Tuesday, March 20, 2012

අළුගෝසු සටහන



"සමරපාල පොඩිසිඤො" මම අඳුරු කුටියේ වූ කලු ලෑල්ලේ හුණු කූරක් මැවූ රටා කියවුවෙමි. ඒ මිනිසෙකුගේ නමක් වීය. මෙලොව විසූ තවත් එක් මිනිසෙකුගේ නමක් විය.  ඔහු කවුරුන්දැයි මා නොදනිමි. කලු ලෑලලේ මෙසේද වීය.


"ප්‍රණය සිඳෙන තුරු එල්ලා තැබුවා 1951.10.15 වන දින පෙ. ව. 11 පසුවී 16 වන මිනිත්තුවේදී"


මට එදින 11.15 වන මොහොත ගැන කල්පනා වීය. අකුරු රටා මා දෙනෙත් විඩා ගෙන දුන්නේ මා දැඇස මානයේ එල්ලෙන තොන්ඩුව දෙස බලා හිදින්නට වීමි.



"උඹලයි අප්පොච්චි අදත් එකෙක් එල්ල්ලා."අම්මගේ වදන් මාතුල මහත් වූ අපුලක් පියා කෙරේ ඉපදවීමට සමත් වීය. කටගොන්නකට රා කටු හලාගෙන ආ පියාණෝ මහත් වූ පුරසාරම් දොඩවයි. ඒ වදන් මා සවන් වලට යවුලින් අනින්නා  සේම විය. තාත්තාගේ පුරසාරම් වලට හූ මිටි තියනුයේ අම්මාම විය. දෙන්නා දෙමහල්ලන්ගේ වාදයේ අවසානය වනුයේ අම්මා හොඳ හැටි තැලුම් කෑමත් කුස්සිය මුල්ලෙන් ඉකි බිඳුම් හඬකුත් ඉතිරි වීමය. ඊට පසු ඊටත් වඩා මහා හඬින් ඉකි ගසා හඬා හතර ගාතය දා නිදාගනුයේ පෙර රකුසු වෙස් ගෙන සිටි තාත්තාය. ඔහු කවුරුන්දැයි මා තබා අම්මාවත් දැන නොසිටින්නට ඇති වගක් මට හැඟේ.


පසල් සමය මා නෝන්ජලයකු කිරීමට පියාගේ රැකියාව සමත් වීය, මා ඔහුට දහස් වර වෛර කලෙමි. කිසිවකු සමඟ භජනයට නොගිය මා හට "අළුගෝසු පැටියා" යයි බොහෝ කොල්ලන් විසින් නම් පටබැන්දාය. අහින්සක මා උන්ගෙන් නිරපරාදේ බොහෝ විට තැලුම් කෑවාය. එවන් විට කෝපාග්නියේ අන්තයටම යනුයේ " තොපි සේරම එල්ලලා මරනවා බොලවු" මා මුවින් පිට වනුයේ මටත් හොරාය. මහා හඬින් හඬා වැටෙන මා හනිකට අම්මා සොයා දුව යමි.  පියාගේ මරනයෙන් මාහට උරුම වූයේ මා තදින් වෛර කල රැකියාවය. අම්මා රකිනු වස් අකැමැත්තෙන් වුවද උරුමයට කරගැසූ මා අළුගෝසු ජීවිතයට ටික කලකින්ම හුරු වීය. මා හට තත්තා කවුරුන්දැයි පසක් වූයේ මේ සමගමය.


තොන්ඩුවේ බැඳි මකුළු හුයකට අසුවූ මැසි මදුරුවෙකු ජීවිතය ඉල්ලා මරණාසන්න නිශ්පල උත්සායක නිරත වෙනු දැක මා අතීතාවර්ජනයෙන් මිදුනෙමි.



ඉදිරියෙන් වූ කලු ලෑලලේ අකුරු මාහට විරිත්තන්නට වූවාය. තොපිට විරිත්තන්න වෙන්නේ අද විතරයි යන හැඟීමත් සමගම වෙනත් නමක් තවත් කාලයකට මෙතන පැලපදියම් වනුයේ අද බව මට මතක් වීය.


