Friday, August 29, 2014

මම නොවන සමලිංගික වූ මම (මනුස්ස චරිත පිලිබඳ කතාවක්)



"මොකක්ද මේ බහුබූතේ
මම gay ?
යකෝ මංවත් නොදැන මම ගේ වෙලානේ
ඔව් එසේ මෙසේ ගේ එකෙක් නෙවේ
ගේ කුරුල්ලෙක්ම වෙලා
හෙක් හෙක්
විසි එක් වැනි සියවසට ගලපවපු ගේ කුරුල්ලෙක්
4G  LTE යුගයේ 3G වලින් බලගැන්වුණු
ගේ කුරුල්ලෙක් "

මේක මේ කියන්න කලින් ඇත්තටම මට තාමත් මේ ගැන පට්ටේටම හිනා. මේක මතක් වෙද්දී ඇත්තටම කියනවනම් කට කොනකින් මට තවමත් හිනා යනවා. ඇත්තටම මේක මම ගැන මම නොවෙන කතාවක්. මම ගැන කිව්වට අපි වටා අපිත් එක්කම ඉන්න මනුස්ස චරිත පිලිබඳ කතාවක්.

ඇයි මම මෙහෙම මේ සමලින්ගිකත්වයක් ගැන කතා කරන්නේ? ඒ පැනයට පිළිතුරු මේ ලිපිය තුලම ඔබට හොයා ගහ හැකි වෙයි. අද ලාංකීය සමාජය තුල ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගත් පිරිස් නැහැ කියලා කියන්න ඔබට පුලුවන්ද?

හොඳයි, සමලිංගිකත්වය පිලිබඳ ඔබ දරන මතය කුමක්ද? ඇත්තටම කාමාශාවල් සපුරා ගන්න සමලින්ගිකත්වය බාවිතා කල හැකිද? ඕනා එකක්, එහෙත් මේ සම්බන්දව සංස්කෘතික සමාජය ගොඩ නගා ගත විවිධ රාමු තියෙන බව පැහැදිලියි. හුඟක් අය මේ දෙස බලන්නේ තමන් දාගත්ත කණ්ණාඩියේ වර්ණයෙන් පෙරිලා එන පාටිනුයි. ඔව් සමලිංගිකත්වය ඒ විදියට ගත්තම පාට පාටයි. ඒ අතරේ ඔබ දකින පාටකුත් ඇති. ඒ පාට පාට සමලිංගික කොඩිය තමා ඔය උඩින්ම තියෙන්නේ. ඔය කියන සමලිංගිකත්වය පිලිබඳ ආගමික විවරණයන් මෙසේ උපුටා දැක්විය හැක.

කි‍්‍රස්තියානියේ මූල ග‍්‍රන්ථය වන බයිබලය තුළම සමලිංගිකත්වය දෙවියන්ගේ කැමැත්තට එරෙහිව යන පාපකාරී කි‍්‍රයාවක් ලෙස හඳුන්වා තිබේ. ඉස්ලාම් ධර්මයේ සමලිංගිකත්වය මව සමග නිදි වැදීමක් සේ සලකා නින්දා අපහාස කොට දෙවියන්ගේ අඩවියට පිවිසීමට බාධා කරන පාප කර්මයක් සේ හඳුන්වා ඇත.

බුදු දහම තුළ සමලිංගිකත්වය පිළිබඳ නිර්වචනය කවර එකක්දැයි හඳුනාගත හැකි සඳහනක් නොවෙතත් ස්තී‍්‍ර පුරුෂ මෛථූන්‍යය පිළිබඳ විවිධ වාරණයන් ගැන ධර්මයේ සඳහන් වේ.

පාරාජිකා පාළියේ භික්ෂුවක් පාරාජිකවන ප‍්‍රධානතම කරුණක් සේ හඳුන්වා බුද්ධ වචනයෙන්ම එයට ගර්හා කොට ඇත.'හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇති ආශිවිෂයක්හූගේ මුඛයෙහි අංගජාතය බහාලන ලද්දේ නම් මැනවි.මාගමක ගේ අංග ජාතයෙහි සිය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි.හිස් පුරුෂය තා විසින් කෘෂ්ණ සර්පයුක්හගේ මුඛයෙහි අංගජාතය බහාලන ලද්දේ මැනවි. මාගමකගේ අංග ජාතයෙහි සිය අංග ජාතය බහාලන ලද්දේ නොමැනවි. හිස් පුරුෂය,තා විසින් ඇවිලගත්, හාත් පසින් ඇවිලගත් ගිනිදැල් සහිත වූ ගිනි අඟුරු වලක අංග ජාතය බහාලන ලද්දේ නම් මැනවි. මාගමකගේ අංගජාතයෙහි සිය අංගජාතය බහාලන ලද්දේ නොමැනවි.– පරාජිකා පාළිය - ප‍්‍රථම පාරාජිකය.
(උපුටා ගත්තේ - http://www.mirrorarts.lk/featured/item/550-)

ඒ විදියට සමලිංගිකත්වය ගැන ආගමික මතවාදය සලකා බලු කල එය පාපකාරී ක්‍රියාවක් යන පොදු මතයට පැමිණිය හැකියි. ඇත්තටම ඔය කියන සමලිංගිකත්වය කියන්න අහවල් එකක්ද කියලා සිංහල විකිපීඩියාව සඳහන් කරන්නේ මෙන්න මෙහෙමයි.

