Monday, March 26, 2012

හයි හීල්ස් VS බාටා කටු



බසයේ මා සිප් සොයා වාසිටි යන අතර තුරා
රූබර ලදක් හිටියයි හෙලමින් බැලුමන් නුරා
දැකුමෙන් ඈ කැලබිනිය මාසිත මටත් හොරා
මන්මත් බවක් ඇතිවිය මාගත නොලබත් සුරා

මාගත ඇදෙයි ඈ අසලට කාන්දමක් වෙලා
මාසිත ඇදෙයි ඊටත් පෙර මාන්දමක් වෙලා
මානෙතු නැලවෙයි ඇගෙ රූ දැකුමන් බලා
මාකන් පිනයි ඇගෙ මුව සිනහවන් නෙලා

ඈ තැවරූ වත්සුනු සුවදින් මා මත් වෙලා
කිට්ටු උනා මමත් ඈහට සිනහවක් හෙලා
හයි හීල්ස් දැමූ ඇගෙ විල්ලුද පුංචි දෙපා
අනේ පෑගුවයි ලෙලි පනින තුරු මගෙ දෙපා

 මත් බවින් සිටි මා දැක ඇගෙ නුරා
මිදුනයි මා මතින් වේදනාවෙන් දෙපා
මතක් වුනි ඉතිං මට ඇගේ පරම්පරා
නද දුන්නා මා හඩ මුළු බසය අරා

කදුළු පිරි නෙතින් ඈ මා දෙස බලා
කීවා ගලපා වදන් අනේ සොරි කියා
කකුලේ වේදනාව කොහේදෝ ගියා
ඊලග නැවතුමෙන් ඇයත් බැස ගියා

Tuesday, March 20, 2012

අළුගෝසු සටහන



"සමරපාල පොඩිසිඤො" මම අඳුරු කුටියේ වූ කලු ලෑල්ලේ හුණු කූරක් මැවූ රටා කියවුවෙමි. ඒ මිනිසෙකුගේ නමක් වීය. මෙලොව විසූ තවත් එක් මිනිසෙකුගේ නමක් විය.  ඔහු කවුරුන්දැයි මා නොදනිමි. කලු ලෑලලේ මෙසේද වීය.


"ප්‍රණය සිඳෙන තුරු එල්ලා තැබුවා 1951.10.15 වන දින පෙ. ව. 11 පසුවී 16 වන මිනිත්තුවේදී"


මට එදින 11.15 වන මොහොත ගැන කල්පනා වීය. අකුරු රටා මා දෙනෙත් විඩා ගෙන දුන්නේ මා දැඇස මානයේ එල්ලෙන තොන්ඩුව දෙස බලා හිදින්නට වීමි.



"උඹලයි අප්පොච්චි අදත් එකෙක් එල්ල්ලා."අම්මගේ වදන් මාතුල මහත් වූ අපුලක් පියා කෙරේ ඉපදවීමට සමත් වීය. කටගොන්නකට රා කටු හලාගෙන ආ පියාණෝ මහත් වූ පුරසාරම් දොඩවයි. ඒ වදන් මා සවන් වලට යවුලින් අනින්නා  සේම විය. තාත්තාගේ පුරසාරම් වලට හූ මිටි තියනුයේ අම්මාම විය. දෙන්නා දෙමහල්ලන්ගේ වාදයේ අවසානය වනුයේ අම්මා හොඳ හැටි තැලුම් කෑමත් කුස්සිය මුල්ලෙන් ඉකි බිඳුම් හඬකුත් ඉතිරි වීමය. ඊට පසු ඊටත් වඩා මහා හඬින් ඉකි ගසා හඬා හතර ගාතය දා නිදාගනුයේ පෙර රකුසු වෙස් ගෙන සිටි තාත්තාය. ඔහු කවුරුන්දැයි මා තබා අම්මාවත් දැන නොසිටින්නට ඇති වගක් මට හැඟේ.


පසල් සමය මා නෝන්ජලයකු කිරීමට පියාගේ රැකියාව සමත් වීය, මා ඔහුට දහස් වර වෛර කලෙමි. කිසිවකු සමඟ භජනයට නොගිය මා හට "අළුගෝසු පැටියා" යයි බොහෝ කොල්ලන් විසින් නම් පටබැන්දාය. අහින්සක මා උන්ගෙන් නිරපරාදේ බොහෝ විට තැලුම් කෑවාය. එවන් විට කෝපාග්නියේ අන්තයටම යනුයේ " තොපි සේරම එල්ලලා මරනවා බොලවු" මා මුවින් පිට වනුයේ මටත් හොරාය. මහා හඬින් හඬා වැටෙන මා හනිකට අම්මා සොයා දුව යමි.  පියාගේ මරනයෙන් මාහට උරුම වූයේ මා තදින් වෛර කල රැකියාවය. අම්මා රකිනු වස් අකැමැත්තෙන් වුවද උරුමයට කරගැසූ මා අළුගෝසු ජීවිතයට ටික කලකින්ම හුරු වීය. මා හට තත්තා කවුරුන්දැයි පසක් වූයේ මේ සමගමය.


තොන්ඩුවේ බැඳි මකුළු හුයකට අසුවූ මැසි මදුරුවෙකු ජීවිතය ඉල්ලා මරණාසන්න නිශ්පල උත්සායක නිරත වෙනු දැක මා අතීතාවර්ජනයෙන් මිදුනෙමි.



ඉදිරියෙන් වූ කලු ලෑලලේ අකුරු මාහට විරිත්තන්නට වූවාය. තොපිට විරිත්තන්න වෙන්නේ අද විතරයි යන හැඟීමත් සමගම වෙනත් නමක් තවත් කාලයකට මෙතන පැලපදියම් වනුයේ අද බව මට මතක් වීය.


