Tuesday, February 28, 2012

ගණිකාවට ගරු කරන්න

      
           තවත් එක් අම්මා කවුද නංගී,අක්කා අදී සහෝදරිය කවුද දන්නැති විකෘති මානසිකත්වයකට හිමිකම් කියන පහත් අදහස් ඇති බඩුවක්,ගොනෙක් එහෙමත් නැත්නම් ඇන්ටා පාරක් ගහන්න් ඕනවෙලා තියෙන තවත් එක් වලත්තයෙක් කියන අමන කතාවක් යයි මේ ලිපිය ඔබට හැඟේ නම් මෙය නොකියුවාට කම් නැත. මොකද ඔබ මට බැන්නාට මගේ අහින්සක අම්මාට කිඹුහුන් යනවාට මන් කැමති නැත. ඔබ සංවේදී කෙනෙකුගේ දුකේදී නෙතගට  කඳුලක් නැගෙන වෙනස් ඇසකින් ලෝකය දෙස බලන අයෙකුනම් එන්න අත්වැල් බැඳගන්න.

          කතාව අරම්භයෙන්ම අපි පටන් ගමු. මම් ඔබෙන් අහන්නම් කවුද බඩුවක්, ගොනෙක් එහෙමත් නැත්නම්  ඇන්ටා පාරක්  කියලා කියන්නෙ? ඔබට උත්තරයක් සිතට එනවා ඇති, නමුත් ඒ උත්තරය ඔබ තුලින්ම ආපු උත්තරයක් නොව කවුරු හෝ කියනවා ඇසුනු උත්තරයක් බව ඔබම සිතා බලන්න. ඒ අනුවයි මම ඒ විශේෂන පද තුන ආරම්භයට යොදා ගත්තෙ. මමත් ඒ වචන අහලා තියෙන්නේ අනෙත් අයගෙන්.

       ඔව්' ඒ සියල්ලෙන්ම  හැදින්වෙන්නේ ගණිකාව නම් වූ ගැහැනියය. ගණිකාව යනු ප්‍රසිද්ධ ගීතයක කියවෙන පරිදි කුහුඹුවකුට වුව වරදක් නැති වැරදිකාර එමෙන්ම ළැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ගැහැනියක ලෙස මම ඔබට හදුන්වා දෙමි. මන්ද ගනිකාවගේ පහස ලබන බහුතරයක් ඇයගේ ළැම පමනක් දකින අතර ලය නොදකින බැවිනි, පොලීසියද ඇසුරු කල එකාට ඇපදී ඇයව උසාවි ඉදිරිපත් කරයි, ඇයට ඉන් හොඳ ප්‍රසිද්දියක් ලබා දේ. නඩු ගාස්තු ගෙවා නැවතත් ඇයව ඒ ජරාවලට ඇද දැමීමට සමහර නීතී වෘත්තිකයන් පෙරමග බලා සිටිති.

      ලෝකයේ පැරණිම වෘත්තිය වූ මෙය අද වන විට ජාවාරමක් වී අවසානය. මුදලට විකිනෙන්නිය කවුරු වුනත් වැඩි ප්‍රතිලාබ ලබනුයේ අතරමැදියාය. මේ අතරමැදියාට මවක්, සහොදරියක් ගණිකාවක් කිරීමට ඇසුරු සැනින් පුලුවන.

  තමාගේ ගත අනෙකෙකුගේ ලිංගික ආසාව සන්තර්පනයට සපයනවාට වඩා එහාට ගිය ඇරමුණක් ඇතිව ගණිකාව ලෙස පොදුවේ හදුන්වන මේ කොට්ටාසය තවත් එක් සමාජ පැතිකඩක් පමනි. ඔවුන් ස්ත්‍රී හෝ පුරුශ වේවා ඔහුට හෝ ඇයට ඒ විශේෂන පදය පටබැදුනේ කෙසෙද යන්න සමාජයේ ඔහු හෝ ඇය ඇසුරු කරන අයට ප්‍රශ්නයක් නොවීය. සමහර විට ඒ ඇසුරු කරන පුද්ගලයා ඊට වග කිව යුතු ඇත.

