Sunday, April 24, 2011

"දිනක් නුඹේ දෑගිලි මගේ දෑතේ පැටලී........."



"ඇගිලි තුඩු මතින් 
‍සියුම්ව විදිමින් 
නුඹ දකින ලෝකයේ 
මමත් උන්නා වාගෙ 
මතකයි

දිනක් නුඹේ දෑගිලි 
මගේ දෑතේ පැටලී 
නුඹ වෙනම ලොවක් 
දුටු දා
සිත්සේ නුඹේ රූ 
වින්දා මගේ නෙතු
මටත් හොරා 
නුඹ මා නොදුටුවත් 

නුඹේ ලොව වන්න 
නුඹේ නෙතු වන්න 
සිහින මැව්වා මං 
පොඩි එකෙකු සේ 
ඒ සිහින වලට 
ආදරේ කලා මං 
නුඹට සේ  

මටත් හොරා 
ඒ සිහිනයෙන් 
නුඹ පියමං කලා 
අහකට 
සුදු සැරයැටියට වාරුදී 
මා සිහිනයේ 
අතරමං කොට......."

3 comments:

  1. දිනක් නුඹේ දෑගිලි
    මගේ දෑතේ පැටලී
    නුඹ වෙනම ලොවක්
    දුටු දා
    සිත්සේ නුඹේ රූ
    වින්දා මගේ නෙතු
    මටත් හොරා
    නුඹ මා නොදුටුවත්

    ReplyDelete
  2. සිත්සෙ මා දුටුව
    නෙත බොද කර කදුළින් නුඹ
    මා පෙම් බැදි එ හිනය
    මට අහිමි කර නුඹ ගිහින් යන්නම..

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...