අඳුරු කුටියෙන් එලියට ආ මට ඈතින් කසාවතක චලනක් දැකිය හැකිවීය. සන්සුන් ගමනින් වඩිනා උන්වහන්සේ මැරෙන උන් කීයකගේ දුක් අඳොනා පාපොච්චාරනයන් අසා ඇති දැයි මට සිතිනි. මැරෙන්නට යන අයගේ සිත් සතන් සැනහීමට උන්වහන්සේට හැකිවීදෝ දන්නේ උන්වහන්සේම පමනි. මා අසා ඇත්තේ අවසාන විලාපයන් හා සෝසුසුම් පොදවල් වල හඬ පමනි.



උන්වහන්සේ දෙස බලා මා හට පහන් හැඟීම් ජනිත නොවූවාය. වරද කරුවන්ගේ මරුවා මම වීමි. මා මහා මරුවෙකි. නීතියෙන් වරම් ලද මරුවෙකි. මට දඬුවම් දෙන්නෝ කවරෙක්ද? මා සිත වේගවත් සිතුවිලි වලින් චන්චල වීය. කසාවත මට සහනයක් නොවීය. එය නොපෙනී යනතුරුම මම මග බලා සිටියෙමි.



උන්වහන්සේ දෙස බලා මා හට පහන් හැඟීම් ජනිත නොවූවාය. වරද කරුවන්ගේ මරුවා මම වීමි. මා මහා මරුවෙකි. නීතියෙන් වරම් ලද මරුවෙකි. මට දඬුවම් දෙන්නෝ කවරෙක්ද? මා සිත වේගවත් සිතුවිලි වලින් චන්චල වීය. කසාවත මට සහනයක් නොවීය. එය නොපෙනී යනතුරුම මම මග බලා සිටියෙමි.


බන්ධනාගාර නිලදාරීන් විසින් රැගෙන ආ සිරකරුගේ මුහුන මා දිටීමි. මරණ බයින් අඳුරූ වී ගිලා බැස තිබූ ඒ නෙතු නා නෙතු හා ගැටිනි. ඔහු මා කවුරුන්දැයි හඳුනා ගත්තා විය යුතුය. මරනය හමුවේ ජීවිත්ය ඉල්ලන දෑසක් මට දැකිය හැකි විය. එවන් දෑස් කීයක් නම් මා දැක ඇත්ද?.


ලොක්කන්ගේ අණට ක්‍රියාත්මක වූයේ මා ඔහුගේ හිස වසා දැම්මෙමි. එය මට මහත් පහසුවක් ගෙනාවාය. ගැහෙන දෑතින් යුතුව තොන්ඩුව ඔහුගේ හිස පැටලීමි. මේ ගෙවී යනුයේ තවත් එක් මිනිසෙකුගේ අවසාන මොහොතය. ඔහුගේ හදවතෙ හඬා වැටීම මා සවන් වලට ඇසිනි. ඔහු නොහැඬුවද මහත් වූ සුසුමන් සමුදායක් වා තලයට මුදා හලේය. ටව ටික මොහොතකින් ඔහුගේ ප්‍රානයද වාතලයටම එක් වනු ඇත.


"දඩස්" හඬ නගමින් තට්ටුව පහලට යත්ම ඒ හඬ පරදා "ටකස්" යන හඬ නැගී සිටියාය.


මීට මොහොතකට පෙර මකුළු හුයේ සිරවූ මැසි මැදුරුවා මට සිහිවිනි.............





Sunday, March 18, 2012

ඔබ කකුස්සි කටක්ද?

කාටවත් මඩ ගැසීමට හෝ අපහසු තාවයකට පත්කිරීමට හෝ විවේචනය යන වදනට මුවාවි නින්දිත ලෙස පහර ගැසීමට මෙයින් මා බලාපොරොත්තු නොවන බව මුලින්ම තරයේ ප්‍රකාශ කර සිටිමි. මෙය හුදු මා දරණ තවත් එක් මතයක් , එහෙමත් නැත්නම් මට හැඟෙන විදිය , මා දකින විදිය සමාජය හමුවේ තැබීමක් බව වටහා ගනු මැනවි. මා මුලින්ම යොමු කලාක් සේම නැවතත් ඔබෙන මම අසනුයේ ඔබ කකුස්සි කටක්ද යන්නය. මේ වන විට ඔබට මා කෙරේ වෛරයක් හෝ පිළිකුලක් ඇතිව ඇත්නම් එය සධාරණය. එහෙත් ඔබත් මාත් කකුස්සි කටකට උපමා කර තිබේ යයි මට හැඟේ. ඔබගේ වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටුකර දෙන අර පික් මේ පික් හාපික් දමා මදින කකුස්සි කට මට සමාන වූයේ කෙසෙද යන පැනය මේ වන විට ඔබට පැන නැගී ඇතුවා නිසැකය.  මිනිහෙක් වෙච්ච මන් කොහොමද යකෝ කකුස්සි කටක් වුනේ , මූට පිස්සුද කියා ඔබට හිතී ඇතිවා මෙන්ම මා කියන්න යන්නේ කුමක්ද යන්නත් සමහර විට ඔබ දන්නවා ඇත. මෙය කීමට මා ප්‍රමාදයයි හැඟේ. කවුරුන් හෝ මීට ප්‍රථම මෙය කියා ඇතයි මම නොදනිමි. නමුත් එය මා ඔබට කියමි.

