Saturday, May 31, 2014

අනේ.මගේ.ආදරේ මට කියා ගන්න බෑ.වචන එලියට එන් නෑ.අයියෝ.මට තේරෙන් නෑ.

සොමියගේ යාලුවෙක් දැන් ටික කාලෙකට කලින් හොඳ බූට් එකක් කෑව, සොමියත් ඉතින් බූට් එකක් කාල උඩු බුරල කරන්න තියෙන හැම මගුලම කරලා දැන් ආතල් තනිකඩ ජීවිතයක් ගෙවනවා, එත් ඉතින් අපේ කස්ටිය සෙට් උනාම ඉතින් අරුඋව අල්ලන් බයිට් පාරක් එහෙම දානව. පවු එත් ඉතින් මොනවා කරන්නද, එක අතලින් ඌ ඒකිගෙන් ගෙන් ගැලවුණු එකත් හොඳයි කියල හිතෙනවා. ඔහොම තියෙද්දී තමා අපේ කස්ටිය සෙට් වෙලා ලඟදි දවසක් සින්දු කන්න ගත්තේ, ඉතින් ආයි එක එක තාලෙන් සින්දු එලි බහිනවා, ගායකයෝයි පද රචකයෝයි හිටියනම් එක්කෝ උන් අපිට අමතනවා, නැත්තන් අපේ විදියට උනුත් සෙට් වෙනවා. ඇත්තටම අපේ සෙට් එකත් හතර දෙනයි, අපි හතරත් හරියටම මේ වගේ තමා. චරිත ඒ විදියටම ගැලපෙනවා.


ඔය අස්සේ තමා ඉතින් සොමියටයි අපේ බූට් එක කාපු එකාටයි ඉතින් හිතුනේ අනුන්ගේ සින්දු කනකන් අපිම සින්දු හදාගෙන අපිම ඒවා කමු කියලා. ඉතින් තරමක් හොඳ සිහියෙන් හිටපු එකෙක් සොමියට කොලේකුයි පෑනකුයි දික් කළා. කස්ටිය ඉතින් සෙට් උනාම ශෝකාන්ත කෝටියයි. බූට් චරිතාපදාන එලි බහිනවා ඉතින් සට සට ගාල. සමහර උන් හොටු පෙරාගෙන අඬනවා, තව උන් හිනා වෙනවා, තව උන් බලන් උන්නු ඇත බලන් ඉන්නවා, සමහර උන්ට හික්ක වැටෙනවා, තව උන් කොට්ට බැදන් අඬපු හැටි කියනවා. ඉතින් සොමියත් යාලුවාගේ බූට් කතාව දන්නා නිසා ඔහේ මොනවා හරි කුරුටු ගෑවා, මේ බූට් එකේ කෙල්ල මුගේ දත ගලවනවා මූට කැමතියි  වගේ පෙන්නලා, අපි ඉතින් කොච්චර කිව්වත් වැඩක් නෑ, මූ ආලෙන් මත් වෙලා, මූ රී ලෝඩ් දානව, කොටින්ම ඒකිගේ ඇසයිමන්ට් හිටන් මූ තමා කරන්නේ, ඉතින් හිතන්නකෝ කොල්ලෙක්ට ගිය කල. සාමාන්‍යයෙන් වෙන්නේ ඔකේ අනිත් පැත්තනේ, කොහෙද මූ ලාමක ටින් ටින්. අපිනේ දන්නේ උගේ හැටි ඉතින්. මූත් ඉතින් ඒකි මූට කැමති ඇති කියල හිතන් අහලවත් නෑ, මූට එච්චර ගට නෑ එකී ළඟ, මූ ඉතින් අපිට ඇවිත් ඒකිට කියා ගන්න බෑ කියා කියා හූල්ලනවා. පස්සේ මෙකි මුගෙන් ගන්න තියෙන වැඩ ඔක්කොම අරන් මූව පැත්තකට විසික් කරලා තව එකෙක් දා ගත්ත. දැන් ඉතින් එකී අපේ එකාට පේන්නම අරුත් එක්ක ලවු කරනවා. ඉතින් සොමියත් උගේ බූට් කතාව දන්නා නිසා ඔහේ මොනවා හරි කුරුටු ගෑවා.


ඉතින් ඒ වෙලාවේ සොමියා හිටපු කන්ඩිෂන් එකත් එක්කද මන්දා අපේ උන්ගේ කතාත් එක්ක ආතල් බූට් සින්දුවක්  වගේ එකක් ඉතින් ලියවුනා. අපේ එවුන්ගේ ලස්සන කතායි උන්ගේ අදොනාවලුයි එක්ක  හා හා පුරා කියලා සෙට් එකත් එක්කම තවත් බයිලාවක් කුරුටු ගෑවා ඉතින්. ඔය පහල තියෙන්නේ එක හොඳේ. හැබැයි සොමියා ඉතා වගකීමෙන් කියනවා මේ වගේ බයිලාවල් ලියවෙන්න ඉන්න කන්ඩිෂන් එකත් වැදගත් වෙනවා කියල.


අනේ....මගේ......ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

මට නින්ද යන්නේ නෑ.... නින්ද අහලකවත් නෑ.......
ඔයා මතක් වෙද්දී මගේ ඇස් පියවෙන් නෑ.......
මං පාර්ක් යන්නේ නෑ.......ඔයා ලඟට එන්නේ  නෑ.........
ඔයා නැතිව පාර්ක් එකේ මන් තනිවෙන් නෑ.......

අනේ....මගේ.....ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

මන් අඬන්නේ නෑ.......අඬලා නොන්ඩි වෙන් නෑ......
ඒත් ඕයා මතක් වෙද්දි නාඬා ඉන්න බෑ.......
මට ලඟින් ඉන්න නෑ.......ඔයා මගේ ළඟ දැන් නෑ......
ඔයා ලඟින් හිටිය කාලේ ආයේ එන්නේ නෑ......

අනේ....මගේ.....ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

මං නෙස්කෆේ බොන් නෑ.....නෙස්කෆේ සුවඳ දැනෙන නෑ.....
ඔයා නැතිව නෙස්කෆේ මට බීල වැඩක් නෑ........
ඔයා බිල ගෙවන්නේ නෑ.......බිල නොගෙව යන්න බෑ.........
බිල් ගෙවලා මට කෙලවෙල අතේ සතේ නෑ.......

අනේ....මගේ.....ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

මං බලන් ඉන්නේ නෑ......බලන් ඉඳල පුරුදු නෑ........
ඔයා දිහා බලන් ඉඳල මට හරියන් නෑ........
ෆෝන් එකේ ක්‍රෙඩිට් නෑ.......මට රිප්ලයි නෑ.......
ඔයාට මන් ආයි ඉතින් කෝල් කරන් නෑ......

අනේ....මගේ.....ආදරේ මට කියා ගන්න බෑ........වචන එලියට එන් නෑ.......
මට මෙහෙම වෙලා නෑ........අයියෝ........මට තේරෙන් නෑ..........//

Thursday, May 29, 2014

මගෙත් එක්ක කොටුවක් පනිමුද මෙයා, ඔයා මොකද කියන්නේ.


රජ කාලේ සිටම විවිධ අයුරින් කොටු හදාගෙන ඒ කොටු ඇතුලේ වටිනා දෙ තබාගෙන සිටි අතර සීගිරිය බල කොටුව එයට හොඳම උදාහරණයයි, කෙසේ හෝ අපේ දුටුගැමුණු රජතුමාද (කැලණියේ එකා නෙවෙයි) විජිතපුර කොටුවට පැන සොලීන් නසා අවසානයේ එලාරද පරාජය කොට ජය ගත්තේය. පසු කාලීනව අරාජික වූ රාජ්‍ය තන්ත්‍රය තුලින් ලංකාවට පැනගත් පරංගිද, ලන්දේසීන්ද, පසුව සුද්දන්ද ඒ අයුරින්ම කොටු හදාගෙන හිටි නිසා අද අපිට ගාලු කොටුව, කටුවන කොටුව, යාපනය කොටුව, කොළඹ කොටුව, ආදිය ඊට උදාහරණයි. ඉතින් ඔය මොන එකා කොහොම හිටියත් කොටු පනින එකා පැනගෙන පැනගෙන ගොස් කෙසේ හෝ මාන බැලූ කොටුවටම පැනගන්නේය.  ඉතින් ඔය කොටු පැනීමේදී විශේෂ කරුණු ගණනාවක්ම සලකා බැලිය යුතුය. එනම් පළමුවම පනින්නට හදන කොටුවේ හතර සීමාව හොඳින්ම අඳුනාගෙන සිටිය යුතුය. තමන් සිතින් පනින්නට සිතාගෙන සිටින  කොටුව මේ වගේ යයි යා මවාගෙන හතර සීමාව නොදැන කොටු පැන පසුව අසරණ නොවන්න. එක නිසා නොදැන ගොස් අතරමන් නොවී දැනගෙන ගොස් කතරගන් යමු නේද?. 

ඉතින් පනින්නට හදන කොට්ටේ හතර සීමාව දැනගත් පසු තමා පනින්නට හදන ඒ කොටුවටම පනින්නට කෙල පෙරාගෙන ඉන්නා ප්‍රතිවාදීන් අඳුනා ගත යුතුය. ඒ මොක දැනගත්තත් ඉන්පසු කොටුවට යවන්නට හොඳ ඉඟියක් තිබුනේ නැත්නම්  ඉතින් කොටු පැන හමාරය. ඒ නිසා කොටුව පැනීමට කොටුව අල්ල ගැනීමට පා කර හරින ඉඟිය ඉතාම වැදගත්ය. ඒ නිසාම කොටු පනින උන් හොඳ හොඳ ඉඟි ඒ සඳහාම තබාගෙන සිටිති. ඒ නිසා තමන්ද කොටුවක් පැනීමට බලාපොරොත්තු වන්නේ නම් හොඳ ඉඟි ගැන දැනුමක් තිබිය යුතුය. 

තවද තමන් මොන දෙ උනත් නොසැලී සමබරවද සිටිය යුතුය. එලෝ සිහියක් නැතිව ඔහේ පැන කෙලෝ ගන්න උන්ද එමටය. තමන් ලබනා වාසිය තකා කොටු පැනීම හරියටම දේශපාලනයෙදී පිල් මාරු කරනා සේම ලෙහෙසිය. අර මකටද හෝයියා කියන්න වගේ ඉතින් ඒකම බලාගෙන කොටු පනින එක ඇත්තටම ආතල්ය. නමුත් කොටුවක් පැන ගැනීමට නම් හොඳ උත්සාහයක් ගත යුතුය. අම්බානෙට කට්ට කෑ යුතුය. පැනීමටද විවිධ කොටු වර්ග තිබේ. මා මුලින් සඳහන් කලාක් මෙන් කොට්ට හරියටම අඳුන ගත්තානම් පැන ගැනීම හරිම පහසුය. ඒ කොහොම උනත් සමහර එවුන් පනින පනින කොටුවෙන් නිකන්ම විසික් වෙන්නේ සමහරවිට කේන්දරේ කොටු අතර සිටින  ග්‍රහයන්ද  කොටු පැන නීච වෙලා ඇති නිසා විය හැකිය. එක ඉතින් උන්ගේ කරුමයමය.

