Thursday, October 16, 2014

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

සියලු සත්වයින් අනන්ත වූ සසර පුරාවට විඳින්නා වූ දුකින් එතෙර කිරීමේ උතුම් අරමුණින් අතර පෙර නිමිති දැක ලෝකයේ යතා ස්වාභාවය දන හැඳින ගිහිගෙය හැර යාමට සිදුහත් කුමරුන් ගත තීරණය ට එක වරම යලි විමසා බලනන්නට තරම් වූ සිදුවීමක් සිදු වූ බව අපි සැවොම දනිමු.

"රාහුලෝ ජාතෝ බන්ධන ඡාතං"

කුඩා රාහුල කුමරු උපන් ඒ දිනයේ දාරප්‍රේමය හා යශෝදරාවන්ගේ ප්‍රේමයට වඩා සසර දුක බලවත් වූ හෙයින්ම නිදි පැදුරටද නොකියා ගිය සිද්ධාර්ථයන් කෙරේ තමා හා උපන් බිලිඳු ද හැරදා ගිය බව දැන ගත් විට හා ඉන් පසු කුළුඳුල් පුතෙකු සමඟ යශෝදරාව කුමන නම් හැඟීමක් සිත තුල තිබෙන්න ඇතිද, කෙලෙස ඇය තම දුක දරා ගන්නට ඇතිද, නිතර දෙවේලේ තම හිමියන්ගේ රුව නෙත ගැටී ඇයට ඒ මාලිගය තුල දකින හිස් දසුන මග හැරුණු පසු කෙලෙස නම් වීද, යන්න විවිධ මානයන් ඔස්සේ කවීන් කරන ලද ගවේෂණයන් හමුවේ යශෝදරාවන් ගේ සිතෙහි විවිද පැතිකඩයන් කවියන් විසින් ඔවුන් දුටු අයුරින් කවි රස විඳින්නන් වෙත ගෙනහැර ඇත.

බෞද්ධ සාහිත්‍යය ඇසුරින් යශෝදරාව කෙරෙහි ගොඩ නැගී තිබුණු පහන් සංවේගය ඒ කවි වලට තවත් බලපෑමක් එකතු කර ඇතුවාට කිසිදු සැකයක් නොමැත.

කවිය ගැන බැලීමේදී කවිය හා එය හරහා ගොඩ නැගෙන හැඟීම ගැන විමිය යුතු වේ. කවියක් රචනයට කවියාට හැමවිටම සිදුවීමක් හෝ හැඟීමක් පාදක වේ. කවියා කවිය හරහා ගොඩනගන්නට වෙහෙසෙන්නේ ඔහු විඳි හැඟීම කියවන්න තුලද ඇති කරවීමටය. ඒ හරහා කියවන්න තුල කම්පනයක් ඇති කිරීම බොහෝ කවීන්ගේ අරමුණයි. කවියකු කියවන්නාගේ හැඟීම් අවුළුවා ලීම සුදුසු නොවේ. උසස් කවියා සහ කවිය කියවන්නාගේ හැඟීම් පුබුදුවා එය උසස් චින්තනයකට, උසස් තලයකට, උස්සි රස වින්දනයකට ගෙන ඒමට වෑයම් අවුළුවා ලූ හැඟීම් වල දිශානතියන් හරහා උසස් අදහස් කියවන්නා තුල ඇති කෙරෙන අතර ඒ හරහා යහපත් සංවාදයක් ගොඩ නැගේ. එමගින් කවියා තම කවියේ අරමුණු වලට ලඟා වේ. කවිය හරහා උලුප්පා දක්වන රසය කියවන්නා වැළඳ ගන්නේ යම්සේද කවියා ඒ සඳහා එම හැඟීම්, වචන වල ගක්තීන්, තම අත්දැකීම් හා අවශේෂ දෑ කලාත්මක ලෙස සම්බන්ද කරනු ලැබේ.

යලිත් යශෝදරාවන් දෙසට හැරුණු විට එක කවියකු තම හැඟීම් කවියට නගා ඇත්තේ මෙලෙසිනි.

පෙර මින් කඳුළු කිරි දරුවෙකු අතේ        දරා
පෙර ලා නොගොස් පෙම්බර මව් පියන්  කරා
 දර දඬු  ගැහැණු   අතපය   හාමතේ         දරා
නර  කාදියකි හිමියනි අද යසෝ             දරා

කුම රකු සමග තෙමි තෙමි කඳුලැලි     වැස්සේ
බිම  පෙරළෙමින් ඉකි බිඳ ඇඬුවට        පස්සේ
මම  හිමි සඳුනි ගිය අවුරුදු හය             තිස්සේ
මෙම  පඩි පෙලෙන් නැහැ පහලට        බැස්සේ

දඟ  ගෙයි විඳින දුක රජ මැදුරෙහි       වින්දේ
ඉඟ  ටම මෙතෙක් මා දළ රෙදිමය     ඇන්දේ
ළඟ  නැති හිමිගෙ ගුණ සිහිකර අද     නින්දේ
අඟ  නක් කවුද මේ තරමට ඉකි          බින්දේ

මෙම පැදි පෙළ කියවපු විට මුලින්ම ඔබට ඇති වුයේ යශෝදරාවන් කෙරෙහි කුමන හැඟීමක්ද?

සිදුහත් කුමරුන් ගිහිගෙය හැර ගිය පසු යශෝදරාව තැවුණු අයුරු ඉස්මතු කිරීමට කවියා උත්සාහ ගෙන ඇති අයුරකි. ඒ හරහා යශෝදරාව කෙරෙහි දයානුකම්පාවක් කියවන්න තුල ගොඩ නැගීමට ඔහු සමර්ථ වී දැයි විමසා බැලිය යුතුය. එලෙස වීමට නම් ඇයගේ දුක වේදනාව ඉතා සියුම් ලෙස අපට දැනිය යුතුය. නමුත් මෙම පැදි පෙළ කියවන යද්දී හැඟෙනුයේ යශෝදරාවන් පොළොවේ පස් කාපු අයුරකි. ඇයට මාලිගය එහෙම්පිටින්ම සිරගෙයක් වී ඇති අයුරකි. පුංචි රාහුලයන්ද කිරි ඉල්ලා හඬන විට ඇයට එයද වදයක් වී ඇතුවා වැනිය. ඇයට සිදුහත් කුමරු අහිමි වීමට වඩා ඇයට ඇය ගැනම දුකක් ඇති හැටියකි.

මේ යෙදුම් දෙස මදක් බල්ලන්න. 

දර දඬු  ගැහැණු   අතපය   හාමතේ         දරා
නර  කාදියකි හිමියනි අද යසෝ             දරා

යශෝදරාව කෙතරම් සියුමැලි වන්නට ඇතිද රාජ කුමාරියකව සිටි හෙයින්, එවන් යට දරඳඩු අතපය හිමිවිය හැකිද? සක්වල සියල්ලන්ම දුක නමැති නරකාදියෙන් එතෙර කරන්නට ගිය සිද්ධාර්තයන්ට යශෝරදාව අමුතුවෙන් නරකාදියක හිටි බවක් හැඟෙවී ද, යසෝදරාව විප්පයෝග දුකින් පෙලෙන මුත් ඒ දුක නරකාදියක ගානට උපමා කල හැකිද මේ සිදුවීම් දාමයෙන් පසුව. කවියා යසොදරාවන්ගේ දුක මතු කිරීමට යොදාගත් උපමාව නිසා එම දුකට වැඩිය නරකාදී දුකක් කියවන්නා තුල ජනිත වේ.

කවි පෙලේ සමස්ථ යෙදුම් රළු හා ඕලාරික හැඟුමන් වැඩිපුර කියවන්නන් කෙරෙහි ජනිත කරන අතර ඒ සඳහා "බිම  පෙරළෙමින් ඉකි බිඳ ඇඬුවට        පස්සේ"  හා "දඟ  ගෙයි විඳින දුක රජ මැදුරෙහි       වින්දේ" වැනි යෙදුම් වලින් මතුවන අදහස් එවැනි හැඟුමන් තවත් තර කිරීමට සමත් වේ. ඒ හරහා යශෝදරාවන් කෙරෙහි දයානුකම්පාවක් මිශ්‍රිත දුකක් වීදනාවක් ය කෙරේ මතු නොවේ.

මම කාවි පෙළ හරහා මතුවන්නේ සිදුහත් කුමරුන් ගිහිගෙය හැර ගියාට පසු යශෝදරාවන් අපා දුක් විඳිමින් තැවුණු අයුරකි.

