Tuesday, March 13, 2012

ඈ නාමලීය


ඈ යලිත් මට මුණ ගැසුණාය. ඒ වන විට ඈ පුරන් වූ කුඹුරක් සේ මට දිස්වුනි. ඇගේ දෑස් මලානික වී තිබුණි. ක්ෂණික මතකයන් සමුදායක් මා මනසේ සිතුවම් පෙළක් සේ ඇඳී බොඳවී ගියාය. ඈ මාහා සිනාසිනි.මමද පෙරලා ඈ හා සිනාසුනෙමි. ඈ නාමලීය.

 ඈ මාගේ පෙර බිරිඳ වූවාය. නාමලක් සේම ඈ මා දිවිය සුවඳවත් කලාය. නමුත් ඒ සුවඳ සදහටම උරුම කර ගන්නට තරම් මම වාසනාවන්තයෙක් නොවීමි. අතීතය සිහිවී මට නිතතින්ම බැලුනේ ඇගේ ලැම දෙසය. 

ඒ සමගම ඈ අතින් අල්ල සිටි සමීර පුතු මා හදුනාගත්තේ, තාත්තී යයි කියමින් පැමින උණුසුම් හාදුවක් පිරිනමන ලද්දේ හොටු තලියක්ද මා මුහුනේ අතුල්ලාය. මට පිලිකුලක් නොදැනිනි. මා පුතු වඩාගත් අයුරු දැක ඈ ‍නෙතු කඳුලින් තෙමී තිබුනි. ඈ මා අසලට පැමින "පුතා තාත්තිට කරදර කරන්න එපා" යයි කීවාය. ඇගේ බසට ආවනත නොවූ පුතු සුරතල් බස් දොඩන්නට විය. 

අමාරුවෙන් වචන ගලපාගත් මා "නාමලී, ඉතින් කොහොමද කියා ඇසීමි. ඈ කඳුලත් සිනාවත් අතරින් මා මුහුණ දෙස බලා උන්නාය.මා ඇසූ ගොන් පැනයට සියලු පිලිතුරු ඇගේ මුහුනේ රැඳී තිබුනි. බොහෝ දුරක් පයින් ආ නිසාදො ඈ වෙහෙසට පත්ව සිටියාය. දූවිලි කාස්ටකය ඇගේ මුහුන සහ මුදු කෙස් කලඹ යටපත් කර නැගී තිබුනි. මට මා ගැනම වයිරයක් ඇතිවිය.

ඈ "පුතාට හොඳටම උණ හෙම්බිරිස්සාව" යයි අසරණව කීවාය. මගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු නොවූයේ වහා පුතුට බෙහෙත් අරන් දී තවත් යමක් කල හැකිද විනා "කාලද ඉන්නේ" නාමලීගේ මුහුන දෙස බලා ඇසුවෙමි. "කරදර වෙන්න එපා සුරේන් " යනුවෙන් අහින්සකව පැවසූ ඈ සිලි මල්ලක එතූ පාර්සලයක් බෑගයෙන් එලියට ගෙන පෙන්වීය. ඇගේ අතින් පිසුනු රස ආහර මා රස නහර පිනවූයේ මීට බොහෝ කලකට ඉහතදීය. ඒ රස සොයා වහා පර්සලය ඇගෙ දැතින් ගෙන බලනුයේ එහි වූයේ රොටී දෙකකි. මා මොන තරම් අමනයෙක් දැයි මටම සිතුනි. ඇගේ අකැමැත්ත මැද්දේ පුතුත් ගෙන කඩයකට ගොඩවැදුනු මා ආහාර ඇනවුම් කලෙමි. පුතු මහත් ගිජු කමකින් අහාර ගනු දුටු මා ඈ මුහුන දී ඇති අහේනිය මනාව අවබෝධ කර ගතිමි.

 ඈ හා පුතු අහාර ගනු බලා සිටි මා සිත මටත් හොරා අතීතයට දිවගෙයේ සරසවිය අසල නැවතිනි. නාමලීගේත් මගෙත්  සොඳුරුතම කාලය එය විය. මා කුසගින්නේ සිටි දිනක ඈ අගෙ බත් පත මට පිරිනැමූ අයුරු මට මතක් විය. එතැන් සිට ඇරඹි මාගේත් ඇගේත් ආදර බැඳීම කිසිදු බාදකයකින් තොරව ගලා ගියාය. ආදරයේ සොඳුරු තැන් සොයා අප දෙදෙනා සරසවි බිමේ හුදෙකලා වීමු. දිනක් ඇගේ නලලත සිපගත් දිනෙක "ඔයා හරි නරකයි" කියමින් මා උර සපාගෙන උරයට හේත්තු වී බොලද වදන් කියූ නාමලීව මට මැවී පෙනුනි. අපෙ අදරයට පැමිනි මුල්ම බාධකය වූයේ මගේ අම්මාය. ඈ දුලාරි නම් තරුණියක මට යොජනා කලාය.

