Tuesday, June 3, 2014

අලුතෙන්ම හදන කිරි ටොයියා නැවකින් රවුමක් යමුද? මොකද කියන්නේ?

වෙනදා වගේ බයිලා කතා, කෙටි කතා රස කතා ලිය ලිය ඉන්දැද්දී ඉතින් හිතුනා මගේ අත්දැකීම්, මන් ලබා ගත්ත දැනුම ඔබත් සමග බෙදා හදා ගන්න කියල. ඉතින් මේ කියන්න යන්නේ මන් හදාරන ඉංජිනේරු පාඨමාලාවට අදාලව මට ලැබුණු කර්මාන්ත පුහුණුව ගැන. ඇත්තටම මන් ගොඩාක් දේවල් එකෙන් ඉගෙන ගත්තා. ඉතින් මේ පිටරටක පුහුණුවක් ගැන නෙවේ කතා කරන්නේ, අපේ පුංචි ලංකාවේම පිහිටි ආයතනයක අපේම මිනිස්සුන්ගේ දෑත් වලින් කෙරෙන ලොකු වැඩ ටිකක් ගැනයි කියන්නේ. ඔබ සමහර විට දන්නවත් ඇති කොළඹ වරාය සීමාව තුල පිහිටි කොළඹ නැව් තටාකාංගනය පුද්ගලික ආයතනය. එහෙමත් නැත්තන් Colombo Dockyard PLC.

කොළඹ නැව් තටාකාංගනය
ඔය ආයතනය ගැන කියනවානම් නැව් අලුත්වැඩියාව හා නැව් නිෂ්පාදනය ප්‍රධාන කාර්යයන් වන මේ ආයතනය ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ් ආයතනයේ හිමිකාරිත්වය යටතේ පවතී. මේ ආයතනය අති විශිෂ්ට ආයතනක් ලෙස පැවතීමට ප්‍රධානම හේතුව ජපන් පාලනයක් යටතේ පවතින ආයතනයක් ලෙස පැවතීම බව මගේ අදහසයි. මෙම ආයතනය නැව් නිෂ්පාදනය හා නැව් අලුත් වැඩියා කිරීම මගින් රටේ සමස්ත ආර්ථිකයට 3.5% කට ආසන්න ප්‍රමාණයක් තම දායකත්වය ලබා දෙනවා. ඉතින් හිතන්න රටේ ආර්ථිකයෙන් අධ්‍යාපනයට ඉල්ලන 6% බාගයකට වැදී ප්‍රමාණයක්ම මේ ආයතනය හරහා රටට ලැබෙනවා නේද?

ඉතින් මේ ආයතනයට තියෙන ප්‍රධානම සම්පත තමා ඩ්‍රයි ඩොක් (Dry Dock) හතර. සියලු නැව් අලුත්වැඩියා හා නැව් නිෂ්පාදන සිදු කරන්නේ මේ ඩ්‍රයි ඩොක් ඇතුලේ තමා. ඩ්‍රයි ඩොක් එකක් කියන්නේ නැවක් අලුත්වැඩියා කටයුතු සඳහා මුහුදෙන් ගොඩට අරගෙන තියන්න පුළුවන් මුහුදු වතුර පුරවන්න වගේම අස් කරන්නත් පුළුවන් කෘතීම තටාකයකට තමා හරිය. අපි ඉතින් නැව් ගොඩ දාන හැටි ගැන ඉස්සරහට කතා කරමු.

ආයතන භුමිය හා ඩ්‍රයි ඩොක් හතර.
ඔය තියෙන්නේ ටොන් 79,999 ක් බර තෙල් නැවක් (Oil Tanker) එකක් ගොඩට අරගෙන තියලා තියෙන හැටි තමා. නැත්තන් ඉතින් කවදා බලන්නද නැවක පල්ල. මන්නම් ඉතින් පල්ලටම ගිහින් අතගාලත් බැලුවා හරිය. : D. අර තැඹිලි පාට ඔවරොල් එකක් ඇඳගත්ත මනුස්සයා ඉන්නේ ටොන් 79,999 යට. මාත් ඔය යටට යන්න මොහොතකට කලින් ගත්ත පින්තූරයක්.