ළඟ  නැති හිමිගෙ ගුණ සිහිකර අද     නින්දේ
අඟ  නක් කවුද මේ තරමට ඉකි          බින්දේ

යන යෙදුම හරහා ඇය සිදුහත් කුමරු ගැන සිතෙමින් තැවෙන බව කියා පෑමට උත්සාහ ගත්තද එයට වඩා අර රළු යෙදුම් ප්‍රබලව මතු වේ. මේ නිසා ඇය සිදුහත් කුමරුන් කෙරෙහි සිතමින් තැවෙන ගතියක් නොහැඟී යයි. නමුත් තමාව දුකට පත් කල සිදුහත් කුමරුන් හට ආඩපාලි කියන හැටියකි.

මෙම සිදුවීමම ජන කවියකු දුටු අයුරු හා එයට අදාළ වෙන ලෙස අකුරු ඇමිණු අයුරු විමසා බලන විට කෙලෙසද යත්

සුවඳ බොජුන් වැළඳු මගේ හිමි සඳු       ට
නිබඳ  බොජුන් රස කර දුනි වළඳන්      ට
සුවඳ  පලා පල මැවියන් හිමියන්          ට
සුවඳ  මල් නිතර පිපියන් හිමියන්         ට

හිමයේ ගොසින් මල් යහනක නිදනව    ද
කොමල අනගි සිරි පා දෙක රිදෙනව      ද
හිගේ නැතිව දෙවියෝ මුර කරනව        ද
මගේ ඇත රජුනි හිමි සඳ කොතනක       ද

කැලේ තිබෙන කොයි දේවත් රස වේ      වා
මලේ බමරු මෙන් පිරිවර ඇති වේ           වා
අව්වේ තියෙන රැස් මාල අඩු වේ              වා
ගව්වෙන් ගව්ව දිව මාලිගා සෑදේ             වා

ඉහත කවි පෙළත් එක්ක සැසඳූ කල මේ කවි පන්තිය කියවූ කල ඔබට කුමන නම් හැඟීමක් යශෝදරාවන් කෙරෙහි පහලවීද? එහෙනම් අහලත් බලන්නකෝ ඒ හැඟීමම අහද්දිත් දැනෙනවද කියලා.



මේ වූ කලී යශෝදරාවතෙහි පැදි පෙළකි. මහනුවර යුගයේ ලියවුනු මෙහි කවියා අප්‍රකටය. සමුද්‍ර ඝෝෂ විරිතෙන් ලියවුනු මෙහි කවි 130 කි. යශෝදරාවන්ගේ දිවිය අලලා ලියවුනු මෙහි සරල සුගම බස් වහර නිසාම කියවන්න හෝ අසන්නාගේ හදවතට යශෝදරාවන් සමීක කරවීමට සමත් වී ඇත.

මෙම පැදි පෙළ කියවන විට කියවන්නට නිරායාසයෙන් ම යශෝදරා ව කෙරෙහි දයානුකම්පාවක් ඇතිවෙන අයුරු සැබවින්ම චමත්කාර ජනකය. මෙහි කිසිදු තැනක කඳුල දුක වේදනාවක් ගැන සඳහන් වී නොමැත, යශෝදරාව දුකෙන් තැවෙන බවක්ද සඳහන්ව නොමැත. නමුත් කියවන අපට ඇය කෙරෙහි දයානුකම්පාවක් ඇති වේ. පැදි පෙලේ සැඟවුණු යශෝදරාවගේ දුක නිතැතින්ම හදවතට දැනේ.

මෙම පැදි පෙලේ යශෝදරාව තමා වැටී සිටින දුක්ක දායක තත්වය අතිශයෝක්තියකට නගා විස්තර කරමින් සිදුහත් කුමරුන්ට අවලාද කියමින් වැළපෙනු වෙනුවට පති භක්තියෙන් යුතුව තමා හැර ගිය සිවාමියාගේ සැප දුක ගැන හිතමින් ළතැවෙයි. 

සුවඳ රස බොජුන් වැළඳු හිමියන් සත්‍ය සොයා දුක් විදිනවා නොවේද, හිමි සඳුට වළඳන්න අහරක් වත් තියෙනවාද, මා ලඟින් උන්නා නම් ආහාරයක් හෝ හදා දෙන්නට තිබුනා නොවේද, අනේ හිමියන් විදින දුක නැතිවෙන්නට සුවද මල් වත් පිපියන් හිමි සමීපයේ ඒ සුවදින් වත් මාවත් එතුමන්ට මත වීයන්.

වෙනදා විල්ලුද වන් සුව යහානාවක සැතපුන හිමියන් අද ගස් ගල් යට කෙලෙස නම් නිදනවා ඇතිද? අනේ ඔය කොමල සිරි පා දෙකට ඔය ගල් මුල් පෑගිලා හුරුවක් තියෙනවාද, ඒවා වේදනාවෙන් රිදෙනවා ඇති නේද. අනේ ලඟින් හිටියා නම් ඔය කොමල සිරිපා පිරි මදින්නට තිබුනා නොවේද, එතුමන් ඉන්න ඉසාවක් දන්නවා නම් කියන්නකෝ මටත් යන්නට එතුමන් ලඟට.

බලන්න අවසන් පාර්ථනය යශෝදරාවන්ගේ කවියා දකින විදියට. යශෝදරාව ඇයට වඩා තැවෙන්නේ තමන්ව හැර ගිය සිදුහත් කුමරු ගැන. මොනතරම් ප්‍රේමයකින්ද ය ඉන්නේ, ඉතින් මෙම පඩි කියවන විට කියවන්න තුල යශෝදරාව ගැන දුකක් කනකාටුවක් දයානුකම්පාවක් ඇති නොවන්නේ නම් කෙලෙසකද.

මෙලෙස කවිය තුලින් විමසා බැලීමේදී ආත්ම සන්යමයකින් තොරව රළු ලෙස හංගීම් ප්‍රකාශ කිරීමෙන් කවියකට වන හානියත්, දැඩි සංයමයකින් යුතුව සියුම් ලෙස හන්ගීම් ප්‍රකාශ කිරීමෙන් කවියක රසය කර වන අන්දමත් පැහැදිලිය.

මේ සියල්ල කවියන් යශෝදරාවන් ගැන දැක්ක හැටිය, යශෝදරාවන් සිදුහත් කුමරුන් තමා හැර ගොස් බුද්ධත්වය ලබා කිඹුල්වතට වැඩම කොට ගෙයින් ගේද පිඬු සිඟා වදින කල පුංචි රාහුල කුමරුවන් තුරුලට ගෙන අර ඈත වදින්නේ පුතේ උඹේ පියාය, උඹේ පියා මේ මේ ගුණ වලින් යුතුය කියන ලද නරසීහ ගාථා සැබවින්ම සිත පහන් කරවන සුළුය. ඒවායේ සිහල තේරුම ගත විට මෙලෙසින් දැක්විය හැකිය.

සත් රුවණින් ඵල රත් සුපතුල් වත්
දික් විලුඹින් හොබනා ලකුණින් සන්
වල් විදු නා කුඩ රූ රැඳි පා යුත් 
ඒ ඔබ වේ යැ පියා නර සී වූ

සෑ කුමරා වර බෝ මැ මොලොක් වූ
පින් ලකුණින් සැදි පුන් සිරිරින් යුත්
වූ නර වීර ඉතින් ගිය ලෝ වෙත්
ඒ ඔබ වේ යැ නර සී වූ

පුන් සඳ වන් පැහැපත් මුව දිස්නා
දෙවි මිනිසුන්  පිය වූ නර මානා
මත් ගිජිඳුන් නෙ විලස් ගමනෙන් පෑ
ඒ ඔබ වේ යැ නර සී වූ

කැත්වැ උපන් අග පත් කුලවත් වූ
දෙව් මිනිසුන් නැමැදුම් කළ පා යුත්
සිල් එකඟින් පිහිටා ඇති සිත් වත්
ඒ ඔබ වේ යැ නර සී වූ

දික් තුඩු වූ නැහැයෙන් යුතු සූ සන්
වස්සකු ඇස් ගුලි වන් ඉඳුනිල් නෙත්
දෙව් දුනු සේමැ සුනිල් බැම දිස්නා
ඒ ඔබ වේ යැ නර සී වූ

වූ වටහා සුමටත් කෙලසූ සන්
සී හනු වූ මිඟිදුන් කය වන් ගත්
වන් වැ කසුන් සිරි පෑය උතුම් වූ
ඒ ඔබ වේ යැ නර සී වූ

වූ සිනිදුත් ගැඹුරුත් බඹ ගොස් යුත්
දෑ හිඟුලේ වැනි පෑය සුරත් තිවු
විස්සෙකැ විස්සෙකැ සේ සම දත් යුත්
ඒ ඔබ වේ යැ නර සී වූ

වන් රසඳුන් ඉඳු නිල් හිස කෙස් යුත්
රන් පට වන් සුනිමල් නලලින් ඳුල්
සේ දවහත් තරු සේ උනු ලොම් දා
ඒ ඔබ වේ යැ නර සී වූ

මේ සිංහල තේරුම් මම උපුටා ගත්තේ ටී.බී හේරත් ගේ බ්ලොග් සටහන් වලින් 

මේ අපුරු නරසීහ ගාථා බංගලාදේශ ගැහැණු ළමයෙකු කියන අයුරු ඉතාමත් අපුරුය. එය සිත පහන් කරවන සුළුය. එහි විශේෂත්වයම වන්නේ ඇය බන්ගලාදේශ වීම හා ඇගේ සුමියුරු කටහඬ නිසාමය. මෙන්න ඇය කියන අයුරු යූ බටයේ තිබුණු හැටි. එහෙනම් අසා බලා දැනෙන හැඟීම ඔබත් විඳ ගන්න.



