Sunday, June 8, 2014

ඔයාට මොකද උනේ රෝයල් මේල් ස්ටීමර් ටයිටනික් (R.M.S. TITANIC)? නැව් ගැන ලිපි 2

නැව් ගැන කලින් ලිපියෙන් අලුතෙන්ම හදන කිරි ටොයියා නැවකින් රවුමක් යමුද? මොකද කියන්නේ? කතා කරපු නිසාම මම ඒ ලිපියෙ ඊළඟ කොටස ලියන අතර තුර මතක් වූ දෙයක් නිසා ඔබ කවුරුත් දන්නා ශෝකාන්තයක් තමා රෝයල් මේල් ස්ටීමර් ටයිටනික් නැත්තනම් (R.M.S. TITANIC) ගැනයි කියන්නේ.
ටයිටනික් නැව cherbourg වරායෙන් පිටවෙමින්
ඉතින් මේ ශෝකාන්තය කොහෙන් කොහොම පටන් ගෙන කොහොම ඉවර කරගන්නද මන්දා. මේ ශෝකාන්තය ඇරඹෙන්නේ 1911 මැයි 31 වැනි බදාදා පස්වරු 12.15. මම හරියටම එහෙම කියන්නේ මේන්න මේ පැහැදිලි සාක්කිත් එක්ක. එත් මේ ශෝකාන්තය එදා පටන් ගත්තත් ඊටත් එහා ගියපු අතීතයක් මෙයට එකතු වෙනවා අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ තියෙන ඩ්‍රයි ඩොක් එකක මෙයාව හදන්න මුල පුරන කාලේ ඉඳලම. එත් ශෝකාන්තය ඇරඹුනයි කියලා ලෝකය සාකිකි දෙන්නේ මෙන්න මේ දවසත් එක්ක.
ටයිටනික් නැව දියඹට ගිය දවසේ නිකුත් කරපුවා
ඉතින් මේ කතන්දරේ පටන්ගන්නේ වසර 1907 දි ඇමෙරිකාවේ ඒකාලේ හිටපු සල්ලිකාරයෙක් වෙච්ච ජේ. පී මෝර්ගන් (J. P. Morgan) කියන මනුස්සයා නැව් සමාගම් කිහිපයක්ම සල්ලි දීල ගන්නවා අත්ලාන්තික් සාගරය හරහා මගීන් ප්‍රවාහනය කරපු. ඔහු මිලදී ගන්නවා වයිට් ස්ටාර් ලයින් (White Star Line) නැව් සමාගම. මේ සමාගම සමග තරඟයට හිටියේ Cunard Lines Lusitania සහ Mauretania කියන නැව් සමාගම්. White Star Line සමාගමේ සභාපති වෙන්නේ ජේ. බ්රුස් ඉස්මේ (J. Bruce Ismay). Cunard Lines Lusitania සහ Mauretania සමාගම් නිසා අඩු ආදායම් ලබපු White Star Line සමාගමේ නැව් වලට තිබුණු මගී ආකර්ෂණය මේ සමග අඩුවෙන්න වගේම ලාබයත් පහත බසින්න ගත්තා. ඉතින් ඒ වෙනකොට අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ නැව් හදන ෂිප් යාර්ඩ් එකක් (ship yard) එකක් තමා Harland and Wolff shipyards කියන්නේ. එකේ අයිතිකාරයා උනේ ලෝඩ් පිරී (Lord Pirrie) කියලා කෙනෙක්. මේ මනුස්සයව හොයාගෙන එන White Star Line සභාපති වෙච්ච ජේ. බ්රුස් ඉස්මේ අලුත් අදහස් එක්ක පාවෙන සිහිනයන් බඳු අලුත් මගී ප්‍රවාහන නැව් (passenger ships) නැව් තුනක් හදන්න සාකච්චා කරනවා වගේම වෙළඳ ගිවිසුමක් ගහනවා. මේ නැව් වල ඉදිකිරීම් බාර වෙන්නේ ඒ කියන්නේ නැව් හදන වැඩ වල ලොක්කා වෙන්නේ තෝමස් ඇන්දෘස් (Thomas Andrews) කියන හාදය. ඉතින් ඔන්න ඔය විදියටයි ටයිටනික් වගේ නැවක් හැදෙන්න පොට පෑදෙන්නේ. ඔන්න පහල ඉන්නේ ඔය හාදයෝ ටික තමා.

