Sunday, November 8, 2015

පිඟන් තටු අතර (අපේ එකෙකු ගැන)




උඹේ හීල්ලුම් හා එක්ව උඩු හුළඟින්
දිවි ගමනේ පැතුම් කන්දට උඩහින්
නැග එන බර සිහින වලාවන්
නිදි නොලැබම උඹ දැක්කෙන්
ගිලා බැහැලනෙ නුඹේ දෙනුවන්

අම්මේ උඹත් දැන් දැන්
වයසට ගිහිල්ලනේ බන්
මන් ලොකුවෙලාද මන්දා බන්

නුඹේ සුලැඟිල්ලෙ එල්ලෙමින්
කුලියක් හොයා හොයා යන ගමන්
උඹගෙ පස්සෙන්ම වැටෙමින්
ගිය ඒ සොඳුරු මතකයන්
අද ඊයෙම වගෙයිනෙ බන්

මං දකින සිහිනයන්
නොවිමසා මගේ මුවින්
හැබෑවක් වනු නියෙන්
විකටර් මුදලාලිගෙන්
සීයට දහයේ ගිනි පොලියෙන්
සින්න කරන් උඹෙ කඩුක්කන්
කාසි ගෙනත් තියා මගේ දෑතින්

කොළඹ රටට එනු රිසියෙන්
නුඹේ දෙපා වැඳි මොහොතින්
හඬන්න කඳුලක් නැතියෙන්
නෙත් කෙවෙනිය තෙත් නොකලෙන්
පපු පොඩිත්ත හැඬු කඳුලෙන්
සිතුවම් වූ දරු සෙනෙහින්
නුඹේ මුහුණම එලිය වුයෙන්
වෙව්ලන ඒ මහ දෑතින්
හිස අතගා නුඹේ මුවින්
බුදු සරණයි කිව් හැටියෙන්
කොළඹ ආවේ මං සතුටින්

ජීවිතයට නව රසය සොයන්
කොළඹ රටට ආපු ගමන්
සුදු පාටට ඒ ඔපයෙන්
කණ වැටුනිය මගේ දෙනුවන්
සැහැල්ලු මුත් පිහාටු වන්
උර රිදෙන්නේ හරි බරකින්
හෝටලේක වලන් පිඟන්
ජීවිතේම සින්න කරන්

හිමිදිරියේම උදැහින්
වෙල් දෙණිවල ඇවිද ගොසින්
කොස් ගෙඩියෙන් පොලොස් ගැටෙන්
අඳ කුඹුරක උප්පිඩකින්
පොල් කොළයෙන් පිසූ බතින්
කොහොල්ලැ ගුලි ලාකඩයෙන්
පිරියම් නම් කැටයමකින්
හැඩ වැඩ කල පිඟන් වලින්
කුසගින්නේ හිඳ අනමින්
හරි රවුමට කටින් දෙකින්
ජීවිතයේ අම රසයන්
දිවග මතින් තැබුවේ තුටින්

මෙහි නිතර යනෙන උන්
කළු කබා මහත්තුරුන්
නෝනලා තොරන් වන්
ඇනවුම් කොට උඩඟුවෙන්
කති මාන්නය වමාරමින්
මධු විතට මුසු කරන්
ප්‍රීතියේ බිඳක් තොල ගාමින්
පාකරයි රාග දුම් වලාවන්
උන්ගේ තොසේ සොච්චමින්
සිත ගෙන යමි මතක මතින්

අප්පච්චිත් හිටිය නන්,
ඉර බහිනා කල වෙහෙසින්
රා කට්ටෙන් මඤ්ඤොක්කෙන්
හේනේ ඉඳන් පැල් රකිමින්
තාලෙට කී සී පදයන්
ප්‍රතිරාව නගයි තුල දෙසවන්

ඉතිරි වූ පිඟන් රස මසවුලින්
අහක දමනා කල දුකින්
වැසී යයි දෙනෙත් ඒ සිතුවමින්
බඩගිනි කාලකන්නීන්
වීදුරු ජනේලයට පිටින්
අප දෙසටම නෙත් යොමන්
කුස අතගාන හැටි හාමතින්

