Thursday, February 16, 2012

ඇඬෙනවනෙ තනි ඇහැට


අඬනකොට ඇයි කදුළු එන්නෙ
දන් නෑ අනේ
දුක වැඩි හින්දා වෙන් නැති
එතකොට දුකටද අඩන්න්නෙ
වෙන්න ඇති
සතුටතත් කඳුළු එනවනේ
අයියෝ ඒ සතුට වැඩිකමටනෙ
අදහස් දෙකකට එකම ප්‍රතික්‍රියාවක්
මාරයි නේ
ඔයට මොකටද ඒ පන්ඩිතකම්
නෑ ඔයා අඬනකොට මූන රතු උනා
මාව අඬවලා ඔයාට සතුටුයි නේ
නෑ බබා
ඔයා හිනාවෙනකොටත් මූන රතූ වෙනෝ
හැබයි මන් ආස ඒ රතු මූණට
අනේ නිකන් ඉන්න
එක නෙවේ
මොකටද අනේ තනි ඇහට ඇඬෙනවා කියන්න්නෙ
ආහ්....
ඒකද දැන් බලන්න බබා තෙල් මිල
ඔයාව තියන් යන්න
අද බයික් එකට පන්සීයකමකම ගැහුවා
අතේ සතේ නෑ බබා
චොකලට් එක කීයද
එකම ඩෙනිම පට්ට ගහන්නෙ
ඉතින් මට
ඇඬෙනවනෙ තනි ඇහට

6 comments:

  1. අන්තිම පේලි කීපය තමයි නියම..

    ReplyDelete
  2. හික් හික් හික් එළ....ඇඩෙනවා මේවා දැක්කම.....තනි ඇහැට....

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...