Thursday, May 29, 2014

මගෙත් එක්ක කොටුවක් පනිමුද මෙයා, ඔයා මොකද කියන්නේ.


රජ කාලේ සිටම විවිධ අයුරින් කොටු හදාගෙන ඒ කොටු ඇතුලේ වටිනා දෙ තබාගෙන සිටි අතර සීගිරිය බල කොටුව එයට හොඳම උදාහරණයයි, කෙසේ හෝ අපේ දුටුගැමුණු රජතුමාද (කැලණියේ එකා නෙවෙයි) විජිතපුර කොටුවට පැන සොලීන් නසා අවසානයේ එලාරද පරාජය කොට ජය ගත්තේය. පසු කාලීනව අරාජික වූ රාජ්‍ය තන්ත්‍රය තුලින් ලංකාවට පැනගත් පරංගිද, ලන්දේසීන්ද, පසුව සුද්දන්ද ඒ අයුරින්ම කොටු හදාගෙන හිටි නිසා අද අපිට ගාලු කොටුව, කටුවන කොටුව, යාපනය කොටුව, කොළඹ කොටුව, ආදිය ඊට උදාහරණයි. ඉතින් ඔය මොන එකා කොහොම හිටියත් කොටු පනින එකා පැනගෙන පැනගෙන ගොස් කෙසේ හෝ මාන බැලූ කොටුවටම පැනගන්නේය.  ඉතින් ඔය කොටු පැනීමේදී විශේෂ කරුණු ගණනාවක්ම සලකා බැලිය යුතුය. එනම් පළමුවම පනින්නට හදන කොටුවේ හතර සීමාව හොඳින්ම අඳුනාගෙන සිටිය යුතුය. තමන් සිතින් පනින්නට සිතාගෙන සිටින  කොටුව මේ වගේ යයි යා මවාගෙන හතර සීමාව නොදැන කොටු පැන පසුව අසරණ නොවන්න. එක නිසා නොදැන ගොස් අතරමන් නොවී දැනගෙන ගොස් කතරගන් යමු නේද?. 

ඉතින් පනින්නට හදන කොට්ටේ හතර සීමාව දැනගත් පසු තමා පනින්නට හදන ඒ කොටුවටම පනින්නට කෙල පෙරාගෙන ඉන්නා ප්‍රතිවාදීන් අඳුනා ගත යුතුය. ඒ මොක දැනගත්තත් ඉන්පසු කොටුවට යවන්නට හොඳ ඉඟියක් තිබුනේ නැත්නම්  ඉතින් කොටු පැන හමාරය. ඒ නිසා කොටුව පැනීමට කොටුව අල්ල ගැනීමට පා කර හරින ඉඟිය ඉතාම වැදගත්ය. ඒ නිසාම කොටු පනින උන් හොඳ හොඳ ඉඟි ඒ සඳහාම තබාගෙන සිටිති. ඒ නිසා තමන්ද කොටුවක් පැනීමට බලාපොරොත්තු වන්නේ නම් හොඳ ඉඟි ගැන දැනුමක් තිබිය යුතුය. 

තවද තමන් මොන දෙ උනත් නොසැලී සමබරවද සිටිය යුතුය. එලෝ සිහියක් නැතිව ඔහේ පැන කෙලෝ ගන්න උන්ද එමටය. තමන් ලබනා වාසිය තකා කොටු පැනීම හරියටම දේශපාලනයෙදී පිල් මාරු කරනා සේම ලෙහෙසිය. අර මකටද හෝයියා කියන්න වගේ ඉතින් ඒකම බලාගෙන කොටු පනින එක ඇත්තටම ආතල්ය. නමුත් කොටුවක් පැන ගැනීමට නම් හොඳ උත්සාහයක් ගත යුතුය. අම්බානෙට කට්ට කෑ යුතුය. පැනීමටද විවිධ කොටු වර්ග තිබේ. මා මුලින් සඳහන් කලාක් මෙන් කොට්ට හරියටම අඳුන ගත්තානම් පැන ගැනීම හරිම පහසුය. ඒ කොහොම උනත් සමහර එවුන් පනින පනින කොටුවෙන් නිකන්ම විසික් වෙන්නේ සමහරවිට කේන්දරේ කොටු අතර සිටින  ග්‍රහයන්ද  කොටු පැන නීච වෙලා ඇති නිසා විය හැකිය. එක ඉතින් උන්ගේ කරුමයමය.