ඔබ මහ මග යන විට මේ පුවරු දැක ඇතිවා මෙන්ම සමහර විට රූපවාහිනියෙන් දැක ඇතැයි මා සිතමි. සැබැවින්ම ඔබට හිතුනේ කුමක්ද යන්න මට සිතුන ඩේ හා සසඳා කියා යාමට කාරුනික වන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිමි. එවිට මා දරණුයේ වැරදි මතයක්ද යන්න හෝ මට වැරදි වැටහීමක් ඇතිවීද යන්න තේරුම් බෙරුම් කර ගැනීමට එය ඉවහල් වනු ඇත.









දැන් කාරණය පැහැදිලිය. මා කියන්නට යන්නේ කකුස්සි කටවල් වල වෙලඳ ප්‍රචාරන දැන්වීමක් පිලිබඳවය. මෙම දැන්වීමේ නිර්මාන කරුවා කවුරුන් හෝ සැබෑ වෙනසක් කර ඇත.ඔහු වෙනත්ම අයුරකින් මෙදෙස බලා ඇතිවාය. එය අගය කල යුතුය. නමුත් ඒ වෙනස තුල සමාජයේ ගැහැනියට මිනිසාට ලබා දී ඇති වටිනාකම, දී ඇති තැන, යොදා ගත් උපමාව ගැලපේද නොගැලපේද යන්න ඔබට බාරය. මේ පිලිබඳ මාහට නම් ඇත්තේ ගැටලුවකි. ඔහු වෙලඳ පල ජය ගත යුතුය. වෙලද පලම ඔහු අලෙවි කරන බාන්ඩයට සම කොට ඇති අයුරක් මට නම් පෙනේ. නිර්මාන කරු මිනිසා කවුද ඔහුට හිමි තැන කුමක්ද එහි සීමා කවරේද යන්න දැන සිටිය යුතුය.(නොමිනිසුන්ද සමාජයේ නැතිවාම නොවේ) එක අතකට ඔහු වැරදි නැතිවා විය යුතුය, ආයතනය මාර්කටින් වලදී මිනිසාට අපූරු තැනක් ලාබා දී ඇතිවාය. 

අතීත නිර්මාන කරු මෙ අයුරින් මිනිසා සහ ගැහැනිය නොමනා උපමා වලින් සසඳා නැතිවාමය. මෙය සැබවින්ම ජුගුප්සාජනකය. කාන්තාවගේ නාරි ඉරියවු ඔහුට කකුස්සියකි. කාන්තාව තබා නාරි ලතා පුශ්පය දුටු ඉසිවරුන්ගේද මනස කැලඹී නම් මොහුට හා අයතනයට ඒ සියල්ල කකුස්සියක්මය. කානතාවගේ කෙශ කල්‍යානිය කකුස්සියක වැහෙන පියනක් වීය. 

අතීතයේ යදමින් බැඳී නිර්මාණ කල යුතු යයි මා නොකියමි. නමුත් මෙවැනි දෙ ගැලපේද යන ඔබට බාරය.

වෙනස් වන කාලයට අනුව අපද වෙනස් විය යුතුය. ඒ වෙනස නොමනා වෙනසක් නොවිය යුතුය. 

මාකටින් තුල කල නොහැක්කක් නොමැත. ජේ. ආර් ටද බලය තුල කල නොහැකි වූයේ මිනිසා ගැහැනියක් කිරීමත් ගැහැනියක් මිනිසකු කිරීමත් පමනි. මෙයට එයත් කල හැකිය යන්න මෙයින් මට හැඟේ. මම මට හැඟෙනා දේ කීවෙමි. මේ අනුව මිනිසෙකු මිනිසෙකු පිට නැගී වැසිකිලි යනු නොකියා කියා අවසානය. අවසාන තීරනය ඔබ සතුය.............

Friday, March 16, 2012

අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ


අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ
නැගෙන බහින රළ බැලුවා මගේ ජීවිතේ
නුඹ නොමැතිව නැත සුවයක් මගේ ලෝකයේ
හිතේ දුකක් ඉතිරිව ඇත එයයි කාරණේ

සිත් වෙරළේ තැනුවයි මං අහස් මාලිගා
දරුණු රළක් සේ ඇවිදින් නුඹ බින්දයි ඒවා
රිදුනු සිතේ සෝ සුසුමන් ඇතිවයි බෝමා
බිදුණු රලේ පෙන කැටි සේ විසිර ගියෙයා

සයුරු රළක් වාගෙමයි නුඹේ ආදරේ 
විටෙක නැගෙයි විටෙක බසියි මටද නොතේරේ
ඒවි යාවි කවදාවත් නොරැඳී වෙරළේ
නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ 

Tuesday, March 13, 2012

ඈ නාමලීය


ඈ යලිත් මට මුණ ගැසුණාය. ඒ වන විට ඈ පුරන් වූ කුඹුරක් සේ මට දිස්වුනි. ඇගේ දෑස් මලානික වී තිබුණි. ක්ෂණික මතකයන් සමුදායක් මා මනසේ සිතුවම් පෙළක් සේ ඇඳී බොඳවී ගියාය. ඈ මාහා සිනාසිනි.මමද පෙරලා ඈ හා සිනාසුනෙමි. ඈ නාමලීය.

 ඈ මාගේ පෙර බිරිඳ වූවාය. නාමලක් සේම ඈ මා දිවිය සුවඳවත් කලාය. නමුත් ඒ සුවඳ සදහටම උරුම කර ගන්නට තරම් මම වාසනාවන්තයෙක් නොවීමි. අතීතය සිහිවී මට නිතතින්ම බැලුනේ ඇගේ ලැම දෙසය. 