J.P. Morgan 
J. Bruce Ismay 
Lord Pirrie 
Thomas Andrews 
ඉතින් අපේ ශෝකාන්තය ටයිටනික් නැව හැදෙන්නේ ඔය නැව් තුනෙන් දෙවනියට. වෙළඳ ලාබ උපයා ගැනීමත් මගී ජනයා තම නෞකා සඳහා ආකර්ෂණය කරගැනීමත් ප්‍රදාන අරමුණු වෙලා තැනෙන මේ නැව් වල ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවදානයක් යොමු උනාදෝ කියලා පොඩි සැකයක් එනවා. ටයිටනික් කියන්නේ සහෝදරියන් තිදෙනෙක්ගෙන් මද්දුමී. මේ නැව් ගැන කියනවා නම් මෙයාල ඔලිම්පික් කියන පන්තියේ බොයිලේරු හරහා නිපදවන වාෂ්ප බලය දඟර කඳට (crank) යොමුකර ඒ හරහා ගොඩනගා ගන්නා ලද ඉහල පහල යාමකින් ඇතිවන බලය (reciprocate motion force) බ්‍රමන බලයකට (rotative motion force) පරිවර්තනය කර එමගින් අවර පෙති කඳ (propeller shaft) කරකවාගෙන එම බලය අවර පෙති කඳ හරහා අවර පෙති (propellers) වෙත යැවීමෙන් සයුරු තරණය කරන නැව් විදියට ක්‍රියාත්මක වෙන නැවක් ලෙස තමා හදුන්වන්න පුළුවන්. නැව දිගින් අඩි 882 කුත් පතුලේ සිට දුම් කවුළුක මුදුන දක්වා උස අඩි 175 කුත් අඩි 92ක උපරිම පලලකිනුත් යුක්ත වෙන පරිදි තට්ටු (decks) 8 කින් යුක්ත ලෙස තමා සැලසුම් නිර්මාණය උනේ. 
ටයිටනික් නැවේ සැලැස්ම 
ඉතින් මේ සහෝදරියන් ගැන කියනවනම් මුලින්ම තැනෙන්නේ ඇගේ වැඩිමල් සහෝදරිය රෝයල් මේල් සටීමර් ඔලිම්පික් (RMS Olimpic) ව තමා. එයාව 1910 දියඹට එකතු කරන අතරතුරම තමයි ටයිටනික් වත් හැදෙන්නන වැඩ අරඹන්නේ 1909 වර්ෂයේදී. තුන්වෙනියා වෙච්ච බාලම සොහොයුරිය 1914 දි දියඹට එකතු කරන අතර එයාගේ නම උනේ ගිගන්ටික් (Gigantic) පස්සේ කාලේ නම වෙනස් කරනවා රෝයල් මේල් සටීමර් බ්‍රිටනික් (R.M.S. Britannic) කියලා. ටයිටනික්ව දියඹට යැවුවේ ඉතින් 1911 මැයි 31 වැනිදානේ. මෙයාල ඔක්කොම ඉතින් ටික් ලා තමයි. මේ සහෝදරියන් තුන්දෙනාම උපතින්ම අවාසනාවන්තයිද මන්දා. එහෙම කියන්නේ තුන්දෙනාගෙන් බාලයෝ දෙන්නටම වෙන්නේ මුහුදු පතුල සිප ගන්න. ගිගන්ටික් එහෙමත් නැත්තනම් බ්‍රිටනික් ව ගිල්ලවා හරිනවා හෝ ප්‍රහාරයකට ලක්වෙනවා ආයුධ ප්‍රවාහනය කලයි කියන සැකය මත. වැඩිමලා තමන්ගේ තනිවූ සේවා කාලයෙන් පස්සේ පරණ යකඩ වලට කපලා විනාස කරලා දානවා. එක තමා අද තියෙන නැවකට උනත් අනතුරකින් විනාශ නූනොත් එයාගේ අවසානය සිද්ද වෙන්නේ පරණ යකඩ වලට කැපිලා. (scrapping of ship).

මද්දුමී හැඩවෙන හැටි බලන් ඉන්න ලොක්කි
මේ වීඩියෝවේ තියෙන්නේ ඔලිම්පික් නැවේ අවසාන ගමන ගැන තමයි.


ඉතින් ඔලිම්පික් ඔය විදියට අවසන් ගමන් යද්දී එහෙනම් අපි ටයිටනික් නැව හැදුනු හැටි බලමු. ඉතින් ටයිටනික් නැවේ වැඩ බෙල්ෆාස්ට් වල තියෙන Harland and Wolff shipyards කියන ෂිප් යාර්ඩ් එකේ 1909 වසරේ අඩිය අඩිය හැදෙන්නේ මෙන්න මෙහෙමයි.