      බුදුන් වහන්සේගේ කාලයේද ගනිකාවන් විය, අම්බපාලියද එවැන්නියකි, නමුත් ඇය සසරින් එතෙර වූවාය, අපි තවමත් සසරේය. එයල ඔවුන් පුරඟන ලෙස හැදින්වූ අතර රජවරු නිල වශයෙන් ඔවුන් ඇසුරු කල අතර අද වන විට එය නිලනොවන වශයෙන් ජයටම කෙරීගෙනයයි. රටේ මහජන නියොඅජනය යනෙන තැනැක් වූ _________________ තුලින් කාලයකදී එය සුද්ද පවිත්‍ර කරද්දී උපත් පාලන කොපු තගපිටින් ලැබෙන්නේ දෙශ පාලුවෝ නියමෙට රට පාලනය කල බවට උදාහරනද සමගිනි.

          ගමේ සිට නගරයට රැකියාවකට එන තරුනියන්, රෑ වැඩ කරන කර්මානත පුරවල කෙල්ලන්, කොතෙකුත් අතරමන් කර මේ තත්වයට ඇද දැමීමට කොතෙකුත් නරුමයන් දත මැදගෙන බලා සිටී.

           තවද තම රෝගී ස්වාමියා ජීවත් කරවීමට, අබ්බගාත ස්වාමියා ගෙදර සිටින විට දරු පවුල රැකීමට, තම අධ්‍යාපන වියදම් සොයා ගැනීමට ආදී විවිද ප්‍රශ්ණ හමුවේ ලෙහෙසියෙන් මුදල් සොයා ගැනීමට මේ වෘත්තියට පිවිසෙන ඇය සමාජයට  බඩුවක්,ගොනෙක් එහෙමත් නැත්නම් ඇන්ටා පාරක් වූවද ඔබටත් එය එසේමද?


          වස්තර ඇඳ සිටින කාන්තාවද මනසින් නිරුවත් කර රස විඳින යුගයක සමාජය විසින් නිරුවත් කරන ලද කානතාවට වස්ත්‍රයක් ලබා දෙන ලෙස මා ඔබෙන් ඉල්ලමි, ඒ වස්ත්‍රය කුමක්ද යන්න ඔබට බාරය.

       අවසාන ලෙස පවට පින් දෙන්න බෑනේ කියන හිස් කියමනෙන් මෙය බැහැර කිරීමට වඩා ඔබටත් මටත් වෙනසක් කල හැකිය යන අදහසින්  මෙය දෙස බලන්න.

Sunday, February 26, 2012

අපි හිනා වෙමු, හදවතින්ම


ඔබේ පිට පොත්ත මොන පාටද?පොත්තට සැඟවිලා බාහිර ලොකයට පෙන්වන ඔබමද ඔබතුල ඉන්නෙ, හිතන්න ඔබ අවන්කවමද හිනා වෙන්නෙ, හිතේ ඇතුලෙ දුක්ක දෝමනස්සයන් සමුදායක් සඟවගෙන ඒ අස්සෙ ප්‍රශ්නත් ඔය ඔක්කොමත් එක්ක ඔබ සැබවින්මද හිනා වෙන්නෙ, හිනාව ඔබ කවුද කියන එක බාහිර ලෝකයයෙන් හන්ගන වෙස් මූණක් නේද? ඔව්, හිනාව එහෙම එකක් තමයි මොකද අපේ හැබෑ අකාරය ලෝකෙට පෙන්නුනොත් "ආපෝ ඒ මූණ කෝච්චියට අහූඋන කජු ලෙල්ලක් වගේනෙ, බලන්නකො එකෙ හැටි" යනුවෙන් නොකියන්නෙ කවුද?"අපෝ, උදේම දැක්ක මල මූණ අදනම් දවසම සවුත්තුයි, වගතුවක් නම් වෙන්නෙම නෑ" ඔබ ඔහොම කී දෙනෙකුට කියලා ඇතිද? ඔබට කී දෙනෙක් කියලා ඇතිද?

