Friday, August 29, 2014

මම නොවන සමලිංගික වූ මම (මනුස්ස චරිත පිලිබඳ කතාවක්)



"මොකක්ද මේ බහුබූතේ
මම gay ?
යකෝ මංවත් නොදැන මම ගේ වෙලානේ
ඔව් එසේ මෙසේ ගේ එකෙක් නෙවේ
ගේ කුරුල්ලෙක්ම වෙලා
හෙක් හෙක්
විසි එක් වැනි සියවසට ගලපවපු ගේ කුරුල්ලෙක්
4G  LTE යුගයේ 3G වලින් බලගැන්වුණු
ගේ කුරුල්ලෙක් "

මේක මේ කියන්න කලින් ඇත්තටම මට තාමත් මේ ගැන පට්ටේටම හිනා. මේක මතක් වෙද්දී ඇත්තටම කියනවනම් කට කොනකින් මට තවමත් හිනා යනවා. ඇත්තටම මේක මම ගැන මම නොවෙන කතාවක්. මම ගැන කිව්වට අපි වටා අපිත් එක්කම ඉන්න මනුස්ස චරිත පිලිබඳ කතාවක්.

ඇයි මම මෙහෙම මේ සමලින්ගිකත්වයක් ගැන කතා කරන්නේ? ඒ පැනයට පිළිතුරු මේ ලිපිය තුලම ඔබට හොයා ගහ හැකි වෙයි. අද ලාංකීය සමාජය තුල ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගත් පිරිස් නැහැ කියලා කියන්න ඔබට පුලුවන්ද?

හොඳයි, සමලිංගිකත්වය පිලිබඳ ඔබ දරන මතය කුමක්ද? ඇත්තටම කාමාශාවල් සපුරා ගන්න සමලින්ගිකත්වය බාවිතා කල හැකිද? ඕනා එකක්, එහෙත් මේ සම්බන්දව සංස්කෘතික සමාජය ගොඩ නගා ගත විවිධ රාමු තියෙන බව පැහැදිලියි. හුඟක් අය මේ දෙස බලන්නේ තමන් දාගත්ත කණ්ණාඩියේ වර්ණයෙන් පෙරිලා එන පාටිනුයි. ඔව් සමලිංගිකත්වය ඒ විදියට ගත්තම පාට පාටයි. ඒ අතරේ ඔබ දකින පාටකුත් ඇති. ඒ පාට පාට සමලිංගික කොඩිය තමා ඔය උඩින්ම තියෙන්නේ. ඔය කියන සමලිංගිකත්වය පිලිබඳ ආගමික විවරණයන් මෙසේ උපුටා දැක්විය හැක.

කි‍්‍රස්තියානියේ මූල ග‍්‍රන්ථය වන බයිබලය තුළම සමලිංගිකත්වය දෙවියන්ගේ කැමැත්තට එරෙහිව යන පාපකාරී කි‍්‍රයාවක් ලෙස හඳුන්වා තිබේ. ඉස්ලාම් ධර්මයේ සමලිංගිකත්වය මව සමග නිදි වැදීමක් සේ සලකා නින්දා අපහාස කොට දෙවියන්ගේ අඩවියට පිවිසීමට බාධා කරන පාප කර්මයක් සේ හඳුන්වා ඇත.

බුදු දහම තුළ සමලිංගිකත්වය පිළිබඳ නිර්වචනය කවර එකක්දැයි හඳුනාගත හැකි සඳහනක් නොවෙතත් ස්තී‍්‍ර පුරුෂ මෛථූන්‍යය පිළිබඳ විවිධ වාරණයන් ගැන ධර්මයේ සඳහන් වේ.

පාරාජිකා පාළියේ භික්ෂුවක් පාරාජිකවන ප‍්‍රධානතම කරුණක් සේ හඳුන්වා බුද්ධ වචනයෙන්ම එයට ගර්හා කොට ඇත.'හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇති ආශිවිෂයක්හූගේ මුඛයෙහි අංගජාතය බහාලන ලද්දේ නම් මැනවි.මාගමක ගේ අංග ජාතයෙහි සිය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි.හිස් පුරුෂය තා විසින් කෘෂ්ණ සර්පයුක්හගේ මුඛයෙහි අංගජාතය බහාලන ලද්දේ මැනවි. මාගමකගේ අංග ජාතයෙහි සිය අංග ජාතය බහාලන ලද්දේ නොමැනවි. හිස් පුරුෂය,තා විසින් ඇවිලගත්, හාත් පසින් ඇවිලගත් ගිනිදැල් සහිත වූ ගිනි අඟුරු වලක අංග ජාතය බහාලන ලද්දේ නම් මැනවි. මාගමකගේ අංගජාතයෙහි සිය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි.– පරාජිකා පාළිය - ප‍්‍රථම පාරාජිකය.
(උපුටා ගත්තේ - http://www.mirrorarts.lk/featured/item/550-)

ඒ විදියට සමලිංගිකත්වය ගැන ආගමික මතවාදය සලකා බලු කල එය පාපකාරී ක්‍රියාවක් යන පොදු මතයට පැමිණිය හැකියි. ඇත්තටම ඔය කියන සමලිංගිකත්වය කියන්න අහවල් එකක්ද කියලා සිංහල විකිපීඩියාව සඳහන් කරන්නේ මෙන්න මෙහෙමයි.

සමලිංගිකතාව යනු එකම ලිංගත්වය හෝ ලිංග-භේදය හෝසහිත සාමාජිකයන් අතර ඇතිවන්නාවූ ශෲංගාරාත්මක සහ/හෝ ලිංගික ආකර්ෂණය හෝ හැසිරීම වෙයි. ලිංගික පෙළගැස්මක් නයින්, සමලිංගිකත්වය දැක්වෙන්නේ, ප්‍රාථමික ලෙසින් හෝ අනන්‍ය වශයෙන් හෝ එකම ලිංගත්වය සහිත ජනතාව අතර " ලිංගික, ප්‍රේමවන්ත, හෝ ශෲංගාරාත්මක ආකර්ෂණයන් අත්දැකීමට භාවිතා කෙරෙන චිරස්ථායි මාදිළියක් හො සංවිහිතියක් " ලෙසිනි; "එය තවත් ලෙසකින් දැක්වෙන්නේ එවන් ආකර්ෂණයන්, ඒවා ප්‍රකාශකිරීමේ චර්යාවන්, සහ මේවාට හවුල් අනෙකුන්ගේ ප්‍රජාවන්ගේ සාමාජිකත්වය පදනම් කොට ගෙන යමෙකුගේ පුද්ගලික හා සමාජීය අනන්‍යතාවය පිළිබඳ හැඟීම ලෙසටයි.

