Saturday, November 27, 2010

"සබඳ මේඝය ඉතින් වැහැපන්......."


"අව් කාස්ටකේ
වල් කොටල
ගිණි තියල
පින් බිම
හදා ගත්ත
කැලේ ගස් එක්ක හැප්පිල
ඬු වැටත් බැ ගත්ත
ඉල් මහේ
නුඹ ඇවිදින්
හිත පුරා අහස් දිය
දෙනවයි කියා
බටහිර අහසේ
ි පෑව හන්දා

හන්දියේ මුදලාලිගෙන්
ණයට ගත්
කුරහන් සමග මෑ
වපුරන්නයි
සූදානම
සබ මේඝය
ඉතින් වැහැපන් මේ බිම සරුවී
අපේ හිත් පිරෙන්න
කුරහන් කැකුළු
දළු ලා හිනැහෙනු
දකින්න

ප්‍රිය බිරිඳ තැම්බූ
තලප ගුලියක් කා
රෑ පැලේ
අලිත් එක්ක
හැප්පෙන්න
සබඳ මේඝය
ඉතින් වැහැපන්
අපේ පැතුම්
පූදිනු දකින්න........."

Friday, November 26, 2010

"සිරිපොද වැස්සේ කුඩයක් යටින්........"


"සිරිපොද වැස්සේ
කුඩයක් යටින්
යුවලක් යයි
එකට තුරුල් වී
මුමුණමින් පෙම් බස්
වැහි බිඳු උන්ගේ
ගත තෙමයි
අහස ගොරණාඩු
කළ විට
ඊට බියේ ඈ
තවත් ඔහුට
තුරුළු වෙයි
එවිට
ඇගේ නලලත
හාදුවකින්
උණුසුම් වෙයි
හමන පවන
කුඩය හා දඟ කරයි
ඔහු තරුලේ
ඈ දඟ කරයි

මා කබල් කුඩෙන්
යන්තම් හිස වසන්
උන් දෙස බලා
සිහිපත් කලා
අපේ ඒ මියුරු
අතීතය......"

Monday, November 22, 2010

"නුඹ නටාපං අපේ හෙට දවස වෙනුවෙන්........"


"ගොදුරක් හොයා
ඇදීගෙන
හතුරෙක්ට
ඔය පෙන ගොබේ
පුප්පගෙන
තුඹහකට වෙලා
දරන ගහන්
නිදියගෙන
නිදහසේ උන්නු
උඹේ දිවිය
බට පෙට්ටියක
හිර කරන්
එහාට මෙහාට
කුදලන් ගිහින්
උඹව
නටව නටව
උඹට දෙන
දස වදේට
මට
සමාවෙයන්
නයි හාමි,

එක අතකින්
මම වැරදිත් නෑ
මේක අපෙ
පරම්පරාවෙන්ම
එන උරුමෙ
අපේ අප්පොච්චිලත්
උඔලගෙ වරිගෙ
උන්ව හිරකරන්
නටවපු එකේ
මටයි කියල
ඒකෙ වෙනසක් නෑ
අපි උඹලට
දෙයියන්ට වගේ
සළකනව

සත්ව හින්සනේ
සමාජ සම්මතේ
ඔය බම්බු වලින්
අපේ බඩවල්
රැකෙන් නෑ බං
බඩ රැකුනොත්
තමයි
අපි රැකෙන්නෙ
උඹ නැටුවොත්
තමයි
අපේ බඩවල්
සැනහෙන්නෙ
අපිට නින්ද
යන්නෙ

මං නලාව
පිඹින්නං
ඉතිං උඹ
නටාපං
අපේ හෙට දවස
වෙනුවෙන්..........."

Friday, November 19, 2010

"නුඹ කොහේදෝ අද මා කොහේදෝ........"