පතුල් රාමුව සකසමින් (keel laying)
බඳ සැකසීමට සැලසුම් යොදමින්
බඳ සකසමින්
පිටුපස සකසමින් (මෙතැනින පැනලා තමා රෝස් අක්ක මැරෙන්න ගියේ )
ඉදිරිපස වැඩ අවසන් කරමින් (මෙතන ඉඳන්නෙ දෙන්නා ඩොල්පින්ලා දිහා බලන් උන්නේ)
අවර පෙති පරීක්ෂා කරමින්
පොර්ට් සයිඩ් එකේ අවර පෙත්ත බලමින්
සී ට්‍රයල් එකට සැරසෙමින්
පළමු වරට දියඹට යමින් ( 80% පමණ වැඩ අවසන් වූ පසු බඳ පරීක්ෂාව සඳහා සී ට්‍රයල් එකක් යනවා )
දුම්බට සකසමින්
වැඩ අවසන් වෙමින්
සියලු වැඩ නිමා වීමට ආසන්නව
ඉතින් මේ විදියට හැදුනු ටයිටනික් නැවේ තාක්ෂණික දෝෂයන් තිබුනත් නව සුපිරිම සැප පහසුකම් වලින් සමන්විත උනා. එහෙම කියන්නේ මන් මෙන්න මේ නිසා. එහෙනම් මේ රූප ටිකත් බලමුකෝ. පින්තුර නිසා ලිපිය දිගයි වගේනම් සමා වෙන්න. හොඳම කරුණු තව ඉස්සරහට හරිය.

පළමු පන්තියේ සැප වලින් බිඳක්

පළමු පන්තියේ ප්‍රංශ තානායම
පළමු පන්තියේ කැබිනයක් තුල
පළමු පන්තියේ කැබිනයක සුවපහසු යහනාවක්
පළමු පන්තියේ බෝජන ශාලාව
පළමු පන්තියේ කියවීම් ශාලාව
දෙවන පන්තියේ සැප වලින්

දෙවන පන්තියේ කියවීම් ශාලාව
තෙවන පන්තියේ පහසුකම් වලින්

තෙවන පන්ත්යේ බෝජන ශාලාව
තෙවන පන්තියේ පොදු ශාලාව
ඉතින් මේ නැවේවේ මොනවාද කන්න බොන්න දුන්නේ කියලා බලන එකත් වටිනවා නේද. ඔන්න තුන්වැනි පන්තියේ කන්න බොන්න දීපුවා.

මෙනු පතක්
තව ඉතින් කියනවනම් තුර්කි ස්නාහනා ගාර, කායවර්දනාගාර ආදී විවිද පහසුකම්වලින් සමන්විත අති සුපිරිම පහසුකම් වලින් තමයි මේ නැව හැදුනේ. ඉතින් මේ නැව ගැන කතා කරනවානම් කතා නොකරම බැරි ශ්‍රේෂ්ට පුද්ගලයන් කිහිප දෙනෙක්ම සිටිනවා, ඒ අතර ටයිටනික් නැවේ කපිතාන් එඩ්වඩ් ස්මිත් (Edward Smith) මහත්තය විශේෂයි. එයා අවසාන මොහොත දක්වාම නැව අත නොහැර සේවයේ යෙදෙමින් මගී ජීවිත බේරීම සඳහා කැප උනා. අර ගිලුණු ඉතාලි නැව costa concodia එකෙත්, ගිලුණු දකුණු කොරියානු නැවේත් හිටපු පාහර කපිතාන්ලා වගේ මගීන්ව අතරමන් කර නැවෙන් පලා ගියේ නැහැ. මෙයා අවසානයේ තමාගේ නිලදාරීනුත් සේවයෙන් නිදහස් කර හරිනවා ජීවිත බෙර ගන්නා ලෙස පවසමින්. මෙයා ගැන කියනවනම් මෙයා අත්ලාන්තික් සයුර ගැන මනා අවබෝධයක් තිබුණු කපිතාන් කෙනෙක්. මෙයා මේ නැවට ප්‍රථම White Star Line නැව් සමාගමේම සේවය කරමින් අත්ලාන්තික් සයුර හරහා නැව් මෙහෙයවපු කෙනෙක්. මෙයා කොච්චර මහජන ප්‍රසාදය දිනාගෙන හිටියද කියනවනම් සමහර මගීන් තමා ගමන් කිරීමට නියමිත නැවේ කපිතාන් මෙයා නොවී වෙන කෙනෙක් බව දැනගත් විගස ගමන අවලංගු කිරීමට තරම් කටයුතු කළා. ඒ ඒ තරම්ම මගී ජනතාවට ආදරෙන් තම සේවය කල අයෙක් නිසා. තව ඉතින් නැව ගිලෙන මොහොතේත් සේවය සපයපු වාදන කණ්ඩායමත් ඒ වගේමයි. එක හින්දමද මන්දා නැවගිලුනත් බෑන් චුන් කිව්වේ. ඒ මිනිස්සු ජීවිත බේරා ගන්න බැරිව මැරෙන්න යන මිනිස්සුන්ගේ අවසන් මොහොතත් තමන්ට හැකි අයුරින් සතුටින් තබන්න උත්සාහ කල පිරිසක්. ඉතින් ඒ හැඟීම මමත් ඔබත් විඳලා නැති නිසා ඒ ගැන මම තවත් මුකුත්ම කියන නැතිව ඔබටම විඳින්න ඉඩ හරිනවා. මම හිතන්නේ ඒ ගැන හරියටම කියන්න පුළුවන් වෙන්නේ ඒ මොහොතට මුහුණ දීපූ අයට විතරයි.

