Sunday, July 10, 2011

"නව මාවතක් සොයා........"


"ගෙලේ බැදි මුතු පොටේ 
මුතු කැට විසිරිලා 
කන අග රැදි තෝඩු 
ගැලවී විසි වෙලා 
දගකාර කෙලිලොල් කම් 
කොහේදෝ සැගවිලා 
නීල වර්ණ කෙස් වැටිය 
හිස අගට මුඩු වෙලා 
කසී සළු හැරපියා 
නහවතක් ගත දරා 
නුඹ ඈතක ගියා 
නව මාවතක් සොයා........"


Tuesday, June 21, 2011

"ඩමි සහ අපි........"



"රුපියල් සත වලින් 
විලි වහන් 
වැරහැලි ඇදන් 
චංචල ලොව චංචලව 
සිප් සිගා කන කල 
දිව මාලිගාවල 
දිව සළු ඇදන් 
දිව්‍ය අප්සරාවන් වන් 
නිසල රූ 
නිසලව බලා හිදියි 
අප දිහා 
අගේ ඇති වස්තරෙන් 
ආඩම්බරව ඔද වැඩී 
නොමැති විලි වසන් 

ටයි කෝට් මහත්තුරු 
වැදගත් නෝනලා 
අපි වෙමු 
උන්ගේ නරඹන්නන්........"

Saturday, June 18, 2011

"හිනැහුනේ නුඹ මා සමගින......."



"බින්ද සිතැති නුඹෙ වත කමල 
නෙතු ගැටිනි නෙතු කදුලු අතරින 
නෙතු කදුල පිසදා ලන්නද 
හිනැහුනේ නුඹ මා සමගින......."





Sunday, May 1, 2011

"මීවිත ලග සිත නැවතී නුඹෙ මතකය යයි සේදී......"


"හන්තානේ කදු පාමුල 
සරසවි වලේ ගල් බැම්මක 
නුඹ සමගින් ගෙවු කාලය ‍
කොහේදෝ සැගව ගොසින් 

වස්සානේ වසින වැස්ස 
මොන තරම්ම සීතලයිද 
උනුසුමකට ගුලි වෙන්නට 
නුඹ මා ලගින් නොමැත 

වසන්තයේ මල් පිපෙද්දි 
මගෙ සිත් මල පරව ගිහින් 
සිත ලග උන් නුඹත් අරන් 
වෙන කවුරුද යන්න ගිහින් 

මීවිත ලග සිත නැවතී 
නුඹෙ මතකය යයි සේදී 
නෙතට හොරා ආ කදුලූ 
පිස දමන්න නුඹ නැතිලූ 

මහවැලියේ සීත ඉමේ 
නුඹ සමගින් උන් කාලේ 
ගග දිය සේ ගලා ගිහින් 
ගග අද්දර මා තනියෙන්........."

Saturday, April 30, 2011

"නුඹ ඔතන මම මෙතන........"



"නුඹ ඔතන 
මම මෙතන 
දවසක 
අපි අතන 
බලා හිදියි උන් 
හිදගෙන ‍එතන........"

Sunday, April 24, 2011

"දිනක් නුඹේ දෑගිලි මගේ දෑතේ පැටලී........."



"ඇගිලි තුඩු මතින් 
‍සියුම්ව විදිමින් 
නුඹ දකින ලෝකයේ 
මමත් උන්නා වාගෙ 
මතකයි

දිනක් නුඹේ දෑගිලි 
මගේ දෑතේ පැටලී 
නුඹ වෙනම ලොවක් 
දුටු දා
සිත්සේ නුඹේ රූ 
වින්දා මගේ නෙතු
මටත් හොරා 
නුඹ මා නොදුටුවත් 

නුඹේ ලොව වන්න 
නුඹේ නෙතු වන්න 
සිහින මැව්වා මං 
පොඩි එකෙකු සේ 
ඒ සිහින වලට 
ආදරේ කලා මං 
නුඹට සේ  

මටත් හොරා 
ඒ සිහිනයෙන් 
නුඹ පියමං කලා 
අහකට 
සුදු සැරයැටියට වාරුදී 
මා සිහිනයේ 
අතරමං කොට......."

Monday, April 18, 2011

"ලිහිනියෙකු වෙමි මම අහසට සදා වෛර කරන........"



"හද මඩල තුල 
කාගෙදෝ නමින් 
උපන් ආදරය 
නොවැලැක්විය හැකි 
හේතුවක් මත 
උපන් ගෙයිම මරා 
මිහිදන් කලෙමි 
සදහටම යලිත් 
දලු නොලාන ලෙස 

ගෙවීයන තාරුන්ය 
සදාතනික 
 තනිකඩත්වය මතින් 
ගලා යයි රහසේම 
වසින ආදර වැසි මත 
තෙමී ඇවිදිනු නොහැක 
කැඩුනු තටු ඇති 
බිදුනු සිත් ඇති 
ලිහිනියෙකු වෙමි මම 
අහසට සදා වෛර කරන 

සබද ආදරිය 
නුඹේ මාවත 
මගෙන් බොහෝ 
දුර ඈතය......."

