Saturday, May 10, 2014

ගං දිය


දියේ පාවෙන ඔරු ඇණියේ වාඩි වී බිලී පිත්ත දියට දමාගෙන සුමනේ හිස් කල්පනාවකින් යුක්තව ගැඹුරු ජලය දෙස බලාගත් වනම බලාගෙන උන්නේය. ඒ නිසල දිය ඔහුගේ සිතේ වූ බොහෝ රහස් සගවාගෙන ශාන්තව නිහඬවම ගලාබසිනා අයුරු ඔහුට අරුමයක් නොවීය. ඔරු කඳ දෙස බැලූ ඔහු දිනෙන් දින දිරාපත් වන ඔරු කඳ සේම තමාද දිරාපත් වන බැවු වටහා ගත්තද යටි සිතේ වූ හැගුමන් ඔහු කිටි කිටියේ වල්මත් වූ තාරුණ්‍යට බැඳ ඇති අයුරු නොදැන සිටියාය. ගඟ මැද සිටුවන ලද ඉන්නකට රැහැනකින් බඳින ලද අඟුල ගන්දිය සේම තාලයකට ඒ මේ ඇත පැද්දෙයි. ඔහු කෙතරම් වෙලාවක් එසේ සිටියාදැයි ඔහුට නිනව්වක් නොවීය. 

"අද මුන්ට බඩගිනි නැද්ද කොහෙද, නැත්තන් මෙච්චර හොඳට ඇම දීලත් තාමත් නොකා ඉන්න හැටි. එක්කෝ උන්ට ලැබීමක් නෑ, නැත්තන් මට ලැබීමක් නෑ, සමහර විට අපි දෙගොල්ලන්ටම ලැබීමක් නැතුව ඇති". ගං දියෙන් ඉහලට ඉසවූ ඇම යලි වෙනත් අන්තයකින් දියට විසිකළ ඔහු තොටුපලේ අමුත්තන් කිහිප දෙනෙකු එක්රැස් වී සිටින අයුරු දැක බිලී පිත්ත හකුලා ඔරු කඳ තුලට දමගත්තේය. ඔරු කඳේ වූ පොල්කටුව තුල නලියමින් උන් පණුවන් දුටු ඔහුට මහත් අපුලක් ඇති විය. පොල්කටුව ගඟට විසිකළ ඔහු රැහැනින් මුදා ගත අඟුල තොටුපල දෙසට පදවන්නට වීය.

අඟුල තොටුපල දෙසට පදවන විට ඔහුගේ නෙත් ඔහුටත්  හොරාම නාන තොට වෙත අදී යන්නේ පෙරුමන් පුරා බලා හුන් රුවක් ගං දියෙන් සැනසීමට පැමිණ ඇත්දැයි විපරම් කිරීමටය. කාන්තාවන් කිහිප දියරෙද්ද පිටින් රෙදි සෝදන ගලට පොරකන අයුරුත් කොල්ලෝ කුරුට්ටන් රෑනක් ගං දියේ දියබුං කෙලින අයුරුත් දුටු හෙතෙම "ශික් තාමත් ඇවිත් නෑ වගේ" තමාටම කියා ගත්තේය.

"දැන් නං ඉස්සර වගේ සත විසිපහට එගොඩ කරන්න අමාරුයි. සත විසි පහ මොනවාද.... සේරම ගිනි ගණන්, අද ගාන නෙවෙයි හෙට, හෙට ගැන නෙවෙයි අනිද්දා.... අනේ මන්ද මෙහෙම ගියොත් තව ටික කලක් යනකොට කොහෙන් නතර වෙයිද කියල......" මගින් පටවාගෙන උඩුගං තොටුපල දෙසට අඟුල පධින අතර තුර ඔහු කීය.

සුමනේ කිසිවිටකත් කිසිවකුගෙන් වැඩිපුර මුදල් ඇය කලෙ නැත.  දන්නා හඳුනන අසල්වාසීන්ගෙන් මුදල් අය කිරීම නුසුධුසු යයි සිතු ඔහු දුන් මුදලක් සතුටින් බරගතේය. එහෙත් කිසිවකු වුවද ගඟින් එගොඩ  කරන සෑම විටකදීම ඔහු තම විය පැහැදම් ගැන අනෙකුන්ට පවසයි.

"ඔරුවත් දැන් දිරාගෙන එන්නේ, අලුතෙන් ඔරුවක් කොටන්න බර ගානක් යනවා, මේකත් දිරල ගියාම තොටුපල වහන්න තමා වෙන්නේ..." ඔහු තොටුපලට ළඟාවන ඇතර පැවසීය. ඔහු තනිකඩයකු බව දන්නා බොහෝ මගීහු ඔහුගේ කීම් ගණන් නොගන්නා අතර ඇතැමෙක් වැඩිපුර මුදලක් ඔරු කඳ තුලට දමා යති. ඔහුගෙ තනිකඩ ජීවිතයට සරිලන ප්‍රමාණයක් ඔහු උපයා ගත්තද ඒ තනිකඩ දිවිය ඔහු ගං දියේ ඉහල පහල යන වාරයක් වාරයක් පාසා හද දවාලන්නට සමත්විය. ඔහු තමා අඟුල හා ගඟට බැඳී ඇති සේම තනිකඩ දිවියද තම ජිඉවිත සංතානයේ සදා කොටස් කරවකුව ඇතැයි සිතිය.

අඟුල තොටුපලේ වූ කණුවක ගැට ගැසූ ඔහු ඔරු කන්දට වී පෙනෙන නොපෙනෙන නාන තොට දෙස නෙත් යොමාගෙන ඔහුගේම වූ කුඩා මනෝ රාජ්‍යයක තනි විය. ගංදියෙ තාලයට පැද්දෙන අඟුල අහුට සුව පහසුවක් ගෙන දුන්නේය.