ඒ සමගම ඈ අතින් අල්ල සිටි සමීර පුතු මා හදුනාගත්තේ, තාත්තී යයි කියමින් පැමින උණුසුම් හාදුවක් පිරිනමන ලද්දේ හොටු තලියක්ද මා මුහුනේ අතුල්ලාය. මට පිලිකුලක් නොදැනිනි. මා පුතු වඩාගත් අයුරු දැක ඈ ‍නෙතු කඳුලින් තෙමී තිබුනි. ඈ මා අසලට පැමින "පුතා තාත්තිට කරදර කරන්න එපා" යයි කීවාය. ඇගේ බසට ආවනත නොවූ පුතු සුරතල් බස් දොඩන්නට විය. 

අමාරුවෙන් වචන ගලපාගත් මා "නාමලී, ඉතින් කොහොමද කියා ඇසීමි. ඈ කඳුලත් සිනාවත් අතරින් මා මුහුණ දෙස බලා උන්නාය.මා ඇසූ ගොන් පැනයට සියලු පිලිතුරු ඇගේ මුහුනේ රැඳී තිබුනි. බොහෝ දුරක් පයින් ආ නිසාදො ඈ වෙහෙසට පත්ව සිටියාය. දූවිලි කාස්ටකය ඇගේ මුහුන සහ මුදු කෙස් කලඹ යටපත් කර නැගී තිබුනි. මට මා ගැනම වයිරයක් ඇතිවිය.

ඈ "පුතාට හොඳටම උණ හෙම්බිරිස්සාව" යයි අසරණව කීවාය. මගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු නොවූයේ වහා පුතුට බෙහෙත් අරන් දී තවත් යමක් කල හැකිද විනා "කාලද ඉන්නේ" නාමලීගේ මුහුන දෙස බලා ඇසුවෙමි. "කරදර වෙන්න එපා සුරේන් " යනුවෙන් අහින්සකව පැවසූ ඈ සිලි මල්ලක එතූ පාර්සලයක් බෑගයෙන් එලියට ගෙන පෙන්වීය. ඇගේ අතින් පිසුනු රස ආහර මා රස නහර පිනවූයේ මීට බොහෝ කලකට ඉහතදීය. ඒ රස සොයා වහා පර්සලය ඇගෙ දැතින් ගෙන බලනුයේ එහි වූයේ රොටී දෙකකි. මා මොන තරම් අමනයෙක් දැයි මටම සිතුනි. ඇගේ අකැමැත්ත මැද්දේ පුතුත් ගෙන කඩයකට ගොඩවැදුනු මා ආහාර ඇනවුම් කලෙමි. පුතු මහත් ගිජු කමකින් අහාර ගනු දුටු මා ඈ මුහුන දී ඇති අහේනිය මනාව අවබෝධ කර ගතිමි.

 ඈ හා පුතු අහාර ගනු බලා සිටි මා සිත මටත් හොරා අතීතයට දිවගෙයේ සරසවිය අසල නැවතිනි. නාමලීගේත් මගෙත්  සොඳුරුතම කාලය එය විය. මා කුසගින්නේ සිටි දිනක ඈ අගෙ බත් පත මට පිරිනැමූ අයුරු මට මතක් විය. එතැන් සිට ඇරඹි මාගේත් ඇගේත් ආදර බැඳීම කිසිදු බාදකයකින් තොරව ගලා ගියාය. ආදරයේ සොඳුරු තැන් සොයා අප දෙදෙනා සරසවි බිමේ හුදෙකලා වීමු. දිනක් ඇගේ නලලත සිපගත් දිනෙක "ඔයා හරි නරකයි" කියමින් මා උර සපාගෙන උරයට හේත්තු වී බොලද වදන් කියූ නාමලීව මට මැවී පෙනුනි. අපෙ අදරයට පැමිනි මුල්ම බාධකය වූයේ මගේ අම්මාය. ඈ දුලාරි නම් තරුණියක මට යොජනා කලාය.

 අම්මාගේ විරෝදය මැද්දේ මා නාමලීගේ අත ගත්තෙමි. අප දෙදෙනා වෙනම කුලී නිවෙසක අපේ කැදැල්ලෙ රස වින්දිමින් සිටින අතරතුර අපි දෙන්නාගේ ආදරයේ උපරිම පලය පුතු සමීර අපි අතරට අවාය. සමීරගේ ආගමනයත් සමග අපේ අම්මාද ටිකටික වෙනස් වී නාමලීට දුවක සේ සෙනේ පානනට වූයේ මා සිතේ උපරිම සතුටක් රඳවමිනි. අනේ දෙවියනි ඒ මුලාවක් බව මා නොදැන සිටියෙමි.

 අපේ කැදැල්ලට ආ දෙවනි හෙනහුරා වූයේ නාමලීට පියයුරු පිලිකාවක් වැලඳීමයි. අහෝ සරසවියේදී කාටත් හොරෙන් මිරිකූ, නිදි යහනේ මා සැනසූ, සමීර පුතුට කිරි දුන් ඇගෙ ඒ හන්ස ජෝඩුව මස් වැදලිවන්ව ඇගේ ගතින් වෙන්වුනි. නාමලී මානසිකව වැටුනාය. නමුත් ඇගේ පිරිපුන් බවේ අඩුවක් මට නොම දැනිනි. ඈ මගේ නා මලම විය. 

අම්මාගෙත් දුලාරිගෙත් කුමන්ත්‍රන වල සාර්තකත්වයට මෙය තදි බල පෑවේය. මා අම්මටත් නාමලීටත් මැදිවූයේ ගිරයට අසුවූ පුවකයක්ම විය. අම්ම්මා හා දුලාරි නාමලී හා පුතු මගෙන් වෙන්කරනු ලැබීය. මා මගෙනුත් අම්මාගෙන්නුත් දුලාරිගෙනුත් පලිගැනීමට දුලාරි හා විවාහවී අසාර්තක පවුල් ජීවිත්යක් ගෙනයමි. දුලාරි හා මා අතර ඇත්තේ ලියවිල්ලක බැඳීමක් පමනි. 

