Thursday, January 14, 2016

විරුද්ධකාරයා (කෙටි කතාව)

පින්තූරය අන්තර්ජාලයෙනි
"අනේ හැබෑටම මගේ විරුද්ධකාරයා මට එක දවසක් හිත හොඳින් ඉන්න දෙන්නැති හැටියක්"

තාත්තගේ සුපුරුදු කියුම කියත් සමඟම නංගීත් මමත් තාත්තාට ලංවීමු. තාත්තා හිත වීදනාවෙන් පසුවන අවස්තාවලදී නංගීත් මමත් ඔහු සැනසීමට නොදරනා උත්සාහයක් නැත. අප දෙදෙනා නිසා නොවී නම් තමා මෙලහකටත් ජීවතුන් අතර නැති බැව් එවන් අවස්තාවලදී ඔහු නිතර කියනා හෙයින් අප ලන්වීම ඔහුට සහනයක් වෙතැයි නංගීත් මමත් සිතුවෙමු. අම්මා ඇතුළු අප දෙදෙනාටම මහත් ගැටලුවක් ඇති කරමින් තාත්තා විසින් විරුද්ධකාරයෙකු නිසාවෙන් ඔහු නිතර පීඩා විඳින බවක් පැවසූවත් ඒ කවුරුන්දැයි නොපවසයි. අම්මා විසින් ඒ කවුදැයි අසා දැනගැනීම දැන් අතහැර දමා ඇත්තේ ඒ දැනගනු වස් අප ගන්නා ලද ප්‍රයත්නයන් හමුවී ඔහු ගොළුවත රැක්ක හෙයිනි. නමුත් එවන් අවස්ථාවල ඔහුගේ දෑසේ කුමක් හෝ ලියැවී ඇති බැව් පෙනුනද මම ඒ වටහා ගැනුමේ සමතෙකු නොවීමි.

අප පවුලේ සාමාජිකයින් වශයෙන් ජීවත් වූයේ අප සිව් දෙනා හැරුණු විට බිසෝ නමින් හැඳින්වූ මට වඩා බල කෙල්ලක පමණි. ඈ අම්මට සහාය වෙමින් අප හා විසුවාය. ඈ ගැන වැඩිමනක් තොරතුරු අම්ම අපෙන් සඟවා තබා ගත්තාය. අම්මා විසින් තාත්තා සිටින තැන බිසෝ ගැන මැදහත් සිතකින් කටයුතු කල අතර තාත්තා නොමැති තැන ආ ගැන නොතැකුවාය. කිසි දිනෙක පාසල් නොගිය බිසෝ මා පුංචි මහත්තයා ලෙසින්ද නංගී සුදු හාමිනේ ලෙසින්ද අමතනු ලැබුවාය. අප පාසල් යන දෙස බිසෝ කිසි දිනෙක අසාවෙන් නොබලූ අතර පාසලක් පිලිබඳ වගක් ඇයට නොවීය. බිසෝ අප සමග සවස් කාලයේ සෙල්ලම් කල අතර අම්මා බොහෝ විට වැඩ පල සඳහා අඬගසා ගනු ලැබීය. බොහෝ විට අම්මා විසින් මසා දෙනු ලබන ගවුමකින් හැඩවෙන නංගී බිසොටත් එවැන්නක් මසා නොදෙන්නේ ඇයිදැයි අමමාගෙන් අසනා විටෙක වෙනයමක් පවසා අපව අස්වැසීම ඇගේ සිරිත විය.

අප ජීවත් වූයේ කුඩා නිවසක වූ අතර ඇතැම් වැසි දිනවල වහලේ උළු අතරින් ගෙට එබෙන වැහි බින්දු තාත්තා විසින් මේසය මත තබන ලද පුටුවකට නැගී උළු කැට එහෙ මෙහෙ කර වලක්වන අතර තාත්තා නැති විටෙකදී අම්මා විසින් බිසෝ මෙහෙයවා වැටෙන වැහි බින්දු එල්ලේ බාජන තබා ගෙබිම මත වැහි වතර ගලා යාම වලක්වයි. ටක් ටක් හඬින් වැටෙන වැහි බින්දු වල හඬ කාලාවර්තයක් වාගෙය. වැහි බින්දුවක කැටි වූ ආලෝක බිඳක් සමග වහලේ සිට බාජනයට වැටෙනා වැහි බින්දුව මවනා දර්ශනය මනරම් වන අතර මමත් නංගීත් තරඟයට ඒ වැටෙන වැහි බින්දු ගණන් කළෙමු. බිසෝට නම් ඒ තවත් බාජනයක් තැබිය යුතු තැනක් විනා වෙනකක් නොවීය.