බැස යන හිරු රැසත් සමග නාන තොටේ වූ එකා දෙන්නා තම තමන්ගේ නෑම් හා සේදීම් අවසන් කර නිවෙස් බලා යන්නට වීය. එහෙත් මාර්තුවේ වූ උණුසුම එලෙසින්ම රැඳී තිබුණි. මාර්තු මාසය කොහොමටත් උණුසුම් මාසයක් නොවේ දැයි ඔහුට සිතුණි. උඩුකය නිරාවරණය වූ ගත දහදියත් සමග බැසයන හිරු රැස් වැදී රන්වන් පාටින් දිලිසෙයි. සුලන් පහරට නැටවෙනඋණ ගස්වල සිලි සිලි නාදය කෙමෙන් කෙමෙන් ඔහුගේ පාළුව මකන්නට විය. අහසේ එකදු වලාකුලක් හෝ නැති අතර එය නිල පාටින් වැසී ගොසිනි. විශාල දැන් පඳුරු වලින් ගැවසී ගත් ගං ඉවුරේ තුරු ගොමුව තුලින් සිහින් කුරුළු නාදයක් ඉඳ හිට ඇසේ. කිහිප දෙනෙකු තවමත් නාමින් සිටි අතර ඔවුන් කිමිදෙන විට නැගෙන බුං බුං හඬින් වාතය කම්පනය වෙමින් ප්‍රතිරාව නගයි. ඔහුගේ හදද දැන් දැන් ගැහෙනා රිද්මය වෙනස් කරමින් ඔහුව ආලවන්ත ලෙස පෙළයි.

ඈතින් නාන තොට දෙසට රුවක් ඇදෙනු දුටු ඔහු වඩාත් විපරම්ව ඒ දෙස බැලීය. වෙහෙසට පත්ව තිබූ ඔහුගේ ගතත් සිතත් ක්ෂණයකින්ම ප්‍රබෝදමත්  වන්නට විය. වහ වහා අඟුල රැහැනින් නිදහස් කරගත්තෙන් ගමනාන්තය වූ එගොඩට අඟුල පදින්නට විය. කුල්මත්ව හා ගැහෙන හැදින් යුතුව වැඩ වඩාත් වේගයෙන් හබලින් ගන්දියට තඩි බෑ ඔහු එගොඩට යනවිට ගැහැණිය ඇඳුම් උනා දමා දණහිසෙන් පහලට වනසේ රෙද්දක් ඇඳරෙදි හෝදන ගලට අසලට ගොස් කිලිටි රෙදි හෝදන්නට වීය. අගුලේ සිටම තොටුපලේ උන් අනෙක් අය දෙස හොරැහින් බලූ සුමනේ ඇය දෙස දෑස් දල්වා බලා සිටින්නට විය. ඇගේ සිහින් දෙපා ඔහුගෙ නැත ගැටුණු අතර ඔහුට පිටුපා රෙදි සෝදන ඇයට ඔහුව නොපෙනේ. ඔහුගේ සිත ඇගේ සිහින් දෙපා ඔස්සේ ඉහලට ගොස් අතරමග නැවතුණි. ඔහුගෙ ගත පුරා සිහින් වේදනාත්මක හැගුමන් සමුදායක් ගලා යන්නට විය.

වෙනදා ලුලන් දෙතුන් දෙනෙකු ඔරු කඳ තුලට දමා ගන්නා ඔහුට අද එකෙකු හෝ අල්ල ගත නොහැකි විය. ඔහුට මහත් කණගාටුවක් දැනුනි. වෙනදාට ඈ අත ලුඋලන් වැලක් තැබීමට හැකි වුවද අද එයද හරි ගියේ නැත. තමා මහත් වරද කරුවෙකු යයි ඔහුට හැඟුනි. ජයතිස්ස එදා සැඩ පහර සමග සටන් වදිද්දී තමා හිතා මතාම මග හරියේද යන්න ඔහු තවන්නට විය. ජයතිස්සගේ හිසට එදා එල්ල කල හබල් පහරින් ජයතිස්සගේ දිවිය ගං දියේම සැඟව ගියේ ඔහුගේ ප්‍රාණය සුන් සිරුරද එලෙසින්ම කාටත් හොරාම ගං දියේ සැඟවිණි.

එදා මහ මූසල දිනක් වූ අතර ජයතිස්ස සුමනේගේ අඟුලේ සිටි අනෙත් සගයා විය, උදේම රා මතින් වැනි වැනී ජයතිස්ස අන්ගුලට ආ හැටි සුමනෙට අද වගේ මතකය. ඊයේ වට වැස්සෙන් ගන්දියද තරමක් සද පරුෂ වී තිබූ අතර ගඟේ සැඩ ගතිය අඟුලට ඔරොත්තු නොදෙන තරම් වීය.

"අරකිගේ මල අඬොවැඩියාව බං, අදත් එකී මගෙන් ගුටි කෑව, ඕකි තවම මන් කවුද කියලා දන් නෑ, උදේම කියවන්න ගත්තා බං, යකෝ මන් බොන්නේ මගේ සල්ලි වලින්, මන් ඒකිට අඩුවක් කලාද, ඒකිට හොඳට කන්න අඳින්න දීලයි මන් බොන්නේ, මන් බොන්නේ මගේ හිතේ දුකට, මන් ඕකිට තලන්නේ අහිතකින් නෙවේ බං, ඒකිට ඒකිට දැන් මාව ඕන නැති හැඩයි, මට දුක ඒකිගේ කුසේ ඉන්න මගේ දරුවා ගැන... යකෝ ඒ මගේ දරුවා......"  ඒ මේ ඇත වැනෙමින් අඟුලට ගොඩවූ ජයතිස්ස අසිහියෙන් මෙන් කියවන්නට වූයේය.

