Saturday, April 26, 2014

යලි හිමිවූ අහිමි අතීතය




මා එදා හවස නිවසට පැමිනීමේ සිටම නිවස එකම යුධපිටියක් විය. මා යහමින් පදම් වී පැමිනෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වූවත් මා එසේ නොවි පැමිණීම ඔවුන් මවිතයට පත් කලද මාගේ සිහිය මධුවිතින් තොරවම අහිමි වී තිබුණි. අම්මා ලොකුඅම්මා සහ ලොකු තාත්තා ඇතුලු පිරිස විසින් ඉදිරි ආරක්ශක වල්ලල බිඳ නොහැකිවන සේ දොරකඩ අහුරා සිටිමින් මට සෝලි තැබීම ඇරඹීය.

 අප්පච්චී විසින් "ඕකට ගෙට ගොඩ වෙන්නවත් ඉඩ දියල්ලා" යි නිවසේ වූ හාන්සි පුටුවට වී බැරෑරුම් කල්පනාවක නිමග්ණ වී සිටිමින්ම කීයෙන් පසුබා ගිය ඉදිරි ආරක්ෂක වල්ලල හරහා මා හට නිවසට ඈතුලු වීමට ඉඩ හසර ලැබිණි. මගේ ක්‍රියා කලාපය හෙලා දැකීමට මැදිහත් වීම සුදුසු නැතැයි අප්පච්චීට සිතෙන්නට ඇති. එහෙත් සියල්ලන්ම එක්වී මා වැරදි කරුවකු ලෙස නිගමණය කලා මිස එසේ වන්නට, මා එවන් ත්ත්වයකට පත්වූයේ ඇය්දැයි කිසිවෙකුත් සොයා නොබැලුවාය. මා මා වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥ්‍යයකු නොමති උසාවියක විත්තිකරු විය. මා හට අපේම උන් ගැන දැඩි පිළිලුලක් සේම කලකිරීමක් ඇති විය.

මා හට කරුණු දැක්වීමකට ඉඩ නොතාබාම යුශ්මතා වැරදි කරුද නිවැරදි කරුදැයි නොඅසාම මා වැරදි කරු කලේ ජූරියේම එකමතික තීරණයෙන් හා අපක්ෂපාති වූ අප්පච්චී විසිණි.

මා මා උදෙසාම මාගේ සනුහරේ විසින් ඉතුරුවූ කරන ලද්දා වූ ආත්මාභිමානය රැකගනීමටවත් මැදිහත් නොවීම  ඇවිලෙන ගිනිවලට පිදුරු දැමීමට නොයාම මුනිවත රැකීම නුවණට හුරුයැයි හැඟුනෙන් මුකුත් නොකියාම මාගේ කාමරයට ඇදුනි.

මා කාමරයට විත් ඉදිරි ආරක්ශක වල්ලල්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් යුක්තව මාගේ අවේගයන් පිටකරනු වස්ද කාමරයේ වූ දොර අල්ලා ගනු ලැබීය, හිත් පිත් මුකුත් නැති දොර දඩාස් ගාමින් වැසීගියේ නිවසේ ත්බන්නා වූ සෝලි වල හඬ පරයමිනි.

එයින් කුපිතය දෙගුන් තෙගුන් වූ අම්මා විසින් "උබ දොරට ගෙම්බර් පෙන්නනෙ ඊට වඩා හොඳයි උබව වදලා හදපු මට ඇවිත් ගැහුවානම්" කියණු අස්සන්නට සිදුවීම මා බලාපොරොත්තු නොවූවක්ම විය, අම්මගේ වදන් මාගේ හදවතට එල්ල කරන්නා වූ යකුලු පහරවල්ම වීය.

කපා හෙලූ කෙසෙල් කඳක් සේ මා අැඳට ඇද වැටිණි" ගතේ ශක්තිය සේම සිතේ වූ ශක්තියත් හේබා ගියා සේ හැගුනෙන් මා ඇඳ විට්ටමට හිස තබාන අතීතාවර්ජණයක යෙදෙන්නට වීමි.