ඉතින් කෙසේ හෝ අර කලින් කීවක් මෙන් මොකෙක් හෝ පනිනකන්ම බලාගෙන සිටින වේලෙන කොටුද කොටුද ඇත. අන්න ඒ වගේ කොටුවක් සේට් උනානම් බඩුම තමය. කෙසේ හෝ කොටුවට පැනගත් එකා එකේ රසයෙන් උන්මාදව උදම් අනන විට අනික් උන්ටද නිකන්ම කොටුවකට පැන ගන්නට සිතෙති. එහෙත් මොලේ ඇති එකා පැනගත් කොටුවද රැකගෙන තව කොටුවලටද පනිති. කෙසේ හෝ කොට්ටේ හතර සීමාව අදුනාගත් පසු ඉතින් කට්ට කා තමන්ගේ චාන්ස් එක එනකං බකං නිලන් ඉඳලා චාන්ස් එක අපු හැටියේ අර අන්දුනාගත් කොට්ටේ හටර සීමාව ප්‍රයෝජනයට ගත යුතුය.  ඉන්පසු ඉතින් තමන්ගේ හොඳම ඉඟිය හරියටම පාවිච්චිකර කොටුව අල්ල ගත යුතුය. ඉන් පසු ඉතින් හරියටම වෙලාව බලල කොට්ටට පැන ගත විට ඉන් පසු ඕනා තරම් වෙලා ඒ කොට්වුවේ රස විඳිය හැක. එහෙත් කලින් කීවක් මෙන් සමබර තාවය ඉතා වැදගත්ය. එග හිලිහී ගියහොත් ඉතින් පැනගත් කොට්ටද නැති කරන නැවතත් මුල සිටන් උත්සාහ කල යුතුවේ

කෙසේ හෝ කොටුවට පැනගත් එකාට ඒ කොටුවේ රස එපා වූ විට තමන්ගේ ඉඟි පාවිච්චි කර තවත් කොටුවකට පනිය හැකිය. ඒ සඳහා පෙර කොටුවට පැනීමේදී ලබා ගත අත්දැකීම් සෑහෙන්න වැදගත් වේ. ඉතින් ඔයවිධියට කොටු පැනගෙන පැනගෙන යනවිට රජ කොටුද සෙට් වේ. එකට පනගත්තොත් නම් ඉතින් ගොඩම තමය. වරප්‍රසාද වැදී ඒ කොටුවල සිට ඕනෑම කොටුවක් ලෙහෙසියෙන්ම අත්පත් කර ගත හැකිය. එතින් ඒවගේ තමන් අත්පත් කරගත් කොටුව තමන්ට පමණක් රස දෙද්දී අනික් උන්ගේ ඉරිසියාවට ලක්වීමට සිදුවේ. ඉතින් ඒ නිසා ඒ කොටුව පරිස්සම් කරගතද යුතුය. එහෙත් කොටුව තමන්ටම විතරයි නම් වැඩේ ගොඩය. මොන එකා ඉඟි විසි කලත් ඒවා පුස්සක්ම වේ.

ඉතින් ඔහොමයි කොටු පනින තියරිය, ඉතින් මගෙත් එක්ක කොටුවක් පනිමුද මෙයා, ඔයා මොකද කියන්නේ.


ඔය තියෙන්නේ කට්ටිය කොටු පනින හැටි තමා. මන් මේ කිව්වේ සමහරු පනින්න බලන් ඉන්න කොටු ගැන නෙවේ, අපි පුංචි කාලේ බට්ට පන්න හැටි ගැන, වැරදියට හිතන්න එපා. මේකේ මන් ඉඟිය කිව්වේ විසික් කරන ගලට, සමබර තාවයක් ඕන කිව්වේ තනි කුලෙන් පනින නිසා. ඕකට බට්ට පනිනවා කිව්වට ඉතින් මොකද කොටු පනිනවා කියල කිව්වම :D. ඔය උඩ තියෙන්නේ කොටුනේ. හෙක් හෙක් දැන් ඉතින් කොටු පනින්න කැමති ඇය ඉන්නවද?

පින්තුර ගූගල් දෙයියගෙන්.

34 comments:

  1. ඉතින් ඔහොමයි කොටු පනින තියරිය, ඉතින් මගෙත් එක්ක කොටුවක් පනිමුද මෙයා, ඔයා මොකද කියන්නේ.

    ReplyDelete
  2. ඕක අහන්ටත් දෙයක්ද? පනිමු පනිමු

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් එහෙනම් ඉතින් පනිමු මෙයා.

      Delete
  3. කොටු පනින එක ලේසි නෑ බං. මාත් හරි ආසයි කොටු පනින්න.

    ReplyDelete
    Replies
    1. එහෙනම් පනිමු අයියා, මන් කොට්ට ගහන්නම්, අයියා ගලක් අරන් එන්න. :D

      Delete
  4. කොටු පැනල කොන්ද කඩා ගනින්කෝ එහෙනම්...... අඩු එච්චරයිද......?

    ReplyDelete
    Replies
    1. අනේ අම්මියෝ, අක්කට කේන්ති ගිහින් නේද? අනේ කොටු පනිනවා තියා බට්ටෝ පනින්නවත් වෙලාවක් නැති මට මොන කොටුද අක්කේ, අනික කොන්ද කඩාගන්න දැම්ම බැරියෝ, මේ කොටු වෙලා ඉන්න විදිය හොඳටම ඇතියෝ, තව කොටු ඕන නැතෝ.