ජයතිස්ස හා සුමනේ කුඩාකල සිට එකාවන්ව හැදුනු අතර දෙදෙනාම නන්දාට පෙම් කාලය. ජයතිස්ස පෙම් සටනින් දිනූ අතර සුමනේ නන්දා නැති සොවින් සදා තනිකඩ දිවියක් උරුම කර ගත්තාය.

තම පැරණි පෙම්වතිය වූ නන්දාට තඩි බා තමා ඉදිරියේ පාරම්බාන ජයතිස්ස ගැන සුමනෙට දැඩි කෝපයක් හටගත්තේය. නන්දා ඉඳ හිට අතර මගදී මුණගැසී තමා සමග වචනයක් දෙකක් දෙඩු අතර ඒ සෑම වාරයකදීම තමා ජයතිස්ස හා සිටින්නේ අසතුටින් බවත් ජයතිස්ස තමා හිතු තරම් යහපත් අයෙකු නොවන බව දැනගන්නා විට තමා ප්‍රමාද වැඩි බවත් ඇය හඬා වැටෙමින් කියූ වාරයක් වාරයක් පාසා තම සිතතුල ජයතිස්ස කෙරේ ගොඩනැගුනු වයිරය මේ සමග සුමනේගේ සිතින් ඉස්මතු වී ඉදිරියට ආවේය. යන්තමින් වසිමින් තිබූ නිසා කවුරුවත් තොටුපලේද නුවුවාය.

ජයතිස්ස අන්ගුලට ගොඩ වූ පසු අඟුල ගඟ මැදට පැදවූ සුමනේ වෙරි මතින් සිටි ජයතිස්සව ගඟට තල්ලු කර දැමීය. ජබුස් යන හඬ නගමින් ගඟට ඇද වැටුණු ජයතිස්ස වෙරි මරගාතේම ජීවිතය සොයා පිහිනා වුත් ඔරු කඳේ එල්ලුනි. එවිටම තෝ මාවයි නන්දවයි අතහැර මැරිලා පල කියා සුමනේ හබලෙන් ජයතිස්සගේ එල්ල හිසට එකල මරු පහරත් සමගම මර හඬ තලමින්ම නිසල වූ ජයතිස්ස සදහටම ගං දියේ සැඟව ගියහ. එදා අවසන් වරට සුමනේ යයි කියමින් නැගූ විලාපය සුමනේගේ සිතේ දෝංකාර දී ගියේය. ගැස්සීමෙන් පියවි සිහියට ආ සුමනේ දුටුවේ රෙදි සෝදා අවසන් කල නන්දා දියරෙද්ද හැඳගෙන දියේ ගිලෙමින් නාන අයුරුය.

ගං දියෙන් පෙඟුණු දියරෙද්ද ඇගේ ගතටම ඇලී ඇති අයුරු දුටු සුමනේ නන්දා කෙතරම් හැඩ එකියක් නොවේදැයි කල්පනා කරන්නට විය. නන්දාගේ ගත දුටු සුමනේගේ සිතේ වූ අසහන කාරී හැඟුමන් ක්ශ්නයකින්ම පහව ගොස් ආලවන්ත හැඟුමන් වලින් කුල්මත් වන්නට විය. අඟුල ගැටගසා ගඟට බැසගත් සුමනේ හිමින් හිමින් නන්දාට කිට්ටු විය.

" මන් මේ තරම් වෙලා බලා උන්නේ වන් උන් නාගෙන යනකන්....." සුමනේ නන්දාට කීවේය. හිස ඔසවා බැලූ ඇය මද සිනහවක් නගා නෑම නවතා ඔහු දෙස බලා සිටින්නට විය. ඉදිරියට නෙර ඇති ඇගේ ලැම පෙදෙස දුටු ඔහුගේ ආශාවන් නැගී ආවේය. ලැජ්ජාවට පත්වුණු ඇය බිම බලා ගත්තාය. ඇය තවමත් තරුණය. එසේම රූමත්ය. වයස තවම 29 පමණ වෙතැයිසිතිය හැකිය. ඈ නාඹර වියෙදී මීටත් වඩා හැඩට සිටියා නොවේදැයි සුමනේ සිතන්නට විණි.  බැස යන හිරුරැසින් ඇගේ තඹ වන ගත දිලිසෙයි. සිහින් ගති හා කඩා හැලුන කෙහෙරල්ලෙන් යුතු වූ ඇය සුමනේ දෙස බලා යලි නාන්නට විය.

"මං උඹල හම්බවෙන්නමයි හිටියේ, එත් එක්කෝ නාන තොටේ මොකෙක්හරි ඉන්නවා, නැත්තන් ඔරුවට නිනව්වක් නෑ."

"අර මක්කටෙයි?"

"උඹල මොකද කියන්නේ අර මන් අහපු එකට?"

" අනේ සුමනේ අයියේ, මං කොහොමෙයි එහෙම.... අනික තවම කී දොහද ජයතිස්ස නැතිවෙලා"

"ඔන්න ඉතින් උඹ පොඩි එකෙක් වෙන්න හදනවනේ, ජයතිස්සය නැති වෙලා දැන් අවුරුද්දකටත් වැඩී, අනික මන් එකා නැති උණ දවසේ ඉඳලමයි උඹල ගැන හිතන්න ගත්තේ, පොඩි එකත් එක්ක උඹලට හැමදාම තනියෙන් වසන්න බෑ නේද? කෝ උඹල තාමත් කල්පනා කරනවා"

"එහෙම හිතන් නැතිව මන් කොහොමෙයි ඉන්නේ?, ගමේ උන් ඉන්නේ කොහෙන් හරි කොනක් අල්ල ගන්න"