මේ ලිපිය ලියන්න අපේ සින්දු ඇනෝ මිත්‍රයා දක්වපු උදව්ව අමතක කරන්නම බැහැ, යශෝදරාවත හොයලා දීල ඊයකුත් විදලා දක්වපු සහයෝගයට ගොඩක් ස්තුතියි මිත්‍රයා.

79 comments:

  1. යසෝධරා ගැන මගේ අදහස් කිව්වොත් උඹලා මා එක්ක තරහා වෙනවා.. ඒ නිසා නිකා ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. විගහට දුවගෙන ආවෙ මාතලන් අයියණ්ඩිගේ කමෙන්ට් එක බලන්නමයි.

      Delete
    2. මාතලන් අයියා යශෝදරාව ගැන මගේ අදහස නම් ඇත්තටම එතුමියත් නිවනින් නිවී සැනහිලා ඉවරයි, අපි යශෝදරාව කළුද සුදුද හොයනවා නේ. :D. මම බැලුවේ කවියන්ගේ පැත්තෙන්. කරහාක් නැහැ කැමති නම් කියන්න.

      Delete
    3. හැක හැක මනොෂ්ට තියෙන තදියමක් :D

      Delete
  2. යසොදරා කියන්නේ රජ බිසවක උනත්, කෙතරම් රාජ සම්පත් තිබුනත්, සිය සැමියා හැරගිය වැන්දඹුවක්.. එනම් අසාධාරණයට ලක්වූ තවත් කාන්තාවක්..
    බිළිදා උපන් දිනයේම සැමියා හැරගිය, ඇගේ සිත සිය පුතු කෙරේ ඇතිකරගත් ප්‍රේමය නිසාම සියල්ල අමතක කර ජීවත් වන්නට අති.. හදිසියේම පැමිනි, සැමියා පුතුත් රැගෙන ගියපසු????? ඇයට මියෙන්නට නොසිතුනානං පුදුමයක් ....
    ඇය.. මේ සියල්ල දරාගත් ශේෂ්ඨ කාන්තාවක්...

    ජය වේ වා !!

    ReplyDelete
    Replies
    1. කුරුනෑගල යුගයේ ලියවුනු පන්සීය පනස් ජාතක පොත සාක්කියට ගත්තොත් යශෝදරාව අනන්ත වූ සසර පුරාව වියෝ දුක හොඳින් අත්විඳි තැනැත්තියක්, ඉතින් භවයෙන් භවයට ඇගේ චුති සිතත් ප්‍රතිසන්ධි සිතත් අතර පවතින සිතුවිලි පරම්පරාව බොහෝ දුරට මේ දේ සඳහා හැඩ ගැසුණු හැටියක් තමා දකින්නේ. මට හිතෙන්නේ බුදුහාමුදුරුවන් ඇයට සසර දුක පිලිබඳ මනා අවභෝදයක් ලබා ගැනීමට එලෙස කරන්න ඇති කියලයි. කෙසේ නමුත් එතුමියත් අවසාන නිවනින් නිවී සැනහෙනවා. ඒ සිදුවීම් ගැන යශෝදරාවගේ වැලපීමක් සඳහන් වන්නේ නැහැ. ඇය දායාද ඉල්ලා ගනින් පුතේ කියලා යවන රහල් කුමරුගෙන් සැබවින්ම ඉල්ලා ගනින් කියලා කියන්න ඇති දායාදය කුමක්ද යන්න විමසා බලන්න වටිනවා. විදානේ අයියා ඔය කියන සිදුවීම රාජ වංශය ගැන තියෙන කකුම නිසාම වඩාත් දැනුනේ සුදොවුන් රජතුමාට.

      “පුත්ත පෙමං භන්තෙ ජීවං ජින්දති, ජවිං ජෙත්වා චම්මං ජින්දති, චම්මං ජෙත්වා මංසං ජින්දති, මංසං ජෙත්වා නහාරුං ජින්දති, නහාරුං ජෙත්වා අට්ඨිං ජින්දති, අට්ඨං ජෙත්වා අට්ඨිම්ඤ්ජා ආගම්ම තිට්ඨති.”

      මේ පාලි වාක්‍යයේ තේරුම සැබවින්ම අත්තකින්න නම් පියෙකුම විය යුතුයි :D

      "දරු සෙනෙහස වනාහි සිවියත්, මසත්, නහරත්, ඇටත් විනිවිද ගොස් එයින් නො නැවතී ඇට මිදුලු වල හැපී පවතී"

      ස්වාමීනි, මවු පියන්ගෙන් අවසර නො ලත් කුලදරුවන් පැවිදි නොකරන්නේ නම් මැනවැ යි කියලා ඉල්ලීමක් කරන්නේ ඒ හින්දා.

      ඔව් ය සැබවින්ම ශේෂ්ඨ කාන්තාවක්

      ජය වේවා!!!

      Delete
  3. යශෝධරා.... මගේ දැනුමේ හැටියට නම් ආදර්ශයට ගත හැකි පතිනියක්...

    ReplyDelete
    Replies
    1. හැක්, බොලා අපිට වඩා ස්ත්‍රී පාර්ශවයට තමා ඒ ආදර්ශ ගැලපෙන්නේ, හැබැයි බොලා අපිටවත් හිතා ගන්න බැරි දරාගනීමක් එතුමියට තිබුනා.

      Delete
  4. ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
    යසෝදරා දේවී
    වාවනු බැරිතැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී

    ලේන කුලේ සිට ආගිය මග තොට
    සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
    නිවන් දකින තුරු මේ සංසාරේ
    පසු පස ආවා සෙවණැල්ලක් සේ

    තැලී සෙනේ සිත සැලී හඬන විට
    වැටී දෙපා ළඟ යසෝදරාවෝ
    පිපී නිවන් මල් සාධුකාර දී
    නිවී පහන් විය උදෑසනක් සේ..

    පද රචනය : රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ හිමි
    සංගීතය : එච්. එම්. ජයවර්ධන
    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

    ReplyDelete
    Replies
    1. මට මේ ලිපිය ලියස්සි ඔය සින්දුවත් ඔළුවට ආවා, ඒ පැත්තේ ගිහිලා බලලා එන්නම්කෝ. රඹුක්කන හාමුදුරුවන්ගේ ලස්සන පද පෙළක්.

      Delete
  5. අනේ මන්ද, සාහිත්‍යයෙන් කවුරු කොහොම අගේ කලත්, කාට වටිනාකම් හම්බුනත්, කවුරු කෙරෙහි අනුකම්පාව දැක්වුවත්, සිදුහත් කුමරුට බයක් නැතිව බිරිඳයි දරුවයි දාල යන්න පුලුවන් පසුබිමක් තිබුනා. ඒත් ඕක සාමාන්‍ය මනුස්සයෙක්ටනම් කරන්න පුලුවන් දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. අහපු ප්‍රශ්නේ නිකන් කරකවාලා අතහැරියා වගේ. සාමාන්‍ය මනුස්සයින් කවද්ද මනොෂ් දුකට පිළියම් හෙව්වේ පැලැස්තර ගැහුවා මිසක්, එහෙව් කොට දාලා යාම කෙසේ වෙතත් කපලා කොටලා මරලා දාන හැටි නම් අහන්න දකින්න ලැබෙනවා නේ ඇති වෙන්න.

      Delete
    2. එතන වරද සාමාන්‍ය මනුෂ්‍යාගෙ නෙවෙයි නේද? එදා වේල කුලී වැඩකින් හම්බකරගෙන කන දුප්පත් මනුස්සයෙක්ට තමන්ගෙ අලුත උපන් බිළිඳයි, බිරිඳයි දාලා මහන වෙන්න යන්න පුලුවන්ද? ඒක දුකට පැලැස්තර ගැසීමක් නෙවෙයි නේද?

      Delete
    3. හරියටම කල කිරුනනම් අනිවා යන්න පුළුවන්, හැබැයි සද්දර්මරත්නාවලියේ ඉන්න උපක ආජිවයා වගේ ඩබල් ගේම් ගහන්න ඔට්ටු නැහැ. සිවුර කල කිරෙන කාලෙට ගෑනි බලන්න දුවන්නයි ගෑනි වැඩ දෙනකොට ආයේ සිවුර මතක් වෙලා දුවන්නයි, හැක හැක. :D

      බිරිඳයි දරුවනුයි එවෙල දාල යන්න බැරි උනත් වෙලාවක් එනවා දාල යන්න වෙන, එදාට නො කතා නො සිනා, ඉතින් ඒ අවබෝධයෙන් ඉන්න එක තමා වටින්නේ.