"පාළුව තනිකම 
හද හඬවන විට 
ක්ෂිතිජ ඉමේ 
නුඹ 
මැවී පෙනේ මට 

මා නෙතු 
සැමදා පැතූ 
නුඹේ රුව 
නෙතගින් ගිලිහී 
ගොසින් 
අද 

පාළුයි 
මා දිවිය 
නුඹ නොමැති 
ලෝකයේ
නුඹ කොහේදෝ 
අද 
මා කොහේදෝ 

මා සිනහවන් 
කඳුළු වී 
වැටේ 
මා දෙපතුලට 
මගේ සිහිනයන් 
සැඟවේ 
මිහිදුම් 
වළා අතර

මා සිත 
තවමත් සොයයි 
නුඹේ පෙම 
දැනේ මට 
සිතින් තවමත් 
නුඹ මගේ 
ළඟම බව

නුඹ කොහේදෝ 
අද 
මා කොහේදෝ........"





Saturday, November 13, 2010

"ඒ අපේම ජීවිතේ නිසයි....."


"එළියට බහින්න
අහස පොඩ්ඩක් බලන්න
මතක් කරන්න
අන්තිමටම අහස
ඕන කමින්
බැලුවෙ කවද්ද
කියලා
අපි අපිත්
නොදැනම යන්ත්‍ර
වෙලා නෙ
ඉර නගිනවා
ඉර බහිනවා
මල් පිපෙනවා
සමනල්ලු පියාඹනව
මේව බලන්න
කෝ අපිට
වෙලාවක්
අයියෝ ඕව බැලුව
කියල
අපිට ඇත් ඵලේ
මොකක්ද?
පොඩ්ඩක් හිතන්න
මේ අපේ හිතමද
කියල
හ්ම්.......
ඇත්ත නේද
ඒත් ඒක
හිතන්නත්
වෙලාවක්
කොහෙද?
අපි අපිත්
නොදැනම
ලොකු මිනිස්සු
වෙලා නෙ
අපිට අහිමි වුණු
අපේම කියල
කාලයක්
තිබුනද වත්
මතක නෑනෙ
ඒ කාලෙ
කොච්චර ලස්සනද
කොච්චර සුන්දරද
ආයෙත් ඒ කාලෙට
යන්න පුලුවන්නම්
කොච්චර නිදහසක්
තිබුනද
හිතේ මෙලෝ බරක් නෑ
හිතෙනකොට නිකම්ම
සුසුමක් මුවින්
පිටාවෙනව නේද
ඒ අපේම
ජීවිතේ නිසයි......"

Friday, November 12, 2010

"පොඩි නම ‍මොකෝ ඔය ඇස් අග කඳුළු කැට....."


"සිවුරු පොඩියක් 
පෙරෙව්වට 
ඒක ඇතුලෙත් 
ඉන්නෙ 
මනුස්ස 
පැටියෙක් මයි 
අම්මගෙන් 
කිරි බීපු 
ඒ උණුසුම 
සැමදා 
පතාපු.......

එදා අම්මගෙ 
පොඩි පුතා 
අද පන්සලේ 
පොඩි සාදුලු........

ගැඹුරු ජීවන 
ගමනක 
යන්නේ කොහොමද 
දුර ඈත 
අම්මේ 
නුඹ තාමත් 
මා සිතේ 
ලැගුම් ගෙන.........

නෙතු කෙවෙනි අග 
රැඳුනි කඳුලක් 
හොරැහින්ම 
 පොඩි නම 
මොකෝ ඔය 
ඇස් අග කඳුළු කැට..........." 


Wednesday, November 10, 2010

"කාපන් සිඟා ආත්මය නොවිකුණා........"


"වීදි පහන් කණු යට 
දිව රෑ වෙනසක් 
නෙමැතිව 
අයාලේ යන 
ඔය 
ජීවිතය 
ජීවත් 
කරවන්නද 
නුඹගෙම ගත 
අතිනත යන 
තවකෙකුට 
පහසක් වන 
කෙළිබඩුවක් කළේ 
නුඹ.........

නුඹගේ 
ගත පතා 
දහසක් ඇදෙයි 
නිරතුරා 
සියොලඟම 
ගිණි වෙලා 
විකිණෙයි නුඹ 
රෑ පුරා..........

සළුවෙන් වැසූ
ගත 
විලි බියක් 
නොමැති නම් 
කළුවන් අඳුරේම 
ඉතින් නුඹ 
සැඟවියන්..........

