Sunday, April 8, 2012

සයිබරයටත් කියවන ඔබටත් මගෙන් පුංචි ඉල්ලීමක්........

අවුරුද්දත් කිට්ටු වේගෙන නේද එන්නේ. හැමොම මේ දවස් වල ගෙවල් වල පේන්ට් කරනවා  ඇති, කෑම බීම හදනවා ඇති, අලුත් ඇඳුම් ගන්න යනවා ඇති, ඇලුත් වැඩ රාජකාරි ඇති, හැමදේම අලුත් නේද? ඒත් ඒ කරන කියන දේවල් ඔක්කොම දේවල් පරණයි කියලා මම කිව්වොත් කොහොමද? දුවන්නන් වාලේ දුවමින් අවුරුදු කන්නනේද ඔබ මේ යන්නේ? ඔය ඔක්කොම පුහු ආටෝප නේද? "අවුරුද්දකට සැරයයි ගේ පේනට් කරන්නෙ ටිකක් මනුස්සයෝ වගෙ ඉන්න හැදුවම මෙන්න එනව අනන් මනන් කියන්න මේ මොන අමනුස්සයෙක්ද මේ"මම කියන ඒවට ඔබට මෙහෙම හිතෙනවා ඇති. එහෙනම් මෙන්න ඒ අමනුස්සයා ඔබෙන් ඉල්ලන ඉල්ලන දේ.

ඔබ අවුරුද්ද ලබන කොටම මොකද කරන්නේ? (ඩෝං පටෝං චට පටාස්) ආහ්! කාරනය පැහැදිලියි නේද? 



"එහා ගෙදර එකා රතිඤ්ඤයක් දැම්මා, මන් දානවා තුන් හුලහක් උගේ කන දෙක වෙන්න" පොඩ්ඩක් හිතන්න අපි අවුරුදු අරන් කොහේටද මේ යන්න හදන්නෙ? මේ ඔබ ඔබගෙම මුදල් නේද පුච්චන්නේ, අවුරුද්ද ලබනවිටම මුදල් පුච්චලා ඔබ අවුරුද්ද නාස්තිකාර විදියට නේද පටන් ගන්න සලසුම් කරන්නේ. ගිය අවුරුද්දේ කල දේමද මේ අවුරුද්දෙත් කරන්නේ? ඉතින් ඔබට කොහෙද අලුත් අවුරුද්දක්? ඔබට හැමදාමත් ලබන්නේ පරන අවුරුදුනේ.මේ අවුරුද්දේවත් වෙනස් වෙන් නැද්ද? වෙනසක් කරන් නැද්ද. ඔබට අවුරුදු විනොදය රතිඤ්ඤ පත්තුකරන් නැතිව ලබන්න නොහැකිද? ඔබේ දරුවන්ට ඊට වඩා වේස් විදියකට විනෝදයක් ගෙන දෙන්න ඔබට නොහැකිද? බලන්න ඔබටත් ඔබේ දරුවන්ටත් අනතුරක් වුනොත් කෝ ඔබට අවුරුද්දක්? (එසේ නොම වේවා යයි එක සිතින්ම පතමි )

ආහ්! අවුරුද්දට ගේ අස්කරනවා නේද? බලන්න ගේ ඇතුලෙ ගොඩ ගැහිලා තියෙන බෝතල් ටික


පොඩ්ඩක් හිතන්න ඔබ කොපමන විසක් ඔබේ ශරීරයට ගිය අවුරුද්ද පුරා ඇතුල් කරලා තියෙනවද කියලා? මේ අවුරුද්දෙත් ඔබ ඒකමද කරන්න යන්නේ? ඉතින් ඔබට කොහෙන්ද අලුත් අවුරුද්දක් ඔබේ පරන පුරුදු එක්ක? මේ අවුරුද්දත් බෝතලයට යට වෙන්නද ඉන්නේ? ඔබට මේවායින් තොරව අවුරුද්ද සමරන්නට හෝ අවුරුද්ද ගතකල නොහැකිද? ඔබට වෙනස් වෙන්න බැරිද? අවුරුදු විනෝදය ඔබට ලැබෙන්නේ බෝතලයෙන්ද? වෙන අයුරකින් එය කල නොහැකිද?

අවුරුදු කෑම මේසය ලස්සනට තියේවි නේද?



ඒ විදියට පටන් ගත්ත කෑම මේසයට කට්ටිය සෙට් උනාම වඩම්මන්නේ ඔබ මොනවද?



ඒ කෑම මේසෙම අහින්සකයන්ගේ ශරීර කූඩු වලින් හැඩ වෙලා තියේවි නේද? මරු බයිට් එක නේද?  මේකද ඔබේ අවුරුද්ද? ඔබේ ආමාශය තවකෙකුගේ සුසානය කරනවද ඔබ මේ අවුරුද්දෙත්? වෙන විදියක අවුරුදු සමරන්න බැරිද?

බලන්න හුගක් මිනිස්සු අවුරුදු කාලෙට ඇඳුම් ගන්න යන්නේ හරියට ගිය  අවුරුද්දම හෙලුවෙන් ඉඳලා වගේ. ඇඳුම් කඩ ඇතුලෙ ගහ මරාගන්නවා. ඇත්තටම ඇපි ඇඳුමකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?විලි වසා ගැනීමද

නැතිනම් මොඩලින්ද



එහෙමත් නැත්නම් අන් අය අතර කැපී පෙනීමටද? ඔබත් මේ අය අතරද? එක ඇඳුමකින් සෑහීමකට පත්වන්නට ඔබට බැරිද? 

අවුරුද්දක් ලබන්නේ පරන අවුරුද්දේ නරක පුරුදු අතඇරලා අලුත් අවුරුද්දෙ ඔබට වෙනස් වෙන්න නොවේද? ඉතින් ගිය අවුරුද්දේ කරපු දේම මේ අවුරුද්දෙත් කරනවා නම් කෝහෙද ඔබට අලුත් අවුරුද්දක්? කෝ ඒකෙ අලුත් බවක්? 

පොඩ්ඩක් හිතලා බලන්න ඔබේ අනිත් මාස වල වියදමයි මේ මාසෙ වියදමයි අතර පරතරය කොහොමද කියලා. ඇයි ඒ මේ මාසෙට පමනක් විශේෂයක්? ඔබම හිතලා බලන්න අවුරුද්දට ඔබ කොතරම් වැඩකට නැති වියදම් කොපමනක් කරනවාද කියලා?

එහෙනම් මාත් එක්ක එකතු වෙන්න, මේ අවුරුද්දේ වත් අපි වෙනසක් කරමු. ඔබත් මා සමග වෙනසට එකතු වන්න.


ඔබට මේ දෑස් පෙනෙනවාද? ඔබට මේ දෑස් වලට බලාපොරොත්තුවේ ආලොකය ලබාදිය හැකිය.

මේ මුදල් වලින් කවදාවත් අවුරුද්දක් නොලබපු අසරනයෙකුට අවුරුද්දක් අවුරුද්දක් උදා කරමු. පොඩ්ඩක් හිතලා බලන්න ඔබ තනිව සතුටුවන එකද දුකින් සිටය අයෙක් සතුටු කර ඒ සතුට බලා සතුටු වෙන  එකද වටින්නේ. ඔබට ඒ වෙනස කරන්න පුලුවන් නේද? ඔබේ කය සතුටු කරනවට වඩා ඔබේ මනස සතුටු කරන්න ඔබට පුලුවන් නේද? ඒ සතුට ඔබට විඳින්න පුලුවන් නේද?

කිතුනු භක්තික මර්සලින් ජයකොඩි පියතුමා කියූ පරිදි "මගේ නත්තල දුගියා බත් කන දාය" නම් ඔබේ අවුරුද්ද විය යුත්තේ කමක්ද? ඔබේ දරුවන්ටත් කුඩා කල සිටම මේ වෙනස හුරු කරවන්න. එවිට කෙදිනක හෝ මේ ලොකේ හැමෝටම අවුරුදු ලබාවි. ඔබට ඒ දවස අත්විඳින්න පුලුවන් නේද?

සෑමවිටම වෙනසක් කරන්න. වෙනස තුල ඇති වෙනස අත් විදින්න. සම්ප්‍රදායට එහා සිතන්න.


MAKE A CHANGE THAT YOU CAN MAKE, THINK BEYOND THE TRADITION & FEEL IT


ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

Friday, April 6, 2012

පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම


නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම
නුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම
නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම
නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම

සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම
මල් සුවඳ විඳගන්න අහිමියිද මට ඒ වරම
නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම
ගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම

වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම
තෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම
වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම
නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම

නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......

Monday, March 26, 2012

හයි හීල්ස් VS බාටා කටු



බසයේ මා සිප් සොයා වාසිටි යන අතර තුරා
රූබර ලදක් හිටියයි හෙලමින් බැලුමන් නුරා
දැකුමෙන් ඈ කැලබිනිය මාසිත මටත් හොරා
මන්මත් බවක් ඇතිවිය මාගත නොලබත් සුරා

මාගත ඇදෙයි ඈ අසලට කාන්දමක් වෙලා
මාසිත ඇදෙයි ඊටත් පෙර මාන්දමක් වෙලා
මානෙතු නැලවෙයි ඇගෙ රූ දැකුමන් බලා
මාකන් පිනයි ඇගෙ මුව සිනහවන් නෙලා

ඈ තැවරූ වත්සුනු සුවදින් මා මත් වෙලා
කිට්ටු උනා මමත් ඈහට සිනහවක් හෙලා
හයි හීල්ස් දැමූ ඇගෙ විල්ලුද පුංචි දෙපා
අනේ පෑගුවයි ලෙලි පනින තුරු මගෙ දෙපා

 මත් බවින් සිටි මා දැක ඇගෙ නුරා
මිදුනයි මා මතින් වේදනාවෙන් දෙපා
මතක් වුනි ඉතිං මට ඇගේ පරම්පරා
නද දුන්නා මා හඩ මුළු බසය අරා

කදුළු පිරි නෙතින් ඈ මා දෙස බලා
කීවා ගලපා වදන් අනේ සොරි කියා
කකුලේ වේදනාව කොහේදෝ ගියා
ඊලග නැවතුමෙන් ඇයත් බැස ගියා

Tuesday, March 20, 2012

අළුගෝසු සටහන



"සමරපාල පොඩිසිඤො" මම අඳුරු කුටියේ වූ කලු ලෑල්ලේ හුණු කූරක් මැවූ රටා කියවුවෙමි. ඒ මිනිසෙකුගේ නමක් වීය. මෙලොව විසූ තවත් එක් මිනිසෙකුගේ නමක් විය.  ඔහු කවුරුන්දැයි මා නොදනිමි. කලු ලෑලලේ මෙසේද වීය.