මේ සියල්ල මට හැඬුම් ගෙනාවාය. සැබවින්ම මට හැඬිනි. නාමලී වැලඳ ගත් මා පොඩි එකෙකු සේ ඉකි ගගහා ලොවට හිස් වූ ඇගේ ලැම මත හිස තබා හඬා වැටෙන්නට විය.ඇයද හඬා වැටුනු නමුත් ඇගෙ මුදු අතැඟිලි මා හිස ආදරයෙන් පිරිමදින්නට විය. අප හඬනු දුටු සමීර පුතුද මහා හඬින් හඬන්නට විය. බිල රැගෙන පමිනි වේටර කොලුවා අපේ කඳුලට තිතක් තැබීය.

 බලෙන්ම සේ 5000 කොලයක් නාමලී අත ගුලිකල මා බිල ගෙවා එනවිට නාමලී හා පුතු නොසිටියාය. කඩය ඉදිරියෙන් තුන් රෝද රියක් ඉගිලී ගියාය. ඈ මටත් නොකියා ගොසිනි. නාමලී කිසිදිනෙක මට බධාවක් නොවීය. ඈ පිසූ රොටි දෙක තාමත් මා දෑතේ රැඳී තිබුනි.............

Monday, March 12, 2012

නුඹේ උසාවියේ නිවුරදි වැරදිකරු මා


එල්ලා මරා දමපං මා
නුඹේ කෘර හෘද රාජ්ජේ
ඉවසුවත් මා
නූඹ දීද සැනසීමක් මට
ජූරියත් නුඹ නම්
විත්තියත් නුඹම නම්
නුඹේ උසාවියේ
නිවැරදි වැරදිකරු මා
දීපං ඉතිං
උපරිම දඩුවම්
තවත් විදින්නට
දුකක් නොමෑත මට
වීදවුවා මං නුඹ නිසා
උගුල්ලාපං මේ ඇස්
නුඹ දෙස
සෙනෙහෙන් බැලූ නිසා
කපාපං මේ දෑත්
නූඹ සෙනෙහෙන්
වැලදගත් නිසා
පලාපන් මෙ දෙතොල්
නුඹව සිපගත් නිසා.........

Saturday, March 10, 2012

යන්න අවසරයි අම්මි, අප්පච්චී........



මන් ඉපදුන දවසෙ ඔයා මාලඟ නොහිටියත් ඉපදුන ආරන්චිය අහලා ගොඩක් සතුටු උනා කියලා මට අම්මි කිව්වා. නිවාඩු අරන් මාව බලන්න ආපු ඔයා මට දීපු හාදු වල උණුසුම මට තාමත් මතකයි අප්පච්චි.

ඒත් අපි හැමොගෙම සතුට උදුරගන්න තරම් කාලය නපුරු වෙලා කියලා ඒ දවස් වල මන් දැනන් ඉන්නෙ කොහොමද, ඉපදිලා මස තුනක් වෙච්චි මම. 

ඔයාගෙ පොඩි දෝනි අප්පච්චි කියන කොට එක අහන්න ඔයා මා ලන්ගින් හිටියෙ නෑ අප්පච්චි, මගේ දඟ වැඩ බලාලා සතුටු වෙන්න ඔයාට වාසනාවක් තිබුන් නෑ අප්පච්චි, ඔයාගෙ දෝනි ටිකටික ලොකුවෙද්දි ඔයාගෙ උණුසුම හොයන කොට, ඔයාගෙ සුලැඟිල්ල අල්ලන් සිගිති දෙපා තියලා ඇවිදින්නට හදන කොට ඔයා මගේ ලොකෙන් යන්නම ගිහින් කියලා මන් දැනන් උන් නෑ අප්පච්චි.

අම්මා කඳුළු බිබී මාව ලොකු මහත් කරා ඔයාගෙ මතකයන් හිතේ තියාගෙන ඔයාගෙන් එයාට ලැබුන ලොකුම තෑග්ග මම කියලා මට කියලා දීලා.

ඔයාගේ රූපෙ මට මතක නැතත් ඔයාව මතක් කරන්න යද්දී මගේ ඇස් දෙක බොඳ වෙලා මට ඔයාව පේන් නැතිවම යනවා අප්පච්චි, පොටෝ පොත් වල ඉන්න ඔයාව ඩැක්කම ඒවා මට වැඩිය වාසනාවන්තයි කියලයි මට හිතෙන්නෙ.

හැබැයි මට තාමත් මත්කයි ඒ දවස නම්, අම්මිත් එක්ක පෙර පාසල් ඇරිලා එද්දී කොල පාට ජීප් එකකින් අවිත් හිටපු හමුදාවෙ මාමලා කියපු දෙයක් අහලා අම්මිව එතනම වැටුනා. මම බයවෙලා මහා හයියෙන් අඬන්න ගත්තා. මට මතක එච්චරයි.

මම නැගිටින කොට අම්මි මාව බදාගෙන අඬනවා " අයියෝ සුදු දුවේ ඔයාගෙ තාත්ති ඔයාවයි මාවයි දාල යන්න ගිහින් කියාලා" ඒ වෙලාවෙ මට මුකුත් නොතේරුනත් මටත් හොඳටම ඇඬුනා.