ඔය කියන සමලිංගිකත්වය ගැන ඔබට මනා අවබෝධයක් ඇති වග නිසැකයි, සයිබර් අවකාශය තුල මේ සම්බන්දව ලියවෙන ලිපි ඕනා තරම් අපට මුණ ගැසෙන අතර ඒ හරහා ඔබ මේ සම්බන්දව මනා අවබෝධයක් ඇති අයෙකු බව මගේ මතයයි.

හරි එත් මෙතන කතාව මාව සමලිංගිකයෙකු කරවීමයි. මොකක්? ඔව් එහෙම දෙයක් තමා. හැබැයි මම නම් ඇත්තටම ඒ ගැන ගණන් ගත්තේ නෑ කියලා කියන්ත් බෑ. පෘතක්ජනයෙක් වශයෙන් එක්තරා දුරකට කෝප ගැන්වීමක් සිදු නොවුනා කියලා කියන්නත් බැහැ. ඉතිං  මම මේ ගැන පොඩ්ඩක් හොයාලා බැලුවා. මම මේ කියන්න යන්නේ සමලිංගිකත්වය කියන කාරණය කෙනෙකුට හිරිහැරයක්, ඔහුව අපහසුතාවයට පත්කරන්න, එහෙමත් නැත්තන් සයිබර් අපරාධ සඳහා යොදා ගත්තු හැටියක් ගැනයි. එකත් කරුමෙටම උනේ මටයි මගේ යාලුවන්ටයි. හෙක්.

ලංකාව කියන්න මහා හරි අමුතුම රටක්. මම එහෙම කියන්න ලෝකේ තියෙන ඕනෑම කුණු ගොඩක් මේ රටට එනවා වගේම ඒ දේ තමන්ට ගැලපෙන විදියට හරියටම අච්චුවලට දාල හැඩ ගහලා අරගෙන පට්ට ගහන්න පුළුවන් ජනතාවක් තමා ඉන්නේ. ඒ ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.

ඇත්තම කියන්න මේ සිදිය සිදු වෙන්නේ මට විතරක්ම නෙවේ, මගෙත් එක්ක එකම ආයතනයේ එකට ඒගෙන ගත්තු මගේ හොඳම මිතුරන් කිහිප දෙනෙකුටමත් මේ දේ මේ අයුරින්ම සිද්ද උනා. ඔබ දන්නවා සයිබර් අවකාශය තුල සමලිංගික අවශ්‍යතාව සඳහා නොයෙකුත් වෙබ් අඩවි පවතින අතර මේවා මටනම් තිබුනත් එකක්, නත්තත් එකයි. හරි ඇත්තම කාරණය මම කියන්නම්. සමලිංගිකත්වය මම දකින්නේ කරන අයට හොඳනම් එක ඒ ඒ අය අනිත අයට කරදරයක් නොවන අයුරින් කරගන්නවා නම් මට ප්‍රශ්නයක් නොවන බවයි, එහෙත් කෙනෙකු එයට බලෙන් පෙළඹවීම, අපහසුතාවයට ලක් කිරීම, එමෙන්ම සමජා අපරාද සඳහා යොදා ගනීද, අන්න එතන ගැටලුවක් තියෙනවා.

ඔය කියන වෙබ් අඩවි වලට ඕනෑම එකෙකුට ඕනෑම අයුරකින් ඇඩ් එකක් පල කරන්න අවස්තාව ලබා දීල තියෙනවා. ඔන්න ඕකෙන් තමා මේක කරන අය ප්‍රයෝජන ගන්නේ. අවසන් වසර විභාගයට ආයතනය නිවාඩු දීල සිසුන්ට පාඩම් කරන්න අවස්තාවක් ලාබාදෙනවත් එක්කම තමා මේ සෙල්ලම පටන් ගන්නේ.මොහොතක් හිතන්න ඔබේ ජංගම දුරකතනයට අතොරක් නැතිව දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ ලැබෙනවානම් තවත් අයගෙන් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාගන්න එන්න කියලා, එයත් ඔබ යම්කිසි කටයුත්තකට ඔබේ මානස හා අවදානය යොමු කරලා තියෙන මොහොතක.

ඔව් අපිට ඒ දේ සිද්ද උනා, මොනතරම් පහත් අමන ජඩ මානසිකත්වයක්ද තියෙන්නේ මේක කරපු පුද්ගලයාට. අවසන් වසර විභාගයට ඔන්න මෙන්න තිබියදී මේ වගේ වැඩක් වෙනකොට කොහොමට ඇතිද?.

මට නම් මේ දේ සිදුවුනේ අවසන් වසර විභාගය තියෙන කාලේදී, එත් මගේ අනිත් යහළුවන්ට මේ තෙවන වසර විබාග වල සිටම අත්තද්කින්න සිදු වුනු දෙයක්. ඇත්තම කියනවානම් මට ජංගම දුරකතනයක අවශ්‍යතාවය තියෙන්නේ නිදාගන්න කලින් සින්දුවක් අහන්න, වැඩිපුරම පොටෝ ගන්න, කම්මැලි වෙලාවට ගේම් ගහන්න. ඒ නිසා මට දුරකතනයක් තිබුනෙම නැති තරම් මම ඔය ආයතනයට ඇතුල් වුනු කාලය වෙද්දී, ඒ නිසා මට තෙවන වසර විභාග වලදී ඔය අත්දැකීම මුහුණ දෙන්න වුනේ නෑ.

ඔබ මේ ලිපිය මුල ඉඳන් කියෙව්වා නම් මම පොඩි නිසදැසක් වගේ එකකිනුයි පටන් ගත්තේ, එක එහෙම උනේ මෙන්න මේ නිසා. මේ තියෙන්නේ මට නෙවෙයි මගේ යාලුවෙක්ට අදාලව දාපු ඇඩ් එක ඔය කියන සමලිංගික අඩවියක. මට මගේ ගැන දාපු එක හොයා ගන්න බැරි වුනා. ඉතින් ඒ විදියට පටන් ගත්ත එක වැරදි නැහැනේ.

