Saturday, August 23, 2014

මේ අපේ එකෙකුගේ කතාවක්.......


ඔහුට එදින ද වෙනදා මෙන්ම තවත් එක දවසක් ම වීද යන්න ගැටලුවකි, සිරගෙයක බඳු වූ නවාතැනෙන් නැගෙන කුයිලයක් වන් පුස් ගඳත්, රාත්‍රිය පහන් කල බෝතල වල ඉතිරියත්, තනි නො තනියට තත් හඬන  අහුලා ගත් ගිටාරයත්, හීන අතර මිලින වී ගිය සුසුමන් සමුදායකුත් අතරින් ඔහුට ද හිමි දිරි අරුණාලෝකය උදා වේ. කාඩ්බෝඩ් කැබැල්ල මත ගත ගුලිකර පොරවාගත් ආදරණීය කඩතුරාවට සමුදීමට කාලය එළඹ ඇත. එහෙත් හිත තවමත් කුමකින් හෝ පීඩා ගෙන දෙමින් විඩා බර බවක් ගතට ගෙන දෙයි. හිසට ඉහලින් කල්ප කාලයක සිට මකුළුවන් සිතුවම් අදීන අයුරු බලා සිටීම දැන් ඔහුට පුරුද්දට ගොසින්ය. සදහටම වසා දමන ලද කවුළුවෙන් යන්තමින් රිංගාගත් හුලන් පොදක් මකුළු සිතුවම් හා එක්ව එහාට මෙහාට තාලයකට රඟ දෙයි.
ඔහු පීඩාවට පත් කරන සිතුවිලි වලින් නිදහස් වන්නට සිත සිසිලක් ඇයද සිටියද දෙතුන් දොහක සිට ඇද හැලෙන වැසි කිසිදු සිසිලක් ගෙන නොදෙයි, ගුප්ත පාලු තනිකමක් තුල මහා කාලකන්නි මුසල බවක්ම විනා වැසී අඳුර කුමක් නම් මවා පාම්ද, ඉඳ හිට වලාකුළු අතරුන් මැවෙන රිදී රේඛා වන් ඔහුගෙන් බොහෝ දුරය, අතොරක් නැති ගොසාවන් අතර අහසින් මතුවන හෙන හඬද අමුතු අරුමයක් මවා නොපායි. වැහි දිය  අසුවන සියල්ල දියකර හරිමින් මහපාරේ උමන් කනින්නටත් මද කති තන්නනටත් ගෙන ඇත. වහ වහා කඩතුරාවෙන් මිදුණු හෙතම කිසිදු වගක් නැති සේ දොර කඩට වී අහස දිය මවන සිතුවම් වටහා ගැනීමේ දුෂ්කර වූ ප්‍රයත්නයක නිරත වන්නට විය. කඩ වීදියේ සුවිසල් වීදුරු මතට වැටෙන වැහි දිය ඒ මත නෙක රටා මවමින් පහලටම රුරා යයි. තවකෙකු ඉසිලූ කුඩයක් තවකෙකුට බාදාවක් වන සැටි අපුරුය, කවුරු කව්රුත් ඒ ජරා වල මතින් විවිද වූ අන්ත කරා වැසී දියට දොස් නගමින් එහෙ මෙහෙ ඇදෙති. ගතටම සිර වූ ඇඳුම් වල කිටි කිටියත්, පාවහන් හා මඩ අතරින් මතු වන චිරි චිරියත් ඔහුට අපූර්වත්වයක් මවා පාන්නට සමත් විය.
වහ වහා රාත්‍රිය අමතක කර දැමිය යුතුය, සියල්ලම ඒ උදෑසනද යන්ත්‍ර මෙන් මහා මග එහෙට මෙහෙට වැනෙයි, අහෝ ඔවුන්ටද ජීවිත උරුමය. කුසගින්න හා බලාපොරොත්තු අතර මාරාන්තික සටනක ඔවුන් නිරත වේ. දිනක මාරයාගේ හෝරාව එළැබෙන තුරුම එකම දෙ එකම විදියට එකම තාලයකට කරනා යන්තර බවට උදෑසන විසින් ඔවුන් හසුකර තිබේ, පාපී උදෑසනේ ග්‍රහණයට ඔවුන් සියල්ල නතු වී ඇත. මොහොතක හෝ සැනසීමක් ඇත්තේ සැන්දෑ අඳුර තුලම පමනකි. ආලෝකය ඇති විටද අඳුරේ ගතවන ජීවිතවලට අඳුරු සැනසුම් සුසුම් හා හෙටක් ගැන දහසක් බලාපොරොත්තු ගෙන දෙයි. නමුත් ඒ හෙටද අරබෙන්නේ උදෑසනකිනි. අදුරට හුරු ඔවුන් අදුරට පෙම් බැන්දද නුහුරු නුපුරුදු ආලෝකයක් හොයා ඇදෙන සැටි ඔහුට අරුමයක් නොවීය. රැයද දවාලද ඔහුට කිසිම වෙනසක් නැත.
සියල්ල සිදු වී හමාරය. ඒ අරුම පුදුම සිදුවීම් සමුදාය ඔහුගේ ජීවිතය හා බද්ද නොවන්නට ඔහුද තවමත් ඒ මේ අත යන්නකුම වන්නට තිබුණි, සියල්ලට විසඳුම් කාලය ලබා දෙද්දී ඔහු සියල්ලගෙන් පලායන්නකුද නැතහොත් උන්මත්තකයකුවීද යන්න ඔහුට නො වැටහේ. පෙර දා රාත්‍රිය ගෙවී හමාරය. ඔහුට අද දිනට මුහුණ දිය යුතු ව ඇත. ඔහුටද සිහින් බලා පොරොත්තුවක් ඇත, ඔහු පොරොන්දු වී හමාරය. ඔව් ඔහු පොරොන්දු වී හමාරය.
.....................................................................................................................................
"අපි මොකද දැන් කරන්නේ, අපිට තව දුරටත් මෙහෙම ඉන්න බෑ, මේ ගැන අපි තීරණයක් ගන්න ඕන බන්?" 