ඒ මූසල දවසේ ඔයා ගෙදර අවේ හමුදාවෙ මාමලගෙ කර පිටින් පෙට්ටියකින් අප්පච්චි, එක උඩින් ලන්කා කොඩියක් දාල ඔයාගෙ සුදු මූන බලන්න බැරි වෙන්නම ඒක වහලා දාල.

මට නොතෙරෙන කමට මම ඒ පෙට්ටිය ලඟ ඉදන් බොනික්කන්ව නැලෙව්වා ඔයා ගැන කියකිය අප්පච්චී. කව්ද "පවු අසරන කෙලි පොඩ්ඩ, ඒ දරුවා මොනා දැනගෙනද?" කියලා කියනවා මට තාමත් මතකයි අප්පච්චි.

මන් අමමිට අම්මි හරි නරකයි, අඬන්නෙ නරක ලමයි කිය කිය හුරතල් වෙද්දී අම්මි තවතවත් ඇඬුවා අප්පච්චි.


එදා කහපාට සිවුරු ඇඳපු සාදුලා ඇවිත් පැන් වඩලා ඔයාට පින් දෙද්දී මන් හුඟක් දඟ කරලා අප්පච්චි, මට වතුරත් එක්ක සෙල්ලම් කරන්න දුන් නෑ කියලා.


ඔයාව ගෙදරින් එලියට අරන් හමුදාවෙ මාමලා ඔයාව කර පිටින් කනත්තට ගෙනිහින් අහසට වෙඩි තියලා ඔයව සොහොනට තියලා එද්දී අම්මි ඔයාගෙ සොහොන බදාගෙන හොඬටම ඇඬුවා අප්පච්චී.

ටික ටික මන් ලොකු වෙද්දී ඔයා ගැන අහන කොට අම්මිගෙ ඇස් වල කඳුලු පිරුනා අප්පච්චී, කාලයත් එක්ක මට හැම දේම තෙරුම් ගන්න ඉඩ දීල අම්මි ඔයා සුරන්ගනා ලොකෙ ගියා සුදු දූට තැගි අරන් එන්න කියලා මාව නලවද්දී මන් සුරන්ගනා ලොකේ කෝ කියලා අම්මිගෙන් ඇහුවම අම්මි හඳ පෙන්නලා මාව නැලවුවා.

මන් පුන්චි කාලෙදි රෑට හඳ දිහා බලන් උන්නා අප්පච්චී ඔයා මට තෑගි අරන් එනකන්. එත් ඔයා කවදාවත්ම අවේ නෑ අප්පච්චී.

මන් ඉස්කෝලෙ යද්දී ඔයාගෙ පොටෝ එකට වැඳලා යන්න මට අම්මි ඉගැන්නුවා අප්පච්චී.

හැම අවුරුද්දකම මායි අම්මියි ඔයාගෙ සොහොන ලඟට ඇවිත් ඉටිපන්දමක් පත්තු කරලා ගියා කියලා ඔයා හොඳටම දන්නවා ඇති ඇප්පච්චී.

ටිකටික මට තේරුම් වෙන කොට අනික් ලමයි අප්පච්චිලාත් එක්ක ගමන් යනවා දැකලා මට ඉරිසියා හිතෙනවට වඩා ඔයා ගැන ආඩම්බරයක් අති වුනා අප්පච්චී.

ඒත් ඔයාගෙ පොඩි දෝනි ලොකු ලමයෙක් උන දවසේ ඔයා නැති පාලුව මට හොඳටම දැනුනා අප්පච්චී.
අම්මි මාව දුක් විඳලා ලොකු මහත් කරලා හොඳට ඉගැන්නුවා. ඔයා කොහේ හිටියත් ඔයාගෙ අශිර්වාදේ මට තියෙනවා කියලා මගෙ හිතේ ලොකු හැඟීමක් තිබුනා අප්පච්චී.

අද ඔයාගෙ පොඩිදෝනි පිටගම් යනවා අප්පච්චී, අම්මි අද ඉඳන් තනි වෙනවා අප්පච්චී, ඔයාගෙ මතකයයි මගේ මතකයයි හිතේ තියන් අම්මි අද ඉඳන් ගෙදර තනි වෙනවා අප්පච්චී, එයාට දුකක් දැනෙන්න දෙන්න එපා අප්පච්චී. ඔයා එයාට දුන්න තෑග්ග අද වෙන කෙනෙකුට අයිති වෙලා අප්පච්චී.ඉතින් මට යන්න අවසරයි අම්මි, අප්පච්චී........




ප:ලි - මේ මගේ කුළුඳුල් කෙටි කතාවයි, මේක කෙටි කටාවක් වගේද කියන්න මන් දන් නෑ, බලලා අඩු පාඩු එහෙම කියල යනන.

Thursday, March 8, 2012

සුදු සද දුටු සද උඩු බුරයි මගේ සිත




සුදු සද දුටු සද
මතක් වී නුඹේ පෙම
උඩු බුරයි මගේ සිත
නාකි බල්ලකු ලෙස

උඩුබුරනා විට මහ හඩන්
අසා ඉදිපන් ඉතින්
සී මැදුරු කවුළුවෙන්
නිදි යහනට වී තුටින්

මාගෙ දුක් සුසුමන්
පාරයි සදේ සදකැන්
සමුදී නුඹ ගිහින්
අමාවකයි දැන් ඉතින්

තනි තරැවක ලෙසේ
බැසයන සද විලසේ
තනි කලේ මා කෙසේ
කියාදී යනු ලදේ.........

