Tuesday, May 6, 2014

මේ මැයි දිනයේ අවසානයි, ආයි බඩු ෂුවර්........




මහ මං අහුරමින් - කූට අව්වේ වේලෙමින්
දූවිලි කුණු කමින් - උගුරු ලේ රහ කරන්

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

බැනර් උස්සගෙන - සටන් පාඨ කියාගෙන
රතු පාට ඇදගෙන - තමන්වත් අන්දවගෙන

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

සමරමින් සමාජවාදෙයි - වැඩ කරන ජනතාවයි
දෑ කැත්තයි මිටියයි - අන්තම අසරණයි

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

ලෙනින්වයි මාක්ස්වයි - ඇත්තටම අමතකයි
ඇති උන් කයි බොයි - උඹලා තාමත් ලෙවකයි

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

සී.ටී.බී. බස් වලින්- ල.දු.දෙ දුම් රියෙන්
ඉමහත් කැපවීමකින් - පෙලපාලි පුරවමින්

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

බත් පැකට් එකටයි - වතුර බොතලේටයි
රුපියල් සීයටයි - ආතල් එකකටයි

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

පරිසරය වනසමින්- දාමින් හැමතැන පොලිතින්
ලද දෙයක් නැති කමින් - ඉල්ලීම් ඉල්ලමින්

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

උබලත් එක්කලම - නායකයො උබලගෙම
අපූරුවට එකාවන්ව - අවිදින අපූරුව

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

වීදෙයෙ ඇවිදලා - පිටියකට ගාල් වෙලා
මයික් ටයිසන්ලා - පීකර් මාමලා

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

එකම බණ දෙසලා - උබලව රවට්ටලා
මීඩියාවෙන් බස්සලා - හෙන පොරවල් වෙලා

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

කතාවල් පවත්වලා - පෙජරොවෙ නැගලා
උබලට ජය පතලා - යයි අත වනලා

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

උදෑසන සමාජ වාදය - දවල්ට උන්ගෙව් වාදය
හවසට ඒකාධිපති වාදය - අවසන අදිරාජ්‍ය වාදය.

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

හවසට ලොක්කලා සොක්කලා - බෝතලේට පැකට් එකට සෙට් වෙලා
කියමින් සමජවාදයේ කතා - සව්දිය පුරයි බොතලේට ආවඩා

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

ආ බසේම ගාල්වෙලා - යයි ඉතින් නිවෙස් බලා
හෙට උදේන්ම නැගිටලා - උන්ටම කඹුරපල්ලා

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

ඡායාරූපය අන්තර්ජාලයයෙනි

23 comments:

  1. මහ මං අහුරමින් - කූට අව්වේ වේලෙමින්
    දූවිලි කුණු කමින් - උගුරු ලේ රහ කරන්

    කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

    බැනර් උස්සගෙන - සටන් පාඨ කියාගෙන
    රතු පාට ඇදගෙන - තමන්වත් අන්දවගෙන

    කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

    ReplyDelete
  2. කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ.....

    අන්න එතන තමයි ප්‍රශ්නේ. කාගෙද මේ බලවේගේ?

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. කාගෙද මේ බලවේගේ? මාරම ප්‍රශ්ණයක් තමයි ඕක? හැබැයි ගොඩක් ඕකකියාගෙන පාරේ යන අයවත් දන් නෑ ඇත්තටම කාගේද ඒ බලවේගේ කියල, ස්තුතියි අදහස් එකතු කලාට.

      Delete
  3. දැන් මැයි දිනෙත් දෙශපාලුවොන් ගේ වෙලා ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම,
      උබලත් එක්කලම - නායකයො උබලගෙම
      අපූරුවට එකාවන්ව - අවිදින අපූරුව

      කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

      වීදෙයෙ ඇවිදලා - පිටියකට ගාල් වෙලා
      මයික් ටයිසන්ලා - පීකර් මාමලා

      කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

      එකම බණ දෙසලා - උබලව රවට්ටලා
      මීඩියාවෙන් බස්සලා - හෙන පොරවල් වෙලා

      කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

      කතාවල් පවත්වලා - පෙජරොවෙ නැගලා
      උබලට ජය පතලා - යයි අත වනලා

      ඔය තියෙන්නේ ඇත්තම කතාව. මැයි ධිනය ඇත්තටම දේශපාලන පක්ෂවලට මීඩියා සන්ධර්ශන මවන තවත් එක දවසක් වෙලා ඉවරයි. ස්තුතියි අදහස් එකතු කලාට.

      Delete
  4. කවි සිතුවිල්ල නම් අපූරුයි !
    ඇත්තටම හැමදාම සිද්ධ වෙන්නේ ඕකනේ.

    ReplyDelete
    Replies
    1. එකනේ මෙහෙම ලිව්වේ මධුරංග සහෝ...... :D, එත් පලක් තියෙනවද ඇත්තටම වෙලා තියෙන්නේ අපි අපිවම විවේචනය කරගෙන අයිත එඅ පාරේම යන එකමයි.

      Delete
  5. රුපියල් සීයට පෙළපාලි යන්න එන්නේ නෑ.දාහක් වත් දෙන්න ඕන,කන බොන ටිකත් දීලා.

    ReplyDelete
  6. // ආ බසේම ගාල්වෙලා - යයි ඉතින් නිවෙස් බලා
    හෙට උදේන්ම නැගිටලා - උන්ටම කඹුරපල්ලා// පද වැල් ටික අපූරුයි....

    ReplyDelete
  7. හැමදාම නත්තල් නෑ.....

    ජය වේවා!!!

    ReplyDelete
  8. අනේද කියන්නේ බං.. නැහිලා වැඩ කරන මිනිහට එක දවසයි තියෙන්නේ.. නැහෙන මිනිහගෙන් වැඩ ගන්න එවුන්ට අනික් හැම දවසම අයිතියි.. ඔන්න ඕකයි තත්වේ..

    ReplyDelete
    Replies
    1. දැන් ඒ දවසත් ඒ අයගේ නෙවේ වෙලානේ

      Delete
  9. තනි ඇහැට ඇඩෙනව කියන්නෙ මේකට තමා...
    මැයි දිනේ කියල එකක් තිබ්බෙ ඉස්සර
    දැං ඒක දේසපාලු දිනේ වෙලා....

    පරක්කු වුණත් අද හරි ආව නෙව
    එන්න කියල දාගත්ත රොලටත්

    ReplyDelete
    Replies
    1. ස්තුතයි අදහස් කිව්වට අපි මේවා මේ විදියට දැම්මත් මුකුත්ම වෙන්නැති එක තමා දුක.

      Delete
  10. වෙනස් වෙන්නට ඕනෙ නැති, ධෛර්යක් නැති මිනිස්සු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නෙරන්ජි මේ පැත්තට ආවාට,සාදරයෙන් පිලි ගන්නවා. ඒ මිනිස්සුන්ගේ ධෛර්ය නැත්තටම නැති කරලා දාල තියෙන්නේ එයාලම අදහන නායකයන් විසින්, දැන් ඒ ඇය රූකඩ වෙලා ඉවරයි.

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...