අල්මාරියට ඉහලින් වූ මාගෙ පොත් පෙට්ටිය දූවිලි කුනෙන් වැසී තිබුණු අතර එය මීයන් විසින් කැදලි තැනීමට තොරාගෙන තිබුණි. කාගේ හෝ අවධානයක් යොමු නොකරන ලද්දා වූ මාගේ ආදරනීය අතීතයන් අනෙකුන් අතට යනකන් බලා සිටි අපේ එකාලා ගැන මට සිය දහස් වාරයක් කළකිරිණි. මාගේ වෑයම වුයේ ඒ අතීතයන් මා අසලින්ම පරෙස්සමට තබා ගැනීමටය. මා ඒ අතීතයට ඒ තරමටම ආදරය කලාය. මා එහි ආදරනීය වහලකු වීමි, අහිමි වූ ඒ අතීතය සිහිකරමින් රාත්‍රීන්හිදී අනන්ත නිදිවර්ජිත වීමි. ඒ අතීතය අහිමි වූ දින සිට එය සොයා මා එදා සිට මෙහෙයුම් දියත් කලෙමි. නැවතත් මා හට ඒ අතීතය යලි හිමිවූ තැනදී නිවැසියන් එය නිවසට වද්දා ගැනීමටවත් නොහැකිවන සේ වැට කඩුලු බැඳ හමාරය. මී පැටවුන් විසින් පොත් අතර සිට නගන කීස් කීස් ගෑමෙන් මාගේ අතීතාවර්ජනයට බාදාවක් නොවූවාය. ඒ හඬට මා ප්‍රිය කලෙමි. ඉඳ හිට හෝ බාදාවක් වූයේ නම් වූයේ සේව නූල කැඩී බිඳී ගිය රතිඤ්ඤාවන් පත්තුකර සෑහෙන්න කලකට පසු පත්තු වන්නා සේ  අම්මා ඇතුලු පිරිසෙන් විටින් විට නැගෙන්නා වූ කර්කශ අවලාදයන් සවනට වැකීමෙන්ය.

"පර බැල්ලි, ඒ වේසාවිව ගත්ත එකාට වත් හරිගියේ නැතුව මැරිලා ගියා, එකිට එකිට තව මිනිස්සු නැතිවද අපේ එකාටම කූටාලි උනේ, මේවා මේවා අපේ එකාගෙත් වැරදි, ඌට ඌට වෙන රටේ ලොකේ ගෑණු නැතිද මන් අහන්නෙ අක්කෙ , ඒකගෙ රූපෙන් අඩුවක්ද, සල්ලිය බාගෙන අඩුවක්ද, උගත්කමින් අඩුවක්ද, හනේ ඉතින් අපිත් විස්ස විද්යාල වලට යවලා මී ගොන් වස්සෙක් හැදුවනේ, ඔය හදපු නම්බුව තිබ්බෙ අපූරුවට" අම්මා ඉකි බින්දිමින් ලොකු අම්මා සමග පවසනු මට ඇසිණි. අම්මා ගැන දුකක්සේම ඇය මාව තේරුම් ගත්තේ නැති වීම ගැන මට මහා දුකක් දැනිනි.

ගංගා මගේ එකම ඇවැස්ස නෑනා විය. ඈ හා මා අතර සොඳුරු අතීතයක් තිබූ අතර මා ඇගේ සමාගමය ප්‍රිය කලාය, ඈද එසේම විය. මාහා ඈ අතර වූ බැදීම අප ක්‍රමයෙන් ලොකු වී වැඩෙත්ම ආදර බැදීමක් වූයේ අපි දෙදෙනාටත් හොරාය, දිනෙන් දින හැව වන ඇය සේම  අපේ ආදරයද කෙමෙන් කෙමෙන් හැඩවැව වෙමින් නිදහසේ ගලා ගියාය.

ඈ මාගේ කුඩා කල එකම වීරයා වූ සුදු මාමගේ එකම දියණිය විය. එතරම් දැනුමැති අයෙකු නොවූ සුදු මාමා සුන්දර ගැමියකු විය. ඈ බිහිවූ දිනේදීම ඈ හා සුදු මාමා තනිකර දමා නැන්දා යන්නට ගොස් තිබුණි, ඇය උපන් ගෙයිම අවාසනාවන්තියක් යැයි අපේ එකලා විසින් හන්වඩු ගසනු ලැබීය. එහෙත් ඇය හරිම සුන්දර පොඩි එකියක් වූවාය. නැන්දා අහිමි වීමටත් වඩා ඈ වන් එකියක් හිමිවීම ගැන මාමා දහස් වර සිතින් සතුටු විය. එතැන් සිට ඈ හදාවඩා ගැනුමේ මාමා මවු සෙනෙහස අහිම ඇයට උත්තරීතර පියෙකු වෙමින් මවක්ද වූවාය, ඈ වෙනුවෙන් තවත් බිරිඳකගේ සෙනෙහස නොපැතූ සුදු මාමා සතු වූ අනෙක් එකම වස්තුව වූයේ  සත්දන්තව හැදී වැඩී සිටි වස්සාය.