"එක තමයි බන් මන් අවුරුද්දක්ම ඉවසුවේ, තවත් නම් ඉන්න බෑ බන්,උඹලටත් හැමදාම මෙහෙම ඉන්න පුලුවනෙයි? උබල දැන් නෑ බන් මට සමහරක් දාට රෑට නින්ද යන්නෙත් නෑ මහා රාත්තිරිය මැද්දේ උඹල මතක් වෙනව, නිදාගන්න කියලා ඇස්දෙක පියාගත්තත් උඹලවමයි මට පෙනෙන්නේ, ඔය විධියට කී දොහක් මන් ඇඳ කබල උද ඔය විදියට පෙරලි පෙරලි හිටියද? උබලා දැන් නෑ බන් ඒ වගක්, කොයි කාලේ ඉඳලද මන් උඹල ගැන බලාන උන්නේ, කොටින්ම ජයතිස්සය උම්බලව කාර ගන්නත් කලින් ඉඳල, කොටින්ම උඹල හිච්චි එකී සන්ධියේ ඉඳල, උබලත් ඒ වග හොඳාකාරවම දන්නවා නේද බන්?, මන් අම්මගෙන් අහන්නෙඉ මේ ගැන?"

"අනේ එකනම් කරන්න එපා වටපිටේ ඉන්න උන්ගෙන් මට විසුමක් වෙන් නැතිවෙයි ඕන්"

"ඉතින් එහෙනං උඹල මොකද කියන්නේ?"

"මං මොනව කියන්නෙයි, මන් කොහොමෙයි ඒ ගැන හිතන්නේ, ඇරත් මං බැඳලා ළමයෙක් ඉන්න ගෑනියෙක්, මමං මයේ දරුවා ගැන හිතන්න ඕන, ඒක්ව ලොකු මහත්තැන් කෙනෙක් කරන්නයි මට ඕන"

"කල්පනා කරලා දවසකින් දෙකකින් වචනයක් දියන්, මට පුළුවන් දරුවවයි උඹලවයි දෙන්නම හොඳින් බලා ගන්න, ඒ ගැන තුන් හිතකින්වත් සැක කරන්න කාරි නෑ.

කිසිත් නොකී නන්දා සෝදා වනා තිබූ රෙදි කෑලි ටිකත් ගෙන ඉවුර දිගේ පා නගන්නට විය. ඇය තාමා සිටින්නේ දිය රෙද්ද පිටින් නේදැයි යන වගක් වත් ඇයට නිනව් නොවිය. සුමනේද ඇය වලක්වන්නට නොගියේ ඇය දෙලොවක් අතර අතරමංව ඇති නිසාත් ඇගේ කල්පනාවට බදා කරන්න සිත් නොදු  නිසාත් ඇරත් සැදෑ යාමයේ කවුරුවත් වටෝවිට පැත්තේන් නොඑන නිසාත් නිසාත් ඇගේ නිවස ගං ඉවුර අසලමත් වූ නිසාත්ය.

ගැහැණිය ක්‍රමයෙන් නොපෙනී ගිය අතර සුමනේද දියේ ගිලුනාය. පොල් අතුටික ගලෝලා ටකරන් තහඩු ටිකක් දාල පොලවට සිමෙන්ති ටිකක් අද හෙටම දාගන්න ඕන, කුස්සි පොඩ්ඩකුත් හදා ගට්ටනම් හොඳයි. උන් ජීවත් වෙන්නේ අමාරුවෙන්  සුමනේ දියෙ ගිලෙන ගමන් දහසකුත් කල්පනාවන් අතර තනි විය.

නන්දා ඉන් පසු කිහිප දිනක් යනකන් නානතොටේ දක්නට නුවුවාය. කිහිප දිනකට පසු දිනක් උදෑසන නන්දාව සුමනෙට ගංතෙරේදී හදිසියෙන් මෙන් මුණ ගැසුණාය. සුමනේ දුටු නන්දා  තැති ගත් අතර බිමට නැඹුරු කරගත් නෙතින් යුතුව ඇය ගැහෙන හදින් හුන් තැනටම වී සිටින්නට විනි. ගොලුවූ ඇය ඉවත බලා ගත අතර සුමනේ ඇය අසලට ආ වග දත් නමුදු හිස නොඑසවූවාය.

"උඹල මයේත් එක්ක තරහෙද නාන්නවත් එන් නැත්තේ? උබල අකමැතිද මන් උඹලත් එක්ක කතාකරනවට?"

හිස ඔසොවා සුමනේ ධෙස බලූ නන්දාට ඔහුගේ මුහුණේ ඇඳි තිබුණු පරාජිත පෙනුම හොධින් පෙනුනි. ඔහු ශෝකයෙන් කල් ගත කරන්නට ඇතැයි සිතුනු ඇයට තමා විසින් පසු ගිය දරන කිහිපය නාන තොටට නොපැමිණිමෙන් බලවත් වරදක් කරන ලදියි හැඟුනෙන් බලවත් කනගාටුවක් සුමනේ ගැන මෙන්ම ඇය කෙරේද ඇති විය. ඇයට සුමනේ කෙරේ තමාගේ සිතතුළ සුමනේ පසුගිය දරන කිහිපය පුරාම හොල්මන් කල වගත් ඔහු කෙරේ ස්නෙහයක් තම සිතතුළ සිරවී ඇති සෙයක් හැඟිනි.

"සුමනේ අයියා මේ මොනවයි කියන්නේ"

"මොකද උඹල මන් අහපු කාරණයට කියන්නේ"

"අනේ මන්ද මට ඕව තේරෙන් නෑ"

"එහෙනං මන් එන්නද?"

"අපෝ ඒවා මට විසුමක් වෙන එකක් නෑ"

"නැත්තන් මං මොකදැයි කරන්නේ?"