ඔබේ කුරිරු කම, කපටි කම, තවත් ඔබ මා සතු  සියල්ලම ද්ත් තිස්දෙකම විරිත්තලා වහ ගන්න හිනාව උදවු වෙනවා නේද? මේකට හොඳම උදාහරණය චන්දයක් කිට්ටු උනාම දෙශපාලුවො අපේ තාප්ප නාවන බැනර් කටවුට් වල උන් ඉන්න ආකර පොඩ්ඩක් මතක් කරලා බලන්නකො.  කෘන්තක රධනක චාර්වක පුරස් චාර්වක සෙට් එකම එලියෙ නේද?

ලෝක රඟ මඬලෙ අපේ චරිතය රඟ පාන කොට වේශ නිරූපනයට හිනහව හරි අපූරුවට උදවු වෙනවා නේද?

හිනාවෙත් විවිද මොඩල තියෙනවා කියල ඔබ දන්නවද? සමහර විට ඔබ දන්නවා ඇති, නොදැන හිටියත් මේවායින් ටිකක් වත් භාවිතා කරල ඇති.

කට කොනකින් හිනාවීම, සමච්චලයට හිනාවීම, විරිත්තීම, කොක් හඬලා සිනාසීම, දත් පෙනන සේ හිනාවීම මෙන්ම නොපෙනෙන සේද හිනාවීම යනාදී වශයෙන් හිනාවෝ බෝ වෙති.

ගැටළුව මේ සියල්ල හදවතින්ම භාවිතා නොවීමය. කොහොමත් කටකොනකින්, සමච්චලයට කොහොමද හදවතින්නම එහෙම හිනා වෙන්නෙ, (හැබැයි සමහරුන්ටනම් එහෙමත කිරීමට පුලුවන ).

මේ මොන කරුමයක්ද, මූ කියන්නෙ හිනා නොවී බුම්මන් ඉන්න කියලද, මූට ඔල්මාදෙද කියලා ඔබට හැඟෙනවා ඇති නේද.

නැහැ, අපි සිනා විය යුතුයි, මේ ලොව සිනාවෙන් ලස්සන කල යුතුයි, හදවතින්නම ඔබ ඔබේ දරුවෙකුගේ විවිද දේ සඳහා හිනා වෙනවා නේද, සමහර විට හිනාව වැඩි කමට කඳුලුත් ඇවිත් ඇති, එහෙම නේද?

අන්න ඒ දේ ඇයි අනිත් අය වෙනුවෙනුත් කල නොහැක්කෙ, කවුරු හරි උදේට මූණ බලලා හිනාවුන පලියට හිනා නොවී හදවතින්ම හිනා වෙන්න, ඔබේ සිතේ තිබෙන ගැටලු වලට ඔහු හෝ ඇය වග කිව යුතුව නැහැ නේද. සමහර විට ඔහු හෝ ඇය වග කිව යුතුව ඇති, ඒත් හිනා වෙන්න ඔහු හෝ ඇය සමඟ හදවතින්න්ම.

ඔබේ සිනාමුසු මුහුන දැකලා කාගෙහරි හිතේ තියෙන දුක තුනී වෙනවනම් ඔබට සතුටුයි නේද, සමහර අය මට මෙච්චර ප්‍රශ්න තියෙද්දී මූ යස අගේට හිනා වෙන හැටි බලන්නකො, මූ මට තමා හිනා වෙන්නෙ කියලා හිතනවා ඇති, සමහර විට ඔබත් හිතන් නැති ඇනෙක් අය දැක, එහෙමනම් ඒ දේ නවත්වා හදවතින්ම හිනාවෙමු.

හිනාවෙන්න හිනාවෙන්න අයුශ වැඩිවේ යයි කියමනක් ඇත. නමුත් ඉරිසියාවේ පැලෙමින් කුහක කමින් බොරුවට හිනාවී එසෙ වේදැයි හදවතින් සිතා බුද්දියෙන් විමසන්න. හැබැයි ඔය මොන දන්තාලේපය ගෑවත් හදවතින්ම සිනහවක් මතුකරන්නට එයට බැරි බව වටහා ගන්න.

අපි හදවතින්ම සිනාවෙමු. සංවාදයට විවෘතයි.

ඔබට තෙරුවන් සරණයි!

ප.ලි : වෙන පොස්ට් එකක් ලියන්න ගිහින් තමයි මේක ලියවුනේ, ලියන්න ගියේ "සාපෙක්ෂවාදයේ නූතන මොඩලය සෑදු අපි" කියලා පොස්ට් එකක්. එකත් ලඟදීම ලියනවා. තාම ඒකට කරුනු හොයනවා. බලාපොරොත්තුවෙන් ඉන්න.