හෙළුවැල්ලම ඇඟ ලා ගත් ගතින්
ලස්සන පොඩි ගැටිස්සියන්
නාඹර කොළු ගැටව් සමගින්
මත්ව ආලයේ කාම මුලාවෙන්
තොල ගාන්න මධු රසයන්
මෙහි පැමිණෙත් මා පුදුම කරන්

අම්මේ මට මතකයි බන්
ලොකු නංගිත් ගෙටම වන්
දිනක නුඹ නෑඳ හංගන්
උන්නු හොඳ චීත්තයන්
ගවුම් කරලා උඹේ දෑතින්
ඇගෙ සියොළඟ කළා වසන්
වටේ තිබුණු රාග නෙතින්

සොඳුරුම රහස විශ්වයෙන්
මෙහි ඇත නොරහසක් වන්
ඈත රටවල පිපෙන කුසුමන්
මිලාන වෙති මත්තෙහි සයනයන්
මලින් ගලා ගිය රතුම කඳුලින්
ඇතිරිල්ල මත වේය සටහන්
උදුරා ගත් උන් සුවඳ ශේෂයන්
මුසුව හෙලූ හුස්ම සමගින්
බමයි පන්කාවෙන් නැගුනු සුළගින්

සමුදී එන විට නුඹට හොරෙන්
හංගා ගෙනා රෙදිමල්ලෙන්
දුම් රොටු හා නුඹේ සුවදින්
සිතුවම් ඇඳි දැලි දුහුලින් 
හිරු සැඟවුණු අවසරයෙන්
අපට රැයක් උදා කළෙන්
එලා ලෑලි ඇඳ මත්තෙන්
දැනෙනා විට ඒ උණුසුමෙන්
සැනසෙමි නුඹේ චීත්තයෙන්


පසු විපරම 

යහළුවෙකුගේ උපන්දින සමරුමක මාන්නය වළඳා ප්‍රීතිය තොලගාන්නට නීරස ආහාර පානාදියෙන් පිරි හොටෙල් ගුබ්බෑයමකට රිංගූ සැඳෑවක දුර පලාතක වන් පෙනුමැති නුහුරු ගැටයෙක් වන් වේටර් කොලුවෙකුගේ අතින් කුමක් හෝ යමක් බිඳී ගියෙන් පාලක තැන විය හැකි අයෙක් කොලුවාට බැන වැදුණු අයුරුත් පසුව වොෂ් රූම් එකේදී හැඬූ කඳුලින් යුතුව මවට දුරකතනයෙන් කතාකරමින් සිටි ඔහුව යලිත් දිටිමි. මේ සියල්ල සමගින් එතනින් නික්ම මුහුදු වෙරළකට ගොස් බැස යන හිරුත් සමග ගී ගයමින් ප්‍රීතී වුනෙමි. අයෙකු ප්‍රීති වද්දී තවත් අයෙකුට ශෝකය ගෙන දෙන අරුමැසි ලොවක අයෙකුගේ දුක විකුණන තවත් එක් ආත්මාර්තකාමියෙකු ලෙසින් මේ සටහන ඔහු වෙනුවෙන් තබමි. 

27 comments:

  1. ගිලා බහින පුංචි බෝට්ටුවක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ගිලෙනවා තමා අයියා, ගිලි ගිලී උඩ එනවා, එලිලා උද ඇවිත් යේ ගිලුණු වාර තියෙනවා, අතට අහු උන එකකින් ගොඩ එන්න බලනවා, එත් මයේ හිතේ ගිලෙයි.

      Delete
  2. උඹ මාර සංවේදී මිනිහෙක් බං.........

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ බන්, අපේ ඔෆිස් එකේ වැඩ කරන උන්ගෙන් අහලා බලපන්කො. :D. ස්තුතියි මචන් උඹගේ අදහසට.

      Delete
  3. හදවත පත්ලටම දැණුන සොඳුරු ගෙත්තමක්.
    ඒත්,
    ජීවිතේ කටු කොහොල්
    අතර ලද ඉසිඹුවක
    අම්මගේ ආදරේ
    සුවඳ පොද විඳින්නට
    ජංගමය හඬවනා
    ලපටි සිත
    අම්මලා නැති
    පුංචි උන් අතර
    වාසනාවන්තයෙකි
    මොහොතකට සිතුණි මට....