"මන් දැන් නෑ"

"එහෙනං උඹල වරෙල්ල"

"අනේ මන් දන්නේ නෑ"

"ඇඳිරි වැටුනට පස්සේ වරෙල්ල"

"අනේ මන්ද මටනං බයයි"

"මොකටයි බය වෙන්නේ..... එහෙනං උඹල එනවනේද? මං බලාන ඉන්නවා උඹල එනකන්"

කිසිත් නොකී ඈ මද සිනැවක් පාමින් ඉවතට දිව ගියාය.

"අතට නාමෙට විතර වරෙල්ල...... ඇහුනද වටූවිට පැත්තෙන් වරෙල්ල........ කාටවත් පෙන් නෑ....."

"හා......" ඇය ලජ්ජාවෙන් රතු වූ මුහුණෙන් යුතුව හරී බලා කියමින් සිනහ පා දිව යන්නට විය.

අඟුලට ගොඩවූ සුමනේ අරමුණක් නැතිවම අඟුල ගඟ මැදට පැදගෙන පැදගෙන ගියේය. නැවත මෙගොඩට පැදවූ අඟුල ගැට ගසා හේ ගඟ පෙනෙන මානයේ වූ නිවසට ධිව ගියේය. තොටුපල දෙසින් ඇසෙන කතාබහ  ක්‍රමයෙන් වැඩිවෙයි. බුං බුං හඬින් ඇසෙන ඇතැමෙකුගේ නාන ශබ්දය ඔහු සවනතට හොඳින් හුරු පුරුදුය. එහෙත් එය අද අමුතු තාලයකට හඬ දෙන්නට විය. දහසකුත් නැවුම් හැඟුමන් ඔහු ගත පුරා දිව යන්නට විය.

"සුමනේ.... සුමනයෝ......." තොටුපල දෙසින් නම අමතන හඬ ඇසුණු ඔහු තොටුපලට ගියාය. අඟුල ලෙහා සෙනග ගොඩකරගත් සුමනේ හබල අතහැර අඟුලට නිදහසේ ගං දිය දිගේ එගොඩට ගසාගෙන යාමට සැලැස්සුවේය. එහා ඉවුරට ලංවූ අඟුල ඉවර දිගේ තොටුපලට පදවා සෙනග එගොඩ කල හේ ඔරු කඳ තුලට වැටුණු කාසි ප්‍රමාණය දැක සතුටු වූ නමුත් කාසි නැතත් කම් නෑ යයි හැඟීමකින් මහත් සන්තෝෂයක් ලැබීය.

සවස් යාමයම සුමනෙට ඉස්පාසුවක් නොවීය. බොහෝ එගොඩ මෙගොඩ ගමන් ගියද කිසිදු වෙහෙසක් ඔහුට නොදැනුනාය. වෙනදාට වඩා බොහෝ කාසි ප්‍රමාණයක් අද ඔහුට ලැබිණි. වෙනදා දවල්ට නන්දා නාන අයුරු  බලාසිටි ඔහු අද නන්දාට නිදහසේම නා කියාගන්නට ඉඩ දුණි. ඔහුට ඉස්පාසුවක් ලැබෙන විට හිරු බැස ගොස් තිබුණි. වැඩ නිමවා වෙනදාට වඩා හොඳින් නා කියාගත් ඔහු අසල කඩෙන් ඇයට පුයර බෝතලයක්ද චීත්ත රෙද්දක්ද මිලදී ගත්තතේය.  නිවසේ කුප්පි ලාම්පුව දැල්වූ ඔහු නිවස පුරා වූ අන්ධුර පලා යන අයුරු දැක සතුටට පත් විය. අඳුරු කහ පැහැ ආලෝකයකින් මුළු නිවසම එකාලෝක විය. බූරු ඇඳ මත දිග ඇදුනු ඔහු සෙමෙන් දෙනෙත් පියා ගත්තේය.

ඔහු බොහෝ වෙලාවක් එලෙසින්ම සිටියේය. ගමේ අඳුරු නිහඬතාවය ඉතා තධින් ඔහු සිතට කා වැදුනි. ඉඳ හිට බස්සෙකු නගන හ්ම් හඬ එයට මිහිරක් එක කළේය. ගං දියද සිහින් හඬින් ගලා යති. මුළු ගමම නින්දට ගොස් ඇති සෙයකි. රාත්‍රියේ කිසිවෙකුත් ගඟින් එගොඩ විඉමට නොපමිනේවායි ඔහු දහස් වර පැතීය. සඳ නැති රාත්‍රිය තරු එළියෙන් එලිය වී ඇත. වහල උඩින් ඉගිල යන වවුලන්ගේ හඬද ඔහුට හොඳින් ඇසිනි. වවුලන් සේම ඔහුද අද පටන් රැයට පෙම් බඳිනු ඇත. අඳුර තුලින් ඔහුගේ දිවිය එකලු වනු ඇත.

රාතී‍්‍ර අට පසුවන්නට ඇතැයි ඔහු සිතුවේය, නිවසින් එලියට පැමිණ ඕවිට දෙස බලූ ඔහුගේ සිත අසහන කාරී එහෙත් ප්‍රිය ජනක හැඟුමන් වලින් පිරී ඇත.මිධුලට බසින ඔහු ඕවිට දෙස බලා යලි නිවසට ගොඩවෙයි, යලි එලියට බැස ඕවිට දෙස බලයි. මෙසේ කී වාරයක් කළේදැයි ඔහුවත් නොදනියි. අවසන් වරට මිධුලට බට විට අඳුර අතරින්ම රුවක් ඇදෙනුත්, ඒ රුව තමා අසලට එන අයුරුත් දැක්කේය.කඩිනම් ගමනින් ආ රුව ඔහු අසලට පැමිණියේය.

