Thursday, April 24, 2014

"අමතක වූ වස්සානයට යලි වඩින්න ඔබත් ඇවිත් එහි තෙමෙන්න........"



පුංචිම පුංචි පිණි කැටයක් තවත් පිණි අහුරු ටිකක් එක්ක කාටත්ම හොරෙන් අවිත් මහ පොලොව තෙමුවා මීට ටික කාලෙකට කලින්. මෙ ඒ පිණි කැටයේ පුංචි කතාවයි .රාත්‍රියේම හොරෙන් ඇවිත් හිරු උදාවත් සමඟම හොරෙන්ම මතක සටහනක් කුරුටු ගාල ගියපු එ පිණි කැටේම මොකක්දෝ කරුමයකට මහා ඉඩෝරයකට අහු වෙලා තනියම එදා මුලින්ම වැටුණු විදියටම කාටත් නොකියම ආයෙත් වියකිලා ගියා අයෙ නොයෙන්නම කියලා පිණි කැටයවත් නොදැනම. එ පිණි කැටේ කාටහ් හොරෙන් පිනි බින්දු හැලුවා මුකුත් නොතියම මහපොලොවට. 

හැබයි එ පිණිබින්දුව අහු උන ඉඩෝරය තවමත් ඉවර නැතත් ඒ ඉඩෝරය පිණිබින්දුවට ගොඩක් දේවල කියල දුන්න, ජීවිතයට අරමුණක් එක්ක තරඟයකට ඒ ඒ ඉඩෝරය පිණිබිදුව ඇඩල දැම්ම. පිණි බින්දුව තාමත් ඒ තරඟය කරගෙන යනව පුලුවන් තරම් සාර්තක විදියට.ඇත්තම කියන්න එ පිනි බිංදුව එක දෙයක් නම් ඉගෙන ගත්තා. එ තමයි "WHAT GOES UP, IT COMES DOWN".

ඉතින් ඒ පිණි බින්දුව එදා මහ පොලොවට වටුනු දවසෙ ඉඳල පිණි කැටයක් දෙකක් හලලා ගියා මහ පොලොවට. මහ පොලොවත් හරි ආදරෙන් එ පිනි බිංඳු බාරගත්තා. පිණි කැටේත් මග පොලොවත් එක්ක ගනුදෙනු කරන්න ඉගෙන අරන් එ ගනුදෙනුවම ටික ටික වඩි වෙලා ඉතින් ඔන්න පොද වැස්සකුත් උනා කාලයත් එක්කම. එ පොද වැස්ස ආදරනීය විදියට වස්සානයට එකතු උනා අර පිණි කැටී කියපු පුංචි කවි, නිසඳැස් , එතකොට කතන්දර එක්ක, සමහරක්ව නම් ඒ පිණි කැටීට ලැබුණු අත්දැකීමුත් එක්ක ගලාගෙන ගියපුවා.

ඔහොම වස්සනයක්ව ඇද හැලෙද්දි පිණි කැටය වවා ඒ වගේම ආදරනීය පිනි කැට ගොඩක් එකතු උනා" හැමෝම මහ පොලව ඈදරයෙන් තෙමුවා. ඒ අතරෙ පිණි කැටේ වහින පොද වැස්සෙන් පිට පැනලා මේඝ ගර්ජණාත් එකක් දෙකක් කලා. (හිනැහෙමින්). ඒ ගර්ජණාවන් හරි අපූරුවට මහ පොලව පිලිගත්තා. ඔහොම පිණි කැටේ පොදවැස්සක්ව එතනින් ගර්ජණාවක්ව ඇද හැලෙද්දි පිණි කැටේත් ඉඩෝරයකට කැමැත්තෙන්ම ඇතුලු උනා පිණි බිඳුවක් දෙකක් වත් මහ පොලවට හෙලලා යන්න හිතාගෙන. ඒත් ඉඩෝරය එයාගෙ බලය පෙන්නුවා පිණි කැටයට පිණි බිංදුවක්වත් හලන්නවත් ඉඩ නොදී.

මේ ගෙවෙන්නෙනම් ඉඩෝරයේ අවසන් සමයයි. හැබැයි පිණි කැටේට ඈ ආදරනීය ඉඩෝරය දාල යන්න දුකයි. එත් ඉඩෝරයෙන් ලබාගත්ත පන්නරයෙන් අයෙත් එ පිණි කැටය හිටිය අහස ගැබ්බරයි. කතරට උඩින් අයිත් කලු වලාවන් නැගගෙන එන්නයි ඉතින් මේ සූදානම් වෙන්නෙ, එත් මහ වැසි නම් තවම නොවසීවි, මොකද ඉඩෝරය තවමත් අවසන් නැති නිසා. 