ගොඩට ගත්ත නැවක්
කිව්වට මොකද නැවක පතුල හරි සුවදයි හරිද? නැවේ ජීවන සුවඳ ආයේ නහය කඩාගෙන යන්න දැනෙනවා. ඇත්තටම නැවක පතුල සුවිශේෂියි. මොකද නැව මුහුදේ යාත්‍රා කරන තාක් නැවේ මුහුදින් සැඟවුණු කොටස දකින්නනම් කිමිදෙන්නම වෙනවා. නාවේ පතුල ඉතින් මුහුදේ යාත්‍රා කරන කාලේදී කුඩා මුහුදු ජීවීන්ට නිවාස ඉදිකරන්න තෝතැන්නක් වෙනවා. ගොඩක්ම කාවට්ටියෝ තමා නැවේ පතුලේ ගෙවල් හදා ගන්නේ. ඒ අයව හුරලා අයින් කරනවා සම්පීඩිත වතුර ප්‍රහාරයන් එල්ල කරලා. ඔය ඊට පස්සේ. එහෙම කරාට පස්සේ ඩ්‍රාෆ්ට් මාර්ක්ස් වලට අනුව අදාළ පේන්ට් එක ආලේප කරනවා අවුරුදු පහක වගකීමක් එක්ක. ඇත්තටම නැවක් ඩොක් කරපු හැටියේ නැව යටට ගියොත් නම් බඩුම තමා. මේ ඩ්‍රාෆ්ට් මාර්ක්ස් මොනවාද ඒවා ලකුණු කරන්නේ කොහොමද කියලත් අපි ඉස්සරහට බලමුකෝ.

ඔන්න නැවේ පතුල.
මේ මෙයාව තාමා උඩ ගොඩට අරගෙන තියෙන්නේ හරිය
ඉතින් මගේ කර්මාන්ත පුහුණුව මට ලැබුනේ ඔය කියන ආයතනයේ. එවැනි ආයතනයක මෙවැනි වටින පුහුණුවක් ලබා ගන්න මගේ හොඳම යාලුවාගෙනුත් එයාගේ තාත්තාගෙන් ලැබුණු උදව් මෙතැනදී සඳහන් නොකරම බෑ. එහෙම නොවන්නට මටත් මේවා හීනයක්ම විතරයි. ඉතින් ලංකාව ගැන කතා කරද්දී නිෂ්පාදනයක් විදියට පාපැදියක්වත් නිපදවන් නැති අපේ රටේ අපේම ඉංජිනේරු දැනුමත් සේවක ශ්‍රම දායකත්වයත් එකතු වෙලා මහා නැව් හදනවා කිව්වම ඔබට මොකද හිතෙන්නේ. හරි මෙ වැල් වටාරම් දැන් ඇති නේද. එහෙනම් අපි බලමුකෝ නැව් ගැන කතා කරන්න කලින් නැවක ප්‍රධාන දැනගතයුතු කොටස් මොනවාද කියලා. එක ඉස්සරහට පහසුවක් වේවි.
File:Ship diagram-numbers.svg
නැවක කොටස්
ඔය පින්තුරේ ගත්තේ විකිපීඩියාවෙන්. ඔය පින්තුරේ අංක එකෙන් දුම් බටය (funnel), එතකොට අංක දෙකෙන් නැවේ පිටුපස (Stern, අංක තුනෙන් අවර පෙත්ත(Propeller) හා රඩරය(Rudder) රඩරය නැව අවශ්‍ය ගමන් දිශාවට හැරවීමට යොදා ගැනේ, අංක හතරෙන් වරාය පැත්ත (Port Side) මේ පැත්ත සැමවිටම නැවක් වරායක ජැටියක ගැට ගසන විට ජැටිය පැත්තට හිටින පැත්ත වන අතර මේ පැත්ත හදුනා ගන්නේ ඔබ නැවකට නැග නැවේ ඉදිරියට මුහුණ පා බැලූ විට ඔබේ වම් අත පැත්ත ලෙසත් මීට ප්‍රති විරුද්ධ පැත්ත නැවේ ස්ටාර්බෝඩ් සයිඩ් (Starboard) වන අතර එය ඔබේ දකුණු අත පැත්තයි. අංක පහෙන් දැක්වෙන්නේ නැංගුරම (Anchor) වන අතර අංක හය බල්බස් බව් එක (Bulbous Bow) හරියටම කියනවනම් මේක නත්තල් පප්පගේ සපත්තුවේ ඉස්සරහ කොටස වගේමයි. ඇත්තටම මේ කොටසෙන් මුහුදු රළ වලින් නැවට එන ප්‍රතිරෝදය මැඩගෙන ඉදිරියට යාමට ඉමහත් දායකත්වයක් නැවට ලබා දෙනවා. ඊළඟට අංක හතෙන් නාවේ ඉදිරි කොටස (Bow) දැක්වෙන අතරේ අංක අටෙන් නැව් තට්ටුව (Deck) දැක්වෙනවා. ඔය තට්ටුවටම open deck, whether deck කියලත් කියනවා. එතකොට අංක නාමයෙන් නැවේ සුපර් ස්ට්‍රක්චර් එක (Super Structure) එහෙමත් නැත්තන් නැවේ එලවන කොටස(steering room), කපිතාන්, ඉංජිනේරුවන් ඇතුළු නැවියන්ගේ කාමර පිහිටි කොටස විදියට නාවේ ප්‍රධානම කොටස් ටික දක්වන්න පුළුවන්. එතකොට නැවේ සම්පූර්ණ බඳම හල් එක (Hull) විදියටත් නැව වෙසල් (Vessel) විදියටත් තමයි හදුන්වන්නේ.

