Saturday, December 19, 2015

අමතකව



එක්තරා සමයක
සඳටත් හොරෙන්
සඳ එලියෙන්ම
කුමන්ත්‍රණ කරපු උන්
සඳට යලි නොඑන්නම
අමාවක ගෙන ආහ

අලුත් ඉරක් ගැන
වගක් නොවූ උන්
අව් කන්නාඩි පැළඳ
අමුතු අඳුරකට
පෙම් බැන්දහ

උන්ට සරා සඳක
සොමි පහසද
අරුණෝදයක
මන්ද රස්මියද
අමතකව තිබුණහ

අඳුරේම උන්නු උන්
කණාමැදිරි පුකක් වන්
එක රැයෙන් දිලී පරවන
තාරුකා එලි දෙසම
නෙත් යොමන්
උඩ බලන්
ඉන්නට ගත්තහ.

තරුද තෙමේගේම
ඌස්නය දරා ගත නොහී
රාප්ත තප්තව
දිලෙන්නට වන් කල
එතරු කඩා
බිම හෙළ මැයි සිතා
ගල්ද බොරළුද
දෝතින්ම ගෙන
හිස් අහසට
ඔහේ දමා ගැසූහ

උන්ට තරු කැට අභිමුව
දෝතට ගත්
ගල් කැටයක
සුමට රවුම් බවද
විටෙක කඩතොළු රළු බවද
අමතකව තිබුණහ.

උන් තුගු රුකින් හෙබි
අරණට ගිනි වැද
කල් යල්ද නොබලා
මෙගා හේන් කොටන්නට
වන් කල
වැසි දියක් නොලද්දෙන්
කාබන් වායුන්
වලාවලට ඉස ඉස
කෘතීම වැසි මැවූහ

රාත්‍රියේ ඇද හැලෙන
පිනි වැස්ස
උන්ට
අමතකව තිබුණහ

එකල්හි උඩ යැවු ගල්
හිස මත්තෙහි වැටී
වේදනාවෙන් බරිතව
ගලට වෙර බැන්දහ

නමුත් හිසක් ඇති බැව් ද
උන්ට අමතකවම
තිබුණහ.
Related Posts Plugin for WordPress, Blogger...