(නම)  071XXXXXXX:
ada reta mage bodime ude wenakal kamathi fun 1k ganna oni aya call karanna.mama (නම) .(කොළඹ අවට නගරයක) bodimaka inne.sudu slim boy kenek.direct katha karanna.sms epa.asa dewal kelinma kiyanna. 3G tiyenawa nam mama heluwen phone chat 1kata ennam. 071XXXXXXX.

ඉතින් මේ වගේ අද එකක් වැටුනා කියන්නේ ආයේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මේ වගේ ඇඩ් එකක් වැටෙනකන් බලාගෙන ඉන්න පිරිසගෙන් පණිවිඩ එන්නයි ඇමතුම් ලැබෙන්නයි ගන්නවා ගැනිල්ලක් ආයේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරලා තමා බේරෙන්නේ. එන්නෙත් මරුම පණිවිඩ.

patiyo oya koheda api set vemuda

asl plz

mama top oyaa

your mine baby

3g sapak gamuda

number eka daala thibunaa neda

මගේ එක යාලුවෙකුට එයා පාවිච්චි කරපු නම්බර් එක අයින් කරන්න තරම්ම උනා. එත් එයාගේ දෙවැනි නම්බර් එක  දේම වුනා.

පොඩ්ඩක් හිතන්න අවසන් වසර විභාගය ළඟ යාළුවෝත් එක්ක කතා බහකරලා ගැටළු විසඳ ගන්න විදියක් නැහැ, ඒ වගේම ආයතනයෙන් පිටවෙලා රැකියා ඉල්ලුම් පත්‍රයට දුරකථන අංකයක් දාන්න විදියක් නෑ, අසනීපව රෝහල් ගතකරලා හිටිය ලෙඩෙක් ගැන විස්තර අහගන්න විදියක් නෑ.

උඹලා තරහකාරයන්ගෙන් පලිගන්න පාවිච්චි කරන මෙතඩ් වලට ඇත්තටම අපිට හිනා බන්, අපිත් ඇත්තම කියන්න ඔය එන කෝල් වලින් අතල් එකක් ගත්තා. නෑ කියන්නේ නෑ.

මේ දේ අපිට කලේ කවුරු උනත් එක දෙයක් නම් පැහැදිලියි. ඒ අපිත් එක්කම එකට ඉගෙන ගත්තු කෙනෙක් යන වග. මොනවා උනත් අපි උඹට අනුකම්පා කරනවා මිත්‍රයා තියෙන ගැටලුවක් විසඳ ගන්න උඹට කශේරුකාවක් නොමැති වීම සම්බන්දව.

ඒ වගේම මෙවන් මිනිසුනුත් ඔබත් සමග ඔබ අවටම සිටින බව ඔබට පවසමි.

මේ ලිපිය කියවපු ඔබ මම ගිය ආයතනයේදී මට ලැබුණු අත්දැකීම් ගැන ලියපු ලිපියත් කියවලා ඇති කියලා හිතනවා. නැත්තන් මෙන්න.මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයන්

පහලින් ලියමි.
මම ලියන මේ වගේ ලිපි සියල්ලකම මම සඳහන් කරන දෙයක් තියෙනවා. ඒතමයි 
උඹල උඹලගේ ආතල් එක ගනිල්ලා, මන් ආතල් ගන්න එපා කියන්න නෑ, මොකද මාත් කවුරු මොනවා කිව්වත් කොහොම හිතුවත් මගේ ආතල් එක මාත් ගන්නවා, හැබැයි ඒ කාටවත් ඇනයක් නොවෙන විදියට, අන්න එතැනදී උඹලයි මායි සෑහෙන්න වෙනස්. උඹලටත් පුළුවන් වෙනස් වෙන්න තාමත්. 

43 comments:

  1. //කාටවත් ඇනයක් නොවෙන විදියට// කරන්නේ නම් ඒවා අතිශය පෞද්ගලික වේ. ඒවාගේ හොඳ නරක සෙවීම අන් අයට අයත් කාර්යයක් නොවේ.

    "Live and let live" http://en.wiktionary.org/wiki/live_and_let_live

    ReplyDelete
    Replies
    1. හෙක්, ඔබ කියනා කාරණය ඇත්ත, ලින්ක් එක හරහා ගියාම ලැබෙන්නේ මේවැනි දෙයක් නේද
      To be tolerant; to enjoy the pleasures and opportunities which life offers and to allow others to do the same.
      An idiom expressing the ideal of allowing each other to live their lives as each sees fit.
      මට නම් හැඟෙන්නේ මේ වගේ දෙයක්, ඔව් ජීවත් වෙයල්ලා, අපිටත් ජීවත් වෙන්න ඉඩ දියල්ලා වගේ දෙයක්.
      හැබැයි මට මේ දේවල් සම්බන්දව අනුබල දෙන්නවත් නොකර ඉන්න කියන්නවත් කියන්න ඕන කමක් නා, මොකද ඒ ඒ අයගේ ජීවිත ඔවුන්ගේ, ඒවා විඳිනවද වින්දවනවද කියලා තීරණය කල යුත්තේ ඔවුන්, එත් ඒ ජීවිත නිසා අනිත් යට විඳවන්න ඉඩ තියන්න එපා කියලයි මට කියන්න ඕන. ස්තුතියි අදහස් එකතු කලාට.

      Delete
    2. //අනිත් යට විඳවන්න ඉඩ තියන්න එපා //
      ඒකම තමයි ඒකෙන් කියන්නෙ තමන්ගේ කැමැත්ත වගේම අකමැත්තත් අනුන් පිට බලෙන් නොපවරා, අනුන්ගේ මගුල් නොසොයා ,අනුන්ට හානියක් අපහසුවක් නොකර තමන්ට ඕනැ මලදානයක් කරගන්න කියන එක

      Delete
  2. අම්මප ඇත්ත කියල තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියන්න පට්ටම ඇත්ත මේවා, අත්දකින්න සිදුවුණු ඇත්ත. හෙක් මොනවා කරන්නද විවිද මිනිස්සු මේ සමාජේ ඉන්නවනේ.

