Friday, April 1, 2016

හුදෙකලා රාත්‍රියක



තණ පතක පිණි බිඳකි
මේ හැඟුම මා සිතට
දුරක සිට නිලට
දිලෙන තරුවක්ය
නුඹ රැයට
හිස් අහස  කළඹමින්
දුක් ස්වරය හා මුසුව
ගී ගයයි මද පවන

වියකි යයි සිතින්
මේ හැඟුම මා විඳින
හෙට පහන් වන විටම
යලි ආයෙත් රැයක
දළුලා එනු පිණිස

බලා හිඳිමි නුඹ දෙසම
මතකයට සම වැදව
සිප ගනිමි දහස් වර
මේ හිස් අහස යට
ගණදුරම තුරුල් කොට
මතකයේ නුඹ දෙතොල

නුඹ හා මා අතර
හිස් අවකාශයක
දඟකාර වලා කැටි
හරස් වෙයි නුඹ දසුන
නුඹ දෙසම බලා ඉනු
නොහැකිය ඉතිං මට
වළාවනටද ඉඩක්
අවැසියි නොවේද

රැය පුරා පිනි වැස්ස
වැටෙනවා අප ලොවට
නෙතු දෑල දොඩමළුව
සිටිනවා පෙර ලෙසම
නුඹත් දිලි දිලී
ඉඟි කරන කොට මෙලෙස
නෙතු තෙමෙනවා ඒ
පිනි බිඳු නොවන වග
නුඹ දන්නවා
මට වඩා හොඳට

32 comments:

  1. එක්වීම
    සේ වෙන්වීම
    උරුමය හැමට
    දුක් නොවී මේ ලෙසට
    මතක ඇහිදා යමු දිගට...

    ReplyDelete
    Replies
    1. හමුවීමක් නැත වෙන්වීමකට මුල කීව
      හැඟුමක් ඇත සිතක ආලයෙන් මත් වෙච්ච
      අපූරුයි ඒ හැඟුම විටක මා සනසවන
      දුකත් මිහිරත් සම සමව උරුම වන

      වෙන්වීමක් දිනක වීදෝ බියක් ඇත
      හමුවීමක් නමුදු පෙරදිනක වුනේ නැත
      ලොතෙක් බීවද බෙහෙත් හොරා උගුරට
      විඳි තිත්ත රස තවමත් අමතකය දිවගට

      Delete
  2. පිනි වැස්සේ තවරලා
    එවන්න හාදු මා වෙතට
    පුංචි පිනි බිඳුවයි මා
    ඔබට බොහෝ දුරකින් ඉන්න

    ReplyDelete
    Replies
    1. මද පවනේ පා කලෙමි බෝල් හාදු ඈ වෙතට
      පිනි වැස්ස විත් මැදට දිය වුනා මුල සිටම

      Delete
  3. //සිප ගනිමි දහස් වර
    මේ හිස් අහස යට
    ගණදුරම තුරුල් කොට
    මතකයේ නුඹ දෙතොල

    සමහර වෙලාවට අපට වෙන කරන්න දෙයක් නෑ!

    ReplyDelete
    Replies
    1. එකනේ අලියෝ, මොනා කරන්නද?, අවකාශය තුරුල් කර මද පවන සිප ගන්නවා හැර. :)

      Delete
  4. Replies
    1. ඉස්කොතුයි විදානේ අයියා :D

      Delete
  5. Replies
    1. ඉස්කොතුයි විදානේ අයියා :D 2

      Delete
  6. Replies
    1. ඉස්කොතුයි විදානේ අයියා :D 3

      Delete
  7. Replies
    1. thanks upe, :)

      I am bit busy with ma job and also ma higher studies, So that's what happened to me.

      Delete
  8. විසල් අහසක් පුරා
    එකම තරුවක් සොයන
    සැම රෑම නිදි නැතිව
    දෑස් දල්වා සිටින
    වළාකුල් අතර රැඳි
    නොයෙක් සම තරු අතර
    පෙම් කලේ ඇයටමයි
    කෙසේනම් කිව හැකිද

    තව කවි ලියන්න කම්මැලි අනේ ..ඒ නිසා මේ කවිය විතරක් දැම්ම ;)

    ReplyDelete
    Replies
    1. පට්ට රිප්ලයි එකක්නේ, ද කොහොමද කියන්න

      පෙම් කලේ ඇයටමයි
      කෙසේනම් කිව හැකිද

      කියලා, හිටුකෝ එකක් ලියල දාන්න, දැන් මොලේ විකාරයි අදහස් එන නෑ. :p

      Delete
  9. ආදරය දුකක් බං...එච්චරයි මං දන්නෙ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සිරා අයියා, එකෙත් අමුතු කික් එකක් තියෙනෝ නේ, හා නැද්ද? :D

      Delete
  10. Replies
    1. ස්තුතියි අජිත් අයියා.

      Delete
  11. Replies
    1. ස්තුතියි වැසි, වැසිත් ලස්සන බලාපොරොත්තු ටිකක කවියක් වැ දාල හෙළ හවුලෙන් ලියල තිබ්බේ. :D

      Delete
  12. සිතුවිලි සෙමින්
    සඳ සිඹිනවා
    නුහුරු ලෙස
    වලා යදමින් මිදී....
    කුමුදිනිය සෙමින්
    අත වනනවා
    මලානික
    සඳ රැසින් මිදී ....
    නුඹ රුවම
    තරු ඇස්ද
    සොයනවා
    ගනඳුරට
    මුදු හාදු නොදී....
    පිනි බිංදු
    නොදුටු ලෙස
    ඉන්නවා
    පවනෙ සඟවා
    මතක පොදී....


    ReplyDelete
    Replies
    1. සඳ
      නිහඬ ලෙස
      ගිලිනවා
      තරු එලි
      කළු වලාත්
      දන්නවා
      අහසට ආ
      සඳේ හැටි
      තරු හඬනවා
      නිමි නිමි
      හිස් අහසට
      වේවි
      බැලුවම පේනවා
      රෑ අහසේ එය
      දිලෙන හැටි
      දිලෙනවා නෙවේ
      හඬනවා
      වැටෙන පිනි
      කියන හැටි
      තරුවකට පෙම්
      බැඳ මම
      පතනවා
      සඳ රාහු
      ගිලින හැටි

      Delete
  13. ලස්සන නිර්මාණයක් මචං

    ReplyDelete
  14. Replies
    1. වෙල්කම් මචන්, ස්කෝතුයි. :D

      Delete
  15. ලස්සන පැදි පෙළක් සොමියා තුමා,සුන්දර මතක පින්තාරුවක් කරන පද්‍යක්,
    ජයෙන් ජය,

    ReplyDelete
    Replies
    1. ඉස්කොතුයි රස්තියාදුකාර සහෝ :D ඒ වගේම සාදරෙන් පිලිගන්නවා.

      Delete
  16. හරි ලස්සනයි ඈ.. හංසි තමයි පාර කිව්වෙ මේ පැත්තට.. :)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සිතු, ඉස්කොතුයි :D

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...