සමලිංගිකතාව යනු එකම ලිංගත්වය හෝ ලිංග-භේදය හෝසහිත සාමාජිකයන් අතර ඇතිවන්නාවූ ශෲංගාරාත්මක සහ/හෝ ලිංගික ආකර්ෂණය හෝ හැසිරීම වෙයි. ලිංගික පෙළගැස්මක් නයින්, සමලිංගිකත්වය දැක්වෙන්නේ, ප්‍රාථමික ලෙසින් හෝ අනන්‍ය වශයෙන් හෝ එකම ලිංගත්වය සහිත ජනතාව අතර " ලිංගික, ප්‍රේමවන්ත, හෝ ශෲංගාරාත්මක ආකර්ෂණයන් අත්දැකීමට භාවිතා කෙරෙන චිරස්ථායි මාදිළියක් හො සංවිහිතියක් " ලෙසිනි; "එය තවත් ලෙසකින් දැක්වෙන්නේ එවන් ආකර්ෂණයන්, ඒවා ප්‍රකාශකිරීමේ චර්යාවන්, සහ මේවාට හවුල් අනෙකුන්ගේ ප්‍රජාවන්ගේ සාමාජිකත්වය පදනම් කොට ගෙන යමෙකුගේ පුද්ගලික හා සමාජීය අනන්‍යතාවය පිළිබඳ හැඟීම ලෙසටයි.

ඔය කියන සමලිංගිකත්වය ගැන ඔබට මනා අවබෝධයක් ඇති වග නිසැකයි, සයිබර් අවකාශය තුල මේ සම්බන්දව ලියවෙන ලිපි ඕනා තරම් අපට මුණ ගැසෙන අතර ඒ හරහා ඔබ මේ සම්බන්දව මනා අවබෝධයක් ඇති අයෙකු බව මගේ මතයයි.

හරි එත් මෙතන කතාව මාව සමලිංගිකයෙකු කරවීමයි. මොකක්? ඔව් එහෙම දෙයක් තමා. හැබැයි මම නම් ඇත්තටම ඒ ගැන ගණන් ගත්තේ නෑ කියලා කියන්ත් බෑ. පෘතක්ජනයෙක් වශයෙන් එක්තරා දුරකට කෝප ගැන්වීමක් සිදු නොවුනා කියලා කියන්නත් බැහැ. ඉතිං  මම මේ ගැන පොඩ්ඩක් හොයාලා බැලුවා. මම මේ කියන්න යන්නේ සමලිංගිකත්වය කියන කාරණය කෙනෙකුට හිරිහැරයක්, ඔහුව අපහසුතාවයට පත්කරන්න, එහෙමත් නැත්තන් සයිබර් අපරාධ සඳහා යොදා ගත්තු හැටියක් ගැනයි. එකත් කරුමෙටම උනේ මටයි මගේ යාලුවන්ටයි. හෙක්.

ලංකාව කියන්න මහා හරි අමුතුම රටක්. මම එහෙම කියන්න ලෝකේ තියෙන ඕනෑම කුණු ගොඩක් මේ රටට එනවා වගේම ඒ දේ තමන්ට ගැලපෙන විදියට හරියටම අච්චුවලට දාල හැඩ ගහලා අරගෙන පට්ට ගහන්න පුළුවන් ජනතාවක් තමා ඉන්නේ. ඒ ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.

ඇත්තම කියන්න මේ සිදිය සිදු වෙන්නේ මට විතරක්ම නෙවේ, මගෙත් එක්ක එකම ආයතනයේ එකට ඒගෙන ගත්තු මගේ හොඳම මිතුරන් කිහිප දෙනෙකුටමත් මේ දේ මේ අයුරින්ම සිද්ද උනා. ඔබ දන්නවා සයිබර් අවකාශය තුල සමලිංගික අවශ්‍යතාව සඳහා නොයෙකුත් වෙබ් අඩවි පවතින අතර මේවා මටනම් තිබුනත් එකක්, නත්තත් එකයි. හරි ඇත්තම කාරණය මම කියන්නම්. සමලිංගිකත්වය මම දකින්නේ කරන අයට හොඳනම් එක ඒ ඒ අය අනිත අයට කරදරයක් නොවන අයුරින් කරගන්නවා නම් මට ප්‍රශ්නයක් නොවන බවයි, එහෙත් කෙනෙකු එයට බලෙන් පෙළඹවීම, අපහසුතාවයට ලක් කිරීම, එමෙන්ම සමජා අපරාද සඳහා යොදා ගනීද, අන්න එතන ගැටලුවක් තියෙනවා.

ඔය කියන වෙබ් අඩවි වලට ඕනෑම එකෙකුට ඕනෑම අයුරකින් ඇඩ් එකක් පල කරන්න අවස්තාව ලබා දීල තියෙනවා. ඔන්න ඕකෙන් තමා මේක කරන අය ප්‍රයෝජන ගන්නේ. අවසන් වසර විභාගයට ආයතනය නිවාඩු දීල සිසුන්ට පාඩම් කරන්න අවස්තාවක් ලාබාදෙනවත් එක්කම තමා මේ සෙල්ලම පටන් ගන්නේ.මොහොතක් හිතන්න ඔබේ ජංගම දුරකතනයට අතොරක් නැතිව දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ ලැබෙනවානම් තවත් අයගෙන් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරාගන්න එන්න කියලා, එයත් ඔබ යම්කිසි කටයුත්තකට ඔබේ මානස හා අවදානය යොමු කරලා තියෙන මොහොතක.

ඔව් අපිට ඒ දේ සිද්ද උනා, මොනතරම් පහත් අමන ජඩ මානසිකත්වයක්ද තියෙන්නේ මේක කරපු පුද්ගලයාට. අවසන් වසර විභාගයට ඔන්න මෙන්න තිබියදී මේ වගේ වැඩක් වෙනකොට කොහොමට ඇතිද?.

මට නම් මේ දේ සිදුවුනේ අවසන් වසර විභාගය තියෙන කාලේදී, එත් මගේ අනිත් යහළුවන්ට මේ තෙවන වසර විබාග වල සිටම අත්තද්කින්න සිදු වුනු දෙයක්. ඇත්තම කියනවානම් මට ජංගම දුරකතනයක අවශ්‍යතාවය තියෙන්නේ නිදාගන්න කලින් සින්දුවක් අහන්න, වැඩිපුරම පොටෝ ගන්න, කම්මැලි වෙලාවට ගේම් ගහන්න. ඒ නිසා මට දුරකතනයක් තිබුනෙම නැති තරම් මම ඔය ආයතනයට ඇතුල් වුනු කාලය වෙද්දී, ඒ නිසා මට තෙවන වසර විභාග වලදී ඔය අත්දැකීම මුහුණ දෙන්න වුනේ නෑ.