      Delete
  3. හෙහ් හෙහ් මටත් ඉන්නව තරහ කාරයො දෙතුන් දෙනෙක්....

    ReplyDelete
    Replies
    1. වැඩේ හරියටම කලොත් ආයේ 4න් එක ඔෆ්ෆ් නොකර හරි සිම් මාරු නොකර හරි බේරෙනවා බොරු. අත්දැකීම් සහිතයි.

      Delete
  4. සොමි මචෝ ඕක බාල්දි පෙරලීමේ උච්චත හා ඇඩ්වාන්ස්ඩ් අවස්ථාවක්...
    මෙහෙම හිතපංකො...
    ඕලෙවල් ඒ ලෙවල් වෙනකං එකට හිටපු බොක්කෙ ප්‍රෙඩා එක පාරටම හැලෙනව.. කිසිම හේතුවක් නැ... කතාවක් නැ... එතකොට අනිකට මොකද වෙන්නෙ මානසිකව ඩවුන් යනව... ඒත් අනික ඕව ගැන හිතන්නැතිව පාඩම් කරනව.. අරුත් ඕන කුදයක් කියල පාඩං කරනව කියකො ඒත් අර ප්‍රශ්නෙ ඔළුවට එනව...(මේක ඇත්තටම වුණ සහ වෙන දෙයක් හොදේ) එතකොට මංඥං වෙනවනෙ... බොහෝ දුරට මේ රටෙත් නැති ප්‍රශ්නයක් රන්ද අරූ එක් සෑම් අනාගන්නව..
    එහෙම නැත්තං හොද මඩක් ගහල කැලෑ පත්තරයක් ගහනව... එතකොට එතනත් අවුල් නෙ..
    මේ වගේ කරන්නෙ අපි එක්ක එකට ඉන්න උං මයි.. වෙනසකට තියෙන්නෙ මුංගෙ පරමාර්තය හොයාගන්න අමාරුයි... අපිත් මුංව මුලින් මුලින් බොහෝ දුරට තවත් විස්වාස කරනව ඒත් ඌ අපිට ගේම දෙනව...
    උමලට වෙලා තියෙන්නෙත් ඒක ම තමා... මෙන්ටලි ඩවුන්...
    සරලවම හිතපංකො උබේ යාළුවෙක් නෑදෑයෙක් අහම්බෙන් හෝ උවමනාවෙන් මේක දැක්ක කියල උඹ ඉවරයි නෙ.. අන්න ඒ වගේ පොන්න ආතල් තමා ඒ ජාතියෙ උං ගන්නෙ...
    ඒ වගේ උංගෙන් උඹල පරිස්සං වෙන්න ඕන... කැම්පෝස්(????) වල තියෙන ලොකුම ප්‍රශ්නයක් නෙ බං ඔය එකට ඉන්නව වගෙ පෙන්නගෙන යටිං කෙලවන්න හදන එක..

    මචෝ...
    දුරින් ඉන්න හතුරව විශ්වාස කරපං ඒත් ළගින් ඉන්න මිත්‍රප්‍රතිරූපකයව විස්වාස කරන්න එපා...

    සමලිංගික සීන් එක ගැන කියනව නංමං උඹේ මතයට එකගයි... මම හරි උඹ හරි වෙන එකෙක් හරි තමන්නෙ මතේ මොකකක් වුණත් දෙය්යනේ කියල අනුන්ට කරදරයක් නැතිව තමන්නෙ බිබික්කම කරගත්ත නං ඉවරයි... එහෙම නැතිව අනුන්ට බලෙන් ආතල් (????) දෙන්න යන එක නං මහ කුප්ප කුජීත අසංවර අසික්කිත වැඩක්...
    හැම කෙනාටම තමන්නෙ මතයක් තියේ ඇත්ත ඒත් අනුන්ට ඒක කරදරයක් නං එහෙම කරදරයක් නොවෙන අය හොයාගන්නෙක හොදයි...

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා මහේෂ් සහෝ...., හැබැයි ඒ වගේම කැම්පස් ජීවිතේදී බඩේ බත්තුත් දෙන අවංකම යාලුවොත් මුණ ගැසෙන බව කියන්න ඕන, මේ දේ උනේ අන්න ඒවගේ අවංකම යාලුවෝ සෙට් එකකට. ඇත්ත මෙතන තියෙන ප්‍රශනය මම කලින් ලියපු මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයන් කියන දේත් එක්ක මනාව ගැලපෙනවා. මොකද දැන් සමස්ත කැම්පස් පද්දතියම යන්නේ GPA එකක් පදනම් වෙච්ච සෙමෙස්ටර් විදියට විබාග තියෙන ක්‍රමයක්. එකට ඉන්න උන් උඩට යන එකත්, උන් දරන මතය නොදැරීමත්, උන්ගේ කටයුතු වලට එකතු නොවීමත්, ඒ ඔක්කොටම වඩා කොන්දක් නොතිබීමත් යන කරුණු මේ වගේ වැඩ කරන්න හේතු වෙනවා, මානසික සීන් තමා. යේ නයේ අහන්න දකින්න දෙයක් නෑ අම්මම මේ වගේ 4න් කෝල් එකක් අන්සර් කළා, ඉතින් හිතා ගන්න පුළුවන්නේ.

      //මම හරි උඹ හරි වෙන එකෙක් හරි තමන්නෙ මතේ මොකකක් වුණත් දෙය්යනේ කියල අනුන්ට කරදරයක් නැතිව තමන්නෙ බිබික්කම කරගත්ත නං ඉවරයි... එහෙම නැතිව අනුන්ට බලෙන් ආතල් (????) දෙන්න යන එක නං මහ කුප්ප කුජීත අසංවර අසික්කිත වැඩක්...//

      තරයේ අනුමත කරමි.

      Delete
  5. අද කාලෙ කැම්පස්වල, ඔෆිස්වල යාලුවො නෙමෙයි ඉන්න බහුතරය රේස් එකක් දුවන රොබෝලා.
    අපේ අම්මගෙ යාලුවෙක්ට මෙහෙම දෙයක් උනා. නව ආහාර සැකසුම් ක්‍රම ගැන පේටන්ට් කිහිපයක් තියන සයන්ටිස්ට් කෙනෙක්. ආයතනයේම එකෙක් ඉරිසියාවට එයාගෙ ෆොටෝ එකක් සහ ඔෆිස් නම්බර් එකත් එක්ක ප්‍රොෆයිල් එකක් හදලා ඩේටින් සයිට් එකක.

