Saturday, May 31, 2014

අනේ.මගේ.ආදරේ මට කියා ගන්න බෑ.වචන එලියට එන් නෑ.අයියෝ.මට තේරෙන් නෑ.

සොමියගේ යාලුවෙක් දැන් ටික කාලෙකට කලින් හොඳ බූට් එකක් කෑව, සොමියත් ඉතින් බූට් එකක් කාල උඩු බුරල කරන්න තියෙන හැම මගුලම කරලා දැන් ආතල් තනිකඩ ජීවිතයක් ගෙවනවා, එත් ඉතින් අපේ කස්ටිය සෙට් උනාම ඉතින් අරුඋව අල්ලන් බයිට් පාරක් එහෙම දානව. පවු එත් ඉතින් මොනවා කරන්නද, එක අතලින් ඌ ඒකිගෙන් ගෙන් ගැලවුණු එකත් හොඳයි කියල හිතෙනවා. ඔහොම තියෙද්දී තමා අපේ කස්ටිය සෙට් වෙලා ලඟදි දවසක් සින්දු කන්න ගත්තේ, ඉතින් ආයි එක එක තාලෙන් සින්දු එලි බහිනවා, ගායකයෝයි පද රචකයෝයි හිටියනම් එක්කෝ උන් අපිට අමතනවා, නැත්තන් අපේ විදියට උනුත් සෙට් වෙනවා. ඇත්තටම අපේ සෙට් එකත් හතර දෙනයි, අපි හතරත් හරියටම මේ වගේ තමා. චරිත ඒ විදියටම ගැලපෙනවා.


ඔය අස්සේ තමා ඉතින් සොමියටයි අපේ බූට් එක කාපු එකාටයි ඉතින් හිතුනේ අනුන්ගේ සින්දු කනකන් අපිම සින්දු හදාගෙන අපිම ඒවා කමු කියලා. ඉතින් තරමක් හොඳ සිහියෙන් හිටපු එකෙක් සොමියට කොලේකුයි පෑනකුයි දික් කළා. කස්ටිය ඉතින් සෙට් උනාම ශෝකාන්ත කෝටියයි. බූට් චරිතාපදාන එලි බහිනවා ඉතින් සට සට ගාල. සමහර උන් හොටු පෙරාගෙන අඬනවා, තව උන් හිනා වෙනවා, තව උන් බලන් උන්නු ඇත බලන් ඉන්නවා, සමහර උන්ට හික්ක වැටෙනවා, තව උන් කොට්ට බැදන් අඬපු හැටි කියනවා. ඉතින් සොමියත් යාලුවාගේ බූට් කතාව දන්නා නිසා ඔහේ මොනවා හරි කුරුටු ගෑවා, මේ බූට් එකේ කෙල්ල මුගේ දත ගලවනවා මූට කැමතියි  වගේ පෙන්නලා, අපි ඉතින් කොච්චර කිව්වත් වැඩක් නෑ, මූ ආලෙන් මත් වෙලා, මූ රී ලෝඩ් දානව, කොටින්ම ඒකිගේ ඇසයිමන්ට් හිටන් මූ තමා කරන්නේ, ඉතින් හිතන්නකෝ කොල්ලෙක්ට ගිය කල. සාමාන්‍යයෙන් වෙන්නේ ඔකේ අනිත් පැත්තනේ, කොහෙද මූ ලාමක ටින් ටින්. අපිනේ දන්නේ උගේ හැටි ඉතින්. මූත් ඉතින් ඒකි මූට කැමති ඇති කියල හිතන් අහලවත් නෑ, මූට එච්චර ගට නෑ එකී ළඟ, මූ ඉතින් අපිට ඇවිත් ඒකිට කියා ගන්න බෑ කියා කියා හූල්ලනවා. පස්සේ මෙකි මුගෙන් ගන්න තියෙන වැඩ ඔක්කොම අරන් මූව පැත්තකට විසික් කරලා තව එකෙක් දා ගත්ත. දැන් ඉතින් එකී අපේ එකාට පේන්නම අරුත් එක්ක ලවු කරනවා. ඉතින් සොමියත් උගේ බූට් කතාව දන්නා නිසා ඔහේ මොනවා හරි කුරුටු ගෑවා.