"ප්‍රණය සිඳෙන තුරු එල්ලා තැබුවා 1951.10.15 වන දින පෙ. ව. 11 පසුවී 16 වන මිනිත්තුවේදී"


මට එදින 11.15 වන මොහොත ගැන කල්පනා වීය. අකුරු රටා මා දෙනෙත් විඩා ගෙන දුන්නේ මා දැඇස මානයේ එල්ලෙන තොන්ඩුව දෙස බලා හිදින්නට වීමි.



"උඹලයි අප්පොච්චි අදත් එකෙක් එල්ල්ලා."අම්මගේ වදන් මාතුල මහත් වූ අපුලක් පියා කෙරේ ඉපදවීමට සමත් වීය. කටගොන්නකට රා කටු හලාගෙන ආ පියාණෝ මහත් වූ පුරසාරම් දොඩවයි. ඒ වදන් මා සවන් වලට යවුලින් අනින්නා  සේම විය. තාත්තාගේ පුරසාරම් වලට හූ මිටි තියනුයේ අම්මාම විය. දෙන්නා දෙමහල්ලන්ගේ වාදයේ අවසානය වනුයේ අම්මා හොඳ හැටි තැලුම් කෑමත් කුස්සිය මුල්ලෙන් ඉකි බිඳුම් හඬකුත් ඉතිරි වීමය. ඊට පසු ඊටත් වඩා මහා හඬින් ඉකි ගසා හඬා හතර ගාතය දා නිදාගනුයේ පෙර රකුසු වෙස් ගෙන සිටි තාත්තාය. ඔහු කවුරුන්දැයි මා තබා අම්මාවත් දැන නොසිටින්නට ඇති වගක් මට හැඟේ.


පසල් සමය මා නෝන්ජලයකු කිරීමට පියාගේ රැකියාව සමත් වීය, මා ඔහුට දහස් වර වෛර කලෙමි. කිසිවකු සමඟ භජනයට නොගිය මා හට "අළුගෝසු පැටියා" යයි බොහෝ කොල්ලන් විසින් නම් පටබැන්දාය. අහින්සක මා උන්ගෙන් නිරපරාදේ බොහෝ විට තැලුම් කෑවාය. එවන් විට කෝපාග්නියේ අන්තයටම යනුයේ " තොපි සේරම එල්ලලා මරනවා බොලවු" මා මුවින් පිට වනුයේ මටත් හොරාය. මහා හඬින් හඬා වැටෙන මා හනිකට අම්මා සොයා දුව යමි.  පියාගේ මරනයෙන් මාහට උරුම වූයේ මා තදින් වෛර කල රැකියාවය. අම්මා රකිනු වස් අකැමැත්තෙන් වුවද උරුමයට කරගැසූ මා අළුගෝසු ජීවිතයට ටික කලකින්ම හුරු වීය. මා හට තත්තා කවුරුන්දැයි පසක් වූයේ මේ සමගමය.


තොන්ඩුවේ බැඳි මකුළු හුයකට අසුවූ මැසි මදුරුවෙකු ජීවිතය ඉල්ලා මරණාසන්න නිශ්පල උත්සායක නිරත වෙනු දැක මා අතීතාවර්ජනයෙන් මිදුනෙමි.



ඉදිරියෙන් වූ කලු ලෑලලේ අකුරු මාහට විරිත්තන්නට වූවාය. තොපිට විරිත්තන්න වෙන්නේ අද විතරයි යන හැඟීමත් සමගම වෙනත් නමක් තවත් කාලයකට මෙතන පැලපදියම් වනුයේ අද බව මට මතක් වීය.


අඳුරු කුටියෙන් එලියට ආ මට ඈතින් කසාවතක චලනක් දැකිය හැකිවීය. සන්සුන් ගමනින් වඩිනා උන්වහන්සේ මැරෙන උන් කීයකගේ දුක් අඳොනා පාපොච්චාරනයන් අසා ඇති දැයි මට සිතිනි. මැරෙන්නට යන අයගේ සිත් සතන් සැනහීමට උන්වහන්සේට හැකිවීදෝ දන්නේ උන්වහන්සේම පමනි. මා අසා ඇත්තේ අවසාන විලාපයන් හා සෝසුසුම් පොදවල් වල හඬ පමනි.



උන්වහන්සේ දෙස බලා මා හට පහන් හැඟීම් ජනිත නොවූවාය. වරද කරුවන්ගේ මරුවා මම වීමි. මා මහා මරුවෙකි. නීතියෙන් වරම් ලද මරුවෙකි. මට දඬුවම් දෙන්නෝ කවරෙක්ද? මා සිත වේගවත් සිතුවිලි වලින් චන්චල වීය. කසාවත මට සහනයක් නොවීය. එය නොපෙනී යනතුරුම මම මග බලා සිටියෙමි.



උන්වහන්සේ දෙස බලා මා හට පහන් හැඟීම් ජනිත නොවූවාය. වරද කරුවන්ගේ මරුවා මම වීමි. මා මහා මරුවෙකි. නීතියෙන් වරම් ලද මරුවෙකි. මට දඬුවම් දෙන්නෝ කවරෙක්ද? මා සිත වේගවත් සිතුවිලි වලින් චන්චල වීය. කසාවත මට සහනයක් නොවීය. එය නොපෙනී යනතුරුම මම මග බලා සිටියෙමි.


බන්ධනාගාර නිලදාරීන් විසින් රැගෙන ආ සිරකරුගේ මුහුන මා දිටීමි. මරණ බයින් අඳුරූ වී ගිලා බැස තිබූ ඒ නෙතු නා නෙතු හා ගැටිනි. ඔහු මා කවුරුන්දැයි හඳුනා ගත්තා විය යුතුය. මරනය හමුවේ ජීවිත්ය ඉල්ලන දෑසක් මට දැකිය හැකි විය. එවන් දෑස් කීයක් නම් මා දැක ඇත්ද?.


ලොක්කන්ගේ අණට ක්‍රියාත්මක වූයේ මා ඔහුගේ හිස වසා දැම්මෙමි. එය මට මහත් පහසුවක් ගෙනාවාය. ගැහෙන දෑතින් යුතුව තොන්ඩුව ඔහුගේ හිස පැටලීමි. මේ ගෙවී යනුයේ තවත් එක් මිනිසෙකුගේ අවසාන මොහොතය. ඔහුගේ හදවතෙ හඬා වැටීම මා සවන් වලට ඇසිනි. ඔහු නොහැඬුවද මහත් වූ සුසුමන් සමුදායක් වා තලයට මුදා හලේය. ටව ටික මොහොතකින් ඔහුගේ ප්‍රානයද වාතලයටම එක් වනු ඇත.


"දඩස්" හඬ නගමින් තට්ටුව පහලට යත්ම ඒ හඬ පරදා "ටකස්" යන හඬ නැගී සිටියාය.


මීට මොහොතකට පෙර මකුළු හුයේ සිරවූ මැසි මැදුරුවා මට සිහිවිනි.............





Sunday, March 18, 2012

ඔබ කකුස්සි කටක්ද?

කාටවත් මඩ ගැසීමට හෝ අපහසු තාවයකට පත්කිරීමට හෝ විවේචනය යන වදනට මුවාවි නින්දිත ලෙස පහර ගැසීමට මෙයින් මා බලාපොරොත්තු නොවන බව මුලින්ම තරයේ ප්‍රකාශ කර සිටිමි. මෙය හුදු මා දරණ තවත් එක් මතයක් , එහෙමත් නැත්නම් මට හැඟෙන විදිය , මා දකින විදිය සමාජය හමුවේ තැබීමක් බව වටහා ගනු මැනවි. මා මුලින්ම යොමු කලාක් සේම නැවතත් ඔබෙන මම අසනුයේ ඔබ කකුස්සි කටක්ද යන්නය. මේ වන විට ඔබට මා කෙරේ වෛරයක් හෝ පිළිකුලක් ඇතිව ඇත්නම් එය සධාරණය. එහෙත් ඔබත් මාත් කකුස්සි කටකට උපමා කර තිබේ යයි මට හැඟේ. ඔබගේ වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටුකර දෙන අර පික් මේ පික් හාපික් දමා මදින කකුස්සි කට මට සමාන වූයේ කෙසෙද යන පැනය මේ වන විට ඔබට පැන නැගී ඇතුවා නිසැකය.  මිනිහෙක් වෙච්ච මන් කොහොමද යකෝ කකුස්සි කටක් වුනේ , මූට පිස්සුද කියා ඔබට හිතී ඇතිවා මෙන්ම මා කියන්න යන්නේ කුමක්ද යන්නත් සමහර විට ඔබ දන්නවා ඇත. මෙය කීමට මා ප්‍රමාදයයි හැඟේ. කවුරුන් හෝ මීට ප්‍රථම මෙය කියා ඇතයි මම නොදනිමි. නමුත් එය මා ඔබට කියමි.

ඔබ මහ මග යන විට මේ පුවරු දැක ඇතිවා මෙන්ම සමහර විට රූපවාහිනියෙන් දැක ඇතැයි මා සිතමි. සැබැවින්ම ඔබට හිතුනේ කුමක්ද යන්න මට සිතුන ඩේ හා සසඳා කියා යාමට කාරුනික වන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිමි. එවිට මා දරණුයේ වැරදි මතයක්ද යන්න හෝ මට වැරදි වැටහීමක් ඇතිවීද යන්න තේරුම් බෙරුම් කර ගැනීමට එය ඉවහල් වනු ඇත.