"මං දන්නේ කොහොමද? මටයි කියලා අමුතුවෙන් මොලයක් නෑ, උඹට තියෙන ජාතියේ එකක්ම තමයි මට තියෙන්නෙත්, උඹට හිතෙන විදියටමයි මටත් හිතෙන්නේ, මොකද මොකද මමත් තව එකෙක් විතරයි මේ ජරා සමාජ ක්‍රමයේ ම."
"යකෝ මන් ආවේ උඹේ දේශනා අහන්න නෙවෙයි, තොයි මාව මේ ජරාවට දැම්මේ”
“තෝ හිටෙයේ ජරාවක නෙවෙයි වෙන්නැති, තොට අපි කරපුවා හොඳ මදි වෙන්නැති, මතක තියා ගනින් මන් එදා  ඉඳන් තොත් එක්ක එකටම හිටපු විත්තිය.”
“තොගෙන් මට දැන් වැඩක් නෑ”
"ඔව් උඹට අපිව දැන් වටින් නෑ තමයි, මන් තොට කිව්වා තෝ ඔය හිම තට්ටුවෙන් වහන් ඉන්න ගිනිකන්ද කවදා හරි පුපුරනවා කියලා, එදාට තොට තොත් නෑ. කොහෙද තෝ මන් කියපු දෙයක් ඇහුවද? ඇයි තොට අපි හොඳ නැද්ද?, මන් යනවා කුණුවෙන්නම  ගහන්න, ගහලා ඔය පාරේ කෝහේ හරි වැටිලා ඉමු, මොනවා හරි කල්පනා වෙයි. උඹත් ඕනනම් වරෙන්"
කලකට ඉහත දෙදෙනෙකු අතර වූ කතාබහක ඔහු එක් පාර්ශවයක් විය. මහා හෙන හඩක් සමග ඔහුගේ හිස පුපුරා යන අයුරක් ඔහුට දැනුනි. නොයෙකුත් විකාර සිතුවම් සමුදායක් සිනමා පටයක් සේ මනසේ ඇඳී යන්නට වූයෙන් දෑස් පියන් තද කර දෑතින්ම දෙනෙත් වසා ගත් ඔහු  නගන්නට වුයේ සැමදා මත් පීඩිත ව නගන එකම හඬය.
"මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දීපල්ලා යකුනේ....."
.....................................................................................................................................
පියෙකු කිසිදා දැක නොමැති ඔහු රැකබලාගත්තේ ගැහැනියක විසිනි. ඒ ඔහුගේ හැදු මවද නැතහොත් වැදු මවද  යන්න ගැන ඔහුට හැගීමක් නොවීය, හැගීමකට වඩා අවබෝධයක් නොවීය කිවහොත් සාධාරණ වනු ඇත. ඔහු දන්නා එකම කරුණ වුයේ කුසගින්නට  අහරයකූත් එය තමන්ට ලබා දීමට ගැහැණියකුත් සිටින බවක්ම පමණි.
ඒ ගැහැණියගේ නිරුවත් සිරුර මත විවිධ පුද්ගලයන් නිරුවතින් හෝ අඩ නිරුවතින් උනුන් වෙලී තමාට නො වැටහෙනා කුමක් හෝ සිදු කරන අයුරු තමන් කුඩා කල අඳුරු මුල්ලකට වී බලා සිටි අයුරු ඔහුට මතක් විය.
මරණය ඔහුට කොතරම් ම ආගන්තුක වීද යත් එහි වූ එකම යහන මත නිරුවත් ඇගේ ගෙල කපා මරා දමා තිබූ අයුරු දුටු ඔහුට තැති ගැනුමක් ඇති නොවුණි. ඇගේ වෙන දා මතු වන සිනහව ඇගෙන් ඉවත්ව ගොස් තිබුණා පමණක් ම විය
“තෝ කොහිද බොල හිටියේ”
“මම දන් නෑ..., මට මතක නෑ....”
“තෝ මොනවද දැක්කේ?”
“මුකුත් දැක්කේ නෑ”
“තෝ මොකෙක් ද?”
“මම...මම දන් නෑ.....”
ඇගේ ඝාතනය හමුවේ වූ පොලිස් පරීක්ෂණ වලදී අතොරක් නැතිව නිලධාරීන්ගේ විවිධ අඩන්තේට්ටම් වලට ලක් වූ ඔහු, එම සිදුවීම් දාමය හමාර වන්නේ අතන මෙතන ලගින්නකු වීමෙනි.
හිසට හිස් අහසද, කුසට බඩකට පුරා හුලන්ද විඳිමින් අව්වෙන් වැස්සෙන් කොතෙකුත් බැට කමින් ඔහු ගෙවූ අහිකුන්ටක ජීවිතය තුල ඔහු තනි නො තනියට රාත්‍රී අහසේ තරු පායා තිබුණි. ඒ තරු ඔහු දෙස රවා සිටින්නාක් වැනි හැඟීමක් ඔහුට දැනුනු අවස්ථා ඒමට විය. සුළඟ දඟකාර කම් කරමින් ඔහුව සමච්චලයට ගෙන තිබුණි, ඔහුගේ කඩමාලු වස්තර ඒමේ ඇත අදිමින් සුලග කල වදය ඔහුට ගණනක් නොවීය. එහෙත් නුහුරු නුපුරුදු දෑසින් විරවගෙන තරු තමන් දිහා බලන් සිටීම ඔහුට ඉවසිය නොහැකි විය. තමන් ඒවායේ ග්‍රහණයට ලක්වී ඇති සෙයක් ඔහුට දැනුනි.
තොපි ඇයි මන් දිහාම බලන් ඉන්නේ?”
“තොපිට වෙන උන් නැද්ද බොලව් මටම ඔරවන්නේ?”
“මට...මට.... මගේ පාඩුවේ ඉන්න දියල්ලා......”
ඔහු ඔහුට ම පාඩුවක් ඉස්පාසුවක් ඔහු වටා වූ පරිසරයේ වූ දෑ තුලින් ම හෙව්වද මොකක් දෝ මහා තනිකන්දෝසයක් ඔහුට දැනී තිබුණි. අනන්ත තරු හා බැණ අඩ ගා සුළඟ හා රණ්ඩු කලද  ඒ නෙත් දෙකට සැනහීමක් නම් නොවීය. ඒ නෙතු කිසි දිනක නිදා ගත්තේ ද නැත. ඒ ගත තුල වූ විඩාවට නිමාවක් නම් නොවීය.