ඔබ මේ ලිපිය මුල ඉඳන් කියෙව්වා නම් මම පොඩි නිසදැසක් වගේ එකකිනුයි පටන් ගත්තේ, එක එහෙම උනේ මෙන්න මේ නිසා. මේ තියෙන්නේ මට නෙවෙයි මගේ යාලුවෙක්ට අදාලව දාපු ඇඩ් එක ඔය කියන සමලිංගික අඩවියක. මට මගේ ගැන දාපු එක හොයා ගන්න බැරි වුනා. ඉතින් ඒ විදියට පටන් ගත්ත එක වැරදි නැහැනේ.

(නම)  071XXXXXXX:
ada reta mage bodime ude wenakal kamathi fun 1k ganna oni aya call karanna.mama (නම) .(කොළඹ අවට නගරයක) bodimaka inne.sudu slim boy kenek.direct katha karanna.sms epa.asa dewal kelinma kiyanna. 3G tiyenawa nam mama heluwen phone chat 1kata ennam. 071XXXXXXX.

ඉතින් මේ වගේ අද එකක් වැටුනා කියන්නේ ආයේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මේ වගේ ඇඩ් එකක් වැටෙනකන් බලාගෙන ඉන්න පිරිසගෙන් පණිවිඩ එන්නයි ඇමතුම් ලැබෙන්නයි ගන්නවා ගැනිල්ලක් ආයේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරලා තමා බේරෙන්නේ. එන්නෙත් මරුම පණිවිඩ.

patiyo oya koheda api set vemuda

asl plz

mama top oyaa

your mine baby

3g sapak gamuda

number eka daala thibunaa neda

මගේ එක යාලුවෙකුට එයා පාවිච්චි කරපු නම්බර් එක අයින් කරන්න තරම්ම උනා. එත් එයාගේ දෙවැනි නම්බර් එක  දේම වුනා.

පොඩ්ඩක් හිතන්න අවසන් වසර විභාගය ළඟ යාළුවෝත් එක්ක කතා බහකරලා ගැටළු විසඳ ගන්න විදියක් නැහැ, ඒ වගේම ආයතනයෙන් පිටවෙලා රැකියා ඉල්ලුම් පත්‍රයට දුරකථන අංකයක් දාන්න විදියක් නෑ, අසනීපව රෝහල් ගතකරලා හිටිය ලෙඩෙක් ගැන විස්තර අහගන්න විදියක් නෑ.

උඹලා තරහකාරයන්ගෙන් පලිගන්න පාවිච්චි කරන මෙතඩ් වලට ඇත්තටම අපිට හිනා බන්, අපිත් ඇත්තම කියන්න ඔය එන කෝල් වලින් අතල් එකක් ගත්තා. නෑ කියන්නේ නෑ.

මේ දේ අපිට කලේ කවුරු උනත් එක දෙයක් නම් පැහැදිලියි. ඒ අපිත් එක්කම එකට ඉගෙන ගත්තු කෙනෙක් යන වග. මොනවා උනත් අපි උඹට අනුකම්පා කරනවා මිත්‍රයා තියෙන ගැටලුවක් විසඳ ගන්න උඹට කශේරුකාවක් නොමැති වීම සම්බන්දව.

ඒ වගේම මෙවන් මිනිසුනුත් ඔබත් සමග ඔබ අවටම සිටින බව ඔබට පවසමි.

මේ ලිපිය කියවපු ඔබ මම ගිය ආයතනයේදී මට ලැබුණු අත්දැකීම් ගැන ලියපු ලිපියත් කියවලා ඇති කියලා හිතනවා. නැත්තන් මෙන්න.මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයන්

පහලින් ලියමි.
මම ලියන මේ වගේ ලිපි සියල්ලකම මම සඳහන් කරන දෙයක් තියෙනවා. ඒතමයි 
උඹල උඹලගේ ආතල් එක ගනිල්ලා, මන් ආතල් ගන්න එපා කියන්න නෑ, මොකද මාත් කවුරු මොනවා කිව්වත් කොහොම හිතුවත් මගේ ආතල් එක මාත් ගන්නවා, හැබැයි ඒ කාටවත් ඇනයක් නොවෙන විදියට, අන්න එතැනදී උඹලයි මායි සෑහෙන්න වෙනස්. උඹලටත් පුළුවන් වෙනස් වෙන්න තාමත්. 

Saturday, August 23, 2014

මේ අපේ එකෙකුගේ කතාවක්.......