Tuesday, February 21, 2012

අපි මැරෙන මිනිස්සු.........


පෙර පිනින් මවු කුසකින් මිනිසත් බව ලබා උපන් අපි කවදා කොතැන කොහොම මිය යාවිදැයි කිව නොහැක. උපදින කොට ගෙනා දෙයක් නැතුවා සේම මළදාට ගෙනියන දෙයක්ද අපට නැත. අලුත උපන් පොඩි එකෙකුගේ සිත ප්‍රබාශ්වරය, උගේ හිතේ තන්හාව ක්‍රෝධය මාන්නය තබා අදරය කරුනාව සෙනෙහස යන එකී නොකී මෙකී එක හැඟීමක් වත් නැත. පෙකනි  වැල කපා තවත් එක් නිදහස් ජීවියෙක් ලෙස මෙලොවට එන විට රිදීම හෙතුවෙන් මුලින්ම ක්‍රෝධ සිතුවිල්ලක් සමඟ අඬාගෙන මෙලොවට එන අප ගමක් රටක් හඬද්දී ( සමහර විට එකෙක් වත් නොහඬද්දී ) මෙලොවින් සමු ගෙන යයි.

අසීමිත අදරයෙන් දහසක් කැපකිරීම් කොට ලොව ඉවසිය නොහැකි වේදනාවක් විඳ අම්මා අඬාගෙන ආපු අපිට කිරි පොවන විට ඒ කිරට ඒ සුවදට අපි මුලින්ම තන්හා වඩයි. ඉන් පසු සෙල්ලම් බඩු වලට, පෑනට පැන්සලට අරූ මට වැඩිය ලකුණු ගත්තා , මූ මගේ පොත ඉස්සුවා යනුවෙන් ගහ මරාගෙන තවත් ඇලීම් බැඳීම් වැඩි කර ගනී.තව ටික කාලෙකින් කෙල්ලෙක්ගේ හෝ කොල්ලෙක්ගේ පොත්තට රැවටී මුලා වී කෙලෝගනිති, 3,4 ක් බූට් කති, පස්සේ යැපීම් මාර්ගයක් සඳහා ජොබ් කට්ටක් සොයාගෙන ගෙවල් දොරවල්ද, යාන වාහනද, පවුල් පන්සල්ද යනුවෙන් තව තවත් ඇලී ගැලී යයි. මේ අතර යුතුකම් සඳහාද ගෙවල් දොරවල් ඉඩකඩම් අසල්වැසි වැට මායිම් ආදී සියල්ලට මරා ගනිමින් තන්හා අශා වඩයි.

පොඩ්ඩක් හිතන්න මේ ටික කර ගන්නත් කලින් අපේ හිතවතුන් හතුරන් කොතෙකුත් අය අඩු වයසින් ජීවිතයේ සමහර තැන් වල මැරිලා ඇද්ද කියලා.


මිය යන අකාරද බොහෝ වෙති, වාසනා වන්ත මරණ, අඩු වයසින් මරණ, කාලකන්නි මරණ, අනතුරු මරණ , සියදිවි නසා ගැනීම් අදී එකී නොකී සියලු විදි වල අවසාන ප්‍රතිඵලය මරණයයි.

මේ අතර රට දැය වෙනුවෙන් විරුවන් සේ මියගිය අයද වෙති, ඔවුන්ට අපගේ සදා ප්‍රනාමය හිමි වන අතර ඔවුන්ගේ මතක සුවඳ මේ ලොව තව බොහෝ කලක් පවතීවි.

