Sunday, December 26, 2010

"මගේ වාරය එනතුරා......"


"උදේ ඉදන් හවස් වෙන තුරා
මේ පීලි මතින් 
දුවන යකඩ ගොඩට වඩා 
මගේ මල්ලියා 
කොච්චර බරද......

මහ පාරෙ මේකව 
වඩන් 
තැනින් තැනට 
අත පපා යන කොට 
"අනේ පව් අසරණී"
එකෙකුගෙ 
මුවින් බිනෙන විට
"පල යන්න අහකට"
සියයක් මුවින් බිනෙයි.....

යන්තම් වේල 
 ගැටගහගත්තට 
මල්ලිට ඇන්කර්, නෙස්ප්‍රේ 
අරන් දෙන්න 
මට සල්ලි නෑ 
ඒ අසරණය ඒව දැකල 
නැති නිසා ඉල්ලලා 
වද දෙන්නෙත් නෑ 

යන්තම් මාසයක් දෙකක් 
අම්මගෙ දෙතනෙන් 
කිරි බීපු ඒකට 
අධිපෝසනේද 
මන්දපෝසනේද 
මම දන් නෑ 

මේ පීලි මත දුවන 
යකඩ ගොඩේ උදව්වෙන් 
පීලි මතම මියැදෙන 
දහසක් උන් අතර 
මමද මගේ වාරය 
එන තූරා 
බලා සිටින්නෙමි 
දෑස් අයා

ඒත් උඹවත් අරන් 
යන්නේ කෝම......?


7 comments:

  1. පොඩ්ඩක් මේ ගැනත් හිතනින

    ReplyDelete
  2. ජීවිතේ කියන්නේ පුදුම දුක් ගොඩක් කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි සහෝදරයා. මේවගේ වෙලාවට මේ පුංචි එවුන්ට බැනලා එලව ගන්නේ නැතුව පුංචි උදව්වක් කරන්න පුලුවන් නම් ඒක කොච්චර හොද වැඩක් ද

    නමුත් මේ සමාජය ඒ වගේ දෙවල් වලට හුරු වෙලා නෑ. ඇති එකාට ඕනවටත් වඩා වැඩියෙන්. නැති එකාට බඩට කෑමක්වත් නෑ . නමුත් මේ අහිංසක එවුන් මක් කරන්නද ?

    කාලෙකින් ලස්සන කවි සංකල්පනාවක් රස වින්ඳා !!!

    ReplyDelete
  3. තැන්කූ මධුරංග සහෝ, බෝඩින් ජීවිතේට තාවකාලිකව සමු දීලා ගෙදර ආවම තමා පෝස්ට් එකක් දාන්න වෙන්නෙ.

    ReplyDelete
  4. මේ වගේ සංවේදී කාරණා තවදුරටත් මේ රටේනම් අද වෙද්දි නොතිබිය යුතුයි. ඒත් හෙට වෙද්දි තියෙනවටත් වඩා වැඩිවෙන ලකුණු තමයි පෙනෙන්න තියෙන්නෙ.

    සටහන ගොඩක් සංවේදීයි යාඵ....

    ReplyDelete
  5. මාරම ලස්සනයි ...මගේ හිතට නියමෙට වැදුනා ...අමතක නොවෙන්නම ..

    ජයවේවා !!

    ReplyDelete
  6. හරිම සංවේදී විදිහට ඔයා මේක ලියලා ..අවසාන හරිය කියවගෙන යද්දී කියන්න තේරෙන්නේ නැති අමුතු වේදනාවක් දැනුනා...

    ReplyDelete
  7. ඔයාල හැමෝටම අදහස් දැක්වුවට ස්තූතියි

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...