Sunday, March 4, 2012

දෙකම එකමැයි කියනු නම් කෝම


රෑ වටෙන පිනි බිංදු 
මොන තරම් සොදුරැයිද
නුඹ ඉල්ලා හඩන
අනෝරාවට වඩා
විද බලන් පිණි පසහ
තේරෙයි නූඹට
ඉදින් 
වැස්සත් දියයි
පින්නත් දියයි
දෙකම එකමැයි
කියනු නම් කෝම

21 comments:

  1. දෙකම එකමැයි
    කියනු නම් කෝම

    ReplyDelete
  2. ටික දවසක් තිස්සෙ බ්ලොගේ කියෙව්වත් මේ මගේ මුල්ම කොමෙන්ටුව...අදහස නම් හුගක් ලස්සනයි යාලු...දිගටම ලියන්න...ජය...!!!

    ReplyDelete
  3. මට තේරෙනවා හොරයි වගේ අප්පා. හැබැයි. මං ආයේ එනවා කමෙන්ට් බලල තේරුම් ගන්න

    ReplyDelete
    Replies
    1. මහ ලොකු දෙයක් නෑ මචං, හිතට ආපු දෙයක් ලිව්වා [:-D]

      Delete
  4. ලස්සන නිසදැසක්...
    :)

    වැසි දියයි පිණි දියයි එකම වුණාට
    ඒ දෙක අපිගාවට එන හැටි වෙනස් නේද....

    ReplyDelete
    Replies
    1. වෙනස් වුනත් මම නමි දෙකටම කැමතියි.

      Delete
  5. //රෑ වටෙන පිනි බිංදු
    මොන තරම් සොදුරැයිද
    නුඹ ඉල්ලා හඩන
    අනෝරාවට වඩා//

    මේ වචන ටික ගොඩක්ම දැනුනා....

    ලස්සනයි...

    ReplyDelete
  6. ලස්සනයි යාළුවා..

    ReplyDelete
  7. වැස්සට පුළුවන් පින්නට වඩා දෙයක් කරන්න. ඉතිං කොහොමද දෙකම එක වෙන්නේ නේද?

    ReplyDelete
  8. නිසදැස ගොඩක් ලස්සනයි....

    ReplyDelete
  9. ම්ම්ම්ම්..... ලස්සනයි....

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...