Saturday, March 10, 2012

යන්න අවසරයි අම්මි, අප්පච්චී........



මන් ඉපදුන දවසෙ ඔයා මාලඟ නොහිටියත් ඉපදුන ආරන්චිය අහලා ගොඩක් සතුටු උනා කියලා මට අම්මි කිව්වා. නිවාඩු අරන් මාව බලන්න ආපු ඔයා මට දීපු හාදු වල උණුසුම මට තාමත් මතකයි අප්පච්චි.

ඒත් අපි හැමොගෙම සතුට උදුරගන්න තරම් කාලය නපුරු වෙලා කියලා ඒ දවස් වල මන් දැනන් ඉන්නෙ කොහොමද, ඉපදිලා මස තුනක් වෙච්චි මම. 

ඔයාගෙ පොඩි දෝනි අප්පච්චි කියන කොට එක අහන්න ඔයා මා ලන්ගින් හිටියෙ නෑ අප්පච්චි, මගේ දඟ වැඩ බලාලා සතුටු වෙන්න ඔයාට වාසනාවක් තිබුන් නෑ අප්පච්චි, ඔයාගෙ දෝනි ටිකටික ලොකුවෙද්දි ඔයාගෙ උණුසුම හොයන කොට, ඔයාගෙ සුලැඟිල්ල අල්ලන් සිගිති දෙපා තියලා ඇවිදින්නට හදන කොට ඔයා මගේ ලොකෙන් යන්නම ගිහින් කියලා මන් දැනන් උන් නෑ අප්පච්චි.

අම්මා කඳුළු බිබී මාව ලොකු මහත් කරා ඔයාගෙ මතකයන් හිතේ තියාගෙන ඔයාගෙන් එයාට ලැබුන ලොකුම තෑග්ග මම කියලා මට කියලා දීලා.

ඔයාගේ රූපෙ මට මතක නැතත් ඔයාව මතක් කරන්න යද්දී මගේ ඇස් දෙක බොඳ වෙලා මට ඔයාව පේන් නැතිවම යනවා අප්පච්චි, පොටෝ පොත් වල ඉන්න ඔයාව ඩැක්කම ඒවා මට වැඩිය වාසනාවන්තයි කියලයි මට හිතෙන්නෙ.

හැබැයි මට තාමත් මත්කයි ඒ දවස නම්, අම්මිත් එක්ක පෙර පාසල් ඇරිලා එද්දී කොල පාට ජීප් එකකින් අවිත් හිටපු හමුදාවෙ මාමලා කියපු දෙයක් අහලා අම්මිව එතනම වැටුනා. මම බයවෙලා මහා හයියෙන් අඬන්න ගත්තා. මට මතක එච්චරයි.

මම නැගිටින කොට අම්මි මාව බදාගෙන අඬනවා " අයියෝ සුදු දුවේ ඔයාගෙ තාත්ති ඔයාවයි මාවයි දාල යන්න ගිහින් කියාලා" ඒ වෙලාවෙ මට මුකුත් නොතේරුනත් මටත් හොඳටම ඇඬුනා.

ඒ මූසල දවසේ ඔයා ගෙදර අවේ හමුදාවෙ මාමලගෙ කර පිටින් පෙට්ටියකින් අප්පච්චි, එක උඩින් ලන්කා කොඩියක් දාල ඔයාගෙ සුදු මූන බලන්න බැරි වෙන්නම ඒක වහලා දාල.

මට නොතෙරෙන කමට මම ඒ පෙට්ටිය ලඟ ඉදන් බොනික්කන්ව නැලෙව්වා ඔයා ගැන කියකිය අප්පච්චී. කව්ද "පවු අසරන කෙලි පොඩ්ඩ, ඒ දරුවා මොනා දැනගෙනද?" කියලා කියනවා මට තාමත් මතකයි අප්පච්චි.

මන් අමමිට අම්මි හරි නරකයි, අඬන්නෙ නරක ලමයි කිය කිය හුරතල් වෙද්දී අම්මි තවතවත් ඇඬුවා අප්පච්චි.


එදා කහපාට සිවුරු ඇඳපු සාදුලා ඇවිත් පැන් වඩලා ඔයාට පින් දෙද්දී මන් හුඟක් දඟ කරලා අප්පච්චි, මට වතුරත් එක්ක සෙල්ලම් කරන්න දුන් නෑ කියලා.


ඔයාව ගෙදරින් එලියට අරන් හමුදාවෙ මාමලා ඔයාව කර පිටින් කනත්තට ගෙනිහින් අහසට වෙඩි තියලා ඔයව සොහොනට තියලා එද්දී අම්මි ඔයාගෙ සොහොන බදාගෙන හොඬටම ඇඬුවා අප්පච්චී.

