Saturday, February 18, 2012

තවත් එක් ඝාතනයක්......


"අන්න තනියා
එලෝපිය ඔකා
කොටපියව් ඔකට
මරපියව් ඔකව"

"ඔව් යකෝ
මන් තනියා තමයි
හැබැයි තොපි දන්නෑ
මන් තනි උනේ
කොහොමද කියලා
බඩේ ඉද්දීම අප්පව මරලා
දළ දෙකට  තොපි කෙලියා
අම්මව වනජීවී උන්
කුදලන් ගියා
මන් දන්නවා බොලවු
මේ මගේ අවසානෙ බව"

"මට පේනවා
ඈත ගිනි බටේ උස්ස ගත් උඹය
මෙතන හොඬේ උස්ස ගත් මමය
ඈත අමු තිත්ත කියන් එන උඹය
මෙතන දූලින් වැසී ගිය මමය
මට ලඟින් එල්ලය මානා ගත් උඹය
බොට ලඟින් කාල වර්ණ මමය"

"මට දැනෙනවා
කුඹ ලඟින් වෙඩි උන්ඩයය
ඊට පිට දුන් මාගේ කුඹය
මොල පසා කරන් යන උන්ඩයය
වේදනා බරිත මාගේ ගතය
ජයග්‍රාහී උඹය
මියැදෙන මමය"

4 comments:

  1. උපරිමයි ඈ...............!
    නියමෙට ගලපලා තියෙනවා....!

    ReplyDelete
  2. අපේ රටේ අලි මේ ගෙවන්නේ නාලාගිරි ඇතා ගේ පවද?

    ReplyDelete
    Replies
    1. නාලාගිරි ඇතා පවක් කලේ නෑ, එකට රා පොවලා එවන්න අනුබල දීපු දෙව්දත් තමා පවා කර ගත්තේ. අපේ අලි අපේ රටේ උපන් පවයි ගෙවන්නේ.

      Delete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...