.....................................................................................................................................
“ඒයි..... ඒයි.....”
“ඔව්, උඹට තමයි, මෙහෙට වරෙන්”
“මම....මම..... අනේ මන් මුකුත් ගත්තේ නෑ, මන්.... මන් දන් නෑ......”
“මොනවාද උඹ මේ කියවන්නේ? මොනවාද උඹ ගත්තේ?”
“මන් ගත්තේ නෑ.....මන් ගත්තේ නෑ......”
“හරි, උඹ කවුද? මොනවාද කරන්නේ?”
“මම දන්නේ නෑ, මන් මොනවාද කරන්නේ?”
“උඹ නම් මාර පොරක් බන්, උඹත් හරියටම මම වගේ මයි, එහාට මෙහාට වැනෙන ජීවිතයක් තියෙන ඉබාගාතකාරයෙක්. සුලග එක්ක පාවෙන, තරු අහස යට නිදන උඹත් මන් වගේ එකේක්ම තමයි, උඹ බොනවද?”
“මොනවාද උඹ කියවන්නේ, තරු... තරු.... ඕකුන් හැම දාමත් මට ඔරවනවා, හුළඟ... හුළඟ... මට බැට දෙනවා සදහටම, වැස්ස.... වැස්ස....මාව තෙමනවා, අව්ව....ඌ....මාව පුච්චනවා, මම උඹ වගේ නේවේ, ඔව් මම උඹ වෙන්න බෑ. මොනවාද උඹ බොනවද කියලා ඇහුවේ?”
“හරි ඒ උඹ දකින විදිය, වරෙන් මගෙත් එක්ක, මන් උඹට ජීවිතේ කියල දෙන්නම්, ඒක විඳින හැටි කියලා දෙන්නම්”
අතොරක් නැති ජීවන සිද්ධි දාමයක් හමුවේ මරණය කරාම ඇදෙන ජීවිතයට හුරු තනිකමට කොහෙන්දෝ කඩාපාත් වූ නුහුරු නුපුරුදු එකෙකු නිමාවක් තැබීය. ජීවන ගමන නව මාවතකට හැරී තිබේ, යායුතු අන්තයක් නොපෙනුනද යා යුතු මාවතක් දැන් තිබේ, ගමන් කිරීම හෝ නො කිරීම ඔහු සතුය. නමුත් ඔහු වහලෙකු වී අවසානය.
.....................................................................................................................................
“ඔයා හරිම අමුතුයි”
“මමද ඒ මගේ හැටි වෙන්නැති”
“ඒ හැටියට මම කැමතියි”
“මටත් ඔයාව දැක්කම මොකක්දෝ මහා අමුත්තක් දැනුනා”
“ඇත්තට?”
“හ්ම්ම්......”
“මොනවගේද?”
මන්දා, ඔයා ලඟින් ඉන්න කොට මට හැගෙන්නේ මම විතරක්ම මේ ලෝකේ ඉන්නවා වගේ, ඒ රවන උන්, ඒ ඔරවන උන්, එහාට මෙහෙට ඇවිදින උන්, ඔව් මේ තරු, මේ මල් මේ හමන සුළඟ, ඒවා......ඒවා........යකාටම ගියාවේ, මට......මට.......දැනනවා මම ඉන්න බවක්...... මට දැනෙනවා මහා අමුත්තක්, ඒ...... ඒ.......අමුත්තට මම ආසයි, ඒක...ඒක.... මට ගෙනාවේ ඔයයි.”
“ඔයා මොනවා කියවවද මන්දා”
“මන්දා මගේ හිත වචන වලින් පිරිලා, මට කියා ගන්න තේරෙන් නෑ, මන් දන්නේ ඔය මගේ ළඟ ඉන්නවා විතරයි, ඔය නැති කොට මගේ හිත යකඩ ගුලි ගිලලා වගේ මහා බරක් දැනෙනවා, මට තවත් එහෙම ඉන්න බෑ, මට ඔයා ඕන”
“ඒ තරම්ම මම වටිනවද?”
“මන්දා මම හෙට ඔයාව මන් ලඟට ගන්නවා, ඔව් ඒක සත්තයි”
“බලමු”
“පල්ලිය ළඟ පාලම ගාවට උදෙන් ම එන්න, අපි තවත් දෙන්නෙක් වෙන්න ඕන නෑ, මන් බලන් ඉන්නවා”
“හ්ම්ම්ම්”
“ඔයා එනවද?”
ඒ දෑසේ දීප්තිමත් බවක් විනා කිසිදු වචනයක් නොදෙඩවූවාය.
.....................................................................................................................................
කාල කන්නි වරුසාව චුරු චුරුවත් සමග නොකඩවා ඇද හැලේ. කෘතීම සිසිලක් මවා පෑවාද සිත් සන්තානය තුලින් මතුවන පිච්චීම දවා අලුකරවන සුළුය. තමා යා යුතු ද නොයායුතු දැයි ඔහුට වැටහෙන්නේ නැත. ඔහු සියල්ලට ඇලී ගැලී ඇතුවාක් සේය.
“මොකක්ද මන් මේ කරගත්තේ”
“දෙයියනේ උන් මාව අයෙත් බල්ලෙක් ගානටම දමාවි”
“මට බෑ මට බෑ, මට එහෙම වෙන්න දෙන්න”
“යකුනේ මටත් ඔව් මටත් ජීවිතයක් තියෙනවා බොලව්”
නොයෙකුත් සිතුවිලි සිතට දහසක් වද දෙයි, කල කී දෙයින් ගැලවීමක් නැතුවා සේය. හිස පොඩි පට්ටම් කරගැනීමටද සිතෙන්නේය. වටපිට බැලූ ඔහුට අර්ධයක් ඉතිරි වූ බෝතලය විසදුමක් සේ හැඟුනි. වහ වහා උගුරට දෙකට හලා එය කටේ හලා ගත් ඔහුට ඉන් සහනයක් නොවීය. තමන්ට උරුම තම සිතම තමන්ට වදදෙන කල මත බවකින් නම් කුමන සැනහීමක් ලබන්ට හැකිවේද? එහෙත් කුමක් හෝ තීරණයක් දැන් ගත යුතුව ඇත.