ඔහුට එදින ද වෙනදා මෙන්ම තවත් එක දවසක් ම වීද යන්න ගැටලුවකි, සිරගෙයක බඳු වූ නවාතැනෙන් නැගෙන කුයිලයක් වන් පුස් ගඳත්, රාත්‍රිය පහන් කල බෝතල වල ඉතිරියත්, තනි නො තනියට තත් හඬන  අහුලා ගත් ගිටාරයත්, හීන අතර මිලින වී ගිය සුසුමන් සමුදායකුත් අතරින් ඔහුට ද හිමි දිරි අරුණාලෝකය උදා වේ. කාඩ්බෝඩ් කැබැල්ල මත ගත ගුලිකර පොරවාගත් ආදරණීය කඩතුරාවට සමුදීමට කාලය එළඹ ඇත. එහෙත් හිත තවමත් කුමකින් හෝ පීඩා ගෙන දෙමින් විඩා බර බවක් ගතට ගෙන දෙයි. හිසට ඉහලින් කල්ප කාලයක සිට මකුළුවන් සිතුවම් අදීන අයුරු බලා සිටීම දැන් ඔහුට පුරුද්දට ගොසින්ය. සදහටම වසා දමන ලද කවුළුවෙන් යන්තමින් රිංගාගත් හුලන් පොදක් මකුළු සිතුවම් හා එක්ව එහාට මෙහාට තාලයකට රඟ දෙයි.
ඔහු පීඩාවට පත් කරන සිතුවිලි වලින් නිදහස් වන්නට සිත සිසිලක් ඇයද සිටියද දෙතුන් දොහක සිට ඇද හැලෙන වැසි කිසිදු සිසිලක් ගෙන නොදෙයි, ගුප්ත පාලු තනිකමක් තුල මහා කාලකන්නි මුසල බවක්ම විනා වැසී අඳුර කුමක් නම් මවා පාම්ද, ඉඳ හිට වලාකුළු අතරුන් මැවෙන රිදී රේඛා වන් ඔහුගෙන් බොහෝ දුරය, අතොරක් නැති ගොසාවන් අතර අහසින් මතුවන හෙන හඬද අමුතු අරුමයක් මවා නොපායි. වැහි දිය  අසුවන සියල්ල දියකර හරිමින් මහපාරේ උමන් කනින්නටත් මද කති තන්නනටත් ගෙන ඇත. වහ වහා කඩතුරාවෙන් මිදුණු හෙතම කිසිදු වගක් නැති සේ දොර කඩට වී අහස දිය මවන සිතුවම් වටහා ගැනීමේ දුෂ්කර වූ ප්‍රයත්නයක නිරත වන්නට විය. කඩ වීදියේ සුවිසල් වීදුරු මතට වැටෙන වැහි දිය ඒ මත නෙක රටා මවමින් පහලටම රුරා යයි. තවකෙකු ඉසිලූ කුඩයක් තවකෙකුට බාදාවක් වන සැටි අපුරුය, කවුරු කව්රුත් ඒ ජරා වල මතින් විවිද වූ අන්ත කරා වැසී දියට දොස් නගමින් එහෙ මෙහෙ ඇදෙති. ගතටම සිර වූ ඇඳුම් වල කිටි කිටියත්, පාවහන් හා මඩ අතරින් මතු වන චිරි චිරියත් ඔහුට අපූර්වත්වයක් මවා පාන්නට සමත් විය.
වහ වහා රාත්‍රිය අමතක කර දැමිය යුතුය, සියල්ලම ඒ උදෑසනද යන්ත්‍ර මෙන් මහා මග එහෙට මෙහෙට වැනෙයි, අහෝ ඔවුන්ටද ජීවිත උරුමය. කුසගින්න හා බලාපොරොත්තු අතර මාරාන්තික සටනක ඔවුන් නිරත වේ. දිනක මාරයාගේ හෝරාව එළැබෙන තුරුම එකම දෙ එකම විදියට එකම තාලයකට කරනා යන්තර බවට උදෑසන විසින් ඔවුන් හසුකර තිබේ, පාපී උදෑසනේ ග්‍රහණයට ඔවුන් සියල්ල නතු වී ඇත. මොහොතක හෝ සැනසීමක් ඇත්තේ සැන්දෑ අඳුර තුලම පමනකි. ආලෝකය ඇති විටද අඳුරේ ගතවන ජීවිතවලට අඳුරු සැනසුම් සුසුම් හා හෙටක් ගැන දහසක් බලාපොරොත්තු ගෙන දෙයි. නමුත් ඒ හෙටද අරබෙන්නේ උදෑසනකිනි. අදුරට හුරු ඔවුන් අදුරට පෙම් බැන්දද නුහුරු නුපුරුදු ආලෝකයක් හොයා ඇදෙන සැටි ඔහුට අරුමයක් නොවීය. රැයද දවාලද ඔහුට කිසිම වෙනසක් නැත.
සියල්ල සිදු වී හමාරය. ඒ අරුම පුදුම සිදුවීම් සමුදාය ඔහුගේ ජීවිතය හා බද්ද නොවන්නට ඔහුද තවමත් ඒ මේ අත යන්නකුම වන්නට තිබුණි, සියල්ලට විසඳුම් කාලය ලබා දෙද්දී ඔහු සියල්ලගෙන් පලායන්නකුද නැතහොත් උන්මත්තකයකුවීද යන්න ඔහුට නො වැටහේ. පෙර දා රාත්‍රිය ගෙවී හමාරය. ඔහුට අද දිනට මුහුණ දිය යුතු ව ඇත. ඔහුටද සිහින් බලා පොරොත්තුවක් ඇත, ඔහු පොරොන්දු වී හමාරය. ඔව් ඔහු පොරොන්දු වී හමාරය.
.....................................................................................................................................
"අපි මොකද දැන් කරන්නේ, අපිට තව දුරටත් මෙහෙම ඉන්න බෑ, මේ ගැන අපි තීරණයක් ගන්න ඕන බන්?" 
"මං දන්නේ කොහොමද? මටයි කියලා අමුතුවෙන් මොලයක් නෑ, උඹට තියෙන ජාතියේ එකක්ම තමයි මට තියෙන්නෙත්, උඹට හිතෙන විදියටමයි මටත් හිතෙන්නේ, මොකද මොකද මමත් තව එකෙක් විතරයි මේ ජරා සමාජ ක්‍රමයේ ම."