අඳුරු කුටියෙන් එලියට ආ මට ඈතින් කසාවතක චලනක් දැකිය හැකිවීය. සන්සුන් ගමනින් වඩිනා උන්වහන්සේ මැරෙන උන් කීයකගේ දුක් අඳොනා පාපොච්චාරනයන් අසා ඇති දැයි මට සිතිනි. මැරෙන්නට යන අයගේ සිත් සතන් සැනහීමට උන්වහන්සේට හැකිවීදෝ දන්නේ උන්වහන්සේම පමනි. මා අසා ඇත්තේ අවසාන විලාපයන් හා සෝසුසුම් පොදවල් වල හඬ පමනි.



උන්වහන්සේ දෙස බලා මා හට පහන් හැඟීම් ජනිත නොවූවාය. වරද කරුවන්ගේ මරුවා මම වීමි. මා මහා මරුවෙකි. නීතියෙන් වරම් ලද මරුවෙකි. මට දඬුවම් දෙන්නෝ කවරෙක්ද? මා සිත වේගවත් සිතුවිලි වලින් චන්චල වීය. කසාවත මට සහනයක් නොවීය. එය නොපෙනී යනතුරුම මම මග බලා සිටියෙමි.



උන්වහන්සේ දෙස බලා මා හට පහන් හැඟීම් ජනිත නොවූවාය. වරද කරුවන්ගේ මරුවා මම වීමි. මා මහා මරුවෙකි. නීතියෙන් වරම් ලද මරුවෙකි. මට දඬුවම් දෙන්නෝ කවරෙක්ද? මා සිත වේගවත් සිතුවිලි වලින් චන්චල වීය. කසාවත මට සහනයක් නොවීය. එය නොපෙනී යනතුරුම මම මග බලා සිටියෙමි.


බන්ධනාගාර නිලදාරීන් විසින් රැගෙන ආ සිරකරුගේ මුහුන මා දිටීමි. මරණ බයින් අඳුරූ වී ගිලා බැස තිබූ ඒ නෙතු නා නෙතු හා ගැටිනි. ඔහු මා කවුරුන්දැයි හඳුනා ගත්තා විය යුතුය. මරනය හමුවේ ජීවිත්ය ඉල්ලන දෑසක් මට දැකිය හැකි විය. එවන් දෑස් කීයක් නම් මා දැක ඇත්ද?.


ලොක්කන්ගේ අණට ක්‍රියාත්මක වූයේ මා ඔහුගේ හිස වසා දැම්මෙමි. එය මට මහත් පහසුවක් ගෙනාවාය. ගැහෙන දෑතින් යුතුව තොන්ඩුව ඔහුගේ හිස පැටලීමි. මේ ගෙවී යනුයේ තවත් එක් මිනිසෙකුගේ අවසාන මොහොතය. ඔහුගේ හදවතෙ හඬා වැටීම මා සවන් වලට ඇසිනි. ඔහු නොහැඬුවද මහත් වූ සුසුමන් සමුදායක් වා තලයට මුදා හලේය. ටව ටික මොහොතකින් ඔහුගේ ප්‍රානයද වාතලයටම එක් වනු ඇත.


"දඩස්" හඬ නගමින් තට්ටුව පහලට යත්ම ඒ හඬ පරදා "ටකස්" යන හඬ නැගී සිටියාය.


මීට මොහොතකට පෙර මකුළු හුයේ සිරවූ මැසි මැදුරුවා මට සිහිවිනි.............





43 comments:

  1. වරද කරුවන්ගේ මරුවා මම වීමි. මා මහා මරුවෙකි. නීතියෙන් වරම් ලද මරුවෙකි. මට දඬුවම් දෙන්නෝ කවරෙක්ද?


    "දඩස්" හඬ නගමින් තට්ටුව පහලට යත්ම ඒ හඬ පරදා "ටකස්" යන හඬ නැගී සිටියාය.


    මීට මොහොතකට පෙර මකුළු හුයේ සිරවූ මැසි මැදුරුවා මට සිහිවිනි.............

