Sunday, September 7, 2014

අබිනිස් කරපන් හිමි සමින්දා




ආලය කොයිබද දෙව්දත්    හිමිනේ
රාහුල නොවේදෝ නුඹට උපන්නේ
යසෝදරා නුඹ තැලුම්     ලබන්නේ
පෙරුමන් පිරුවා මදිද  සිතෙන්නේ

වැදි බන අහලා රැවටුණු  හන්දා
දෑගිලි බැඳලා පෝරුත්  නැග්ගා
කාලය ගෙවිලා බිලිඳු  උපන්නා
යසෝදරා නුඹ වියපත්   වන්නා

කිරි දිය ඉල්ලා බිලිඳු        හඬන්නා 
කිරි නොව කඳුළුම තවත් එරෙන්නා
මැදුරේ නුඹ ලද නිවන    කොයින්දා
බයිට් එක තනපන් ඔහු පැමිනෙන්නා

රා කල බිව් නාලා      ගිරින්දා
වාගේ හිමි සඳු සවස වඩින්නා
සයනයෙ රෑ  ගුටි පිදුම්  ලබන්නා
කෙලෙස වන්නද  රති රඟන්නා

තනිව හිඳ සී මැදුරු   කවුළුවෙන්
අවට බැලු කල  යොමා    නුවන්
යාහලු යෙහෙලියන්  විශාකා  වන්
බුදුන් සරණෙය පුන්   සඳක් වන්

සංසාරෙම විඳි දුක මදිවද       මන්දා
නුඹ දෙන දුක් මේ මොනවාද මන්දා
තවත් දුක් නම් නොහිලිය      හන්දා
අබිනිස් කරපන්       මෙන්න වැන්දා

මේකේ අන්තිම කවියේ පදේ ලිව්වේ මම අබිනිස් කරපන් හිමි සමින්දා කියලා, එත් එක එලි වැටට ගැලපෙන්නේ නැති හින්දා අබිනිස් කරපන් මෙන්න වැන්දා කියලා පස්සේ ලියලා එඩිට් කළා.

ප.ලි.

විභාගත් එක්ක මැරිලා වේලිලා තිබුණු කවි සිතට පන ගහලා එන්න ඔක්සිජන් පොඩ්ඩක් ගන්න  මොණරිගෙ මේ නිර්මාණය _ ගිලිහුණ හීන මතින්_  ගොඩක් උදව් උනා, ඇත්තටම මේ ටික ලියුවුනේ ඒ නිර්මාණයට කමෙන්ට් එකක් විදියට, ඉතින් එක මෙතනට උස්සගෙන ඇවිල්ල අත හැරියා. :D

26 comments:

  1. කමක් නෑ අයේ පාරක් කියවල එන්නම්....

    ReplyDelete
  2. සොමියා කවියා එහෙනම් ...

    ලාංකීය සමාජය තුල බොහෝ ගැහැනුන් තවමත් යසෝදරාවන් , පටචාරාවන් නිසි ඇගයුමක් නොලබන

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හැම පැත්තෙන්ම අන් කොන් තියෙනවා, හැම විෂය සීමාවක් ම අතපත ගාල දැනුම ලබාගන්නත් හැකියාවක් ඇතොත් දියුණු කරගන්නත් ආසයි, එත් ඇත්තම කතාව පට්ටම කම්මැලියෙක්.

      //ලාංකීය සමාජය තුල බොහෝ ගැහැනුන් තවමත් යසෝදරාවන් , පටචාරාවන් නිසි ඇගයුමක් නොලබන//

      ඔව් ඒ කතාව ඇත්ත, ඒ යට ඕනේ කාගේවත් ඇගයුමක් නෙවේ, තමන්ගේ පවුලෙන්ම, කොටින්ම තමන්ගේ මිනිහගෙන්ම.

      Delete
  3. පලවෙනිපාරට කියවද්දීනම් තේරුනේ නෑ ...යොදාගෙන තිබ්බ සමහර නම් නිසා පැටලුනා ..එත් ආ යේම කියවද්දී තේරුනා . මොණරු කවි පන්තිය හරි ලස්සනයි... ඒකට හරියන්නම ලස්සනට ගලපල .. ....සොමි අය්ය කවිකාරයෙක් එහෙනම් :)

    ReplyDelete
    Replies
    1. ඔව් නම් ගම එක්ක සාම්ප්‍රදායික විදියට බැලුවොත් පට්ටේටම අවුල්, අයෙත් කියවලා තේරුම් ගත්තට ගොඩක් ස්තුතියි නංගි, හෙක් හෙක් මන් කවිකාරයෙක් නම් බැරිය, ඔය හිතට එන මක්ක හරි ඉතින් කුරුටු ගානවා, එකටත් ඇත්තටම ඉස්පාසුවක් නැතිව ඉන්නේ. :D

      Delete
  4. ආයේම කවි මතක් වෙලා තියෙන්නේ.. මරු මරු...