"යකෝ මන් ආවේ උඹේ දේශනා අහන්න නෙවෙයි, තොයි මාව මේ ජරාවට දැම්මේ”
“තෝ හිටෙයේ ජරාවක නෙවෙයි වෙන්නැති, තොට අපි කරපුවා හොඳ මදි වෙන්නැති, මතක තියා ගනින් මන් එදා  ඉඳන් තොත් එක්ක එකටම හිටපු විත්තිය.”
“තොගෙන් මට දැන් වැඩක් නෑ”
"ඔව් උඹට අපිව දැන් වටින් නෑ තමයි, මන් තොට කිව්වා තෝ ඔය හිම තට්ටුවෙන් වහන් ඉන්න ගිනිකන්ද කවදා හරි පුපුරනවා කියලා, එදාට තොට තොත් නෑ. කොහෙද තෝ මන් කියපු දෙයක් ඇහුවද? ඇයි තොට අපි හොඳ නැද්ද?, මන් යනවා කුණුවෙන්නම  ගහන්න, ගහලා ඔය පාරේ කෝහේ හරි වැටිලා ඉමු, මොනවා හරි කල්පනා වෙයි. උඹත් ඕනනම් වරෙන්"
කලකට ඉහත දෙදෙනෙකු අතර වූ කතාබහක ඔහු එක් පාර්ශවයක් විය. මහා හෙන හඩක් සමග ඔහුගේ හිස පුපුරා යන අයුරක් ඔහුට දැනුනි. නොයෙකුත් විකාර සිතුවම් සමුදායක් සිනමා පටයක් සේ මනසේ ඇඳී යන්නට වූයෙන් දෑස් පියන් තද කර දෑතින්ම දෙනෙත් වසා ගත් ඔහු  නගන්නට වුයේ සැමදා මත් පීඩිත ව නගන එකම හඬය.
"මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දීපල්ලා යකුනේ....."
.....................................................................................................................................
පියෙකු කිසිදා දැක නොමැති ඔහු රැකබලාගත්තේ ගැහැනියක විසිනි. ඒ ඔහුගේ හැදු මවද නැතහොත් වැදු මවද  යන්න ගැන ඔහුට හැගීමක් නොවීය, හැගීමකට වඩා අවබෝධයක් නොවීය කිවහොත් සාධාරණ වනු ඇත. ඔහු දන්නා එකම කරුණ වුයේ කුසගින්නට  අහරයකූත් එය තමන්ට ලබා දීමට ගැහැණියකුත් සිටින බවක්ම පමණි.
ඒ ගැහැණියගේ නිරුවත් සිරුර මත විවිධ පුද්ගලයන් නිරුවතින් හෝ අඩ නිරුවතින් උනුන් වෙලී තමාට නො වැටහෙනා කුමක් හෝ සිදු කරන අයුරු තමන් කුඩා කල අඳුරු මුල්ලකට වී බලා සිටි අයුරු ඔහුට මතක් විය.
මරණය ඔහුට කොතරම් ම ආගන්තුක වීද යත් එහි වූ එකම යහන මත නිරුවත් ඇගේ ගෙල කපා මරා දමා තිබූ අයුරු දුටු ඔහුට තැති ගැනුමක් ඇති නොවුණි. ඇගේ වෙන දා මතු වන සිනහව ඇගෙන් ඉවත්ව ගොස් තිබුණා පමණක් ම විය
“තෝ කොහිද බොල හිටියේ”
“මම දන් නෑ..., මට මතක නෑ....”
“තෝ මොනවද දැක්කේ?”
“මුකුත් දැක්කේ නෑ”
“තෝ මොකෙක් ද?”
“මම...මම දන් නෑ.....”
ඇගේ ඝාතනය හමුවේ වූ පොලිස් පරීක්ෂණ වලදී අතොරක් නැතිව නිලධාරීන්ගේ විවිධ අඩන්තේට්ටම් වලට ලක් වූ ඔහු, එම සිදුවීම් දාමය හමාර වන්නේ අතන මෙතන ලගින්නකු වීමෙනි.
හිසට හිස් අහසද, කුසට බඩකට පුරා හුලන්ද විඳිමින් අව්වෙන් වැස්සෙන් කොතෙකුත් බැට කමින් ඔහු ගෙවූ අහිකුන්ටක ජීවිතය තුල ඔහු තනි නො තනියට රාත්‍රී අහසේ තරු පායා තිබුණි. ඒ තරු ඔහු දෙස රවා සිටින්නාක් වැනි හැඟීමක් ඔහුට දැනුනු අවස්ථා ඒමට විය. සුළඟ දඟකාර කම් කරමින් ඔහුව සමච්චලයට ගෙන තිබුණි, ඔහුගේ කඩමාලු වස්තර ඒමේ ඇත අදිමින් සුලග කල වදය ඔහුට ගණනක් නොවීය. එහෙත් නුහුරු නුපුරුදු දෑසින් විරවගෙන තරු තමන් දිහා බලන් සිටීම ඔහුට ඉවසිය නොහැකි විය. තමන් ඒවායේ ග්‍රහණයට ලක්වී ඇති සෙයක් ඔහුට දැනුනි.
තොපි ඇයි මන් දිහාම බලන් ඉන්නේ?”
“තොපිට වෙන උන් නැද්ද බොලව් මටම ඔරවන්නේ?”
“මට...මට.... මගේ පාඩුවේ ඉන්න දියල්ලා......”
ඔහු ඔහුට ම පාඩුවක් ඉස්පාසුවක් ඔහු වටා වූ පරිසරයේ වූ දෑ තුලින් ම හෙව්වද මොකක් දෝ මහා තනිකන්දෝසයක් ඔහුට දැනී තිබුණි. අනන්ත තරු හා බැණ අඩ ගා සුළඟ හා රණ්ඩු කලද  ඒ නෙත් දෙකට සැනහීමක් නම් නොවීය. ඒ නෙතු කිසි දිනක නිදා ගත්තේ ද නැත. ඒ ගත තුල වූ විඩාවට නිමාවක් නම් නොවීය.
