Sunday, December 12, 2010

"දිවියට පනමක් දෙකක්......."


"මහලු දිවිය 
ගැටගහගන්න 
පනමක් දෙකක් සොයා 
උදේ ඉදන් හවස් 
වෙනතුරා 
යැදලා යැදලා 
හොයාගත්තා 
පනමක්......

උදේට කාපු
පාං වාටිය 
උගුරට එනව 
බඩ පොත්ත 
ඇකිලිල
පිටටම

මහලු වයසේ 
දිවිය මහමග
කවද හරි 
දවසක 
මැරෙයි පාරෙම 
බල්ලොයි 
කපුටොයි 
එදින 
තනි රකියි 
මිනියට......

බයක් නැහැ 
මැරෙන්නට 
අනේ ඒත් 
යලි උපදින්න එපා
අම්මා අප්පා
අදුනන් නැති 
එවුන් ලග......"

9 comments:

  1. අම්මා අප්පා අදුනන් නැති සමාජයක තවත් අතුරු ප්‍රතිඵලයක්

    ReplyDelete
  2. අම්මා අප්පා අදුන්නේ නැති සමාජයක ජීවත් වෙනවට වඩා හොදයි මැරෙන එක. දැන් සමාජය යන විදිහට කොහෙන් නතරවෙයිද කියලා හිතාගන්නත් ගොඩක් අමාරුයි. මොනවා උනත් දෙමව් පියන් කියන්නේ දරුවෙකුට මේ මිහිපිට ලබන්න පුලුවන් උපරිම සමපත් දෙකක් කියලා කියන්න පුලුවන්.

    ලස්සනයි අයියා මේ පද ගැලපිල්ල !!!! හොදටම ලියලා තියෙනවා.

    ඉස්සර අපි පොඩි කාලේ අම්මා ගොඩක් වෙලාවට කියන කවි පද දෙකක් තියෙනවා.

    " අම්මා නැති කල අප්පා කවර කල
    දෙන්නම නැති කල දරුවෝ මහමග "

    චුට්ටක් හිතලා බැලුවම මේ කතාව සියයට සියයක් නිවැරදියි !!!

    ReplyDelete
  3. හරිම සංවේදීව ලියලා.. නියමයි!

    ReplyDelete
  4. අම්ම අප්ප අඳුනන්නෙ නැති එවුන් විතරක් නෙවෙයි, දරුවන් හඳුනන්නෙ නැති එවුනුත් ඉන්න ලෝකය උපදින්න එපා. පුංචි කාලෙම මහමගට වැටෙන්න ඉඩ තියෙනව.

    හරිම සංවේදීයි ඔබේ සටහන....

    ReplyDelete
  5. ගොඩක් ස්තූතියි අක්කා, බ්ලොග් එක පැත්තෙ ආවෙ සෑහෙන්න කාලෙකින්, පාරෙ හිටපු වයසක සීයා කොනක් දැකලා මේ අදහස ආව, ඉතීන් බ්ාලාග් එකට දම්මා.

    ReplyDelete
  6. බොක්කෙටම වදිනවා මචං ! එලටම ලියලා තියනවා ..සංවේදීයි ඇත්තටම ..


    නියමයි

    ජයවේවා !!

    ReplyDelete
  7. ගොඩක් ස්තූතියි හිස් අහස

    ReplyDelete

කියවලා හිතෙන දේ ලියල යනවනම් ගොඩක්ම වටිනවා, ඒ ලියල යන දේ මට තවත් ලියන්න හයියක් වේවි.

Related Posts Plugin for WordPress, Blogger...