කුමක්දෝ අපේ කරුමයකට මරු අාවේස වූ වස්සා විසින් අනින ලද සුදු මාමා ඔත්පල වූවාය. සුදු මාමගේ හතුරකු විසින් කරන ලද කොඩිවිණයක් නිසා මෙසේ වන්නට ඇතැයි ලොකු තත්තා ප්‍රමුඛ වැඩිහිටියන් විසින් කියනු මා එකලදී අසා ඇත්තෙමි. එයින් සැමටත් වඩා අසරණ වූයේ ගංගාය. මට ඈ ගැන දඩි සේ දුකක් දැනිනි. ඒ වන විට ඇය යන්තම් ලොකු ළමයෙකු වී සිටියා පමනි. එදා මට තාමත් වාගේ මතකය.

"පොඩි අක්කේ පොඩි අක්කේ අනෙ මගෙ රත්තරන් අක්කෙ කෙල්ලට අමාරුයි අනෙ විගහට වරෙන්කෝ " අක්කේ කියමින් සුදු මාමා එදා අප නිවසට දුව ආවේ ඔහුට අන් සරණක් නොවූ හෙයින් එකම සහෝදරිය වූ අම්මා සොයාගෙනය, ඉවෙන් මෙන් කාරණය වටහා ගත් අම්මා "හා හා ඔකට කලබල වෙන්න ඔනා නෑ ඔහොම ඉඳින් මන් එන්නම්" කියමින් නිවසේ සිටියදී ඔසරියට උඩින් අඳින චීත්තය ගලවා දමමින් කෙස්වැටිය උඩට කර බැඳ ගත්තේ මුවග මද සිනාවක්ද සමගය. ගංගාට වූ කරදරය හේතුවෙන් කලබල වූ මා දුටු සුදු මාමා පොඩි එකො උබත් වරෙන් යන්න කීවාය. අම්මා ඊට වල කපමින් "උඹ කොහෙ යන්නඩ ගෙදරට වෙලා හිටු" කීවාය. අම්මගෙ අණට යටවූ සුදු මාමා හා මා කරබාගෙන සිටියෙමු, සුදු මාමා අම්මට සැබවින්ම බිය විය. අම්මා නග්ගා ගත් සුදු මාමා සමඟ වස්සා බැන්දි කරත්තය පවනට බන්දු වේගයෙන් සුදු මාමලාගෙ නිවස බලා ඉගිලුනි.

නිවසට වඩා ගන්ගාට වූ ඇබැද්දිය දැන ගනීමේ අටියෙන් බැද්ද හරහා වූ කෙටි පාරින් මා මාමලාගේ නිවසට දිව්වෙමි" මා යනවිට අම්මලා පමින නොසිටි නිසා වූ කලබලය දෙගුණ වූ මා ගංගා සොයා සුදු මාමලාගේ නිවසේ වූ එකම කාමරයට ගංගා යයි කියමින් මුහුන පෙව්වෙමි. කාමරයේ වූ ඇඳක් මත දෙපා හකුලාගෙන ඈ ලැජ්ජාවෙන් මෙන් මා දෙස බැලූ අයුරු මට අද වගේ මතකය.

ඇයට කිසිවක් වී නොමැති මුත් මාමා කලබල වෙලාය. අම්මාද කට කොනකින් සිනසුනාය. මට මේ හරුප කිසිත් නොවැටහෙන්නට වූයෙන් අතරමන් වූ මා පියවි සිහියට ආවේ අම්මා විසින් මාගේ පිට හරහා එල්ල කල ප්‍රහාරයත් සමගය. " ඈ හරකො මන් තොට කිව්වෙ ගෙට වෙලා ඉන්න කියලා නේද?" තෝ මොකක්ද මේකි ගාව කරන්නෙ? තොට මන්" කියමින් අම්මා ආ කරණය පසෙක ලා මට සංග්‍රහ කරනු දුටු ගංගාගේ දෙනෙතින් කඳුලු කැට වැටෙනු මා දුටුවෙමි.