.....................................................................................................................................
“ඒයි..... ඒයි.....”
“ඔව්, උඹට තමයි, මෙහෙට වරෙන්”
“මම....මම..... අනේ මන් මුකුත් ගත්තේ නෑ, මන්.... මන් දන් නෑ......”
“මොනවාද උඹ මේ කියවන්නේ? මොනවාද උඹ ගත්තේ?”
“මන් ගත්තේ නෑ.....මන් ගත්තේ නෑ......”
“හරි, උඹ කවුද? මොනවාද කරන්නේ?”
“මම දන්නේ නෑ, මන් මොනවාද කරන්නේ?”
“උඹ නම් මාර පොරක් බන්, උඹත් හරියටම මම වගේ මයි, එහාට මෙහාට වැනෙන ජීවිතයක් තියෙන ඉබාගාතකාරයෙක්. සුලග එක්ක පාවෙන, තරු අහස යට නිදන උඹත් මන් වගේ එකේක්ම තමයි, උඹ බොනවද?”
“මොනවාද උඹ කියවන්නේ, තරු... තරු.... ඕකුන් හැම දාමත් මට ඔරවනවා, හුළඟ... හුළඟ... මට බැට දෙනවා සදහටම, වැස්ස.... වැස්ස....මාව තෙමනවා, අව්ව....ඌ....මාව පුච්චනවා, මම උඹ වගේ නේවේ, ඔව් මම උඹ වෙන්න බෑ. මොනවාද උඹ බොනවද කියලා ඇහුවේ?”
“හරි ඒ උඹ දකින විදිය, වරෙන් මගෙත් එක්ක, මන් උඹට ජීවිතේ කියල දෙන්නම්, ඒක විඳින හැටි කියලා දෙන්නම්”
අතොරක් නැති ජීවන සිද්ධි දාමයක් හමුවේ මරණය කරාම ඇදෙන ජීවිතයට හුරු තනිකමට කොහෙන්දෝ කඩාපාත් වූ නුහුරු නුපුරුදු එකෙකු නිමාවක් තැබීය. ජීවන ගමන නව මාවතකට හැරී තිබේ, යායුතු අන්තයක් නොපෙනුනද යා යුතු මාවතක් දැන් තිබේ, ගමන් කිරීම හෝ නො කිරීම ඔහු සතුය. නමුත් ඔහු වහලෙකු වී අවසානය.
.....................................................................................................................................
“ඔයා හරිම අමුතුයි”
“මමද ඒ මගේ හැටි වෙන්නැති”
“ඒ හැටියට මම කැමතියි”
“මටත් ඔයාව දැක්කම මොකක්දෝ මහා අමුත්තක් දැනුනා”
“ඇත්තට?”
“හ්ම්ම්......”
“මොනවගේද?”
මන්දා, ඔයා ලඟින් ඉන්න කොට මට හැගෙන්නේ මම විතරක්ම මේ ලෝකේ ඉන්නවා වගේ, ඒ රවන උන්, ඒ ඔරවන උන්, එහාට මෙහෙට ඇවිදින උන්, ඔව් මේ තරු, මේ මල් මේ හමන සුළඟ, ඒවා......ඒවා........යකාටම ගියාවේ, මට......මට.......දැනනවා මම ඉන්න බවක්...... මට දැනෙනවා මහා අමුත්තක්, ඒ...... ඒ.......අමුත්තට මම ආසයි, ඒක...ඒක.... මට ගෙනාවේ ඔයයි.”
“ඔයා මොනවා කියවවද මන්දා”
“මන්දා මගේ හිත වචන වලින් පිරිලා, මට කියා ගන්න තේරෙන් නෑ, මන් දන්නේ ඔය මගේ ළඟ ඉන්නවා විතරයි, ඔය නැති කොට මගේ හිත යකඩ ගුලි ගිලලා වගේ මහා බරක් දැනෙනවා, මට තවත් එහෙම ඉන්න බෑ, මට ඔයා ඕන”
“ඒ තරම්ම මම වටිනවද?”
“මන්දා මම හෙට ඔයාව මන් ලඟට ගන්නවා, ඔව් ඒක සත්තයි”
“බලමු”
“පල්ලිය ළඟ පාලම ගාවට උදෙන් ම එන්න, අපි තවත් දෙන්නෙක් වෙන්න ඕන නෑ, මන් බලන් ඉන්නවා”
“හ්ම්ම්ම්”
“ඔයා එනවද?”
ඒ දෑසේ දීප්තිමත් බවක් විනා කිසිදු වචනයක් නොදෙඩවූවාය.
.....................................................................................................................................
කාල කන්නි වරුසාව චුරු චුරුවත් සමග නොකඩවා ඇද හැලේ. කෘතීම සිසිලක් මවා පෑවාද සිත් සන්තානය තුලින් මතුවන පිච්චීම දවා අලුකරවන සුළුය. තමා යා යුතු ද නොයායුතු දැයි ඔහුට වැටහෙන්නේ නැත. ඔහු සියල්ලට ඇලී ගැලී ඇතුවාක් සේය.
“මොකක්ද මන් මේ කරගත්තේ”
“දෙයියනේ උන් මාව අයෙත් බල්ලෙක් ගානටම දමාවි”
“මට බෑ මට බෑ, මට එහෙම වෙන්න දෙන්න”
“යකුනේ මටත් ඔව් මටත් ජීවිතයක් තියෙනවා බොලව්”
නොයෙකුත් සිතුවිලි සිතට දහසක් වද දෙයි, කල කී දෙයින් ගැලවීමක් නැතුවා සේය. හිස පොඩි පට්ටම් කරගැනීමටද සිතෙන්නේය. වටපිට බැලූ ඔහුට අර්ධයක් ඉතිරි වූ බෝතලය විසදුමක් සේ හැඟුනි. වහ වහා උගුරට දෙකට හලා එය කටේ හලා ගත් ඔහුට ඉන් සහනයක් නොවීය. තමන්ට උරුම තම සිතම තමන්ට වදදෙන කල මත බවකින් නම් කුමන සැනහීමක් ලබන්ට හැකිවේද? එහෙත් කුමක් හෝ තීරණයක් දැන් ගත යුතුව ඇත.