තාත්තා ගුරුවරයෙකු ලෙස පත්ව ඇත්තේ මෑතකදීය. එයට පෙර තාත්තා පිලිබඳ තොරතුරු කිසිත් අපට කියා නොමැත. තාත්තාගේ ජීවිතය මුලසිටම ඉතා දුක් බර එකක් බව තාත්තා නොයෙක් වර අප සමග කියා ඇති මුත් ඉන් එහාට යමක් නොපවසයි. "පුතේ මම හරි දුක් විඳලා මෙතනට ආවේ, මෙතනට ඇවිල්ලත් මට නිදහසක් නැති හැටියක්" යයි පවසනා තාත්තා බොහෝ විට නිහඬය. තාත්තා විසින් නංගී හා මට දවසේ කලයුතු දා පිලිබඳ කාල සටහන් සාදා දී තිබූ අතර ඒවා අනුගමනය කිරීම අප සතුවිය. අම්මා හා තාත්තාගේ විවාහය සිදු වී ඇත්තේ තාත්තා ගුරු වෘත්තියට ඒමට පෙර වූ අතර මට මතක ඇති දා පටන් බිසෝද අප සමගම උන්නාය. අම්මාද ඒ වන විට සුළු රැකියාවක නිරතව සිටි බැව් අම්මා විසින්ද කියනු අසා ඇති අතර විවාහයෙන් පසු අම්මා එම රැකියාවෙන් ඉවත්ව ඇත. මේ හේතුවෙන් පවුලේ මුළු බරම ඉසිළුවේ තාත්තා විසින්ය. තාත්තාගේ සොච්චම් වේතනය අප සිව්දෙනාත් බිසෝගේත් එදිනෙදා යැපුමට යන්තම් ප්‍රමාණවත් විය. තාත්තා සතුවූ ඇතැම් හොඳ ප්‍රතිපත්ති නුවූවානම් බොහෝ අගහිඟ කම් වලට අපට මුහුණ දීමට සිදු වනවා නිසැකය.

තාත්තා නිතර වෙහෙසුනේ මගෙත් නංගීගේත් අනාගතය යහපත් එකක් කිරීමටය. අන් කෙළිලොල් වයසේ පසුවන බාලක බාලිකාවන් විසින් පරිහරණය කරන ලද කෙළිබඩු කිසිත් මා හා නංගී සතු නොවීය. එහෙත් තාත්තා විසින් සාදා දෙන ලද පුංචි කරත්ත, පොල්පිති ගොනුන්, කුරුම්බැට්ටි මැෂින් හා රබර් ඇට බමර අප ළමා කාලය බොහෝ සුන්දර එකක් කළේය. අසල ගෙවල් වල ළමයින්ට ලී අශ්වයින්, කුඩා කාර් බයිසිකල්, බෝනික්කන් ආදී අරුමෝසම් දෑ වූහ. ඒවා දෙස නංගීත් මමත් ඉතා ආශාවෙන් බලා සිටිනු දුටු කල රබර් අට බමරයක් කරකවමින් අප අසලට එන තාත්තා අපිට කතාවක් හෝ කවියක් කියා දෙමින් ඒ ළමුන්ගේ කෙලිබඩු වලට වඩා මේ බමරය කොතරම් අගේට කැරකෙනවා නේදැයි අපට කියා දෙයි. තාත්තාගේ බසට අවනතව අපිද ඒවායින් තෘප්තියට පැමිණියෙමු.