ඉතින් ඒ වෙලාවේ සොමියා හිටපු කන්ඩිෂන් එකත් එක්කද මන්දා අපේ උන්ගේ කතාත් එක්ක ආතල් බූට් සින්දුවක්  වගේ එකක් ඉතින් ලියවුනා. අපේ එවුන්ගේ ලස්සන කතායි උන්ගේ අදොනාවලුයි එක්ක  හා හා පුරා කියලා සෙට් එකත් එක්කම තවත් බයිලාවක් කුරුටු ගෑවා ඉතින්. ඔය පහල තියෙන්නේ එක හොඳේ. හැබැයි සොමියා ඉතා වගකීමෙන් කියනවා මේ වගේ බයිලාවල් ලියවෙන්න ඉන්න කන්ඩිෂන් එකත් වැදගත් වෙනවා කියල.


අනේ....මගේ......ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

මට නින්ද යන්නේ නෑ.... නින්ද අහලකවත් නෑ.......
ඔයා මතක් වෙද්දී මගේ ඇස් පියවෙන් නෑ.......
මං පාර්ක් යන්නේ නෑ.......ඔයා ලඟට එන්නේ  නෑ.........
ඔයා නැතිව පාර්ක් එකේ මන් තනිවෙන් නෑ.......

අනේ....මගේ.....ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

මන් අඬන්නේ නෑ.......අඬලා නොන්ඩි වෙන් නෑ......
ඒත් ඕයා මතක් වෙද්දි නාඬා ඉන්න බෑ.......
මට ලඟින් ඉන්න නෑ.......ඔයා මගේ ළඟ දැන් නෑ......
ඔයා ලඟින් හිටිය කාලේ ආයේ එන්නේ නෑ......

අනේ....මගේ.....ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

මං නෙස්කෆේ බොන් නෑ.....නෙස්කෆේ සුවඳ දැනෙන නෑ.....
ඔයා නැතිව නෙස්කෆේ මට බීල වැඩක් නෑ........
ඔයා බිල ගෙවන්නේ නෑ.......බිල නොගෙව යන්න බෑ.........
බිල් ගෙවලා මට කෙලවෙල අතේ සතේ නෑ.......

අනේ....මගේ.....ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

මං බලන් ඉන්නේ නෑ......බලන් ඉඳල පුරුදු නෑ........
ඔයා දිහා බලන් ඉඳල මට හරියන් නෑ........
ෆෝන් එකේ ක්‍රෙඩිට් නෑ.......මට රිප්ලයි නෑ.......
ඔයාට මන් ආයි ඉතින් කෝල් කරන් නෑ......

අනේ....මගේ.....ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

23 comments:

  1. අනේ....මගේ......ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
    මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

    ReplyDelete
  2. මේ පද ටික මං හිතට ආපු තාලෙකට අනුව කියෙව්වා. ඒත් ඒ තාලෙ තියෙන සිංදුව මොකක්ද කියල මතක්වෙන්නෙම නෑනෙ අප්පා. කොහොමහරි මතක් උනොත ඇවිත් කියන්නම්කො ආපහු. නරකද මේකට මෙලඩියක් දාල ගීතයක් බවට පත්කරන්න උත්සාහ කලොත්?

    ReplyDelete
    Replies
    1. මෙලඩි දාන්න අපේ සත එකේ එකෙක්වත් නෑනේ සංගීත කාරයෝ, අපි ඉතින් චිත්‍ර කාරයොනේ, හිටපු සංගීත කාරයොත් දැන් හෙන බිසී වෙලානේ. ඉතින් ඔහේ ලියනවා විතරයි. බලමුකෝ ඉස්සරහට හරි වැඩක් දෙන්න.