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කවිය මෙහි සංවේදී බව තවත් ගැඹුරු කරවනවා, අපුරුයි. මම නිරුත්තරයි ඔබ මතු කරපු පැනයට.

      Delete
  4. සොමි අය්යගේ කවි ටික ලොකු පරාසයකට විහිදෙනව ඒක හරියට කවියෙන් ගලාගෙන යන කතාවක් වගේ.හැබැයි පසු විපරමේ කතාවත් එක්ක හිතෙනවා කවියෙ කථානායකයා වෙච්ච වේටර් කොලුවාකොළඹ ඉඳල සමාජය මිනිස්සු ගැන ගොඩක් දේවල් තේරුම්ගත්ත හිත දැඩි කෙනෙක් විදිහට.එහෙම කොල්ලෙක් අඬයි කියල හිතෙන්නෙ නැහැ. පසුවිපරමේ කිව්ව වේටර්කොලුව ගැන දැනෙන්නෙ තැලිච්ච පොඩිවිච්ච නැති කොළඹට අලුතෙන් ආව ආධුනික නුපුරුදු කෙනෙක් විදිහට ...මේ මට දැනුන විදිහ :)

    ReplyDelete
    Replies
    1. ඔයා හරි මේ තැලිලා පොදිනොවිච්ච කොළඹ ජීවිතේ නුහුරු වේටර් කොලුවෙක් වෙන්නැති, හරිම දුක හිතුනා ඔහු ගැන, නමුත් මේතු කිව්වා වගේ එක අතකින් ඔහු වාසනාවන්තයෙක්.

      හොටෙල් පරාසය තුල කතා ගොඩක් සඟවන්න පුළුවන්, හොඳින් බැලුවොත් සංසන්දනාත්මක විමසීමක් පෙනේවි,

      ඔයා හරි මේක කවි කතාවක් කරලා කොටස් වශයෙන් ලියන්න තමා මුල ඉඳන්ම හිතුනේ පළමු කොටස ඔහු ගමෙන් එන හැටි කියලා නවත්තලා. එත් සේකරයන්ගේ ප්‍රබුද්ධ කියෙව්වම ඒ දිගු කවි වලින් මොන තරම් දෙයක් කිව හැකිද කියලා හිතුනා, ඒ නිසා ඔක්කොම එකට දැම්ම.

      පසු විපරමේ පරිදි දුක මාගලක් කරගෙන විකුණන් කන්න මම කැමති නැහැ. ඔබට ජය.

      Delete
  5. දුක්බර කථාවක්.
    ලස්සන කවියක්.....

    කතන්දරේට හොද බීජයක්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් ගොදවදිලා අදහස් කියලා යන විදානේ අයියට ගොඩක් ස්තුතියි අදහස් එකතු කලාට, ඔව් මේක කතන්දරෙකට හොඳ බීජයක්, ඒ නිසාමයි කවි කතාවක් ලියවුනේ.

      Delete
  6. අනේ මන්දා බං මොනවා කියන්නද කියලා.. උඹ සෑහෙන්න ලොකු කතාවක් කියලා ඒත් අපි නිරුත්තරයි..

    ReplyDelete
    Replies
    1. උඹ විතරක් නෙවේ දිනේෂ් අය්යේ මමත් නිරිත්තරයි ඇත්තටම. මේවා ලෝකෙයේ එළිපත්තට නොයෙන ඉඳලා හිටලා එකක් දෙකක් එලියට එන ලොකු කතා. අපි කරන්නේ ඇත්තටම ඒවා මාකට් කරන එක නේද කියලා මේ සටහන ලියද්දීම මට හිතුනා.

      Delete
  7. මේ පැත්තට අදයි මුලින්ම ආවේ සොම්...
    සොමි පුංචි දෙයකින් ලොකු කතාවක් දැකලා තියනවා.ඇත්තෙන්ම මේ පුංචි දේවල් ඇතුලේ ලොකු කතා තිබෙනවා...