හදවතේ වූ දඩිබිදිය දැන් දෙගොඩ තලා ගොසිනි, තම හද ගැසෙන හඬ නන්දාටත් ඇසෙනු ඇතැයි සිතූ ඔහු ගැහෙන හැදින් යුතුවම නන්දා යයි කෙඳිරීය. කතාගර ගත නොහැකි වූ උනුන් උනුන් දෙසම ගැහෙන හදින් හා දීප්තිමත් වූ නෙත් වලින් බලා සිටින්නට විය.

"මම හිතුවේ උඹල එන එකක් නෑ කියල" යාන්තමින් වචන ගැට ගසා ගත් සුමනේ කිවේය.

"තාම රෑ නමේ පහු උනා විතරයි, අපි යමු ගෙට කවුරුවත් දකින්න කලියෙන්" ඇය සෙමෙන් මිමිණුවාය.

කුප්පි ලාම්පුවේ කහ පැහැ අඳුරු එළියෙන් ආලෝකවත් වූ නිවසට ගොදවූ ඇය බූරු ඇඳ මත වාඩි විණි. හිස පොරවාගෙන පැමිණි චිතත රෙද්ද ඒ මත එලූ ඇගේ ගත කහ ආලෝකයත් සමග රන්වන් පාටින් බබලන්නට වීය. බියත් චකිතයත් ලජ්ජාවෙනුත් ඔකඳ වූ ඈ බිම බලා ගත්තාය. කිසිත් සිතාගත් නොහැකි වූ සුමනේ දොර පියන වසා දැම්මේය.

සතුට වැඩි කමට කතා කරගත් නොහැකි වූ සුමනේ යලි "මම හිතුවේ උඹල එන එකක් නෑ කියල" කීවේය.

"පුතා නිදාගත්තේ දැන් ටිකකට කලියෙන් ..... මිනිස්සු පාරේ යනවා මම කොහොම එන්නද, පුතා ඇහැරිලා අඬනවාද දැන් නෑ...... මට බයේ බෑ කවුරු හරි දැක්ක කියල.... එහෙම උනොත්  වාසල හමාරයි........"

"කවුරු දකින්නද බං? උඹල ආවේ වටෝවිට පත්තෙන්නේ, එහෙන් කුවූරුත් යන් නෑ බං මේ වෙලාවට"

"ඒ වුනාට මගේ හිත බයයි"

"බය වෙන්න කාරි නෑ, උඹලගෙන් වචනයක් ගන්න මන් කොයි තරම් කාලයක් බලාන උන්නද? උඹල ජයතිස්සයත් එක්ක කාර යන්නත් ඉස්සරින් ඉඳල මන් උඹලට ආලේ කලේ"

"දැන් ඔය කතා මතක් කරන්නේ මක්කටයි, ගිය දෙ ගියා"

"නෑ මං කිව්වේ මේ දවස එනකං මං කොච්ච්ච්ර ලක් බලාන උන්නද, මන් හිතුවේ උඹල මට හීනයක්ම විතරයි කියල, එත් අද ඒ හීනේ හැබෑ වෙලා, හැබෑවටම උඹල අද මගෙත් එක්ක මගේ ලඟම" නන්දාගේ දෙඅත් අල්ලා ගෙන සුමනේ තම සිතේ තෙරපෙන්න වූ හැඟුමන් නන්දාට තෙපලන්නට විය.

සුමනේගේ මුහුණ දෙස බැලූ නන්දා එහි වූ සතුටු කඳුළු බිඳු තම දෑතින් පිසදාමින් "දැන් ඕවා ඔක්කොම අමතක කරන්නකෝ, උඹල මට එච්චරටම මනාපෙයි?" සුමනේගෙන් ඇසීය.

"මයේ මුළු හදවතින්ම මන් උබට මනාපයි බන්"  කියූ සුමනේ තමන් බොහෝ වාරයක් ගඟෙන් එගොඩ වුවද තනිකමින් එගොඩ වූයේ අද නොවේදැයි සිතන්නට විය. තමා සිතින් හා ගතින් විඳි දුක් අදින් අවසන් වනු ඇතැයි ඔහු සිතුවේය. තම දකුණු ඇත ඇගේ ගෙල වටා යවා ඇය තමා දෙසට ලන්කරගත් ඔහු ඇගේ හිස ආදරයෙන් පිරිමදින්නට විය. ආදරණීය උණුසුමක් ලත් ඇයද තම හිස ඔහුගේ උර මත හොවා ගත්තාය.

"අම්ම මක්කයි කියන්නේ?"

"මක්ක කියන්නද?"

"උඹල මෙහෙ එන බව දන්නවයි?"

"හ්ම්ම්"

"එක හොඳා"

එකිනෙකාට ලංවී ඔවුන් බොහෝ වෙලාවක් නිහඬවම සිටියහ, ඒ නිහඬ බවට දෙදෙනාම පෙම් කරන්නට විය. අයව වැළඳ තුරුළු කර ගැනීමට සුමනේට සිත් විය. ඔහුට සුවදායක උණුසුමක් දැනුනේය. යද තම හිස ඔහුගේ ලය මත සඟවා ගත්තාය.