.....................................................................................................................................
“මොකක්ද උඹ ඔය කියන ජීවිතේ?”
“ම් වරෙන්, මන් හිමීට කියලා දෙන්නන්”
එහාට මෙහාට වැනෙන ජීවිතයක උරුම කරුවෙකු වූ ඔහු දැන් නාදුනන එකෙකුගේ පසු පසින් වැටී ඇත. ඔහේ අරමුණකින් තොරව ඔහු පස්සේ යන ඔහුට තමා කොහේ යන්නේද? කුමක් සිදුවේද කිසිදු හැගීමක් නැත. තමා දන්නා එකම දෙ බඩගින්නට අහරක් පමණි. නදුනනා එකා එයට විසදුම් දෙයිද නොදෙයි යම් සැකයක් වූවද අද දවස කෙසේ හෝ ගෙවා ගත යුතුව ඇත.
“ඉඳා බියන්”
“මොනවාද?”
“අමුර්තේ”
මුල් වරට නො දන්නා බීමක් තොල කට ගෑ ඔහුට තමා වටා වූ සියල්ල කැරකෙන්නාක් සේ හැංගෙන්නට විය. ඒ අතරින් සිහින් හිනා හඬක් ඔහු සවනට හිමීට ඇසෙන්නට විය. යන්තමින් ඒ හිස් අහසේ  පායා එමින් තිබූ තරු පොකුරු සියල්ල එකට ගුලි වී තමාට ඔරවනවාක් වැනි හැඟීමක් සමඟ කෙමෙන් ඒ දස පිය වී ගියේ ය.
පසු දා පහන් වන විට නාඳුනනා එකෙකු තම නිරුවත් සිරුර මත වැතිර සිටින අයුරු දුටු ඔහුට කිසිවකුත් නොවැටහිණි. ඔහුගේ සිත එක විටම ඇදී ගියේ තමා බලා ගත් ගැහැණිය හා ඈ වටා සිදු වූ සිදුවීම් දාමයය. එදින මරණය ඔහුට ආගන්තුක වුවද තමා ද ගෙල සිඳී මියයාමට ආසන්න බවක් ඔහුට හැඟුනි. වහ වහා අතට අහුවු දෙයකින් පහර දෙනු විනා වෙනකල හැක්කක් නම් ඔහුට මතක් නොවීය. තමන් සිහි විකල් කල දියරයෙන් තොර හිස් බෝතලය නෙත ගැටුණු ඔහු ඇසුරු සැනින් එය ගෙන ආගන්තුකයාගේ හිසට දමා ගැසීය.
“මොකද පරයෝ ගැහුවේ” නිදිමර ගාතෙන් වේදනා බරිතව ලේ ගලන මුහුණින් යුතුව එකෙක් කෑ ගැසීය.
“මොකක්ද මට උනේ”
“තෝව අපයෝජනයට ලක්වුනා, ඇයි තොට අවුල්ද? තෝ ඕකට හුරු වෙයි, තෝ කාල කන්නි නරියා, බලාපිය කරපු දෙ මට”
“මගේ ඇඳුම් කොහෙද? මට යන්න දීපිය?”
“තෝ කොහේ යන්නද?”
“මම දැන් නෑ....., මට යන්න දීපන්”
“හිටපන්, උඹ මගෙත් එක්ක තරහද?”
“මම උඹට කැමතියි, මමත් උඹ වගේම් එකෙක් තමයි, උඹට මහා පාලු තනිකමක් දන්නේනේ නැද්ද? උඹ මේ ලෝකේ තනිවෙලා කියලා දැනෙන්නේ නැද්ද? හැම එකාම උඹට ඔරවනවා, උඹට උඹත් නෑ කියලා දැනෙන්නේ නැද්ද? උඹ මේ වෙනසට කැමති නැද්ද?, උඹට ඕන නම් පලයන්? මගේ තරහක් නෑ”
“උඹ මට කියපු ජීවිතේ මේකද?”
“ඔව්....නැහැ....., උඹත් මේක ඇතුලේ කොහේ හරි වැටිලා ඉන්න ඕන, උඹත් ජීවත් වෙන්න ඕන, ඔව් උඹ වගේ ම මමත්, යකෝ මේක මහා ගඳ ගහන වලක්, එත් එවලේම තමා අපිට වැටිලා ඉන්න ඕන වෙලා තියෙන්නේ, ඔව් ඒ පන තියෙන තුරාවට.”
ඔරලෝසුවේ කටු  දින සති මාස වලට කැරකෙමින් යද්දී ඔහු ද එලෙස ම කැරකී යමින් ඔහුටද තාවකාලික පිළියම් තුල වූ තනිකම, කුසගින්න, දුක, සතුට, එරවීම්, ගැරහීම්, තුල ඔහුගේ ම ජීවිතයක් උරුම විය. විටෙක මත බවිනුත්, විටෙක සොරකමිනුත්, තවත් විටෙක ලිංගික වහලෙකු වෙමිනුත් උනුන් දෙදෙනා උනුන් දෙදෙනාට හුරු විදියකට තනිකම හා කාල කන්නි කම බෙදා හදා ගන්නට විය. බඩගින්නට අහරත් අනෙකුත් සියල්ලත් කාලය විසින් කෙසේ හෝ මොනයම් අයුරකින් හෝ ඔවුන්ගේ ම ක්‍රමයකට ඔවුන්ට ලැබුණු අතර  එය යහපත්ද නැත්නම් අහයපත්ද යන්න ඔහුට වගක් නොවීය. හිරු නැග එන විට ඒ පාපී උදෑසනයන්හිදී ජීවත් ව සිටී නම් කුස ගින්න පරයා දමා කෙසේ හෝ එළඹෙන රාත්‍රිය ගත කල යුතුව ඇත. කුණු ගොඩකින් අහුලා ගත් ගිටාරය හා බෝතලය රාත්‍රියට කදිම රසය සපයන්නට විය. තාලයක් නොදන්නා තත් ඔහේ හඬමින් එලොවටත් නැති මෙලොවටත් නැති මහා පාලු මුසල හඬක් නගද්දී ඔහු කෙමෙන් ඔහුගේම ආරකට ජීවිතය රස විඳීන අයුරු ඉගෙන ගත්හ.