නුඹට හැකිනම් 
නුඹේ ගැහැනිය 
ගනින් එලියට 
නැගිටුවාපන් 
දෙපයින් ඇයව..........

නොහැකිනම් 
කාපන් සිඟා 
ආත්මය 
නොවිකුණා............." 

Tuesday, November 9, 2010

"ඉතින් සමු ගනිමු අපි......"


"අනන්ත
කඳුළු කැට
නෙතු අගින්
වැටෙන සඳ
තව තවත් 
හමුවන්ට
දහසක් පැතුම්
මැවෙනු ඇත........

කඳුල පමණක්
උරුම
අපේ ජීවිත
වලට
වෙන්වීමක්
මිසක
හමුවීමක්
නොමැත...........

යතාර්ථය
එයම නම්,
සබඳ
සොඳුරිය

ඉතින් සමු ගනිමු
අපි........"

"මට කෙළවුණා........."


"නුඹ ආවා 
දිව සළු වෙලා
රිදී රත්‍රන් 
ඇගේ එල්ලා 
නේක සුගන්ධයන් 
ගත තවරලා
මදහසක් මුවග
රන්දා
නෙතු අගින් මා
දෙස බලා.........

ඒ බැල්මට 
රැවටීලා
ඒ සුවඳට
වශීවෙලා
මා නුඹට 
පෙම් කලා.....

අහෝ!,
නුඹ මා
ගත රුහිරු
බීලා
මගේ
පොකැට්ටුවටත්
විදලා
වෙනතක 
පලාගියා.......

ඉතින් මට 
කෙළවුනා......."

Monday, November 8, 2010

"පොද වැස්සෙ තෙමෙන්ට එහි පහස විඳින්ට......"


"වස්සානය 
දොඩමලුව
කතා කරයි
නුඹට
පොද වැස්සෙ 
තෙමෙන්ට
එහි පහස
වින්දින්ට.....

විඩාබර නුඹෙ
සිතේ
දුක් අඳෝනා
සේදෙන්ට
ඉතින්
තෙමීයන්
ඔයවැස්සෙ
කුඩ කබල
විසිකර 
අහකට........."

"මගෙයි උගෙයි වෙනස....."


"මන් බලන්
උන්නා
මේ වීදියට 
වෙලා 
මගේ ඇස් ගෙඩි
දොට්ට පණින
තුරා
ගිණි දවාලේ
මහ වැස්සේ.......

උඹ ආවා
අලි පැජරෝවකින්
තව මොකෙක්දෝ
එකෙකු සමඟින්....

ඉතින්
මට කියලා
පලයන්.......

මගෙයි
උගෙයි
වෙනස
මොකක්ද 
කියලවත්....."

Saturday, November 6, 2010

"දරුණු අපරාධකරුවෙකු?......"


මා 
කවදා කොහොම
කුමන වරදකට
මෙහි 
පැමිණියාදැයි
මමම 
නොදනිමි......,

අන්න අරූ
දරුණු 
අපරාධකාරයෙක්
මිනීමරුවෙක්
යයි
මා දකිනා විට
කියූවත්
මා කළ
වරද
කුමක්දැයි
උන් එකෙකුවත්
මගේ 
මුහුණට
නොකියයි

මා වෙනුවෙන්
කිඹුල් කඳුළු
හෙලන්නන් 
බොහෝමය...

මට උන්ගේ
අනුකම්පාවෙන්
පලක් නැත
උන්ට ඇනුකම්පා
කරන්නට
හිතක් පපුවක්ද
නැත.....

උන් මා 
මරා දමාවි
නැහැ,
උන්ට මා
මරන්න බෑ
උන් මගේ
කය මරා දමාවි
මගේ සිතුවිලි
හිස් අහසේ
මා සමඟින්ම
මගෙ තනියට
හිඳීවි

මා උන්ට
ඕනෑ ලෙස
හන්වඩු
ගසා
අවසානයි

ඒත් 
මා
මරා දැමූ
පසු
මා වෙනුවෙන්
අවන්කව
දුක්
වෙන්නන්.............?"