කපිතාන් ස්මිත් එයාගේ හොඳම යාලුවත් එක්ක
කපිතාන් ස්මිත් ආසම තැන නැවේ

නැවේ නිලදාරීන්
Back row left to right:
Chief Purser Herbert McElroy, 2nd Officer Charles Lightoller, 3rd Officer Herbert Pitman, 4th Officer Joseph Boxhall, 5th Officer Harold Lowe

Front row left to right:
6th Officer James Moody, Chief Officer Henry Wilde, Captain Edward Smith, 1st Officer William Murdoch


නැව ගිලෙද්දී මරණය දුක නැති වෙන්න වාදනය මිහිරක් කර ගත්ත අය
ඉතින් කපිතාන් ස්මිත් ගේ සමහරක් කියමන් තමා මේ

"When anyone asks me how I can best describe my experiences of nearly 40 years at sea, I merely say "uneventful." I have never been in an accident of any sort worth speaking about. I never saw a wreck and have never been wrecked, nor was I ever in any predicament that threatened to end in disaster of any sort." in 1907

මේ තමා ඔහුගේ අවසාන කියමන.

"Men, you have done your full duty, you can do no more. Abandon your cabin. You look out for yourselves, I release you. That's the way of it at this kind of time. Every man for himself."April 12, 1912, 2:10 a.m.


ඉතින් 1911 මැයි 31 වෙනිදා පළමු වරට වතුරට බැස්ස ටයිටනික් නැව ඊළඟ මාස 9ම වතුරේ ඉඳන් එයාගේ ඉන්ටීරියර් වගේම, බෝය්ලේරු සහ එන්ජින් එයාගේ පතුලේත්, සුපිරි පන්තිවල කැබින් මැද කොටස් වලත්, දුම්බට ඉහලම තල වලත් සවි කරන ෆිටින් වැඩ ටික සිද්ද වෙනවා. ඊට පස්සේ එයා බෙල්ෆාස්ට් වලින් තොම්සන් ග්‍රවින් ඩොක් (Thompson graving dock) එකට මාරුකරනවා බෙල්ෆාස්ට් වලම තිබුණු අවසන් වැඩ සඳහා 1912 පෙබරවාරි 3 වෙනිදා. එතනින් පස්සේ ටයිටනික් නැව බෙල්ෆාස්ට් වලින් පිටත් වෙනවා එක දිනක සී ට්‍රයල් එකකට 1912 අප්‍රේල් 2 වැනිදා. ඒ සී ට්‍රයල් එකෙන් අවුරුද්දකට එදා ඉඳන් වගකීමක් ලබා දෙනවා නැව් පරීක්ෂක ෆ්‍රැන්සිස් විසින් (Francis Carruthers) ටයිටනික් නැවට. ටයිටනික් නැව එදා බෙල්ෆාස්ට් වලින් පිටත් වේලා සවුත්ඇම්ප්ටන් (Southampton) වලට ලඟා වෙනවා මධ්‍යාන 12.00 ට 1912 අප්‍රේල් 12 වැනිදා සම්පූර්ණ කාර්ය මණ්ඩලය සමග ආහාර වලින් සන්නද්ධ වෙලා නගරයකටම කන්න දෙන්න පුළුවන් විදියට. එහෙම කියන්නේ වාර්තා වල සඳහන් වෙන්නේ බිත්තර 40000, මස් රාත්තල් 75000, අර්තාපල් ටොන් 40 හා තවත් අවශ්‍ය ද්‍රව්‍ය එක්ක තමා එයා එහෙට එන්නේ. ඉතින් ටයිටනික් නැව කියන්නේ කුඩා නගරයක් වන් පාවෙන මාලිගයක්. එකේ පිහිනුම් තටාකයක්, කායවර්දනාගාරයක්, පුස්තකාල, රෙස්ටුරන්ට්, සහ තැපැල් කාර්යාලයකුත් තිබුනා.

ටයිටනික් නැවේ පළමු ගමනාන්තය වන්නේ චෙබෝර්ග් වරාය ප්‍රංශයේ (Cherbourg), ඇය එහි ලඟා වෙනවා අප්‍රේල් 10 වෙනිදා හවස් යාමයේ. ඇය පළමු වරට වරායකට මගීන් සහිතව ලඟා වී නැංගුරම් පහත හෙලන්නේ මේ වාරයේදී. ටයිටනික් නැවේ ඊළඟ ගමනාන්තය වෙන්නේ අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන් වරාය Queenstown (now Cobh). එයා අතල්න්තික් තරණය කරන්න ගමන් ආරම්ඹ කරන ශෝකාන්තය ඇරඹෙන්නේ මේ වරායෙන් තමා. එයා 1912 අප්‍රේල් 11 වෙනිදා උදෑසන එහි ලඟා වෙනවා. එතනින් තමා එයා අත්ලාන්තික් සයුර හරහා ගමන් කොට ඇමෙරිකාවේ නිව් යෝර්ක්(New York) වෙත ලඟා වෙන්න සැලසුම් කරන හිටියේ සැලසුමට අනුව 1912 අප්‍රේල් 17 වෙනිදා වෙද්දී.