දැන් කාරණය පැහැදිලිය. මා කියන්නට යන්නේ කකුස්සි කටවල් වල වෙලඳ ප්‍රචාරන දැන්වීමක් පිලිබඳවය. මෙම දැන්වීමේ නිර්මාන කරුවා කවුරුන් හෝ සැබෑ වෙනසක් කර ඇත.ඔහු වෙනත්ම අයුරකින් මෙදෙස බලා ඇතිවාය. එය අගය කල යුතුය. නමුත් ඒ වෙනස තුල සමාජයේ ගැහැනියට මිනිසාට ලබා දී ඇති වටිනාකම, දී ඇති තැන, යොදා ගත් උපමාව ගැලපේද නොගැලපේද යන්න ඔබට බාරය. මේ පිලිබඳ මාහට නම් ඇත්තේ ගැටලුවකි. ඔහු වෙලඳ පල ජය ගත යුතුය. වෙලද පලම ඔහු අලෙවි කරන බාන්ඩයට සම කොට ඇති අයුරක් මට නම් පෙනේ. නිර්මාන කරු මිනිසා කවුද ඔහුට හිමි තැන කුමක්ද එහි සීමා කවරේද යන්න දැන සිටිය යුතුය.(නොමිනිසුන්ද සමාජයේ නැතිවාම නොවේ) එක අතකට ඔහු වැරදි නැතිවා විය යුතුය, ආයතනය මාර්කටින් වලදී මිනිසාට අපූරු තැනක් ලාබා දී ඇතිවාය. 

අතීත නිර්මාන කරු මෙ අයුරින් මිනිසා සහ ගැහැනිය නොමනා උපමා වලින් සසඳා නැතිවාමය. මෙය සැබවින්ම ජුගුප්සාජනකය. කාන්තාවගේ නාරි ඉරියවු ඔහුට කකුස්සියකි. කාන්තාව තබා නාරි ලතා පුශ්පය දුටු ඉසිවරුන්ගේද මනස කැලඹී නම් මොහුට හා අයතනයට ඒ සියල්ල කකුස්සියක්මය. කානතාවගේ කෙශ කල්‍යානිය කකුස්සියක වැහෙන පියනක් වීය. 

අතීතයේ යදමින් බැඳී නිර්මාණ කල යුතු යයි මා නොකියමි. නමුත් මෙවැනි දෙ ගැලපේද යන ඔබට බාරය.

වෙනස් වන කාලයට අනුව අපද වෙනස් විය යුතුය. ඒ වෙනස නොමනා වෙනසක් නොවිය යුතුය. 

මාකටින් තුල කල නොහැක්කක් නොමැත. ජේ. ආර් ටද බලය තුල කල නොහැකි වූයේ මිනිසා ගැහැනියක් කිරීමත් ගැහැනියක් මිනිසකු කිරීමත් පමනි. මෙයට එයත් කල හැකිය යන්න මෙයින් මට හැඟේ. මම මට හැඟෙනා දේ කීවෙමි. මේ අනුව මිනිසෙකු මිනිසෙකු පිට නැගී වැසිකිලි යනු නොකියා කියා අවසානය. අවසාන තීරනය ඔබ සතුය.............

Friday, March 16, 2012

අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ


අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ
නැගෙන බහින රළ බැලුවා මගේ ජීවිතේ
නුඹ නොමැතිව නැත සුවයක් මගේ ලෝකයේ
හිතේ දුකක් ඉතිරිව ඇත එයයි කාරණේ

සිත් වෙරළේ තැනුවයි මං අහස් මාලිගා
දරුණු රළක් සේ ඇවිදින් නුඹ බින්දයි ඒවා
රිදුනු සිතේ සෝ සුසුමන් ඇතිවයි බෝමා
බිදුණු රලේ පෙන කැටි සේ විසිර ගියෙයා

සයුරු රළක් වාගෙමයි නුඹේ ආදරේ 
විටෙක නැගෙයි විටෙක බසියි මටද නොතේරේ
ඒවි යාවි කවදාවත් නොරැඳී වෙරළේ
නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ 

Tuesday, March 13, 2012

ඈ නාමලීය


ඈ යලිත් මට මුණ ගැසුණාය. ඒ වන විට ඈ පුරන් වූ කුඹුරක් සේ මට දිස්වුනි. ඇගේ දෑස් මලානික වී තිබුණි. ක්ෂණික මතකයන් සමුදායක් මා මනසේ සිතුවම් පෙළක් සේ ඇඳී බොඳවී ගියාය. ඈ මාහා සිනාසිනි.මමද පෙරලා ඈ හා සිනාසුනෙමි. ඈ නාමලීය.

 ඈ මාගේ පෙර බිරිඳ වූවාය. නාමලක් සේම ඈ මා දිවිය සුවඳවත් කලාය. නමුත් ඒ සුවඳ සදහටම උරුම කර ගන්නට තරම් මම වාසනාවන්තයෙක් නොවීමි. අතීතය සිහිවී මට නිතතින්ම බැලුනේ ඇගේ ලැම දෙසය. 

ඒ සමගම ඈ අතින් අල්ල සිටි සමීර පුතු මා හදුනාගත්තේ, තාත්තී යයි කියමින් පැමින උණුසුම් හාදුවක් පිරිනමන ලද්දේ හොටු තලියක්ද මා මුහුනේ අතුල්ලාය. මට පිලිකුලක් නොදැනිනි. මා පුතු වඩාගත් අයුරු දැක ඈ ‍නෙතු කඳුලින් තෙමී තිබුනි. ඈ මා අසලට පැමින "පුතා තාත්තිට කරදර කරන්න එපා" යයි කීවාය. ඇගේ බසට ආවනත නොවූ පුතු සුරතල් බස් දොඩන්නට විය. 

අමාරුවෙන් වචන ගලපාගත් මා "නාමලී, ඉතින් කොහොමද කියා ඇසීමි. ඈ කඳුලත් සිනාවත් අතරින් මා මුහුණ දෙස බලා උන්නාය.මා ඇසූ ගොන් පැනයට සියලු පිලිතුරු ඇගේ මුහුනේ රැඳී තිබුනි. බොහෝ දුරක් පයින් ආ නිසාදො ඈ වෙහෙසට පත්ව සිටියාය. දූවිලි කාස්ටකය ඇගේ මුහුන සහ මුදු කෙස් කලඹ යටපත් කර නැගී තිබුනි. මට මා ගැනම වයිරයක් ඇතිවිය.

ඈ "පුතාට හොඳටම උණ හෙම්බිරිස්සාව" යයි අසරණව කීවාය. මගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු නොවූයේ වහා පුතුට බෙහෙත් අරන් දී තවත් යමක් කල හැකිද විනා "කාලද ඉන්නේ" නාමලීගේ මුහුන දෙස බලා ඇසුවෙමි. "කරදර වෙන්න එපා සුරේන් " යනුවෙන් අහින්සකව පැවසූ ඈ සිලි මල්ලක එතූ පාර්සලයක් බෑගයෙන් එලියට ගෙන පෙන්වීය. ඇගේ අතින් පිසුනු රස ආහර මා රස නහර පිනවූයේ මීට බොහෝ කලකට ඉහතදීය. ඒ රස සොයා වහා පර්සලය ඇගෙ දැතින් ගෙන බලනුයේ එහි වූයේ රොටී දෙකකි. මා මොන තරම් අමනයෙක් දැයි මටම සිතුනි. ඇගේ අකැමැත්ත මැද්දේ පුතුත් ගෙන කඩයකට ගොඩවැදුනු මා ආහාර ඇනවුම් කලෙමි. පුතු මහත් ගිජු කමකින් අහාර ගනු දුටු මා ඈ මුහුන දී ඇති අහේනිය මනාව අවබෝධ කර ගතිමි.

 ඈ හා පුතු අහාර ගනු බලා සිටි මා සිත මටත් හොරා අතීතයට දිවගෙයේ සරසවිය අසල නැවතිනි. නාමලීගේත් මගෙත්  සොඳුරුතම කාලය එය විය. මා කුසගින්නේ සිටි දිනක ඈ අගෙ බත් පත මට පිරිනැමූ අයුරු මට මතක් විය. එතැන් සිට ඇරඹි මාගේත් ඇගේත් ආදර බැඳීම කිසිදු බාදකයකින් තොරව ගලා ගියාය. ආදරයේ සොඳුරු තැන් සොයා අප දෙදෙනා සරසවි බිමේ හුදෙකලා වීමු. දිනක් ඇගේ නලලත සිපගත් දිනෙක "ඔයා හරි නරකයි" කියමින් මා උර සපාගෙන උරයට හේත්තු වී බොලද වදන් කියූ නාමලීව මට මැවී පෙනුනි. අපෙ අදරයට පැමිනි මුල්ම බාධකය වූයේ මගේ අම්මාය. ඈ දුලාරි නම් තරුණියක මට යොජනා කලාය.

 අම්මාගේ විරෝදය මැද්දේ මා නාමලීගේ අත ගත්තෙමි. අප දෙදෙනා වෙනම කුලී නිවෙසක අපේ කැදැල්ලෙ රස වින්දිමින් සිටින අතරතුර අපි දෙන්නාගේ ආදරයේ උපරිම පලය පුතු සමීර අපි අතරට අවාය. සමීරගේ ආගමනයත් සමග අපේ අම්මාද ටිකටික වෙනස් වී නාමලීට දුවක සේ සෙනේ පානනට වූයේ මා සිතේ උපරිම සතුටක් රඳවමිනි. අනේ දෙවියනි ඒ මුලාවක් බව මා නොදැන සිටියෙමි.

 අපේ කැදැල්ලට ආ දෙවනි හෙනහුරා වූයේ නාමලීට පියයුරු පිලිකාවක් වැලඳීමයි. අහෝ සරසවියේදී කාටත් හොරෙන් මිරිකූ, නිදි යහනේ මා සැනසූ, සමීර පුතුට කිරි දුන් ඇගෙ ඒ හන්ස ජෝඩුව මස් වැදලිවන්ව ඇගේ ගතින් වෙන්වුනි. නාමලී මානසිකව වැටුනාය. නමුත් ඇගේ පිරිපුන් බවේ අඩුවක් මට නොම දැනිනි. ඈ මගේ නා මලම විය. 

අම්මාගෙත් දුලාරිගෙත් කුමන්ත්‍රන වල සාර්තකත්වයට මෙය තදි බල පෑවේය. මා අම්මටත් නාමලීටත් මැදිවූයේ ගිරයට අසුවූ පුවකයක්ම විය. අම්ම්මා හා දුලාරි නාමලී හා පුතු මගෙන් වෙන්කරනු ලැබීය. මා මගෙනුත් අම්මාගෙන්නුත් දුලාරිගෙනුත් පලිගැනීමට දුලාරි හා විවාහවී අසාර්තක පවුල් ජීවිත්යක් ගෙනයමි. දුලාරි හා මා අතර ඇත්තේ ලියවිල්ලක බැඳීමක් පමනි. 