.....................................................................................................................................
ඇය ඔහු එන තුරා පාලම මතට වී හිඳ බලා සිටිනු ඇත, ඒ දීප්තිමත් දෑස් ප්‍රේමයෙන් පිරී ඉතිරී යමින් ඔහු එන තුරා මග බලනු ඇත. ඔහු දෙලොවක් අතර සිර වී ඇත. සියලු බලා පොරොත්තු සෝදා හරිමින් හාත්පස අඳුරු කරමින් වැසී දිය ඇද හැලේ. ඉඳහිට මතු වන ගෙරවිලි නදද ඔහුට ම ගොරවන්නා සේ දැනේ. හිත ආලයෙන් සේම සිත් පීඩාවෙන්ද බරය. තමා මහා කාලකන්නියෙකු සේ ඔහුට හැඟෙන අයුරකි.
ඒ නෙත් දුටුදා සිට තමා උන්මත්තකයකු වීදැයි ඔහු නොදනී, නමුත් සිත තුළ කුමක් හෝ දෙයකින් තමා පිරී ඉතිරී යන්නාක් සේ ඔහුට දැනුනි. තමා මෙතෙක් වයිර කල අහස තුල මෙතෙක් කල් රණ්ඩු කල සුලන්ගේ පාවී යන්නක් සේ ඔහුට දන්නේනට විය. ඔහු කිසිදා නොවිදූ නුහුරු නුපුදුදු හැඟුමන් සමුදායක් තුල ඔහු එතෙක් තමා විඳි මිහිරිම රසය දැනේනට විය, ඔහු ඒ රසයට කෙතරම් ලොල් වූයේ ද නම් එය හැරයාමට හා අන්සතු කරගැනීමට බිය විය. තම තුල තමන් ගැනම හීන් ඉරිසියාවක් මතුව විත් එය තමන් සමගම ඔච්චම් කරගන්නට විය.
තමාට ඒ සියල්ල උරුම බවත් තමා කෙසේ හෝ ඒ සියල්ල උරුම කරගත යුතු බවත් ඒ චුරු වරුසා හඬ මධ්‍යයේ ඔහුට මතක් විය. තමා පෙම්බදී ඒ රසය තමාගෙන් ගිලිගී යාමට ඉඩ දිය නොහැක. තමන් මාෂා සොයා යා යුතුය.
.....................................................................................................................................
“මට තවත් උඹේ ගෑනි වෙන්න බෑ, මට දැන් මේක පිළිකුල්”
“ඔව් උඹ කාලෙක ඉඳන් වෙනස් වෙන හැටි මට දැනුනා”
“මට රාත්තිරි උඹත් එක්ක තවත් එකට ලගින්න ඕනා නෑ, මං මාෂාට කැමතියි, උඹ ළඟ තියෙන්න කාල කන්නි සතුටට වඩා එකී ළඟ මට සැනසුමක් තියෙනවා”
“තොට මට වඩා කොහෙවත් ඉන්න වෙසාවියෙක් ලොකු උනා නේද?, තෝ අවලම් බල්ලා”
“ ඒකිට වෙසාවී කියන්න එපා, එකගේ බඩටත් කෑම ඕන, තෝ වගේ අවලමෙක් නෙවේ එකී, තෝ ජරා නරියා”
“යකෝ එකී වෙසාවියෙක්, තොගේ යහනේ විතරක් නෙවී ඕකි ලගින්නේ”
“තෝ පරයා වහ ගනින් ඔය කට”
යලිත් වසන්නට කටක් ඉතිරු වී තිබුනී නැත, හිස් කබල පුපුරා යන පරිදි බෝතල් කටු රැසක් ඔහුගේ ඉහ මොළ හරහා ගමන් කර තිබුණි, අවසන් කෙනිදිරියක් සමග තවත් එක පරානයක් සීතල සුළඟට එක විය.
කැපුණු දෑතට උරුම ගතේ වේදනාවට පලාව හරිමින් වේදානා බරිත හිතට මහත් වූ සහනයක් දැනෙන්නටත් ඒ සියලු දෙ අතරින් මාෂාගේ ආදරණීය දෑස් මැවී පෙනෙන්නටත් විය.  ඔහු දෑතේ තුවාලත් සමගම ගිටාරය හඬවන්නට විය. වෙනදාට වඩා දුක හා ආදරය මුසු තනුවක් වීදියේ අඳුරු කෙලවරකින් නැග එන්නටත් එය සීත සුලන් හා එක්ව පෙම් කරන්නටත් විය. වෙනදාට ඔරවන තාරුකා ගී තනුව හා එක්ව නිවී දිලෙයි.
හෙටද කොහෙන් හෝ හිරු උදාවනු ඇත. යලිත් කුසගින්න හා අනෙකුත් සියල්ල හෙටත් හිස ඔසවනු ඇත. නමුත් ඒ සියල්ල පරයන ආදරයක් ඔහුගේ සිත තුල දැන් ඇත.
පොඩි පට්ටම් වූ හිසකින් රුධිරය දසත ගලා යන අඩ නිරුවත් මල කුණකට මේ සියල්ල ඇසුනා දැනුනා හැඟුනා විය හැක.
...................................................................................................................................................................
සියලු විභාග කටයුතු නිමාකරලා කාලෙකට පස්සේ ආයිත් සයිබරයට ඇවිත් ලියලා දාපු පලවෙනි කතාව, නවත්තපු තැන නම් එමටයි, හෙමින් පටන් ගෙන යන්නම්.                                        