      අත්තාහි අත්තනෝ නාතෝ නේ?

      Delete
    4. වැඩේ කියන්නෙ ගෑනිට ළමෙකුත් හද දීල ඊට පස්සෙ මිනිහ විතරක් කලකිරෙන එකනේ.

      Delete
    5. හුකෑස් බොලත් කියන කතා වෙලාවට අපි මුහුදු අස්පයෝ වගේ නුනේ, නැත්තන් පිරිමින්ට ළමයි හම්බ උනානම් කොහොමට තියෙයිද? හෙක් හෙක්

      එත් මචන් අලුත් තාලෙට කලකිරිලා මිනිහයි ළමයිනුයි දාල වෙන එවුන් එක්ක යන ගෑනුත් ඉන්නවා නේ, ඒ කලකිරීමේ අලුත්ම වර්ෂන් එක, සසර නෙවේ ලැබෙන සැපයේ කලකිරෙන වර්ෂන් එක, හෙක් හෙක්.

      Delete

  6. යසොධරාට ඇත්තටම හිතෙන්න ඇත්තේ මෙහෙම, බුදුවෙන්න ගියත් අහිමිවීම්ක්නේ වුනේ

    නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා //

    නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ
    දැනුණා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ //

    මේ මාළිගයේ...
    මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
    මා තාම නැතේ සඳළුතලෙන් පහළට බැස්සේ

    පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා
    ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රාජා


    නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා


    සංසාර සැපේ කලකිරුණලු ඇත්තද ඒක
    සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක //

    ගලවාල දමා...
    ගලවාල දමා කණකර අබරණ හැම දාක
    වැලපේවි යසෝදරා සොහොන් පිටියකි මේක

    නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
    නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙන යන්න


    නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා
    මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා


    ගායනය - වසන්තා සන්දනායක
    ගී පද - මර්වින් සේනාරත්න

    ReplyDelete
    Replies
    1. \\නින්දේය එදා හිමි ඔබ යන විට මා උන්නේ
      දැනුණා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ //

      ලෝකයක අනාගතේ, රටක සංස්කෘතිය, තව නූලෙන් ඉවරයි නේද බං ඇහැරුණානම් එහෙම එදා??

      Delete
    2. ඇයි බුදු සාධු කියන සින්දුව...

      "යසෝධරා..///
      සිතේ නැගුණු කලකිරීම කුමරිය,
      ඔබ පමණයි දැන සිටියේ පෙර සිට.."

      Delete
    3. පවුලිස් අයියා :D

      ගාල්ල මාතර බස් වල බස් අජිත්ගේ සින්දු අහන්නේ යම් සේද,තංගල්ල, බෙලිඅත්ත, තණමල්විල බස් වල චාමරගේ සින්දු අහන්නේ යම්සේද, වැල්ලවාය බුත්තල මොනරාගල බස් වල දමිත් අසංකගේ සින්දු අහන්නේ යම් සේද මේ ලිපිය ලියන විට මට ඔය සින්දුව කෙලෙස නම් අමතක වෙයිද?

      ඔය සින්දුව මම 7 8 9 වසර වලදී පට්ටම ගහපු සින්දුවක්, හැක් ඒ දවස් වල ටින් බෙලෙක්ක ඇස්රේ කොළ වලින් බෑන්ඩ් එකක් හදාගෙන පතුරු ගහපු සින්දුවක්. :D

      යශෝදරාවට එහෙමත් හිතෙන්න ඇති.

      Delete
    4. මනොෂ් බෝලාටත් තියෙන පුරස්න ඈ, එහෙනම් ඊට පහුවෙන්දා පනිනවා බන්, හැක් ඕ යේස්.

      Delete
    5. මාතලන් අයියා හෑ බුදු සාදුත් සින්දු කියලා :o

      Delete
    6. මාතේ මෙන්න ...

      යසෝදරා… යසෝදරා…
      හිතේ නැගුනු කලකිරීම කුමරිය…
      ඔබ පමණයි දැන සිටියේ පෙර සිට…
      යසෝදරා… යසෝදරා…

      එයින් මිදෙන මං පෙත සොයනා සඳ…
      ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර…
      සමාධියෙන් සිත ඈත දිවෙන විට…
      පමා නොවී යලි ඇවිදින් මේ දෙස…

      එයින් මිදෙන මං පෙත සොයනා සඳ…
      ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර…
      දයා සිතින් එක බැල්මක් දී නෙත…
      කෙමෙන් මැකී යයි යසෝදරා වත…

      (ගායනය – සනත් නන්දසිරි)

      @ සොමියෝ "නොකියාම එදා" සින්දුවේ තේරුමයි ,යන බිට් එකයි අහපන් ...යශෝධරා පට්ට ආතල් එකේ කියපු එකක් වගේ හිතෙන්නේ .

      Delete
    7. මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
      මගෙ කූඩුවට ඇවිත් සල්ලාර පෙම්බරෙක්
      මගෙ පෙම්බරී සමඟ හාදව දුන්නු ගින්දරක්
      මට දුන්නු ගින්දරක්.......

      මට ඔන්න ඔය සිංදුව ගැනත් එහෙම හිතෙන්නෙ බං. නිකන් පට්ට ආතල් එකේ වගේ.

      Delete
    8. සින්දු ගොඩක් ස්තතියි මිත්‍රයා දුන්නු උදව් වලට, හැක හැක ඔව් හයක් හතරක් නොදන්නා කාලේ ඒකනේ ඕක පට්ට ගැහුවේ, හැක හැක තේරුමක් දැන් නෑ කකුල් දෙකට කීවා සින්දු කියලා හිතන් බෙරිහන් දිදී නැටුවා. :D

      Delete
    9. හෙක් මනොෂ් එකත් පට්ට අතල් නේද, මම ඔය වගේ අතල් අරන් තියෙනවා වර්චුවල් ඩී ජේ එකේ ඕවගේ ස්පීඩ් වැඩි කරලා අහලා ඕවා මික්ස් කරලා පට්ටම අතල් ගත්තේ. කාලයක් මගේ 4න් එකෙත් තිබ්බේ මන්ම හදාගත්ත අච්චාරු.

      Delete
  7. කොහොමත් මං අර 'වැලපෙන' වර්ගයෙ කවි වලට නම් කැමති නෑ.

    //දර දඬු ගැහැණු // දර දඬු ගැහුනු ?????

    ReplyDelete
    Replies
    1. හත්වලාමයි දැන්නේ දැක්කේ, පොඩි මිස් ටෙක් එකක්, චන්දන අයියා හරි, :D ඒක හදන්න ඕනා

      //මං අර 'වැලපෙන' වර්ගයෙ කවි වලට නම් කැමති නෑ. // එත් දැන් අහන්න තියෙන්නේ ඒ වගේ කවි නෙවේ සින්දු නේද චන්දන අයියේ.

      Delete
  8. සොමියා............ හරිම වැදගත් රචනාවක්... විශේෂයෙන් ම එකතු කොට ඇති කවි ටිකනම් පංකාදුයි...

    ReplyDelete
  9. මම දකින විදියට යශෝධරාව කියන්නේ පතිවෘර්තාවේ අග්‍ර පලය. ඇගේ ඒ කැපකිරීම පෘතක්ජන අපිට විග්‍රහ කරන්න බැහැ , මොකද ඒක එතරම්ම වෙනස්. බුදුහාමුදුරුවොත් ඒ කැපකිරීම ගැන අගය කරලා තියෙනවා. ඒ කැපකිරීම අවසන් අත්භාවයේ විතරක් නෙවෙයි, අනන්ත සසර බෝසත් කාලයේ පටන් පාරමිතා සම්පුර්ණ කරන්න ඇගේ දායකත්වය ඉහලින්ම ලැබිල තියෙනවා. එහෙම කරන්න යශෝධරා ප්‍රර්ථනා කරලා තියෙන හින්ද. ( අපිට මේක තේරුම් ගන්න බැහැ . මොකද අපි හිතන්නේ වෙන විදියකට හින්ද) ඉස්සර මම වයස 16-18 කාලේ හරියට විස්සෝප උනා යසෝධරාවට සිදුහත් කුමාරයා නින්දාවක්, දුකක් දුන්නද කියල... එතරම් උතුම් චරිතෙකට එහෙම දෙයක් කරලා ගිහින් ගත්ත මොන සම්මානේ/දිනුම/ජයග්‍රහණය මොකක් උනත් ඒක කොතරම් නරක වැඩක්ද කියල... මේ හින්දම මම ගොඩක් මේ ගැන කියෙව්වා, හෙව්වා, හිතුව. මට තේරුණ /කියෝපු ඔක්කොම මෙතන සඳහන් කරන්න බැහැ . නමුත් කියන්න තියෙන්නේ පෘතක්ජන 'මම' වගේ කෙනෙක්ට මේක සාමාන්‍ය මනුස්සයෙක්ගේ බිරිඳ හෝ සාමාන්‍ය බිරිඳක් විදියට කොහොමත් විග්‍රහ කරන්න බැහැ.
    මට සමහරු හිනාවෙවී, සමහරු බනීවි.... ඒක තමයි අපේ පෘතක්ජන ස්වභාවය... ලෝකයේ ශ්‍රේෂ්ටතම පුරුෂයාගේ ( ලෝකෝත්තර අතින් ශ්‍රේෂ්ඨ) බිරිඳ කියන්නේ කොහොමත් ඒ හා සමාන නොඋනත් ඊට ගැලපෙන කෙනෙක් වෙන්නම එපැයි !