මේ සියල්ල මට හැඬුම් ගෙනාවාය. සැබවින්ම මට හැඬිනි. නාමලී වැලඳ ගත් මා පොඩි එකෙකු සේ ඉකි ගගහා ලොවට හිස් වූ ඇගේ ලැම මත හිස තබා හඬා වැටෙන්නට විය.ඇයද හඬා වැටුනු නමුත් ඇගෙ මුදු අතැඟිලි මා හිස ආදරයෙන් පිරිමදින්නට විය. අප හඬනු දුටු සමීර පුතුද මහා හඬින් හඬන්නට විය. බිල රැගෙන පමිනි වේටර කොලුවා අපේ කඳුලට තිතක් තැබීය.

 බලෙන්ම සේ 5000 කොලයක් නාමලී අත ගුලිකල මා බිල ගෙවා එනවිට නාමලී හා පුතු නොසිටියාය. කඩය ඉදිරියෙන් තුන් රෝද රියක් ඉගිලී ගියාය. ඈ මටත් නොකියා ගොසිනි. නාමලී කිසිදිනෙක මට බධාවක් නොවීය. ඈ පිසූ රොටි දෙක තාමත් මා දෑතේ රැඳී තිබුනි.............

Monday, March 12, 2012

නුඹේ උසාවියේ නිවුරදි වැරදිකරු මා


එල්ලා මරා දමපං මා
නුඹේ කෘර හෘද රාජ්ජේ
ඉවසුවත් මා
නූඹ දීද සැනසීමක් මට
ජූරියත් නුඹ නම්
විත්තියත් නුඹම නම්
නුඹේ උසාවියේ
නිවැරදි වැරදිකරු මා
දීපං ඉතිං
උපරිම දඩුවම්
තවත් විදින්නට
දුකක් නොමෑත මට
වීදවුවා මං නුඹ නිසා
උගුල්ලාපං මේ ඇස්
නුඹ දෙස
සෙනෙහෙන් බැලූ නිසා
කපාපං මේ දෑත්
නූඹ සෙනෙහෙන්
වැලදගත් නිසා
පලාපන් මෙ දෙතොල්
නුඹව සිපගත් නිසා.........

Saturday, March 10, 2012

යන්න අවසරයි අම්මි, අප්පච්චී........



මන් ඉපදුන දවසෙ ඔයා මාලඟ නොහිටියත් ඉපදුන ආරන්චිය අහලා ගොඩක් සතුටු උනා කියලා මට අම්මි කිව්වා. නිවාඩු අරන් මාව බලන්න ආපු ඔයා මට දීපු හාදු වල උණුසුම මට තාමත් මතකයි අප්පච්චි.

ඒත් අපි හැමොගෙම සතුට උදුරගන්න තරම් කාලය නපුරු වෙලා කියලා ඒ දවස් වල මන් දැනන් ඉන්නෙ කොහොමද, ඉපදිලා මස තුනක් වෙච්චි මම. 

ඔයාගෙ පොඩි දෝනි අප්පච්චි කියන කොට එක අහන්න ඔයා මා ලන්ගින් හිටියෙ නෑ අප්පච්චි, මගේ දඟ වැඩ බලාලා සතුටු වෙන්න ඔයාට වාසනාවක් තිබුන් නෑ අප්පච්චි, ඔයාගෙ දෝනි ටිකටික ලොකුවෙද්දි ඔයාගෙ උණුසුම හොයන කොට, ඔයාගෙ සුලැඟිල්ල අල්ලන් සිගිති දෙපා තියලා ඇවිදින්නට හදන කොට ඔයා මගේ ලොකෙන් යන්නම ගිහින් කියලා මන් දැනන් උන් නෑ අප්පච්චි.

අම්මා කඳුළු බිබී මාව ලොකු මහත් කරා ඔයාගෙ මතකයන් හිතේ තියාගෙන ඔයාගෙන් එයාට ලැබුන ලොකුම තෑග්ග මම කියලා මට කියලා දීලා.

ඔයාගේ රූපෙ මට මතක නැතත් ඔයාව මතක් කරන්න යද්දී මගේ ඇස් දෙක බොඳ වෙලා මට ඔයාව පේන් නැතිවම යනවා අප්පච්චි, පොටෝ පොත් වල ඉන්න ඔයාව ඩැක්කම ඒවා මට වැඩිය වාසනාවන්තයි කියලයි මට හිතෙන්නෙ.

හැබැයි මට තාමත් මත්කයි ඒ දවස නම්, අම්මිත් එක්ක පෙර පාසල් ඇරිලා එද්දී කොල පාට ජීප් එකකින් අවිත් හිටපු හමුදාවෙ මාමලා කියපු දෙයක් අහලා අම්මිව එතනම වැටුනා. මම බයවෙලා මහා හයියෙන් අඬන්න ගත්තා. මට මතක එච්චරයි.

මම නැගිටින කොට අම්මි මාව බදාගෙන අඬනවා " අයියෝ සුදු දුවේ ඔයාගෙ තාත්ති ඔයාවයි මාවයි දාල යන්න ගිහින් කියාලා" ඒ වෙලාවෙ මට මුකුත් නොතේරුනත් මටත් හොඳටම ඇඬුනා.

ඒ මූසල දවසේ ඔයා ගෙදර අවේ හමුදාවෙ මාමලගෙ කර පිටින් පෙට්ටියකින් අප්පච්චි, එක උඩින් ලන්කා කොඩියක් දාල ඔයාගෙ සුදු මූන බලන්න බැරි වෙන්නම ඒක වහලා දාල.

මට නොතෙරෙන කමට මම ඒ පෙට්ටිය ලඟ ඉදන් බොනික්කන්ව නැලෙව්වා ඔයා ගැන කියකිය අප්පච්චී. කව්ද "පවු අසරන කෙලි පොඩ්ඩ, ඒ දරුවා මොනා දැනගෙනද?" කියලා කියනවා මට තාමත් මතකයි අප්පච්චි.

මන් අමමිට අම්මි හරි නරකයි, අඬන්නෙ නරක ලමයි කිය කිය හුරතල් වෙද්දී අම්මි තවතවත් ඇඬුවා අප්පච්චි.


එදා කහපාට සිවුරු ඇඳපු සාදුලා ඇවිත් පැන් වඩලා ඔයාට පින් දෙද්දී මන් හුඟක් දඟ කරලා අප්පච්චි, මට වතුරත් එක්ක සෙල්ලම් කරන්න දුන් නෑ කියලා.


ඔයාව ගෙදරින් එලියට අරන් හමුදාවෙ මාමලා ඔයාව කර පිටින් කනත්තට ගෙනිහින් අහසට වෙඩි තියලා ඔයව සොහොනට තියලා එද්දී අම්මි ඔයාගෙ සොහොන බදාගෙන හොඬටම ඇඬුවා අප්පච්චී.

ටික ටික මන් ලොකු වෙද්දී ඔයා ගැන අහන කොට අම්මිගෙ ඇස් වල කඳුලු පිරුනා අප්පච්චී, කාලයත් එක්ක මට හැම දේම තෙරුම් ගන්න ඉඩ දීල අම්මි ඔයා සුරන්ගනා ලොකෙ ගියා සුදු දූට තැගි අරන් එන්න කියලා මාව නලවද්දී මන් සුරන්ගනා ලොකේ කෝ කියලා අම්මිගෙන් ඇහුවම අම්මි හඳ පෙන්නලා මාව නැලවුවා.

මන් පුන්චි කාලෙදි රෑට හඳ දිහා බලන් උන්නා අප්පච්චී ඔයා මට තෑගි අරන් එනකන්. එත් ඔයා කවදාවත්ම අවේ නෑ අප්පච්චී.

මන් ඉස්කෝලෙ යද්දී ඔයාගෙ පොටෝ එකට වැඳලා යන්න මට අම්මි ඉගැන්නුවා අප්පච්චී.

හැම අවුරුද්දකම මායි අම්මියි ඔයාගෙ සොහොන ලඟට ඇවිත් ඉටිපන්දමක් පත්තු කරලා ගියා කියලා ඔයා හොඳටම දන්නවා ඇති ඇප්පච්චී.

ටිකටික මට තේරුම් වෙන කොට අනික් ලමයි අප්පච්චිලාත් එක්ක ගමන් යනවා දැකලා මට ඉරිසියා හිතෙනවට වඩා ඔයා ගැන ආඩම්බරයක් අති වුනා අප්පච්චී.

ඒත් ඔයාගෙ පොඩි දෝනි ලොකු ලමයෙක් උන දවසේ ඔයා නැති පාලුව මට හොඳටම දැනුනා අප්පච්චී.
අම්මි මාව දුක් විඳලා ලොකු මහත් කරලා හොඳට ඉගැන්නුවා. ඔයා කොහේ හිටියත් ඔයාගෙ අශිර්වාදේ මට තියෙනවා කියලා මගෙ හිතේ ලොකු හැඟීමක් තිබුනා අප්පච්චී.

අද ඔයාගෙ පොඩිදෝනි පිටගම් යනවා අප්පච්චී, අම්මි අද ඉඳන් තනි වෙනවා අප්පච්චී, ඔයාගෙ මතකයයි මගේ මතකයයි හිතේ තියන් අම්මි අද ඉඳන් ගෙදර තනි වෙනවා අප්පච්චී, එයාට දුකක් දැනෙන්න දෙන්න එපා අප්පච්චී. ඔයා එයාට දුන්න තෑග්ග අද වෙන කෙනෙකුට අයිති වෙලා අප්පච්චී.ඉතින් මට යන්න අවසරයි අම්මි, අප්පච්චී........




ප:ලි - මේ මගේ කුළුඳුල් කෙටි කතාවයි, මේක කෙටි කටාවක් වගේද කියන්න මන් දන් නෑ, බලලා අඩු පාඩු එහෙම කියල යනන.

Thursday, March 8, 2012

සුදු සද දුටු සද උඩු බුරයි මගේ සිත




සුදු සද දුටු සද
මතක් වී නුඹේ පෙම
උඩු බුරයි මගේ සිත
නාකි බල්ලකු ලෙස

උඩුබුරනා විට මහ හඩන්
අසා ඉදිපන් ඉතින්
සී මැදුරු කවුළුවෙන්
නිදි යහනට වී තුටින්

මාගෙ දුක් සුසුමන්
පාරයි සදේ සදකැන්
සමුදී නුඹ ගිහින්
අමාවකයි දැන් ඉතින්

තනි තරැවක ලෙසේ
බැසයන සද විලසේ
තනි කලේ මා කෙසේ
කියාදී යනු ලදේ.........