අම්මා එදිනෙදා ජීවිතය යහපත් කර ගැනීමේද ගෙදර දොර අලංකාරව තබාගැනීමේ අරගලයක යෙදුනාය. බිසෝද යට හැකි පමණින් අම්මට සහය වුනු අතර නංගී හා මමද ඇතැම් විට ඊට එක්වීමු. ඕ විසින් පරවෙලා යන මල් කැකුළු නෙලා විත් ගෙදර මේසය මත වූ මල් බඳුන හද කළාය. තාත්තා ඒ හැම විටම පැවසුවේ මේ මල් පරවෙලා යන බවත් ගැසෙම තිබුනා නම් කෙතරම් අලංකාරද යන වගත් පමණිය. අසල ගෙවල් වල ගැහැණුන් නොයෙක් මෝස්‌තර හා හද වැඩ දැමූ ඇඳුම් පැළදුම් පරිහරණය කරන විට ඈ ඒ පිළිබඳව දැඩි ඇල්මක් නොදැක්වුවේ යට එවැනි තත්වයකට මුහුණ දීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බව ය තේරුම් ගෙන සිටියා විය හැක. එහෙත් තාත්තා සිටින අවස්ථාවල ඇයට නැතත් අසල ගෙවල් වල දරුවන්ට ඇති එම සම්පත්තීන් අප දෙදෙනාට නොමැති බව කලකිරුණු ස්වාභාවයකින් යුතුව පෙන්වාදෙමින් මැසිවිලි නැගුවාය. එවන් විට "අනුන්ගේ දෑට ලොබ නොකරන්න සුමනා" යයි පවසන තාත්තා අපටත් නොපවසා නිවසින් බැහැර වී නැවත පැමිණෙන විට කුමන හෝ කතා පොත් දෙකක් අප දෙදෙනාට ගෙනවිත් දීමට කටයුතු කරයි. තාත්තා මෙන් නොව අම්මා අපගේ වර්තමානය යහපත් එකක් වනු දැකීම ප්‍රිය කළාය.

අපට ලසන ඇඳුම් පැළදුම් නොවූවත් තාත්තා ප්‍රියකළ ස්වදේශීය දළ රෙදිවලින් පිළියෙළ කල ඇඳුම් කට්ටල කිහිපයක් නංගී හා මා සතු විය. මෙම ඇඳුම් අම්මා විසින් ඈ දන්නා මැහුම් මෝස්තරවලින් හද කර තිබීම අපට ප්‍රීතිය ගෙන ඒමට හේතු විය. අපට නිදියගැනීමට සෙසු පොහොසත් දරුවන්නට මෙන් ලස්සන ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට හෝ ඇඳන් නොවූහ. බිසෝ විසින් පැදුරක් එලා අප නිදන ස්ථාන පිළියෙළ කර දෙයි. අම්මා විසින් හෝ බිසෝ විසින් නංගී උකුලේ හොවා නිදි කිරීමට තත් කරන අවස්ථා වල තාත්තා එයට විරුද්ධත්වය පානුයේ "ළමයින් කුඩා කල සිටම ජීවිත අවභෝධයෙන් යුතුව අනුනට අවහිරයක් නොවන පරිදි ජීවත් විය යුතු යැයි" ඔහු දරනු ලාන මතය ගෙන හැර පාමිනි. තාත්තගේ අදහස් තේරුම් ගැනීම නිසාවෙන් හෝ කුඩා කල සිට හුරු පුරුදු කිරීම නිසාවෙන් නංගී හා මම බිසෝ විසින් එලා දුන් පැදුරු වල හුදෙකලාව ගුලිගැසෙන්නට පුරුදුව සිටියෙමු. තාත්තාත් මමත් එකම කාමරයක නිදන්නට පුරුදු වී සිටි අතර එහි වූ එකම ඇඳ මත තාත්තා නිදයි.

