නේ?
මගේ දෙපා සහටනුත්
මැකෙනවා එතකොට
උඹත් හීරෙනවනේ
ඉදලට

හැක් ,මේ පොස්කටුවේ  පොඩි විශේෂයක් තියෙනවා. හැක් මම දන්නෙත් පස්සේ.

31 comments:

  1. පොස් කටුවෙද කොස් කටුවෙද

    ReplyDelete
    Replies
    1. හැක් ඇනෝ, යන්තම් අටවා ගත්තු දේ පොස්කටුව තමා :D පොඩ්ඩක් වැරදුනා. පොස්ට්කටුව

      Delete
  2. බ්ලොග් පෝස්ට් එක දැක්කේ දැන් නේ! ලස්සන කවියක්!

    මොකද්ද විශේෂත්වෙ ඈ?

    ReplyDelete
    Replies
    1. ස්කෝතුයි සිතු, එක පොඩි රහසක්

      Delete
  3. ඕකනෙ මම අතුගාන්නැත්තෙ..

    ReplyDelete
  4. අතුගාන්නම එපා උඹ ඔව් ඉඳගෙන
    දැංමක්කද විසේසත්තෙ
    කියපං කිපං

    ReplyDelete
    Replies
    1. විසේසත්වේ පහල ඇත

      එකෙන්ම අතුගාන් නැහැ මිදුල එහෙමම තියෙනෝ අතු ගන්න.

      Delete
  5. හීරෙන මිහිර විදිමී එය නිම් නොවනූ
    ඉදලට ආදරෙයි සැමදා නුබ අතු ගානූ

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මිදුලට මොකද ඇමදී කල ඉදලයි නොවෙ ගෙවෙනූ
      ඉදලට හති වැටෙයි මිදුල, ඇඳි රටා නොමකා සිටිනූ

      Delete
  6. හැක් හැක්.. සීයක් ගහල හොරා..

    ReplyDelete
    Replies
    1. හැක් හැක් එකනේ දේශා අයියා. හොරෙන්ම ගහල. :D

      Delete
  7. Replies
    1. හෙක් උපේ නම් 300 ගහන්නත් ලඟයි. අපි ගහන්නේ ටෙස් හරිය

      Delete
  8. සීයක් ගහනවා කියන්නෙ සෙල්ලම්ද ඈ :D මං වගේ කම්මැලියෙක් සීයක් ගහද්දි අවුරුදු කීයක් නම් යයිද :P උණුසුම් සුබපැතුම් අය්යේ :) ඉඩ තියන වෙලාවක අර බාගෙට නවත්තල තියන කෙටිකතා එහෙම සම්පූර්ණ කරලා දැම්මනම් ;)

    ReplyDelete
    Replies
    1. හී ඉස්කොතුයි හා හා බලමුලෝ ඒවා :D හී ටොප් අයිඩියාවක් ආව. :D

      Delete
  9. සීයට සුබ පැතුම්.

    ඉදලට හිරෙන එක තරමේ සැපතක් නැති හින්දා
    තව තව හැඩි වෙමි -මා අමදිනු සොමියා

    ReplyDelete
    Replies
    1. හැක් බොලා අමදින්න ගල්ලමයෙක් ගනු

      මට බැහැ චිකේ ලැජ්ජාවේ බැහැ :D

      Delete
  10. සියැවෙනි ලිපියද?? සුබපැතුම් ඈ..!!!

    ReplyDelete
  11. ඉදල උඹ
    අතුගානකොට
    හෙමිහිට සීරුවට
    කිතිකැවෙන හැටි
    ඒත් ඔහු දන්නවද
    අපෙ සෙනෙහෙ
    ගණුදෙනු ගැන
    මං ආයේ
    හැඩිවෙනවා
    නුඹෙ පහස
    ලැබගන්න
    ඔහුගෙ පා සටහන් මකා
    අපේ ආදර සලකුණු
    විතරක්ම
    ඉතිරි කර ගන්න....

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් ! වෙනදා වගේම අපූරු පදපෙළ....

      Delete
    2. ලස්සන පිළිතුරු කවියක්නේ මෙතු, අපුරුයි ඒ කවිය, මගේ කවිය වෙනමම මාවතකට අරන් යනවා ඔයාගේ කවිය. ජය.

      Delete
  12. මට නම් කියවද්දිම හිතුව පොස්ට් ගණනන ගැන තමා විශේෂය තියෙන්නේ කියල කාලයක් තිස්සේ බ්ලොග් කියව කෙනෙක් හැටියට. කීවෙනි පොස්ටුවද කියන එක තමා මං කමෙන්ට් කියවද්දී හෙව්වේ :) :) ඉදිරියත් ලියන්න 100 ක් නෙමේ 1000ක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හීන දකින්නී, පුලු පුළුවන් වෙලා වල තමා මේ දවස් වල ලියන්නේ, කියවන්නේ.

      Delete
  13. අපුරූයි ලියවිල්ල...
    මම ඒකනේ බං කවදාවත් මුදල අතුගාන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. මුදල් අතුගාන්නේ නැහැ බන් අපිත් එකතු කරගන්න බලනවා මිසක්.

      Delete
    2. හැක. හම්මෝ මුදලුත් අතුගානවද මනෝ

      Delete
  14. සුබ පැතුම් 100 වෙනි පෝස්ටුවට...සමහර වෙලාවට මිදුලයි, ගෑණු ළමයින්ගේ හිතයි දෙකම එක වගේ...ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි. :D

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...