    ReplyDelete
    Replies
    1. පතිවෘතාවේ අග රැජිණ යසෝධරා නෙමෙයි අනේ.. මරිය තුමිය...

      Delete
    2. නෑ නෑ, අඹෙන් දඹෙන්, දොඹෙන්, මලෙන් තව තැන් හයකින්ද කොහෙද උපන්න පත්තිනි දේවිය.

      Delete
    3. උපේක්ෂා

      පැහැදිලි විස්තර කිරීමක්, යශෝදරාවන් ගැන, එත් යශෝදරාවගේ පතිදම කෙරෙහි බොද්ධ සාහිත්‍යය එතරම් තැනක් දුන්නද කියලා හිතෙනවා, යසෝදරාවට වැඩිය පති දම ගැන කියවෙන්නේ නකුල මාතාවයි නකුල පියායි. සාහිත්‍යය හා බන කතා යශෝදරාව උත්තමාවියක් විදියට දැක්කට ඇය සෝවාන් මේ සිදුවීම් වද්දී සෝවාන් වෙලා හෝ සිට නැහැ. සසර පුරුද්දෙන් හිටියාදෝ සිතුවත් ඇය ඒ වන විට පෘතක්ජනයි. ඇගේ දුක ඉවසීම කොහෙම නම් කියන්නද?

      //මට සමහරු හිනාවෙවී, සමහරු බනීවි....// හැක් කවුරු බැන්නත් මොකද කවුරු සිනා සුනත් මොකද කවුරුවත් මටත් පදනම් වෙන්න යන්න එපා , එපමණයි, බනුම ගැන කියනවා නම් පොඩි කතන්දරයක් කියන්නම් අහලත් ඇති.

      ත්‍රිපිටකයේ සුත්‍ර පිටකයේ සංයුක්තනිකායේ සගාථා වර්ගයේ බ්‍රාහ්මණ සංයුක්තයේ අරනන්ත වර්ගයේ දෙවැනි සුත්‍රය අක්කොසක සූත්‍රය තමා කතාන්දරය ඊට හොදින්ම ගැලපෙන.

      එකකලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. අක්කොසක භාරද්වාජබමුණු තෙමේ භාරද්වාජගෝත්‍රබමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි සස්නෙහි පැවිදි වී යයි ඇසී ය. කිපියේ නොසතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙතට එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය වූ පරුෂ වචනයෙන් ආක්‍රොශ කෙරෙයි. පරිභව කෙරෙයි.

      මෙසේ ආක්‍රොශ පරිභව කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අක්කොසක භාරද්වාජබමුණාහට මෙය වදාළ සේක. බමුණ, ඒ කුමැයි හඟීහි ද? ආගන්තුක වූ තාගේ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ (තා නිවසට) පැමිණෙද්ද? භවත් ගෞතමයෙනි, ආගන්තුක වූ මාගේ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ ඇතැම් දිනෙක පැමිණෙති.

      බමුණ, ඒ කුමැයි හඟිහි ද? ඔවුන්ට කෑයුත්තක් හෝ බුදියයුත්තක් හෝ රස විඳියයුත්තක් හෝ දෙන්නෙහි ද?

      භවත් ගෞතමයෙනි, මම ඔවූන්ට කෑයුත්තක් හෝ බුදියයුත්තක් හෝ රස විඳියයුත්තක් හෝ ඇතැම් දිනෙක දෙමි.

      බමුණ, ඉදින් ඔහු නො පිළිගණිත් නම් එය කාට වේ ද?

      භවත් ගෞතමයෙනි ඉදින්, ඔහු නො පිළිගණිත් නම් එය අපට ම වෙයි.

      බමුණ, එසෙයින් ම යම් හෙයෙකින් තෝ ආක්‍රෝශ නොකරණ අපට ආක්‍රෝශ කරෙහි ද? නොකිපෙන අපට කිපෙහි ද? භණ්ඩන නොනඟන අපට භණ්ඩන නඟහි ද? තාගේ ඒ අක්‍රොශාදිය අපි නො පිළිගණිමු. බමුණ තෙල තට ම වෙයි. බමුණ, යමෙක් අක්‍රොශ කරන්නහුට පෙරළා අක්‍රොශ කෙරේ ද, කිපෙන්නහුට පෙරළා කිපේ ද, භණ්ඩන නඟන්නහුට පෙරළා භණ්ඩන නඟා ද, බමුණ, මේ තෙමේ එකතු ව අනුභව කෙරේ. උනුනට සමවලා කරතියි කියනු ලැබේ. ඒ අපි තා සමග එකතුව නො වළඳමු. උනුනට සමවලා නොකරමු. බමුණ, තෙල තට ම වෙයි. බමුණ, තෙල තට ම වෙයි.

      තවත් කවර කතාද උපේක්ෂා

      http://www.thripitakaya.org/tipitakaya/Index/22?s=697

      Delete
    4. මාතලන් අයියා ඒ ඒ අයගේ විශ්වාසයන් එකෙසින්ම පවතිනවා හැක්, එතුමිය ගැන මම වැඩිය දන්නේ නැහැ. ඒ නිසා මුකුත් නොකියමි.

      Delete
    5. මනොෂ් මෙන්න පත්තිනි උපත

      පත්තිනි දේවියගෙ උපත ගැනත් හරියට කතා තියෙනවානේ. ඇය අඹ ගෙඩියකින් උපන් බවත් කියනවා. ඒ වගේම ගින්නෙන්, දෙමට මලෙන්, විදුලියෙන්, පිනි බින්දුවෙන් නුග පතින්, සළු පොටෙන් ජලයෙන් ආදී විවිධ දේවලින් උපන් බව කියනවා. සත්පත්තිනි, දොළොස්‌ පත්තිනි කියන්නෙත් ඒ උත්පත්ති කතා හින්ද. මල් පත්තිනි. තෙද පත්තිනි, ඔරුමාල පත්තිනි, වගේ නම් ඇයට කියෙන්නේ. ඒ අනුවයි.

      කවිය කින් කිව්වම

      ජලෙනි, දළෙනි, මලෙනි, සුරඹ වරක්‌ උපන්නා
      ගලෙනි කුළෙනි සඟවෙනි එක්‌ වරක්‌ උපන්නා
      එවෙනි මෙවෙනි හත්වෙනි වර අඬන් උපන්නා
      මෙවැනි තෙදැති පතිනි මෙ ලක්‌ දිව තෙද පෙන්නා

      උඩරට යට කොහොඹා යක් කන්කාරියටත් පහතරටියන්ට ගිරි දෙවි, රත්න වල්ලියත් ආද ශාන්ති කාර්ම වලටත් මුල් වෙන්නේ ඇය.

      Delete
    6. උඹට පිංසිද්ධවෙනවා මචෝ මේ තොරතුරු ටිකට. ඇත්තටම මට වටින්වා. පණ්ඩිතය වගේ දැම්මට ඔය ටික මාත් හරියටම හොයමින් හිටියේ. සිංහල ගුරුවරයකුගෙනුත් ඇහුවා. ඒත් හරි පිළිතුරක් ලැබුනෙ නෑ, ස්තූතියි මචෝ උඹට.

      Delete
    7. පොඩි දෙයක් කියන්න කැමතියි
      පතිදම් ගැන නෙවෙයි නකුල මාතා හා නකුල පිතා බුදුහාමුදුරුවන් අගය කලේ. අඹුසැමි අන්‍යොන්‍ය අවබෝධය සහ පැවැත්ම සඳහා වූ ආදර්ශය ලෙස. මම වැරදිද කියන්න දන්නේ නැහැ, නමුත් බුදුහාමුදුරුවන් කාටවත් යශෝධරා වගේ වෙන්න කියලා නම් දේශනා කරලා නැහැ, මොකද ඒක කල්ප ගානක ටාගට් එකක්.. ඒ වෙනුවට උන්වහන්සේ විශාඛා වගේ ගිහි චරිත ගැන නම් දේශනා කළා.
      බනිවි, හිනාවෙවී කිව්වේ මට ඇතිවුන බය නෙවෙයි. සංවාදේ වහගෙන අහක යන කතන්දරයක් ඇදල ගනී කියල හිතපු හින්ද. ඔව් සොමියා. මම ඔය කතාව නම් මුළු හිතින්ම මතක තියන් ඉන්න එකක්. ස්තුතියි.