ඉතින් නැව ගැන ඉගෙන ගත්ත එකේ එහෙනම් නැව් හදන විදිය ඊළඟ කොටසින් කියන්නම් හරිද, නැත්තන් මේ ලිපිය මාගලක් විතර වෙනවා, ඒ ඔක්කොම මට තේරෙන විදියට මන් ඉස්සරහට අනිත් ලිපි වලින් ඔයාලට කියලා දෙන්නම්. පොඩි ඉඟියක් දෙනවා නම් නැව් හදන්නේ කෑලි කෑලි වලට හරිය. පස්සේ කෑලි ඔක්කොම එකතු කරනවා. එහෙනම් ජය වේවා.

38 comments:

  1. කිව්වට මොකද නැවක පතුල හරි සුවදයි හරිද? නැවේ ජීවන සුවඳ යේ නහය කඩාගෙන යන්න දැනෙනවා. ඇත්තටම නැවක පතුල සුවිශේෂියි. මොකද නැව මුහුදේ යාත්‍රා කරන තාක් නාවේ මුහුදින් සැඟවුණු කොටස දකින්නනම් කිමිදෙන්නම වෙනවා. නාවේ පතුල ඉතින් මුහුදේ යාත්‍රා කරන කාලේදී කුඩා මුහුදු ජීවීන්ට නිවාස ඉදිකරන්න තෝතැන්නක් වෙනවා. ගොඩක්ම කාවට්ටියෝ තමා නැවේ පතුලේ ගෙවල් හදා ගන්නේ. ඒ අයව හුරලා අයින් කරනවා සම්පීඩිත වතුර ප්‍රහාරයන් එල්ල කරලා. ඔය ඊට පස්සේ. එහෙම කරාට පස්සේ ඩ්‍රාෆ්ට් මාර්කස් වලට අනුව අදාළ පේන්ට් එක ආලේප කරනවා අවුරුදු පහක වගකීමක් එක්ක. ඇත්තටම නැවක් ඩොක් කරපු හැටියේ නැව යටට ගියොත් නම් බඩුම තමා. :D.

    ReplyDelete
    Replies
    1. සොමියෝ මන් ආසම මාතෘකාවක්, ගොඩක් ස්තුති හොදේ. පොඩි කාලේ හාබර් එකට යන්න මන් ගොඩක් ආසයි, නැව් ගැන අහන්නත් ආසයි..

      Delete
    2. මටත් පොඩි ආසාවක් තිබුනා කවදා හරි නැවක යන්න, එත් ඉතින් ඒ හීනේ හැබෑ උනේ මෙහෙදී තමා, ඔය යෝධ පාවෙන යකඩ කඳන් දකිද්දී නිකන්ම ඒ ආසාව තවත් වැඩි උනා. ඔහේ පාවෙනවට වඩා එහාට ගියපු කතන්දරයක් ඔකේ තියෙනවා නේද කියලා, ඉතින් අපුර්වී අක්කව සාදරයෙන් පිලිගන්නවා, දිගටම මේ පැත්තෙත් එන්න කියලා ඉල්ලනවා.