    අන්තිමට එයාට උනෙත් ඔයාලට උන දේම තමයි. හැබැයි එයා ඒ සිදුවීමෙන් පස්සෙ ලංකාවෙ රැඳුනෙත් නෑ.

    කැම්පස් යාලුවො විතරක් නෙමෙයි අවුරුදු ගානක් ගිහින් මානසික ඇරියස් කවර් කරන්න ඔය විදියෙ ඉස්කෝලෙ "යාලුවෙක්" ගැනත් අත්දැකීමක් තියෙනව. කොන්දක් නැති කමැ

    ReplyDelete
    Replies
    1. එකෙන්ම බස්සි අක්කා, කොන්දක් නැති කම කියන්නේ ආයෙත් මොනවා කරන්නද, පවට පින් දෙන්න බෑනේ, පව් එතුමිය, ඔය වගේ හරක් ඉන්න නිසා රටට වටින සම්පත් රටෙනුත් පිට ගිහින්. අක්කා කැමති නම් ඒ අත්දැකීමත් ලියන්න අපිටත් බලන්න.

      Delete
  6. මෙහෙම පළිගන්න උනුත් ඉන්නවද බං?? මහ පිස්සු යක්කු!!

    සමලිංගිකත්වය ගැන මගේ අදහස නම්, එහෙම හැඟීම් ඇති වෙන්නෙ කොහොමද බං? අනේ මන්දා!

    ReplyDelete
    Replies
    1. ඔහොම නෙවේ ඔයිට අන්ත විදියට පළිගත්ත හැටි ගැන ඔය බස්සි අක්ක කියලා තියෙන්නේ.

      //සමලිංගිකත්වය ගැන මගේ අදහස නම්, එහෙම හැඟීම් ඇති වෙන්නෙ කොහොමද බං? අනේ මන්දා!//

      මේ වෙන වැඩත් එක්ක එහෙම හැගීම් ඇති වෙනවනේ :D, ප්‍රියා සහෝ ඔය එක දිහා බලලා තියෙනනේ ඔයා දා ගත්ත කන්නාඩියෙන් පෙරිලා එන පාටට ඔයාට හිතෙන්නේ එහෙම හැගීම් ඇති විය නොහැකි බවයි නේද, මම කියන්නේ ඕන එකෙක් ඕන මගුලක් කරගත්තාවේ, මොකද ඒ එවුන්ගේ ජීවිත, අපිට බෑ වෙන අයගේ ජීවිත ගැන තීරණ ගන්න, එත් මේ අහක ඉන්න අපිව ගාවන එක තමා ඉවසන්න බැරි. එකයි මම මේ කියලා තියෙන්නේ.

      //සමලිංගිකත්වය මම දකින්නේ කරන අයට හොඳනම් එක ඒ ඒ අය අනිත අයට කරදරයක් නොවන අයුරින් කරගන්නවා නම් මට ප්‍රශ්නයක් නොවන බවයි, එහෙත් කෙනෙකු එයට බලෙන් පෙළඹවීම, අපහසුතාවයට ලක් කිරීම, එමෙන්ම සමජා අපරාද සඳහා යොදා ගනීද, අන්න එතන ගැටලුවක් තියෙනවා.//

      Delete
  7. මෙහෙම දෙයක් ගැන දැනගත්තෙ අදමයි .මේ කතාව කියෙව්වට පස්සෙ .ලංකාවේ මෙච්චරම පහත් වැඩ කරන අය ඉන්නවා කියල ඇහෙනකොට කලකිරෙනව .exam වලදීත් ඕවගේ පහත් වැඩ කරන 'යාළුවො ' ඉන්නවනම් .හිතාගන්න බෑ ..හැබැයි එකදෙයක් කියන්න ඕන අය්යෙ ඕවගේ පහත් මානසිකත්ව තියන ,අනුන්ව පහලට ඇදල ඉහලට නගින්න හදන මිනිස්සුන්ට පැවැත්මක් නැ .

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම නංගි, මේ වගේ අයත් ඉනනවා කියලා තමයි මටවත් කියන්න ඕන උනේ, අනේද කියන්නේ නංගි තමන් කලකිරිලා හරියන්නේ නෑ, අනුකම්පා කරනවා හැරෙන්න. පරිස්සමෙන් දුරකථන අංක හුවමාරු කරගන්නේ, මේවා ගෑනු ළමයින්ටත් වෙන්න පුළුවන්, බස්සි අක්කා ඔය කියලා තියෙන්නේ ජවුරු හරි එක්කෝ අම්ම කෙනෙක් හරි වෙන කෙනෙකුට වෙච්ච වැඩක් ගැන, ඉතින් ඉගෙන ගන්න එකාගේ ඉඳලා රස්සා කරන එකා දක්වම විකල් වුනු මානසිකත්ව තියෙන අය ඉන්නවා. අපි ප්‍රවේසම් විය යුතුයි.

      Delete
  8. පික්සු පීකුදු කිව්වා..

    ReplyDelete
    Replies
    1. ඒවගෙත් හොඳම පීකුදු කෑල්ල මේ.