ඉතින් කෙසේ හෝ අර කලින් කීවක් මෙන් මොකෙක් හෝ පනිනකන්ම බලාගෙන සිටින වේලෙන කොටුද කොටුද ඇත. අන්න ඒ වගේ කොටුවක් සේට් උනානම් බඩුම තමය. කෙසේ හෝ කොටුවට පැනගත් එකා එකේ රසයෙන් උන්මාදව උදම් අනන විට අනික් උන්ටද නිකන්ම කොටුවකට පැන ගන්නට සිතෙති. එහෙත් මොලේ ඇති එකා පැනගත් කොටුවද රැකගෙන තව කොටුවලටද පනිති. කෙසේ හෝ කොට්ටේ හතර සීමාව අදුනාගත් පසු ඉතින් කට්ට කා තමන්ගේ චාන්ස් එක එනකං බකං නිලන් ඉඳලා චාන්ස් එක අපු හැටියේ අර අන්දුනාගත් කොට්ටේ හටර සීමාව ප්‍රයෝජනයට ගත යුතුය.  ඉන්පසු ඉතින් තමන්ගේ හොඳම ඉඟිය හරියටම පාවිච්චිකර කොටුව අල්ල ගත යුතුය. ඉන් පසු ඉතින් හරියටම වෙලාව බලල කොට්ටට පැන ගත විට ඉන් පසු ඕනා තරම් වෙලා ඒ කොට්වුවේ රස විඳිය හැක. එහෙත් කලින් කීවක් මෙන් සමබර තාවය ඉතා වැදගත්ය. එග හිලිහී ගියහොත් ඉතින් පැනගත් කොට්ටද නැති කරන නැවතත් මුල සිටන් උත්සාහ කල යුතුවේ

කෙසේ හෝ කොටුවට පැනගත් එකාට ඒ කොටුවේ රස එපා වූ විට තමන්ගේ ඉඟි පාවිච්චි කර තවත් කොටුවකට පනිය හැකිය. ඒ සඳහා පෙර කොටුවට පැනීමේදී ලබා ගත අත්දැකීම් සෑහෙන්න වැදගත් වේ. ඉතින් ඔයවිධියට කොටු පැනගෙන පැනගෙන යනවිට රජ කොටුද සෙට් වේ. එකට පනගත්තොත් නම් ඉතින් ගොඩම තමය. වරප්‍රසාද වැදී ඒ කොටුවල සිට ඕනෑම කොටුවක් ලෙහෙසියෙන්ම අත්පත් කර ගත හැකිය. එතින් ඒවගේ තමන් අත්පත් කරගත් කොටුව තමන්ට පමණක් රස දෙද්දී අනික් උන්ගේ ඉරිසියාවට ලක්වීමට සිදුවේ. ඉතින් ඒ නිසා ඒ කොටුව පරිස්සම් කරගතද යුතුය. එහෙත් කොටුව තමන්ටම විතරයි නම් වැඩේ ගොඩය. මොන එකා ඉඟි විසි කලත් ඒවා පුස්සක්ම වේ.

ඉතින් ඔහොමයි කොටු පනින තියරිය, ඉතින් මගෙත් එක්ක කොටුවක් පනිමුද මෙයා, ඔයා මොකද කියන්නේ.


ඔය තියෙන්නේ කට්ටිය කොටු පනින හැටි තමා. මන් මේ කිව්වේ සමහරු පනින්න බලන් ඉන්න කොටු ගැන නෙවේ, අපි පුංචි කාලේ බට්ට පන්න හැටි ගැන, වැරදියට හිතන්න එපා. මේකේ මන් ඉඟිය කිව්වේ විසික් කරන ගලට, සමබර තාවයක් ඕන කිව්වේ තනි කුලෙන් පනින නිසා. ඕකට බට්ට පනිනවා කිව්වට ඉතින් මොකද කොටු පනිනවා කියල කිව්වම :D. ඔය උඩ තියෙන්නේ කොටුනේ. හෙක් හෙක් දැන් ඉතින් කොටු පනින්න කැමති ඇය ඉන්නවද?

පින්තුර ගූගල් දෙයියගෙන්.

Monday, May 26, 2014

කවුරුවත් නෑ....ඇය වගේ....ඕ.....කවුරුවත් නෑ...ඒ...ඇය වගේ....



සමනලුන්සේ.......ඉගිලී.......
යන්න ආසයි ඈ...නිදහසේ........
තනිවෙනා.......මොහොතේදී...........
හිරු බසිනා අඳුරේ.........
කවුරුවත් නෑ....... ඇය  වගේ.......
ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ........

වත දිලේ.......නිවෙන නොනිමෙන ආ..ලෝකයේ......
ගත සැලේ.......පද නොදත් සංගීතයේ.......
මධුවිතේ.......මධුවිසේ.........
ගිනි ගනී.....ඇගේ යෞවනේ.......
ඕ.........ගිනි ගනී ඇගේ යෞවනේ.........

සමනලුන්සේ.......ඉගිලී.......
යන්න ආසයි ඈ...නිදහසේ........
තනිවෙනා.......මොහොතේදී...........
හිරු බසිනා..අඳුරේ.........
කවුරුවත් නෑ....... ඇය  වගේ.......
ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ.........

ආදරේ.......මොහොතකට හිමි ආදරේ........
නැත සුවේ.......සුව සදන යහනා..වේ........
රාගයේ.......රාත්‍රියේ.........
අලෙවියේ.......ඇගේ ජීවිතේ.........
ඕ.........අලෙවියේ ඇගේ ජීවිතේ..........

සමනලුන්සේ.......ඉගිලී.......
යන්න ආසයි ඈ...නිදහසේ........
තනිවෙනා.......මොහොතේදී...........
හිරු බසිනා..අඳුරේ.........
කවුරුවත් නෑ....... ඇය  වගේ.......
ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ.........

ප.ලි.
මේක මේ අද හවස සොමියගේ ඔළුවට ආව අදහසක් ඔහේ කුරුටු ගෑවුනා, එත් මේක මුලින්ම ලියවුනේ මේ විදියට, ඇත්තටම මට ඕන උනේ වෙන කෙනෙක් ගැන ලියන්න. 

සමනලුන්සේ.......ඉගිලී.......
යන්න ආසයි ඈ....නිදහසේ........
තනිවෙනා.......මොහොතේදී...........
සරසවි බිම කොනේ .........
කවුරුවත් නෑ....... ඇය වගේ.......
ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ.........

එත් පස්සේ එයාව පැත්තකට විසිවෙලා මේක කුරුටු වුනා, අනේ මන්ද සින්දුද, බයිලද, කවිද, නිසඳැස්ද දන් නෑ, තම තමන් කැමති අයුරින් රස වින්දිත්වා, මට නං ටිකක් විතර සින්දුවක් වගේ ඇ, එත් ඉතින් කෝ සංගීතයක්? කියන්න එකෙක්? සොමියත් හරියට බලල කුලේ වගේ තමා, ගස් නැග්ගට බහින්න දන්නේ නෑ, හෙක් හෙක් එතකොට තමයි ඉතින් මට මගේ නොවන මගේම සින්දුත් තිබුනා කියවෙන්නේ. 

බලමු සොමියා යාලුවෝ සෙට් එකත් එක එකතු කරගෙන පොඩි වැඩක් පටන් ගත්තා, එක ගොඩ ගියොත් කස්ටියටම සොමියගේ තාලෙට සොමියගේ සින්දු අහන්න පුළුවන් වෙයි ඉතින්.

පින්තූරේ ගත්තේ http://flickrhivemind.net/User/Mon%20Partenaire%20Danse/Interesting

Saturday, May 24, 2014

අමාරුවෙන් හරි අකමැත්තෙන් වුවත් පිළිගත යුතු වන යතාර්ථය "අම්මා", අම්මා?


රස කතා , දුක කතා, කෙටි කතා, නවකතා, බයිලා, කවි, හා නිසඳැස් ආදී එකී මෙකී නොකී සියලු ලේබලයන්ගෙන් බ්ලොගේ  පිටු පුරවෙන අතර සොමියාට හාර්ඩ් ටෝක්ස් ටිකකුත් ලියන්න හිතුනා. හ්ම්ම් ලිපියේ හෙඩිම දක්කමම මොකද හිතෙන්නේ, මොකක්ද මේ අමාරුවෙන් හරි අකමැත්තෙන් වුවත් පිළිගත යුතු වන යතාර්ථය? එතකොට කොහොමද එකට මේ අම්මව ගෑවුනේ? ප්‍රශ්න ගොඩයි නේද? හරි එහෙනම් මන් ප්‍රශ්නෙකින්ම කතාව පටන්ගන්නම්. හොඳයි ඔබෙන් කවුරුන් හෝ අම්මා යනු කවරෙක්දැයි විමසුවහොත් ලබා දෙන පිළිතුර කුමක්ද? හරි සරල ප්‍රශ්ණයක් නේද? අම්මා කියන්නේ දස මාසයක් මාව කුසේ තියන් ඉඳලා පොඩි කාලේ ඉඳන් මාව හදා වඩා ගත්තු, මට ගොඩක්ම ආදරේ, හ්ම්ම් තව.... මගේ ඕනා එපාකම් ඔක්කොම මට කරලා දෙන, අපිට කන්න උයල දෙන.... ඔය ආදී වශයෙන් නොයෙකුත් උත්තර ගොඩක් ඔබේ ඔළුවට එන්න පුළුවන් මන් අහපු ප්‍රශ්නෙට. මගේ අදහස අනුව නම් ඔය කියපු කතා ඔක්කොම බයිලා, තනිකරම බොරු, ආයි සිරාවටම, එකෙන්ම ඔය නම් බොරු ටිකක්, හෝව් හෝව් දැන් ඉතින් මල පැනලා මට බනිනවා එහෙම නෙවෙයි ඔහොම කියවගෙනම යමුකෝ.

 පොඩ්ඩක් හිතල බලන්න ඔබමද මේ පිළිතුරු දුන්නේ කියලා. මන් කියනවා මේ ඔබේ පිළිතුරු නෙවේ කියලා. ඔබ ඔය කියන්නේ කවුරු හරි ඔබේ ඔළුවට දාපු උත්තරයක්, ඔව් ඔබ පෙර පාසලෙදී හෝ ප්‍රාථමික අධ්‍යාපනයේදී හෝ තුන්සිය හැටපස් දවසෙම අහන බණවල ඉන්න හාමුදුරුවෝ කෙනෙක් කියපු අම්මා කියන වචනයට දුන්නු අර්ථ දැක්වීමක් ඔබත් ඔහේ හිතින් පිළිතුරක් වශයෙන් නේද? ඔව් ඔබ අප සැමගේම මෑණියන් ඔබට අපට ඔය කියන අර්ථ දැක්වීමේ සියල්ල එලෙසින්ම අකුරක් නෑර ඉටු කළාය. ඇය අදටත් එලෙසින්ම හෙටටත් ඇගේ ප්‍රාණය තිබෙන තුරාවටමත් ඒවා එලෙසින්ම තරමක් අඩු වැඩිව හෝ එටු කරනු ඇත. ඇත්තම කිව්වනම් සොමියාත් ඉස්සර ඔය උත්තරේ ඔය වගේම දුන්නා. ඉතින් මම අහපු පැනයට ඔබ ලබා දුන්නේ අර කලින් සඳහන් කලාක් මෙන් කටපාඩම් උත්තරයක් නොවේ නම් සැබවින්ම ඔබ ඔබේ මෑණියන්ව තේරුම් ගෙන ඇත.

හරි දැන් මගේ පැත්තෙන් බලමුකෝ, ඔය ප්‍රශ්නේ අර කලින් කියපු  විදියට ගත්තොතින් සරලම ප්‍රශ්ණයක් තමා. එත් සොමියට නම් ඕක ඇත්තටම සෑහෙන්න සංකීර්ණ ප්‍රශ්ණයක්. කවුරු හරි ඇහුවොතින් උත්තරයක් දෙන ඕන නිසාම මමත් අර උත්තරයම දෙන්න පුළුවන්, ඒත් මම මගෙන්ම විමසා බැලුවොත් ඇත්තටම මම නිරුත්තරයි, සමහර විට මම මගේ අම්මව තවමත් තේරුම් නොගෙන සිටින්නට පුළුවන්. තේරුම් ගන්න තවමත් උත්සහ කරනවා වෙන්නට පුළුවන්. ඇත්තටම මන් ගෙදරදී නම් අම්මව ඉතින් හැමදාම දකිනවනේ, එටකොට ඉතින් අර කියන්න වගේ "හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු උනත් පෙන්නේ නැද්ද මොකක්ද" තියරියට අම්මවත් වැටෙනවද මන්ද? එත් ගෙදර නොවෙන අම්මත් ළඟ නැති තැනකදී කව්රු හරි මගෙන් අම්මා ගැන ඇහුවොතින් මට එකපාරටම හිතේ සිතුවම් සමුදායක්ම නිකන් චිත්‍රපටියක් වගේ පෙනිලා නොපෙනී යනවා, සමහර විට මට අම්ම ගැන හැඟෙන හැටි වෙන්න පුළුවන් ඒ. එතකොට මන් මේ කියන බයිලාව මෑණියන් අහිමි අයට බලපාන අයුරු අර ගීයක එක පදයකින් හරිම අපූරුවට විස්තර කර දී ඇත. එනම්,

"පැහැදිලි නැති එක චායාවක් ඇත එය ඔබ බව දනිමී"

ඒ අතර නන්දා මාලිනිය මෙසේද කියයි.

"අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ"

හරි, අම්ම ගැන අර්ථ දැක්වීම් ඇති කියලයි සොමියට හිතෙන්නේ මොකද එතකොට මොකක්ද මේ අමාරුවෙන් හරි අකමැත්තෙන් වුවත් තේරුම් ගත යුතු වන යතාර්ථය? හරි ආයිත් මුලටමයි එත් එන්න, බලමු. අර අම්ම ගැන ප්‍රශ්නෙදි මන් හිතනවා ඔබ ගොඩ දෙනෙක් මැක්සිම් ගෝර්කි විසින් රච්ත අම්මා පොත කියවලා ඇති කියලා. ඔව් සොමියත් ඔය පොත කියෙව්වා. ඇත්තම කියනවනම් සොමියයි මැක්සිම් ගෝර්කිගේ ඔය කියන අම්මයි එක්ක හරි අපූරු සිද්දියක් තියෙන නිසා ඇත්තමයි මට කවමදාකවත් මගේ අම්මා වගේම මැක්සිම් ගෝර්කිගේ අම්මවත් අමතක වෙන එකක්නම් නෑ. ඔය කියන මැක්සිම් ගෝර්කිගේ අම්මා පොත සොමියා කියෙව්වේ මුලින්ම හොරකම් කරපු එකක්, ඉස්කෝලේ  යන කාලේ 8 වසරේ හරි 9 වසරේ හරි ඉන්නකොට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබ්බ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ බලන්න ඉස්කෝලේ ඇරිලා ගියපු සොමියගේ අතේ තිබ්බේ රුපියල් 30යි. පොත් කඩ අස්සේ තිබ්බ පොත් අතරේ සැඟවුණු සොමියාත් ඉතින් පොත් දෙක තුනක්ම හිමීට කඩ ඇතුලෙම එහෙට මෙහෙට වෙවී කියෙව්වා. අන්තිමේදී සොමියගේ අතට අහුඋනේ ඔය අම්මා පොත. ඉස්සර අම්මට ආදරේ උන් කියවන පොතක් විදියටයි සොමියා ඔය පොත ගැන හිතාගෙන හිටියේ. ඉතින් ඕක කියවනවත් වෙලාවක් තිබුණ නෑ වගේම පොතට තිබ්බ ආසාවයි අම්මට අර කියන ආදරෙයි නිසාම සොමියත් ඉතින් ඕක ඉස්සුවා. දැන් ඉතින් අහන්න එපා කොහොමද ඕක ඉස්සුවේ කියලා. එත් එදා ඇත්තටම අම්මා පොත මන් ඉස්සුවේ මොන හේතුවකටද කියල අදටත් මන් දැන් නෑ. ඉතින් එදා කොහොම හරි මැක්සිම් ගෝර්කිගේ අම්මව උස්සපු සොමියා  වීරයෙක් වගේ මැක්සිම් ගෝර්කිගේ අම්මව ගෙනත් අම්මගේ අතට දුන්න. එතන ඉඳන් අම්මගෙන් ප්‍රශ්න කෝටියයි, සෑහෙන්න පොත් වල නම් ටිකක් ඉතින් ඒ සිද්දියත් එක්ක කියන්න පුළුවන්, ඒ අතරින් "අපරාධය සහ දඬුවම" ප්‍රධාන කොට සලකන්න පුළුවන්. ඉතින් කියන්න ඕන නෑනේ මොකද උනේ කියලා. අන්තිමේදී ඉතින් කොහෙවත් හිටපු මැක්සිම් ගෝර්කිගේ අම්ම නිසා මන් එදා මගේ අම්මත් එක්ක තරහා උනා. හැබැයි තාමත් මගේ පොත් කබඩ් එකේ ඒ පොත තියෙනවා. ඔය උඩින්ම ඉන්නේ එදා උස්සපු මැක්සිම් ගෝර්කිගේ අම්ම තමයි.

හරි අයෙත් යතාර්ථයෙන් පිට පැන්නද කොහෙද? ඔව් එත් මන් මොකක් හරි යතාර්ථ කරුණක් ඔබට අම්මගේ අර්ථ දැක්වීමත් එක්ක කියන්න උත්සාහ කළා. ඔබට එය තේරුනාද මන්දා? කොහොම හරි අපි ඉතින් අම්මව දකිනවනේ ඉතින් හැමවෙලේම. එත් සමහර ඇයට එහෙම නෑ කියල මන් දන්නවා. එත් මන් දකින, මන් දැකපු අම්මමද ඒ ඉන්නේ? පොඩ්ඩක් හොඳට ලං වෙලා බැලුවම තමා පෙන්නේ අනේ ඒ ඉන්නේ මන් දකින මන් දැකපු අම්මම නෙවෙයි කියලා, එයාගේ කළුපාටට ලස්සනට දිගට තිබ්බ කොන්ඩේ දැන් ඉදීලා, ඊටත් වටා දැන් කොන්ඩේ ගොඩක් ගිහින්, එදා සුදු පාටට බැබලුනු හැම රැලි වැටිලා, ලස්සන හිනා මවපු ඒ මුවේ දතුත් වැටිලා, කෙට්ටුවට හැඩට තිබුණු ඒ සරීරෙ ටිකක් විතර මහත් වෙලා, එස්සර සොමියට කන්නාඩි දමන නැතිවම පාඩම් කියලා දීපු ඒ දෑසට දැන් මොකක් හරි කියවන්නත් කන්නාඩි දාන්න ඕනා වෙලා,හැතැප්ම ගණන් සොමියව වඩාගෙන ඇවිදපු ඒ සිරුරම තුනටිය දනිස් අමාරු නිසා වේදනාවෙන් කෙඳිරි ගාන තත්වෙට පත් වෙලා............... එදා හරිම ලස්සනට දෙකට මැදින් කොන්දේ පීරලා, පාට පාට සාරි ලස්සනට රැලි තියලා ඇඳලා, මල් මල් කුඩයකින් අවුවෙන් බේරිලා, වැස්සේදී සාරිපොටෙන් සොමියව වහගත්තු සොමියා  සුලගිල්ලේ එල්ලිලා හුරතල් කතා කිය කිය පෙර පාසලට එක්කන් ගියපු ඒ අම්මමයි දැනුත් ඉන්නේ, එත් එයා එදා මහා ගහක් වගේ සොමියගේ ඉස්සර හිටියට අද සොමියා ලොකු ගහක් වෙද්දී එයා වියපත් වෙලා, ඒ ඔඩොක්කුවේ හිස තියන් නිදාගන්න සොමියා අදටත් ආසයි, ඒ ඇඟිලි වලින් හිස පිරිමදිද්දී දැනෙන සනීපෙට ඒ දැනෙන උණුහුම නැවත නැවතත් වැඳගන්න සොමියා හරිම ආසයි. පිඟාන වටේට බත් ගුලි හදලා කතන්දරත් එක්ක ඒ බත් ගුලි ඒ ඇත දෙකෙන් කන්න ඇත්තන්. ඒවා අදටත් ඒ විධියටම වින්දත් ඒත් අම්මව දකිද්දී අනේ මන්ද මහා දුකක් හිතට එනවා. එත් එකමයි ඔය මන් කියන අමාරුවෙන් හරි අකමැත්තෙන් වුවත් පිළිගත යුතු වන යතාර්ථය.

එත් තාමත් සොමියා ජෝබ්ලෙස්, ඒ වගේම ආණ්ඩුවේ ඇත්තන්ට පින් සිද්ද වෙන්න තාමත් සොමියා ඉගෙන ගන්නවා, තාමත් සොමියට බස් එකේ යන්නත් රුපියල දෙක දෙන්න ඒ මහා වෘක්ෂය අද ගන්න සොච්චාන් පැන්ෂන් එකෙන් තමා. එයා ආණ්ඩුවේ හිටියේ, මාසික අදායම උන් කියන ගානට වඩා වැඩී, සොමියට මහපොලත් නෑලු ඉතින්. එත් සොමියගේ අම්මා හැමදාමත් කියන්නේ "පුතේ උඹල රස්සාවල් වලට ගිහින්, කවද හරි කසාද බැඳලා ළමයි හදනකොට අපි මැරිච්ච තැන වල ගසුත් පලවෙලා ඇති."

ඇත්තටම මෙහෙම ලිපියක් ලියවුනේ පරණ පොටෝ පොත් ටිකක් පොත් කබඩ් එක අස් කරද්දී හම්බ වෙලා ඒවා පෙරලද්දී අම්මගේ තරුණ කාලේ සාරියක් ඇඳලා ඉන්න පොටෝ එකකුයි ඊට එහා පැත්තෙන් මමම දාපු අම්ම පැන්ෂන් ගියපු දවසේ ගත්තු පොටෝ එකයි දැකලා ඔළුවට ආපු අදහසුයි අර ඉතින් උස්සපු මැක්සිම් ගෝර්කිගේ අම්මා කන්න වගේ මන් දිහා බලන් හිටපු හැටියටයි, ඒවගේම අම්ම මේ දවස් වල ටිකක් අසනීපෙන් ඉන්නේ, අම්මේ ඔයා ඉක්මනින්ම සනීප වෙන්න. මේ ඔයාගේ පොඩ්ඩා.

Thursday, May 15, 2014

නරක සමනලුන්ට තටු එන මී හරකුන්ගේ අන් මෝදුවෙන වෙසක් (18+)

වෙසක් වූ කලී මිනිසෙක්ව ඉපද මෙලොව යතා ස්වාභාවය නිවැරදිවම දැක පටිච්ච සමුප්පන්නව විග්‍රහ කර වදාළ යෝනිසෝ මනසිකාරයෙන් තුන් ලොවම දිනන ලද උතුම් පුරුෂයකුගේ ජිවන ගමනේ විශේෂ සිදුවීම් තුනක් මුල් කරගෙන පවත්වනු ලබන බහුතර ආමිස පූජාමය හා සුළුතර ප්‍රතිපත්ති පූජාමය වශයෙන් සමරන කැලැන්ඩරේ එක දිනක් උත්සවාකාරයෙන් සමරනු ලබන තවත් එක දිනයකි.

වෙසක් සඳ අහසේ ලස්සනට පායා එද්දී එක දෙක රතිඤ්ඤා හඬත් එක්ක කණ පැලී යන අයුරින් බෙග් මාස්ටර්ගේ සින්දු යකඩ කටින් බෙරිහන් දිදී ඇරඹෙන දන්සල් එක්ක නෙක වර්ණ රටාවන් ගෙන් ආලෝකමත් වී බුදුරැස් මතක් කරවන තෝරන් එලි අතරේ ලොකු ලොක්කෝ තම තමන්ගේ කලාප වෙන් කරගෙන හුදු ජනී ජනයාට වෙසක් පෙන්නන්න, අනේ සාදු.

ඉතින් සොමියා වන මමත් බුද්ධාලම්ඹන ප්‍රීතියෙන් යුතුව අටවන ලද බීම බට වෙසක් කුඩු ටිකත් ගේ ඉස්සරහින් එල්ලලා විදුලි පහන් එහෙම දල්වලා පොටෝ කෑලි ධෙක තුනකුත් ගහලා ඒවත් බුකියට දාල තව ඉතින් තැටිය වගේ බැබලෙන හඳත් කැමරා කාචයට අල්ලාගත්ත.



