Wednesday, October 28, 2015

අයිස් ක්‍රීම්



ලපටි සිත් මත
විනොදාස්වාදයේ
සතුට දනවන
මිහිරි රසයන්ගෙන්
දිවග කලතන
අරුමෝසම් සිහිනයන්හි
නේක වර්ණයන්
නෙතග දල්වන
උදා හිරු කිරණට
මොහොතකට පෙර
හීතලට
ලපටි දෑතක් මත
මිදුණු පිනි බිඳුව

පෙම්වත් දැහැන් මත්තට
ආලයේ සුවය ගෙන එන
පෙම්වතියක් වෙනුවෙන්
පෙම්වතෙකු පුදදෙන
ප්‍රේමයේ සීතලින්
මිදී සැමදා ඉන්නට තතනන
නුමුදු
ගිනිගහන දහවලේ
උණුසුමත් පරයා නැගෙන
නුරාවේ ගින්නෙන්
දෑත් මත්තෙම දියව යන
ඉමිහිරිම මධු බිඳුව

වියපත් දනන් හට
ලෝකයම මුලා කර
කාලය දුවන බව
පසක් කර දී
ගෙවුණු අතීතයේ
මිහිරි සේම අමිහිරිද වූ
මතකයන් එකින් එක
ගෙනහැර මවා පා දෙමින්
බැසයන හිරුගෙ තනියට
මහලු දෑසකින්
මහත් ස්නේහයෙන්
කොපුල මත්තෙන්
ගලා ගිය
කඳුළු බිඳුව

23 comments:

  1. වල්කම් බෑක් සොමියා.. කවිය නං තේරුනේ නැහැ බං..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දේශක අයියා, මහා ලොකු හරුපයක් නෑ, ජීවිතේ අවස්ථා තුනක් එක වස්තුවකට ගලපලා ලිව්වා, එච්චරයි.

      Delete
  2. හැමදාම කන චොකලට් අයිස්ක්‍රීම් එකක් ගැන මෙච්චර ගැඹුරට හිතන්න පුලුවන්ද ..නියමයිනෙ ,අන්තිමට බැලුවම අපේ ජීවිතෙත් එක එක අවස්ථාත් මාරුවෙන් මාරුවට අතට දෙන හිම කිරමක් වගේ තමා ආසම රසය ලැබෙන්නේ නැහැ අකමැතිම රස තියන හිමකිරමක් වගේම කැමතිම රස තියන එකකුත් ලැබෙන්න පුළුවන් ඕනනම් ඔහේ දියවෙලා යන්න ඉඩදෙන්නත් පුළුවන් නැත්නම් අමාරුවෙන් හරි කාල ඉවරකරන්නත් පුළුවන් .හැබැයි ඉතින් සමහර අවස්ථාවලදී රසම රස හිම කිරමක් ලැබුනත් නිදහසේ විඳින්නත් බෑ ඉක්මනින්ම දියවෙලා යනව නැත්නම් කවුරුම හරි කෙනෙක් උදුරන් යනවා හිතාගෙන හිතාගෙන යද්දී ඇත්ත තමයි ජීවිතෙත් හිම කිරමක් :) වෙනස්ම විදිහේ සිතිවිල්ලක් අය්යෙ ලස්සනයි ..ඔක්කොටම වඩා සතුටු බලන්න හරියටම අවුරුද්දයි දවසකට පස්සේ නේද ඇවිත් තියෙන්නෙ :D දිගටම ලියමු ආයෙත් :) .... ආ අර පින්තුරෙත් නියමයි කවියට නියමෙට ගැලපෙනවා :)

    ReplyDelete
    Replies
    1. අප්පටබසිරි කිරි බුදු හප්පොච්චියේ.. මූ හිතල තියෙන දුර..
      මට නං ඔච්චර දුර හිතන්නත් කම්මැලී.. හිතං ගිහිං ගිහිං ගිහිං ආයෙ එන්නත් එපැයි..
      හැක්...
      ඒ කෙල්ල කැතයි... හිහික්

      Delete
    2. @ හංසි නංගි,
      අප්පච්චියේ මමවත් දැන් නා මෙයා හරියටම ගණනුත් හදලා කියනවා මේ පැත්තට ආපු දවස් හිටන්, ඇත්ත තමා නංගියේ ජීවිතේට මොන තරම් උපමා යොදන්න පුලුවන්ද, පුළුවන් විදියට ලියන්නම්, ස්තුත්යි නංගිගේ කොමෙන්ට් එකට.

      Delete
    3. @ මයියා
      එහෙම තමයි බන් බුද්ධිමත් පාඨකයො, හැක්, ඒ කෙල්ලට කැතයි කියන්න එපා,, ජංජාලෙන් හම්බ උනේ, බදාම පල ඒකිට හැක්, මට නැති අයි ක්‍රීම් තොල් පාට කොරන් කන අපුරුව, :D හැක හැක

      Delete
    4. @ අවන්හලේ අයිතිකරු
      :P අර පහල එක්කෙනෙක් හිතල හිතල අගේ ඇති කමෙන්ටුවක් දාල තියෙන්නෙ ......... පින්තූරෙ කැතයි ?? පච පච ..අපි නම් ඉතිං ඔය මහේෂ් අය්ය වගේ ගැල්ලමයි දිහා බලන් හිටියෙ නෑ මම නම් බැලුවෙ අර අයිස් ක්‍රීම් එක දිහා :V

      Delete
    5. එක තමා හාන්සි නැඟී ඒ ළමයට බඩේ අමාරුයි කියලා මට මැසේජ් එකක් දාලා තිබුනා, කවුද ඒ ළමය කන අයිස් ක්‍රීම් එක දිහා කන්න වගේ බලන් හිටියලු, ඔන්න අපි නම් නෙවී.