ටික ටික මන් ලොකු වෙද්දී ඔයා ගැන අහන කොට අම්මිගෙ ඇස් වල කඳුලු පිරුනා අප්පච්චී, කාලයත් එක්ක මට හැම දේම තෙරුම් ගන්න ඉඩ දීල අම්මි ඔයා සුරන්ගනා ලොකෙ ගියා සුදු දූට තැගි අරන් එන්න කියලා මාව නලවද්දී මන් සුරන්ගනා ලොකේ කෝ කියලා අම්මිගෙන් ඇහුවම අම්මි හඳ පෙන්නලා මාව නැලවුවා.

මන් පුන්චි කාලෙදි රෑට හඳ දිහා බලන් උන්නා අප්පච්චී ඔයා මට තෑගි අරන් එනකන්. එත් ඔයා කවදාවත්ම අවේ නෑ අප්පච්චී.

මන් ඉස්කෝලෙ යද්දී ඔයාගෙ පොටෝ එකට වැඳලා යන්න මට අම්මි ඉගැන්නුවා අප්පච්චී.

හැම අවුරුද්දකම මායි අම්මියි ඔයාගෙ සොහොන ලඟට ඇවිත් ඉටිපන්දමක් පත්තු කරලා ගියා කියලා ඔයා හොඳටම දන්නවා ඇති ඇප්පච්චී.

ටිකටික මට තේරුම් වෙන කොට අනික් ලමයි අප්පච්චිලාත් එක්ක ගමන් යනවා දැකලා මට ඉරිසියා හිතෙනවට වඩා ඔයා ගැන ආඩම්බරයක් අති වුනා අප්පච්චී.

ඒත් ඔයාගෙ පොඩි දෝනි ලොකු ලමයෙක් උන දවසේ ඔයා නැති පාලුව මට හොඳටම දැනුනා අප්පච්චී.
අම්මි මාව දුක් විඳලා ලොකු මහත් කරලා හොඳට ඉගැන්නුවා. ඔයා කොහේ හිටියත් ඔයාගෙ අශිර්වාදේ මට තියෙනවා කියලා මගෙ හිතේ ලොකු හැඟීමක් තිබුනා අප්පච්චී.

අද ඔයාගෙ පොඩිදෝනි පිටගම් යනවා අප්පච්චී, අම්මි අද ඉඳන් තනි වෙනවා අප්පච්චී, ඔයාගෙ මතකයයි මගේ මතකයයි හිතේ තියන් අම්මි අද ඉඳන් ගෙදර තනි වෙනවා අප්පච්චී, එයාට දුකක් දැනෙන්න දෙන්න එපා අප්පච්චී. ඔයා එයාට දුන්න තෑග්ග අද වෙන කෙනෙකුට අයිති වෙලා අප්පච්චී.ඉතින් මට යන්න අවසරයි අම්මි, අප්පච්චී........




ප:ලි - මේ මගේ කුළුඳුල් කෙටි කතාවයි, මේක කෙටි කටාවක් වගේද කියන්න මන් දන් නෑ, බලලා අඩු පාඩු එහෙම කියල යනන.

39 comments:

  1. මේ කතාව ඇත්තම වෙච්චි සහෝදරියන් කීයක් අපෙ රටේ ඇතිද?

    ReplyDelete
  2. හරිම දුක කතාවක් .පහුගිය කාලේ මේ වගේ සිද්දි කොපමණ තියෙන්න ඇද්ද ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත මගෙ මාමත් හමුදාවෙ ඉදලා නැතිවුනා, එයාටත් ඉන්නෙ දුවෙක්, එක අතකින් මේක ඒ නංගිගෙ කතාව වගේ

      Delete
  3. ලස්සනයි. අවුලක් නෑ.. නැවුම් ලියවිල්ලක්.. සංවේදීයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන් සහෝ............

      Delete
  4. මේ කතාව තමන්ගෙම කතාව කියලා හිතෙන කී දෙනෙක් නම් ඇතිද. පළවෙනිම කෙටි කතාව ගොඩක් ලස්සනට හිතට දැනෙන විදිහට ලියලා තියෙනවා. දිගටම ලියන්න සුභ පතනවා...

    ReplyDelete
  5. නිතරම අහන්න දකින්න ලැබෙන කතාවක් වෙනමම පැත්තකින් ලියලා තියෙනවා. ලස්සනයි...
    :)
    තාත්තගෙ ආදරේ දුවට දැනෙන්න අම්ම කරපු කියපුවා... ඒ ටික නම් ගොඩක්ම සංවේදී...

    ReplyDelete
  6. නියමයි.. මමත් කාලෙකය උඩදි මේ මාතෘකාවෙන් කෙටි කතාවක් ලියුවා.. හැබැයි ටිකක් වෙනස්.. කතාව නම් අපූරුයි..

    ReplyDelete
  7. මගේ ඇහැට අන්තිමේදි කඳුලක් ආව අයියේ...ඇත්තටම සංවේදී විදියට ලියල තියෙනව.....

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතා අහද්දි දකිද්දි සංවේදී අපේ ඇහැට කදුලක් එන්නෙ නිතැතින්ම නංගි
      කොහොම හරි ස්තූතියි අදහස් කියල ගියාට.......