අටවන ලද අටපට්ටන් :D

ඉතින් වෙසක් අසිරි බැලීම සඳහා මහමගට බැස්සා විතරයි "පූ............පූ..........." කෘතීම මුචලින්දයෙක් නලාවකින් කණ ගාවම පිම්බා. කණ ලඟම නාද ඌ නලා හඬත් සමග මොකෙකුගේ හරි අහිංසක මෑණියන් මතක කරන්න මටත් ඉතින් සිද්ද උනා, ඔන්න පලවෙනි මි හරකා සොමියට හම්බ උන.  එකාගේ ලපටි අන් තවම මෝදු වෙන නිසා හිසේ රුදාව ඉවසා ගත නොහැකි වී ඇති අයුරකි. එකවත් දන් නැති කනට කිසිම අයුරකින් දරාගත් නොහැකි ඩෙසිබල් 90කට නම් කොහෙත්ම වැඩි සංකයාතයකින් යුතුව පිටවන ඒ පූ............ පූ........... හඬ ඇත්තටම හිසරදයකි.

වෙසක් අස්සට ප්ලාස්ටික් අයිටම් රිංගා අවසානය, ඔය ප්ලිස්ටික් අයිටම් නිෂ්පාදකයන් කිසිම විටෙකින් එහි ගුණාත්මකභාවයක් පිලිබඳ තකන්නේ නැත, රුපියල් 20-30 කෑලි වලට මොන කොලිටියක්ද? වෙසක් අති සුපිරියට මාකට් වේන හැටියක් සොමියා වන මට සිතුනි. බහුරු කෝලම් සහ හොල්මන් වැනි අනෙක විකෘති වෙස්මුහුණු වලින් තම අනන්‍ය තාවය වසා ගත් කොන්දක් නැති මී හරකෙකුගෙන් සොමියාටද බදා එල්ල වුණි. සොමියාගේ පුද්ගලික අදහස නම් මේ විකාර රුඋපි වෙස්මුහුණු තහනම් කල යුතුය යන්නයි.



කොන්දක් නැති එවුන්ගේ පිහිට

හිංසනය පිටු දැකීමට නම් එය කල යුතුමය. උතුම් වෙසක් දින සිදුවන හිංසනයන්ට ඔය විකාර මුහුණු බොහොම සර්දාවෙන් තම දායකත්වය ලබා දෙන අයුරකි. හොරකම් සඳහා අනුබල දෙන්නේ යයි කියමින් ෆුල්ෆෙස් හෙල්මට් තහනම් කිරිමට හැකිනම් ඇයි ඉතින් ඔය මගුල තහනම් කල නොහැකි. සමාවෙන්න මගේ අදහසින් කාට හරි බඩේ පාට වදිනවානම්, ඔවැනි දෙ විකුණා වෙසක් දරන  වල අතමිටට කීයක් හරි හොයා ගන්න ඇය ගැනත් අපි අවදානය යොමු කල යුතුය. නමුත් මාකෙට් වන දහසක් ප්ලාස්ටික් අයිටම් හමුවේ වෙස්මූණු තහනම් කළහොත් අනන්ත විකල්ප ඇති සෙයක් සොමියාට හැඟෙ. වෙස් මුහුණු වෙසක් වලට එකතු උනේ කොහොමද යන්න ගැටලුවකි. සොමියාද කුඩාකල අසරණ මිනිසුන් විසින් නිර්මිත කඩදාසි වෙස්මුහුණු පැළඳ සතුටු වුයෙමි. ඒ ලද අහිංසක සතුට කාටවත් බාදාවක් හිරිහැරයක් නොකරය. අද ඒ කඩදාසි වෙස්මුහුණු නැත. ඒවාද බුදුන් වදාළ වෙනස් වීමට අනුව ප්ලාස්ටික් වෙලාය.

සොමියා නැරඹු වෙසක් කලාපය තුල දන්සල් වලට වඩා කොත්තු මී කඩය, ජැකලින් අක්කගේ දයියා එක එලට් එකට මර්කට් වේ. 40-50 ටද කොහෙද විකිනෙන නුල්දුස් යෝගට් කැප එක වෙසක් කලාපයේ රුපියල් 100 ය, කල දුටු කල වල ඉහ ගන්නා අයුරකි. බොරුවට පොෂ් වෙන්න යන අපේ තරුණ උපාසිකාවන් වෙසක් කලාපය තුල යන්තන් විලි වහගෙන සරීර කුඩුව ප්‍රදර්ශනය කරන අතර කොත්තු මීයක්ද දයියා නොතකා අනුබව කරන අතර වෙසක් කූඩු වලට වඩා වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් හමුවේ කොට ගවුම අතින් පහලට අදිමින් ව්‍යර්ථ උත්ස්සහයක නිරත වෙන අයුරු දැක්ම නුවනැත්තන්ට නම් සසර කල කිරිය හැකිය. අතින් වහ ගන්නනම් මොන හතිලව්වටද ඕක ඇඳ ගත්තේ?, වෙසක් කලාපය තුලට පැෂන් ෂෝ ඕනා නැති බවකි සොමියාගේ අදහස, එය තුල අද සංයමයක් දැකිය නොහැකිය, විපරීත කාලෙන කජ්ජ ගැහෙයන් පුහුලන් බිමෙයන් කිව්වලු. ජම්බෝ ජොලිද යස අගේට විකිනෙති. කලාපය තුල කුසගින්න මර්කෙට් වෙති.

"බඩ ගින්න නම් අරුමයකි 
ඉවසනු නොහෙනා
ඕන කුනු ගොඩක් 
කත හැකි කියනා"

සොමියා එහි වරදක් දකින්නේ නැත. නමුත් වරද කසල කළමනාකරණයක් පිලිබඳ ආකල්පයක් නොමැති කමය. බොහොමයක් ඕවා විකිණු කඩ අසල කසල බඳුනක් තිබුනේ නැති අයුරක් සොමියාට නිරීක්ෂණය විය. ඒවායේ ප්ලාස්ටික් බඳුණු කාපු කාපු තැන ඇත හැර දමා ගොසිනි, බුදහු වහන්සේ වදාළ මග යන්නයි කියන මෙවන් බෞද්ධයන් හට උන්වහන්නේ වදාළ පරිසර ප්‍රතිපත්තීන් අමතකය. එවුන් වෙසක් සමරන්නේ බුදුන් වහන්සේ හා උන් වහන්සේගේ දර්ශනය අමතක කර දමමිනි. අද වෙසක් ගොඩක් එවුනට ආතල් එකක් වී හමාරය. සොමියාට මිනිසුන් වෙනස් කල නොහැකිය, උන් උන්ගේ මාවත් වල යන අතර සොමියාද සොමියාගේ මාවතේ තව දුරටත් ඉදිරියටම යමි.

ඔහොම ඉදිරියට යන සොමියා ඉදිරි පිටම කොත්තු මී ප්ලාස්ටික් කප් දෙකක් සැදැහැති උපාසිකාවක් විසින් කසල බඳුනක් පෙනී පෙනීම බිමට අත හරින ලදී, සොමියාද හොඳ හැටි ඇගේ මුහුණ දෙස බලා කසල බඳුන දෙස බැලීමි. කසල බඳුනට වඩා ඉන් පිට එය වටේට ප්ලාස්ටික් බඳුන් දමා ඇති හැටියකි, ලාංකිකයන්ගේ බාගෙට වැඩ කිරීමේ කලාව හරිම අපුරුය. සොමියාට මේ සිද්ධිය පරීක්ෂණය කර එහි නිරීක්ෂණයන් දැක බලා නිගමනයන්ට එළඹීමට සිතුනි, ඒ සොමියාගේ කුහුලය.

ඉතින් සොමියාද පරීක්ෂණය ලෙස ඇයට පෙනෙන ලෙසම ඇය බිමට අත හරින ලද කප් දෙක ඇහිඳ ගෙනගොස් අසල වූ කසල බඳුනට දැම්මෙමි. අහෝ අපූරු නිරීක්ෂණයකි, විස්මයාර්ථ දෙස ඇහි බැම ගාන ලද ඇය මා දෙස දෑස් දල්වා මගේ ක්‍රියාව දෙස බලා හුන්නය, අවසාන සමච්චලයට මෙන් සිනාසෙමින් ඇගේ ගැන්සියේ උන්ටද මා කල ක්‍රියාව විස්තර කල හැටියකි, සියල්ලන්ම ඉතින් මාගේ දර්ශනය දෙස බලා සතුටින් විසිර ගියහ. නිගමනයන් ලෙස සොමියාට කියන්නට ඇත්තේ උන් සියල්ලම හදවතින්ම ශ්‍රී ලංකිකය යන්න පමණි, තූ නොදකින්.

සොමියාට මතක් උනේ සොමියා පෙර පාසල් යන කල බන්ටි ටොපියක් කා කොලය බිම දැමු වරදට දඬුවම් කල පෙර පාසල් ගුරුතුමියයි. උන්දැ බුධුන් දැක නිවන් දකිවායි සොමියා ඇයට පින් දෙමි.

ඉතින් ඔය කොත්තු මී අක්කලා, නලා කාරයන්, මුහුණක් නැති උන් මග හැර මහා මග පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කරමින් ඉදිරියට යන සොමියාට එළඟට නෝටිස් උනේ අවදානම් අයුරින් තුන්රෝද රියවලින් සහ මෝටර් සයිකල්, පා පැදි වලින් යන තටු ලැබුණු සමනලුන්ය. "ක්රාස්............ අනේ සොරි වෙන්න ඕන අයියේ, පොඩ්ඩක් වැරදුනා." ඔය තියෙන්නේ සාක්කිත් එක්ක. සොමියාගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන සේ නවතාගත් බයිසිකලයක නැගී ආ යකෙකු පැවසීය. එකාත් යකෙකුගෙන් මුහුණ වසාගෙනය. කොහොම හරි මේ සමනලුන් හා මීහරක් මහා මග  යනෙන අනිත් වාහන හා මිනිසුන්ට කරදරයකි. සමහර විට ගැහැණු ළමුන්ගේ ඇඟට හරවන සයිකලය ඊළඟ මොහොතේ ඔවුන් පසු කර යන්නේ, බය උනාද නංගී කියමිනි. සොමියාට වෙට්ටුවක් දාන්නට ආ යකාට වැරදුනි. ගැහැණු ළමයින් සහ තරුණියන් බහුල ප්‍රදේශ වල තමගේ පොරත්වය පෙන්න්නට සය්කල් වල යන මෙවන් යකුන් වැඩ දමන්නේය. ඒ ද මහපාර එකාගේ යයි සිතාගෙන අනෙක් වාහන වලට බාදාවක් වෙමිනි. වැඩේ වරදුනොත් එකාගේ අසරණ මෑණියන්ලාට එකාට බෙහෙත් හේත් කිරීමට සිදුවීමෙන් සන්තකේටම ඇති පිච්චියටත් කෙලවේ.

සොමියාද ඔය බහුරු කෝලන් බලමින් කලකිරී යන අතර තුර වතුර ප්‍රහාරයකට ලක්විය. හොදින් නිරීක්ෂණය කලවිට සොමියාට ඉදිරියෙන් ගිය කාන්තා නඩයක්ම අධික ලෙස තෙත බරියම් වී ඇති අයුරකි, ඔන්න අර තටු ආපු සමනලුන්ගේත් අන් මෝදු වන මී හරකුන්ගේත් තවත් අමන වෙසක් ක්‍රියාවක්. ප්ලාස්ටික් වතුර තුවක්කුද මහත් සර්දාවෙන් දායක වී ඇති සෙයකි. කොහොමින් හරි එයින්ද ගැලවී ගිය සොමියාට කන්තා නඩේ විසින් එවුන්ගේ අහිංසක මෑණියන්ලාට ජාතිය අමතන අයුරු ඇසිනි.

මෙලෙසින් වෙසක් අසිරි විඳිමින් යන සොමියාව බෞද්ධ කොඩියක ග්‍රහණයට අසු විණි, දන්සලක්ය, එහි බලෙන් සිසිල් පන් පොවති. සොමියද ඉතින් එකක් බී එලියට ආවෙමි. යන එන ඔරු පාරු නවතා සිටි මාතර ගඟේ කිබුලිගේ පැටියා මහා පාරට බැස බෞද්ධ කොඩියක් වනමින් තම දන්සලට යනෙන වාහන නවතමින් සෙනග පටවයි. වාහන ඔහු පසු කර ගියොත් මල පනින එකා ඉතින් මෑණියන් මතක් කරයි. නැවතුවහොත් කට කනේය. එතරම්ම සිනා වේ. සොමියාගේ මතයට අනුව නම් මෙය එතරම් යහපත් කටයුත්තක් නොවේ.