ජයතිස්ස මලදා පටන් නිදි පැදුරේ නොමැති උණුසුමින් ඇය පීඩා වින්දාය. හූල්ලමින් ඉකිබිඳිමින් නොනිදා රැය පහන් කල අයුරු ඇයට සිහිවිය. සියලු වේදනාවන් ඇය තනියම ඉවසා ගත්තාය. නිදි පැදුරේ සැපට නිදන පුතු දෙස බලා සැනසුනද මොකක්දෝ අඩුවක් ඇයට සෑම රැයකම දැනිණි. ඇගේ මුවින් පිටවී යන සුසුම් වල බෝල් හඬ ඇයම බොහෝ රාත්‍රීන්හිදී අසා ඇත්තීය. ජයතිස්සගෙන් නොලද උනිසුමක් ඇයට සුමනේගෙන් ලැබෙන්නට විය. ජයතිස්ස අද නොමැත. ඒ නිසාම තම පෙම සුමනෙට පිදිය නොහැක්කේ අයි දැයි දහසක් සිතුවිලි සමග ඇය තර්ක කරන්නට විය. ඇය සුමනේගෙන් ලද උණුසුමට ගුලි විය. යටත් නොදැනීම ඇයට ඉකි බිඳිණි, ඒ සතුටටදැයි දුකටදැයි ඇය නොදන්නීය.

"මේ මොකැයි උඹල අඬන්නේ, නාඬා ඉඳින් බන්" නන්දාගේ නළලත් සිඹිමින් සුමනේ කීවේය.

"මට සතුටුයි"

"මටත් සතුටුයි බන්, අපි දෙන්න එකම වහලක් යටට එමු, දරුවවත් හදා ගනිමු"

ඔවුන් දෙදෙනාගේ රාත්‍රිය තවමත් තරුණය. කුප්පි ලාම්පුවේ දල්ල තලයකට සුලඟ සමග දඟකාරකම් කරයි. බූරු ඇඳෙන් නැගෙන කිරි කිරියත් සමග රින් කෙඳිරිලි හඬවල් සුසුමන් වෙනුවට වාතලයට එකතු වුණි.

රාත්‍රිය ඉක්මනින්ම ගෙවී ගොස් හිමිදිරිය උදාවනවාත් සමගම ඔවුන් දෙදෙනාම අලුත් ජීවිත ලදහ. ඒ ජීවිත දහසක් බලාපොරොත්තුවලින් පිරී තිබුනද සුලඟ සේම සැහැල්ලු විය.

"පුතා රෑ ඇහැරිලා අම්මට වැඩ ධුන්නද දැන් නෑ..... වස කොල්ල....රෑට ඇහැරුනොත් හරි අමාරුයි නිදි කරවන්න" චීත්තය පොරවා ගත් ඈ  තම කෙස් වැටිය ඉහලට කර බැඳ ගත්තාය.

මුකුත් නොදෙඩු සුමනේ ඇය ඇත පාර්සලයක් තැබුවේය.

"මක්කයි මේ මට තෑගී බෝගත් ගත්තයි.., පාර්සලයේ වූ  චීත්ත රෙද්ද ගෙන හැඩ බැලූ ඈ පුයර බෝතලයේ පුසුඹ බලමින් හරි පුසුඹනෙ කීවාය.

ඇගේ ඇත තවත් කුඩා ගුලියක් තබූ සුමනේ දෙස ඈවිස්මයෙන් බලා හුන්නය.

"මේ තවත් මක්කෙයි?"

"පබළු දෙපොටක් කොල්ලගේ ඉනේ බඳින්න."

නන්දාගේ දෑස්සතුටු කඳුලින් ආයිත් බොඳවී ගියාය. "උඹල කොල්ලට කැමතිය?"

"එකා මගේ යාලුවාගේ කොල්ල, මන් එකට මනාපයි" සියලු වරද කාරී හැඟුමන් අමතක කර දමමින් ඔහු පැවසුවේය. එක කොඉ තරම් දෙයක්දැයි නන්දා සිතන ගමන්ම ඇය නිවස බලා යන්නට ලෙහෙස්ති විය.

"තවම පාන්දර වැඩි බං, තව ටිකක් ඉඳල පලයන්කෝ" සුමනේ ඇවිටිලි විය.

"ආ හරි කෝලන්නේ රෑම ළඟ ඉඳල දැනුත් ඉන්න ඕනෙයි" නන්දා ඉඟි මරමින් කීවාය.

"හවසට කොල්ලවත් අරන් තොටුපල පැත්තේ වරෙන්, මන් උඹලගේ අම්මලාව හම්බ වෙන්න එන්නැයි?"

"දැන්ම එපා මන් හිමීට කියන්නම්කො" ඇය රහසේ විඳීන පෙම්සුවයට ඇලුම් කල නිසා කිවාය.

"උඹල හෙට රෑටත් එනවයි?"

"හැමදාම" ඇය විස්මයෙන් දෑස් දල්වා කිවාය. ඒ දෑස් ආදරය නිසා දීප්තිමත් වී තිබුණි.


27 comments:

  1. "උඹල හෙට රෑටත් එනවයි?"

    "හැමදාම" ඇය විස්මයෙන් දෑස් දල්වා කිවාය. ඒ දෑස් ආදරය නිසා දීප්තිමත් වී තිබුණි.

    ReplyDelete
  2. ඇත්තටම හදවතින්ම සතුටුයි. මේ වගෙ ලස්සනම ලස්සන කතාවක් ලීව එක ගැන. මනාව හිත තුල මැවෙනවා මේ කතාව සජීවිව

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහස් මෙහෙම එකතු කරලා ගියාට, ඔන්න අපිත් එකතු උනා :D

      Delete
  3. කොහෙමින් කොහොම හරි තොටියා තොටුපලටම ඔරුව පැද්දා එහෙනං..

    ලස්සන කථාවක්

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පදින් නැතිව තොටියට ඉන්න බැහැනේ :D, ස්තූතියි විදානේ අයියේ කියවල හිතෙන ලියල ගියාට.

      Delete
  4. සොමියා.. ඉතා ලස්සන කතාවක් ඒ වගේම භාෂාව හැසිරවීමත් ඉතාම ආගෙයි... කතාව යන විදියට මම හිතුවේ සුමෙනේ ජයතිස්සට වගේම වැඩක් නන්දටත් කරාවිද කියලයි.