    ReplyDelete
  2. හොඳ උත්සාහයක් :)

    ReplyDelete
  3. අලුගෝසුවා කියන්නේත් තවත් එක මිනිහෙක්..,
    අන්තිමට මේ පෝස්ට් එක කියවලා මට එහෙම හිතුනා..!

    ReplyDelete
    Replies
    1. අළුගෝසුවාටත් හිතක් පපුවක් තියෙනවානෙ සහෝ...........

      Delete
  4. කතාබහට ලක් නොවෙන චරිතයකට පන දීලා...
    :)

    මීට මොහොතකට පෙර මකුළු හුයේ සිරවූ මැසි මැදුරුවා මට සිහිවිනි.............
    ???

    ReplyDelete
    Replies
    1. තොන්ඩුවේ බැඳි මකුළු හුයකට අසුවූ මැසි මදුරුවෙකු ජීවිතය ඉල්ලා මරණාසන්න නිශ්පල උත්සායක නිරත වෙනු දැක මා අතීතාවර්ජනයෙන් මිදුනෙමි.

      "දඩස්" හඬ නගමින් තට්ටුව පහලට යත්ම ඒ හඬ පරදා "ටකස්" යන හඬ නැගී සිටියාය.


      මීට මොහොතකට පෙර මකුළු හුයේ සිරවූ මැසි මැදුරුවා මට සිහිවිනි.............

      Delete
  5. අළුගෝසුවා උනත් කරන්නේ රස්සාවක් නේ.
    අළුගෝසුවාට පවු නැද්ද මන්දා. ඒක හොයලා බලන්ඩ වටින කාරණාවක් !

    ReplyDelete
    Replies
    1. හාමුදුරැවො කෙනෙක් ගෙන් අහලා බලන්න ඕන, රජකාලේත් ගහලයො හිටියනෙ...........

      Delete
  6. //උන්වහන්සේ දෙස බලා මා හට පහන් හැඟීම් ජනිත නොවූවාය.//

    නොවූවාය ???

    වැරදි හෙව්‍වා‍ නෙවේ මචං. දැක්ක හින්ද දැම්මේ..

    සුපිරියට ලියලා. මට මතක් වුනේ අපේ රටේ අලුගෝසු වේකන්සි එකට පුද්ගලයෙක් හොයා ගන්න බැරිව පත්තර වල ගිය නිවුස් එක..

    ReplyDelete
    Replies
    1. එහෙම ලිව්වෙ මිනිහෙක් මරන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙකුට පහන් හැගීම් පහල වෙයි කියලා නොහිතුනු නිසා.

      Delete
    2. මටත් ඒ කියපු දේ හරි කියලා හිතුනා.මොකද ඒ වෙලාවට කිසි පහන හැඟීමක් එන්නේ නැහැ.

      Delete
  7. අලුගෝසුවා කියන නම වෙනස් කරන්න යන කතාවක් ගියා නේද ඒ දවස් වල... ඒකයි මට මතක් උනේ...
    ඔහුද තවත් මිනිසෙකි...!!!

    ReplyDelete
  8. ම්..මේ ගැන නම් හිතලා බලන්න ඕන..රස්සාවෙන් විතරක් මිනිස්සු මනින්න බැරිබව නම් පිළිගනිමි...

    ReplyDelete
    Replies
    1. රස්සාවෙන් විතරක් නෙවේ බාහිර පෙනුමෙනුත්, මම නං හරිම අකමැතියි බාහිර පෙනුමෙන් මාව මනිනවට

      Delete
  9. හරිම සංවේදී සටහනක්!!!

    ReplyDelete
  10. මගේ ඊළග කතා චරිතට ඔබ පන දීලා.. හරි ඒකට කමක් නෑ.. සමාජයේ ඇත්තටම සැග උන ජීවිතයක්.. කොච්චර අනිත් අයගේ ජීවිතය නැති කලත් නීතියෙන් වරදකරු නොවන කෙනෙක්.. සමහරවිට එහෙම කෙනෙක්ට මේ විදිහට කළු ලෝගුව හිසට පලදන අය තවත් එක් කෙනෙක් විතරම වෙන්න පුලුවන්.. ඒත් නිකමට හිතන්න ඒ තැනට තමන්ගේ පවුලෙම කෙනෙක් ආවොතින්.. මම ලියන්න හිතාගෙන හිටියේ ඒ විදිහට..