මෙලෙසින් ඉදිරියට යන සොමියාට බඩගින්නක් දැනුනු හෙයින් නුල්ඩුස් දන්සලක පෝලිමට සෙට් විය. "බලන්න පුතා දුවලත් එක්කවත් ඇවිත් වෙසක් බලන්නවත් විදියක් නෑ, මේ තිරිසන්නු නිසා" පෝලිමේ උන් ඇන්ටි කෙනෙක් කීවේය. ඇන්ටිගේ ඉදිරියේ තාමත් පාසල් යන වයෙසේ යයි කිව හැකි දූවරු තිදෙනෙකි. ඔවුන් දෙස පැණි හලන හොල්මන් රෑනක් ඊට ඉදිරියෙන් සිටි. "ආ ඇයි ඇන්ටි , පෝලිමේ ඉන්න අමාරුද?"  "නංගි  නම මොකද්ද", "මේ මන් ඔයාට කැමැති, මොකද කියන්නේ කොහේ හරි යන්ද?" වල්මත් වූ තාරුණ්‍යයට හෙටක් නං නැති හැටියක් සොමියාට සිතුනි. තමන්ටද මෑණියන් කෙනෙකු හා නැගනියන්ලා නැති අයුරකින් හැසිරෙන තිරිසනුන් ගොඩක් මැදට සොමියා හා අර ඇන්ටි ඇතුළු පිරිස මැදි විය. බලා සිටිය නොහැකි වූ ඇන්ටි දුවරුද රැගෙන දන්සලද නොකා ඇ නික්ම ගියාය. "ආ යනවද ඇන්ටි" "බායි නංගිලා", කෙසේ හෝ නුල්ඩුස් කාපු සොමියා නැවතත් නිවෙස බලා එන්නට සැරසුණි.

සයිබරයේ අවුරුදු  සැණකෙළිය පැවැත් වූ බුද්ධදාස ක්‍රීඩාන්ගනය අසලින් පැලවත්තේ සිට බත්තරමුල්ල බලා ඩෙන්සිල් කොබ්බැකඩුව මාවතේ තනිවම එමින් සිටියදී යකුන් පිරිසක් විසින් කාට හෝ කරදර කරන අයුරු පෙනිණි.

"මචං ඔය පොන්සිව කොහෙට හරි අදිමුද?"
"මොන පොන්සියෙක්ද මේ ලෝල්ලෙක්"
"මුගේ ක___ දෙමු"
"එයි උඹ ගන්නවද"
"මේ උඹ ගාව මලක් ගන්න තියෙනවද මචං"
"ආ ඉඳා"
"මේ හු__ උබ ගාව සල්ලි තියෙනවද?"
"මචං මුව ඔය කැලේට ඇදලා මගේ පූ__ අ___"

වෙසක් දා මොන නීති දැම්මත් තවමත් තිතට මතද ක්‍රියාත්මක වේන අයුරකි.සොමියාට කාරණයද වැටහිණි, අසරණ අඩක් කාන්තා අඩක් පිරිමි අයෙකු මොවුන්ගේ ග්‍රහණයට ලක් වී ඇත,  මා ඔහුගේ සරණ මුහුණ හොඳින්ම දැක්කෙමි. පෙර කරන ලද කරුමයන්ට අනුව එලෙස උපන් ඔහු දැන් දුක් විදී. කෙසේ හෝ වෙසක් බැලීමේ අදහසින් හෝ ගනුදෙනු කරවකු සොයා හෝ යන අදහසින් මගට බට ඔහු කරදරේ වැටී අවසානය. වෙසක් කාටත් අයිතිය. වෙසක්වලට ලිංග බේදයක් නැත. නමුත් වෙසක් තමන්ගේ ලිංගයේ විතරයි යයි කියා සිතන පිරිසක්ද ඇති බව සොමියාට සිතුනි. වෙසක් තොරන් ආලෝක මැද අසරණ වන කනාමැදිරි එලිද ඇති බවක් සොමියාට සිතුනි. වෙසක් දා අඳුරු අහුමුලු වල මෙවන් දෙ කෙතරම් සිදුවනවා ඇත්තයි සොමියාට සිතුනි.

අරුන් පිරිස අර අසරණයාට පහර දීමට පටන්ගෙන ඇත. "ආයි ගහන්න එපා රිදෙනවා". සොමියාද ඒ දෙස නොබලාම ඔවුන්ගේ දෙබස් අසමින්ම එතනින් හිමිඉට මාරු වී ගියේමි. මට අර අසරණයා ගැන දැඩි අනුකම්පාවක් ඇතිවුණි. අඩුව තියෙද්දී ඇත පුච්ච ගන්නේ අහවල් දේකටද නිසා පළාත් සබාව හරියේ සිටි නීතිය හා සාමය සුරකින මාමලා දෙදෙනෙකුට සිද්ධිය පවසා සොමියා නිවස බලා ගමන් ඇරඹුවාය. වෙලාව 11.00 ට පමණ හෝ 11.00 පසුවී ඇත. සොමියාට ඔරලෝසුවක් තාමත් නැත. :D , පොන් එකෙන් වෙලාව බලන්න හුරුවී ඇති නිසා ඔරලෝසුවක් ඕනා නැත. කෙසේ හෝ කොස්වත්තේ තියෙන ගෙදර යන ගමන් එක ඉස්සරහා හිර ඩෙනිමකින් හා ස්කිනියකින් සැරසුණු යුවතියක් වික්ෂිප්තව මහා මග විපරම් කරමින් සිටි අයුරු සොමියාට නිරීක්ෂණය විය. සැබවින්ම ඈ පියකරුය. අද වෙසක් දින නඩ වශයෙන් හා තම මව සමගවත් මගට බට නොහැකි වී ඇති යුවතියන් හමුවේ ඇය නිර්බයවම මගට බැස තිබේ. සොමියාගේ නිගමනයන්ට අනුව කාරණය වැටහිණි. ඒ සමගම පැමිණි තුන්රෝද රථයක නැගී යද ඉගිල ගියාය. අද වෙසක් දින එවන් දේද වන බව හොඳට මතක තියාගන්න.


වෙසක් දිනත් ගැනුම් කරුවෙක් එන තුරා

වෙසක් ගැන මානා අවබෝදයක් ලබා ගත් සොමියා නිවෙස බලා එන විට වෙසක් කූඩු ටිකේ එලි තත්තා විසින් නිවා දමලාය, පොද වැස්සේ ග්‍රහනයටද කුඩු ටික හසුවී අවසන්ය. උඩ රුප වල තරම් සුන්දර බවක් එහි දැන් නොමැත.

ප.ලි :

ඔය තටු ආපු සමනල්ලුන්ටයි අන් මොදු වෙන මී හරක්ටයි කියන්නේ, උඹල උඹලගේ ආතල් එක ගනිල්ලා, මන් ආතල් ගන්න එපා කියන්න නෑ, මොකද මාත් කවුරු මොනවා කිව්වත් කොහොම හිතුවත් මගේ ආතල් එක මාත් ගන්නවා, හැබැයි ඒ කාටවත් ඇනයක් නොවෙන විදියට, අන්න එතැනදී උඹලයි මායි සෑහෙන්න වෙනස්. උඹලටත් පුළුවන් වෙනස් වෙන්න තාමත්. 

Saturday, May 10, 2014

ගං දිය


දියේ පාවෙන ඔරු ඇණියේ වාඩි වී බිලී පිත්ත දියට දමාගෙන සුමනේ හිස් කල්පනාවකින් යුක්තව ගැඹුරු ජලය දෙස බලාගත් වනම බලාගෙන උන්නේය. ඒ නිසල දිය ඔහුගේ සිතේ වූ බොහෝ රහස් සගවාගෙන ශාන්තව නිහඬවම ගලාබසිනා අයුරු ඔහුට අරුමයක් නොවීය. ඔරු කඳ දෙස බැලූ ඔහු දිනෙන් දින දිරාපත් වන ඔරු කඳ සේම තමාද දිරාපත් වන බැවු වටහා ගත්තද යටි සිතේ වූ හැගුමන් ඔහු කිටි කිටියේ වල්මත් වූ තාරුණ්‍යට බැඳ ඇති අයුරු නොදැන සිටියාය. ගඟ මැද සිටුවන ලද ඉන්නකට රැහැනකින් බඳින ලද අඟුල ගන්දිය සේම තාලයකට ඒ මේ ඇත පැද්දෙයි. ඔහු කෙතරම් වෙලාවක් එසේ සිටියාදැයි ඔහුට නිනව්වක් නොවීය. 

"අද මුන්ට බඩගිනි නැද්ද කොහෙද, නැත්තන් මෙච්චර හොඳට ඇම දීලත් තාමත් නොකා ඉන්න හැටි. එක්කෝ උන්ට ලැබීමක් නෑ, නැත්තන් මට ලැබීමක් නෑ, සමහර විට අපි දෙගොල්ලන්ටම ලැබීමක් නැතුව ඇති". ගං දියෙන් ඉහලට ඉසවූ ඇම යලි වෙනත් අන්තයකින් දියට විසිකළ ඔහු තොටුපලේ අමුත්තන් කිහිප දෙනෙකු එක්රැස් වී සිටින අයුරු දැක බිලී පිත්ත හකුලා ඔරු කඳ තුලට දමගත්තේය. ඔරු කඳේ වූ පොල්කටුව තුල නලියමින් උන් පණුවන් දුටු ඔහුට මහත් අපුලක් ඇති විය. පොල්කටුව ගඟට විසිකළ ඔහු රැහැනින් මුදා ගත අඟුල තොටුපල දෙසට පදවන්නට වීය.

අඟුල තොටුපල දෙසට පදවන විට ඔහුගේ නෙත් ඔහුටත්  හොරාම නාන තොට වෙත අදී යන්නේ පෙරුමන් පුරා බලා හුන් රුවක් ගං දියෙන් සැනසීමට පැමිණ ඇත්දැයි විපරම් කිරීමටය. කාන්තාවන් කිහිප දියරෙද්ද පිටින් රෙදි සෝදන ගලට පොරකන අයුරුත් කොල්ලෝ කුරුට්ටන් රෑනක් ගං දියේ දියබුං කෙලින අයුරුත් දුටු හෙතෙම "ශික් තාමත් ඇවිත් නෑ වගේ" තමාටම කියා ගත්තේය.

"දැන් නං ඉස්සර වගේ සත විසිපහට එගොඩ කරන්න අමාරුයි. සත විසි පහ මොනවාද.... සේරම ගිනි ගණන්, අද ගාන නෙවෙයි හෙට, හෙට ගැන නෙවෙයි අනිද්දා.... අනේ මන්ද මෙහෙම ගියොත් තව ටික කලක් යනකොට කොහෙන් නතර වෙයිද කියල......" මගින් පටවාගෙන උඩුගං තොටුපල දෙසට අඟුල පධින අතර තුර ඔහු කීය.

සුමනේ කිසිවිටකත් කිසිවකුගෙන් වැඩිපුර මුදල් ඇය කලෙ නැත.  දන්නා හඳුනන අසල්වාසීන්ගෙන් මුදල් අය කිරීම නුසුධුසු යයි සිතු ඔහු දුන් මුදලක් සතුටින් බරගතේය. එහෙත් කිසිවකු වුවද ගඟින් එගොඩ  කරන සෑම විටකදීම ඔහු තම විය පැහැදම් ගැන අනෙකුන්ට පවසයි.

