Sunday, May 1, 2011

"මීවිත ලග සිත නැවතී නුඹෙ මතකය යයි සේදී......"


"හන්තානේ කදු පාමුල 
සරසවි වලේ ගල් බැම්මක 
නුඹ සමගින් ගෙවු කාලය ‍
කොහේදෝ සැගව ගොසින් 

වස්සානේ වසින වැස්ස 
මොන තරම්ම සීතලයිද 
උනුසුමකට ගුලි වෙන්නට 
නුඹ මා ලගින් නොමැත 

වසන්තයේ මල් පිපෙද්දි 
මගෙ සිත් මල පරව ගිහින් 
සිත ලග උන් නුඹත් අරන් 
වෙන කවුරුද යන්න ගිහින් 

මීවිත ලග සිත නැවතී 
නුඹෙ මතකය යයි සේදී 
නෙතට හොරා ආ කදුලූ 
පිස දමන්න නුඹ නැතිලූ 

මහවැලියේ සීත ඉමේ 
නුඹ සමගින් උන් කාලේ 
ගග දිය සේ ගලා ගිහින් 
ගග අද්දර මා තනියෙන්........."

3 comments:

  1. වස්සානේ වසින වැස්ස
    මොන තරම්ම සීතලයිද
    උනුසුමකට ගුලි වෙන්නට
    නුඹ මා ලගින් නොමැත

    වසන්තයේ මල් පිපෙද්දි
    මගෙ සිත් මල පරව ගිහින්
    සිත ලග උන් නුඹත් අරන්
    වෙන කවුරුද යන්න ගිහින්

    මීවිත ලග සිත නැවතී
    නුඹෙ මතකය යයි සේදී
    නෙතට හොරා ආ කදුලූ
    පිස දමන්න නුඹ නැතිලූ

    ReplyDelete
  2. මම තනියෙන් නුඹ ගිය දා ඉදන්
    මදුවිත මිතුරුව කඳුළු සමගින්
    නුඹෙයි මගෙයි පෙම අවසන් වු තැන
    සුසුම්ලයි හිත වේදනා මතකෙන්..

    ReplyDelete
  3. ලස්සන පද ටිකක්. ඔන්න එහෙනම් සොදුරු මිනිසා අපි ගැනත් ලියලා එහෙනම්.

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...