Sunday, February 26, 2012

අපි හිනා වෙමු, හදවතින්ම


ඔබේ පිට පොත්ත මොන පාටද?පොත්තට සැඟවිලා බාහිර ලොකයට පෙන්වන ඔබමද ඔබතුල ඉන්නෙ, හිතන්න ඔබ අවන්කවමද හිනා වෙන්නෙ, හිතේ ඇතුලෙ දුක්ක දෝමනස්සයන් සමුදායක් සඟවගෙන ඒ අස්සෙ ප්‍රශ්නත් ඔය ඔක්කොමත් එක්ක ඔබ සැබවින්මද හිනා වෙන්නෙ, හිනාව ඔබ කවුද කියන එක බාහිර ලෝකයයෙන් හන්ගන වෙස් මූණක් නේද? ඔව්, හිනාව එහෙම එකක් තමයි මොකද අපේ හැබෑ අකාරය ලෝකෙට පෙන්නුනොත් "ආපෝ ඒ මූණ කෝච්චියට අහූඋන කජු ලෙල්ලක් වගේනෙ, බලන්නකො එකෙ හැටි" යනුවෙන් නොකියන්නෙ කවුද?"අපෝ, උදේම දැක්ක මල මූණ අදනම් දවසම සවුත්තුයි, වගතුවක් නම් වෙන්නෙම නෑ" ඔබ ඔහොම කී දෙනෙකුට කියලා ඇතිද? ඔබට කී දෙනෙක් කියලා ඇතිද?

ඔබේ කුරිරු කම, කපටි කම, තවත් ඔබ මා සතු  සියල්ලම ද්ත් තිස්දෙකම විරිත්තලා වහ ගන්න හිනාව උදවු වෙනවා නේද? මේකට හොඳම උදාහරණය චන්දයක් කිට්ටු උනාම දෙශපාලුවො අපේ තාප්ප නාවන බැනර් කටවුට් වල උන් ඉන්න ආකර පොඩ්ඩක් මතක් කරලා බලන්නකො.  කෘන්තක රධනක චාර්වක පුරස් චාර්වක සෙට් එකම එලියෙ නේද?

ලෝක රඟ මඬලෙ අපේ චරිතය රඟ පාන කොට වේශ නිරූපනයට හිනහව හරි අපූරුවට උදවු වෙනවා නේද?

හිනාවෙත් විවිද මොඩල තියෙනවා කියල ඔබ දන්නවද? සමහර විට ඔබ දන්නවා ඇති, නොදැන හිටියත් මේවායින් ටිකක් වත් භාවිතා කරල ඇති.

කට කොනකින් හිනාවීම, සමච්චලයට හිනාවීම, විරිත්තීම, කොක් හඬලා සිනාසීම, දත් පෙනන සේ හිනාවීම මෙන්ම නොපෙනෙන සේද හිනාවීම යනාදී වශයෙන් හිනාවෝ බෝ වෙති.

ගැටළුව මේ සියල්ල හදවතින්ම භාවිතා නොවීමය. කොහොමත් කටකොනකින්, සමච්චලයට කොහොමද හදවතින්නම එහෙම හිනා වෙන්නෙ, (හැබැයි සමහරුන්ටනම් එහෙමත කිරීමට පුලුවන ).

මේ මොන කරුමයක්ද, මූ කියන්නෙ හිනා නොවී බුම්මන් ඉන්න කියලද, මූට ඔල්මාදෙද කියලා ඔබට හැඟෙනවා ඇති නේද.

නැහැ, අපි සිනා විය යුතුයි, මේ ලොව සිනාවෙන් ලස්සන කල යුතුයි, හදවතින්නම ඔබ ඔබේ දරුවෙකුගේ විවිද දේ සඳහා හිනා වෙනවා නේද, සමහර විට හිනාව වැඩි කමට කඳුලුත් ඇවිත් ඇති, එහෙම නේද?

අන්න ඒ දේ ඇයි අනිත් අය වෙනුවෙනුත් කල නොහැක්කෙ, කවුරු හරි උදේට මූණ බලලා හිනාවුන පලියට හිනා නොවී හදවතින්ම හිනා වෙන්න, ඔබේ සිතේ තිබෙන ගැටලු වලට ඔහු හෝ ඇය වග කිව යුතුව නැහැ නේද. සමහර විට ඔහු හෝ ඇය වග කිව යුතුව ඇති, ඒත් හිනා වෙන්න ඔහු හෝ ඇය සමඟ හදවතින්න්ම.

