Saturday, April 30, 2011

"නුඹ ඔතන මම මෙතන........"



"නුඹ ඔතන 
මම මෙතන 
දවසක 
අපි අතන 
බලා හිදියි උන් 
හිදගෙන ‍එතන........"

Sunday, April 24, 2011

"දිනක් නුඹේ දෑගිලි මගේ දෑතේ පැටලී........."



"ඇගිලි තුඩු මතින් 
‍සියුම්ව විදිමින් 
නුඹ දකින ලෝකයේ 
මමත් උන්නා වාගෙ 
මතකයි

දිනක් නුඹේ දෑගිලි 
මගේ දෑතේ පැටලී 
නුඹ වෙනම ලොවක් 
දුටු දා
සිත්සේ නුඹේ රූ 
වින්දා මගේ නෙතු
මටත් හොරා 
නුඹ මා නොදුටුවත් 

නුඹේ ලොව වන්න 
නුඹේ නෙතු වන්න 
සිහින මැව්වා මං 
පොඩි එකෙකු සේ 
ඒ සිහින වලට 
ආදරේ කලා මං 
නුඹට සේ  

මටත් හොරා 
ඒ සිහිනයෙන් 
නුඹ පියමං කලා 
අහකට 
සුදු සැරයැටියට වාරුදී 
මා සිහිනයේ 
අතරමං කොට......."

Monday, April 18, 2011

"ලිහිනියෙකු වෙමි මම අහසට සදා වෛර කරන........"



"හද මඩල තුල 
කාගෙදෝ නමින් 
උපන් ආදරය 
නොවැලැක්විය හැකි 
හේතුවක් මත 
උපන් ගෙයිම මරා 
මිහිදන් කලෙමි 
සදහටම යලිත් 
දලු නොලාන ලෙස 

ගෙවීයන තාරුන්ය 
සදාතනික 
 තනිකඩත්වය මතින් 
ගලා යයි රහසේම 
වසින ආදර වැසි මත 
තෙමී ඇවිදිනු නොහැක 
කැඩුනු තටු ඇති 
බිදුනු සිත් ඇති 
ලිහිනියෙකු වෙමි මම 
අහසට සදා වෛර කරන 

සබද ආදරිය 
නුඹේ මාවත 
මගෙන් බොහෝ 
දුර ඈතය......."

Saturday, April 16, 2011

"බයිසිකලය....."


දිවි බර යෙදා පදින විට 
රෝද කැරකෙන අපූරුව 
ටිං ටිං සීනු හඬ 
ඉඩ ඉල්ලා හඬන හැඩ 
මගේ දිවි සරි කළැ 
දඬු යකඩ ගොඩ 
පදිමි තවමත් 
පදිමි හෙටටත් 

වෙල මැදින් ගුරු පාරෙන් 
ඉගිල යමි 
විහගකු ලෙසින් 
ඇයව කැන්දන් නුඹ මතින් 
ආව හැටි මතකයි සොදින් 
ඇය ඇති ඉතින් 
මග බලන් 
පදිමි හනිකට 
 කරමි ඉක්මන් 

මා දුක සේම සතුටත් 
මා දයඩියත් 
හැදිනුවේ නුඹයි සබද 
නුඹයි ඒ බයිසිකලය........"
Related Posts Plugin for WordPress, Blogger...