    අපරාධයක් තුලින් උනත් ආදරයක් ලබන්න පුළුවන්. හැබැය මෙහෙම දේ වෙනව නේද බං එළිපිටම.. ඇත්තටම අපුරු කතාවක් ඒ වගේම බොරු මොකටද උඹ ලස්සනට ලියලත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දේශක සහෝ....., ටිකක් වෙනස්ම අරක කතාවක් ලියන්න කියල හිතුන ඉතිං මන් කතාවක් ලියන්න කලින් එහෙමත් නැත්තන් නිසදැසක් හරි මොකක් හරි ලියන්න කලින් රූපයක් නිමිත්ත කරගන්නවා, මන් බ්ලොගේට ඉස්සර ලියපු හැම එකක්ම වගේ එහෙම ලියවෙච්චා. ඉතින් ගුඋගල් දෙයියගේ රූප බල බල ඉන්දැද්දී ඔය රූපේ දැක්කම අමුතු ලස්සනක් ඔකේ දැක්කා. පස්සේ තොටියෙක් ගැන ආදරය සම්බන්ද කරලා හිතට අදහස් ආපු විධියට ලිව්වා, හැබැයි රූප බලල ලියන පුරුද්ද හොඳයිද දන් නෑ.
      මං ඉතින් මංමනේ. :D

      Delete
    2. ඒකට තමා පරිකල්පනය කියන්නේ. පුළුවන් නං සමාජයේ දකින පින්තුරත් ඔබගේ කතා වලට හසු කරගන්න. එතකොට වටිනාකම වැඩියි.. ජය වේවා.. මම හිතන විදියට මේක සාර්ථක නිර්මාණයක්..

      Delete
    3. ගොඩක් ස්තූතියි අයියේ, මගේ පොටෝ පිස්සුව එහෙනං පාවිච්චි කරන්න පුළුවන් වෙයි. :D

      Delete
  5. හරිම ලස්සන කතාවක්.... කිසිම අපහසුවකින් තොරව කතාව දිගට ම කියවන්න පුළුවන්. ඒක ඔබේ පරිචය කියලයි අපි හිතන්නේ.... කතාව හරි පිළිවෙලට පෙළ ගහලා. අද බ්ලොග් එක පුරාම ගියා බලන්න. සතුටුයි. ආයෙමත් හමුවෙමුකෝ....................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් එකතු කලාට ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා, ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා. අපි අයෙමත් හමු වෙමු. :D

      Delete
  6. Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ... :D

      Delete
  7. නියමයි මචං.. මේ ගංදිය කියව්ද්දී මට මතක් වුනේ මගේ "තොටියා".. ඒක මීට වඩා වෙනස්, උඹට මතකනම්..

    කතාව ලෙසටම ලියලා තියෙනවා බං.. වෙනදා වගේම.. ආයේ කියන්න දෙයක් නෑ.. සිරාවටම රස ව්න්දා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා දිනේෂ් අයියා, අයියගේ තොටිය කතාව හොයල කියවල බලන්න ඕන :D, මටත් හිතෙන්නේ මේකනං ටිකක් ලෙසටම ලියවුනා කියල, එත් පොඩි රබර් ගතියක් එහෙම නැද්ද, මේක කෙටි කිව්වට දිග කතාවක් උනානේ කී බෝඩ් එකෙන් කොටගෙන කොටගෙන් යද්දී :D

      Delete
  8. ලස්සන කතාවක් ....
    ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං, උබටත් ජය වේවා (y)

      Delete
  9. කතාව එල....
    පැරණි අයට මතකයන් අවදි වෙන ලෙසට ලිවිම අගෙයි....
    පබ්ලිෂ් කරන්න පෙර අකුරු වැරදි නිවැරදි කරන්න....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි තුමා, :D,

      ඇත්තටම අකුරු හදන වැඩේ නං කොරන්නම ඕන, පබ්ලිෂ් කරලා ඊ කියවද්දී කුණුහරුපත් තිබ්බද කොහෙද පුළුවන් තරම් හැදුවා, වෙලාවක් අල්ලලා ආයි එඩිට් කොරන්න ඕන,

      //පැරණි අයට මතකයන් අවදි වෙන ලෙසට ලිවිම අගෙයි....//

      හෑ ඒ මොකක්ද ඒ කතාව, ඔබගේ මතකයන්ද? අපිත් ආසයි එහෙනං දැනගන්න :D

      Delete
  10. ලස්සන ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග සහෝ.......... :D

      Delete
  11. ලස්සන කතාවක්... අපූරුවට කතාව ගලාගෙන ගිහින් තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි.....:D

      Delete
  12. සොමියෝ දාහංකෝ බං බ්ලොගර ෆලෝවර් එක

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් මන් දාල නැද්ද? මයේ හිතේ ඔය උඩ එහෙම එකක් තියෙනවද කොහෙද, කොහොම උනත් සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  13. දිග කතාවලින් කියවන්නේ අරුගේ අඩවිය තමයි ඉතින්, ඔන් දැන් තව එකක් හම්බුණා, මෙච්චර දවස් මට මගහැරුනා ඔයාගේ බ්ලොග් එක, සමාවෙන්න, ලස්සන කතාවක්, එපා වෙන්නේ නැතුව කියවන්න හිතෙන විදියට දිග කතා ලියන එක ලේසි නැහැ. ජය වේවා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් ඔබ තුමියත් පිලිගන්නවා මුලින්ම අනේ සමාව ඉල්ලන ඕන නෑ, මමත් ලියන්නේ ටිකක් කෙටි ලිපි, කතා තමයි, මේක ටිකක් රබර් උනා, ස්තුතියි ඇවිත් බලලා අදහස් කියලා ගියාට.

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...