"ඔරුවත් දැන් දිරාගෙන එන්නේ, අලුතෙන් ඔරුවක් කොටන්න බර ගානක් යනවා, මේකත් දිරල ගියාම තොටුපල වහන්න තමා වෙන්නේ..." ඔහු තොටුපලට ළඟාවන ඇතර පැවසීය. ඔහු තනිකඩයකු බව දන්නා බොහෝ මගීහු ඔහුගේ කීම් ගණන් නොගන්නා අතර ඇතැමෙක් වැඩිපුර මුදලක් ඔරු කඳ තුලට දමා යති. ඔහුගෙ තනිකඩ ජීවිතයට සරිලන ප්‍රමාණයක් ඔහු උපයා ගත්තද ඒ තනිකඩ දිවිය ඔහු ගං දියේ ඉහල පහල යන වාරයක් වාරයක් පාසා හද දවාලන්නට සමත්විය. ඔහු තමා අඟුල හා ගඟට බැඳී ඇති සේම තනිකඩ දිවියද තම ජිඉවිත සංතානයේ සදා කොටස් කරවකුව ඇතැයි සිතිය.

අඟුල තොටුපලේ වූ කණුවක ගැට ගැසූ ඔහු ඔරු කන්දට වී පෙනෙන නොපෙනෙන නාන තොට දෙස නෙත් යොමාගෙන ඔහුගේම වූ කුඩා මනෝ රාජ්‍යයක තනි විය. ගංදියෙ තාලයට පැද්දෙන අඟුල අහුට සුව පහසුවක් ගෙන දුන්නේය.

බැස යන හිරු රැසත් සමග නාන තොටේ වූ එකා දෙන්නා තම තමන්ගේ නෑම් හා සේදීම් අවසන් කර නිවෙස් බලා යන්නට වීය. එහෙත් මාර්තුවේ වූ උණුසුම එලෙසින්ම රැඳී තිබුණි. මාර්තු මාසය කොහොමටත් උණුසුම් මාසයක් නොවේ දැයි ඔහුට සිතුණි. උඩුකය නිරාවරණය වූ ගත දහදියත් සමග බැසයන හිරු රැස් වැදී රන්වන් පාටින් දිලිසෙයි. සුලන් පහරට නැටවෙනඋණ ගස්වල සිලි සිලි නාදය කෙමෙන් කෙමෙන් ඔහුගේ පාළුව මකන්නට විය. අහසේ එකදු වලාකුලක් හෝ නැති අතර එය නිල පාටින් වැසී ගොසිනි. විශාල දැන් පඳුරු වලින් ගැවසී ගත් ගං ඉවුරේ තුරු ගොමුව තුලින් සිහින් කුරුළු නාදයක් ඉඳ හිට ඇසේ. කිහිප දෙනෙකු තවමත් නාමින් සිටි අතර ඔවුන් කිමිදෙන විට නැගෙන බුං බුං හඬින් වාතය කම්පනය වෙමින් ප්‍රතිරාව නගයි. ඔහුගේ හදද දැන් දැන් ගැහෙනා රිද්මය වෙනස් කරමින් ඔහුව ආලවන්ත ලෙස පෙළයි.

ඈතින් නාන තොට දෙසට රුවක් ඇදෙනු දුටු ඔහු වඩාත් විපරම්ව ඒ දෙස බැලීය. වෙහෙසට පත්ව තිබූ ඔහුගේ ගතත් සිතත් ක්ෂණයකින්ම ප්‍රබෝදමත්  වන්නට විය. වහ වහා අඟුල රැහැනින් නිදහස් කරගත්තෙන් ගමනාන්තය වූ එගොඩට අඟුල පදින්නට විය. කුල්මත්ව හා ගැහෙන හැදින් යුතුව වැඩ වඩාත් වේගයෙන් හබලින් ගන්දියට තඩි බෑ ඔහු එගොඩට යනවිට ගැහැණිය ඇඳුම් උනා දමා දණහිසෙන් පහලට වනසේ රෙද්දක් ඇඳරෙදි හෝදන ගලට අසලට ගොස් කිලිටි රෙදි හෝදන්නට වීය. අගුලේ සිටම තොටුපලේ උන් අනෙක් අය දෙස හොරැහින් බලූ සුමනේ ඇය දෙස දෑස් දල්වා බලා සිටින්නට විය. ඇගේ සිහින් දෙපා ඔහුගෙ නැත ගැටුණු අතර ඔහුට පිටුපා රෙදි සෝදන ඇයට ඔහුව නොපෙනේ. ඔහුගේ සිත ඇගේ සිහින් දෙපා ඔස්සේ ඉහලට ගොස් අතරමග නැවතුණි. ඔහුගෙ ගත පුරා සිහින් වේදනාත්මක හැගුමන් සමුදායක් ගලා යන්නට විය.

වෙනදා ලුලන් දෙතුන් දෙනෙකු ඔරු කඳ තුලට දමා ගන්නා ඔහුට අද එකෙකු හෝ අල්ල ගත නොහැකි විය. ඔහුට මහත් කණගාටුවක් දැනුනි. වෙනදාට ඈ අත ලුඋලන් වැලක් තැබීමට හැකි වුවද අද එයද හරි ගියේ නැත. තමා මහත් වරද කරුවෙකු යයි ඔහුට හැඟුනි. ජයතිස්ස එදා සැඩ පහර සමග සටන් වදිද්දී තමා හිතා මතාම මග හරියේද යන්න ඔහු තවන්නට විය. ජයතිස්සගේ හිසට එදා එල්ල කල හබල් පහරින් ජයතිස්සගේ දිවිය ගං දියේම සැඟව ගියේ ඔහුගේ ප්‍රාණය සුන් සිරුරද එලෙසින්ම කාටත් හොරාම ගං දියේ සැඟවිණි.

එදා මහ මූසල දිනක් වූ අතර ජයතිස්ස සුමනේගේ අඟුලේ සිටි අනෙත් සගයා විය, උදේම රා මතින් වැනි වැනී ජයතිස්ස අන්ගුලට ආ හැටි සුමනෙට අද වගේ මතකය. ඊයේ වට වැස්සෙන් ගන්දියද තරමක් සද පරුෂ වී තිබූ අතර ගඟේ සැඩ ගතිය අඟුලට ඔරොත්තු නොදෙන තරම් වීය.

"අරකිගේ මල අඬොවැඩියාව බං, අදත් එකී මගෙන් ගුටි කෑව, ඕකි තවම මන් කවුද කියලා දන් නෑ, උදේම කියවන්න ගත්තා බං, යකෝ මන් බොන්නේ මගේ සල්ලි වලින්, මන් ඒකිට අඩුවක් කලාද, ඒකිට හොඳට කන්න අඳින්න දීලයි මන් බොන්නේ, මන් බොන්නේ මගේ හිතේ දුකට, මන් ඕකිට තලන්නේ අහිතකින් නෙවේ බං, ඒකිට ඒකිට දැන් මාව ඕන නැති හැඩයි, මට දුක ඒකිගේ කුසේ ඉන්න මගේ දරුවා ගැන... යකෝ ඒ මගේ දරුවා......"  ඒ මේ ඇත වැනෙමින් අඟුලට ගොඩවූ ජයතිස්ස අසිහියෙන් මෙන් කියවන්නට වූයේය.

ජයතිස්ස හා සුමනේ කුඩාකල සිට එකාවන්ව හැදුනු අතර දෙදෙනාම නන්දාට පෙම් කාලය. ජයතිස්ස පෙම් සටනින් දිනූ අතර සුමනේ නන්දා නැති සොවින් සදා තනිකඩ දිවියක් උරුම කර ගත්තාය.

තම පැරණි පෙම්වතිය වූ නන්දාට තඩි බා තමා ඉදිරියේ පාරම්බාන ජයතිස්ස ගැන සුමනෙට දැඩි කෝපයක් හටගත්තේය. නන්දා ඉඳ හිට අතර මගදී මුණගැසී තමා සමග වචනයක් දෙකක් දෙඩු අතර ඒ සෑම වාරයකදීම තමා ජයතිස්ස හා සිටින්නේ අසතුටින් බවත් ජයතිස්ස තමා හිතු තරම් යහපත් අයෙකු නොවන බව දැනගන්නා විට තමා ප්‍රමාද වැඩි බවත් ඇය හඬා වැටෙමින් කියූ වාරයක් වාරයක් පාසා තම සිතතුල ජයතිස්ස කෙරේ ගොඩනැගුනු වයිරය මේ සමග සුමනේගේ සිතින් ඉස්මතු වී ඉදිරියට ආවේය. යන්තමින් වසිමින් තිබූ නිසා කවුරුවත් තොටුපලේද නුවුවාය.

ජයතිස්ස අන්ගුලට ගොඩ වූ පසු අඟුල ගඟ මැදට පැදවූ සුමනේ වෙරි මතින් සිටි ජයතිස්සව ගඟට තල්ලු කර දැමීය. ජබුස් යන හඬ නගමින් ගඟට ඇද වැටුණු ජයතිස්ස වෙරි මරගාතේම ජීවිතය සොයා පිහිනා වුත් ඔරු කඳේ එල්ලුනි. එවිටම තෝ මාවයි නන්දවයි අතහැර මැරිලා පල කියා සුමනේ හබලෙන් ජයතිස්සගේ එල්ල හිසට එකල මරු පහරත් සමගම මර හඬ තලමින්ම නිසල වූ ජයතිස්ස සදහටම ගං දියේ සැඟව ගියහ. එදා අවසන් වරට සුමනේ යයි කියමින් නැගූ විලාපය සුමනේගේ සිතේ දෝංකාර දී ගියේය. ගැස්සීමෙන් පියවි සිහියට ආ සුමනේ දුටුවේ රෙදි සෝදා අවසන් කල නන්දා දියරෙද්ද හැඳගෙන දියේ ගිලෙමින් නාන අයුරුය.

ගං දියෙන් පෙඟුණු දියරෙද්ද ඇගේ ගතටම ඇලී ඇති අයුරු දුටු සුමනේ නන්දා කෙතරම් හැඩ එකියක් නොවේදැයි කල්පනා කරන්නට විය. නන්දාගේ ගත දුටු සුමනේගේ සිතේ වූ අසහන කාරී හැඟුමන් ක්ශ්නයකින්ම පහව ගොස් ආලවන්ත හැඟුමන් වලින් කුල්මත් වන්නට විය. අඟුල ගැටගසා ගඟට බැසගත් සුමනේ හිමින් හිමින් නන්දාට කිට්ටු විය.

" මන් මේ තරම් වෙලා බලා උන්නේ වන් උන් නාගෙන යනකන්....." සුමනේ නන්දාට කීවේය. හිස ඔසවා බැලූ ඇය මද සිනහවක් නගා නෑම නවතා ඔහු දෙස බලා සිටින්නට විය. ඉදිරියට නෙර ඇති ඇගේ ලැම පෙදෙස දුටු ඔහුගේ ආශාවන් නැගී ආවේය. ලැජ්ජාවට පත්වුණු ඇය බිම බලා ගත්තාය. ඇය තවමත් තරුණය. එසේම රූමත්ය. වයස තවම 29 පමණ වෙතැයිසිතිය හැකිය. ඈ නාඹර වියෙදී මීටත් වඩා හැඩට සිටියා නොවේදැයි සුමනේ සිතන්නට විණි.  බැස යන හිරුරැසින් ඇගේ තඹ වන ගත දිලිසෙයි. සිහින් ගති හා කඩා හැලුන කෙහෙරල්ලෙන් යුතු වූ ඇය සුමනේ දෙස බලා යලි නාන්නට විය.

"මං උඹල හම්බවෙන්නමයි හිටියේ, එත් එක්කෝ නාන තොටේ මොකෙක්හරි ඉන්නවා, නැත්තන් ඔරුවට නිනව්වක් නෑ."

"අර මක්කටෙයි?"

"උඹල මොකද කියන්නේ අර මන් අහපු එකට?"