39 comments:

  1. හ්ම්ම් මේක මේ පොඩි experiment එකක්, බලමුකෝ ඉස්සරහට

    ReplyDelete
  2. හ්ම්ම් ආදරය නොදැනෙනා ජීවියෙක් නැතුව ඇතුව ඇති මේ ලෝකෙ!!

    විභාග වැඩ ඉවර නම් ආයෙ ඉතිං දිගටම ලියමු! :)

    ReplyDelete
    Replies
    1. ආදරය නම් ඕනෑම කෙනෙකුට දැනෙනවා, එත් එක තමන්ට දානවා ගන්න විදියේ පොඩි ගැටලුවක් තියෙනවා :D. හැමෝම හැමෝගෙන්ම වෙනස් වෙනවනේ. ලියවිල්ලනම් අනේ මන්දා, හෙක් බලමුකෝ.

      Delete
  3. experiment එක සාර්ථකයි. කතාව ලස්සනයි. අන්තිමට shock වුණා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අදහස් කිව්වට, එක්ස්පරිමන්ට් එකක් කරේ මගේම කතා ස්ටයිල් එකක් හදන්න, මන් හිතන්නේ මන් සාර්ථක උනා කියලා. එකට ගලාගෙන යන සිද්දි දාමයක් මක්ස් කරලා කොත්තුවක් කරලා ගත්තා. හැබැයි ඒ අතරේ මොකක් හරි ප්‍රකාෂනයකුත් හැංගුවා. කතන්දර වල සම්ප්‍රදායෙන් පොඩ්ඩක් එහාට පැන්නා.

      Delete
  4. ව්ස්තර වරුනා වැඩි නිසා කියවන්නඅ ාසා හිතුන් නැහැ..