.....................................................................................................................................
“මොකක්ද උඹ ඔය කියන ජීවිතේ?”
“ම් වරෙන්, මන් හිමීට කියලා දෙන්නන්”
එහාට මෙහාට වැනෙන ජීවිතයක උරුම කරුවෙකු වූ ඔහු දැන් නාදුනන එකෙකුගේ පසු පසින් වැටී ඇත. ඔහේ අරමුණකින් තොරව ඔහු පස්සේ යන ඔහුට තමා කොහේ යන්නේද? කුමක් සිදුවේද කිසිදු හැගීමක් නැත. තමා දන්නා එකම දෙ බඩගින්නට අහරක් පමණි. නදුනනා එකා එයට විසදුම් දෙයිද නොදෙයි යම් සැකයක් වූවද අද දවස කෙසේ හෝ ගෙවා ගත යුතුව ඇත.
“ඉඳා බියන්”
“මොනවාද?”
“අමුර්තේ”
මුල් වරට නො දන්නා බීමක් තොල කට ගෑ ඔහුට තමා වටා වූ සියල්ල කැරකෙන්නාක් සේ හැංගෙන්නට විය. ඒ අතරින් සිහින් හිනා හඬක් ඔහු සවනට හිමීට ඇසෙන්නට විය. යන්තමින් ඒ හිස් අහසේ  පායා එමින් තිබූ තරු පොකුරු සියල්ල එකට ගුලි වී තමාට ඔරවනවාක් වැනි හැඟීමක් සමඟ කෙමෙන් ඒ දස පිය වී ගියේ ය.
පසු දා පහන් වන විට නාඳුනනා එකෙකු තම නිරුවත් සිරුර මත වැතිර සිටින අයුරු දුටු ඔහුට කිසිවකුත් නොවැටහිණි. ඔහුගේ සිත එක විටම ඇදී ගියේ තමා බලා ගත් ගැහැණිය හා ඈ වටා සිදු වූ සිදුවීම් දාමයය. එදින මරණය ඔහුට ආගන්තුක වුවද තමා ද ගෙල සිඳී මියයාමට ආසන්න බවක් ඔහුට හැඟුනි. වහ වහා අතට අහුවු දෙයකින් පහර දෙනු විනා වෙනකල හැක්කක් නම් ඔහුට මතක් නොවීය. තමන් සිහි විකල් කල දියරයෙන් තොර හිස් බෝතලය නෙත ගැටුණු ඔහු ඇසුරු සැනින් එය ගෙන ආගන්තුකයාගේ හිසට දමා ගැසීය.
“මොකද පරයෝ ගැහුවේ” නිදිමර ගාතෙන් වේදනා බරිතව ලේ ගලන මුහුණින් යුතුව එකෙක් කෑ ගැසීය.
“මොකක්ද මට උනේ”
“තෝව අපයෝජනයට ලක්වුනා, ඇයි තොට අවුල්ද? තෝ ඕකට හුරු වෙයි, තෝ කාල කන්නි නරියා, බලාපිය කරපු දෙ මට”
“මගේ ඇඳුම් කොහෙද? මට යන්න දීපිය?”
“තෝ කොහේ යන්නද?”
“මම දැන් නෑ....., මට යන්න දීපන්”
“හිටපන්, උඹ මගෙත් එක්ක තරහද?”
“මම උඹට කැමතියි, මමත් උඹ වගේම් එකෙක් තමයි, උඹට මහා පාලු තනිකමක් දන්නේනේ නැද්ද? උඹ මේ ලෝකේ තනිවෙලා කියලා දැනෙන්නේ නැද්ද? හැම එකාම උඹට ඔරවනවා, උඹට උඹත් නෑ කියලා දැනෙන්නේ නැද්ද? උඹ මේ වෙනසට කැමති නැද්ද?, උඹට ඕන නම් පලයන්? මගේ තරහක් නෑ”
“උඹ මට කියපු ජීවිතේ මේකද?”
“ඔව්....නැහැ....., උඹත් මේක ඇතුලේ කොහේ හරි වැටිලා ඉන්න ඕන, උඹත් ජීවත් වෙන්න ඕන, ඔව් උඹ වගේ ම මමත්, යකෝ මේක මහා ගඳ ගහන වලක්, එත් එවලේම තමා අපිට වැටිලා ඉන්න ඕන වෙලා තියෙන්නේ, ඔව් ඒ පන තියෙන තුරාවට.”
ඔරලෝසුවේ කටු  දින සති මාස වලට කැරකෙමින් යද්දී ඔහු ද එලෙස ම කැරකී යමින් ඔහුටද තාවකාලික පිළියම් තුල වූ තනිකම, කුසගින්න, දුක, සතුට, එරවීම්, ගැරහීම්, තුල ඔහුගේ ම ජීවිතයක් උරුම විය. විටෙක මත බවිනුත්, විටෙක සොරකමිනුත්, තවත් විටෙක ලිංගික වහලෙකු වෙමිනුත් උනුන් දෙදෙනා උනුන් දෙදෙනාට හුරු විදියකට තනිකම හා කාල කන්නි කම බෙදා හදා ගන්නට විය. බඩගින්නට අහරත් අනෙකුත් සියල්ලත් කාලය විසින් කෙසේ හෝ මොනයම් අයුරකින් හෝ ඔවුන්ගේ ම ක්‍රමයකට ඔවුන්ට ලැබුණු අතර  එය යහපත්ද නැත්නම් අහයපත්ද යන්න ඔහුට වගක් නොවීය. හිරු නැග එන විට ඒ පාපී උදෑසනයන්හිදී ජීවත් ව සිටී නම් කුස ගින්න පරයා දමා කෙසේ හෝ එළඹෙන රාත්‍රිය ගත කල යුතුව ඇත. කුණු ගොඩකින් අහුලා ගත් ගිටාරය හා බෝතලය රාත්‍රියට කදිම රසය සපයන්නට විය. තාලයක් නොදන්නා තත් ඔහේ හඬමින් එලොවටත් නැති මෙලොවටත් නැති මහා පාලු මුසල හඬක් නගද්දී ඔහු කෙමෙන් ඔහුගේම ආරකට ජීවිතය රස විඳීන අයුරු ඉගෙන ගත්හ.