      පත්තිනි දේවිය කියන්නේ බුද්ධ දේශනාවේ වත්, බුද්ධ කාලේවත් හිටපු චරිතයක් නෙවෙයි. මම හිතන්නේ ඒක මේකත් එක්ක පටලවා ගන්න එක නරකයි.

      මරියතුමිය ගැන නම් මම කතාකරන්න තරම් වපසරියක් දන්නේ නැති හින්ද මෙහෙම කියන්නම්. ඇය මේ සංකල්පයන් ඈතයි

      Delete
    8. මාතලන් කියන්න හදපු දේ තේරිලා නෑ වගේ කාටවත් ... :D

      Delete
    9. @ ඉවාන් යෙලා යෙලා ...හැක් හැක්

      Delete
    10. මනොෂ් දන්නා දේවල් බෙදා හදා ගන්න එක මොනතරම් වටිනවද, මොකද අතින් පයින් යනවය :D

      Delete
    11. උපේක්ෂා,

      පතිදමයි අඹුසැමි අන්‍යොන්‍ය අවබෝධය සහ පැවැත්ම කියන එක දෙකක් වෙන්නේ නැහැ නේද? පතිදම් රකිනවා කියන්නේ වෙන උන් එක්ක ගිහින් නිදියන් නැතිව ඉන්නවා කියන එකම වෙන්න බැහැ. පතිවෘර්තාවේ කියන වචනය නම් නිකන් හරියට අර අජ වෘත ගෝ වෘත කුක්කුර වෘත වගේ වෘතයක් රකිනවා වගේ වැඩක්, පතිදම යට ගිහිල්ල පතිදම කියන එක හරහා හයිලයිට් වෙලා තියෙන්නේ පතිවෘර්තාව කියන කෙහෙල් මල. ඒ කියන්නේ ලිංගිකව එක්වන්නේ තමන්ගේ සැමියා එක්කමය පමණි කියන එක, ඒ නිසා එක අර කියන වෘතය රකිනවා වගේ වැඩක්. එත් පති දම තුල තියෙන්නේ ඉන් එහාට ගියපු දෙයක්, දෙදෙනා අතර අවබෝධය තමා වටින්නේ.

      පති වෘතය ගැන කිව්වම ඉතින් අර ඉන්දියාවේ මිනිහ මැරුණු ගෑනුන්ට වෙන දේ තමා ඒ වෘතය. ඔයා හරි එත් උපේක්ෂා අපේ බෞද්ධ සාහිත්‍ය යශෝදරා හා සිදුහත් කුමරුගේ ගිහි ජීවිතය එතරම් හුවා දක්වන්නේ නැහැ, මොකද සිදුහත් කුමරු බුදු වෙලා ලෝකෝත්තර තත්වය පත් වුන නිසා ගිහි ගෙය අලවන්නේ නැහැ. ඉතින් යසොදරාගේ දුක කඳුල සාහිත්‍යය හංගලා. ඉතිහාසය හංගලා. නිකන් මල් මල් කතාවක් වගේ සරණ මංගල්‍යය, රාහුල කුමරු උපන් දා ගිහිගෙය හැරයාම වගේ දේවල් සිද්දියෙන් දෙකෙන් ඉවරයි, ඊට පස්සේ ආයේ එන්නේ කිඹුල් වතට වැඩම කලාම කුටියට ගිහින් සඳකිඳුරු ජාතකය කිව්වාය කියලා විතරයි, නමුත් එතුවක් එතුවක් ඇයජීවිතය ගෙවුව හැටි ගැන කිසිදු සඳහනක් නැහැ. ඉතින් අගේ දරාගැනීම කොහොමම වෙන්නම ඇතිද.

      හරියට මේ සිද්දිය නිකක් අර ඩාවින්සි චෝඩ් එකේ ජීසස් ට බ්ලඩ් ලයින් එකක් තියෙනවයි කිව්ව නිසා අපේ රටේ ප්‍රදර්ශනය තහනම් උනා වගේ යසෝදරාවගේ දුක කඳුල සැඟවිලා. කවියන්එය යම් සේ දැක්කද ඇයගේ දිවිය එම සිදුවීම් වලින් පසු කෙලෙස වීදැයි මට පැහැදිලිව හම්බ උනේ නැහැ. අඩුම ගානේ ථේර ථේරී ගාථාවලින් වත්. එතුමියගේ ඒ දිවිය ගැන කිසුදු සඳහනක් නැහැ.

      සමහරු පිලිගන්නවා විශාලා මහනුවර තුන් බිය ඇතිවීම හා ඇය අතර සම්බන්දයක්, අපේ අම්මගේ පැත්තෙන් සීයලා ඔක්කොමල්ලා ඇදුරෝ, ඉතින් ඒ තොවිල් කවි මන්තර වල ඔය දේ ගැන බුදු ගුණාත් එක්ක පත්තිනි දේවිය බුදුන්ගෙන් අවසර ගත්තු ඒවා වගේ ජන වහරින් එන ඒවා තියෙනවා. එත් ඒවා පැහැදිලි වශයෙන් පිළිගත නොහැකියි, නමුත් ඒවා බැහැර කරන්නත් බැහැ. ඒ ගැන කියන්න මමත් හරියට දන්නේ නැහැ. ඔබ ගොඩ නගපු සංවාදයට ගොඩක්ම තුති.

      Delete
    12. පවුල්ස් අය්යා සහ සින්දු මිත්‍රයා, මාතලන් අයියා කුක කීවද කියලා නම් දන්නේ නැහැ, ඒත් ඒ කියමනේ කිසියම් උපහාසයක් ගැබ් වී ඇත වගේ හැඟෙන්නේ (සමහර විට මම වැරදි ඇති) නමුත් එතුමියත් එක්තරා ආගමක පිදුමන් ලබන්නියක්, ඇගේ පති වෘතාව ගැන කියන්න නම් දන්නේ නැහැ, හැබැයි ය කෙරේ සමස්ත ලොවක් (බෞද්ධයන්ට වැඩිය පිරිසක් )ගොරවයෙන් දකිනවා. ඒ මිනිසුන් තුල පිලි ගැනීමක් තිබෙනවා.

      Delete
    13. මගේ කොමෙන්ට් එකේ කිසි උපහාසයක නෑ, මම කිව්වේ ජීසස් ගැන සාහිත්‍යයේ තියෙන දේ. කරුමේ කියන්නේ ඒ කාළේ උන්න නිර්මාණ කරුවන්ගේ නිර්මාණ මිනිස්සු කරේ තියාගෙන යන එක. බයිබලය, කුරාණය, වේද ග්‍රන්ථ විතරක් නෙමෙයි ත්‍රිපිටකය, ජාතක කතා කියන්නෙත්, නිර්මාණ කියලා තේරුම් ගන්න බැරි කම තමයි මට තියෙන දුක.

      Delete
    14. ඔහ්හ් මාතලන් අයියා, සාමාන්‍යයෙන් එතුමිය ගැන [පොඩි කාලේ ඉඳන් අහලා තියෙන විදියට මට ඒ දේ දැනුනු නිසයි එහෙම කියවුනේ, ඒලෙස ප්‍රී ජජ්මන්ට් මත තීරණවලට ඒම සාමාන්‍යයයි. ඒ නිසාමයි සමහර විට මම වැරදිත් ඇති කියලා හිතුවේ.

      මම විදානේ අයියට කරපු කමෙන්ට් එකේ කිව්වෙත් ඒකමයි, කුරුනෑගල යුගයේ හිටපු බුදුහාමුදුරුවෝ ගැනයි පන්සීය පනස් ජාතක පොතේ තියෙන්නේ, එතකොට බයිබල තුල ඉන්නේ කිස්තුස් වහන්සේට වැඩිය සාන්තුවරු නැත්තන් එක ලියපු අයගේ මතය, කුරානය නම් කියවලා නැත නිසා දන්නේ නැහැ.

      ත්‍රිපිටකය මාතලේ යුගයේදී ග්ග්‍රන්ථාරූඪ වීමේදී ඒ ඒ සිවාමීන් වහන්සේලාගේ මතයන් පැමිණියාද කියන්න මම දන්නේ නැහැ. මට එහෙම විශේෂ හැඟීමක් නැහැ. මිනිස්සුන්ගේ ඇදහිලි සමාජ මත වාද වෙනස් කරන එක සෑහෙන්න අමාරු දෙයක්, ඔවුන් ඒවායින් කොහොම නම් ගැලවෙන්නද, මිනිස්සු බය නිසාම ගස් ගල් වලට වඳිනවා, අපල කියලා කියන කාලෙට බෝධියක් වටේ කැරකෙනවා, සැබෑ සත්‍යය හොයන්න යන්නේ නැහැ කවුරුවත්. ඒ වගේම මිනිස්සු කාර්ය බහුල වීම නිසාම ඕවයේ සත්‍ය අසත්‍ය ගැන හොයන්න යන්නෙත් නැහැ.