ටයිටනික් නැවේ ගමන් මග 1
අනතුර සිතුවන මොහොත දක්වා ගමන් මග
ඒත් මේ නැවට ගමනාන්තයට යන්න වුනේ නෑ කියලා අපි දන්නවනේ. එක සිද්ද වෙන්නේ මෙහෙමයි. 1912 අප්‍රේල් 14 වැනිදා රාත්‍රී 11.39 ට නැවේ නිරීක්ෂණ කුටියේ (the crow’s nest) රාජකාරි කරපු ෆෙඩ්රික් ෆ්ලීට් (Frederick Fleet) දකිනවා කුඩා අයිස්කබලි ඉදිරි මුහුදේ පාවෙන අයුරුත් ඉදිරියෙන් විශාල අයිස් කන්දක් තිබෙන අයුරුත්. විකිපීඩියාව කියන විදියට ඒ වන විටත් ටයිටනික් නැවට අනෙකුත් නැව් වලින් පාවෙන අයිස් කඳු පිලිබඳ අනතුරු හඟවමින් රේඩියෝ පණිවිඩ 6ක් ලැබෙනවා වෙලාව උදේ 09.00 සිට රාත්‍රී 11.39 දක්වා කාලය අතර තුර. මේ සියල්ල කියවුවාදයි ගැටලුවක් අදටත් තියෙනවා. මොකද ඒ කාලේ වන විට යුරෝපයේ සියලුම මගී හා බාන්ඩ ප්‍රවාහන නෞකා වල රේඩියෝ පණිවිඩ කාර්යය සිද්ද කරන්නේ මාර්කෝනි කියලා සමාගමක් (Marconi Company) වන අතර නැවේ කාර්ය මණ්ඩලයේ අයෙකු නොව මාර්කෝනි ආයතනයේ කෙනෙකුම තමා නැව්වල රේඩියෝ කාමරයේ සේවයටත් යොදලා සිටියේ. මේ ආයතනයේ ප්‍රධානම කාර්යය මගීන්ගේ පණිවිඩ හුවමාරු කෙරීම නිසා කාලගුණ පණිවිඩ වලට අවදානය යොමු වන්නේ දෙවනියට. ශෝකාන්තය ගලාගෙන යන විදියට මුලින්ම ටයිටනික නැවට අනතුරු පණිවිඩය එන්නේ උදේ 9.00 ට කරෝනියා නැවෙන් (RMS Caronia). එය කියවන කැප්ටන් ස්මිත් අවදානයෙන් යුතුව නැව පදවන්න යයි කාර්ය මණ්ඩලයට පවසනවා. දෙවන අනතුරු ඇඟවීම හවස 1.42 ට ලැබෙනවා බෝල්ටික් නැවෙන් (RMS boltic) සහ එහි සඳහන් වෙන්නේ තමන් උතුරු මුහුදේ විශාල අයිස් කුට්ටි පාවෙන ප්‍රදේශයක් හරහා අසීරුවෙන් ගමන් කරන වග තමා. මෙය දකින කැප්ටන් ස්මිත් මේ පණිවිඩය වයිට් ස්ටාර් ලයින් එකේ අයිතිකාර ජේ බ්රුස් ඉස්මේ ට කියනවා. අත්ලාන්තික් සයුර හරහා නැව් ගමනාගමනය ගැන වැටහීමක් ඇතිවද නැතිවද ඒ මිනිහා කියන්නේ ඉස්සරහටම යන්න කියලා තමා. මේ අනුව දුරදර්ශීව කටයුතු කරන කැප්ටන් කාර්ය මණ්ඩලයේ ඩියුටි මාරු වෙන වෙලාව හරි නිසා තවත් කාර්ය මණ්ඩලයකට නැව පැදවීමේ කාර්යය පවරමින් නැව දකුණ මුහුදට දිශානතිව පදවන ලෙස නියෝග ලබා දෙනවා.