Sunday, March 4, 2012

දෙකම එකමැයි කියනු නම් කෝම


රෑ වටෙන පිනි බිංදු 
මොන තරම් සොදුරැයිද
නුඹ ඉල්ලා හඩන
අනෝරාවට වඩා
විද බලන් පිණි පසහ
තේරෙයි නූඹට
ඉදින් 
වැස්සත් දියයි
පින්නත් දියයි
දෙකම එකමැයි
කියනු නම් කෝම

Thursday, March 1, 2012

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්


කස්ටියට මගේ කතාවත් කියන්න හිතුනා, කොතනින් පටන් ගන්නවද කියලා කල්පනා කරකර ඉන්දැද්දී කැම්පස් එකේ ෆස්ට් ඉයර් එක ගැන ලියන්න හිතුනා, මොකද එක තුල මහලොකු සමාජවාදය, රැග්, ආතල් තව බොහෝ දෑ තිබුන නිසා.

ඔන්න ඉතින් මන් සා/පෙළ වල මැතයි විද්‍යාවයි හොඳටම ගොඩ දා ගත්ත නිසා මහ ලොකු කෙරුමා වගේ උසස් පෙළට මැත බදා ගත්තා. ඉතින් රොටරියට බඩගාලා මුල් සැරේ විබාගෙ කලා. අප්පට සිරි , ප්‍රතිඵලේ මැතටම කෙල වෙලා, ඉතින් දෙවනි සැරේ යන්තම් සන්තම් විස්ස විද්‍යාල වරම් ලබා මෙකැනිකල් ඉංජෙකු  ලෙස අධ්‍යාපනය ලැබීමට හැකිවිය.

ඔන්න ඉතින් මම හා හා පුරා කියලා ඉන්ටව් එකට ගියපු දවසේ එකෙ හිටපු එවුන් මාව අල්ලන් මල්ලි උබ කොහෙද? අවේ ඉන්ජෙක් වෙන්න නේද? හොඳට ඉගෙන ගනින්, අපි දෙන්නම් පුල් බැකප් එක කියලා මාව මුරුන්ගා අත්තේ උඩටම නැග්ගුවා.

ඉතින් ඉන්ටව් ගිහින් ඇවිත් සතියකින් ඈවා ඇවිත් ලියාපදින්චි වෙන්න කියලා ලියුමක්, මගේ ඉහේ මලක් පිපුනා වගේ, එත් මම ලියාපදින්චි වෙන්න් ගියේ සතියක් පරක්කු වෙලා, ඉතින් රටක් රාජ්ජයක් දිනපු එකෙක් වගේ මාත් ගියා ලියාපදින්චි වෙන්න, ගියාම එකෙක් මාව අල්ලන් අමුතු නීති පද්දතියක් පැනවුවා.මාත් ඉතින් වෙන බල්ලන්ගේ ඒරියල් එකක තනිවුන සුනඛයෙක් වගේ නකුට දෙපා අස්ස්සේ සඟවාගෙන හිටියා.

ඒ තමයි පහුවදා ඉදන් එනකොට තනිපාට අත්කොට කමීසෙ තනිපාට දිගකලිසමට යටකරලා බාටදෙකක් දාගෙන ෆයිල් එකකට කොලටිකක් දාගෙන තමා එන්න ඕන . ඒකත් උදේ 7.10 ට, ඒ කියන්නේ 7.09 ත් නෙමේ, 7.11 ත් නෙමේ.


ඔන්න ඉතින් ඒ වෙලාවට කියපු විදියට ඇඳගෙන මාත් ඉතින් ගියා, ඔහොම යද්දී එක පාරටම

"ඒයි තෝ කොහෙද යන්නේ, ජේශ්ඨ උත්තමයන්ගෙන් අවසර ගත්තද?" එකෙක් අහපි

අත බූත වෙලා ගියපු මට අප්පට සිරි ඒ මොක්කුද ඒ මන් දන් නෑනේ උන් ගැන. ඉතින් මාත් " නෑ අයියෙ, ඒ මොකක්ද ඒ? " කියලා අහපි.

එකා" අයියා, කවුද යකෝ අයියා, ජේශ්ඨ උත්තමයන්ට අයියා කියනවද? ජේශ්ඨ උත්තමයන්ගෙන් ප්‍රශ්න අහනවද? කියපිය බලන්න පස්පවු" කියලා කියපි.



මාත් ඉතින් "දන් නෑ" කියපි.

අප්පට සිරි, අමු තිත්ත වචන රාශියක් ඒකගේ මුවින් පිටවී එකගේ ජුවල් ඌරු ජුවල් විය.
ඌ මට " පල පොසිශන්" කියපි, මට ඒකත් බැරි තැන "ඒයි මූට පොසිශන් යන්න කියලා දීපන් " කියලා මන් වගේ ඇඳන් හිටපු එකෙකුට කියපි.


එකාත් බයෙන් වගේ  ඇවිදින් පොසිශන් යන හැටි කියලා දුන්නාය, ඒ අත් දෙක පොලවට සමාන්තරව තබාගෙන කකුල් වල අඟිලි තුඩුවලින් සිටගෙන සිටීමය, මට ඒ දවසම වගේ පොසිශන් යාමට සිදුවිය. මේ අතර උන් පැමින ඉතිහාසය නමින් හරුපයක් කියා දුන් අතර පන්තියේ ලමුන්ගේ නම් ගම් පාඩම් කරගන්නා ලෙස කීවාය. හවසට එය කටපාඩම් ගත්තාය, ඒක බැරිවූ තැන පොසිශන් සෙට් විය.


 මේ අතර ලමයින්ගෙන් අසා දැනගත් උන්ටම ආවේනික වචන සෙට් එකක් විය. ඒවා නම් නමට පසු පිරිමි නම් "පහිඳාද" ගැහැනු නම් "පහිඳියද" ලෙස යෙදීම. මෙහි පහිඳා යනුවෙන් උන්ගේ අර්තකතනය සමනලයාගේ කෝශ අවස්තාවේ සිටින බවය.


පාසලට අන්දර කැපූ තැනය
Z එක මීටර පාටාංකයය
4.0000 - Z අගය මැටි පාටාංකයය


ඒ අනුව මම ________ පහිදාය

තවද පන්තියට කූඩුව, වැසිකිලියට දේවාලය, වැසිකිලියාමට පූජාව තැබීම, කාර්යාලයට පොලීසිය, ඩිරෙක්ටට ඕ.අයි.සී, නන් ඇකඩමික් අය ගම් බට්ටො, යනාදී වශයෙන් විය.


පස් පවු මේවා විය,

1. පාවාදීම තහනම්
2. මල්පාත්ති දැමීම තහනම්
3. කොකු දමාගැනීම තහනම්
4. ජෙශ්ඨ උත්තමයන්ගෙන් ප්‍රශ්ණ ඇසීම තහනම්

යන ඒවා වූ අතර පස්වෙනි පව පිරිමි ලමුන්ට පමනක් අදාල විය. එනම්

5. ජෙශ්ඨ උත්තමාවියන්ගේ ගල් බැලීම තහනම්

යන්නය.

කාලයාගේ ඇවෑමෙන් පොසිශන් යාම දන බඩ ගෑමද, කූඩුවේ දැල්වල එල්ලී සිටීමද යනාදී වශයෙන් දරුනු විය. ගෙදර යන ලමුන් හා බෝඩින් වල ලමුන් ලෙස වර්ග කර තිබූ අප අතරින් මට බෝඩිමක ලැගීමට කාලයක් සිදුවිය. එය උන සන්නිපාතයකින් හමාර වී මාව ගෙදර යන ගැට්ටට වැටුනි. අපව රාත්‍රී 8.00 හෝ 9.00 වන තුරු තබා ගත් අතර ගැහැනු ලමයි සවස 6.00 ට පිටත් කර හැරිනි. මේ දවස් වල ඔබට කිව නොහැකි තරමේ නිරුවත් සන්දර්ශන පවා පැවැත්වුනි. මේ සියල්ල් වූයේ විශාල ශාලාවකට අපව හරක් ගාල් කරන්නා සේ ගාල් කිරීමෙනි.


 මේ ශාලාව උන් හැදින්වූයේ ශෙඩ් එක යන නමිනි. එයට හේතුව වූයේ මෙයට ගාල කරන ලද අපට තෙල බෙදීමය. තෙල යනු එක්තරා අන්තමක මනස විකෘති කර උන්ගේ බසට අප නමා ගැනීමට කරන දීර්ග දේශනය. මෙවා මහලොකු සමාජවාදී පන්නයේ එවා විය. ඊට උදාහරණ වන්නේ පෙර කී ඉතිහාස හරුපයේ එක් ඇමතිවරයෙකු ගැන සදහන් වූ අතර එම ඉතිහාස කරුනු නැවත කටපාඩම් ගැනීමේදී ලමයෙකු අතින් ඇමතිතුමා ලෙස කියවුනි. එවිට අර මහලොකු උත්තමයන් කිපී

"ඇමතිතුමා, මේකෙ තුමාල නෑ හු______, පර_____, හැම එකාම මේකට එකයි, විශේසයෙන් තුමාලා නෑ හරිද, හු_______ලට තේරුනාද." යයි කීමය.



මේ තෙල හරියටම කියනවානම් ප්‍රබාකරන් මරාගෙන මැරෙන්න මිනිසෙකුගේ මනස සැකසුවේ කෙසේද, ඒ හා සමානය. තෙල වැදුනොත් ගැලවෙනු බොරුය.

කෙසේ හෝ අපිව උන් හැදින්වුයේ ගෙදර යන (ප යන්න, අල් කයන්න, කු යන්න) ලෙසය, අපිව නිවෙස් වලට යාමට පිටත් කර හැරියේ මහ රෑ බස් නැති වෙලාවලය.

ඒද දසවදයක් දීය. එනම් තොපිට කියා දෙන දේවල් බෑනෙ, තොපි එන්න කන්නනෙ, කාපියව්. මෙසෙ අපිව දිනක් අපිව බඩ ගෑවීය.ඒ අඩි දෙකක් ඉස්සරහට, අඩියක් පස්සට ලෙසය.