තාත්තා ගුණ යහපත් අයෙක් යයි අසල්වැසි සියල්ලන්ම පාහේ පවසනු අප අසා ඇත්තෙමු. තාත්තා සුළු වශයෙන් හෝ කාර්මික දැනුමක් ලබා නැතත් ඔහු සතු කාර්මික දැනුම පුදුම එලවන සුළුය. ගෙදර මැෂිම, හොරා යතුර හෝ වෙනයම්ම යන්ත්‍රයක් වුනි නම් ඒ සියල්ල අලුත් වැඩියා සඳහා පිටකට නොගේනියන තාත්තා නංගී හා මා එකතු කරගෙන "පුතේ මේක මෙහෙමයි, මේක මේ විදියට තිබුනොත් හරි" යයි පවසමින් හරි අපුරුවට ඒවා අලුත්වැඩියා කරයි. වඩු හෝ පෙදරේරු හෝ මොනයම්ම කර්මාන්තයක ඔහු හසල නිපුනයෙකු විය. ඔහු උගන්වන හා නිවසින් පිට සිටිනා විටදී නොසෑහෙන ප්‍රීතියකින් සිටිනා වග ඔහුගේ හිතවතුන් පවසනවාද අප අසා ඇත්තෙමු. නමුත් නිවසේ සිටින බොහෝ අවස්ථාවල එවන් සතුටක් ඔහු කෙරෙන් පල නොවන අතර විරුද්ධකාරයෙකුගෙන් පීඩා විදින බව බොහෝ විට පවසයි. තාත්තා මෙසේ විරුධ්ධකාරයෙකුගෙන් පීඩා විඳින බව ගම වැසියන් තුලද ප්‍රකට විය. ඔහුට සහෝදර සහෝදරියන් සිටිය මුත් දුකෙහිදී හා සැපයේදී ඔහු පිහිට කොට ගත්තේ ඔහුගේ හිතවතුන්ය. තාත්තාගේ මේ ගැටලුවට පිළිසරණක් වීමට ඔවුන් බොහෝ ඔත්සාහ ගත අතර එම විරුද්ධකාරයා හෙළිකරන මෙන් ඉල්ලා සිටියහ, එහෙත් තාත්තාගේ දැඩි නිහඬ බව හමුවේ තාත්තා කිසියම් වූ මනෝ විශාධියකින් පෙලෙන බවත් මනෝ චිකිත්සකවරයෙකු ලවා පරීක්ෂා කර යුතු බවත් ඔවුන්ගේ නිගමනය විය. ඒ අනුව තාත්තා එසේ පරීක්ෂා කල මුත් ඒ පරීක්ෂාවනට සිනාමුසු මුහුණින් යුතුව මුහුණ දුන් තාත්තා තුල මොනම හෝ මනෝ විශාධියක් නොමැති බව මනෝ චිකිත්සකවරගේ නිගමනය විය. අනතුරුව මෙය අමනුෂ්‍ය දෝෂයක් යයි සිතා තාත්තගේ බලවත් විරෝධය මධ්‍යයේ බලි යාගයක් සිදු කරන ලදී. බලි රුප අඹා  සාදන ලද මල් යහනාවක ඒවා තබා කට්ටදියෙකු විසින් බලි යාගය සඳහා වූ කවි මිනි ගෙඩියක් සොලවමින් ගායනා කරන්නට විය. තාත්තා දෙපස සිටි නංගී හා මම එවැනි සාම කවියක් අවසානයෙදීම ආයුබෝ ආවඩා යියි කියමින් මහත් විනෝදයක් ලදිමු. ඉන් අනතුරුව තාත්තාගේ හිසේ සිට පාදාන්තය තෙක් බොහෝ දෙහි ගෙඩි ප්‍රමාණයක් කපා කොහොඹ අත්තක් හිස සිට පාදාන්තය තෙක් ජපා කරමින් රැගෙන ගොස් සියලු දෝෂ මහා බෝලොවට බැහැර කරන ලදි. අවසානයේ කට්ටඩියා විසින් සියලු දෝෂ නිවාරණයි තීන්දුයි කියා බලි යාගය හමාර කර බලි ර්රුප ගෙවත්තේ කොනකට වෙන්නට තැන්පත් කරන ලදී.

ගමේ හිතවතුන් තාත්තාගේ බලවත් විරෝධය මත කරන ලද බලි යාගයෙන්තාත්තගේ චිත්ත පීඩාව මග හැරුණු බවක් පෙනෙන්නට නොතිබූ අතර පනස් පස් වන වියේදී තාත්තා තමා ප්‍රිය කල ගුරු දිවියෙන් විශ්‍රාම ගත්තේ විරුද්ධකාරයාගෙන් ලද පීඩාවන් ඉවසිය නොහැකි බව පවසමිනි. එදින වෙනදා මෙන් මා අවධි වන්නට කලින් අම්මා විසින් මා අවධි කල හෙයින් තාත්තා තවන නිදනවා ඇතැයි සිතා ඔහුගේ ඇඳ දෙස බැලු මුත් ඔහු එහි නොසිටියේය. පසුව අම්මාත් මමත් තාත්තා ගැන විපරම් කර බලු මුත් කිසිදු ආරංචියක් නොවූයෙන් අම්මාත් මමත් හැඬු කදුලින් යුතුව තාත්තාගේ සමීපතමයා වූ ලොකු ඉස්කෝලේ මහත්තයට දැන්වීමු. එතුමා පොලිසියටද දැනුම්දී සෙසු හිතවතුන් හා තාත්තා ගැන සොයා බලු මුත් කිසිදු හෝඩුවාවක් නොවීය.