සමහරුන්ට ආදරයෙන් පරදීම මිය යන්නට හේතුවකි, සමහරුන්ට ප්‍රශ්න හේතුවකි, තවත් උන් මැරෙන හැටි අත්හදාබලන්නට ගොස් මැරෙති,මේ අතර තවත් උන්ට තමන් මිනිසෙකු නොව වල් පැලෑටියය් සේ සිතෙයි. එවිට කෘමිනාශකයක් ගහලා වන් ශොට් වෙති. තවත් උන්ට ගගක් මූදක් දැක්කම මාලුවෙකු යයි හැඟේ, උන් සමනල ආර පීනන්නට ගොස් මැරෙති, තවත් උන් තමන් මරාගෙන මැරෙති, මුන් මිය යන මොහොතේ තමන් වැදූ අම්මා හැදූ අප්පා දුක සැප බෙදා ගත් සහොදරයන් ගැන නොසිතති, ඔවුන් තමා කෙරේ තබා අති බලාපොරොත්තු ගැන නොසිතති , අවේග හැඟීම පාලනය කර ගත නොහැකිව ජීවිත්යෙන් සමු දෙති.

සමහරු ණය ගෙවාගත නොහැකිව මැරෙති,  මේ අතර හොර බෙහෙත් ,හොර වෙද්දු, පාරිසරික සාදක, ඩෙන්ගු නිසා දහස් ගානක් මිය යති. කනට බොන්නට නතිව සමහර රටවල මැරෙති. ලෙඩරෝග වලින් මැරෙති.

මේ සියල්ල අතර තමන් නොමැරෙනවා යයි සිතන එසෙ පතන කොට්ටාසයක්ද වෙති, උන් පුලුවන් තරම් පොදි බඳිති. තමන් මැරෙන බව පිලි නොගනිති, අමරනීයත්වයේ දායාදය අතින් ගෙන මෙලොවට අවායයි සිතති, උන් අනිකුන් මරා තමන් රජ වීමට සිතති, අනිකුන් ගේ දෑ කඩා වඩා ගනිති, උන්ට දුකාක් නත අත්තේ සතුට සැපත පමණි.

මිනිසුනේ අපි කවදා හරි මැරෙනවා, එදට අපි කරපු හොඳ අපිත් එක්ක එයි. එක තේරුන් ගනිල්ලා. එතකොට ජීවිතය විඳින්නට පුලුවනි, ජීවිතය විඳවන් නැතිව විඳපල්ලා. මේක ලියපු මම හෙට මැරේද කියන්න මන් දන් නෑ,

නොමැරෙනවා කියලා හිතන උන් මේතන කොටලා ගිහින් කවදා හරි මැරෙනවා කියලා අද්හසක් හරි ගනිල්ලා.(කොටන්න) මේ ලිපිය ලියන්න වුනෙත් ඔය කොටලා ගිය ලින්ක් එක තමා. පුළුවන්නම් කියලා යන්න මැරෙන දවස.



Saturday, February 18, 2012

තවත් එක් ඝාතනයක්......


"අන්න තනියා
එලෝපිය ඔකා
කොටපියව් ඔකට
මරපියව් ඔකව"

"ඔව් යකෝ
මන් තනියා තමයි
හැබැයි තොපි දන්නෑ
මන් තනි උනේ
කොහොමද කියලා
බඩේ ඉද්දීම අප්පව මරලා
දළ දෙකට  තොපි කෙලියා
අම්මව වනජීවී උන්
කුදලන් ගියා
මන් දන්නවා බොලවු
මේ මගේ අවසානෙ බව"

"මට පේනවා
ඈත ගිනි බටේ උස්ස ගත් උඹය
මෙතන හොඬේ උස්ස ගත් මමය
ඈත අමු තිත්ත කියන් එන උඹය
මෙතන දූලින් වැසී ගිය මමය
මට ලඟින් එල්ලය මානා ගත් උඹය
බොට ලඟින් කාල වර්ණ මමය"

"මට දැනෙනවා
කුඹ ලඟින් වෙඩි උන්ඩයය
ඊට පිට දුන් මාගේ කුඹය
මොල පසා කරන් යන උන්ඩයය
වේදනා බරිත මාගේ ගතය
ජයග්‍රාහී උඹය
මියැදෙන මමය"

Friday, February 17, 2012

කොයි වල යන්නද.........