      Delete
  3. අනේ ..... අයියෝ........ ඔයා.....ඔයාට හිතෙන දේවල්..... දැන්..... කොටු පැනල ඉවරද සොමියෝ..... මේක රප් කරන්න.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්, හ්ම්ම් දැන් බට්ට පැනල ඉවරයි, කිව්වා වගේ කොන්දත් කදුනද කොහෙද, ඔය ඉතින් ඒ කොටු පනින්න ගිහින් වෙච්ච හදියක් තමා. රැප් කරන්නත් පුළුවන් නේද? බලමුකෝ එකෙත් හැටි. :D

      Delete
  4. පට්ට මචෝ.…

    //මේ වගේ බය්ලාවල් ලියවෙන්න ඉන්න කන්ඩිෂන් එකත් එක්ක// මේක නම් සිරාම තමා.

    දැන් කොටු පැනිල්ල ඉවරද?

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් පනිනවනම් ආයෙත් පනිමු, හැමදාමත් කොටු පනින්න බෑනේ, ඔය පෙන් නැද්ද පනින්න ගිහින් වෙන දේවල්, හෙක් හෙක්.

      Delete
  5. ෂැහ් නියමයිනේ......

    සප්පායම් වෙලා හිටපු වෙලාවක සොමියා මෙහෙම ලියුවා නම් හැබැහින් ඉන්න වෙලාවක ලිව්වොත් කොහොමට හිටියි ද ??? සිහියෙන් ඉන්න වෙලාවක මේකට තනුවක් එහෙම කොටමුකෝ. නියමෙට හිටියි................... අපි නම් හිතන්නේ හිට් කරත ඇහැකි ගීයක් වේවි....

    ReplyDelete
    Replies
    1. මට තනු කොටන්න තේරෙන් නෑනේ කුරුටු, අපි ඉතින් සංගීත කාරයෝ නෙවේනේ ඔය මොන මොනා හරි ලිව්වට. සිහියෙන් හිටියනම ඇත්තටම මෙහෙම එකක් ලියවෙන එකක් නෑ කියලයි මන් නම් හිතන්නේ, ඇත්තටම එවේලේත් සිහියෙන් තමා හිටියේ, එත් ටිකක් විතර මත බවකුත් තිබ්බා. බලමුකෝ අපි වැඩක් දෙන්න.

      Delete
  6. අපූර්වී ලියලා තිබුන එකත් පට්ට.. මේකත් පට්ට.. ඔය නාහෙන් අඬන එකෙක්ට දියන්.. මියුසික් එකක් දාන්න විතරනේ ඕන. ඕන් එකෙකුට කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකත් ඇත්ත නේද මාතලන් අයියේ, අපුර්වී අක්ක ලියල තිබ්බ එකත් ඇත්තටම පට්ටයි. ඕන එකෙක්ට කියවන්න පුළුවන් උනාට මගේ ඒවා මටවත් කියවගන්න බෑනේ ඇත්තට. :D

      Delete
  7. මාතලන් කිව්ව වගේ නාහෙන් අඩන එකෙක්ට ගැලපේ.. ;)

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත වගේ, මොකද අපේ එකත් නහයෙන් අඩ අඩනේ හිටියේ. එක නිසා මේක ඌටම තමා ගැලපෙන්නේ.

      Delete
  8. තියෙන දෙයක් විකුණලා හරි මේක රෙකෝඩ් කරපන්.ඊට පස්සේ වීඩියෝ එකක් කරමු.අපිටත් බැරිය ඔය කැල්ලකට,දෙකකට ඉන්න.

    ReplyDelete
    Replies
    1. අදහස හොඳයි අකුරුත් ගැලපෙනවා ඒත් පොඩි කොස්සකට තියෙන්නේ මේක කියන්න එකෙක් නෑනේ, හෙක් හෙක් සොමියාගේ මුසික් වීඩියෝ වල කෑලි වලට පෙනී ඉඳීම සඳහා ඇබෑර්තු ඇත. හෙක් හෙක්.