පොලිස් නිලධාරීන්ද තාත්තා සෙවීමට බොහෝ උත්සාහ කොට අවසානයේදී අම්මා හා මාගෙන් ඔහුගේ අතුරුදන් වීම පිලිබඳ ප්‍රශ්න කරන්නට විය. මා විසින් ඔහු පවසනා ලද විරුද්ධකාරයෙකුගෙන් පීඩා විඳි බව හෙළිකිරීමත් සමඟ ඒ පිලිබඳ සැක පුද්ගලයන්ද ගෙන්වා ප්‍රශ්න කරන්නට විය. එහෙත් තොරතුරක් නොලද්දෙන් තාත්තා පරිහරණය කල ඇඳුම් පැළඳුම් පොත්පත් ආදිය පරීක්ෂා කර බලන්නට විය. එහිදී තාත්තාගේ ලියනමේසයේ පොත් අතර රැඳවූ ලිපියක තාත්තගේ අතුරුදන් වීමට හේතුව පවසා තිබුණි.

"මම අවුරුදු තිහක පමණ කාලයක සිට විරුධ්ධකාරුවෙකු විසින් පෙළනු ලැබ බලවත් චිත්ත පීඩාවලින් යුතුව කාලය ගත කළෙමි. පුතා හා දුව නොසිටින්න මා මීට බොහෝ කලකට පෙර මෙම තීරණය ගන්නට තිබුණි. එසේ කළා නම් බිසෝ කෙල්ලද අසරණ වනු ඇත. මම දැන් විශ්රාමිකයෙකු හෙයින් විශ්‍රාම වැටුපක් ලබමි. එය පුතාගේත් දුවගේත් ඉදිරි කටයුතු වලට ප්‍රමාණවත් වනු ඇත. ඔවුන් දෙදෙනාත් බිසෝ නමිනුත් මා වෙහෙස මහන්සීව හම්බ කර මුදල් ඉතිරි කිරීමේ බැංකුවක තැන්පත් කර ඇත. මේ නිසා මගේ අතුරුදන් වීම ඔවුන්ට ආර්ථික අපහසුතාවක් ගෙන එතැයි මම නොසිතමි. තවද මගේ විශ්‍රාම වැටුප මා බිරිඳගේ නමට හරවා ඇත.

දැනට පනස් හය වසරකට පෙර මෙලොව එලිය දුටු මා අම්මා සහ තාත්තා විසින් ඉතා දුකසේ ඇති දැඩි කල අක්කරය මට මතකය. ඉතා දුකසේ මා අද සිටිනා තත්වයට පැමිණි අතර මා ජීවත් වූ පරිසරය ඉතා සිත්කලුය. එහි කිසිවෙක් මා කෙරේ ඊර්ෂා කෝ ක්‍රෝධ කළා යයි මා නොසිතමි. ඔවුන්ගෙන් මට සිදුවූ ගැහැටක්ද නොමැත. මා සේවා කල පාසලේද මට විරුද්ධකරුවෙකු නොවීය. මට සිටියේ එකම විරුද්ධකරුවෙකු පමණි. මා විශ්‍රාම ගියා සේම ඔහුගෙන්ද විශ්‍රාම යාමට මම අදහස් කර සිටිමි.

මේ අනුව මගේ අතුරුදන්වීම පිලිබඳ කිසිවෙකු කරදර වීමට අවශ්‍ය නැත. මට තව කෙටි කලක් ජීවත් වීමට හැක. ඒ කෙටි කාලය සියලුම විරුද්ධ කරුවන් දුරු කිරීමට චිත්ත විවේකයෙන් ආශ්‍රම වාසීව ගත කිරීමට අදහස් කරමි. ඒ සඳහා මා පෙලඹවූ විරුද්ධකරුවා විසින් කර ගත බලවත් කුසල කර්මය ඔහුට අත්වේවා යයි මම ප්‍රාර්ථනා කරමි. මා මෙතෙක් නම් නොකරන ලද මාගේ විරුද්ධකරුවා අන් කිසිවෙකුත් නොව මමත් දැනට තිස් වසකට පෙරාතුව මා හා අතිනත ගත මා බිරිදන්ත් නිසාවෙන් උපන් ප්‍රේමයම පමණක් බැව් කියමි."

පොලිස් නිලධාරියා ලිපිය කියවා අවසන් කරත්ම අම්මා දෑතින්ම මුහුණ වසාගෙන හඬමින් ගෙතුළට ගියාය.