මෙන්න ශෝකාන්තයේ ඇරඹීම. අත්ලාන්තික් සයුරේ දකුණු මුහුදේ මේ වන විට ගමන් කරමින් තිබෙන ග්‍රීක නැවක් වන අමෙරිකා නැව (SS Amerika) අනතුරු පණිවිඩයක් එවනවා හවස 1.45 ට තමන් දැවැන්ත පාවෙන අයිස් කඳු දෙකක් පසුකරමින් ගමන් කල බව පවසමින්. කුමක් හෝ කරුණක් නිසා මේ පණිවිඩය කැප්ටන් ස්මිත්ට හෝ එළවුම් කාමරයේ (bridge) කාර්ය මණ්ඩලයට ලැබෙන්නේ නැහැ. එයට හේතු අතීතය විසින් සඟවා ඇති අතර විකිපීඩියාව කියන්නේ එවන විට නැවේ රේඩියෝ සබඳතා බිඳ වැටී එහි ක්‍රියාකරු එය සකසමින් සිටි බවත් ඒ නිසා මේ පණිවිඩය ඔහුට අමතක වන්නට ඇති බවත් තමා. තවදුරටත් අනතුරු පණිවිඩ විවිද නැව් වලින් ලැබෙන අතර පස්වරු 7.30 හා 11.30 අයිස් කඳු තුනක් පිලිබඳ අනතුරු ඇඟවීම් ලැබෙනවා කැලිෆොර්නියන් නැවෙන් (SS californian). මේ පණිවිඩයත් ටිටනික් නැවට මග ඇරෙනවා ඊට දවසකට කලින් මගීන්ගේ පණිවිඩ යවමින් සිටියදී බිඳවැටුණු රේඩියෝ සබඳතාවය ගොඩ නගමින් සිටි නිසා නැවේ රේඩියෝ ක්‍රියා කරු වෙච්ච ජැක් පිලිප්ස් (Jack Pillips), ලැබුණු අයිස් කඳු ගැන අනතුරු ඇඟවීම් නිසා අවදානම හදුනාගෙන අතපසු වූ පණිවිඩයන් ලබා ගැනීමට උත්සාහ කරනවා රේඩියෝ මධ්‍යස්ථානයක් වෙච්ච කේප් රේස් (Cape Race, Newfoundland) හා සම්බන්ද වෙන්නට උත්සාහ දරමින්. මේ නිසාම අතපසු වූ පණිවිඩයන් පැහැදිලි කර ගැනීමට අමතර සේවකයන් දෙදෙනෙකු එකතු වෙනවා. මේ අතර අවසාන අනතුරු ඇඟවීම ලැබෙන්නේ කැලිෆොර්නියන් නැවෙන් එහි රේඩියෝ ක්‍රියාකරු වුනු කිරිල් (Cyril Evans) දන්වා සිටිනවා තම නැව ඉදිරියේ ඇති අයිස් කඳු නිසාවෙන් ගමන් නවතා නැංගුරම්ලූ බව. එහෙත් එම පණිවිඩ ගණන් නොගන්න ජැක් කොලුවා සබඳ තාවය විසන්දි කරමින් කෑ ගසනවා කට වහ ගන්නවා මම කේප් රේස් එක්ක සම්බන්ඳ වෙලා ඉන්නේ කියලා. ඒ පණිවිඩයත් ඉතින් කැප්ටන් ස්මිත්ට ලැබෙන්නේ නෑ මේ නිසා.

මේ වන විට ටයිටනික් නැව ගමන් කරන්නේ එයාගේ උපරිම වේගය වෙච්ච නොට් 24 {24 knots (44 km/h; 28 mph)} ට නොට් 2 ක් අඩුවෙච්ච {2 knots (3.7 km/h; 2.3 mph)} නොට් 22ක {22 knots (41 km/h; 25 mph)} වේගයකින්. ඒ දවස් වල අත්ලාන්තික් සයුර තරණය කරපු හැම නැවක්ම අදික වේගයෙන් ගමන් කරමින් සමහර කුඩා අයිස් කඳු වල නාවේ ඉදිරිය ගැටීමට සලස්වා එමගින් අයිස් බිඳ දමමින් තමා ගමන් කලේ සයුර අදික සීතලෙන් මිදීම අරඹන කාලයේදී. ඒ දවස් වල අයිස් කඳු ලගින් යමින් (close calls) අවදානම නොතකමින් අදාළ දිනයන්ට ගමනාන්තයන්ට යාමට නැව් සමාගම් අතර තරගයක් තමා තිබුනේ.