"හා හා පොඩි අක්කෙ පොඩි එකා අවේ ඉතින් අපෙ එකීට මක්ක උනාද බලන්නනෙ, කොල්ලට තලන්න එපා ඉතින් කෝ කෝ කොල්ලව අතාරින්නකො අක්කෙ, ඉතින් මගෙ එකීට මේ මොකඩ වෙලා තියෙන්නෙ කියන්නකො" කියමින් සුදු මාම මා අම්මගෙන් නිදහස් කර ගන්නට උත්සහා කලාය.

ගංගාට දූ කාමරයටම වෙලා ඉන්න ඔන මන් කියනකන් "තෝ පල එලියට කියමින් අම්මා මට එලියට යන්නට කීවය. මා එලියට යන විට අම්මා මාමද එලියට කැඳවාගෙන විත් මාමගේ කණට කර රහසක් කීවාය.

එතැන් සිට පරව තිබූ මාමාගේ මුහුණ ලස්සනට පිපී අවේ හේ සතුටින් නැටීය, හේ අලි එකෙකු වූ මාවද වඩාගෙන නැටීය, අම්මද මල සමයන් යයි කියමින් සතුටින් සිනාසෙනු දුටු මා අන්දුන් කුන්දුන් විය.

එතැන් සිට සතියක් යන තුරු ගංගාව මට ඩකින්නට නොලැබිණි. ලොකු අම්මගෙන් අසා දැනගත් පරිදි ඈ දැන් ලොකු ළමයෙක් වෙලාය. ගංගාගේ කොටහළු මගුල දා ඇය අන්ඩ සිරි ගවුමට ඇය තරම් සුන්දර එකියක් තවත් මේ ගමේ නම් නැතිතේයයි මට සිතුනු අතර ඇය මගේ නෑනා වීම ගැන මට ආඩම්බර හිතුනි. ඈ එදින මටද බුලත් අතක් දී වැන්දාය, එය මට දාරාගනු බැරිවිය, මගේ ඇස් වලින් සතුටු කඳූලු සට සට ගා ගලා විත් අයගේ හිසට වැටිණි. ඇයටද හැඬුම් ආවාත් ඈ මහ ගෑනියක සේ කඳුලු සඟවා ගත්තාය. මට හැඬුනු එකට මට ලැජ්ජා සිතිනි.

ගංගා හා මා ගමේ එකට පාසලට අකුරට ගිය අතර ඈ එතරම් අකුරට දක්ෂ නොවූවාය. විටින් විට පාඩම් අසා ගැනීමට පැමිණි ඈට පාඩම් කියා දීම මා හට කෝපය ගෙක එන්නක් විය, ඇයද එය දැන සිටියාය. ඇය කියාදෙන කිසිවක් කනකට නොගත්තාය, ඇය සුන්දර මුරන්ඩු එකියක වූූ අතර ඒ මුහුණ බලා මට තරවටු කරන්නට කෙසේවත් නොහැකි විය, එහෙත් ආදරනීය කන මිරිකීම් මාගෙන් එමට වූ අතර ඇය "ආයියා මගෙ කන" කියමින් මගේ පපුවට සෙමින් ගසන්නීය.

මට යලි හැඬිනි. ලොකු අම්මා කාමරය ලඟට පැමිණ "අන්න තෙ හදලා තියෙන්න මනාල මහත්තයට බොන්ට එන්න ඉතින් දැන්, ඕකටම වැදිලා ඉන් නැතිව" කීමෙන් මගේ මනෝ රාජ්ජය මොහොතකට බිඳිනි.

එලියට පැමිණි මා තේ බීම පසෙකලා මිදුලේ ඇවිදින්නට විය, යන්තම් කලුවර වී තිබූ අහස දෙස බලූ මට එහි සුන්දර වූ හිස් බවක් දැනිනි, මා සිතට සහනයක් වූයෙන් උඩ බලාගෙනම ඇවිදින්නට වූයේන් නොනැවතීම පැමිනියේ සුදු මාමගෙත් නැන්දාගෙත් සොහොන ලඟටය. මට සුදු මාම ඒ මූසල දිනයේ අප හැරගිය අයුරු මතක් විණි.