21 comments:

  1. සොමියෝ... ගොඩ කාලෙකින් නේ ලිව්වේ.. නියමයි

    මේකට විචාරයක් ලියන්න හිතයි දිගට. නමුත් මම කෙටියෙන් කියන්නම් මට පෙනුන අඩුපාඩුවක් විතරක් ( දහසක් හොඳ තිබියදී)

    ඒ තමයි හැමවිමට 'අතර' කියන වචනයෙන් පිරුණු ජේද තිබිල්ල. පිළියම නම් තේරෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි උපේ :) වැරදි අඩුපාඩු පෙන්නලා දුන්නට, ඇත්තටම "අතර" කෑල්ල නම් වැඩි තමා, ඒ මගේ තියෙන කම්මැලි කම, වාක්‍ය 10 ක් හරි විරාම ලකුණ නොතියා එකට බැඳලා ලියන්නත් ටිකක් විතර තියෙන ආසාව තමා එකට හේතුව. පිළියම තමා වාක්‍ය එකට බඳින තව බ්පද ගැන හොයල බලන්න ඕන, මගේ සිංහල දුර්වලයි ඇත්තටම. ව්‍යාකරණ අක්ෂර වින්‍යාස එහෙම ගොඩක් වැරදි ඇති. ඉතින් කියවලා අඩුපාඩු පෙන්නලා දීල අදහස් කිව්වට ස්තුතියි, ඔව් සෑහෙන්න කාලෙකින් කෙටි කතාවක් ලිව්වේ. අයෙත් පරණ රිද්මයට එන්න කාලයක් ගතවේවි. අධ්‍යන වැඩයි රැකියාවයි අතරේ මොහොතක තමා මොනවා හරි ලියවෙන්නේ. :)

      Delete
  2. බිසෝ ගැන ආරංචියක් ලැබෙයි කියල හිතාගෙනයි කතාව කියෙව්වේ.. නමුත් උඹ පාඨක අවධානය සම්පුර්ණයෙන්ම විරුද්ධවාදීයා බිසෝට සම්බන්ධ කමක් ඇතෙයි කියා සිතන තත්වෙට පත් කරල අවසානය වෙනස් කරා. ඒක බෝම හොදයි.. ඒත් විරුද්ධවාදීයා “මේ කියන ප්‍රේමය“ කියා උඹ හිතුවේ අවසානයටද කියල සැකයක් එනවා. එතැන උඹ වෙන එකක් හිතාගෙන ඇවිත් හරියට අන්තිමේදි වෙන කොළයක් ගැහුව වගේ මට දැනුනේ.. සමස්ථයක් විදියට කතාවේ ගලා යාම ඉතා හොදයි.

    හැබැයි අවුලක් තියෙනවා සමහර අක්ෂර වැරදි නිසා කතාව නියමාකාරයෙන් අල්ලා ගැනීමට වෙනම සටනක් කරන්න වෙනවා. විශේෂයෙන් අන්තිම ජේදේ තියෙන අක්කරය කියන වචනේ නොහොබිනාම තැනක්.. හැක්.. ජය සොමියා වෙල්කම් බැක්

    ReplyDelete
    Replies
    1. දේශක අයියා හරිම තැනින් අල්ලාගෙන කතාවේ, ඔව් බිසොව කතාවට ගෙනාවේ හේතු දෙක තුනක් උඩ, කොලේ වහලා ගැහුවා වගේ වැඩක් තමා උනේ, මට ඕන උනේ බිරිඳ තමා විරුද්ධවාදියා කියල කියන්න. එත් එකේදී කතාවේ බිරිඳගේ පැත්තට මම සාර්ථක හින්ට් දුන්නද ඒ මතය ගොඩ නැගෙන්න කියලා හිතෙනවා. එත් ආයේ හිතෙනවා එහෙම උනානම් කියවන්න කෙනාට දෙයක් නැතිව බිරිඳනේ මෙයාගේ විරිද්ධවාදියා කියලා මතයක් අවොත් මම අසාර්තකයිනේ කියලා. මගේ සිංහල නම් අවුල් තමා දේශක අයියා. එක ගැන කියන්න වෙන්නේ ලජ්ජාවෙන් තමා. තමන්ගේ මව් බස්සවවත් හරියට බැහැ. මොනවා උනත් ඇවිත් කියවලා අදහස් එකතු කලාට ගොඩක්ම ස්තුතියි.