ටයිටනික් ව ගිල්ලපු අයිස් කන්ද
ඔන්න ඉතින් නිරීක්ෂණ කුටියේ හිටපු ෆෙඩ්රික් ෆ්ලීට් අයිස් කන්දක් දැකලා අනතුරු සීනුව තුන් සැරයක් නාද කරලා නැවේ බ්‍රිජ් එකට කෝල් කරලා නැවේ හයවැනි නිලදාරියා වෙච්ච ජේමිස් මූඩි (James Moody) ට දැනුම් දෙනවා. ඉතින් ඒ අනුව ක්‍රියාත්මක වෙන පලවෙනි නිලදාරියා වුනු මර්ඩොච් (Murdoch) නියෝග දෙනවා නැව ස්ටාර්බෝඩ් (Starboard) පැත්තට හරවන ලෙස මොකද අයිස් කන්දේ ගැටීම (collision) අවම කරගන්න තියෙන උපරිම හැකියාව තියෙන්නේ ඒ පැත්තට නිසා. එත් ඒ වන විට නැව අයිස් කන්දට ළඟ වැඩි නිසාත් නැවේ අදික වේගය නිසාත් අඩු කාල පරතරයක් තුල ගැටුම අවම කිරීම අපහසු වෙනවා. නැවේ ඉදිරිය (bow) ගැටීම දිශානතිය වෙනස් කිරීමෙන් වලක්වාගත්තත් නැවේ ස්ටාර්බෝඩ් (Starboard) පැත්ත හීරීයාමකට හා තෙරපීමකට ලක්වෙනවා අයිස් කන්දේ ගැටීමත් සමග. නැව අයිස් කන්දත් එක්ක තප්පර 7 ක කාලයක් ගැටෙනවා.
ගැටුම
ගැටුමින් නැවට වන හානිය
මේ ගැටුම නිසා ඇතිවන හානිය හේතුවෙන් නැවේ ඉදිරි කොටස් වලට වතුර පිරෙන්නත් එමගින් මිනිත්තු කිහිපයක් තුල නැවේ එන්ජින් නතර වන්නටත් ඉදිරි කොටස බරවන්නටත් පටන්ගන්නවා. මේ වන විට නැවේ මගීන් අධික ප්‍රමාණයක් මර නින්දේ ඉන්නේ. අනතුරු නලා නාද කරන අතර නැවේ හානිය සලකා බලන කැප්ටන් ස්මිත් නැවේ ජීවිත ආරක්ෂක බෝට්ටු පහත හෙලන්නත් ගැහැනුන් හා ළමුන් පළමුව ඒවාට නග්ගවන ලෙසත් නියෝග ලබා දෙනවා. නමුත් නැවේ මගීන් 2200 කට අදික ප්‍රමාණයක් සිටියත් එකකට 40 බැගින් 1178 කට පමණයි ජීවිත ආරක්ෂක බෝට්ටු ප්‍රමාණවත් වෙන්නේ. ඉතින් ජීවිත ආරක්ෂක බෝට්ටු ගොඩක් නිකන්ම මුහුදට පාත් වන අතර එයින් එක බෝට්ටුවක 12 දෙනෙක් විතරමයි සිටින්නේ. කොහොම හැටි ගැටුමින් පැය 2යි මිනිත්තු 40 කට පස්සේ 1912 අප්‍රේල් 15 වන ඉරිදා දින පාන්දර 2.20 ට ටයිටනික් නැව එයාගේ සදාකාලික ගමනාන්තය වෙච්ච අත්ලාන්තික් මුහුදු පතුල බලා ගමන් අරඹනවා.

ජීවිත ආරක්ෂාව පතා
නැව එයාගේ අවසන් මොහොතේ වටේම සිටින නැව් වලින් උදව් ඉල්ලලා SOS පණිවිඩ යවනවා අවසන් මොහොත දක්වාම.මේ තියෙන්නේ ටයිටනික් නැව නිකුත් කරපු අවසාන SOS පණිවිඩය.