Friday, November 5, 2010

"හිමි අතීතය රිදවයි අහිමි වත්මන......"


"නුඹේ සිත 
නුඹත් නොදැනම
කොහේදෝ 
අතරමන්
වෙලා.........

අතීතයේ 
ආ ගිය තැන් වල
මිහිර සොයා, 
හදවත කීරි
ගසයි
නෙතු අගට
කඳුලු උනා.........

හිමි අතීතය
නුඹව 
රිදවයි
අහිමි 
වත්මන
උලුප්පා 
දමා..........."

Thursday, November 4, 2010

"තනුව අහිමි පද රචකයා....."


"නුඹ වයන
ඔය තනුව
මගෙන්
බොහෝ
දුර ඈතයි.........

මතක් කර
බලාපන්!
නුඹ
අමතක කල
ඔය තනුවෙ
රචකයා
කවුදැයි කියා........

නුඹත් සමඟ
ඔය තනුව
පබැඳුවේ
 මම
පෙරදිනක
වයන්න
 අද දින
නුඹ
 සමගමැයි........

එහෙත්,
නුඹ එය 
වයා
හමාරයි
තනිව.......

කිම තවත්
වයන්නෙ මගේ
තනු.......

බිඳපන් 
ඔය වෙණේ
තත්
මගේ හදවත
බින්ද 
ලෙසම.......

නුඹට නම් කිම?
නුඹ බින්දේ
මගේ හදවතයි
ඔය වෙණේ
තත් නොවයි........."

Wednesday, November 3, 2010

"නව යොවුන් මාවතක්......."


කාලයේ කළු දුමින්
වැසීගිය අතීතය
හඬනගා ගැයූ ගී
මදක් නැවතී අසන්
දයාබර සහෘදය,
මතක මළ පොතේ
ලියූ අමිහිරි ගීත
මුමුනන්න එකින් එක
එවිට යලි ඇසෙනු ඇත
වඩ වඩා තියුනු වී
සත්‍යයේ මිහිරි ගී
නැගී ඒ ගී හඬින්
ලොවම යළි යදිනු ඇත
ඔබ වෙතින් 
නව යොවුන්
මාවතක්........."

"ජීවිතෙන් පලා යමි?...."



"ජීවිතය
අරුත් සුන් 
සිහිනයකි යයි
මට සිතේ.......
කිසිත් නැත එහි
වියැකුණු 
පැතුම් මිස,
බුද්ධියට බිලිදුන්
ආත්මය
පන අදී 
විරැකියා
පෝලිමේ.........,
අයාලේ යන 
ජීවිතය 
හිස්ය පිළිකුල්ය 
මට, 
ලෝකය නම් වූ
රඟ මඬලේ
විටෙක 
නලුවෙකු වීද 
මන්?, 
කුණු කාණු පල්ලේ
ගලා යන
කුණු කිලි
සේය
මේ ජීවිතය,
මහ දුකින්
අහස බැලීමි
කිසිත් නැත 
එහි
හිස් අහසම මිස, 
දෙනිත් වසා ගතිමි
දුක් දෝමනස්සයන්
නොපෙනෙන්න,
දෙකන්ද වසා ගතිමි
දුක් අදෝනා 
නොඇසෙන්න, 
කිසිත් නැති 
මහ පොළවේ 
වකුටු වී නිදමි 
මම
මරණයේ 
සුදු සිහින
සැබෑ වෙනු
දකිනු වස්
ජීවිතෙන්
පලා යන්ට.........."

"ඔවුන් සහ මොවුන්......."


"කුඩා කල  
මා බිය කළ 
වෙස් මුහුණු....... 
දැන් ඉතා පිවිතුරුව 
සැඟව බියකරුව 
මතු කරයි පියකරුව 
තුටු කරයි 
මා..........,
නිරතුරුව

මා තුටු කළ 
සිනා මුහුණු......... 
දැන් ඉතා පිළිකුල්ව
සැඟව පියකරුව
මතු කරයි බියකරුව
නිති පෙළයි
මා..........,
නිරතුරුව..."