ඔබේ සිනාමුසු මුහුන දැකලා කාගෙහරි හිතේ තියෙන දුක තුනී වෙනවනම් ඔබට සතුටුයි නේද, සමහර අය මට මෙච්චර ප්‍රශ්න තියෙද්දී මූ යස අගේට හිනා වෙන හැටි බලන්නකො, මූ මට තමා හිනා වෙන්නෙ කියලා හිතනවා ඇති, සමහර විට ඔබත් හිතන් නැති ඇනෙක් අය දැක, එහෙමනම් ඒ දේ නවත්වා හදවතින්ම හිනාවෙමු.

හිනාවෙන්න හිනාවෙන්න අයුශ වැඩිවේ යයි කියමනක් ඇත. නමුත් ඉරිසියාවේ පැලෙමින් කුහක කමින් බොරුවට හිනාවී එසෙ වේදැයි හදවතින් සිතා බුද්දියෙන් විමසන්න. හැබැයි ඔය මොන දන්තාලේපය ගෑවත් හදවතින්ම සිනහවක් මතුකරන්නට එයට බැරි බව වටහා ගන්න.

අපි හදවතින්ම සිනාවෙමු. සංවාදයට විවෘතයි.

ඔබට තෙරුවන් සරණයි!

ප.ලි : වෙන පොස්ට් එකක් ලියන්න ගිහින් තමයි මේක ලියවුනේ, ලියන්න ගියේ "සාපෙක්ෂවාදයේ නූතන මොඩලය සෑදු අපි" කියලා පොස්ට් එකක්. එකත් ලඟදීම ලියනවා. තාම ඒකට කරුනු හොයනවා. බලාපොරොත්තුවෙන් ඉන්න.

13 comments:

  1. අපි ඇත්තටම හදවතින්මද හිනා වෙන්නෙ?

    ReplyDelete
  2. වැඩිපුර හිනාවෙන්නෙ හදවතින් අඬන අය කියල කතාවක් මං අහල තියෙනවා....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මොකද හදවතේ දුක හිනාවෙලා හරි නැතිකරගන්න ඕනෑ නිසා
      ස්තූතියි අදහස් කියලා ගියාට

      Delete
  3. කතාව සහතික ඇත්ත. උදේ පාන්දරම අපටත් මල පනිනවා හිනා වුනාම හිනා වෙන්නේ නැති එවුන් දැක්කම....සමහරු ඉන්නවා හිනා වුනාට හිනා වෙන්නේ නැති උදවිය. මං හිතන්නේ ඒ කට්ටියගේ ප්‍රයිවට් එකවුන්ට් එකෙන් කැපෙනවද කොහෙද හිනා වුනාම.

    කවුරු කොහොම හිනා වුනත් ඒ හිනාව අව්‍යාජද, ව්‍යාජද කියල කියන්න පුළුවන්. අනික හිනාවෙන් බොහෝ දුරට කෙනෙක්ගේ හිත කියනවන්න පුළුවන්.

    ReplyDelete
  4. :D මේ හිනාව මොන වගේ හිතකද?
    ස්තූතියි අදහස් කියලා ගියාට

    ReplyDelete
  5. මූණේ හිනා පොදක් නැති මිනිස්සුත් අපිට මුණ ගැහිලා තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. කවුරු කොහොම උනත් ඔබ හිවා වෙන්න ඔහු සමගින් ඔබට වෛර කලත් නොකරත්
      ස්තූතියි අදහස් කියලා ගියාට

      Delete
  6. මිනිසාට පමණක් උරුම සිනහවට ඇයි මිනිසුන් මෙතරම් ලෝබ???

    ReplyDelete
    Replies
    1. මිනිසා විතරක් නෙවේ සත්තුත් හිනා වෙනවා, කොහොමත් මිනිහා සත්තුන්ට වඩා වෙනස්නෙ, හිනාවත් එක්ක තවත් දේවල් පටලන් හිනාව අමතක වෙලා තියෙන්නෙ,
      ඒකයි ඒකටත් ඔය තරම් ලෝබ.
      ස්තූතියි අදහස් කියලා ගියාට

      Delete
  7. මට නම් හොඳට හිනා වෙන දවසට සෑහෙන ප්‍රශ්න අඩුයි කියල තේරෙනව.

    ReplyDelete
    Replies
    1. අනිවා.......
      ස්තූතියි අදහස් කියලා ගියාට

      Delete
  8. අවංකව හිනාවක් දෙන මිනිස්සු ගොඩාක් අඩුයි..

    ReplyDelete
    Replies
    1. සැබවින්ම
      ස්තූතියි අදහස් කියලා ගියාට

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...