      තමන්ට පිට තමන්මය කියලා ඇහුවට සෑම විටම වෙනත් දෙයක් පිහිට කරගන්න එක ඒ අයගේ හැටියක්.

      Delete
  10. සොමී මචෝ විචාරය ගැන කියනව නං ආයෙ හෝදන්න දෙයක් නෑ පට්ට... (බුක් මාක් කලා මොකද අපිට මේ අවුරුද්දට යසෝදරාවත තියෙනවනෙ...)
    යසෝදරාවත කියවපුවාම මට දැනුන දයක් තමා සොමී ඒක රචනා වෙලා තියෙන්නෙ කාන්තාවන් සිතේ යසෝදරා ගැන යහපත් ආකල්පයක් වඩවලා පති භක්තිය ඇති කරවන්න එකසිය විසි ගණන් කවි ටික ඒකට හොදම උදාහරණය...
    කෝම වුණත් කලිනුත් කීව වගේ විචාරය නං මරු හොදේ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි මක්කටයි බුක් මාක් කොලේ මේ අවුරුද්දේ යසෝදරාවත ගැන එහෙනම් අපිටත් කියනු හොඳා, ඔව් යශෝදරාවතේ මුලික අරමුණ වන්නේ ඔයා කිව්වා දේ.

      Delete
  11. යශෝදරාවගෙ පැත්තෙන් බලත්දි මොන දෙයක් උදෙසා මොන විදිහට සිද්ද උනත් මම නම් හිතන්නෙ යශෝදරාවට උනේ කාන්තාවක්ට වෙන්න පුළුවන් විශාලම ප්‍රමාණයේ අසාධාරණයක්!!

    එසේ තිබියදීත් ඇගේ පති භක්තිය නම් සැබවින්ම ප්‍රසංශනීයයි.

    කොහොම උනත් ඔය පද ටික මම කැමතිම පද ටිකක්. උඹේ විචාරයත් රස වින්ඳා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියා අයියා.

      //යශෝදරාවට උනේ කාන්තාවක්ට වෙන්න පුළුවන් විශාලම ප්‍රමාණයේ අසාධාරණයක්!!//

      හතවලාමයි ඒ කාලේ ඔහොම කාන්තා අයිතිවාසිකම් ගැන කියන්න ය හිටියනම් අද පාන්සකුලයක් වත් දී ගන්න විදියක් නැහැ,ඕ යේස්, මේ යන විදියට අර අන්තිමේදී කහ නුලක් විතරක් සුළඟිල්ලේ ඔතන් ඉන්න සාදුලා :D බිහි වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ.

      Delete
  12. යශෝධරා දේවිය ගැන මට දැණෙන්නේ සියුම් වේදනාවක්...නොකියා යන තරමටම ඇය නොවටිනා වීද.....තනිවූ ඇයට ඉන් පසු තම දරුවාට පවා සමුදීමට වීම කෙසේ සාධාරනීය කරන්නද...

    සොමියාගෙ විචාරය තුලින් ඒ වේදනාව තවත් ත්‍රීව වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ අයියා,

      //නොකියා යන තරමටම ඇය නොවටිනා වීද.....තනිවූ ඇයට ඉන් පසු තම දරුවාට පවා සමුදීමට වීම කෙසේ සාධාරනීය කරන්නද...//

      එක තමා කවීන් දෙදෙනෙකුගේ කවි වලින් කියන්න හැදුවේ, යශෝදරාව ගැන අපි කා තුලත් ප්‍රී ජජ්මන්ට් එකක් තියෙන නිසා අපි කවුරුවත් යසෝදරාව ආඩපාලි කිවබයි කියලා හිතන්නෙත් නැහැ. ඉතින් අර කවිය කියවන විට යසෝදරාව කෙරෙහි ඇතිවන හැඟීම නෙවෙයි යශෝදරාවත කියවන කොට එන්නේ. එක හදාරා සමීප වෙනවා.

      කවීන් එය විවිද ලෙස සාධාරණීකරණය කරන්න හැදුවත් නරසීහ ගාථා තමයි මේ ගැටලුවට එකම විසඳුම, තමන්ව හැර ගියපු සැමියාගේ ගුණ කියන අයෙකු ගැන ආයේ තව කවර කතාද අරූ අයියා.

      Delete
  13. ඔය ඔක්කෝම කරේ පතාගෙනම ආපු විදියටෙයි කියනව නෙව.. ඉතිං තව මක්කයි..

    ReplyDelete
    Replies
    1. හැක හැක දේශක අයියා තමා හරියටම කිව්වේ, එක තමා ඉතින් තව මක්කෙයි. ස්තුතියි අයියා.

      Delete
    2. පියා අයියා ලබා උඔං හැටියටනේ බබා වැනෙන්නේ. :D

      Delete
  14. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. හෑ මී මක්කයි මේ, මෙම දැන්වීම මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලද අතර සින්ඩියේ සේවයටද මුදල් අය කිරීමක් සිදු නොවේ. හැක හැක. එල එල.

      Delete
  15. යශෝධරා ගැන මම කියන්ට හිතපු දේවල් උපේක්ෂා අකුරු කරලා තියෙනවා. සිද්ධාර්ථ වගේ කෙනෙක්ගේ බිරිඳ වෙන්ට එයා සංසාරය පුරාම, පෙරුම් පිරූ කෙනෙක්. ගිහි ජීවිතය ගැන කළකිරුණු ස්වාමියාගේ හිතුවිලි තේරුම් අරගෙන, එයාගේ ඉදිරි ගමනට ආශීර්වාද කරන්ට හැම ගැහැණියකටම බෑ. හැමෝම රාමා +සීතා ආදරය ගැන, සීතාගේ පතිවත ගැන කතා කරද්දි මට මතක් වෙන්නේ යශෝධරාව. අවසානයේ ඒ දෙන්නා පතාගෙන ආව විදියටම සැනසීම ලැබුවනේ කියලා දැනුණාමත් හිතට දැනෙන්නේ සැනසීමක්. ඒ හන්දම එයාගේ සිතුවිලි 'විලාපයක්' විදියට පරිවර්තනය වෙනවා දකින්ට මම කැමතිත් නෑ. :)

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා එක තමා ඇත්ත, ඒ නිසාම තමා අර කවි පන්ති දෙක අරගෙන කිව්වේ, කලින් කවියට වඩා යශෝදරාවත ලියපු කවියා සාර්ථක උනේ, සිදුහත් කුමරුන් සත්‍යාවබෝධය ලැබ නිවනින් නිවී සැනහිලා ඒවගේම යශෝදරාවත් නිවන් දැක අවසානයට පත් වෙනවා. කොතැනක වත් විලාපයක් නැගිලා නැහැ. එක හරිම අපුරුයි අක්ක, ඒ වගේ දෙයකට සසර පුරාම පෙර සිට ගොඩ නැගුනු විදිය ප්‍රාර්ථනයන් පතලා ඒ ඔස්සේ ගිය අයුරු අපුරුයි නේ.

      ගොඩ දෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ලෝකෝත්තර කතාවට යොමු උනාට උන්වහන්සේගේ ලෞකික ජීවිතය පිලිබඳ එතරම් තකන්නේ නැහැ. ඒ ඇයිද කියලා හිතන අමාරුයි. ගොඩක් ස්තුතියි අක්ක අදහස් එකතු කලාට.

      Delete

  16. යසෝදරා වේවා..
    ඔබ යසෝදරා වේවා..

    එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
    දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
    ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරණා
    ඇය මා එන තුරු ගෙමිඳුල හිඳ මග බලනා

    අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා
    කම්පාවන කළ උරතල මත හිස සතපවනා
    මම ජීවතවන තුරු මගෙ තනි නොතනිය මකනා
    ලෙව් තල ඔබ පමණකි මා දුටු දෙව් අඟනා

    ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක
    ගේය පද රචනය: ප්‍රේම කිර්ති ද අල්විස්
    සංගිතය: සෝමපාල රත්නායක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සින්දු, ඔබ කවදත් හරවත් ගීත එකතු කරනවා, මම මේ ගීය කලින් අසා නැහැ. හැබැයි මේ ගීතය මට හිතෙන්නේ පෙම්වතිය යශෝදරා වන වෙයන්ම නුඹ ඒ වගේ මට දැනේ කියලා කියන ගීයක් වගේ. සමහර විට මම වැරදි ඇති හෙක් හෙක් කොහොම උනත් සින්දුවට ස්තුතියි මිත්‍රයා. ජය වේවා!!!