 අම්මාගේ විරෝදය මැද්දේ මා නාමලීගේ අත ගත්තෙමි. අප දෙදෙනා වෙනම කුලී නිවෙසක අපේ කැදැල්ලෙ රස වින්දිමින් සිටින අතරතුර අපි දෙන්නාගේ ආදරයේ උපරිම පලය පුතු සමීර අපි අතරට අවාය. සමීරගේ ආගමනයත් සමග අපේ අම්මාද ටිකටික වෙනස් වී නාමලීට දුවක සේ සෙනේ පානනට වූයේ මා සිතේ උපරිම සතුටක් රඳවමිනි. අනේ දෙවියනි ඒ මුලාවක් බව මා නොදැන සිටියෙමි.

 අපේ කැදැල්ලට ආ දෙවනි හෙනහුරා වූයේ නාමලීට පියයුරු පිලිකාවක් වැලඳීමයි. අහෝ සරසවියේදී කාටත් හොරෙන් මිරිකූ, නිදි යහනේ මා සැනසූ, සමීර පුතුට කිරි දුන් ඇගෙ ඒ හන්ස ජෝඩුව මස් වැදලිවන්ව ඇගේ ගතින් වෙන්වුනි. නාමලී මානසිකව වැටුනාය. නමුත් ඇගේ පිරිපුන් බවේ අඩුවක් මට නොම දැනිනි. ඈ මගේ නා මලම විය. 

අම්මාගෙත් දුලාරිගෙත් කුමන්ත්‍රන වල සාර්තකත්වයට මෙය තදි බල පෑවේය. මා අම්මටත් නාමලීටත් මැදිවූයේ ගිරයට අසුවූ පුවකයක්ම විය. අම්ම්මා හා දුලාරි නාමලී හා පුතු මගෙන් වෙන්කරනු ලැබීය. මා මගෙනුත් අම්මාගෙන්නුත් දුලාරිගෙනුත් පලිගැනීමට දුලාරි හා විවාහවී අසාර්තක පවුල් ජීවිත්යක් ගෙනයමි. දුලාරි හා මා අතර ඇත්තේ ලියවිල්ලක බැඳීමක් පමනි. 

මේ සියල්ල මට හැඬුම් ගෙනාවාය. සැබවින්ම මට හැඬිනි. නාමලී වැලඳ ගත් මා පොඩි එකෙකු සේ ඉකි ගගහා ලොවට හිස් වූ ඇගේ ලැම මත හිස තබා හඬා වැටෙන්නට විය.ඇයද හඬා වැටුනු නමුත් ඇගෙ මුදු අතැඟිලි මා හිස ආදරයෙන් පිරිමදින්නට විය. අප හඬනු දුටු සමීර පුතුද මහා හඬින් හඬන්නට විය. බිල රැගෙන පමිනි වේටර කොලුවා අපේ කඳුලට තිතක් තැබීය.

 බලෙන්ම සේ 5000 කොලයක් නාමලී අත ගුලිකල මා බිල ගෙවා එනවිට නාමලී හා පුතු නොසිටියාය. කඩය ඉදිරියෙන් තුන් රෝද රියක් ඉගිලී ගියාය. ඈ මටත් නොකියා ගොසිනි. නාමලී කිසිදිනෙක මට බධාවක් නොවීය. ඈ පිසූ රොටි දෙක තාමත් මා දෑතේ රැඳී තිබුනි.............

47 comments:

  1. අහෝ සරසවියේදී කාටත් හොරෙන් මිරිකූ, නිදි යහනේ මා සැනසූ, සමීර පුතුට කිරි දුන් ඇගෙ ඒ හන්ස ජෝඩුව මස් වැදලිවන්ව ඇගේ ගතින් වෙන්වුනි. නාමලී මානසිකව වැටුනාය. නමුත් ඇගේ පිරිපුන් බවේ අඩුවක් මට නොම දැනිනි. ඈ මගේ නා මලම විය.