Saturday, April 16, 2011

"බයිසිකලය....."


දිවි බර යෙදා පදින විට 
රෝද කැරකෙන අපූරුව 
ටිං ටිං සීනු හඬ 
ඉඩ ඉල්ලා හඬන හැඩ 
මගේ දිවි සරි කළැ 
දඬු යකඩ ගොඩ 
පදිමි තවමත් 
පදිමි හෙටටත් 

වෙල මැදින් ගුරු පාරෙන් 
ඉගිල යමි 
විහගකු ලෙසින් 
ඇයව කැන්දන් නුඹ මතින් 
ආව හැටි මතකයි සොදින් 
ඇය ඇති ඉතින් 
මග බලන් 
පදිමි හනිකට 
 කරමි ඉක්මන් 

මා දුක සේම සතුටත් 
මා දයඩියත් 
හැදිනුවේ නුඹයි සබද 
නුඹයි ඒ බයිසිකලය........"

Friday, March 11, 2011

"කඳුලු බිඳක්........."



"නෙතු අගින් ගිලිහුන 
කඳුලු බිඳක් 
හදවතක් රිදවූ තරම් 
නුඹ දන්නවානම් 
අනේ නුඹ දන්නවානම් 

නෙතු පියන් අග රැඳී 
මතකයේ නොම රැඳී 
වියැකී ගිය කඳුල නුඹ 
වියැකුනු කඳුල නුඹ 

නෙතු දසුන් බොඳ කර 
උණුසුමක් ඉතිරි කර 
වියැකිනිය නුඹ 
මගෙන් වියැකිනිය නුඹ........" 


Sunday, March 6, 2011

"සත්තකින්ම නුඹේ නමින්......."



"නිල් දියමත දුටු සඳවත 
නුඹෙ රුවදැයි ම‍ට කියන් 
විල් දියමත මැවු රැඟුමන්  
නුඹට කොහෙන් මට කියන් 
ආල නුරා මගෙ දෙනුවන් 
නුඹෙ රූ දැක මැවු සිතුවම් 
හසඟනියේ නුඹේ නමින් 
සත්තකින්ම නුඹේ නමින්......." 



Saturday, February 26, 2011

"ඒ මතකයට ආදරෙන්........"



"ආදරය නම් වැහි සේලය 
මා ගත වෙලා 
ම‍ටත් හොරාම 
වහි බිදු වන් 
සෙනේ දියෙන් නුඹේ 
 අවදි කලා මා සිත නුඹ 
තවත් උණුසුමක් ඉතින් කුමටද 
නළදුමු වන් නුඹේ සුසුම් 
උණුසුම ගෙනේ මට 
ආදරනීය ඒ සැදෑව 
අමතක නොමැත මට 
සබද මා මිහිරාවිය 
හද දිනු ඒ මොහොත 
නැවතත් මට ගෙනත් දියන් 
විදින්නට යලි යලිත් 
ඒ මතකයට ආදරෙන් "


Saturday, February 19, 2011

"අන් හදකට සෙනේ සිතින්........"



"සැලෙන ලෙලෙන නුඹේ නිතඹ 
මායාවකි ‍ලොව නොදන්න 
මද පවනේ මුදු කෙහෙරැලි 
දග කරාවි මිරිගු ලෙසින 
නීල නයන නෙත් යුගලය 
මැණික් නොවෙයි මගේ ලොවට 
මියුරු වදන් නුඹ තෙපලයි 
සනසවන්න මා දෙසවන් 

නු‍‍ඹේ දසන් ලොව රවටයි 
හරියට මා රැවටු ලෙසට 
රෝසවන් නුඹෙ තොල්පෙති 
සිපගත්තෙමි විස බව දැන 
මියැදෙන්නෙමි ඒ විසෙන්ම 
පණ නල වනු නුඹට හැකිද
 මගේ හුස්ම පොදත් රැගෙන 
සමුදීයන් මගෙ මළ කද ළග 

හඩා වැටෙනු එපා ඉතින් 
තවත් මෙලොව රවටන ලෙස 
නුඹේ කදුළු අගේ නොමැත 
අහසින් එන පිණි තරමට 
මගේ සොහෙන් බිමේ ඉදන් 
පාලු රකිනු එපා ඉතින් 
නුඹ රජවී සිටිනු මැනවි 
අන් හදකට සෙනේ සිතින්........."

Monday, January 24, 2011

"කවුරැන්ද මා හට............"