      Delete
  9. යකෝ මාරම භයානක තත්වයක්නේ එක.මගෙත් එක පාරක් ටෙලිපොන් නම්බර්ස් දාලා ikman.lk එකේ ඇඩ්වටිස්මන්ට් දාලා තිබුනා මගේ ගාව බල්ලෝ විකුනන්න ඉන්නවා කියලා.හැබැයි ඒ මගේ යාලුවෝ කිහිප දෙනෙක් තමයි ඒ වැඩේ කරලා තිබ්බේ.කෝල්ස් එනකොටටයි වැඩේ දාන්නේ.:D
    එක මේල් එකයි ඉක්මන් එකට යැව්වේ උන් ඒ ඇඩ්වටිස්මන්ට් එක අයින් කරලා තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මේ සයිට් වල අයින් කරන්න තියා මෙලෝ මගුලක් කරන්න විදියක් නෑ, අනික ඕන එකෙකුට ඕන විදියට දාන්න පුළුවන්, ලොගින් නෑ, අනේද කියන්නේ. හෙක් බල්ලොනම් බැරිය මුන් අහන්නේ ගුද මාර්ගේ ගැන නේ :P

      Delete
  10. පහුගිය දවසක මමත් කුනුහරුප කතා වල තියෙන්නෙ මොන වගේ කුනුහරුපද කියලා බල බල යනකොට ඒ එකක දෙකක ඔය නම්බර් දාල කොමෙන්ට කරලා තියෙන කිහිප දෙනෙක් දැක්කා. ඇත්තටම ඒ නම් වෙනත් අයගෙ වෙන්න පුලුවනි.
    එක් වතාවක් ඉතාම නොගැලපෙන අන්දමේ ලොකු සීන් දීපු ගෑනු ලමයෙක් සම්බන්ධයෙන් ඔය විදියේ වැඩපිලිවෙක් කල යුතුයි කියලා මමත්යාලුවෙකුට උපදෙස් දුන්නා. ඒ නම් ඔය විදියෙ දෙයක් නෙමෙයි. ඒකෙදි කරන්නෙ රුපියල් හාරසියක් දීල වරායේ කම්කරු රැකියා රුපියල් 75000ක් මාසට ආදායමකියලා ඇඩ් එක දානවා.. වදයක් වුනත් සති දෙකකින් විතර කරදරේ ඉවර වෙනවා.. කෝල් කරලා සැලරි එක අහනවා..පහසුකම් අහනවා..වැඩ ලේසියිද අහනවා...
    ෆෝන් එක නැතුව ඊමේල් වලින් රාජකාරිමය කටයුතු කරන එක අපිටත් ඒ වගේම ආයතන වලටත් හරි ලේසියි.. මම නම් කන්තොරු වැඩවලපෝන් එක භාවිත කරන්නෙ අත්‍යාවශ්‍යම වුනොත් විතරයි..නැත්තම් ඊමේ්ල වලින්මයි ගනුදෙනුව. එක අතකින් අපිට විශ්වාසදායක සහතිකයක් ලැබෙනවා. අනික වෙලාව නාස්ති වෙන එක අවම වෙනවා..

    ReplyDelete
    Replies
    1. හෙක්, ඔබට නොගැලපුණු දේ තව කෙනෙකුට ගැලපෙන්න පුළුවන්, ඉතින් ඔබ කොහොමද කියන්නේ එක එයාට නොගැලපෙන දෙයක් කියලා, ගෑනු ළමය දැම්මේ ලොකු සීන්ද පොඩි සීන්ද කියලා ඔබ හදාගත්තේ සාපේක්ෂ මිම්මක්, ඒ මිම්මේදී ඔබ කිරලා බැලුවා ආ මෙයා මට දැම්මේ හෙන ලොකු සීන් එකක් කියලා කියලා, ඊළඟට ඔබේ හිතට ආව ආ උඹට දෙන්නම් වැඩක් කියලා, අයි එක සිදුවුණු සිද්දියක් පස්සේ තව තවත් තව තවත් ඒකටම ඇලිලා ඉන්නේ, එක ඉතැනින් වෙලා ඉවරයි, එත් ඔබ තාමත් එකේ ඇලිලා, ඊළඟට පිළියම් හොයනවා, අතහැරලා දැම්මනම් ඉවරනේද?

      මොකක් උනත් ඔබ ලබා දුන්න පිළියම මම අනුමත කරන්නේ නම් නැහැ, හිතන්න ඔබට සාපේක්ෂව, ඔබටත් ඔය අත්දැකීමට මුහුණ දෙන්න උනා නම්, ඔබ මොකක්ද ගන්න පිළියම, බන කියනවා කියලා හිතන්න එපා, ජීවිතේ සැහැල්ලුවෙන් විදින්න.

      ඊළඟට විද්‍යුත් තැපෑල හොඳයි රාජකාරී ගනුදෙනු වලට, එත් මෙතන රාජකාරීත්වයෙන් ඔබ්බට ගියපු මිතුරන් සමග, එමෙන්ම අම්ම තාත්තා එක්ක කතා කරන, දුරකථන අංකය ගැනයි ගැටලුව. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි, නමුත් ඔබ කල වැඩේ මම අනුමත කරන්නේ නම් නැහැ. මොකද ඒ දේ ඔබට හොඳ විදියට හැඟුනට මට එහෙම නොවන නිසා.

      Delete
  11. මමත් මෙහෙම දෙයක් ඇහැව්වෙ අදමයි. නින්දිත කැත මෝඩ ආතල් ගැනිල්ලක්.

    ReplyDelete
    Replies
    1. මී වගේ දේවල් කරන මිනිස්සු ඉන්නවා කියලා අපිත් දැනගත්තේ අපිත් මේ සිදුවීමට මුහුණ දුන්නට පස්සේ, විකෘති මානසිකත්වනේ, කියලා වැඩක් නෑ අනුකම්පා කරනවා හැරෙන්න. ඔය අයගේ අසරණ අම්මලා තාත්තලාට කිඹුහුන් යවන්න තරම් පහතට වැටුනේ නෑ අපි, අපිට ඔය දේවල් විනොදයක්ම උනා විතරයි.

      Delete
  12. පිස්සු හැදෙනවා.. පලිගන්න ඉතින් මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නැහැනේ බං..

    ReplyDelete
    Replies
    1. අනේද ලියන්නේ කිව්වලු. :p

      Delete
  13. සමලිංගිකත්වය වරදක් නෙවෙයි.නූතන යුගයේ බුද්ධිමත් හැමෝම මේක පිළිගන්නවා. ඊට බිය වියයුතු නෑ. අනෙක එය නූතන කාන්තා විමුක්ති ව්‍යාපාරයෙත් ප්‍රධාන දෙයක්. අනාගත ලෝකයේ සමලිංගිකත්වය තවත් දියුණු වෙයි. ඒක විශේෂයෙන් කාන්තාවන්ගේ ජයග්‍රහනයක්.