    මමත් ලොකු හොටෙල් එක්ක මේ වගේම පිගන් හෝදපු කාලයක් තිබුනා.ගෙදර අයට නම් කිව්වේ එකවුන්ට් හදනවා කියලයි.
    මට පස්සේ ඇත්තටම එකවුන්ට් හැදුවා.කොහොම උනත් වේටර් කොලුවෙක් අහන බැනුම්වල නම් කෙලවරක් නෑ.සුලු පඩියකට නිදහසක් නැතිව වැඩ.උදේ හොටෙල් එක පිරිසිදු කිරිමෙන් පටන් ගත්තම එකදිගටම වැඩ විතරයි.ගංගොඩවිල රෙස්ට්ටුරන්ට් එකක එහෙම බැනුම් අහමින් හිටපු එක වේටර් කෙනෙක් රංජන් රාමනායක මහතා ඔහුගේ නිවසේ වැඩට එකතු කරගෙන ගිහින් හොදින් සැලකුවා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මනෝව.

      මම මුලින්ම අගය කරනවා ඔබට ඔබේ වෘත්තීය ගමනේ මුල මතක තිබීම ගැන, එක ගොඩක් යට අමතක වෙන දෙයක්, ඇත්තටම කියනවා නම් මමත් මේ බ්ලොග් එක පටන් ගත්තු කාලේ අනුන්ගේ කඩයක කැෂියර් කෙනෙක් විතරයි. අද යම් තත්වයක ඉන්නවා වගේම තවත් ඉදිරි ගමනක් ගැන මම සිහින දකිනවා, හැබැයි අලිච්ච බලාපොරොත්තුවකින් තොරව. ඔබට ගොඩක් ස්තුති අදහස් දැක්වීම ගැන.

      Delete
  8. /*

    ඉතිරි වූ පිඟන් රස මසවුලින්
    අහක දමනා කල දුකින්
    වැසී යයි දෙනෙත් ඒ සිතුවමින්
    බඩගිනි කාලකන්නීන්
    වීදුරු ජනේලයට පිටින්
    අප දෙසටම නෙත් යොමන්
    කුස අතගාන හැටි හාමතින්

    */

    මේ කොටස කියවද්දි අපේ සර් කෙනෙක් කියපු කතාවක් මතක් වෙනව.

    “මඟුල් ගෙවල් වලට ගියාම තියන හැම ජාතියම පිඟානට ගොඩගහගෙන පස්සෙ විසි කරන්නෙ නැකුව තමන්ට කන්න පුළුවන් ගානට බෙදාගෙන ඉතිරි නොකර කන්න. මොකද එක වේලකට පාං වාටියක්වත් නැති මිනිස්සු ඉන්නව.“

    ReplyDelete
    Replies
    1. ඕක තමන්ගේ ජීවිත ප්‍රතිපත්තියක් කර ගත්තනම් අපතේ දැමීමක් වෙන්නේ නැහැ නේද? මිනිස්සු කවද්ද සැනසුනේ, මුලින්ම කරන්නේ ආහාරයෙන් නෙත පිනවන්න හදන එක, ඉතින් මහා කඳු බෙදාගෙන ඊළඟට හිත පිනවනවා ඒවායේ සුවඳ නහයෙන් විඳිමින්, පස්සේ දිව පිනවන්න ගත්තම බඩ කියනවා මම නම් පින උනා, උඹ තවත් මාව පිනවන්න ආවොත් මම උඹට උස්මුරුත්තාව හදවනවා කියලා, ඒ පණිවිඩේ මොලේට ගියාම කාම පිගානම කුණු බක්කියේ, ඔන්න මිනිස්සු.

      Delete
  9. කෙටි කතාවක් කියෙව්වා වගේ.හරිම සංවේදී අත්දැකීමක්.ඒ අතරට දාලා තියන කොමෙන්ටුත් හරිම හැගීම්බරයි.

    ReplyDelete
    Replies
    1. කෙටි කවි කතාවක් යාලු අනුන්ගේ දුක වුකුනන තවත් එක ආත්මාර්තකාමියෙක් විසින් අකුරු අමුනපු. එච්චරයි. ඒ දකට සංවේදී සහෘදයන්ගේ අදහස් මේ සයිබර් ලෝකේ ඉන්න.

