Saturday, April 16, 2011

"බයිසිකලය....."


දිවි බර යෙදා පදින විට 
රෝද කැරකෙන අපූරුව 
ටිං ටිං සීනු හඬ 
ඉඩ ඉල්ලා හඬන හැඩ 
මගේ දිවි සරි කළැ 
දඬු යකඩ ගොඩ 
පදිමි තවමත් 
පදිමි හෙටටත් 

වෙල මැදින් ගුරු පාරෙන් 
ඉගිල යමි 
විහගකු ලෙසින් 
ඇයව කැන්දන් නුඹ මතින් 
ආව හැටි මතකයි සොදින් 
ඇය ඇති ඉතින් 
මග බලන් 
පදිමි හනිකට 
 කරමි ඉක්මන් 

මා දුක සේම සතුටත් 
මා දයඩියත් 
හැදිනුවේ නුඹයි සබද 
නුඹයි ඒ බයිසිකලය........"

2 comments:

  1. දිවි බර යෙදා පදින විට
    රෝද කැරකෙන අපූරුව
    ටිං ටිං සීනු හඬ
    ඉඩ ඉල්ලා හඬන හැඩ
    මගේ දිවි සරි කළැ
    දඬු යකඩ ගොඩ
    පදිමි තවමත්
    පදිමි හෙටටත්

    ReplyDelete
  2. දිවි බර කරට ගෙන මා අද
    ගෙවා යන මග ජීවිතේ කඩඉමට
    මා ලග ඉදන් මට දිරිය දෙන
    නුඹයි මිතුර මා යන ගමනට..

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...