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් යෙල යෙල ඔක්කොම ජුන්ඩ ජුන්ඩ මතක් වෙනෝ, :D

      Delete
  5. දෙමවුපියො යාළුවො මෙහෙම දෙයක් කරන්න එපා කියල කියද්දිත් ඉටිපන්දම් එළියට පියාඹල ආපු පළඟැටියෙක්... සැප විතරක්ම හොයාගෙන ඇස් කන් වහගෙන තමන්ගෙ මුල් උදුරල දාපු බොළඳ ගහක්...

    ReplyDelete
    Replies
    1. නියම අර්ථ දැක්වීමක්, ඔව් ඒ වගේ එකක් තමයි, එත් රැවටීම හමුවේ බොළඳ කම කියන නිර්වචනය හරියනවද මන්දා, මොකද බොළඳ කම හිතේ සංවේදීම තැනකින් එන දෙයක්, එක නුගත් කමට බරසාරේට දැම්මට අපි කවුරුත් ඇත්තටම යම් යම් කාරනා වලදී බොළඳයි, මිනිස්සු රැවටෙන්නේ අන්න ඒ බොළඳ කම නිසාමයි.

      Delete
  6. අපූරු හැකියාවක් සොම්යා...
    ප්‍රස්තුය මනරම්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු :D කොහෙද මේ අතුරු දහන් වෙලා ඉන්නේ, මක්කවත් ලියන්න හිතෙන්නේ නැතෑ?

      Delete
  7. බැදීමකින් නුඹ නොබදිමි රාහුල
    නොඑවමි ඉල්ලා දායාද නුඹෙන් තව
    පියවර මනිනට සසර පුරාවට
    නොපතන යශෝධරාවයි මා අද ...

    කවි පෙළ හරිම අපූරුයි ........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැහි ලිහිණි, ඔබේ අදහසත් මනරම් මේකයි ඕකට ගැටලුව වෙලා තියෙන්නේ

      නිවනක් නැති සංසාරේ
      ආවයි ඇය කර කාරේ
      මග නුහුරුයි මේ වාරේ
      සිතෙන විටදී හිත පෑරේ

      Delete
  8. යසෝදරා,පටචාරවන් අතරේ
    රාහුල සුනීතලා ඇයි අමතක වුවේ
    කාටත් දුක තමයි හිමි සංසාරේ
    හිත පරාගෙන ඒ ගැන කුමද පලේ

    ReplyDelete
    Replies
    1. හිත පාරගෙන නම් කිමද පලේ
      පැහැදීමයි නොවැ ඕන කලේ
      රාහුල සුනීතල අමතකම කලේ
      සෝපාකල නිසයි පලින් පලේ

      යසොදරාලා කදුලු සලනවා සඳලු තලේ
      පටචාරලා උමතු වීලා අන්න රෝහලේ
      සුනීතලා සිඟනවා සිප් ඉල්ලා පාටසාලේ
      දැකලා මේවා කලකිරෙන්නේ නැතිද රාලේ

      Delete
  9. බොලාගෙ කයිය අපූරුයි සොමියො....අනේ අවාසනාවකට මෙහෙම චරිතත් අපේ සමාජයේ ඉන්නවා නේද කියලා හිතෙනකොට හිතට දුකක් දැනෙනවා බං....

    ReplyDelete
    Replies
    1. සිරා අයියා ලියන කතා
      මේවා එක්ක කවර කතා
      ලෝකේ අහන දකින කතා
      මන් ගලපලා ලිව්වා ගොතා

      Delete
  10. //ඉතින් එක මෙතනට උස්සගෙන ඇවිල්ල අත හැරියා. :D//

    ඉතින් අපි ඒක කියවලා ඒකේ තේරුම් හොයනවා...:P

    ලස්සණයි සොමී...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියෝ පොඩ්ඩි අක්කා

      Delete
  11. Replies
    1. ?? තේරෙන් නෑ........ (දුෂ්‍යන්ත සර්ගේ වචනයක්, දන්නෝ දනිති)

      Delete
    2. thumbs up කියල දාන්න icon /letters තේරෙන්නෙ නැති නිසා තමයි ඕක

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...