    ReplyDelete
    Replies
    1. අයියගේ කතාවත් ලියන්න, වෙනස්ම එකක් වෙයි.

      Delete
  11. අනේ මන්ද මම නම් අළුගෝසුව කියන නමටවත් ඒ පුද්ගලයට වත් පොඩ්ඩක්වත් කැමති නැහැ...අනික මරන දඬුවමටත් මම විරුද්ධයි..!!

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයා වැරදිකාරයෙක් නෙවෙයි, ඒක එයාගෙ රැකියාව. එයා තවත් එක් මනුස්සයෙක් විතරයි

      Delete
  12. නිළ නොලත් අළුගොසුවෝ රට පුරාම ඉන්නෙ.

    සොඳුරු මිනිසා, මේ බ්ලොග් එකේ බැක් ග්‍රවුන්ඩ් පින්තුරෙ මොකද්ද ? ටිකක් පහළට ගියාම ජීව විද්‍යාව පාඩම් මතක් වෙනව.

    ReplyDelete
    Replies
    1. අලි මූණක් ඔබා මාමෙ , මම හරි ආසයි අලින්ට..........

      Delete
    2. ජීව විද්‍යාව පාඩම් මතක් වෙන්නෙ ඇයි?

      Delete
    3. කිව්වට පස්සෙ දැක්කෙ අලි මූණක් කියල. වෙන දෙයක් වගේ පෙනුනෙ.

      Delete
  13. මටනම් අන්තිමට හිතුනේ "දුක්බර ජීවිතයක් ගෙවන තවත් එක් මිනිසෙක්"

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අළුගෝසුවා දුකින්ද ඉන්නෙ?

      Delete
  14. එල්ලලා මරලද මරලා එල්ලලද කියලා ලේසියෙන්ම හොයාගන්න විදිය දන්නවද...

    ReplyDelete
    Replies
    1. අපරාධ විද්‍යාවේ ඒ ගැන තියෙනවා මයෙ හිතේ

      Delete
  15. අගය කල යුතු චරිතයක්,ආසාවට කරනව නෙමෙයි නෙ

    ReplyDelete
  16. අලුගෝසුව වුනත් කරන්නේ රස්සාවක්නේ. ඇත්තටම අලුගොසුවට පව් සිද්ද වෙන්නේ නැතිව ඇති මං හිතන්නේ.. ඉස්කෝලේ යන කාලේ නොන්ජලයෙක් වුනත් ඒ මනුස්සයාගේ හිත කොච්චර හයිය වෙන්න ඕනෙද මේ රස්සාව තෝරාගන්න. වෙනස් මාතෘකාවක කතාවක්.

    ReplyDelete
    Replies
    1. අළුගෝසු රස්සාවට පවු සිද්ද වෙනවා කියලා හාමුදුරැවො කිව්වා

      Delete
  17. නියමෙටම ලියල තියෙනව.....සෑහෙන අඩුවෙන් කතා බහට ලක් වෙන චරිතයක්....

    ReplyDelete
    Replies
    1. අඩුවෙන් කතා වුනත් වන සේවය?

      Delete
  18. කොතෙක් විරුද්ද වුනාත් ක්‍රියාවට නංවන්න ඕනේ දෙයක්.එත මේ මනුස්සයා කරන්නේ රැකියාවක් සමාජෙට නොගලේපෙන පිරිසක් නැති කරලා දැමීම.

    ReplyDelete
  19. නිතරම කතාබහකට නොඑන චරිතයක් ගැන මේ ලියවුන සටහන ඇත්තටම අපුරුයි යාලු..

    සංවේදී මේ කතාව....

    ReplyDelete
  20. මේ සටහන හරිම සංවේදියි වගේම ලස්සනයි. දිගටම ලියන්න යාලුවේ

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...