      Delete
  10. කෙටි කතාවක් කියෙව්වා වගේ.හරිම සංවේදී අත්දැකීමක්.ඒ අතරට දාලා තියන කොමෙන්ටුත් හරිම හැගීම්බරයි.

    ReplyDelete
    Replies
    1. කෙටි කවි කතාවක් යාලු අනුන්ගේ දුක වුකුනන තවත් එක ආත්මාර්තකාමියෙක් විසින් අකුරු අමුනපු. එච්චරයි. ඒ දකට සංවේදී සහෘදයන්ගේ අදහස් මේ සයිබර් ලෝකේ ඉන්න.

      Delete
  11. ආත්මාර්ථකාමියෙක්ගේ සටහනක් කියල කියන්න පුළුවන් කිසිම තැනක් මට හම්බුනේ නැහැනේ සොමියෝ. ඒ වේටර් කොළුවා ගොඩක් කල් ඔහොම අඬන එකක් නැහැ. එක්කෝ ගොඩ යයි, නැත්තම් රළු පොලවට පුරුදු විදියට කට්ටක් හදා ගනීවි. ඒ තමයි අවසානයන් දෙක.

    සටහන නම් වටිනා එකක්

    ReplyDelete
    Replies
    1. //ආත්මාර්ථකාමියෙක්ගේ සටහනක් කියල කියන්න පුළුවන් කිසිම තැනක් මට හම්බුනේ නැහැනේ සොමියෝ//

      ඒක තමා උපේක්ෂා මගේ කපටි කම, ඒකයි ඇත්ත, මම මාව අඩු තක්සේරු කර ගන්නවා නෙවෙයි, නමුත් මම මේ ලිපිය ලියද්දි සෑහෙන්න දුරට කල්පනා කලේ මට ඔහු වෙනුවෙන් කල හැක්කක් තිබුනද යන්න, සමාජ යදම් වලින් අපි බැඳලද කියෙලා හිතෙනවා, පින්ගානක් බිඳ ගත්තු කොල්ලෙක් වෙනුවෙන් දෙනෝ දාහක් ඉස්සරහා මම නිරුත්තරයි, මොකක්ද මේ ක්‍රමය, නීරසයි. ඔහේ ගහගෙන යනවා, පොඩ්ඩක් බලන්න ලංකාවේ ලේකකයො කීයක් අනුන්ගේ දුක මාකට් කරනවද කියලා, දුක් විදින්නන්ට වැඩිය දුක මාකට් කරන අතර මැදියෝ ගොඩ යනවා. මේ කවිය තුල දුක මාකට් කිරිල්ලක් නැහැ කියලා ලියන්නේ කොහොමද?

      ස්තුත්යි උපේක්ෂා ඔයාගේ අගය කිරීමට //සටහන නම් වටිනා එකක්// කියලා.

      Delete
  12. ලස්සනයි....... හදවතට දැනෙන විදිහට ගොඩක් සංවේදි විදිහට ලියලා තියෙනවා............. නියමයි............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්, කවද්ද අපිට පුළුවන් වෙන්නේ ගොඩක් සංවේදීව ලියනවාට වඩා එහාට ගිය දෙයක් කරන්න.?

      Delete
  13. මං හිතන්නෙ සොමියො මං කියන්න ඕන දේ කීව... මට දැනෙන විදිය දැනුන විදිය
    ආයෙ ආයෙම කියන්න උවමනාවක් නෑ නෙව..
    මට නං කෙ පට්ටම ගති.. අර කීව අමු රහෙ තමා ගතිය තියෙන්නෙ..
    ජීවිතය කියන්නෙ ඒකට කියල හිත හදාගන්නෙ කෝමද බං ජීවිතය වුණත් අපිට ඕ විදියට තලන්න බැයි නං
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. //ජීවිතය කියන්නෙ ඒකට කියල හිත හදාගන්නෙ කෝමද බං ජීවිතය වුණත් අපිට ඕ විදියට තලන්න බැයි නං //

      ඇඩ්රස් නෑ බන්.

      Delete
  14. දුක විකුණා ලාභ සොයන අතරමැදියන්...

    අද තමයි මේ පැත්තේ ආවේ ඉස්සෙල්ලම..

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...