" අනේ සුමනේ අයියේ, මං කොහොමෙයි එහෙම.... අනික තවම කී දොහද ජයතිස්ස නැතිවෙලා"

"ඔන්න ඉතින් උඹ පොඩි එකෙක් වෙන්න හදනවනේ, ජයතිස්සය නැති වෙලා දැන් අවුරුද්දකටත් වැඩී, අනික මන් එකා නැති උණ දවසේ ඉඳලමයි උඹල ගැන හිතන්න ගත්තේ, පොඩි එකත් එක්ක උඹලට හැමදාම තනියෙන් වසන්න බෑ නේද? කෝ උඹල තාමත් කල්පනා කරනවා"

"එහෙම හිතන් නැතිව මන් කොහොමෙයි ඉන්නේ?, ගමේ උන් ඉන්නේ කොහෙන් හරි කොනක් අල්ල ගන්න"

"එක තමයි බන් මන් අවුරුද්දක්ම ඉවසුවේ, තවත් නම් ඉන්න බෑ බන්,උඹලටත් හැමදාම මෙහෙම ඉන්න පුලුවනෙයි? උබල දැන් නෑ බන් මට සමහරක් දාට රෑට නින්ද යන්නෙත් නෑ මහා රාත්තිරිය මැද්දේ උඹල මතක් වෙනව, නිදාගන්න කියලා ඇස්දෙක පියාගත්තත් උඹලවමයි මට පෙනෙන්නේ, ඔය විධියට කී දොහක් මන් ඇඳ කබල උද ඔය විදියට පෙරලි පෙරලි හිටියද? උබලා දැන් නෑ බන් ඒ වගක්, කොයි කාලේ ඉඳලද මන් උඹල ගැන බලාන උන්නේ, කොටින්ම ජයතිස්සය උම්බලව කාර ගන්නත් කලින් ඉඳල, කොටින්ම උඹල හිච්චි එකී සන්ධියේ ඉඳල, උබලත් ඒ වග හොඳාකාරවම දන්නවා නේද බන්?, මන් අම්මගෙන් අහන්නෙඉ මේ ගැන?"

"අනේ එකනම් කරන්න එපා වටපිටේ ඉන්න උන්ගෙන් මට විසුමක් වෙන් නැතිවෙයි ඕන්"

"ඉතින් එහෙනං උඹල මොකද කියන්නේ?"

"මං මොනව කියන්නෙයි, මන් කොහොමෙයි ඒ ගැන හිතන්නේ, ඇරත් මං බැඳලා ළමයෙක් ඉන්න ගෑනියෙක්, මමං මයේ දරුවා ගැන හිතන්න ඕන, ඒක්ව ලොකු මහත්තැන් කෙනෙක් කරන්නයි මට ඕන"

"කල්පනා කරලා දවසකින් දෙකකින් වචනයක් දියන්, මට පුළුවන් දරුවවයි උඹලවයි දෙන්නම හොඳින් බලා ගන්න, ඒ ගැන තුන් හිතකින්වත් සැක කරන්න කාරි නෑ.

කිසිත් නොකී නන්දා සෝදා වනා තිබූ රෙදි කෑලි ටිකත් ගෙන ඉවුර දිගේ පා නගන්නට විය. ඇය තාමා සිටින්නේ දිය රෙද්ද පිටින් නේදැයි යන වගක් වත් ඇයට නිනව් නොවිය. සුමනේද ඇය වලක්වන්නට නොගියේ ඇය දෙලොවක් අතර අතරමංව ඇති නිසාත් ඇගේ කල්පනාවට බදා කරන්න සිත් නොදු  නිසාත් ඇරත් සැදෑ යාමයේ කවුරුවත් වටෝවිට පැත්තේන් නොඑන නිසාත් නිසාත් ඇගේ නිවස ගං ඉවුර අසලමත් වූ නිසාත්ය.

ගැහැණිය ක්‍රමයෙන් නොපෙනී ගිය අතර සුමනේද දියේ ගිලුනාය. පොල් අතුටික ගලෝලා ටකරන් තහඩු ටිකක් දාල පොලවට සිමෙන්ති ටිකක් අද හෙටම දාගන්න ඕන, කුස්සි පොඩ්ඩකුත් හදා ගට්ටනම් හොඳයි. උන් ජීවත් වෙන්නේ අමාරුවෙන්  සුමනේ දියෙ ගිලෙන ගමන් දහසකුත් කල්පනාවන් අතර තනි විය.

නන්දා ඉන් පසු කිහිප දිනක් යනකන් නානතොටේ දක්නට නුවුවාය. කිහිප දිනකට පසු දිනක් උදෑසන නන්දාව සුමනෙට ගංතෙරේදී හදිසියෙන් මෙන් මුණ ගැසුණාය. සුමනේ දුටු නන්දා  තැති ගත් අතර බිමට නැඹුරු කරගත් නෙතින් යුතුව ඇය ගැහෙන හදින් හුන් තැනටම වී සිටින්නට විනි. ගොලුවූ ඇය ඉවත බලා ගත අතර සුමනේ ඇය අසලට ආ වග දත් නමුදු හිස නොඑසවූවාය.

"උඹල මයේත් එක්ක තරහෙද නාන්නවත් එන් නැත්තේ? උබල අකමැතිද මන් උඹලත් එක්ක කතාකරනවට?"

හිස ඔසොවා සුමනේ ධෙස බලූ නන්දාට ඔහුගේ මුහුණේ ඇඳි තිබුණු පරාජිත පෙනුම හොධින් පෙනුනි. ඔහු ශෝකයෙන් කල් ගත කරන්නට ඇතැයි සිතුනු ඇයට තමා විසින් පසු ගිය දරන කිහිපය නාන තොටට නොපැමිණිමෙන් බලවත් වරදක් කරන ලදියි හැඟුනෙන් බලවත් කනගාටුවක් සුමනේ ගැන මෙන්ම ඇය කෙරේද ඇති විය. ඇයට සුමනේ කෙරේ තමාගේ සිතතුළ සුමනේ පසුගිය දරන කිහිපය පුරාම හොල්මන් කල වගත් ඔහු කෙරේ ස්නෙහයක් තම සිතතුළ සිරවී ඇති සෙයක් හැඟිනි.

"සුමනේ අයියා මේ මොනවයි කියන්නේ"

"මොකද උඹල මන් අහපු කාරණයට කියන්නේ"

"අනේ මන්ද මට ඕව තේරෙන් නෑ"

"එහෙනං මන් එන්නද?"

"අපෝ ඒවා මට විසුමක් වෙන එකක් නෑ"

"නැත්තන් මං මොකදැයි කරන්නේ?"

"මන් දැන් නෑ"

"එහෙනං උඹල වරෙල්ල"

"අනේ මන් දන්නේ නෑ"

"ඇඳිරි වැටුනට පස්සේ වරෙල්ල"

"අනේ මන්ද මටනං බයයි"

"මොකටයි බය වෙන්නේ..... එහෙනං උඹල එනවනේද? මං බලාන ඉන්නවා උඹල එනකන්"

කිසිත් නොකී ඈ මද සිනැවක් පාමින් ඉවතට දිව ගියාය.

"අතට නාමෙට විතර වරෙල්ල...... ඇහුනද වටූවිට පැත්තෙන් වරෙල්ල........ කාටවත් පෙන් නෑ....."

"හා......" ඇය ලජ්ජාවෙන් රතු වූ මුහුණෙන් යුතුව හරී බලා කියමින් සිනහ පා දිව යන්නට විය.

අඟුලට ගොඩවූ සුමනේ අරමුණක් නැතිවම අඟුල ගඟ මැදට පැදගෙන පැදගෙන ගියේය. නැවත මෙගොඩට පැදවූ අඟුල ගැට ගසා හේ ගඟ පෙනෙන මානයේ වූ නිවසට ධිව ගියේය. තොටුපල දෙසින් ඇසෙන කතාබහ  ක්‍රමයෙන් වැඩිවෙයි. බුං බුං හඬින් ඇසෙන ඇතැමෙකුගේ නාන ශබ්දය ඔහු සවනතට හොඳින් හුරු පුරුදුය. එහෙත් එය අද අමුතු තාලයකට හඬ දෙන්නට විය. දහසකුත් නැවුම් හැඟුමන් ඔහු ගත පුරා දිව යන්නට විය.

"සුමනේ.... සුමනයෝ......." තොටුපල දෙසින් නම අමතන හඬ ඇසුණු ඔහු තොටුපලට ගියාය. අඟුල ලෙහා සෙනග ගොඩකරගත් සුමනේ හබල අතහැර අඟුලට නිදහසේ ගං දිය දිගේ එගොඩට ගසාගෙන යාමට සැලැස්සුවේය. එහා ඉවුරට ලංවූ අඟුල ඉවර දිගේ තොටුපලට පදවා සෙනග එගොඩ කල හේ ඔරු කඳ තුලට වැටුණු කාසි ප්‍රමාණය දැක සතුටු වූ නමුත් කාසි නැතත් කම් නෑ යයි හැඟීමකින් මහත් සන්තෝෂයක් ලැබීය.

සවස් යාමයම සුමනෙට ඉස්පාසුවක් නොවීය. බොහෝ එගොඩ මෙගොඩ ගමන් ගියද කිසිදු වෙහෙසක් ඔහුට නොදැනුනාය. වෙනදාට වඩා බොහෝ කාසි ප්‍රමාණයක් අද ඔහුට ලැබිණි. වෙනදා දවල්ට නන්දා නාන අයුරු  බලාසිටි ඔහු අද නන්දාට නිදහසේම නා කියාගන්නට ඉඩ දුණි. ඔහුට ඉස්පාසුවක් ලැබෙන විට හිරු බැස ගොස් තිබුණි. වැඩ නිමවා වෙනදාට වඩා හොඳින් නා කියාගත් ඔහු අසල කඩෙන් ඇයට පුයර බෝතලයක්ද චීත්ත රෙද්දක්ද මිලදී ගත්තතේය.  නිවසේ කුප්පි ලාම්පුව දැල්වූ ඔහු නිවස පුරා වූ අන්ධුර පලා යන අයුරු දැක සතුටට පත් විය. අඳුරු කහ පැහැ ආලෝකයකින් මුළු නිවසම එකාලෝක විය. බූරු ඇඳ මත දිග ඇදුනු ඔහු සෙමෙන් දෙනෙත් පියා ගත්තේය.

ඔහු බොහෝ වෙලාවක් එලෙසින්ම සිටියේය. ගමේ අඳුරු නිහඬතාවය ඉතා තධින් ඔහු සිතට කා වැදුනි. ඉඳ හිට බස්සෙකු නගන හ්ම් හඬ එයට මිහිරක් එක කළේය. ගං දියද සිහින් හඬින් ගලා යති. මුළු ගමම නින්දට ගොස් ඇති සෙයකි. රාත්‍රියේ කිසිවෙකුත් ගඟින් එගොඩ විඉමට නොපමිනේවායි ඔහු දහස් වර පැතීය. සඳ නැති රාත්‍රිය තරු එළියෙන් එලිය වී ඇත. වහල උඩින් ඉගිල යන වවුලන්ගේ හඬද ඔහුට හොඳින් ඇසිනි. වවුලන් සේම ඔහුද අද පටන් රැයට පෙම් බඳිනු ඇත. අඳුර තුලින් ඔහුගේ දිවිය එකලු වනු ඇත.

රාතී‍්‍ර අට පසුවන්නට ඇතැයි ඔහු සිතුවේය, නිවසින් එලියට පැමිණ ඕවිට දෙස බලූ ඔහුගේ සිත අසහන කාරී එහෙත් ප්‍රිය ජනක හැඟුමන් වලින් පිරී ඇත.මිධුලට බසින ඔහු ඕවිට දෙස බලා යලි නිවසට ගොඩවෙයි, යලි එලියට බැස ඕවිට දෙස බලයි. මෙසේ කී වාරයක් කළේදැයි ඔහුවත් නොදනියි. අවසන් වරට මිධුලට බට විට අඳුර අතරින්ම රුවක් ඇදෙනුත්, ඒ රුව තමා අසලට එන අයුරුත් දැක්කේය.කඩිනම් ගමනින් ආ රුව ඔහු අසලට පැමිණියේය.

හදවතේ වූ දඩිබිදිය දැන් දෙගොඩ තලා ගොසිනි, තම හද ගැසෙන හඬ නන්දාටත් ඇසෙනු ඇතැයි සිතූ ඔහු ගැහෙන හැදින් යුතුවම නන්දා යයි කෙඳිරීය. කතාගර ගත නොහැකි වූ උනුන් උනුන් දෙසම ගැහෙන හදින් හා දීප්තිමත් වූ නෙත් වලින් බලා සිටින්නට විය.