      Delete
  9. අනේ මචං කොහොම හරි කරල මේකෙන් music video එකක් එකක් හදපං

    ReplyDelete
    Replies
    1. ඒ තරම්ම පට්ටද මචං? හෙක් හෙක් බලමුකෝ.

      Delete
  10. කලින් බට්ටෝ දැන් බූට් ..ඊළඟට මොනා ලියයි ද දන්නැ ..හි හී ...බූට් කාල අතේ සතේ නැතිවෙලා පොකට් එක දිහා බලන් ඉඳන් උච්ච ස්වරයෙන් කෑ ගහනවා ව වගේ .ඇත්තටම බූට් කාපු මිනිස්සු මෙහෙමත් හිනා යන සින්දු කියයි ද නැත්නම් දුක හිතෙන සින්දු කියයි ද (හොයල බලන්න ඕන කාරණාවක් ..) ..කොහොම උනත් කමක් නැ මේ දවස් වල එක එක කවිසිතුවිලි පහල වෙන එකේ සිංදුවකුත් හදන්න .මේක නම් ඔයාගේ කටහඬ ට ගැලපෙයි .. ;)

    ReplyDelete
    Replies
    1. මන් දන්නා විදියටනම් මගේ කටහන්දට ගැලපෙන කිසිම සිංහල සින්දුවක් නෑ ම්ම් කදු සින්දු දෙක තුනක් ඇරුනම.

      //බූට් කාල අතේ සතේ නැතිවෙලා පොකට් එක දිහා බලන් ඉඳන් උච්ච ස්වරයෙන් කෑ ගහනවා ව වගේ// ටිකක් ඒ වගේ නේද? හෙක් හෙක්

      //ඇත්තටම බූට් කාපු මිනිස්සු මෙහෙමත් හිනා යන සින්දු කියයි ද නැත්නම් දුක හිතෙන සින්දු කියයි ද (හොයල බලන්න ඕන කාරණාවක් ..) //

      මෙමනේ නැගී ඕක පුද්ගල සාපේක්ෂ කාරනාවක්, එකම කරුණ ඒ ඒ ඇය ඒ ඒ ඇයට ආවේනික විදියට වින්ද දරා ගන්නවා. එච්චර හොයලා බලන්න දෙයක් නෑ.

      බැරිද එහෙනම් මගේ කටහන්දට ගැලපෙන සින්දුවක් ලියලා දෙන්න හෙක් හෙක්. ස්තුති නංගි.

      Delete
    2. " කදු සින්දු" ? :O .... :P කටහඬ අවකාශයට මුදා හරින්න එතකොට කොයි වගේද කියල බලල සින්දුවක් හරි නැත්නම් කවියක් හරි ලියන්නම් .හැබැයි මට කවි, සින්දු ලියන්න බැරි නිසා රචනාවක් වගේ ඒක කියවත හැකි ..හි හී ..මොනා උනත් මේක නියම සිංදුවක්

      Delete
    3. අඩඩා පොඩි ටයිපින් මිස්ටේක් එකක් හරිය. :p හෙක් හෙක් " කදු සින්දු" නෙවේ කඩු සින්දු හරිය. එහෙනම් අර eminem ගේ රැප් එකක් වගේ බැරිය මට ඔයා ලියලා දෙන රචනාව කියවන්න. හෙක් හෙක් තැන්කූ තැන්කූ. :D

      Delete
  11. අනේ. අයියෝ. අපි මේවට නැතියෝ..

    එල එල.. බූට් එකේ වේදනාව අමතක වෙනකන් කියවන්න හොදයි තමයි මේකනම්..

    ReplyDelete
    Replies
    1. මේක කියවලා එකාගේ බූට් වේදනාව නැතිවෙනවනම් ලොකු දෙයක්.

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...