ඉතින් සත්තයි ආයි නොයන්නම් කියලා පොරොන්දු වෙන්න බැරි උනත් (මොකද පිණි කැටේටත් වියැලිලා යන්න දවසක් එන බව පිණි කැටේ හොඳටම දන්නවා, මොකද තව ඩින්ගෙන් ඉඩෝරයෙදිම පිණි කැටය වියලිලා යනවා) ((හිනැහෙමින්)), ආයි පොදවැසි ගර්ජණාවන් කරන්න බැරි උනත් පිණි බිඳක් දෙකක්වත් එවන්නම් මහ පොලවට.

ඉතින් පිණි කැටය ආයිත් මුල ඉදන් පටන් ගන්නයි සූදානම, ඒ පිනි බින්දුවල ආයිත් තෙමෙන්න ඔබට ආරාධනා කරනවා යාලුවනේ.

පිණි කැටේ කවුද, මහ පොලව කවුද, ඉඩෝරය මොකක්ද කියලා ඔයාල දන්නව ඇති කියලයි හිතන්නෙ.

18 comments:

  1. ඉතින් පිණි කැටය ආයිත් මුල ඉදන් පටන් ගන්නයි සූදානම, ඒ පිනි බින්දුවල ආයිත් තෙමෙන්න ඔබට ආරාධනා කරනවා යාලුවනේ.

    ReplyDelete
  2. Replies
    1. Hopefully in the future there will be a lot more posts in this blog for us to comment right????

      Keep writing friend...happy blogging :)

      Delete
    2. thank you friend :D so you made the first comment of my new come and first post. really thanks.

      yaa i will and let see friend, yaa its really pleasure to be a blogger :D

      Delete
  3. අවුරුදු කීයකට විතර පස්සෙද ආවේ ???

    ReplyDelete
    Replies
    1. හරියටම දෙකකට පස්සේ සහෝ....... ගොඩක් ස්තූතියි, ඒ අවුරැදු දෙකට ඔයාලව මග ඇරුණා මිසක් කවදාවත් අමතක වුනේ නම් නෑ, අළුත් ආරම්භයක් එක්ක ඉස්සරහට යන්න තමා කල්පනාව.

      Delete
  4. අදයි මේ පැත්තට ගොඩවුනේ. ඉස්සර ලියපු ලිපි කීපයකුත් කියෙව්වා. දිගටම ලියන්න...
    පිණි කැට වල අසිරිය බලන්න අපිත් බොහොම ආසාවෙන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ පැත්තටත් ආවට, ඔයාලගෙ ආශිර්වාදයත් එක්ක පිණි වැස්ස දිගටම වහී

      Delete
  5. දකින්න ලැබීමත් සතුටක්.. ආයෙම ලියමු මචෝ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිනේශ් අයියේ, ඔයා‍ගෙ බ්ලෙග් එකේ ඔයා හරි අපූරැවට වර්ණ තවරලා තිබුනා මම නැති කාලේ, ආයෙත් ලියනවා අයියෙ අලුත් ආරම්භයක් එක්ක.

      Delete
  6. සොඳුරු නවාතැනක් ..
    සොදුරු මිනිසෙක්...
    ඉදිරියම යමු...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝ........ :D

      Delete
  7. මම නම් ඉස්සලාම ආවේ ... ගොඩක් සතුටුයි 'සොඳුරු මිනිසෙක්' අඳුනගන්ට ලැබීම ගැන.

    මම අහලා තියෙන්නේ, What goes around comes around…
    ඒ වගේම 'what goes up but never comes down?' කියලත් අහලා තියෙනවා...:D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි, ඒත් ඉහල ගිය විදියටම ආපහු කවචා හරි පහලටත් එන්න වෙනවා, ඔව් කතාව තියෙන්නෙ What goes around comes around කියලා තමා, ඒත් මේක අපේ කැම්පස් එකේ තියරියක්, ඒ වගේම අපේ සැට් එකේ vission එක do something good, but beyond the tradition කියලයි, :D

      Delete
  8. අදමයි ආවේ. එනකොටත් පොළව තෙමිලා නිසා හොදා...

    ReplyDelete
    Replies
    1. සතූතියි සහෝ...... ආදරනීය තෙමිල්ලක් :D

      Delete
  9. තවත් අළුත් පිණි කැට දහස් ගණනක් පොළොවට වැටෙන්න කියල පතනවා...

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...