උන් " අහ්, හරි හරි ඉස්සරහට දෙකයි, පස්සට එකයි" යනුවෙන් කියයි. අපිට උන්ගේ දෙමාපියන් මතක් වේ, ඒ සාදාරන කේන්තියකටය.

මේ අතර ගොන් කෙටීමද විය, ඒ පිරිස ඉදිරියට පැමින විකාර කිරීමය. 

කෙසේ හෝ මේ හිසරදය අවසන් වූයේ අපිව බකට් කිරීමෙනි, එදින මඩ වතුර ගසා තවත් විකාරයක් කලාය, හරියටම කීවානම් ඔබට මතකද මෑතකදී කොළඹ අඩුම උශ්නත්වය වර්තා වූ දවස. ඉතිං එදා සීතල සන්නියය.

කෙසේ හෝ දැන් මා දෙවන වසරේය, තවත් අලුත් සිසුන් පිරිසක් ආවාය, අපි එවුන් රැග් කලේ නැත, මොකද අපි ගල්ලෙන් බිඳ දැමූ නිසාය, අපි සම්ප්‍රදාය වෙනස් කල නිසය, ඒ නිසාම අපි අලයන් ලෙස උන් හදුන්වයි.





Tuesday, February 28, 2012

ගණිකාවට ගරු කරන්න

      
           තවත් එක් අම්මා කවුද නංගී,අක්කා අදී සහෝදරිය කවුද දන්නැති විකෘති මානසිකත්වයකට හිමිකම් කියන පහත් අදහස් ඇති බඩුවක්,ගොනෙක් එහෙමත් නැත්නම් ඇන්ටා පාරක් ගහන්න් ඕනවෙලා තියෙන තවත් එක් වලත්තයෙක් කියන අමන කතාවක් යයි මේ ලිපිය ඔබට හැඟේ නම් මෙය නොකියුවාට කම් නැත. මොකද ඔබ මට බැන්නාට මගේ අහින්සක අම්මාට කිඹුහුන් යනවාට මන් කැමති නැත. ඔබ සංවේදී කෙනෙකුගේ දුකේදී නෙතගට  කඳුලක් නැගෙන වෙනස් ඇසකින් ලෝකය දෙස බලන අයෙකුනම් එන්න අත්වැල් බැඳගන්න.

          කතාව අරම්භයෙන්ම අපි පටන් ගමු. මම් ඔබෙන් අහන්නම් කවුද බඩුවක්, ගොනෙක් එහෙමත් නැත්නම්  ඇන්ටා පාරක්  කියලා කියන්නෙ? ඔබට උත්තරයක් සිතට එනවා ඇති, නමුත් ඒ උත්තරය ඔබ තුලින්ම ආපු උත්තරයක් නොව කවුරු හෝ කියනවා ඇසුනු උත්තරයක් බව ඔබම සිතා බලන්න. ඒ අනුවයි මම ඒ විශේෂන පද තුන ආරම්භයට යොදා ගත්තෙ. මමත් ඒ වචන අහලා තියෙන්නේ අනෙත් අයගෙන්.

       ඔව්' ඒ සියල්ලෙන්ම  හැදින්වෙන්නේ ගණිකාව නම් වූ ගැහැනියය. ගණිකාව යනු ප්‍රසිද්ධ ගීතයක කියවෙන පරිදි කුහුඹුවකුට වුව වරදක් නැති වැරදිකාර එමෙන්ම ළැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ගැහැනියක ලෙස මම ඔබට හදුන්වා දෙමි. මන්ද ගනිකාවගේ පහස ලබන බහුතරයක් ඇයගේ ළැම පමනක් දකින අතර ලය නොදකින බැවිනි, පොලීසියද ඇසුරු කල එකාට ඇපදී ඇයව උසාවි ඉදිරිපත් කරයි, ඇයට ඉන් හොඳ ප්‍රසිද්දියක් ලබා දේ. නඩු ගාස්තු ගෙවා නැවතත් ඇයව ඒ ජරාවලට ඇද දැමීමට සමහර නීතී වෘත්තිකයන් පෙරමග බලා සිටිති.

      ලෝකයේ පැරණිම වෘත්තිය වූ මෙය අද වන විට ජාවාරමක් වී අවසානය. මුදලට විකිනෙන්නිය කවුරු වුනත් වැඩි ප්‍රතිලාබ ලබනුයේ අතරමැදියාය. මේ අතරමැදියාට මවක්, සහොදරියක් ගණිකාවක් කිරීමට ඇසුරු සැනින් පුලුවන.

  තමාගේ ගත අනෙකෙකුගේ ලිංගික ආසාව සන්තර්පනයට සපයනවාට වඩා එහාට ගිය ඇරමුණක් ඇතිව ගණිකාව ලෙස පොදුවේ හදුන්වන මේ කොට්ටාසය තවත් එක් සමාජ පැතිකඩක් පමනි. ඔවුන් ස්ත්‍රී හෝ පුරුශ වේවා ඔහුට හෝ ඇයට ඒ විශේෂන පදය පටබැදුනේ කෙසෙද යන්න සමාජයේ ඔහු හෝ ඇය ඇසුරු කරන අයට ප්‍රශ්නයක් නොවීය. සමහර විට ඒ ඇසුරු කරන පුද්ගලයා ඊට වග කිව යුතු ඇත.

      බුදුන් වහන්සේගේ කාලයේද ගනිකාවන් විය, අම්බපාලියද එවැන්නියකි, නමුත් ඇය සසරින් එතෙර වූවාය, අපි තවමත් සසරේය. එයල ඔවුන් පුරඟන ලෙස හැදින්වූ අතර රජවරු නිල වශයෙන් ඔවුන් ඇසුරු කල අතර අද වන විට එය නිලනොවන වශයෙන් ජයටම කෙරීගෙනයයි. රටේ මහජන නියොඅජනය යනෙන තැනැක් වූ _________________ තුලින් කාලයකදී එය සුද්ද පවිත්‍ර කරද්දී උපත් පාලන කොපු තගපිටින් ලැබෙන්නේ දෙශ පාලුවෝ නියමෙට රට පාලනය කල බවට උදාහරනද සමගිනි.

          ගමේ සිට නගරයට රැකියාවකට එන තරුනියන්, රෑ වැඩ කරන කර්මානත පුරවල කෙල්ලන්, කොතෙකුත් අතරමන් කර මේ තත්වයට ඇද දැමීමට කොතෙකුත් නරුමයන් දත මැදගෙන බලා සිටී.

           තවද තම රෝගී ස්වාමියා ජීවත් කරවීමට, අබ්බගාත ස්වාමියා ගෙදර සිටින විට දරු පවුල රැකීමට, තම අධ්‍යාපන වියදම් සොයා ගැනීමට ආදී විවිද ප්‍රශ්ණ හමුවේ ලෙහෙසියෙන් මුදල් සොයා ගැනීමට මේ වෘත්තියට පිවිසෙන ඇය සමාජයට  බඩුවක්,ගොනෙක් එහෙමත් නැත්නම් ඇන්ටා පාරක් වූවද ඔබටත් එය එසේමද?


          වස්තර ඇඳ සිටින කාන්තාවද මනසින් නිරුවත් කර රස විඳින යුගයක සමාජය විසින් නිරුවත් කරන ලද කානතාවට වස්ත්‍රයක් ලබා දෙන ලෙස මා ඔබෙන් ඉල්ලමි, ඒ වස්ත්‍රය කුමක්ද යන්න ඔබට බාරය.

       අවසාන ලෙස පවට පින් දෙන්න බෑනේ කියන හිස් කියමනෙන් මෙය බැහැර කිරීමට වඩා ඔබටත් මටත් වෙනසක් කල හැකිය යන අදහසින්  මෙය දෙස බලන්න.

Sunday, February 26, 2012

අපි හිනා වෙමු, හදවතින්ම


ඔබේ පිට පොත්ත මොන පාටද?පොත්තට සැඟවිලා බාහිර ලොකයට පෙන්වන ඔබමද ඔබතුල ඉන්නෙ, හිතන්න ඔබ අවන්කවමද හිනා වෙන්නෙ, හිතේ ඇතුලෙ දුක්ක දෝමනස්සයන් සමුදායක් සඟවගෙන ඒ අස්සෙ ප්‍රශ්නත් ඔය ඔක්කොමත් එක්ක ඔබ සැබවින්මද හිනා වෙන්නෙ, හිනාව ඔබ කවුද කියන එක බාහිර ලෝකයයෙන් හන්ගන වෙස් මූණක් නේද? ඔව්, හිනාව එහෙම එකක් තමයි මොකද අපේ හැබෑ අකාරය ලෝකෙට පෙන්නුනොත් "ආපෝ ඒ මූණ කෝච්චියට අහූඋන කජු ලෙල්ලක් වගේනෙ, බලන්නකො එකෙ හැටි" යනුවෙන් නොකියන්නෙ කවුද?"අපෝ, උදේම දැක්ක මල මූණ අදනම් දවසම සවුත්තුයි, වගතුවක් නම් වෙන්නෙම නෑ" ඔබ ඔහොම කී දෙනෙකුට කියලා ඇතිද? ඔබට කී දෙනෙක් කියලා ඇතිද?

ඔබේ කුරිරු කම, කපටි කම, තවත් ඔබ මා සතු  සියල්ලම ද්ත් තිස්දෙකම විරිත්තලා වහ ගන්න හිනාව උදවු වෙනවා නේද? මේකට හොඳම උදාහරණය චන්දයක් කිට්ටු උනාම දෙශපාලුවො අපේ තාප්ප නාවන බැනර් කටවුට් වල උන් ඉන්න ආකර පොඩ්ඩක් මතක් කරලා බලන්නකො.  කෘන්තක රධනක චාර්වක පුරස් චාර්වක සෙට් එකම එලියෙ නේද?

ලෝක රඟ මඬලෙ අපේ චරිතය රඟ පාන කොට වේශ නිරූපනයට හිනහව හරි අපූරුවට උදවු වෙනවා නේද?

හිනාවෙත් විවිද මොඩල තියෙනවා කියල ඔබ දන්නවද? සමහර විට ඔබ දන්නවා ඇති, නොදැන හිටියත් මේවායින් ටිකක් වත් භාවිතා කරල ඇති.