Sunday, March 4, 2012

දෙකම එකමැයි කියනු නම් කෝම


රෑ වටෙන පිනි බිංදු 
මොන තරම් සොදුරැයිද
නුඹ ඉල්ලා හඩන
අනෝරාවට වඩා
විද බලන් පිණි පසහ
තේරෙයි නූඹට
ඉදින් 
වැස්සත් දියයි
පින්නත් දියයි
දෙකම එකමැයි
කියනු නම් කෝම

Thursday, March 1, 2012

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්


කස්ටියට මගේ කතාවත් කියන්න හිතුනා, කොතනින් පටන් ගන්නවද කියලා කල්පනා කරකර ඉන්දැද්දී කැම්පස් එකේ ෆස්ට් ඉයර් එක ගැන ලියන්න හිතුනා, මොකද එක තුල මහලොකු සමාජවාදය, රැග්, ආතල් තව බොහෝ දෑ තිබුන නිසා.

ඔන්න ඉතින් මන් සා/පෙළ වල මැතයි විද්‍යාවයි හොඳටම ගොඩ දා ගත්ත නිසා මහ ලොකු කෙරුමා වගේ උසස් පෙළට මැත බදා ගත්තා. ඉතින් රොටරියට බඩගාලා මුල් සැරේ විබාගෙ කලා. අප්පට සිරි , ප්‍රතිඵලේ මැතටම කෙල වෙලා, ඉතින් දෙවනි සැරේ යන්තම් සන්තම් විස්ස විද්‍යාල වරම් ලබා මෙකැනිකල් ඉංජෙකු  ලෙස අධ්‍යාපනය ලැබීමට හැකිවිය.

ඔන්න ඉතින් මම හා හා පුරා කියලා ඉන්ටව් එකට ගියපු දවසේ එකෙ හිටපු එවුන් මාව අල්ලන් මල්ලි උබ කොහෙද? අවේ ඉන්ජෙක් වෙන්න නේද? හොඳට ඉගෙන ගනින්, අපි දෙන්නම් පුල් බැකප් එක කියලා මාව මුරුන්ගා අත්තේ උඩටම නැග්ගුවා.

ඉතින් ඉන්ටව් ගිහින් ඇවිත් සතියකින් ඈවා ඇවිත් ලියාපදින්චි වෙන්න කියලා ලියුමක්, මගේ ඉහේ මලක් පිපුනා වගේ, එත් මම ලියාපදින්චි වෙන්න් ගියේ සතියක් පරක්කු වෙලා, ඉතින් රටක් රාජ්ජයක් දිනපු එකෙක් වගේ මාත් ගියා ලියාපදින්චි වෙන්න, ගියාම එකෙක් මාව අල්ලන් අමුතු නීති පද්දතියක් පැනවුවා.මාත් ඉතින් වෙන බල්ලන්ගේ ඒරියල් එකක තනිවුන සුනඛයෙක් වගේ නකුට දෙපා අස්ස්සේ සඟවාගෙන හිටියා.

ඒ තමයි පහුවදා ඉදන් එනකොට තනිපාට අත්කොට කමීසෙ තනිපාට දිගකලිසමට යටකරලා බාටදෙකක් දාගෙන ෆයිල් එකකට කොලටිකක් දාගෙන තමා එන්න ඕන . ඒකත් උදේ 7.10 ට, ඒ කියන්නේ 7.09 ත් නෙමේ, 7.11 ත් නෙමේ.


ඔන්න ඉතින් ඒ වෙලාවට කියපු විදියට ඇඳගෙන මාත් ඉතින් ගියා, ඔහොම යද්දී එක පාරටම

"ඒයි තෝ කොහෙද යන්නේ, ජේශ්ඨ උත්තමයන්ගෙන් අවසර ගත්තද?" එකෙක් අහපි

අත බූත වෙලා ගියපු මට අප්පට සිරි ඒ මොක්කුද ඒ මන් දන් නෑනේ උන් ගැන. ඉතින් මාත් " නෑ අයියෙ, ඒ මොකක්ද ඒ? " කියලා අහපි.

එකා" අයියා, කවුද යකෝ අයියා, ජේශ්ඨ උත්තමයන්ට අයියා කියනවද? ජේශ්ඨ උත්තමයන්ගෙන් ප්‍රශ්න අහනවද? කියපිය බලන්න පස්පවු" කියලා කියපි.



මාත් ඉතින් "දන් නෑ" කියපි.

අප්පට සිරි, අමු තිත්ත වචන රාශියක් ඒකගේ මුවින් පිටවී එකගේ ජුවල් ඌරු ජුවල් විය.
ඌ මට " පල පොසිශන්" කියපි, මට ඒකත් බැරි තැන "ඒයි මූට පොසිශන් යන්න කියලා දීපන් " කියලා මන් වගේ ඇඳන් හිටපු එකෙකුට කියපි.


එකාත් බයෙන් වගේ  ඇවිදින් පොසිශන් යන හැටි කියලා දුන්නාය, ඒ අත් දෙක පොලවට සමාන්තරව තබාගෙන කකුල් වල අඟිලි තුඩුවලින් සිටගෙන සිටීමය, මට ඒ දවසම වගේ පොසිශන් යාමට සිදුවිය. මේ අතර උන් පැමින ඉතිහාසය නමින් හරුපයක් කියා දුන් අතර පන්තියේ ලමුන්ගේ නම් ගම් පාඩම් කරගන්නා ලෙස කීවාය. හවසට එය කටපාඩම් ගත්තාය, ඒක බැරිවූ තැන පොසිශන් සෙට් විය.


 මේ අතර ලමයින්ගෙන් අසා දැනගත් උන්ටම ආවේනික වචන සෙට් එකක් විය. ඒවා නම් නමට පසු පිරිමි නම් "පහිඳාද" ගැහැනු නම් "පහිඳියද" ලෙස යෙදීම. මෙහි පහිඳා යනුවෙන් උන්ගේ අර්තකතනය සමනලයාගේ කෝශ අවස්තාවේ සිටින බවය.