"ගබ්සාවෙන් ගන්ධබ්බයෙකුව....."


"දහසක් පැතුම්  
සිතින් ගෙන 
සුවහහසක් සිහින 
පොදි බැඳ 
පිළිසිඳුනත් නුඹේ 
කුස තුල 
මෙලොව දකින්නට 
වරම් නොලද 
මට,.........

පාපතරයනි!,
සිදුවිය 
වන්දි ගෙවන්නට 
නුඹලගේ 
පෙම් කෙලිවල 
අහඹු 
ප්‍රතිඵලයක් 
ලෙද.........."

පසු සටහන.............

"මේ සඳහා ඡායාරූපයක් සොයා ගැනීම මා හට තරමක් අපහසු උනේ සන්වේදී අයට මීට අදාළ ඡායාරූප නැරඹිය නොහැකී බැවිනි."

Tuesday, November 2, 2010

"අනේ ඇයි අම්මේ......"


"අනේ ඇයි අම්මේ
මනුසත්තු අලිඇත්තුන්ට
මෙතරම් වයිර 
කරන්නේ............

අපේ කැළෑ එලිකරල
ඒ ඇත්තො 
හේනක් පැලක්
අටවගෙන
වගා කරනව 
තමයි........

ඒකකට පැනල
අලයක් බතලයක්
උගුල්ලන් කෑවෙ
ඒ අයගෙන් 
පලිගන්නවත්
වගා පාලු කරන්නවත්
නෙමෙයි..........

ඉන්න බැරි
බඩගින්නටයි.........

මේ නියන් සායෙ
අපටයි කියා 
ඒ හැටි කෑමක්
කොයිබින්
කියලද?........

අපේ අප්පච්චිල
ලොකු මාමල
වගේ 
ඒ ඇත්තන්ට
දරුණු වෙන්න
මට හිතක්
නෑ අම්මෙ.........

ඒ අත්තොත්
පන කෙන්ද
ගැට ගහගන්නෙ
අමාරුවෙන් කියල
මම දන්නව........

බුදුන් සරණ ගිය
නාලගිරි වගේ
අපිත් 
කවදා හරි
මේ සන්සාරෙන් 
එගොඩ වෙන්න 
ඕන.........

ඒත්,
මනුසත්තු
උන්ට ළමයි
නැති ගානට
හිතක් පපුවක්
නැතිවද,
මගේ සිඟිති
දළ කොට 
දෙකට
මෙතරම්
කෑදර 
අනේ ඇයි අම්මේ......"

Monday, November 1, 2010

"වීදි දරුවෙකුගේ කථාව....."


"නුඹ මා ඔය දෑතින්
කෙතරම් කාලයක්
වඩා උන්නාදැයි
මා නොදනිමි..........

උපන් හැටියෙම
ආදරය උණුසුම සොයා
මා හඬද්දී
කිරි සුවඳට
ඉව අල්ලද්දී
නුඹ මා වෙන
ලොවක අතරමන් කර
ගිය හැටි 
මා නොදනිමි.........

මගේ සිඟිති
තොලකට වේලෙද්දී
නුඹේ දෙතනට 
කිරි එරුනාදැයි
මා නොදනිමි........

ඔය දෑතින් මා වඩා
පුතේ කියා
හඬගැසුවාදැයි
මගේ මුහුන සිප ගත්තාදැයි
මා නොදනිමි......

මා මෙහි දමා යද්දී
නුඹේ නෙතට
කදුලක් ඉනුවාදැයි
දරු සෙනෙහෙන් 
ලය තෙමුනාදැයි
මා නොදනිමි.......

නුඹේ අතින් බත් දෙකටක්
කවා ගන්න
නුඹේ අතින් අල්ලා ඇවිදින්න
නොහැකි වීමට තරම්
මා අවාසනාවන්තදැයි
මා නොදනිමි.......

මා සෙවූ 
මම සොයන
අම්මා කියන නුඹේ 
ඡායාවවත්
මම නොදනිමි........"

Related Posts Plugin for WordPress, Blogger...