      Delete
  2. Replies
    1. ඔව් ඔව් කැප්ටන් හැඩොක්වත් හම්බ උනා තමා, හෙක් හෙක් :D.

      Delete
  3. සිරාවටම වටින පෝස්ට් එකක් සොමියො, විශේෂෙන් නැවේ කොටස් හදුන්වපු එක එහෙම නම් වටිනවා. ඊළග කොටසත් ඉක්මනින් දාහන්.

    ReplyDelete
    Replies
    1. කොටස් වශයෙන් ඔක්කොම කතාව දාන්නම් අයියා. ඔක්කොම එකට දැම්මොත් කිසිම රසයක් නෑ, ඔක්කොම තාක්ෂණික කරුණු ටික ටික රස කතා එක්ක දාන්නම් අයියා. ලබා ගත්ත දැනුම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ලැබුණු එක සතුටක්.

      Delete
  4. අගනා ලිපියක්. මෙවැනි තාක්ෂනික කරුණු ඇතුලත් ලිපි බොහොම වටිනවා. හැකිතරම් පින්තූර සහ කාර්මික චිත්‍ර මගින් කරුණු පැහැදිළි කරදෙන ලිසත් ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. ඔබවත් සාදරෙන් පිලිගන්නවා, මම මට හැකි උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා, මම මේ ශේෂ්ත්‍රයේ දක්ෂයෙක් නෙමේ, මම ආධුනිකයෙක්, මට වඩා දක්ෂයන් ගොඩක් ඉන්නවා. මම මන් ලබා ගත දැනුම ඔබලත් එක්ක බෙදා ගන්නම්.

      Delete
  5. අම්මෝ ඔයා එහෙනම් .... හෙට අනිද්දා වෙද්දී නැවක යනවා...... නේද....? සොමි.....

    ReplyDelete
    Replies
    1. නවක යන්න පොඩි අසාවක් හිතේ කොනක තියෙනවා, එත් මන් කරන්නේ මැරයින් ඉංජිනීයරින් නෙවේ, මෙකනිකල් ප්‍රොඩක්ෂන් ඉංජිනීයරින්, ඉතින් මගේ කතාවේ ප්‍රොඩක්ට් එක නැව තමා, මන් ගියේ ගොඩට ආපු නැව් වල තමා. :D

      Delete
  6. නැව් වල නම් කීප වතාවක්ම ගිහින් තියෙනවා.. ඒ ගමන් නම් සුන්දරයි.. ඒත් ඔය පතුල් වලට යන්නනම් අපිට චාන්ස් එකක් හම්බුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ නවක යන්නත් කලින්ම නැව් පතුලටම යන්න පුළුවන් උනා. එක ඇත්තටම සුවිශේෂී අද්දැකීමක්.

      Delete
  7. නැව් වලට මාත් මාර කැමතියි බං. මේ ඩොක් යාඩ් එකේ මගේ යාලුවෙක්ගෙ මාමා කෙනෙක් වැඩකරල තිබුනා. ඒ නිසා මෙහෙම එකක් තියෙනවා කියල දැනං හිටියා. ඒත් මේ විස්තර සහ නැවක් මේ විදියට දැක්කෙ අදමයි මං ඉස්සරෝම.

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් විස්තර එක්ක පොටෝ කෑලි දෙන්නම්කො ඉතින් (එක්ස්ක්ලූසිව්ලි ඕන සොමියාස් බ්ලොග් හරිය) :D

      Delete
  8. මේ වෙනකම් හාබර් එකටවත් මම ගිහින් නැහැ බං සොමි.
    අපේ මල්ලිත් වැඩ කරන්නේ ඔය ඩොක් යාඩ් එකේම තමයි.එත් මට ඌගෙන් මේවා අහන්න හිතෙන්නේ නැහැ බං.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් ඒ මොකෝ, මලය මොනවාද කොරන්නේ? ඔය තියෙන්නේ කොරන වැඩ තමා ඉතින්. ටික ටික කියන්නම්කො.

      Delete
  9. ශා.. නැවක් බලන්න යන්න තියෙනවා නම් පට්ට නෙහ්.. මේ ලිපිය කියෙව්වම ඒ ආසාව වැඩි උනා. ඔක්කෝටම වැඩිය ආස හිතුනේ නැව් පතුලේ එක එක ජීවින් කඩලා ඉවත් කරන්ඩ. :)

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් ව්කනම් එච්චර සුන්දර රැකියාවක් නෙමේ ඒ මිනිස්සු ඇත්තටම පුදුම දුකක් විදින්නේ, ඒ සුවදට බඩ දඟලලා කාපුවා නිකන්ම උගුරට එනවා, පස්සේ පුරුදු උනා.