      Delete
  5. කොටු පැන්න කාලයක් මතක නැහැ.
    මේක කියෙව්වාම කොටු පයින්න හිතුණා.එත් හරියට කොටුව පනින්න පුළුවන් වේද සැකයි.

    ReplyDelete
    Replies
    1. හතර සීමාව හරියටම බලලා තේරුම් අරන්, ප්‍රතිවාදීන්ගේ දුර්වලතාවක් බලලා හොඳම ඉඟිය අරන් විසික් කොරල බලන්නකෝ. හෙක් හෙක්

      Delete
  6. මං හිතුවෙ මේ ,ඕන්න එකත් පැණලා දාමු ,,

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් ප්නිමුකෝ එහෙනම්, හොඳ ගලක් අරන් එන්න.

      Delete
  7. කොටු පැන්නේ නෑ බං දැන් සෑහෙන කාලෙකින්.. ඔන්න දැනුයි නිදහසක් ආවේ මේක කියවන්න..

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් නිදහසක් අපු එකේ කියවන්න ආවට ස්තූතියි අයියේ, හෙක් හෙක් ඒ කියන්නේ අයියත් කොටු පැනල තියෙනවා නේද? :D

      Delete
  8. දියද ගොඩද? එකෙන්ද දෙකෙන්ද? උඩින්ද යටින්ද?

    ReplyDelete
    Replies
    1. කැමති විදියකට පනිමු නේද මෙයා :D

      Delete
  9. අඩේ අපි කොටු පැන්නෙ ඔහොම නෙවී නෙව

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොහොමෙයි? අපිටත් කියන්න බැරිය?

      Delete
  10. පොඩි කාලේ පැන්නට පස්සේ තාම බැරි උනා පැනගන්න එකක්

    ReplyDelete
    Replies
    1. එකනේ අයියේ මටත් අවුල, දැන් පනින්න වෙලාවක් නෑනේ :D

      Delete
  11. කොටුවක් පැනපු කාලයක් මතක නෑ බං,ආපහු මුල ඉඳලම ඉගෙන ගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මටත් එහෙමමයි හැලප තුමෝ

      Delete
  12. Replies
    1. එකෙන්ම පනිමු අයියේ :D

      Delete
  13. කාගෙන් හරි අහලා බලන්නත් හිතෙනවා. ඒත් කතාව විස්තර කරන කල් පණ තියෙයි ද දන්නෑ නේද?????

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්, පන තියෙනකන් එහෙට මෙහෙට පනින එකයි ඇත්තේ.

      Delete
  14. මගේ පොඞ්ඞත් එක්ක පනිනවා හෙට හවසට

    ReplyDelete
    Replies
    1. අඩේ නියමයිනේ, පොඞ්ඞත් එක්ක සෙල්ලන් කරන්න තියෙන එක. අපිවත් නිකන් පොද්දෝන්ගේ ලෝකෙටම යනවා නිකන්ම.

      Delete
  15. Replies
    1. ඔව් ඔව් පොඩ්ඩි අක්කේ, එක තමා මේ, මට වචනේ අමතක වෙලා හිටියේ ගූගලෙන් හොයල හරි පින්තුර ටිකක් දාන්න, දැන් වැඩේ හරි, තැන්කූ තැන්කූ.

      Delete
  16. ටිකක් ලොකු ටයිල් තියෙන පොලවක් දැක්කම මම නම් කොටු පනිනවා :D

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමමයි, පොඩි කාලේ වගේමයි, කැම්පස් එක ඇතුලෙත් එහෙමයි. :D

      Delete
  17. හි හී ... මේක කියවන්න කලින් මාතෘකාව දැක්කම හිතුවේ බට්ටෝ පනින එක ගැනවත් ලියලද දන්නැ කියල ..ඒත් කියවගෙන යද්දී කොටු ගොඩායි කොටු නෙමේ බහුආශ්‍ර වගේනෙ මේකේ තියන ඒවා : P ... ඇති යාන්තම් අන්තිමට බට්ටෝ පනින රූපයක් දාල හිත හදල තිබ්බ :D නැත්නම් කොටු ගොඩක අතරමං වෙලා හරි අමාරුවක වැටෙන්නෙ : D

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්, දැන්ම අතරමන් වෙන්න එපෝ, එහෙම තමා නංගි අපි, මොන දෙ කිව්වත් අන්තිමේදී හිත හදල ආතල් එකක් දීල තමා තමා යන්නේ. (කැම්පස් එකේ වචනයක්). :D

      Delete
  18. හ්ම්ම්... කොටුවක් පනින්න හිතන්න වෙනවා ඉඳගෙන එහෙනම් ඈ ? ඔය එක එක කොටු ජාති වලින් දෙකක් විතර තමයි මමත් පැනල තියෙන්නේ... සොමියටද දැන් කොටු පනින්නේ?

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...