ඉකි බිඳ හඬන මගෙ කිරි දරුවගෙ කටට
කිරි බිඳ නොදී මට උනනා දරු පෙමට
මුළු හදවතින් මවු සෙනෙහෙන් විත් පෙරට
මතකද කිරි පොවපු හැටි මම නුඹෙ පුතුට



පෙළට තබාලයි අත් පා බඳින්නේ
ගෙලට තියුණු පිහි පහරයි වදින්නේ
බියට පත්ව හැඬුවත් නෑ බලන්නේ
අපට ඇයි මෙහෙම වදදී මරන්නේ



ඇසුවත් කොතෙක් බණ අමතකය ඒවා
කෙරුවත් කොතෙක් සෙත අවගුණය පෑවා
ගත යුත්තකට නැති මනුසතුන් ගාවා
යළි උප්පත්තියක් නම් නොම වේවා



බොටුව කපන විට එන කළු ලේ මූද
කැටුව හුස්ම යන හැටි වෙවුලා පාද
දුටුවහොත් කරනා මේ අපරාධ
පපුව හොඳට ඇති අය ගවමස් කාද



කුර ගෙවුනේ බර ඇදලයි කඩපිලට
වෙහෙස වුණේ මෙහෙ කරලයි අප ඔබට
මෙහෙම උණේ අප කල මොන වරදකට
යහළුවනේ හදවත් නැත මිනිසුන්ට



ගුවනින් සෙත් පිරිත් ඇසෙනා කනිසමට
දස වද දිදී බෙලි කැපුනා එක පෙලට
මැනලානොවෙයි කිරි දුන්නේ අප ලොවට
කල හොඳ නරක් වීදෝ මිනිසුනි ඔබට

උපුටා ගැනීම : විශ්වකීරිතී දේශමාන්‍ය සිසිරචන්ද්‍ර වීරක්කොඩි මහතාගේ පොතකිනි





Thursday, February 16, 2012

ඇඬෙනවනෙ තනි ඇහැට


අඬනකොට ඇයි කදුළු එන්නෙ
දන් නෑ අනේ
දුක වැඩි හින්දා වෙන් නැති
එතකොට දුකටද අඩන්න්නෙ
වෙන්න ඇති
සතුටතත් කඳුළු එනවනේ
අයියෝ ඒ සතුට වැඩිකමටනෙ
අදහස් දෙකකට එකම ප්‍රතික්‍රියාවක්
මාරයි නේ
ඔයට මොකටද ඒ පන්ඩිතකම්
නෑ ඔයා අඬනකොට මූන රතු උනා
මාව අඬවලා ඔයාට සතුටුයි නේ
නෑ බබා
ඔයා හිනාවෙනකොටත් මූන රතූ වෙනෝ
හැබයි මන් ආස ඒ රතු මූණට
අනේ නිකන් ඉන්න
එක නෙවේ
මොකටද අනේ තනි ඇහට ඇඬෙනවා කියන්න්නෙ
ආහ්....
ඒකද දැන් බලන්න බබා තෙල් මිල
ඔයාව තියන් යන්න
අද බයික් එකට පන්සීයකමකම ගැහුවා
අතේ සතේ නෑ බබා
චොකලට් එක කීයද
එකම ඩෙනිම පට්ට ගහන්නෙ
ඉතින් මට
ඇඬෙනවනෙ තනි ඇහට

Friday, February 10, 2012

වදින තැනකට ඉලක්කෙටම වදින්නට 2 (කිඹුලා කෑම)