පාසලට අන්දර කැපූ තැනය
Z එක මීටර පාටාංකයය
4.0000 - Z අගය මැටි පාටාංකයය


ඒ අනුව මම ________ පහිදාය

තවද පන්තියට කූඩුව, වැසිකිලියට දේවාලය, වැසිකිලියාමට පූජාව තැබීම, කාර්යාලයට පොලීසිය, ඩිරෙක්ටට ඕ.අයි.සී, නන් ඇකඩමික් අය ගම් බට්ටො, යනාදී වශයෙන් විය.


පස් පවු මේවා විය,

1. පාවාදීම තහනම්
2. මල්පාත්ති දැමීම තහනම්
3. කොකු දමාගැනීම තහනම්
4. ජෙශ්ඨ උත්තමයන්ගෙන් ප්‍රශ්ණ ඇසීම තහනම්

යන ඒවා වූ අතර පස්වෙනි පව පිරිමි ලමුන්ට පමනක් අදාල විය. එනම්

5. ජෙශ්ඨ උත්තමාවියන්ගේ ගල් බැලීම තහනම්

යන්නය.

කාලයාගේ ඇවෑමෙන් පොසිශන් යාම දන බඩ ගෑමද, කූඩුවේ දැල්වල එල්ලී සිටීමද යනාදී වශයෙන් දරුනු විය. ගෙදර යන ලමුන් හා බෝඩින් වල ලමුන් ලෙස වර්ග කර තිබූ අප අතරින් මට බෝඩිමක ලැගීමට කාලයක් සිදුවිය. එය උන සන්නිපාතයකින් හමාර වී මාව ගෙදර යන ගැට්ටට වැටුනි. අපව රාත්‍රී 8.00 හෝ 9.00 වන තුරු තබා ගත් අතර ගැහැනු ලමයි සවස 6.00 ට පිටත් කර හැරිනි. මේ දවස් වල ඔබට කිව නොහැකි තරමේ නිරුවත් සන්දර්ශන පවා පැවැත්වුනි. මේ සියල්ල් වූයේ විශාල ශාලාවකට අපව හරක් ගාල් කරන්නා සේ ගාල් කිරීමෙනි.


 මේ ශාලාව උන් හැදින්වූයේ ශෙඩ් එක යන නමිනි. එයට හේතුව වූයේ මෙයට ගාල කරන ලද අපට තෙල බෙදීමය. තෙල යනු එක්තරා අන්තමක මනස විකෘති කර උන්ගේ බසට අප නමා ගැනීමට කරන දීර්ග දේශනය. මෙවා මහලොකු සමාජවාදී පන්නයේ එවා විය. ඊට උදාහරණ වන්නේ පෙර කී ඉතිහාස හරුපයේ එක් ඇමතිවරයෙකු ගැන සදහන් වූ අතර එම ඉතිහාස කරුනු නැවත කටපාඩම් ගැනීමේදී ලමයෙකු අතින් ඇමතිතුමා ලෙස කියවුනි. එවිට අර මහලොකු උත්තමයන් කිපී

"ඇමතිතුමා, මේකෙ තුමාල නෑ හු______, පර_____, හැම එකාම මේකට එකයි, විශේසයෙන් තුමාලා නෑ හරිද, හු_______ලට තේරුනාද." යයි කීමය.



මේ තෙල හරියටම කියනවානම් ප්‍රබාකරන් මරාගෙන මැරෙන්න මිනිසෙකුගේ මනස සැකසුවේ කෙසේද, ඒ හා සමානය. තෙල වැදුනොත් ගැලවෙනු බොරුය.

කෙසේ හෝ අපිව උන් හැදින්වුයේ ගෙදර යන (ප යන්න, අල් කයන්න, කු යන්න) ලෙසය, අපිව නිවෙස් වලට යාමට පිටත් කර හැරියේ මහ රෑ බස් නැති වෙලාවලය.

ඒද දසවදයක් දීය. එනම් තොපිට කියා දෙන දේවල් බෑනෙ, තොපි එන්න කන්නනෙ, කාපියව්. මෙසෙ අපිව දිනක් අපිව බඩ ගෑවීය.ඒ අඩි දෙකක් ඉස්සරහට, අඩියක් පස්සට ලෙසය.

උන් " අහ්, හරි හරි ඉස්සරහට දෙකයි, පස්සට එකයි" යනුවෙන් කියයි. අපිට උන්ගේ දෙමාපියන් මතක් වේ, ඒ සාදාරන කේන්තියකටය.

මේ අතර ගොන් කෙටීමද විය, ඒ පිරිස ඉදිරියට පැමින විකාර කිරීමය. 

කෙසේ හෝ මේ හිසරදය අවසන් වූයේ අපිව බකට් කිරීමෙනි, එදින මඩ වතුර ගසා තවත් විකාරයක් කලාය, හරියටම කීවානම් ඔබට මතකද මෑතකදී කොළඹ අඩුම උශ්නත්වය වර්තා වූ දවස. ඉතිං එදා සීතල සන්නියය.

කෙසේ හෝ දැන් මා දෙවන වසරේය, තවත් අලුත් සිසුන් පිරිසක් ආවාය, අපි එවුන් රැග් කලේ නැත, මොකද අපි ගල්ලෙන් බිඳ දැමූ නිසාය, අපි සම්ප්‍රදාය වෙනස් කල නිසය, ඒ නිසාම අපි අලයන් ලෙස උන් හදුන්වයි.





Related Posts Plugin for WordPress, Blogger...