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි හැඟෙන අදහස කෙලින්ම කිව්වට, ඉස්සරහට ඒ අඩුපසු හදා ගන්න බලන්නම්, එත් හැමෝටම ගැලපෙන්න කතා ලියන එක නම් කරන්න බැරි වෙයි.

      Delete
  5. මේ චරිතය ගැන මට හිතුන විදිහ කතාවේ වචන වලින්ම ගොඩනැගුව ...

    //එහාට මෙහාට වැනෙන ජීවිතයක උරුම කරුවෙකු වූ ඔහු අරමුණකින් තොරව තමා කොහේ යන්නේද? කුමක් සිදුවේද කිසිදු හැගීමක් නැත. තමා දන්නා එකම දෙ බඩගින්නට අහරක් පමණි.......අද දවස කෙසේ හෝ ගෙවා ගත යුතුව ඇත.

    ....ඔහුගේ අතීතය සුන්දර උනානම් ඔහු මෙහෙම කාලකන්ණි..මූසල නොවෙනු ඇත ........

    කතාව ලියල තියන විදිහ අපූරුයි .. හරියට ඉංග්‍රීසි පරිවර්තනයක් කියවනවා වගේ මට දැනුනෙ .... දැන් ඉතින් විභාග ඉවරනෙ දිගටම ලියන්න :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නංගි, හැමදාමත් එලියට එන කතා තේමාවෙන් පොඩ්ඩක් එලියට අවා, ඔයා හරි, මේකට ඒ වගේ රටාවක් පොඩ්ඩක් එකතු කළා. මොකද සින්න්හල පොත් වලට වැඩිය මමත් කියවලා තියෙන්නේ ගොඩක්ම පරිවර්තන. අපි බලමු ඉස්සරහට ලියන්න වෙලාව ලැබෙන හැටියට.

      Delete
  6. එක නරා වලකින් තවත් ඒ වගේම එකකට වැටෙන මනුස්ස ජීවිත...
    සමාජයේ ඉන්න දරුණුම අපරාධකාරයා සමාජයම නේද කියලයි මට නම් හිතුණෙ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ නිගමනය හරි, එත් සමාජයම තමා විනිසුරුවත්, පීදිතයත්, වදකයත් වෙන්නේ.

      Delete
  7. පට්ට සොමියො...
    මේ කතාව කියවපුවම මට දැනන දේ නං එමටයි...
    එක්කොත් ඕන නෑ...
    කතාව උපරිමයි විතරක් කියල කියන්නං...

    ආපහු ආව එකට සතුටුයි....

    සමලිංගිකත්වයෙන් මිදිල සාමාන්‍ය විදියට ගැහැණියක් ඇසුරු කරන්න පුළුවන්ද...
    ඇත්තටම

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ ක ඒ ඒ කෙනාගේ සිතිවිලි අනුව තීරණය වෙන දෙයක්. ගොඩක් ස්තුතියි අදහස් දක්ක්වුවට, තමන්ට හැඟෙන දැනෙන විඳින රසයට මිනිස්සු ලොල් වෙනවා, ඒ ඒ රස ඒ ඒ අයුරින් පෙරලා ගන්නවා.

      Delete
  8. අනේ මන්දා තාම කල්පනා කරනවා...

    ReplyDelete
    Replies
    1. එතරම් කල්පනා කරන්න එපා, මේ සමාජයේ එතරම් මතුපිටට එන්නේ නැති කාරනා ටිකක් කතාවකට ගොනු කළා විතරයි, මම හිතනවා මගේ ප්‍රකාශනය සාර්ථකයි කියලා. ගොඩක් ස්තුතියි පොඩ්ඩි අක්කේ.

      Delete
    2. විදානේ අයියා ඒ තරම් හිතන්න දෙයක් නෑ, අඩේ මම හිතන්න කතා ලියලද?

      Delete
  9. ආහ්.. මේ ආපහු ඇවිත් ඉන්නේ...

    කතාව ගැන කියනව නම් හුඟක් වෙලා අරගෙන කියෙව්වේ... හිතන්න දේවල් ගොඩක් කතාව ඇතුලේ තියෙනව..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් වැඩිය සමාජයේ එළිපත්තට එන්නේ නැති කරුණු, විශේෂයෙන්ම ලාංකීය සමාජයේ. ගොඩක් ස්තුතියි.

      Delete
  10. කියන්න දෙයක් නෑ සොමියා.. ඉස්තරං...
    ටික වෙලාවක් යනකං මොනවා කියන්න ද කියලා හිතාගන්න බැරුව හිටියේ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විදානේ අයියා, මට මතක් වෙන්නේ අයියගේ වෙසක් බල්බ් වැල් කතාව.

      Delete
  11. මොනවා කියන්නද කියලා මම තාම කල්පනා කරනවා බං..

    මිනිස්සුන්ගේ ජීවිත අපි හිතනවට වැඩිය කොච්චර නම් සංකීර්ණයිද කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. ඔන්න සහෝ අබියෝගයක්, එහෙනම් මිනිස්සු ගැන ටිකක් ගැඹුරින් හිතමු, මම හිතනවා අයියා අයියගේ යුරෝපියන් කලාවට මේ වගේ එකක් ලියයි කියලා. :D. ස්තුතියි අයියේ.