සුදු මාමගේ ඔත්පල වීමත් සමඟ සුදු මමාට වින කල සද්දන්ත වස්සාද ලෙඩවිය. සුදු මාමට බෙහෙත් කලේ අපේ නිවසේ තබාගෙනය. ඒ නිසා ගංගාද අපේ නිවසට අමුත්තියක් නොවූවාය. ඇගේ පැමිණීම මට මහත් සහනයක් වූවත් මාමගේ ත්ත්වය මා නිරතුරු පෑරවීය. මාමා සමග ගෙවූ අතීතය මට පීඩා ගෙන දුන්නද ඒ අතීතයට මා මහත් සේ ඇලුම් කලෙමි. සුදු මාමසේම ඌද වැහරී ගොස් එක තැනට වැටුණි. එදා සුදු මාමට තරමක් අමාරු විය. ඒ මා උසස්පෙලට ගිය කොළඹ පාසලේ වූ කර්කෂ එමෙන්ම පාලු අඳුරු මූසල වූ බෝඩිමෙන් ගෙදර පැමින සිටි අප්‍රේල් අවුරුදු නිවාඩු සමය විය. ගංගාගේ පියකරු බව අගෙන් ගිලිහී ගොස් තිබුණි, ඇය මලානිකව බලාගත් අතම බලගෙනම උන්නාය.

වස්සා වෙනඩාට වඩා තදින් උෟ අසනීපව වැටී හුන් මඩුවේ සිට විලාප තබන්නට වීය. ඒ සද්දයට ඒ පැත්තට දිව ගිය මට හැඟුනේ වස්සාගෙ අවසානය පමිණ ඇති බවකි. ඌ අසරණව නහයෙන් කටින් සෙම පෙරමින් දඟලන්නට වීය, කෙමෙන් දැඟලිල්ල අඩුවී ඌ නිහඬවිය. මගේ දෙනෙතට නැගුනු කඳුලු කැට සගවාගත නොහැකි විය.

මා කුඩාකල මාත් සමග ඇළට දක්කගෙන යන වස්සා නෑවීම මාමගේ ප්‍රියතම විනොදාංශය විය, විස්ස නහවන විට අපිද ඌ තරමටම නැහැවී අවසන්ය. උගේ සෙල්ලම් වලින් අපි සතුටු වූ වාර අන්නන්තය. මේ දැන් ඌ අපිව හැර ගියේය.

ඒ සමගම අප්පච්චී යන හඬින් ගංගා තැබූ විලාපය අනුව මට සුදු මමාද අප හැර ගිය බව වැටහුණි. දෙනෙත් බොඳවී උන්හිටි තැන් මට ඇමතක වීය. මා සුදු මාමගේ කාමරයට ආරූඩයෙන් මෙන් දිවගේයෙමි. ගංගා මා බදාගෙන සුදු මාමා ගැන කියමින් හඬන්නට විය. මා ඈ නොනැවැත්වීමි. මන්ද මට ඇය නවත්තන්නට තරම් ශක්තියක් නොවූවාය.

සුදු මාමගේ අවමඟුල් උත්සවය ඉතාම චාම් අයුරින් සිදු විණි. සුදු මාමද මෙතුවක් කල් තනියෙන් උන් නැන්දා අසලින්ම මිහිදන් විය. සුදුමාමගේ අභාවයත් සමග ලොකු තත්තලා සුදු මාමගේ නිවස හා ඉඩම හිමි කර ගත්තාය. මාමාගේ අභාවයත් සමග ගංගාට දුවකට මෙන් සලකමින් සිටි අපෙ අම්මාද වෙනස් වි් තිබුණි වගක් මා නොදැන උන්නාය. මා කොළඹටම හිරවුණි. උස්ස් පෙලින් සමත්ව විශ්ව විද්‍යාලයට අතුලත්ව සංකීර්ණ වූ කොළඹ ජීවිතයකට උරුමකම් කීවාය. ගමට යන්නට වරම් නොවූවත් මා නිතරම ගංගාට ලියුම් ලීවෙමි. නමුත් අැගෙන් කිසිදාක මට පිලිතුරු ලිපියක් නොලැබිණි.