    ReplyDelete
    Replies
    1. හැමෝම ඔය විදියට හිතුවොත් අනාගත පරපුර නැත්තටම නැති වෙලා ගිහින් මනුස්ස ජාතිය වඳ වෙලා යයි, එත් කියන්න බා පරිනාමනය වෙලා සමලින්ගිකයන්ටත් ළමයි හම්බ වෙයිද කියලා, හැබැයි බලෙන් පොළඹවන්න, ඒ හරහා තවකෙකුට හිංසා කරන්න එපා, ඔබ කියන සරල සුගම අවබෝධ්ජත්මක සමලිංගිකත්වය මොන කල්පේදී උදා වෙයිද කියලා කියන්න මට හැකියාවක් නා, ලෝක කාරනා ලංකාවට එද්දී පෙරිලා එන විදියට වැඩි වශයෙන් මේ සඳහා අද වන විට යොමු වෙලා ඉන්නේ මානසික අසහන කාරයන් මිසක් වෙන කවුරුවත්ම නෙවෙයි, ජුන්ඩව ඔබා ගන්න හිලක් නැති උනාම මොකක් හරි හිලක් හොයන එක විකල්පයක් නෙවේ, කාන්තාව විෂයෙහි ඒ සම්මබඳව කතා කරන්නට මම කාන්තාවක් නොවන නිසා මට කිසිවක් කිව නොහැක.

      Delete
    2. පරිනාමය වෙන්න දෙයක් නෑ බලන්න බටහිර රටවල සමලිංගිකයන් විශේෂයෙන් සමලිංගික කාන්තාවන් ළමයි හදනවා ඒ පිරිමින් එක්ක එකතුවීමකින් නෙවෙයි. ඒ අය සමලිංගික පිරිමින්ගෙන් ධාතු ලබාගෙන ඒවා ශරීරගත කරගන්නවා. සමලිංගික පිරිමිත් දරුවන් අරන් හදාගන්නවා.මේවට යොමුවෙන්නේ මානසික අසහන කාරයන් කියලා ඔයා කියන්නේ පුද්ගලිකව මේ අය ගැන තියෙන යම් වැරදි ආකල්පයක් මත. ඒත් ඒක එහෙම නෙවෙයි. ඔවුන් ඉතා බුද්ධිමත් වගේම හොඳ මානව හිතවාදීන්.

      Delete
    3. ඔව් අබුදස්ස කාලෙට ලබුත් තිත්තයි කිව්වලු, මේ යන විදියට ගිගොත් පරමායුෂ අවුරුදු 10 වෙන්නනත් ඊ කාලය තුල ළමයි හදන්නත් මව පියා සහෝදර සහෝදරී අන්දුරන්න් නැතිව උනුන් එකට හැමිනේන්නත් ගන්න එක ගන්නවාමයි, ඔබ ලිපිය කියවන්නේ නැතිව ඔබේ හුදු මත ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණක්, මම මෙහි කුමක් අවධාරණය කර ඇත්තේද යන්න මදක් සොයා බලන්න, මම සමලිංගිකත්වය විවේචනය කරන්න ගිහින්ලා නා මොකද මම එහෙම එකෙක් නොවෙන නිසා, මට අයිතියක් නා මම නොදන්නා කෙහෙල්මලවල් විවේචනය කරන්න ඒ සම්බන්දව මට අත්දැකීම් නැතිව, දැනුමක් හා අවබෝධයක් නැතිව, ලංකාවේ ඔබ කියන ආකාරයේ සරල සුගම සුබාවිත සමලින්ගිකත්වයක් නම් ලොවෙත් නැති අතර හුසු පරපීඩා කාමී තවකෙකු අපහසුතාවට පත කරන මොනම හෝ අයුරකින් තම ලිංගික අවශ්‍යතා ඉටු කරගන්නා හුදෙක්ම dating කෙහෙල් මලක් මිස වෙන අහවල් එකක් නම් නැති බව හොඳට ඇත දැක ඇත්තෙමු, ලංකාවේ ඇති සමලිංගික අඩවි බහුතරයකට ඕනෑම එකෙකුට ඕනෑම අයුරකින් දැන්වීම් පල කල හැකි අතර ඒවා එලෙස කරනුයේ සුදු සමලිංගිකයන්ට වඩා කළු එවුන් බවත් උන් විෂමලින්ගිකයන් බවත් පැහැදිලිය, එනම් අත්දැකීම් ඇත්තෙමු, එලෙසම ඒවා බලා ඇමතුම් ලබා දෙන්නේද එවන්ම කළු සමලිංගිකයන් මිසක විනා ඉඳ හිට සුදු එකෙකුද ඇමතුම් ලබා දේ, එහෙයින් ඔබ කියන ආකාරයේ සරල සුගම සුබාවිත සමලින්ගිකත්වයක් ලංකාවේ දැනටනම් නැති අතර එහෙයින් ඔබ හොඳයි පෙනී සිටින කරුණ මට නම් එහෙන් පිටින්ම ජරා වලකී, මන්ද අත්දැකීම් සහිතව කතා කරන හෙයිනි, එම නිසා ඔබ කියන ආකාරයේ බටහිර යුරෝපයක ගැන නොව අප ජීවත් වන ලංකාව ගැන කතා කරන හෙයින් ලංකාවේ සමලිංගිකත්වය ඔබ කියන පිම්ම පැන බටහිර යුරෝපියානු අරකට කවදා කොහොම යාවිද නම් කිව නොහැක. එහෙයින් ඔබ පෙනී සිටින සමලිංගිකත්වය ලංකාවේ හුදෙක්ම නැති කැවුමකි, එහෙයින් නැති කැවුම් වෙනුවෙන් පෙනී නොසිට ඇති කැවුම රැකගන්නා ලෙස කාරුණිකව ඉලා සිටිමි, මෙලෙස කියන්නේ පැහැදිලි අත්දැකීම සහිතව කොපමණ පීඩාවට පත්වුනා දැයි හොඳින්ම දන්නේ අපම පමණක් නිසාය, ලිපියේ සමලින්ගිකතාවය මම විවේචනය කර නැති අතර හුදු ආගමික මතය උපුටා දක්වා ඇත්තෙමු, තවද ලිපියේ මා තරයේ අවදාරණය කර ඇත්තේ //උඹල උඹලගේ ආතල් එක ගනිල්ලා, මන් ආතල් ගන්න එපා කියන්න නෑ, මොකද මාත් කවුරු මොනවා කිව්වත් කොහොම හිතුවත් මගේ ආතල් එක මාත් ගන්නවා, හැබැයි ඒ කාටවත් ඇනයක් නොවෙන විදියට, අන්න එතැනදී උඹලයි මායි සෑහෙන්න වෙනස්. උඹලටත් පුළුවන් වෙනස් වෙන්න තාමත්. // ලෙසට විනා සමලිංගිකත්වය කළුද සුදුද නොවන බව ලිපිය කියවූ බහුතරයකට නම් පැහැදිලිය.