    ReplyDelete
  2. නියමයි . . . වෙන කියන්න වචන නෑ

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් කියලා ගියාට

      Delete
  4. ලොකු සුසුමක් පිට වුනා, අම්මල දුලාරිලා ඇරුනම වෙන හේතු උඩත් සිද්ධ වුන, මේ වගේ ඇත්ත කථාත් තියෙනව.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පීලිගන්නවා ඔබා මාමව
      ඔබා මාමා කියපු කතාව ඇත්ත තමයි

      Delete
  5. වදිනවා මේ වගේ කතා.., දවසේ මුලින්ම කියවපු බ්ලොග් එක.., නරකම නෑ..!
    ලස්සන වහරක් ඔබ සතුයි., තව දියුණු කරගන්න.
    ජය!

    ReplyDelete
  6. ලස්සනයි මචං..........
    ජයවේවා...........!!!

    ReplyDelete
  7. කෙටිකතා ඔක්කොම හැරවුම් ලක්ෂ්‍යයකින් නවත්තන්නේ... නව කතාවක් ලියන්නත් පුළුවන් ඔහොම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානි අදහස් කියලා ගියාට..........

      Delete
  8. ඇත්තටම කියන්න දෙයක් හිතාගන්න බෑ..උපරිමයි.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු අදහස් කියලා ගියාට..........

      Delete
  9. හ්ම්......
    ඇත්තටම මරු....කියන්න වචන නෑ......

    ReplyDelete
    Replies
    1. තැන්කූ නංගා අදහස් කියලා ගියාට............

      Delete
  10. පට්ටම පට්ට කියලා වැඩක් නෑ මගේ පලවෙනි කමෙන්ට් එකද මංදා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කනියා සහෝ...........

      Delete
  11. ඇයි නාමල දාල දුලාරි ගාවට ගියේ කියන එක ගැටලුවක්...

    නියමයි මචන්

    ReplyDelete
    Replies
    1. යන්න වුනානේ
      මා අම්මටත් නාමලීටත් මැදිවූයේ ගිරයට අසුවූ පුවකයක්ම විය.

      Delete
  12. හම්ම්.....
    ඉතිං ඇයි නාමලව තනිකරලා දැම්මේ.... එතනදී නම් සුරේන් අසාධාරණයි. එහෙම දෙයක් නොවෙන්න එයාට වගබලාගන්න තිබුනා.

    සංවේදී කතාවක්. දැනෙන්න ලියලා තියෙනවා.
    :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් කිව්වට යාළු
      ඇත්ත සුරේන් අසාධාරනයි, එයා ැසාධාරණ වුනේ අම්මා නිසා.
      (මා අම්මටත් නාමලීටත් මැදිවූයේ ගිරයට අසුවූ පුවකයක්ම විය)

      Delete
  13. නැන්දම්මා ලේලි ගැටුම කවද ඉවර වේවිද දන්නෙ නෑ නේද.....ලස්සනට ලියල තියෙනව.

    ReplyDelete
  14. මේක තමා ජීවිතය..

    ඇත්තටම සොදුරු මිනිසෙක් ලියල තියෙන්නේ.. මට විහිලු කතන්දර ලිව්ව ඇති කියල හිතුනා..

    සෑමාත් මේවගේ සීරියස් කතා ලිව්වොත් ?

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරලා බලන්න සෑමා සහෝ...........
      ජය වේවා

      Delete
  15. නියමයි සහෝ....... තව තවත් ලියන්න............ජය........

    ReplyDelete
  16. මේ වගේ අවසානයන් තියෙන කතා වලට මම කැමැතියි.. මොකද අපිට හිතන්න ඉඩ දීලා තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් අයියේ.......

      Delete
  17. එක හුස්මට කියෙව්වා..මාර සීන් එකක් නේ...

    ReplyDelete
    Replies
    1. මාර නෑ මාර නෑ,
      ස්තූතියි සහෝ..........

      Delete
  18. හරිම සංවේදී කතාවක්. ලස්සනයි.

    ReplyDelete
  19. සංවේදී කතාවක්....ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  20. නියමයි තරිදු .......ලස්සනට ලියල තියෙනව.......හිතන්න ලොකු දෙයක් ඉතුරු කරලා තියෙන එක නම් නියමයි..........සුබ පතනවා ඔයාට තවත් ලස්සනට ලියන්න පුළුවන් වෙන්න කියලා ....

    ReplyDelete
  21. හිත සසල කලා.

    ලිවීම උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් කියලා ගියාට............

      Delete
  22. සංවේදී කතාවක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් කියලා ගියාට............

      Delete
  23. Replies
    1. ස්තූතියි අදහස් කියලා ගියාට............

      Delete
  24. මාර සංවේදී කථාවක්.නිර්මාණය අතින් ගොඩාක් සාර්ථකයි.

    ReplyDelete
  25. ස්තූතියි අදහස් කියලා ගියාට සහෝ.............

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...