දිනක් අම්මා විසින් ගංගා විවාහ වූ බවත් ඇය යුද සෙබලෙකු හා විවාහ වී අනුරධපුරයට පදින්චියට ගිය බවත් මට ලියා එවා තිබුණි. මට මා මැවූ මගේ සිහින ලෝකය මගේ දෙපාමුල කඩා වැටෙනවා දැනිනි. මා අවසන් විභාගයද හැරදා ගමට ගියෙමි. ගොස් සියලු තතු සොයද්දී බගෙට පිලිස්සි ගිය මා විසින් ගංගාට එවන ලද ලිපි කිහිපයක් කසල ගොඩේ තිබි හමුවිය. ලොකු තාත්තලා ඇතුළු සියල්ල විසින් ඇය බලෙන් බන්දා දී තිබුණි. මා හට සියල්ල වැටහෙද්දී සියල්ල අහිමි වී ගොසිනි. එදින ඇරඹි මා හා නිවෙස අතර වූ යුද්ධය මා විසින් නිවෙසට යුධ ප්‍රාකාශ කර නිවෙසින් බැස ගියේ යලි එහි නේමටම සිතාය.

යහළුවන් විසින් දිරි ගන්වනු ලැබූ මා අවසන් විභාගයට යලි මුහුන දී උපාධිය සමත්ව පිලිගත හැකි වැදගත් රස්සාවක් ලැබුවෙමි. රැකියාවේ නිමග්න වෙනවාට වඩා මා අනුරාධපුර පීරමින් ගංගාව සෙවීමි. අහම්බෙන් ඈ මට මුණගැසූනේ ඒ වන විට ඇගේ සැමියා විවාහවී තෙමසකින් කුරිරු යුද්ධය විසින් බිලිගෙන ඈ අසරණ කර තිබුණි. ඇයට දරුවන්ද නොවූවාය. ඇයගේ අහිනසක පියකරු බව එලෙසින්ම තිබුණද ඇය මලානිකව ගොස් තිබුණි. මා හදුනා ගත් ඇය හඩා වැලපුනායග මටද හැඬිනි. ආදරය සේම දුකද මුසු වූ අපූරු හැඟුමන් සමුදායක් මඩ් ගත වෙලා ගියාය, ඇයටඩ එසේම වන්නට ඇති. ඈ හන්ඩන අතරම සිනාසුනාය. මගේ විස්තර ඇසූ ඇය මා ගැන හුගක් සතුටු විණි. ඈ ඈ ගැන කී පරිදි ඇගේ නෑනන්ඩිය ඇයට රැකවරණය දී තිබුනේ අපෙ උන් ඇයට කිසිත් නොදුන්නද පිට අයගෙන් ඇයට ලබීම් තිබිනි.

වාසනාව යලිත් මා සතු විය. ඇගෙන් සිටිනා තැන ලිපිනය ඉල්ලගත් මා පසුදාම ඇය සොයා ගියෙමි. ඇගේ නෑනන්ඩිය හා කතා බස්කර මා ඈට සියල්ල අමතක කර දමා මා හා විවාහ වෙන ලෙස ඉල්ල සිටියෙමි.

ඒ අපූරු මොහොත ඇයට දරාගත් නිහැකිව ඈ ක්ලාන්ත වූවය. නෑනන්ඩි විසින් කරන ලද සාත්තු සත්කාර හමුවේ යලි සිහි ලබූ ඈ මා වැලඳගෙන සතුටු කඳුලු හෙලමින් ඇයට එතරම් ආදරේදැයි ඇසුවාය. මා ඈ මට ඇහිමි වී තැන් සිට ඈ හොයා මා කල කී දෑ අකුරක් නෑර ඇයට කීවෙමි. ඈ යලි මා තදින් ආදරයෙන් වැලඳ ගත්තාය. ජීවිතය දිනූ අයෙකුගේ සිතෙහි ඇතිවන ජයග්‍රාහී හැඟුමන් එදා මා වෙලා ගත්තේ මා කුල්මත් කරමිනි.

පසුදාම ඈ හා මාගේ විවාහය ලියාපදින්චි කල මා නිවසට ටෙලිග්‍රෑම් පනිවිඩයක් යැවුයේ මා දිනූ බව පවසමිනි. ඈ මාගේ යෙලියකගේ නිවසේ නවතා තැබූ මා නිවස බලා පැමිනි විට ඇරබි යුද්ධය දැන් මදක් සමනය වී ගොසිනි.

මා සුදු මාමගේ සොහොන ලන්ග සිට තිර අදිටනින් තීරනයක් ගත්තේ හෙට මා ගංගාව යලි නිවසට කැඳවාගෙන එන බවට සුදු මාමාට පොරොන්දු වෙමිනි.