      Delete
    6. හපෝ මතක් කරන්නෙපා ඔය අයිස්කිරීම් එක ගැන හිතල තමා දැන් මේ හොඳටම හෙම්බිරිස්සාව හැදිලා තියෙන්නෙ ;/

      Delete
  3. මං මුකුත් කින්නෙ ම නෑ මයි.. ඔව්.. අර අක්කිව දකිද්දි නිකං මේම මේම වෙනව... හැක්...
    කවිය නං ගති මචං.. අර හංසිය ඔක්කම අතෑරල තියෙන්නෙ ලොවෙත් නැති වෙන්න. උන්දැ මටත් එක්කමහිතල. ආයෙහිතන්න යන්නෙ නෑ මං එහෙනං.. හිහි

    හෙම්බ එක්ක උණ තියං මූ ලියන්නෙ අයිස් කිරිං ගැන
    ඒකෙත් හැටි...
    ආයෙත් ලියමු නේ

    ReplyDelete
    Replies
    1. //හෙම්බ එක්ක උණ තියං මූ ලියන්නෙ අයිස් කිරිං ගැන
      ඒකෙත් හැටි...//

      හැක එහෙම තමයි බන් බඩෙන් හිතන කොට :D. අයෙත් පුළු පුළුවන් විදියට ලියන්නම්.

      Delete
  4. පළවෙනි කොටසෙන් මම දැක්කෙ මනුස්සයෙක්ගෙ හිතක උපද්න පරමානන්දයක්.. නිකලැල් නිකෙලෙස්.. පොඩි දරුව ගෙ ප්‍රිතිය රූපකයක් වුණා කියල හිතෙනව එහෙම හිතන්න.. දෙවනි කොටසෙන් දියව යන තාරුණ්‍යයත් එහි කළකිරීමකුත් දැක්ක.. ඉමිහිරි බව ගැන කියපුවාම ඒත් එක්කම එන ශෝකය විප්‍රයෝගය වගේ කාලික හැගීමක චායාවක් පේන්න තියෙනව කියලයි හිතුණෙ...
    තුන්වන කොටස තමා මට හිතටඇල්ලුවෙ.. අයිස්ක්‍රීම් එක යෙවෙනව වගේ දියවෙන ජීවිතයි කාල ඉවර වුණාම විසි කරන අයිස් කප් එක නැත්තං කෝන් එක අයිස් කෝට්ට වගෙ නෙද ජීවිතේ කියල හිතෙනව...

    මං දන්නෑ උඹ මේ තරං හිතුවදපක්යල. ඒත් කාලානුරූපීව ජීවිතය සහ මනුස්සය ආදේශ වුණාම මම දැක්කෙ අමුතුම රූපයක්
    ඒ මගෙ විදීම වෙන්නත් පුලුවන්.. අඩුපාඩුඇති මට නොපෙනෙන නැත්තං මං නොදකින ඒත් ඒව ගැන හිතන්න නොයා කවිය ගැන හිතෙන දේයි මම කීවෙ..

    ජයවේවා සොමී

    ReplyDelete
    Replies
    1. උඹේ විඳීම පට්ටයි බන්, ඒක තමයි උඹගේ රහ.

      Delete
  5. පිංතූරේ කියෙව්වා.. රසවින්දා.. කියන්න දෙයක් නෑ කොමෙන්ට් එක ලියන ගමන් හිතේ තියෙන්නෙත් ඒ පිංතූරෙමයි..
    මොනාද බං අර යටින් දාල තියන කුනු හරුප..

    වැල් කම් බැක් කිව්වා!! අවුරුදු පන්සීයක් විතර ලිමූ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානේ අයියේ කොහොමෙයි ඉතින්, තාමත් නිට්ටඹුවේද ඉන්නේ? අයියගේ පරණ ලියද්ද නිර්මානයත් සුපිරි, පින්තුරේට යටින් මොනාද කුනුහරුපයක් ලිව්වා. :D, අනේ බන් මාව එච්චර නාකි කරන්න එපා.

      Delete
  6. හප්පේ මෙයාව දැක්ක කල්... වෙල් කම් බැක්.... (Y)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් තෑන්ක්ස් :D

      Delete
  7. ෂාාාා...ලස්සනට ලියලා තියෙනවා.කවිය කොතනක වත් අයිස්ක්‍රීම් ගැන කියවෙන්නේ නැහැ.ඒක විශේෂයි.ජීවිතේ යුග තුනක් කියවෙනවා.කතාව අයිස් ගැන වුණත් ඊට වඩා ගැඹුරු අර්ථයක් දක්වනවා...ඇත්තටම හොඳ කවියක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔබේ අදහස් වලට. (Y)

      Delete
  8. අයිස් ක්‍රීම් එකක් ඇතුලේ ජිවිතයක් දැක්ක හැටි අපුරුයි.

    ReplyDelete
    Replies
    1. :D ඒ ජීවිත කාලම ඉවර උනා.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආතර් කොමෙන්ට් එක උස්සලා

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...