.....................................................................................................................................
ඇය ඔහු එන තුරා පාලම මතට වී හිඳ බලා සිටිනු ඇත, ඒ දීප්තිමත් දෑස් ප්‍රේමයෙන් පිරී ඉතිරී යමින් ඔහු එන තුරා මග බලනු ඇත. ඔහු දෙලොවක් අතර සිර වී ඇත. සියලු බලා පොරොත්තු සෝදා හරිමින් හාත්පස අඳුරු කරමින් වැසී දිය ඇද හැලේ. ඉඳහිට මතු වන ගෙරවිලි නදද ඔහුට ම ගොරවන්නා සේ දැනේ. හිත ආලයෙන් සේම සිත් පීඩාවෙන්ද බරය. තමා මහා කාලකන්නියෙකු සේ ඔහුට හැඟෙන අයුරකි.
ඒ නෙත් දුටුදා සිට තමා උන්මත්තකයකු වීදැයි ඔහු නොදනී, නමුත් සිත තුළ කුමක් හෝ දෙයකින් තමා පිරී ඉතිරී යන්නාක් සේ ඔහුට දැනුනි. තමා මෙතෙක් වයිර කල අහස තුල මෙතෙක් කල් රණ්ඩු කල සුලන්ගේ පාවී යන්නක් සේ ඔහුට දන්නේනට විය. ඔහු කිසිදා නොවිදූ නුහුරු නුපුදුදු හැඟුමන් සමුදායක් තුල ඔහු එතෙක් තමා විඳි මිහිරිම රසය දැනේනට විය, ඔහු ඒ රසයට කෙතරම් ලොල් වූයේ ද නම් එය හැරයාමට හා අන්සතු කරගැනීමට බිය විය. තම තුල තමන් ගැනම හීන් ඉරිසියාවක් මතුව විත් එය තමන් සමගම ඔච්චම් කරගන්නට විය.
තමාට ඒ සියල්ල උරුම බවත් තමා කෙසේ හෝ ඒ සියල්ල උරුම කරගත යුතු බවත් ඒ චුරු වරුසා හඬ මධ්‍යයේ ඔහුට මතක් විය. තමා පෙම්බදී ඒ රසය තමාගෙන් ගිලිගී යාමට ඉඩ දිය නොහැක. තමන් මාෂා සොයා යා යුතුය.
.....................................................................................................................................
“මට තවත් උඹේ ගෑනි වෙන්න බෑ, මට දැන් මේක පිළිකුල්”
“ඔව් උඹ කාලෙක ඉඳන් වෙනස් වෙන හැටි මට දැනුනා”
“මට රාත්තිරි උඹත් එක්ක තවත් එකට ලගින්න ඕනා නෑ, මං මාෂාට කැමතියි, උඹ ළඟ තියෙන්න කාල කන්නි සතුටට වඩා එකී ළඟ මට සැනසුමක් තියෙනවා”
“තොට මට වඩා කොහෙවත් ඉන්න වෙසාවියෙක් ලොකු උනා නේද?, තෝ අවලම් බල්ලා”
“ ඒකිට වෙසාවී කියන්න එපා, එකගේ බඩටත් කෑම ඕන, තෝ වගේ අවලමෙක් නෙවේ එකී, තෝ ජරා නරියා”
“යකෝ එකී වෙසාවියෙක්, තොගේ යහනේ විතරක් නෙවී ඕකි ලගින්නේ”
“තෝ පරයා වහ ගනින් ඔය කට”
යලිත් වසන්නට කටක් ඉතිරු වී තිබුනී නැත, හිස් කබල පුපුරා යන පරිදි බෝතල් කටු රැසක් ඔහුගේ ඉහ මොළ හරහා ගමන් කර තිබුණි, අවසන් කෙනිදිරියක් සමග තවත් එක පරානයක් සීතල සුළඟට එක විය.
කැපුණු දෑතට උරුම ගතේ වේදනාවට පලාව හරිමින් වේදානා බරිත හිතට මහත් වූ සහනයක් දැනෙන්නටත් ඒ සියලු දෙ අතරින් මාෂාගේ ආදරණීය දෑස් මැවී පෙනෙන්නටත් විය.  ඔහු දෑතේ තුවාලත් සමගම ගිටාරය හඬවන්නට විය. වෙනදාට වඩා දුක හා ආදරය මුසු තනුවක් වීදියේ අඳුරු කෙලවරකින් නැග එන්නටත් එය සීත සුලන් හා එක්ව පෙම් කරන්නටත් විය. වෙනදාට ඔරවන තාරුකා ගී තනුව හා එක්ව නිවී දිලෙයි.
හෙටද කොහෙන් හෝ හිරු උදාවනු ඇත. යලිත් කුසගින්න හා අනෙකුත් සියල්ල හෙටත් හිස ඔසවනු ඇත. නමුත් ඒ සියල්ල පරයන ආදරයක් ඔහුගේ සිත තුල දැන් ඇත.
පොඩි පට්ටම් වූ හිසකින් රුධිරය දසත ගලා යන අඩ නිරුවත් මල කුණකට මේ සියල්ල ඇසුනා දැනුනා හැඟුනා විය හැක.
...................................................................................................................................................................
සියලු විභාග කටයුතු නිමාකරලා කාලෙකට පස්සේ ආයිත් සයිබරයට ඇවිත් ලියලා දාපු පලවෙනි කතාව, නවත්තපු තැන නම් එමටයි, හෙමින් පටන් ගෙන යන්නම්.                                        
Related Posts Plugin for WordPress, Blogger...