කට කොනකින් හිනාවීම, සමච්චලයට හිනාවීම, විරිත්තීම, කොක් හඬලා සිනාසීම, දත් පෙනන සේ හිනාවීම මෙන්ම නොපෙනෙන සේද හිනාවීම යනාදී වශයෙන් හිනාවෝ බෝ වෙති.

ගැටළුව මේ සියල්ල හදවතින්ම භාවිතා නොවීමය. කොහොමත් කටකොනකින්, සමච්චලයට කොහොමද හදවතින්නම එහෙම හිනා වෙන්නෙ, (හැබැයි සමහරුන්ටනම් එහෙමත කිරීමට පුලුවන ).

මේ මොන කරුමයක්ද, මූ කියන්නෙ හිනා නොවී බුම්මන් ඉන්න කියලද, මූට ඔල්මාදෙද කියලා ඔබට හැඟෙනවා ඇති නේද.

නැහැ, අපි සිනා විය යුතුයි, මේ ලොව සිනාවෙන් ලස්සන කල යුතුයි, හදවතින්නම ඔබ ඔබේ දරුවෙකුගේ විවිද දේ සඳහා හිනා වෙනවා නේද, සමහර විට හිනාව වැඩි කමට කඳුලුත් ඇවිත් ඇති, එහෙම නේද?

අන්න ඒ දේ ඇයි අනිත් අය වෙනුවෙනුත් කල නොහැක්කෙ, කවුරු හරි උදේට මූණ බලලා හිනාවුන පලියට හිනා නොවී හදවතින්ම හිනා වෙන්න, ඔබේ සිතේ තිබෙන ගැටලු වලට ඔහු හෝ ඇය වග කිව යුතුව නැහැ නේද. සමහර විට ඔහු හෝ ඇය වග කිව යුතුව ඇති, ඒත් හිනා වෙන්න ඔහු හෝ ඇය සමඟ හදවතින්න්ම.

ඔබේ සිනාමුසු මුහුන දැකලා කාගෙහරි හිතේ තියෙන දුක තුනී වෙනවනම් ඔබට සතුටුයි නේද, සමහර අය මට මෙච්චර ප්‍රශ්න තියෙද්දී මූ යස අගේට හිනා වෙන හැටි බලන්නකො, මූ මට තමා හිනා වෙන්නෙ කියලා හිතනවා ඇති, සමහර විට ඔබත් හිතන් නැති ඇනෙක් අය දැක, එහෙමනම් ඒ දේ නවත්වා හදවතින්ම හිනාවෙමු.

හිනාවෙන්න හිනාවෙන්න අයුශ වැඩිවේ යයි කියමනක් ඇත. නමුත් ඉරිසියාවේ පැලෙමින් කුහක කමින් බොරුවට හිනාවී එසෙ වේදැයි හදවතින් සිතා බුද්දියෙන් විමසන්න. හැබැයි ඔය මොන දන්තාලේපය ගෑවත් හදවතින්ම සිනහවක් මතුකරන්නට එයට බැරි බව වටහා ගන්න.

අපි හදවතින්ම සිනාවෙමු. සංවාදයට විවෘතයි.

ඔබට තෙරුවන් සරණයි!

ප.ලි : වෙන පොස්ට් එකක් ලියන්න ගිහින් තමයි මේක ලියවුනේ, ලියන්න ගියේ "සාපෙක්ෂවාදයේ නූතන මොඩලය සෑදු අපි" කියලා පොස්ට් එකක්. එකත් ලඟදීම ලියනවා. තාම ඒකට කරුනු හොයනවා. බලාපොරොත්තුවෙන් ඉන්න.

Tuesday, February 21, 2012

අපි මැරෙන මිනිස්සු.........


පෙර පිනින් මවු කුසකින් මිනිසත් බව ලබා උපන් අපි කවදා කොතැන කොහොම මිය යාවිදැයි කිව නොහැක. උපදින කොට ගෙනා දෙයක් නැතුවා සේම මළදාට ගෙනියන දෙයක්ද අපට නැත. අලුත උපන් පොඩි එකෙකුගේ සිත ප්‍රබාශ්වරය, උගේ හිතේ තන්හාව ක්‍රෝධය මාන්නය තබා අදරය කරුනාව සෙනෙහස යන එකී නොකී මෙකී එක හැඟීමක් වත් නැත. පෙකනි  වැල කපා තවත් එක් නිදහස් ජීවියෙක් ලෙස මෙලොවට එන විට රිදීම හෙතුවෙන් මුලින්ම ක්‍රෝධ සිතුවිල්ලක් සමඟ අඬාගෙන මෙලොවට එන අප ගමක් රටක් හඬද්දී ( සමහර විට එකෙක් වත් නොහඬද්දී ) මෙලොවින් සමු ගෙන යයි.

අසීමිත අදරයෙන් දහසක් කැපකිරීම් කොට ලොව ඉවසිය නොහැකි වේදනාවක් විඳ අම්මා අඬාගෙන ආපු අපිට කිරි පොවන විට ඒ කිරට ඒ සුවදට අපි මුලින්ම තන්හා වඩයි. ඉන් පසු සෙල්ලම් බඩු වලට, පෑනට පැන්සලට අරූ මට වැඩිය ලකුණු ගත්තා , මූ මගේ පොත ඉස්සුවා යනුවෙන් ගහ මරාගෙන තවත් ඇලීම් බැඳීම් වැඩි කර ගනී.තව ටික කාලෙකින් කෙල්ලෙක්ගේ හෝ කොල්ලෙක්ගේ පොත්තට රැවටී මුලා වී කෙලෝගනිති, 3,4 ක් බූට් කති, පස්සේ යැපීම් මාර්ගයක් සඳහා ජොබ් කට්ටක් සොයාගෙන ගෙවල් දොරවල්ද, යාන වාහනද, පවුල් පන්සල්ද යනුවෙන් තව තවත් ඇලී ගැලී යයි. මේ අතර යුතුකම් සඳහාද ගෙවල් දොරවල් ඉඩකඩම් අසල්වැසි වැට මායිම් ආදී සියල්ලට මරා ගනිමින් තන්හා අශා වඩයි.

පොඩ්ඩක් හිතන්න මේ ටික කර ගන්නත් කලින් අපේ හිතවතුන් හතුරන් කොතෙකුත් අය අඩු වයසින් ජීවිතයේ සමහර තැන් වල මැරිලා ඇද්ද කියලා.


මිය යන අකාරද බොහෝ වෙති, වාසනා වන්ත මරණ, අඩු වයසින් මරණ, කාලකන්නි මරණ, අනතුරු මරණ , සියදිවි නසා ගැනීම් අදී එකී නොකී සියලු විදි වල අවසාන ප්‍රතිඵලය මරණයයි.

මේ අතර රට දැය වෙනුවෙන් විරුවන් සේ මියගිය අයද වෙති, ඔවුන්ට අපගේ සදා ප්‍රනාමය හිමි වන අතර ඔවුන්ගේ මතක සුවඳ මේ ලොව තව බොහෝ කලක් පවතීවි.

සමහරුන්ට ආදරයෙන් පරදීම මිය යන්නට හේතුවකි, සමහරුන්ට ප්‍රශ්න හේතුවකි, තවත් උන් මැරෙන හැටි අත්හදාබලන්නට ගොස් මැරෙති,මේ අතර තවත් උන්ට තමන් මිනිසෙකු නොව වල් පැලෑටියය් සේ සිතෙයි. එවිට කෘමිනාශකයක් ගහලා වන් ශොට් වෙති. තවත් උන්ට ගගක් මූදක් දැක්කම මාලුවෙකු යයි හැඟේ, උන් සමනල ආර පීනන්නට ගොස් මැරෙති, තවත් උන් තමන් මරාගෙන මැරෙති, මුන් මිය යන මොහොතේ තමන් වැදූ අම්මා හැදූ අප්පා දුක සැප බෙදා ගත් සහොදරයන් ගැන නොසිතති, ඔවුන් තමා කෙරේ තබා අති බලාපොරොත්තු ගැන නොසිතති , අවේග හැඟීම පාලනය කර ගත නොහැකිව ජීවිත්යෙන් සමු දෙති.

සමහරු ණය ගෙවාගත නොහැකිව මැරෙති,  මේ අතර හොර බෙහෙත් ,හොර වෙද්දු, පාරිසරික සාදක, ඩෙන්ගු නිසා දහස් ගානක් මිය යති. කනට බොන්නට නතිව සමහර රටවල මැරෙති. ලෙඩරෝග වලින් මැරෙති.

මේ සියල්ල අතර තමන් නොමැරෙනවා යයි සිතන එසෙ පතන කොට්ටාසයක්ද වෙති, උන් පුලුවන් තරම් පොදි බඳිති. තමන් මැරෙන බව පිලි නොගනිති, අමරනීයත්වයේ දායාදය අතින් ගෙන මෙලොවට අවායයි සිතති, උන් අනිකුන් මරා තමන් රජ වීමට සිතති, අනිකුන් ගේ දෑ කඩා වඩා ගනිති, උන්ට දුකාක් නත අත්තේ සතුට සැපත පමණි.

මිනිසුනේ අපි කවදා හරි මැරෙනවා, එදට අපි කරපු හොඳ අපිත් එක්ක එයි. එක තේරුන් ගනිල්ලා. එතකොට ජීවිතය විඳින්නට පුලුවනි, ජීවිතය විඳවන් නැතිව විඳපල්ලා. මේක ලියපු මම හෙට මැරේද කියන්න මන් දන් නෑ,

නොමැරෙනවා කියලා හිතන උන් මේතන කොටලා ගිහින් කවදා හරි මැරෙනවා කියලා අද්හසක් හරි ගනිල්ලා.(කොටන්න) මේ ලිපිය ලියන්න වුනෙත් ඔය කොටලා ගිය ලින්ක් එක තමා. පුළුවන්නම් කියලා යන්න මැරෙන දවස.



Saturday, February 18, 2012

තවත් එක් ඝාතනයක්......


