Thursday, March 8, 2012

සුදු සද දුටු සද උඩු බුරයි මගේ සිත




සුදු සද දුටු සද
මතක් වී නුඹේ පෙම
උඩු බුරයි මගේ සිත
නාකි බල්ලකු ලෙස

උඩුබුරනා විට මහ හඩන්
අසා ඉදිපන් ඉතින්
සී මැදුරු කවුළුවෙන්
නිදි යහනට වී තුටින්

මාගෙ දුක් සුසුමන්
පාරයි සදේ සදකැන්
සමුදී නුඹ ගිහින්
අමාවකයි දැන් ඉතින්

තනි තරැවක ලෙසේ
බැසයන සද විලසේ
තනි කලේ මා කෙසේ
කියාදී යනු ලදේ.........

32 comments:

  1. හිතට ආපු දෙයක් ලිව්වා හොදේ.......

    ReplyDelete
  2. ම්ම්ම්...
    නියමෙටම ලියලා තියෙනවා.

    තනි තරැවක ලෙසේ
    බැසයන සද විලසේ
    තනි කලේ මා කෙසේ
    කියාදී යනු ලදේ.........

    ReplyDelete
  3. සම්භාව්‍ය ගතියක් පේනවානේ. කොරටම ලියලනේ.. එල එල...... සදා වාසනා

    ReplyDelete
  4. ලස්සනට ලියල තියනවා යාලු... කෙනෙක්ගේ හිතේ තියන ආදරේ තේරුම් ගන්න බැරි අයත් මේ ලෝකේ ඉන්නවා යාලු... එයාලට කවදා හරි එකේ වටිනාකම තේරුම් යයි.... කාලය හැමදේම විසදයි...
    මම කැමතිම කොටස:
    මාගෙ දුක් සුසුමන්
    පාරයි සදේ සදකැන්
    සමුදී නුඹ ගිහින්
    අමාවකයි දැන් ඉතින්

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචං, කාලය කෙලවනව වලේම දෙන කොට ගෙදරටම ගෙනත් දෙයි.

      Delete
  5. තරුණයා පත්තරේ නිර්මාණයකුත් දැක්ක. මෙහෙම ලියද්දි ඒකෙ වැටුනෙ නැත්න්ම් තමා පුදුමෙ........:)

    ReplyDelete
  6. ලස්සන අදහසක්.. මගේ බ්ලොග් එකෙත් මේකේ කොටසක් කම්න්ට් එකකට දාලා ගිහින් තිබුනා..

    ReplyDelete
  7. ශා... දැන් ඔයා කවිමද ලියන්නේ...පට්ට ඈ... :))

    ReplyDelete
    Replies
    1. කවි තමා බිලොග් ලියන්න පටං ගත්ත දා ඉදලා ලිව්වෙ

      Delete
  8. හරිම ලස්සනයි කවිටික

    ReplyDelete
  9. කවියක් උනාට ගීතයක් වගෙයි දැනුනෙ...

    ReplyDelete
  10. අදමයි ආවේ සුපිරි බී ඈ ...

    ReplyDelete
  11. හලේ සොලී.....මං එන්න පරක්කු වුනා....
    අදමයි මං ආවේ.....:)
    උඩ හිරූ කියල තියෙනව වගේ මටත් මේටිකනම් තදටම වැදුන...
    “මාගෙ දුක් සුසුමන්
    පාරයි සදේ සදකැන්
    සමුදී නුඹ ගිහින්
    අමාවකයි දැන් ඉතින්“

    පුදුම සංවේදී.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ හලේ මේ පැත්තෙ ආවට..........
      සාදරෙන් පිළිගනිමි.........

      Delete
  12. මුල් පේලි හතර නම් පට්ටම පට්ටයි ඕයි

    ReplyDelete
  13. soduru minisa ...............soduru nirmana ........idiriyatath me wagema .....ape thiraya matha watewa//////

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...