      Delete
    2. සොමියෝ මේ සින්දුව ගැන "අස්වැන්නේ" දයානන්ද රත්නායක කියලා තියනවා ...

      Delete
    3. ස්තුතියි සින්දු, සින්දු විතරක් නෙවේ සින්දුවේ තේරුමත් දෙනෝ, බොලා සින්දු දෙවියෙක් බන්. :D, බොලාට රෙකෝඩ් බාර්ම පහල වේවා :D

      Delete
  17. මේක නම් ඉස්තරම්ම ලිපියක්. වෙන මොකුත් ඕන නෑ මේ වගේ විචාර ලියනවනම් ..හරි ලස්සනට ලියනවනේ .මේවා කියවද්දී ඉස්සර සිංහල සාහිත්‍යට ලිව්ව විචාර මතක් වෙනවා. කවියක් කියෙව්වත් සමහර විට මග ඇරෙන කවියේ තියන ලස්සන කොටස් ,සියුම් තැන් හාර අවුස්සලා කරන විචාර කියවන්න මං ගොඩක් ආසයි එහෙම විචාරයක් ලියන්නත් හොඳ හැකියාවක් තියෙන්න ඕන .නියමයි අය්යෙ දිගටම මේවගේ ලියන්න :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගියෝ හැමදාම වගේ ඇවිල්ල අදහස් එකතු කරනවට, සිහල සාහිත්‍ය විචාර ඒ දවස් වල මගෙත් ආසම කොටසක්.
      මතකද සියදෝරිස් බිරිඳ හා දරුවන්ට වඩා බයිසිකලයට ආදරය කළේය. විචාරන්න. වගේ ප්‍රශ්න. කොච්චර ලස්සනට ගලපන්න පුලුවන්ද, ඒ විචාර නිසාම තමා ඒවා මතක හිටියෙත් හරියට රස විඳින හැටි ඉගෙන ගත්තෙත්. පුළුවන් හැටියකට ලියන්නම්කො. තැන්කු තැන්කු :D

      Delete
  18. මෙන්න සොමියෝ...... යශෝධරා ගැන මගේ අදහස.....

    ම,හිසට සෙවන දුන් විසල් රුක විය නුඹ
    ම,හිතට සිසිල දුන් සරා සද විය ඔබ
    ම,නෙතට අමා වූ සොදුරු දසුන ඔබ
    කියන් මට නොවලහා හිමි සදුනි මගේද ඔබ .....

    ගිනි ගත්ත රාත්‍රියේ සද කදුළු බොද උනිද
    පුදසුනට ගිනි ඇවිලී නෙත කදුළු විසිරුනිද
    අග්නි ජාලාවක්ව ම,හද දොර ඇවිලුනිද.....
    පතිකුලය දෙපා මුල බිඳ වැටි විසිරුනිද ......?

    නුඹ යන්න හදන මුත් අ,තර මගේ විමානෙන්
    හැර ලන්න හැකිවේද කිරි සිනහ ප,පුතුරෙන්
    පෙන්වන්න හැකි නම් පුතු හඩන විට සොවින්
    යන්නේ නෑ නුඹ .... කිසි විටෙක අපේ ලොවින් .....

    මොකද හිතෙන්නේ....... මං මේක මගේ blog එකේ කලින් කිව්ව.

    ReplyDelete
    Replies
    1. ශා නියමයි නිහින්සා අක්කා, යශෝදරාව ගැන තවත් කිවිඳියක් මෙසේ ලියා තබා ඇති වගයි.

      //ගිනි ගත්ත රාත්‍රියේ සද කදුළු බොද උනිද
      පුදසුනට ගිනි ඇවිලී නෙත කදුළු විසිරුනිද
      අග්නි ජාලාවක්ව ම,හද දොර ඇවිලුනිද.....
      පතිකුලය දෙපා මුල බිඳ වැටි විසිරුනිද ......?//

      නටිකාන්ගනාවන්ගේ නැටුම් දැකලා කලකිරිලා එකොලොස් ගින්නෙන් දැවෙන සිත නිවා සනහන්න සත්‍ය සොයා යන්න හිතපු ඒ රැයේ පෙම් පුදසුනත් නාටිකාංගනාවන් ගිනිතියලා වාගෙයි, නෙති කඳුළු වැටුනද නොදනීමුත් යලි යශෝදරාවන්ගේ හදවතට නොපිසවීමියි එහදද ගිනි තබා යන මොහොතේ පතිකුලය රහන බිඳී ගිය මුතු පොටක මුතු විසිර යන්න සේ යලි එකතු නොකර අදහසින් පදිකුලය නම් මුතු පොට බිඳ දමා යන්නට ඇති.

      ලස්සනයි අක්කා කියවුවාම අමුතුම හන්ගීමක් ආව. ස්තුතියි මෙහි පලකලාට මෙවන් කවියක්.

      Delete
  19. Shiv V Kumar ලියූ Rough passage to Bodhi tree කියවලා බලන්න. යශෝධරා ගැන වෙනස්ම රූපයක් මැවෙයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිඳු, පොත කියවලා බලන්න ඕනා හොයාගෙන, ගොඩක්ම ස්තුතියි පොත පිලිබඳ විස්තර ලබා දුන්නට.

      Delete
  20. අගය කරනවා සොමියො උඹේ මේ ලිපිය...වැඩිය කථා නොවෙන මාතෘකාවක් ගැන කරුණු එකතුකරගෙන මහන්සි වෙලා ලිපිය ලිව්වට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා අයියා, සිරා අයියගේ ජාලෙන් පෙරාපු ලිපිත් ඒ වගේ තමා, ඒ වගේම හත්වැනි ලිපිය වගේ ලිපි සෑහෙන්න වටිනවා. කතානොවෙන මාතෘකාවක් එක්ක කවි රස ටිකක් බෙදා ගන්නයි උත්සාහ කලේ.

      Delete
  21. ගොඩක් වටින ලිපියක්... අගය කරනවා ඔබෙ මහන්සිය... සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මංගලා, ඔබේ නිර්මාණ වල ඔබේම ආරක් තියෙනවා, සන්තෝෂයි. ජය වේවා!!!

      Delete
  22. යශෝදරාට හඬන්න තරම් සංවේගයක් තියෙන්නේ කොහොමද ?යශෝදරා සිදුහත් කුමාරයාව හොඳින් තේරුම් ගත්තානම්,ඒ භවයේ විතරක් නෙමේ ඊට පෙර ආත්ම භව වල සිට එකිනෙකා හඳුනනවා නම් යශෝදරාට හඩන්න හෝ වැලපෙන්න කරුණක් නිවන සොයා ගිය සැමියා ගැන.

    ReplyDelete
    Replies
    1. ඇත්තම සීන් එක මේක නිකන් මුගලන් හාමුදුරුවෝ විශ්වයේ කොනක් හොයන්න ගියා වගේ ගැටලුවක් නේ, සසර පුරුද්දක් තිබුණා කියලා පිළිගත්තත් වචන අල්ලන් තර්ක කරනවානම් මේ වෙද්දී ඇය සෝවාන් වී හෝ නැහැ, මොකද සාසනයක් තිබුනේ නැති නිසා, ඇයත් පෘතක්ජනයි, ඉතින් ඒ දුක කොහොම ඉවසුවාද දන්නේ එතුමියම විතරයි, තේරුම් ගත්තට කියලවත් නොගිය සැමියෙක් ගැන කතා වෙන්නේ ඉතිහාසයෙන් එන විදියට, ඒ නිසා ඒ ගැන හිතන එක පිස්සු හැදෙන වැඩක්. මම බැලුවේ කවියෝ දැකපු විදියන්. :D. ස්තුතියි මනෝජ් අදහස් වලට, කාලෙකින් බ්ලොගයට ලිපියක් වැටිලා තියෙනවා දැක්කා, බලන්න එන්නම්.

      Delete
  23. යශෝධරාව ආත්ම ගනනක් පෙරුම් පිරුවේ මේ සියලු දේ දරා ගන්න ඒ නිසා යශෝධරාව සාමාණ්‍ය ගැහැණියකට වඩා හුඟක් ඉදිරියෙන් හිටිය කෙනෙක් කියලයි මම විශ්වාස කරන්නේ.

    පොස්‍ටුව නිර්මාණය කරන්න ඔයා අරන් තියෙන වෙහෙස අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි, මටත් එහෙම හිතෙනවා, නැවතත් ස්තුතියි කියවලා අදහස් එකතු කරගත්තට.

      Delete
  24. යශෝදරා සහ සිදුහත් කල්ප ලක්ෂ ගණනක් නිවන් ලබන්නට පෙරුම් පුරමින් ආපු අය.ඒගොල්ලන්ගෙ අවසාන භවය මෙම විදියට සකස් උනා.එය පාරමිතා බලයයි .

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...