ඉතින් මේ පණිවිඩය අහන කාපාතියා නැව (SS Carpathia) නැව පාන්දර හතරට තම ගමන් දිශාව වෙනස් කරලා උපරිම වේගයෙන් එනවා ටයිටනික් නව ගිලුණු තැනට විපතේදී පිහිටට එන මිතුරෙකු වගේ. එත් නැව එතැනට එන විට උදේ 9.00 ට විතර ඇති. ඒ නැවෙන් මුහුදේ ජීවිතයත් මරණයත් අතර සටන් කල 705 දෙනෙකුගේ ජීවිත බේරාගෙන එයා නිව් යෝර්ක් නගරයට ලඟා වෙනවා 1912 අප්‍රේල් 18 වැනිදා. ඒ නැවේ කපිතාන් උනේ ආතර් රෝස්ටර්න් කියලා කෙනෙක්. (Arthur Rostron). මෙයා සම්මානයෙන් පිදුම් ලබනවා එයා කල උතුම් ක්‍රියාව නිසා.
කාපාතියා නැවෙන් පිහිටට එමින්
කපිතාන් ආතර් හාමිනේත් එක්ක
ඉතින් ඔය මුදාගැනීමේ කටයුතුවල තවත් වීරයෙක් හිටියා. ඒ තමා රිගෙල් (Rigel). එයා සුනකයෙක්. ටයිටනික් නැවේ හිටපු පළමු නිලදාරී මර්ඩෝච් ගේ සුරතලා. කාපාතියා නැවෙන් මුදාගැනීමේ කටයුතුවලට ආවම ජීවිතාරක්ෂක බෝට්ටු අංක 4 පන නැතිව අදික සීතලේ ඔහේ පාවෙවී හිටපු අයට කෑ ගහගන්නවත් බෑ උදව් ඉල්ලලා. කාපාතියා නැව හිතුවේ මේ අය සීතලට මැරිලා ඇති කියලා. ඉතින් මේ බල්ලාගේ බිරුම් හඬ නිසා තමා ඔවුන්ගේ පන බේරුනේ. මේ බල්ලා ඒ බෝට්ටුව ඉස්සරහින් පැය තුනක් තිස්සේ සීතල වතුරේ තමන්ගේ ස්වාමියා හොයා හොයා පීනලා තියෙනවා.
රිගෙල්
ඉතින් ටයිටනික් නැව ගිලීගිය වග එදා පත්තර වලට උණුසුම් පුවත් මවනු ලැබුවා. ඒ අතරෙන් බිඳක් මෙහෙම දක්වන්න පුළුවන්.
ටයිටනික් ගිලුනා බොලව්
1302ක් මලාලු
ආදරණීය මතකයන්
ටයිටනික් නැව ගිලී ගිය වග නිල වශයෙන් දැනුම් දෙන වග නම්
ඉතින් ඔය අවාසනාවන්ත සිද්දියේ වාසනාවන්තයන් ගැන සඳහන් කරනවානම් මෙන්න මෙහෙමයි.
දිවි ගලවගත්තවුන්
දිවි ගලවාගත්තවුන්ගේ ලේඛනය
ඉතින් ඔය විදියට ලොවෙන් සැඟවෙලා ගිය ටයිටනික් නැව හොයාගනු ලබන්නේ 1985 සැප්තැම්බර් 1 වෙනිදා අචාර්ය රොබට් බලාර්ඩ් (Dr Robert Ballard) කියලා කෙනෙක්. ඒ මුහුදු මට්ටමේ සිට සැතපුම් දෙකහමාරක් ගැඹුරු මුහුදු පතුලෙන්. ඒ සොයාගැනීම් වලට අනුව නැව කොටස් දෙකකට කැඩී ගිලීගිය බව තහවුරු වෙනවා. මේ තියෙන්නේ නැව ගිලිලා ගිය අයුරු සජීවී කරණය කරලා තියෙන හැටි යූ බටයේ.


ඉතින් අද ඔය ගැන කෞතුකාගාරයක් බෙල්ෆාස්ට් වල පම්ප් හවුස් එක ළඟ හදලා තියෙනවා. ඔබටත් යන්න හැකියාවක් ලැබුනොත් මතක ඇතිව ගිහින් බලන්න. මේ එහෙ සමහරක් දර්ශන.
ටයිටනික් හැදුවේ මෙතනයි
ටයිටනික් ගිලුනේ මෙහෙමයි
ගිලුනු නැවේ සුන්බුන් දෙපායටින් දකිනකොට මොනවාද හිතෙන්නේ?
ඉතින් ටයිටනික් ගැන මේ ලිපිය ලියන්න විස්තර හෙව්වේ මන් සති 3ක් තිස්සේ, මේ විස්තරත් එක්ක මන් ටයිටනික් නැවට කොච්ච්චර පිස්සු වැටුනද කියනවානම් මෙන්න මෙයින් එකක් ඊ බෙ එකෙන් ගෙන්න ගන්න තමා හිතන් ඉන්නේ. :D. ඇත්තටම මේ ලිපිය ලියද්දි මට මතක් උණ එක දෙයක් තමයි අන්තර්ජාලයෙන් මොනතරම් දැනුමක් අපිට ලබා ගන්න පුලුවන්ද අපි ඒක හරියට භාවිතා කරනවානම්. එහෙනම් අපි ගියා. කට්ටියටම ජය වේවා.
මෙයාට මගේ හිත ගියා

ඉතින් ටයිටනික් ගැන කතා කරද්දී සෙලින් ඩියෝන් අක්කගේ මයි හාර්ට් විල් ගෝ ඕන් සින්දුව කොහොම අමතක කරන්නද? මන් නම් ආස ඒ සින්දුවේ ගීතය නැතිව ඉන්ස්ට්රුමෙන්ටල් වර්ෂන් එක අහන්න. එහෙනම් එකත් අහලා ලිපිය ගැන හිතෙන දේත් කියලම යන්නකෝ.




කියන්නම ඕන විස්තර හොයාගත්තේ,
  1. http://rmstitanic.home.comcast.net/~rmstitanic/titanichtml/titanichistory.htm 
  2. http://www.pinterest.com/j5uliana/titanic-real-photos/ 
  3. http://en.wikipedia.org/wiki/Sinking_of_the_RMS_Titanic 
  4. http://shineyourlight-shineyourlight.blogspot.com/2012/04/100-titanic-100-years-later.html 
තැන්වලින්.
Related Posts Plugin for WordPress, Blogger...