"වේදනාව මිහිරක්ම වූ කළ 
ඒ මිහිර මා ගත නිති 
පෙළන්නේ මන්ද 
වේදනාව මා හට මිහිරක් 
වූයේ කෙලෙසද 
සිත ඇතූලේ තෙරපී තෙරපී 
මා පෙළන ඒ කුකුස 
අනාගතය ගැන බියකරු සිහින 
මවන්නේ මන්ද 
පොදි ගහගත් ජීවන ගැලේ 
ගොනු කුර ගෙවීවත්ද 
මග නවතින්ට සිත් දේ 
යා යුතූ මග තව තිබියදී 
මා සෙවූ මා සොයන 
විවේකය කොහේ සැගවීදෝ 
මා දිවිය සැඩ පහරකට නතු වී
ලෙස හැගේ මට 
හබල නැති ඔරුවක් සේමැයි 
ගසායයි ඔහේ ඒ මේ අත 
කුමක් කරමිදැයි නොදනිමි මා 
අනේ පිහිටක් වන්නේ 
කවුරැන්ද මා හට"

Saturday, January 22, 2011

"නුඹම විය.........."



"ආදරය නම් 
අන්දකාරයේ
මංමුලාවූ හදවතට 
ආලෝකයක් වී 
දිවි මාවතේ 
ඇවිද යන්න 
මග පෙන්වමින් 
සිත් අහසේ පෑයූ 
පුංචි තාරකාව 
නුඹම විය 
මා දාවා පෙලා
මා අසරණ කළ
පාළුව තනිකමට 
නැවතුමක් වූයේ 
නුඹම විය 
මා කදුළ සේම 
මා සිනහව  
හදුනාගත්තේද
නුඹම විය 
මවකසේ 
සෙනෙහසින් 
සොයුරියකසේ 
ආදරෙන් 
මා වටා හිදි
මහා පවුර 
නුඹම විය 
මගේ හද ගැහෙන රාවය 
ඒ හදේ රිද්මය 
හැදිනියේ 
නුඹම විය 
දෛවයේ සරදමින් 
පුංචි තාරකාව 
සිත් අහසින් ගිලිහිනිදෝ 
නොදනිමි තවම මා
ඒ මතකයන් සැමදා 
කදුලු පිණි වී 
නෙතු අගින් ගිලිහුනද
මගේ හදවතට 
 යලිත් 
වේදනාව 
මා ලොවට 
පාලුව තනිකම 
රැගෙන ආවේ 
නුඹම යයි 
ලොවට හඩගා 
කොළස නමි මා 
කියනු පවසන් 
ඉතින්"




"බොට අයිතියක් නෑ........"



ඉපදෙමින් මැරෙන 
මේ සසරේ 
උඹේ ඔය ශරීර කූඩුවෙ 
මොන ලස්සනකක්ද
උඹ ඕක අතහැරල 
හමාරයි 
කියපන් උඹේ 
පිරිවරට මෙහෙම 
"බැහැපන් ඉතින් පොළවට 
තබපන් ඔය අඩිය බිමින්" 
දැනෙනවද උඹට 
ඒ මිනිස්සුන්ගෙ 
හද ගැහෙන රාවය 
උපන් බිමට බරක් නොවී 
මේ පොළවෙ පය ගහල 
ජීවත් වූවන් 
අවසන් නින්ද 
නිදද්දී 
අපතයෙකු වගේ මෙහෙට එන්න 
බොට අයිතියක් නෑ
‍බොලා තවමත් පොදි ගහනව 
මහ ලොකුවට ඉරිසියාවයි 
කුහකකමයි මාන්නයයි 
මළ දාට ලොකුවට 
මල් වඩම් පාවඩ 
බොලගෙ මරණෙට 
අඩන්නෙත් කුලියට
උඹගෙ සිව් රියන 
අපූරුවට සරසද්දි 
එහෙමවත් නැති 
සැබෑ මිනිසුන් විරලමයි 
හැබැයි ඒ අය අතර 
උඹ තවත් අපතයෙක්ම 
විතරයි 
ඔව් උඹ _ _ අපතයෙක්ම 
විතරයි.


 

Saturday, January 8, 2011

"තවම නොකියු පෙම........"



"නිසල සිත සසල වී 
යාවීදෝ තව සිතක් හා 
සසුමකට ලංවී පාවීදෝ 
මේ අහස පුරා 
සිතුම් අවදිව කිතිකවයි 
මා හද මඩල අරා 
තවම නොදනිමි මසිත 
ගත් ඈ කවුරුදෝ කියා 

මුවග සිනැහෙයි නොදනිමි  
ඒ ඇයිද කියා 
දෙනෙත් මග බලයි 
කවුරුදෝ මග එනතුරා 
දහසක් පැතුම් සිතේ පීදෙයි  
සුබ සිහිනයන් දකිනු නියා 
සිතුම් යාවී ඉඟිකරයි 
මුලු ලොවට හොරා 

දෙනෙත් එක්වී වේය දොඩමලු 
පෙම්වන්තයින් ලෙසින් 
සවන් පිළිරැව් දේ 
යලි යලිත් ඈ කියූ වදනින් 
නෙතේ කදුලැල් නොමැත
එනමුදු හෙලයි සුසුමන් 
 මසිත විඳවයි දවයි 
තවම නොකියු පෙමක් විසින්" 



Related Posts Plugin for WordPress, Blogger...