      Delete
  3. නියමයි ..කතාව හරි ලස්සනයි.කතාවේ අන්තිම වාක්‍ය වෙනකන්ම කුතුහලය රඳවල තිබ්බ විදිය නම් විශිෂ්ටයි.කියවන කෙනාව අවුස්සලා කතාව වටේ යැව්ව නේද? මුලින්ම අතුරු චරිතයක් වෙච්ච බිසෝ ගැන සැකයක් අවුස්සනවා.ඊට පස්සෙ තාත්තගෙ අතීතේ ගැන කියද්දි එතනදිත් බලනවා විරුද්ධ කාරයෙක් ඉන්නවද කියල හැම තැනින්ම කුතුහලය ඇතිකරලා අන්තිමට කියනව. හරි අපූරුයි. කතාවත් එක්ක ආයෙම හිතුන නිහඬ මිනිස්සු ඇත්තටම නිහඬ නැහැ කියල හිතුන. එයාලගේ හිත හරි පුදුම විදිහට කතා කරනවා විප්ලව කරනව හැබැයි ඒවා පිටතට ඇහෙන්නේ නැහැ. තව එකක් .. කතාවේ අනෙක් චරිතත් හරි පුදුමයි .ඔක්කොම තාත්තගෙ හැසිරීමට අනුගත වෙලා වගේ.අම්ම උනත් තාත්තගෙ හැසිරීමෙන් නොසන්සුන් වෙලා නැහැ.බිසෝ උනත් එහෙමයි ලැබිච්ච දේ ගැන විතරයි එතනින් එහාට බලාපොරොත්තු ඇති කෙනෙක් නොවේ වගේ.එයාටත් තියෙන්නේ තාත්තගෙ නිහඬ ගති පිළිවෙත් ...ඇයි ඇත්තටම බිසෝ චරිතය කතාවට ඇතුළු කලේ ..කියවන කෙනාව නොමග යවන්නද නැත්නම් වෙන හේතුවක්ද ? ... කතාව කිව්වා වගේ වෙනස්ම කතාවක් .. :)

    ReplyDelete
    Replies
    1. :D වටේ යවන්නතිව කොහොමද අප්පා, ඔය තියෙන්නේ කතාවේ හිර වෙන තැන ටික අල්ලාගෙන. :) මමවත් නොදැක්ක පැත්තක් ඔයාට අහු වෙලා.

      //කතාවේ අනෙක් චරිතත් හරි පුදුමයි .ඔක්කොම තාත්තගෙ හැසිරීමට අනුගත වෙලා වගේ.අම්ම උනත් තාත්තගෙ හැසිරීමෙන් නොසන්සුන් වෙලා නැහැ.බිසෝ උනත් එහෙමයි ලැබිච්ච දේ ගැන විතරයි එතනින් එහාට බලාපොරොත්තු ඇති කෙනෙක් නොවේ වගේ.එයාටත් තියෙන්නේ තාත්තගෙ නිහඬ ගති පිළිවෙත්//

      කතාව ඒ අතට ගලලා කියලා මට හිතුනේ නැහැ, එත් මම හිතන්නේ මම මෙතන එකට පොඩි හේතුවක් දීල තිබුනා. බිසෝ ගැන ගත්තාහම //වැහි බින්දුවක කැටි වූ ආලෝක බිඳක් සමග වහලේ සිට බාජනයට වැටෙනා වැහි බින්දුව මවනා දර්ශනය මනරම් වන අතර මමත් නංගීත් තරඟයට ඒ වැටෙන වැහි බින්දු ගණන් කළෙමු. බිසෝට නම් ඒ තවත් බාජනයක් තැබිය යුතු තැනක් විනා වෙනකක් නොවීය.// ය මේ පවුලේ මෙහෙකාරිය හැටියට යට ජීවිතය විඳින්න අවබෝධයක් උනාද කියලා පැනයක් එනවා, එකයි එහෙම ලිව්වේ. ඊළඟට තාත්තට ළමයි අනුගත උනාද කියන එකට මෙහෙම ලිව්වා තැනක. // බිසෝ විසින් පැදුරක් එලා අප නිදන ස්ථාන පිළියෙළ කර දෙයි. අම්මා විසින් හෝ බිසෝ විසින් නංගී උකුලේ හොවා නිදි කිරීමට තත් කරන අවස්ථා වල තාත්තා එයට විරුද්ධත්වය පානුයේ "ළමයින් කුඩා කල සිටම ජීවිත අවභෝධයෙන් යුතුව අනුනට අවහිරයක් නොවන පරිදි ජීවත් විය යුතු යැයි" ඔහු දරනු ලාන මතය ගෙන හැර පාමිනි. තාත්තගේ අදහස් තේරුම් ගැනීම නිසාවෙන් හෝ කුඩා කල සිට හුරු පුරුදු කිරීම නිසාවෙන් නංගී හා මම බිසෝ විසින් එලා දුන් පැදුරු වල හුදෙකලාව ගුලිගැසෙන්නට පුරුදුව සිටියෙමු.//