      Delete
  14. අනේ මන්දා බොල...මුල් කාලයේම මානසික උපදේශනයක් කලා නම් ඔය ලෙඩේ හොදවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක මමත් පිළිගන්නවා. මේ මානසික රෝගී තත්වයට අතීතයේ ඉඳන් ප්‍රතිකාර කර තියෙනවා.

      Delete
    2. නමුත් දුක යනු මේ ලෙඩ්ඩු තමන්ට රෝගී තත්වයක් නොමැති බව සිතමින් සමාජයට විසබීජ කාරක පතුරවන එකයි.

      Delete
    3. මේක රෝගී තත්වයක් නෙවෙයි. එහෙම හිතන්නේ පුරුෂයා කාන්තාවන් තමන්ට ලියල දුන්න කාමුක වස්තු කියලා හිතන පසුබිමක් තුල. ඇත්තෙන්ම සමලිංගික පිරිමින් කාන්තාවන්ට හරියට ගරුකරන්න දන්නවා. ඔවුන් කාන්තාවන් තමන්ගේ කාමුක වස්තුවක් ලෙස සලකන්නේ නෑ. ඒ වගේම සමලිංගික කාන්තාවන් වෙනමම ලිංගික බැඳීමක් තුල කාටත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. නූතන ලෝකය පිළිගන්නේ සමලිංගිකත්වය බුද්ධිමත් ලිංගික හැසිරීමක් කියලා.

      Delete
    4. ලිපියේ අවදාරණය කර ඇති දේ නම් රෝගී තත්වයකි, ඔබ ලිපිය නොකියවා කමෙන්ට් පල කිරීම කනගාටුවට කරුණකි.

      Delete
  15. සියල්ලට පෙරාතුව Homophobia කියන එක පරාජය කරමු.

    ReplyDelete
    Replies
    1. සියල්ලට පෙරාතුව කියල වර්‍ගීකරණය කරන්න අපහසුයි. කොහොමවෙතත් සියලු prejudices සහ අන්තවාදය නැත්නම් හොඳයි කියන එකටනම් මාත් එකඟයි.
      හැබැයි ඔබේ misandryත් අන්තවාදයට අයිතියි වගේ. එහෙම නැත්නම් ඔබ එය වැඩිකරල (exaggerate ) කියනවද දන්නෙත් නෑ ඔබේ මතය වඩා තදින් කියන්න

      Delete
  16. විවාදාත්මක මාතෘකාවක්, මගේ ආදහස නම් මේ පිලිඹද අපි විශේෂ අවධානයක් යොමු නොකළ යුතු බවයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ කතාවේ සෑහෙන්න තරම් පිළිගත යුතු අත්තක් තියෙනවා, එත් කතා නොකරත් බැහැ, අංක එක අපි මේ ගැන කතා කරන්න කැමති නැහැ, දෙක පෙරවා නිගමන වල සිට මේ ගැන කතා කරන්න හැකියාවක් නැහැ, දෙයක් ගැන හොඳටම හා හරියාකාරවම දන්නේ ඒ දේ අත්දකින විඳින හෝ විඳවන මනුස්සයා, නමුත් මේ කාරණයේදී මමත් එක වරක් තවත් එක මනස වියවුල් වූ කෙනෙකු නිසා පීඩා වින්දා.

      Delete
  17. මුලින්ම සමාව ඉල්ලනවා සොමියාගෙන්, සොමියාගේ බ්ලොග් එකට එක දවසක් වත් ගොඩ වුණේ නැති එකට. එහෙම වෙලත් මගේ බ්ලොග් එක කියවීම තරම් මානසික දියුණුවක් ඔබට තිබීම ගැනත් මම ආඩම්බර වෙනවා. මගේ කාර්යබහුලත්වයත් එක්ක මට ලැබෙන සීමිත ඉඩකඩත් එක්ක නිතර ගොඩවදින කිහිපයට යෑමට පුරුදු වී තිබීම විශාල අඩුපාඩුවක්.

    සමාජ් ජාලා නැති කාලේ මම ඊ මේල් ග්රූප් එක්ක හිටිය mms_lanka කියලා. ඒ කාලේ ජී මේල් ආපු දවස්(2004). මම මගේ ඊ-මේල් එක යට දුරකථන අංකය සටහන් කරලා තිබුණා ෆූටර් එකේ. සමරිසි කෙනෙක් මේක අරගෙන මහා රෑ මට කෝල් කරන්න ගත්තා නේ. ඒ කාලේ නම් ගොඩක් කුණුහරප කියන්න වුණා. නමුත් දැන් call blocking තියෙන නිසා අවුලක් නෑ.

    එහෙම හිතෙන අය ගැන අපු අනුකම්පා කරමු.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙන අය ගැන අපු අනුකම්පා කරමු.

      අනිවාර්යයෙන්ම සුදීක අයියා, එක තමා කරන්න තියෙන දේ,

      අය්යෝ සමාව ඉල්ලන්න ඕනා නැහැ අයියා, අපි කවුරුත් කාර්ය බහුලයිනේ, සුදීක අයියා මීට කලින් ඇවිත් ලිපි කියවලා තියෙනවා, විශේෂයෙන්ම මම ලියපු අපේ එකෙකුගේ කතාවක් කියන කෙටි කතාව. අයියගේ ලිපි හරිම රසවත්, විශේෂයෙන්ම ලෝකයේ තොරතුරු දැක්වෙන ලිපි, ඒ වගේම අයියගේ වෘත්තීය ජීවිතයේ කතා.

      ස්තුතියි අය්යා මේ පැත්තට ගොඩ වැදුනට.

      Delete
  18. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...