Monday, April 18, 2011

"ලිහිනියෙකු වෙමි මම අහසට සදා වෛර කරන........"



"හද මඩල තුල 
කාගෙදෝ නමින් 
උපන් ආදරය 
නොවැලැක්විය හැකි 
හේතුවක් මත 
උපන් ගෙයිම මරා 
මිහිදන් කලෙමි 
සදහටම යලිත් 
දලු නොලාන ලෙස 

ගෙවීයන තාරුන්ය 
සදාතනික 
 තනිකඩත්වය මතින් 
ගලා යයි රහසේම 
වසින ආදර වැසි මත 
තෙමී ඇවිදිනු නොහැක 
කැඩුනු තටු ඇති 
බිදුනු සිත් ඇති 
ලිහිනියෙකු වෙමි මම 
අහසට සදා වෛර කරන 

සබද ආදරිය 
නුඹේ මාවත 
මගෙන් බොහෝ 
දුර ඈතය......."

4 comments:

  1. සගවගත් ආදරය
    නුඹ වෙනුවෙන්
    ම්සිතේ උපන්න
    අද කඳුළැල්ලක් වෙලා
    නුඹ හිනැහෙන
    මොහොතකදි මට..

    ReplyDelete
  2. ගෙවීයන තාරුන්ය
    සදාතනික
    තනිකඩත්වය මතින්
    ගලා යයි රහසේම
    වසින ආදර වැසි මත
    තෙමී ඇවිදිනු නොහැක
    කැඩුනු තටු ඇති
    බිදුනු සිත් ඇති
    ලිහිනියෙකු වෙමි මම
    අහසට සදා වෛර කරන

    ReplyDelete
  3. මම වාසනාවන්තයි කියල මට හිතෙනව. ඒත් මේක විඳින්න ඒක කිසිම බාධාවක් වෙන්නෙ නෑ.. මිනිස්සු කොයි තරම්නම් නිර්මාණශීලීද?

    ReplyDelete
  4. ගොඩක් ලස්සනයි...

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...