      ඇත්තටම බිසෝ චරිතය කතාවට කුතුහලයක් ගෙන්න ගත්ත උත්සාහයක්. :D

      ස්තුතියි නංගි ඔයාගේ අදහස් වලට

      Delete
  4. කරකවලා අතඅැරියා වගේ.................

    ReplyDelete
    Replies
    1. එහෙනම් මම සාර්ථකයි කියල හිතෙනවා. ස්තූතියි

      Delete
  5. කතාව දෙපාරක් කියෙව්වා.කතාව නියමයි සොමි.

    ReplyDelete
  6. මේ වගේ අවසානයන්ට මම වඩාත්ම කැමතියි.
    සිද්දිය බැළු බැල්මට පොඩි එකක් වගේ පෙනුනට උඹ චරිත ටිකත් එක්ක ඒ වටා හරි අපූරු කතාවක් නිර්මාණය කරලා.
    ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් අයියා. පොඩි උත්සාහයක් ගත්තා. :D

      Delete
  7. ලස්සන කථාවක්..තාත්තාට බොහොම ලග කෙනෙක් හැටියට...මට ගොඩාක් දැනුනා මේ ලියවිල්ල...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා අයියා, සිරා අයියා ලංකාවෙනෙ දැන් :D

      Delete
    2. යෑස්...දැන් සිරිලංකාවෙ...

      Delete
  8. "ප්‍රේමය" විරුද්ධකාරයෙක් උනේ අසීමිත බැඳීම නිසා.ලස්සන කතාවක් මචං.එත් ඇයි බැදීම් අත්හැර යන්න සුදානම්,සරල දිවි පෙවෙතක් තියෙන තාත්තා කසාදය කියන බැම්මෙන් බැදුනේ.

    ReplyDelete
    Replies
    1. මචෝ දෙයක් අත්විඳින කන් ඒ දේ ගැන කල කිරෙන්නේ නැහැ නේ? ඒ වගේ දෙයක් තමයි, අර බටුවන්ගල රාහුල හාමුදුරුවන්ගේ රන්කරන්දුව පොතේ වින්දනයෙන් පසු අතහැරීම වගේ දෙයක් තමා. :D (අමාරු ප්‍රශ්න අහන්න එපා බන් ) :) ජය වේවා ස්කෝතුයි :D

      Delete
  9. ලබ්බ තමා..
    යකෝ ටොප්ක්ලාස් කතාවක් වනසල දාල නෙ. මොකද්ද ඩෝ..
    නියම මනෝ විග්‍රහාත්මක කෙටිකතාවක් වෙන්න තිබ්බ බං තව ටිකක් එාහ මෙ‍හෙ කළා නං
    කමක් නෑ දැං ඉවරනෙ ඉතිං..
    අනික අක්ෂර වින්‍යාසය අවුල් වාක්‍ය දිගයි කෙටි කතාවකට නොගැලපෙන තරමටම.
    ඒත් උඹේ කතාව සුප්ප මචං.. මගෙ අවුල දන්නවනෙ ලේසියෙන් හොදක් කියන්න කැමති නෑ..

    මං හරි මැටි හරකෙක් නේද බං

    ReplyDelete
  10. සුස්පුරුදු සොමියා නැවත මතුවෙයි. නියමයි පුතෝ.වෙල්කම් බැක් කිවා. උඹ මේ කතාවේ ගලායාම සකස් කරලා තියෙන විදිහට මම ඉතාම කැමතියි

    ReplyDelete
  11. ලස්සනයි මචන්.
    ඔන්න මාත් මේ පැත්තට ආවෝ.)

    ReplyDelete
  12. කාලෙකින් මේ පැත්තේ ආවෙ. ආපු එකෙන් නරකක් වුණේ නෑ. බිසෝගෙන් නිරූපණය කලේ තාත්තාගේ යටිහිත වත්දෝ කියලා හිතුණා . එහෙම නෙමෙයිද එහෙනම්? කතාව නම් ඉස්තරම් සොමි.

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...