පසුදින උදයේම යෙහෙලියගේ නිවසට ගිය මා ගංගා හා පන්සල් ගොස් අපේ කරදර නිමාකරදෙන ලෙස බොධියට බාර වී යලි නිවසට ඇය සමග ආවෙමි.

අම්මා ඇතුලු බලකාය කිසිවක් නොකී අතර නිවස ගොඩ වෙත්ම "බැහැපිය බල්ල දොට්ට  උඹට මෙහෙ මගුල් නට්ටන්න ඉඩ නෑ, උඹ ආඉ මෙහෙ නාවට කම් නෑ, මගේ පුතා ඊයේ මලා, ඕකිවත් අරන් යන තැනක පලයන්" යයි අප්පච්චී හාන්සි පුටුවේ සිට අහක බලාගෙනම කීවේ මා බලාපොරොත්තු නොවූ ලෙසටය.

මෙයින් බය වූ ගංගා මගේ අතින් ඇද අාපහු යන් කීවාය. මමද අායි කිසිම දිනක එහි නොඑන බව සපත කරමින් බැස අවෙමි.මට පුදුමය ඊයේ අපක්ෂපාතී වූ අප්පච්චී අද වෙනස් වූයේ කෙසේද යන්නයි. අපෙ කරදර අවසන් වී නොමැති බවත් එවා පටන් ගත්තේ අද බවත් මට සිතුණි.

කෙසේ හෝ මගේත් ගංගාගෙත් කැදැල්ලට සුදුසු කල් එලැඹෙද්දී අවේ අපෙ කුලුදුල් පටියාය. උත්තරීතර වූ පිය වරම ගංගා මට හිමි කර දුන්නාය. ඈ කෙරෙහි ඇති වූ ඈදරය තවතවත් වැඩිවූවා මිස වෙනසක් නම් වූයේ නැත. සැබවින්ම ඇය මගේ ජීවන ගංගාව විය.

පැටියා සමග පන්සල් ගිය අපි දෙන්නා යලි එනවිට පැටියත් අරන් මහ ගෙදර යමුකො ගංගා ඉල්ල සිටිද්දී ඒ ඉල්ලීමට මට බෑ කියන්නට නොහැකි විය. වාහනය මහ ගෙදර වත්තට අැතුල් කල මා වාහන සදිදයෙන් එලියට ආ අම්මව දැක ගත හැකි විය. වාහනයෙන් එලියට බැස්සම මාද,  දරුවා වඩාගෙන බැස්ස ගංගාද හෙමින් අම්මා ලඟට ගියෙමු. අම්මගෙ මුවේ අාදරනීය සිනහවක් තිබුනි, එය ගංගා ලොකු ළමයෙක් වූ දින තිබූ සිනහවමයි මට සිතුනි. දරුවා වඩාගත් අම්ම දරුවා අපි දෙන්නම කුඩා කල වගේමයි කියමින් නිවස තුලට ගියේ " මේ රත්නේ" කියමිනි. ගංගත් මාත් නිවස දෙස බලා උන්නෙමු.

Thursday, April 24, 2014

"අමතක වූ වස්සානයට යලි වඩින්න ඔබත් ඇවිත් එහි තෙමෙන්න........"



පුංචිම පුංචි පිණි කැටයක් තවත් පිණි අහුරු ටිකක් එක්ක කාටත්ම හොරෙන් අවිත් මහ පොලොව තෙමුවා මීට ටික කාලෙකට කලින්. මෙ ඒ පිණි කැටයේ පුංචි කතාවයි .රාත්‍රියේම හොරෙන් ඇවිත් හිරු උදාවත් සමඟම හොරෙන්ම මතක සටහනක් කුරුටු ගාල ගියපු එ පිණි කැටේම මොකක්දෝ කරුමයකට මහා ඉඩෝරයකට අහු වෙලා තනියම එදා මුලින්ම වැටුණු විදියටම කාටත් නොකියම ආයෙත් වියකිලා ගියා අයෙ නොයෙන්නම කියලා පිණි කැටයවත් නොදැනම. එ පිණි කැටේ කාටහ් හොරෙන් පිනි බින්දු හැලුවා මුකුත් නොතියම මහපොලොවට. 