"අන්න තනියා
එලෝපිය ඔකා
කොටපියව් ඔකට
මරපියව් ඔකව"

"ඔව් යකෝ
මන් තනියා තමයි
හැබැයි තොපි දන්නෑ
මන් තනි උනේ
කොහොමද කියලා
බඩේ ඉද්දීම අප්පව මරලා
දළ දෙකට  තොපි කෙලියා
අම්මව වනජීවී උන්
කුදලන් ගියා
මන් දන්නවා බොලවු
මේ මගේ අවසානෙ බව"

"මට පේනවා
ඈත ගිනි බටේ උස්ස ගත් උඹය
මෙතන හොඬේ උස්ස ගත් මමය
ඈත අමු තිත්ත කියන් එන උඹය
මෙතන දූලින් වැසී ගිය මමය
මට ලඟින් එල්ලය මානා ගත් උඹය
බොට ලඟින් කාල වර්ණ මමය"

"මට දැනෙනවා
කුඹ ලඟින් වෙඩි උන්ඩයය
ඊට පිට දුන් මාගේ කුඹය
මොල පසා කරන් යන උන්ඩයය
වේදනා බරිත මාගේ ගතය
ජයග්‍රාහී උඹය
මියැදෙන මමය"

Friday, February 17, 2012

කොයි වල යන්නද.........


ඉකි බිඳ හඬන මගෙ කිරි දරුවගෙ කටට
කිරි බිඳ නොදී මට උනනා දරු පෙමට
මුළු හදවතින් මවු සෙනෙහෙන් විත් පෙරට
මතකද කිරි පොවපු හැටි මම නුඹෙ පුතුට



පෙළට තබාලයි අත් පා බඳින්නේ
ගෙලට තියුණු පිහි පහරයි වදින්නේ
බියට පත්ව හැඬුවත් නෑ බලන්නේ
අපට ඇයි මෙහෙම වදදී මරන්නේ



ඇසුවත් කොතෙක් බණ අමතකය ඒවා
කෙරුවත් කොතෙක් සෙත අවගුණය පෑවා
ගත යුත්තකට නැති මනුසතුන් ගාවා
යළි උප්පත්තියක් නම් නොම වේවා



බොටුව කපන විට එන කළු ලේ මූද
කැටුව හුස්ම යන හැටි වෙවුලා පාද
දුටුවහොත් කරනා මේ අපරාධ
පපුව හොඳට ඇති අය ගවමස් කාද



කුර ගෙවුනේ බර ඇදලයි කඩපිලට
වෙහෙස වුණේ මෙහෙ කරලයි අප ඔබට
මෙහෙම උණේ අප කල මොන වරදකට
යහළුවනේ හදවත් නැත මිනිසුන්ට



ගුවනින් සෙත් පිරිත් ඇසෙනා කනිසමට
දස වද දිදී බෙලි කැපුනා එක පෙලට
මැනලානොවෙයි කිරි දුන්නේ අප ලොවට
කල හොඳ නරක් වීදෝ මිනිසුනි ඔබට

උපුටා ගැනීම : විශ්වකීරිතී දේශමාන්‍ය සිසිරචන්ද්‍ර වීරක්කොඩි මහතාගේ පොතකිනි





Thursday, February 16, 2012

ඇඬෙනවනෙ තනි ඇහැට


අඬනකොට ඇයි කදුළු එන්නෙ
දන් නෑ අනේ
දුක වැඩි හින්දා වෙන් නැති
එතකොට දුකටද අඩන්න්නෙ
වෙන්න ඇති
සතුටතත් කඳුළු එනවනේ
අයියෝ ඒ සතුට වැඩිකමටනෙ
අදහස් දෙකකට එකම ප්‍රතික්‍රියාවක්
මාරයි නේ
ඔයට මොකටද ඒ පන්ඩිතකම්
නෑ ඔයා අඬනකොට මූන රතු උනා
මාව අඬවලා ඔයාට සතුටුයි නේ
නෑ බබා
ඔයා හිනාවෙනකොටත් මූන රතූ වෙනෝ
හැබයි මන් ආස ඒ රතු මූණට
අනේ නිකන් ඉන්න
එක නෙවේ
මොකටද අනේ තනි ඇහට ඇඬෙනවා කියන්න්නෙ
ආහ්....
ඒකද දැන් බලන්න බබා තෙල් මිල
ඔයාව තියන් යන්න
අද බයික් එකට පන්සීයකමකම ගැහුවා
අතේ සතේ නෑ බබා
චොකලට් එක කීයද
එකම ඩෙනිම පට්ට ගහන්නෙ
ඉතින් මට
ඇඬෙනවනෙ තනි ඇහට

Friday, February 10, 2012

වදින තැනකට ඉලක්කෙටම වදින්නට 2 (කිඹුලා කෑම)


අපේ අයට බේකරියේ කිඹුලා කිඹුලා බනිස්ය, ප්ලේන්ටියක් සමග දෙක තුනක් ඇඟට පතට නොදනීම ගිලීමට කාතත් ඇහැකිය. වතුරේද කිඹුලන් වෙති. රාගමද කිඹුලෙක් සිටියාය. අපෙ අයට ඒ කිඹුලයි පිටි කිඹුලයි පැටලිනි. අපේ අය ඌව පනපිටින් කෑවාය. හැබයි ඒ වෙන විට මේ කිඹුලාද අපේ එකෙකුට වග කියා අවසන්ය, ඒ වනතෙක් වනජීවීඑකේ උන් පිටි කිඹුලන් කකා සිටියාද නොදනිමි. එතනද පුරස්නයකි, කතවේ හොඳම හරිය "බල්ලෙක් අපිව කෑවාට අපි බල්ලා කන්නේ නැත, ඒත් කන උන් ඉන්නවාද නම් දන්නේ නැත". එහෙත් මෙහිදී බලු කෑමක් වී ඇතුවාය, කිඹුලගේ ඔලුවේ රස පොරවක් හොඳ හැටි බලා ඇතිවාය. පොරවට පණ නැත, කිඹුලන්ගේ ඔලු පැලීමටද අවශ්‍ය නැත. තිරිසනා තිරිසනාමය, ඌ හොඳක් නරකක් දන්නේ නැත. මිනිසා මනසින් උසස්ය (ඇත්තටමද?). හැඟීම් ආවේගයන් පලනය කරගත හැකිය, නමුත් එසේ නොවුනි. මළේ ගැට කිඹුලෙකි, වාර්තා වූ හැටියට ඌ ලංකාවේ ලොකුම කිඹුලාය. ලොකුම කිරිකට් පිට්ටනි, කොටම හයිවේ, ගොඩබිම් වරාය, ලොකුම රඟහල, ආදී එකී නොකී මෙකී සෑම ලොකු ලොකු සයිස් ඒවා අතර ලොකුම කිඹුලා ඝාතනයට ලක්විය. ඉස්සර නම් ගෙදර හුරතලේට හැදූ තලගොයා මලදා "නිවන් පුරේ පලයන් ගෝ පැටියා......." කියූ මනුශ්‍යත්වයක් අපට තිබී ඇතිවාය, නමුත් මේ තලගොයෙක් නොව කිඹුලෙකි. අපේ අයට කන්න ඕනෑ වූ විට කබරයාත් තලගොයා වේ. මේ කිඹුලා අද හෙටම පුලුන් ගොඩක් වනු ඇත. ඌ වෙනුවෙනුත් ඌ කා මළ අය වෙනුවෙනුත් අපගේ සාතිශය සංවේගය.

Thursday, February 9, 2012

වදින තැනකට ඉලක්කෙටම වදින්නට 1 (අපි නොදන්න වැලන්ටයින්)



වැලන්ටයින් වලට තව ඇත්තේ දවස් පහකි. ලව්  ෙනාකරන බහුතරයක් ෙමදින වනෙතක් අඟිලි ගනින්නේ මොන මල ඉලව්වකටද නම් මම නොදනිමි.අද වන  විට ආදරය කාමය මූලික කර ගත් ආකරයකට පරිවර්තනය වෙමින් පවතින බව පෙනී යයි. කාමය ආදරයෙ එක් පැතිකඩක් පමණි. ආදරය ගත් විට අපෙ රටේද එයට ඉතිහාසයක් ඈත. ආදරයේ නාමයෙන් සාලිය අශෝකමාලා උයනට වී සෙක්ස් කලේ නෑත. දන්නා තරමින් අශෝකමාලා බඩ වුනේද නත. ඇයට ගබ්සාවක් කලේද නැත. නමුත් අද වනවිට සාලිය වෙස් ගත් අමනයන් ඕනෑ තරම් ඇත. බහුතරයක් අශෝකමාලාවන් බඩ වෙති. ඒ වනවිට අම්මා අප්පා කියපුවා ගඟට කැපූ ඉනි වී හමාරය. ඒ බඩට ආ දියසේනලා හොර පාරෙම පරලොව යවන්නට ඇති තරම් කලු සුද්දලාගේ ගුබ්බෑයම් පඳුරක් පඳුරක් ගානේ ඇත. අද වන විට සාලියට අශෝකමාලාට පෙම් කරන්නට තැනක් ඕනෙම නැත. රුපියල් සීයට ගුබ්බෑයම් සපයන්නට සැදී පැහැදී බලා සිටින අය ඔනෑ තරම්ය. 14 දාට ඔය ගුබ්බෑයම් පිරී ඉතිරී යනු නිසැකය. මන්ද මේ බුදුන් තුන් වරක් වැඩි සිරි ලන්කාදීපය හෙයිනි. රජය ගබ්සාව නීති ගත කිරීමට යයි. ඇමතිලට ඇමති පුතාලට පට්ට ආතල් එතකොට ගත හැකිය.එවිට වරද බඩ වූ එකීගෙය. ගබ්සාව නීති ගත වුවහොත් අශෝකමාලලාට බඩුම තමාය. මෙය අහෝ ඛේදයකි, ඉරකි තිතකි.

Tuesday, January 24, 2012

මරණ දැන්වීම


අහවලාගේ අහවලා වූද,
අහවල් අය‍ගේ අහවල් අය වූද,
අහවල්  අහවල් අයගේ  අහවලා වූද,
අහවලා (අහවල් රට)අහවලා (අහවල් රට),
අහවලා (අහවල් රට) වූද,
සත්ගූණවත් අහවල් ව්‍යාපාරික,
මුලු රටටම අහවල් විනිශ්යකාර,
අහවලා අහවල් දින
අහවල් වූයෙන්
ඒ පිළිබද අහවල් කටයුතු
අහවල් කනත්තේදී
අහවල් වෙලාවට
පැවැත්වීමට නියමිත බව
අහවල්  අහවල් අය වෙත
සංවේගයෙන් දැනුම් දෙමු

Related Posts Plugin for WordPress, Blogger...