Saturday, February 19, 2011

"අන් හදකට සෙනේ සිතින්........"



"සැලෙන ලෙලෙන නුඹේ නිතඹ 
මායාවකි ‍ලොව නොදන්න 
මද පවනේ මුදු කෙහෙරැලි 
දග කරාවි මිරිගු ලෙසින 
නීල නයන නෙත් යුගලය 
මැණික් නොවෙයි මගේ ලොවට 
මියුරු වදන් නුඹ තෙපලයි 
සනසවන්න මා දෙසවන් 

නු‍‍ඹේ දසන් ලොව රවටයි 
හරියට මා රැවටු ලෙසට 
රෝසවන් නුඹෙ තොල්පෙති 
සිපගත්තෙමි විස බව දැන 
මියැදෙන්නෙමි ඒ විසෙන්ම 
පණ නල වනු නුඹට හැකිද
 මගේ හුස්ම පොදත් රැගෙන 
සමුදීයන් මගෙ මළ කද ළග 

හඩා වැටෙනු එපා ඉතින් 
තවත් මෙලොව රවටන ලෙස 
නුඹේ කදුළු අගේ නොමැත 
අහසින් එන පිණි තරමට 
මගේ සොහෙන් බිමේ ඉදන් 
පාලු රකිනු එපා ඉතින් 
නුඹ රජවී සිටිනු මැනවි 
අන් හදකට සෙනේ සිතින්........."

4 comments:

  1. නු‍‍ඹේ දසන් ලොව රවටයි
    හරියට මා රැවටු ලෙසට
    රෝසවන් නුඹෙ තොල්පෙති
    සිපගත්තෙමි විස බව දැන
    මියැදෙන්නෙමි ඒ විසෙන්ම
    පණ නල වනු නුඹට හැකිද
    මගේ හුස්ම පොදත් රැගෙන
    සමුදීයන් මගෙ මළ කද ළග

    ReplyDelete
  2. හ්ම්ම්..
    "රෝසවන් නුඹෙ තොල්පෙති
    සිපගත්තෙමි විස බව දැන"


    ...දැන දැන අමාරුවේ වැටීම..

    ReplyDelete
  3. ලස්සන කවි පද ගැලපුමක්. කවදත් සොදුරු දේවල් ලියන සොදුරු මිනිසාගෙන්

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...