      Delete
  8. දුක හිතුණා කතාව කියවලා. මේ විදියේ දූවරු කීයක් නම් අප්පච්චිලාගේ ආශිර්වාදේ නැතුව පිටගම් යන්න

    ReplyDelete
    Replies
    1. සමහර විට මෙතැයි කියන්න බැරි තරම්......

      Delete
  9. කතාව කියවන් යද්දී දන්නෙම නැහැ ඇස් දෙක තෙත් වෙලා.ඇත්තමයි හරිම සංවේදී කතාවක්.ඒත් ඔය කතාව ඇත්තට හිතින් විඳින,විඳවන අයනම් මේ ලෝකේ කොච්චර ඇත්ද...

    ඔයාගේ මේ ලියන විදිහ හිත්නට දැනෙනවා.ලස්සනයි ගොඩාක්මැ..


    ඔයාගේ බ්ලොග් එක මගේ බ්ලොග් එකේ අප්ඩේට් වෙන්නෙ නැහැ වගේ..එකයි කලින් පොස්ට් එකටත් එන්න බැරි වෙලා..

    ReplyDelete
  10. ලස්සන සිතුවිල්ලක්

    ReplyDelete
  11. ගොඩක් ලස්සනයි කතාව..

    ReplyDelete
  12. පටන් ගද්දි මම හිතුවේ නවකතාවක් කියලා... ඇත්තටම හරිම සංවේදී කතාවක් බොහොම අපූරුවට අකුරු කරලා... ලියන්නේ පිරිමි ළමයෙක් කියන එකත් අමතක වුණා ඔයාගේ ලිවිල්ලට... ජයවේවා!!! දිගටම ලියමු (තව ටිකක් කල් ගිහින්)

    ReplyDelete
  13. පිරිමි ළමයෙක් විදියට ගෑණු ළමයෙකුගෙ හැඟීම් මේ විදියට ලියා ගන්න පුළුවන් වෙච්චි එකම මොනතරම් දෙයක්ද... අපූරුයි... ඒ වගේම සංවේදීයි.....

    ReplyDelete
  14. අම්බෝ !!! පට්ටෙට දුක හිතෙනව බං මේ වගේ කතා කියෙව්වම !
    ලියවිල්ල ගැන නම් කියන්ඩ දෙයක් නෑ. සුපිරියි !

    ReplyDelete
  15. නිමෙටම ලියල තියෙනව සහෝ.......!!!

    ReplyDelete
  16. ගැජට් වැඩි නිසා බ්ලොග ස්ලෝ වගේ..

    අන්තිමට දන්නේ කතාව කෙටි එකක් කියලා.. සංවේදී..

    ජය පතමි.. !

    ReplyDelete
  17. ස්තූතියි සහෝ අදහස් කියලා ගියාට............

    ReplyDelete
  18. හිතට වදින්න ලියල තියනවා. කෙල්ලෙක්ගෙ ජීවිතේ දිහා හරි අපූරුවට බලල තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ අදහස් කියලා ගියාට............

      Delete
  19. කොල්ලෙක් ලීවද කියලත් අමතක උනා කතාව කියවන් යද්දී.....පලවෙනි කෙටි කතාව උනත් හුගක් තාත්විකව ලියල තියනව යාලු...මේ වගේ දේවල් පහුගිය කලේ කොච්චර නම් දුවලට වෙන්න ඇත්ද...:( හොද පටන් ගැනීමක් යාලු..දිගටම අලුත් නිර්මාණ ලියන්න...ජය...!!!

    ReplyDelete
  20. හරිම සංවේදී කතාවක්.ඒත් ඔය කතාව ඇත්තට හිතින් විඳින,විඳවන අයනම් මේ ලෝකේ කොච්චර ඇත්ද...කතාව නම් අපූරුයි........සංවේදී..

    ReplyDelete
  21. ගොඩක් සංවේදී කතාවක්....සිතුවිලි ලස්සනට ගලපලා තියෙනවා...ලස්සනයි ....

    ReplyDelete
  22. මේ කතාව ගොඩක් ලස්සනයි. ගොඩක් සංවේදී .කියවගෙන යද්දී ලියල තියන හැමදෙයක්ම හිතේ කතාවක් මැව්ව .හැබැයි මේකේ අවසානයට මම ආස නෑ . ඒ ඒක ගොඩක් දුක හිතෙන නිසා .මේ වගේ සැබෑ ලෝකේ ඉන්න අම්මල කොච්චර දුක් විඳින්න ඇත්ද .ඒ අම්මලට අන්තිමට මෙහෙම තනිවෙන්න වෙනවා කියල හිතෙද්දි ගොඩක් දුකයි.සැබෑ ලෝකේ මෙහෙම නොවෙනවානම් මම ආසයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි, නමුත් මෙයම නේද යතාර්ථය.

      Delete
    2. ඇත්ත...............අපි අකමැති යතාර්ථය

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...