අපේ අයට බේකරියේ කිඹුලා කිඹුලා බනිස්ය, ප්ලේන්ටියක් සමග දෙක තුනක් ඇඟට පතට නොදනීම ගිලීමට කාතත් ඇහැකිය. වතුරේද කිඹුලන් වෙති. රාගමද කිඹුලෙක් සිටියාය. අපෙ අයට ඒ කිඹුලයි පිටි කිඹුලයි පැටලිනි. අපේ අය ඌව පනපිටින් කෑවාය. හැබයි ඒ වෙන විට මේ කිඹුලාද අපේ එකෙකුට වග කියා අවසන්ය, ඒ වනතෙක් වනජීවීඑකේ උන් පිටි කිඹුලන් කකා සිටියාද නොදනිමි. එතනද පුරස්නයකි, කතවේ හොඳම හරිය "බල්ලෙක් අපිව කෑවාට අපි බල්ලා කන්නේ නැත, ඒත් කන උන් ඉන්නවාද නම් දන්නේ නැත". එහෙත් මෙහිදී බලු කෑමක් වී ඇතුවාය, කිඹුලගේ ඔලුවේ රස පොරවක් හොඳ හැටි බලා ඇතිවාය. පොරවට පණ නැත, කිඹුලන්ගේ ඔලු පැලීමටද අවශ්‍ය නැත. තිරිසනා තිරිසනාමය, ඌ හොඳක් නරකක් දන්නේ නැත. මිනිසා මනසින් උසස්ය (ඇත්තටමද?). හැඟීම් ආවේගයන් පලනය කරගත හැකිය, නමුත් එසේ නොවුනි. මළේ ගැට කිඹුලෙකි, වාර්තා වූ හැටියට ඌ ලංකාවේ ලොකුම කිඹුලාය. ලොකුම කිරිකට් පිට්ටනි, කොටම හයිවේ, ගොඩබිම් වරාය, ලොකුම රඟහල, ආදී එකී නොකී මෙකී සෑම ලොකු ලොකු සයිස් ඒවා අතර ලොකුම කිඹුලා ඝාතනයට ලක්විය. ඉස්සර නම් ගෙදර හුරතලේට හැදූ තලගොයා මලදා "නිවන් පුරේ පලයන් ගෝ පැටියා......." කියූ මනුශ්‍යත්වයක් අපට තිබී ඇතිවාය, නමුත් මේ තලගොයෙක් නොව කිඹුලෙකි. අපේ අයට කන්න ඕනෑ වූ විට කබරයාත් තලගොයා වේ. මේ කිඹුලා අද හෙටම පුලුන් ගොඩක් වනු ඇත. ඌ වෙනුවෙනුත් ඌ කා මළ අය වෙනුවෙනුත් අපගේ සාතිශය සංවේගය.

Thursday, February 9, 2012

වදින තැනකට ඉලක්කෙටම වදින්නට 1 (අපි නොදන්න වැලන්ටයින්)



වැලන්ටයින් වලට තව ඇත්තේ දවස් පහකි. ලව්  ෙනාකරන බහුතරයක් ෙමදින වනෙතක් අඟිලි ගනින්නේ මොන මල ඉලව්වකටද නම් මම නොදනිමි.අද වන  විට ආදරය කාමය මූලික කර ගත් ආකරයකට පරිවර්තනය වෙමින් පවතින බව පෙනී යයි. කාමය ආදරයෙ එක් පැතිකඩක් පමණි. ආදරය ගත් විට අපෙ රටේද එයට ඉතිහාසයක් ඈත. ආදරයේ නාමයෙන් සාලිය අශෝකමාලා උයනට වී සෙක්ස් කලේ නෑත. දන්නා තරමින් අශෝකමාලා බඩ වුනේද නත. ඇයට ගබ්සාවක් කලේද නැත. නමුත් අද වනවිට සාලිය වෙස් ගත් අමනයන් ඕනෑ තරම් ඇත. බහුතරයක් අශෝකමාලාවන් බඩ වෙති. ඒ වනවිට අම්මා අප්පා කියපුවා ගඟට කැපූ ඉනි වී හමාරය. ඒ බඩට ආ දියසේනලා හොර පාරෙම පරලොව යවන්නට ඇති තරම් කලු සුද්දලාගේ ගුබ්බෑයම් පඳුරක් පඳුරක් ගානේ ඇත. අද වන විට සාලියට අශෝකමාලාට පෙම් කරන්නට තැනක් ඕනෙම නැත. රුපියල් සීයට ගුබ්බෑයම් සපයන්නට සැදී පැහැදී බලා සිටින අය ඔනෑ තරම්ය. 14 දාට ඔය ගුබ්බෑයම් පිරී ඉතිරී යනු නිසැකය. මන්ද මේ බුදුන් තුන් වරක් වැඩි සිරි ලන්කාදීපය හෙයිනි. රජය ගබ්සාව නීති ගත කිරීමට යයි. ඇමතිලට ඇමති පුතාලට පට්ට ආතල් එතකොට ගත හැකිය.එවිට වරද බඩ වූ එකීගෙය. ගබ්සාව නීති ගත වුවහොත් අශෝකමාලලාට බඩුම තමාය. මෙය අහෝ ඛේදයකි, ඉරකි තිතකි.
Related Posts Plugin for WordPress, Blogger...