      Delete
  10. හොඳ ෆීල්ඩ් එකක් ඔයා තෝරගෙන තියෙන්නේ..මොකද හොඳ අනාගතයක් තියෙන ෆීල්ඩ් එකක් නිසා. ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් චෙෆ්, එත් මේකේ තියෙන්නේ තරගයක්, පුළුවන් තරම් හයියෙන් දුවන එකා දිනනවා.

      Delete
  11. නැවක යන්න ආසයි ............. :D

    ReplyDelete
    Replies
    1. යමු යමු අලුතම හදන නැවක යමු නංගි.

      Delete
  12. නැවක යන්ට ආසයි. ඒ ආසාව වැඩි වුනා මේ ලියවිල්ල දැකලා...:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් යමු පොඩ්ඩි අක්කේ. :D මන් නම් ආසම නවක පතුලට යන්න හෙක් හෙක්

      Delete
  13. පට්ට මචෝ...
    අපි නැව් වලනැග්ට බේසික් දෙයක් විනා වැඩි දෙයක් දැකල නෑ...
    ස්තූති මචෝ ජයවේවා

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් එහෙනම් දැනගෙනම යන කතරගන් :D

      Delete
  14. පට්ට මචෝ...
    අපි නැව් වලනැග්ට බේසික් දෙයක් විනා වැඩි දෙයක් දැකල නෑ...
    ස්තූති මචෝ ජයවේවා

    ReplyDelete
    Replies
    1. :o මොකෑ මේ එකම දෙතැනක?

      Delete
  15. නැව් ගැන මේ වගේ විස්තර කියවන්න ආසයි සොමියො...මොකද නැව් කියන දේ සාමාන්‍ය ජන ජීවිතයට එතරම් සමීප නැති නිසා...අපි දන්න දේ බොහොම පොඩ්ඩයි....ඉදිරියටත් දන්න දෙයක් අපිත් එක්ක බෙදා ගනු....බොලා දකුණු පළාතෙද ? පල්ල කියලා ලියලා තිබුන නිසයි එහෙම ඇහුවෙ...ජය !

    ReplyDelete
    Replies
    1. මමත් ට්‍රේනින් ගොය මුල් කාලේ මේවා මැජික් වගේ, මට තාම මතකයි මන් නැවක් ඇතුලට යන පලවෙනි දවසේ දැනුනු හැගීම. ඉතින් මන් දන්නා දෙයක් මෙහෙම බෙදා ගත්තා, මන් දකුණේ නම් නෙවේ, එත් මගේ බාසාව කලවම් :D. අපේ අම්ම දකුණේ, එත් අම්මාවත් පල්ල කියලා කියන නෑ. :D

      Delete
  16. ඔබට බොහොම ස්තුතියි මේ වැනි අගනා ලිපියක් අපට තිළිණ කළාට.

    ReplyDelete
    Replies
    1. නලීන් අයියටත් ස්තූතියි මේ පැත්තට ඇවිත් අදහස් එකතු කලාට.

      Delete
  17. සොමියා

    සුපිරි රචනාවක්... හරිම ලොකු දැනුමක් ලැබුණා... අපි හරිම ආස මාතෘකාවක්. විශේෂයෙන් ම රූප ටිකනම් හරිම අගෙයි.... ඉතින් සොමියෝ දිගට ම ලියන්න...

    ReplyDelete
  18. ස්තූතියි, අනිවාර්යයයෙන්ම.

    ReplyDelete
  19. ''අංක හතරෙන් වරාය පැත්ත (Port Side) මේ පැත්ත සැමවිටම නැවක් වරායක ජැටියක ගැට ගසන විට ජැටිය පැත්තට හිටින පැත්ත වන අතර''

    මෙන්න මේක වැරදියි මචෝ. නැවක් දෙපැත්තටම ගැට ගහනවා.

    "මේ පැත්ත හදුනා ගන්නේ ඔබ නැවකට නැග නැවේ ඉදිරියට මුහුණ පා බැලූ විට ඔබේ වම් අත පැත්ත ලෙසත්"

    මේක හරි.

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...