"මම හිතුවේ උඹල එන එකක් නෑ කියල" යාන්තමින් වචන ගැට ගසා ගත් සුමනේ කිවේය.

"තාම රෑ නමේ පහු උනා විතරයි, අපි යමු ගෙට කවුරුවත් දකින්න කලියෙන්" ඇය සෙමෙන් මිමිණුවාය.

කුප්පි ලාම්පුවේ කහ පැහැ අඳුරු එළියෙන් ආලෝකවත් වූ නිවසට ගොදවූ ඇය බූරු ඇඳ මත වාඩි විණි. හිස පොරවාගෙන පැමිණි චිතත රෙද්ද ඒ මත එලූ ඇගේ ගත කහ ආලෝකයත් සමග රන්වන් පාටින් බබලන්නට වීය. බියත් චකිතයත් ලජ්ජාවෙනුත් ඔකඳ වූ ඈ බිම බලා ගත්තාය. කිසිත් සිතාගත් නොහැකි වූ සුමනේ දොර පියන වසා දැම්මේය.

සතුට වැඩි කමට කතා කරගත් නොහැකි වූ සුමනේ යලි "මම හිතුවේ උඹල එන එකක් නෑ කියල" කීවේය.

"පුතා නිදාගත්තේ දැන් ටිකකට කලියෙන් ..... මිනිස්සු පාරේ යනවා මම කොහොම එන්නද, පුතා ඇහැරිලා අඬනවාද දැන් නෑ...... මට බයේ බෑ කවුරු හරි දැක්ක කියල.... එහෙම උනොත්  වාසල හමාරයි........"

"කවුරු දකින්නද බං? උඹල ආවේ වටෝවිට පත්තෙන්නේ, එහෙන් කුවූරුත් යන් නෑ බං මේ වෙලාවට"

"ඒ වුනාට මගේ හිත බයයි"

"බය වෙන්න කාරි නෑ, උඹලගෙන් වචනයක් ගන්න මන් කොයි තරම් කාලයක් බලාන උන්නද? උඹල ජයතිස්සයත් එක්ක කාර යන්නත් ඉස්සරින් ඉඳල මන් උඹලට ආලේ කලේ"

"දැන් ඔය කතා මතක් කරන්නේ මක්කටයි, ගිය දෙ ගියා"

"නෑ මං කිව්වේ මේ දවස එනකං මං කොච්ච්ච්ර ලක් බලාන උන්නද, මන් හිතුවේ උඹල මට හීනයක්ම විතරයි කියල, එත් අද ඒ හීනේ හැබෑ වෙලා, හැබෑවටම උඹල අද මගෙත් එක්ක මගේ ලඟම" නන්දාගේ දෙඅත් අල්ලා ගෙන සුමනේ තම සිතේ තෙරපෙන්න වූ හැඟුමන් නන්දාට තෙපලන්නට විය.

සුමනේගේ මුහුණ දෙස බැලූ නන්දා එහි වූ සතුටු කඳුළු බිඳු තම දෑතින් පිසදාමින් "දැන් ඕවා ඔක්කොම අමතක කරන්නකෝ, උඹල මට එච්චරටම මනාපෙයි?" සුමනේගෙන් ඇසීය.

"මයේ මුළු හදවතින්ම මන් උබට මනාපයි බන්"  කියූ සුමනේ තමන් බොහෝ වාරයක් ගඟෙන් එගොඩ වුවද තනිකමින් එගොඩ වූයේ අද නොවේදැයි සිතන්නට විය. තමා සිතින් හා ගතින් විඳි දුක් අදින් අවසන් වනු ඇතැයි ඔහු සිතුවේය. තම දකුණු ඇත ඇගේ ගෙල වටා යවා ඇය තමා දෙසට ලන්කරගත් ඔහු ඇගේ හිස ආදරයෙන් පිරිමදින්නට විය. ආදරණීය උණුසුමක් ලත් ඇයද තම හිස ඔහුගේ උර මත හොවා ගත්තාය.

"අම්ම මක්කයි කියන්නේ?"

"මක්ක කියන්නද?"

"උඹල මෙහෙ එන බව දන්නවයි?"

"හ්ම්ම්"

"එක හොඳා"

එකිනෙකාට ලංවී ඔවුන් බොහෝ වෙලාවක් නිහඬවම සිටියහ, ඒ නිහඬ බවට දෙදෙනාම පෙම් කරන්නට විය. අයව වැළඳ තුරුළු කර ගැනීමට සුමනේට සිත් විය. ඔහුට සුවදායක උණුසුමක් දැනුනේය. යද තම හිස ඔහුගේ ලය මත සඟවා ගත්තාය.

ජයතිස්ස මලදා පටන් නිදි පැදුරේ නොමැති උණුසුමින් ඇය පීඩා වින්දාය. හූල්ලමින් ඉකිබිඳිමින් නොනිදා රැය පහන් කල අයුරු ඇයට සිහිවිය. සියලු වේදනාවන් ඇය තනියම ඉවසා ගත්තාය. නිදි පැදුරේ සැපට නිදන පුතු දෙස බලා සැනසුනද මොකක්දෝ අඩුවක් ඇයට සෑම රැයකම දැනිණි. ඇගේ මුවින් පිටවී යන සුසුම් වල බෝල් හඬ ඇයම බොහෝ රාත්‍රීන්හිදී අසා ඇත්තීය. ජයතිස්සගෙන් නොලද උනිසුමක් ඇයට සුමනේගෙන් ලැබෙන්නට විය. ජයතිස්ස අද නොමැත. ඒ නිසාම තම පෙම සුමනෙට පිදිය නොහැක්කේ අයි දැයි දහසක් සිතුවිලි සමග ඇය තර්ක කරන්නට විය. ඇය සුමනේගෙන් ලද උණුසුමට ගුලි විය. යටත් නොදැනීම ඇයට ඉකි බිඳිණි, ඒ සතුටටදැයි දුකටදැයි ඇය නොදන්නීය.

"මේ මොකැයි උඹල අඬන්නේ, නාඬා ඉඳින් බන්" නන්දාගේ නළලත් සිඹිමින් සුමනේ කීවේය.

"මට සතුටුයි"

"මටත් සතුටුයි බන්, අපි දෙන්න එකම වහලක් යටට එමු, දරුවවත් හදා ගනිමු"

ඔවුන් දෙදෙනාගේ රාත්‍රිය තවමත් තරුණය. කුප්පි ලාම්පුවේ දල්ල තලයකට සුලඟ සමග දඟකාරකම් කරයි. බූරු ඇඳෙන් නැගෙන කිරි කිරියත් සමග රින් කෙඳිරිලි හඬවල් සුසුමන් වෙනුවට වාතලයට එකතු වුණි.

රාත්‍රිය ඉක්මනින්ම ගෙවී ගොස් හිමිදිරිය උදාවනවාත් සමගම ඔවුන් දෙදෙනාම අලුත් ජීවිත ලදහ. ඒ ජීවිත දහසක් බලාපොරොත්තුවලින් පිරී තිබුනද සුලඟ සේම සැහැල්ලු විය.

"පුතා රෑ ඇහැරිලා අම්මට වැඩ ධුන්නද දැන් නෑ..... වස කොල්ල....රෑට ඇහැරුනොත් හරි අමාරුයි නිදි කරවන්න" චීත්තය පොරවා ගත් ඈ  තම කෙස් වැටිය ඉහලට කර බැඳ ගත්තාය.

මුකුත් නොදෙඩු සුමනේ ඇය ඇත පාර්සලයක් තැබුවේය.

"මක්කයි මේ මට තෑගී බෝගත් ගත්තයි.., පාර්සලයේ වූ  චීත්ත රෙද්ද ගෙන හැඩ බැලූ ඈ පුයර බෝතලයේ පුසුඹ බලමින් හරි පුසුඹනෙ කීවාය.

ඇගේ ඇත තවත් කුඩා ගුලියක් තබූ සුමනේ දෙස ඈවිස්මයෙන් බලා හුන්නය.

"මේ තවත් මක්කෙයි?"

"පබළු දෙපොටක් කොල්ලගේ ඉනේ බඳින්න."

නන්දාගේ දෑස්සතුටු කඳුලින් ආයිත් බොඳවී ගියාය. "උඹල කොල්ලට කැමතිය?"

"එකා මගේ යාලුවාගේ කොල්ල, මන් එකට මනාපයි" සියලු වරද කාරී හැඟුමන් අමතක කර දමමින් ඔහු පැවසුවේය. එක කොඉ තරම් දෙයක්දැයි නන්දා සිතන ගමන්ම ඇය නිවස බලා යන්නට ලෙහෙස්ති විය.

"තවම පාන්දර වැඩි බං, තව ටිකක් ඉඳල පලයන්කෝ" සුමනේ ඇවිටිලි විය.

"ආ හරි කෝලන්නේ රෑම ළඟ ඉඳල දැනුත් ඉන්න ඕනෙයි" නන්දා ඉඟි මරමින් කීවාය.

"හවසට කොල්ලවත් අරන් තොටුපල පැත්තේ වරෙන්, මන් උඹලගේ අම්මලාව හම්බ වෙන්න එන්නැයි?"

"දැන්ම එපා මන් හිමීට කියන්නම්කො" ඇය රහසේ විඳීන පෙම්සුවයට ඇලුම් කල නිසා කිවාය.

"උඹල හෙට රෑටත් එනවයි?"

"හැමදාම" ඇය විස්මයෙන් දෑස් දල්වා කිවාය. ඒ දෑස් ආදරය නිසා දීප්තිමත් වී තිබුණි.


Tuesday, May 6, 2014

මේ මැයි දිනයේ අවසානයි, ආයි බඩු ෂුවර්........




මහ මං අහුරමින් - කූට අව්වේ වේලෙමින්
දූවිලි කුණු කමින් - උගුරු ලේ රහ කරන්

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

බැනර් උස්සගෙන - සටන් පාඨ කියාගෙන
රතු පාට ඇදගෙන - තමන්වත් අන්දවගෙන

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

සමරමින් සමාජවාදෙයි - වැඩ කරන ජනතාවයි
දෑ කැත්තයි මිටියයි - අන්තම අසරණයි

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

ලෙනින්වයි මාක්ස්වයි - ඇත්තටම අමතකයි
ඇති උන් කයි බොයි - උඹලා තාමත් ලෙවකයි

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

සී.ටී.බී. බස් වලින්- ල.දු.දෙ දුම් රියෙන්
ඉමහත් කැපවීමකින් - පෙලපාලි පුරවමින්

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

බත් පැකට් එකටයි - වතුර බොතලේටයි
රුපියල් සීයටයි - ආතල් එකකටයි

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

පරිසරය වනසමින්- දාමින් හැමතැන පොලිතින්
ලද දෙයක් නැති කමින් - ඉල්ලීම් ඉල්ලමින්

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

උබලත් එක්කලම - නායකයො උබලගෙම
අපූරුවට එකාවන්ව - අවිදින අපූරුව

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

වීදෙයෙ ඇවිදලා - පිටියකට ගාල් වෙලා
මයික් ටයිසන්ලා - පීකර් මාමලා

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

එකම බණ දෙසලා - උබලව රවට්ටලා
මීඩියාවෙන් බස්සලා - හෙන පොරවල් වෙලා

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

කතාවල් පවත්වලා - පෙජරොවෙ නැගලා
උබලට ජය පතලා - යයි අත වනලා

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

උදෑසන සමාජ වාදය - දවල්ට උන්ගෙව් වාදය
හවසට ඒකාධිපති වාදය - අවසන අදිරාජ්‍ය වාදය.

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

හවසට ලොක්කලා සොක්කලා - බෝතලේට පැකට් එකට සෙට් වෙලා
කියමින් සමජවාදයේ කතා - සව්දිය පුරයි බොතලේට ආවඩා

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

ආ බසේම ගාල්වෙලා - යයි ඉතින් නිවෙස් බලා
හෙට උදේන්ම නැගිටලා - උන්ටම කඹුරපල්ලා

කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ

ඡායාරූපය අන්තර්ජාලයයෙනි
Related Posts Plugin for WordPress, Blogger...