හැබයි එ පිණිබින්දුව අහු උන ඉඩෝරය තවමත් ඉවර නැතත් ඒ ඉඩෝරය පිණිබින්දුවට ගොඩක් දේවල කියල දුන්න, ජීවිතයට අරමුණක් එක්ක තරඟයකට ඒ ඒ ඉඩෝරය පිණිබිදුව ඇඩල දැම්ම. පිණි බින්දුව තාමත් ඒ තරඟය කරගෙන යනව පුලුවන් තරම් සාර්තක විදියට.ඇත්තම කියන්න එ පිනි බිංදුව එක දෙයක් නම් ඉගෙන ගත්තා. එ තමයි "WHAT GOES UP, IT COMES DOWN".

ඉතින් ඒ පිණි බින්දුව එදා මහ පොලොවට වටුනු දවසෙ ඉඳල පිණි කැටයක් දෙකක් හලලා ගියා මහ පොලොවට. මහ පොලොවත් හරි ආදරෙන් එ පිනි බිංඳු බාරගත්තා. පිණි කැටේත් මග පොලොවත් එක්ක ගනුදෙනු කරන්න ඉගෙන අරන් එ ගනුදෙනුවම ටික ටික වඩි වෙලා ඉතින් ඔන්න පොද වැස්සකුත් උනා කාලයත් එක්කම. එ පොද වැස්ස ආදරනීය විදියට වස්සානයට එකතු උනා අර පිණි කැටී කියපු පුංචි කවි, නිසඳැස් , එතකොට කතන්දර එක්ක, සමහරක්ව නම් ඒ පිණි කැටීට ලැබුණු අත්දැකීමුත් එක්ක ගලාගෙන ගියපුවා.

ඔහොම වස්සනයක්ව ඇද හැලෙද්දි පිණි කැටය වවා ඒ වගේම ආදරනීය පිනි කැට ගොඩක් එකතු උනා" හැමෝම මහ පොලව ඈදරයෙන් තෙමුවා. ඒ අතරෙ පිණි කැටේ වහින පොද වැස්සෙන් පිට පැනලා මේඝ ගර්ජණාත් එකක් දෙකක් කලා. (හිනැහෙමින්). ඒ ගර්ජණාවන් හරි අපූරුවට මහ පොලව පිලිගත්තා. ඔහොම පිණි කැටේ පොදවැස්සක්ව එතනින් ගර්ජණාවක්ව ඇද හැලෙද්දි පිණි කැටේත් ඉඩෝරයකට කැමැත්තෙන්ම ඇතුලු උනා පිණි බිඳුවක් දෙකක් වත් මහ පොලවට හෙලලා යන්න හිතාගෙන. ඒත් ඉඩෝරය එයාගෙ බලය පෙන්නුවා පිණි කැටයට පිණි බිංදුවක්වත් හලන්නවත් ඉඩ නොදී.

මේ ගෙවෙන්නෙනම් ඉඩෝරයේ අවසන් සමයයි. හැබැයි පිණි කැටේට ඈ ආදරනීය ඉඩෝරය දාල යන්න දුකයි. එත් ඉඩෝරයෙන් ලබාගත්ත පන්නරයෙන් අයෙත් එ පිණි කැටය හිටිය අහස ගැබ්බරයි. කතරට උඩින් අයිත් කලු වලාවන් නැගගෙන එන්නයි ඉතින් මේ සූදානම් වෙන්නෙ, එත් මහ වැසි නම් තවම නොවසීවි, මොකද ඉඩෝරය තවමත් අවසන් නැති නිසා. 

ඉතින් සත්තයි ආයි නොයන්නම් කියලා පොරොන්දු වෙන්න බැරි උනත් (මොකද පිණි කැටේටත් වියැලිලා යන්න දවසක් එන බව පිණි කැටේ හොඳටම දන්නවා, මොකද තව ඩින්ගෙන් ඉඩෝරයෙදිම පිණි කැටය වියලිලා යනවා) ((හිනැහෙමින්)), ආයි පොදවැසි ගර්ජණාවන් කරන්න බැරි උනත් පිණි බිඳක් දෙකක්වත් එවන්නම් මහ පොලවට.

ඉතින් පිණි කැටය ආයිත් මුල ඉදන් පටන් ගන්නයි සූදානම, ඒ පිනි බින්දුවල ආයිත් තෙමෙන්න ඔබට ආරාධනා කරනවා යාලුවනේ.

පිණි කැටේ කවුද, මහ පොලව කවුද, ඉඩෝරය මොකක්ද කියලා ඔයාල දන්නව ඇති කියලයි හිතන්නෙ.
Related Posts Plugin for WordPress, Blogger...