      Delete
  12. දාපු වොලාවෙම කියෙව්වා බං. ඒත් මට මීටර් උනේ නැති නිසා ආපහු ගියා..

    ReplyDelete
    Replies
    1. හෙක්, මොකක්, එක තමා දාපු වෙලා වෙම අර කැරකෙන ලෝක බොලේ ලබග ලංකාවේ කොඩි දෙකක් පෙන්නුවා, හැක හැක. අඩේ කතාව මීටර් වෙන් නැතිද?

      Delete
  13. මටත් කියන්න දෙයක් හිතා ගන්න බෑ මේකට. කොච්චර කල්පනා කරත්.

    ReplyDelete
    Replies
    1. අඩේ මේ මේක නං ඔට්ටු නෑ, ඒ... කාටවත්ම කියන්න දෙයක් හිතා ගන්න බෑනේ, මන් මොකක්ද එතකොට මේ කොරලා තියෙන්නේ.

      Delete
  14. තාඩන පීඩන වලට ලක් වෙච්ච ජීවිත වලටත් වටිනාකමක් දෙන්න කරපු උත්සාහයක් වගේ. ලස්සනයි. මේ වාගේ ජීවිත කොපමණ ඇත්ද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත, අපිත් ඇත්තටම සතුටින් ඉන්නවා කියලා හිතුවත් අපේ සතුටත් අද සීමා වෙලා, ඒ අපි සතුට බලාපොරොත්තු මත පදනම් කර ගන්න නිසා. ගොඩක් ස්තුතියි අදහස් එකතු කලාට.

      Delete
  15. කාලෙකින් කියවපු පට්ටම කතාවක්, සුපිරි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් එකතු කලාට "සිහින", මගේ කතාව තුලින් ඔබට රසයක් ගෙන ඒමට හැකි වීම සම්බන්දව සතුටු වෙනවා.

      Delete
  16. සුපිරි සොමියා ..
    මට මේ බ්ලොග් එක මේතරම් දවසක් මග හැරී තිබීම ගැන සමාවෙන්න .

    මනුස්ස ජීවිත වලට වටිනාකමක් දෙන්න කවුරුවත් කැමති නැත්තේ ඇයි. හැමෝම අවශතාවය ඉතු කරගැනීම ගැන විතරක් හිතන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. සමාව ගන්න දෙයක් නෑ ඉවාන් සහෝදරයා, සයිබර් අවකාශය ගොඩක්ම ලොකුයි, මීට වඩා හොඳ ලියන්නන්ගේ බ්ලොග් අපෙන් සැඟවිලා තියෙනවා වෙන්න පුළුවන්, සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.

      Delete
  17. සොමී කතාව ඇතුලේ මට සොමියක් තිබුනේ නැහැ බං.මේක අනුවේදනීය කතාවක් තේරුම් ගන්න අමාරු.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් සොමියගේ සොමි නැති කතාවක් නේද? නා සහෝ ටිකක් වෙනස් තාලෙක කතාවක් ලියන්න හිතුනා. ස්තුතියි මක්ක හරි කියවලා බලලා කිව්වට.

      Delete
  18. මේ කතාව අස්සේ හැම තැනකම දුවන එක දෙයක් තමයි අහසට වෛර කිරීම. ඒ කියන්නේ සොමියා ඉතා දක්ෂ අයුරින් මේක කරලා තියෙනවා. ඇත්තටම උඩ කියනවා වගේ සමාජයේ වැඩිය එලියට එන්නේ නැති මේ වගේ පාදඩ ජීවිත තියෙනවා. කාලෙකින් කියවපු හොඳම කෙටි කතාවක්. මේ ස්ටයිල් එක හොඳයි. දිගටම මේ වගේ කතා මාලාවක් බලන්න පුළුවන් වෙයි නේද එහෙනම් ? මේක දවස් හතරක් තිස්සේ බැලුවා. :)

    ReplyDelete
    Replies
    1. සුදීක අයියව සාදරයෙන් පිලිගන්නවා, හ්ම්ම් ඔව් එක ඇත්ත, මේ වගේ කතාවක් ලියන්න උනේ ඇත්තටම මම මුහුම දුන්න අත්දැකීමක් එක්ක, ඒ ගැන නම් මට හිනයි, එත් ඒ හරහා ගොඩක් දේවල් තේරුම් ගත්තා, සුදීක අයියා දවස් 4 තිස්සේ කියවලානේ, ගොඩක් ස්තුතියි කියවලා අදහස් කියලා ගියාට.

      Delete
  19. අදනේ දැක්කේ..... මේක මම ආස විදියේ එකක්... කම්මැලියෙක් වෙන මම නම් ඔහේ ලියයි.. ඔය ලියල තියෙන්නේ කම්මැලිකමක් නැතුවම. මම ගොඩක් කැමති පසුබිම් කථනයට. මට මතක් වෙන්නේ 'කලම්බෝ' වේදිකා නාට්‍ය..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් උපේක්ෂා, මමත් කම්මැලියෙක් තමා, කම්මැලි හින්දා කෑල්ල කෑල්ල ලියලා මුළු කතාවම ගොඩ නගලයි පල කරන්නේ. පසුබිම් කථනයට මමත් ආසයි, හැම කතාවකම රචකයාට චරිත හරාහා ගොඩ නගන්න බැරි ප්‍රකාශනයක් පසුබිම් කථනය හරහා ඉදිරිපත් කරන්න පුළුවන්.

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...